විස්කි සුවඳයි ඩන්හිල් දුමයි එකතුවෙලා නැගුන ආශ්වාදනීය වායු ධාරා මගේ නාස් පුඩු අතරින් රිංගා ඇවිල්ලා මොළයට තට්ටු කළා. සිහිනයෙන් මෙන්, මා මටම මෙසේ කිවිවා.. ඒයි මෙවන් නැගිටපන්.. ඒකි මනුස්ස දුවක් වෙන්න බෑ..

සරාගයේ අනන්තයනුත් එහා කිහිප වරක්ම ස්පර්ශ කිරීම නිසා මගේ ගත වෙහෙසට පත්ව තිබුනා. ගතට ලබාදුන් මද විරාමය අහවර කරමින් මගේ දෑස් අඩවන්ව අවදි වුණා. දෑස් සමගම දෙසවන් ද අවදි වුනේ කාමරය පුරා සියුම් ව ගලා ගිය ගීත නාදයකින්…

Hey, little girl, is your daddy home?
Did he go away and leave you all alone?
I got a bad desire…

ශෘංගාරයෙන් හති නොවැටුණ මුහුද තවමත් චණ්ඩයි. මුහුදින් නැගුණු ඒ චණ්ඩ වූ සුළඟ මන්දාරම් අඳුර ළඟ හීලෑ වෙලා, බැල්කනියට විවෘත වූ දොරින් කාමරයට ඇතුල් වුණා.

රති කුණාටුවකින් වුව ද හෙම්බත් නොවෙන ඒකිගෙ සරාගී සිරුර සොයමින් මගේ දෑස් කාමරය පුරා දැල් දැම්මා. අඩවන් වූ නාන කාමරයේ දොර අතරින් ෂවර් එකේ ශබ්දය ගලා ආවා. ඒකිගෙ සරාගී සිරුරේ මිල කළ නොහැකි ඡායාවන් මගේ නෙත ගැටුනා. මටත් කලින් ඒකි නැගිටලා. 

මීට මිනිත්තු කිහිපයකට පෙර, මාගේ රති සයුර මත දක්ෂ නාවිකයෙක් මෙන් රුවල් හසුරුවා ගෙන යන්න ඇයට පුළුවන් වුණා. ඒත් ඒකිට කිසිම විඩාවක් නැති පාටයි. මීට කලින් මාත් එක්ක හිටපු එක ගෑනියෙක් වත් මට කලින් ඇඳෙන් බැහැලා ගිහිල්ලා නෑ.

රාගී දහඩියෙන් තෙත්ව තිබුන ඇඳ මත ඇති මගේ එමරල්ඩ් සුදු කමිසය සොයා මගේ ඇගිලි එහෙ මෙහෙ සැරිසරා ගියා. කමිසය ඇඳ මත නෑ. චණ්ඩ වූ මුහුදු සුළඟේ ශෘංගාරාත්මක ස්පර්ශය මා මුහුණේ නැවත නැවතත් වැදෙන්නට පටන් ගත්තා.

මේකි නම් මනුස්ස දුවක් වෙන්න බෑ. sex කියන්නෙ කලාවක් නම් මේකි තමයි මට හම්බ උන පිකාසෝ. සෙක්ස් කියන්නෙ විද්‍යාවක් නම් මේකි තමයි අයිසෙක් නිව්ටන්. සෙක්ස් කියන්නෙ සමීකරණයක් නම් මේකි තමයි ඇල්බට් අයිස්ටයින්.

නාන කාමරය තුළ දල්වා තිබුන විදුලි බුබුලේ ආලෝකය ඇඳ අසලටත් පතිත වී තිබුණා. ඇඳ අයිනේ තිබූ පුංචි ස්ටූල් එක මත මාගේ මගුල් මුද්දත් dunhill පැකට්ටුවත් ලයිටරයත් තිබුණා. ඔව්, අසම්මතයේ තියෙන රිස්ක් එකට මම ගොඩක් ආස කළා. ඒත් ඒ risk එකේ තියන රහ විඳින මොහොතේදී මගුල් මුද්ද ගලවලා පැත්තකින් තියන සාම්ප්‍රදායික මිනිහෙකුත් මගේ ඇතුලෙම හිටියා.

ජීවිතේ දරාගන්න අමාරු තැන් වලදී දුම් උගුරු වලින් හදවත පුළුස්සා ගන්න එක මගේ පුරුද්දක්. ඒත් මම ඉතිරි කරගත්ත අවසාන සිගරැට්ටුව සොයා ස්ටූල් එක මත තිබුණ danhill පැකට්ටුව මා අතට ගත්තත් එය හිස් ව තිබීමෙන් මා විශ්මයට පත් වුණා.

සීමාවෙන් එලියට පිටාර ගලන, මගේ සෙල්ලක්කාර හදවත මෙල්ල කරන්න මේකිට කිසිම උවමනාවක් තිබ්බෙ නෑ. මේ කාමරේ ඇතුලේ මේකි මට දුන්න හැම මොහොතක්ම, මගේ සෙල්ලක්කාරකම තව තවත් උසිගන්වන හේතු වුනා. මීට මිනිත්තු කිහිපයකට පෙර මේකිගෙ රැලි රැලි කොණ්ඩයෙන් අදිමින්, ජීවිතයේ උපරිම තැන් ස්පර්ශ කරපු හැටි නැවත නැවතත් මගේ මනසේ පුපුරු ගසන්නට පටන් ගත්තා.

Annual conference එකේදි මේකිව මුලින්ම දකිනකොට, මේකිගෙ මේ තියෙන දරාගන්න බැරි ලස්සන දැකලා මගේ පපුව පුපුරු ගැහුව හැටි මේ දැන් වගේ මට මතකයි. පිරිමි හිත් කම්පනය කරන, මේකිගෙ මේ පුපුරු ගහන ලස්සන මේකිට දුන්නෙ කවුද. මාස ගානක් කුසගින්නේ හිටපු කොටි ධේනුවක් මෙන් සරාගී දඩයමිකාරියක් වුන මේකි, පිරිමියෙක්ව අවුස්සන හැටි ඕනවටත් වඩා හොඳට දැන ගත්තෙ කොහොමද. මේ වගේ ප්‍රශ්න සුනාමියක් මගේ මනස කළඹන්නට වුණා.

වීනස් දෙව්දුවගේ ප්‍රතිමාවක් කරන්න කියලා ක්ලයන්ට් කෙනෙක්ගෙන් brief එකක් ආවොත්, ඒකට reference එක විදිහට මම ගන්නේ මේකිගෙ නියුඩ් බොඩි එක. සෙක්ස් වල දී මට හම්බවෙච්ච දරාගන්න අමාරුම කෙල්ල තමයි මේකි. සඳුනි, වර්ෂා, ශකිලා, රෝමි, හන්සි, ව්‍යංගා, සුසී, ස්ටෙෆනි, රොමේෂිකා… මේ හැම කෙනෙක්ටම වඩා මේකි මට විශේෂයි. මේකිගේ තිබ්බ විවිධත්වය හරියට සිංහරාජ වනාන්තරයේ ජෛව විවිධත්වයටත් වඩා වැඩියි.

මේකිට ඕන වුණේ මාව දඩයක්කාරයෙක් කරලා මට ගොදුරු වෙන්න. පිරිමින්ට යටත් නොවෙන ගොඩක් ගෑණුන්ගෙ ආශාව තමයි ශෘංගාරාත්මක මොහොතක පිරිමියෙක්ගේ දරදඬු බාහුවලට හිර වෙලා යටත් වෙන්න… දඩයම් වෙන්න… ගොදුරු වෙන්න.

ගොඩක් පිරිමින් ගේ හදවත් ගෑනු ඉස්සරහ මෙල්ල වෙනවා. ඒත් සෙක්ස් ඉදිරියේ මෙල්ල නොවන මගේ හදවතට මේකි ආදරය කළා.. නෑ නෑ වැරදුනා.. ආදරේ කළා නෙමෙයි.. මේකි මට ආස කළා.

අනාචාරයට ආචාර කරන මේ කෙල්ල, සදාචාරය ට පයින් ගහලා, හිතාමතාම මට ගොදුරු වෙන එක මම කොහොමද දරාගන්නෙ. මහා සාගරයක් වගේ වෙච්ච මේකිගෙ ගැඹුරු හදවතේ, මම ටිකෙන් ටික ටිකෙන් ටික ගිලෙන්න පටන් ගත්තා. මේ තරම් දරාගන්න අමාරු කෙල්ලෙක්ව මට ජීවිතේට මුණ ගැහිලා නෑ. ඇඳේ දී මට මෙල්ල කරගන්න අමාරුම වෙච්ච කෙල්ල තමයි මේකි. ගතින් නෙමෙයි.. හිතෙන්. මම ඒකිට මෙල්ල වුනා වත්ද.. මගේ පිරිමි හදවත මගෙන්ම ප්‍රශ්න කරන්න පටන් ගත්තා.

ඇඳේ දී ගෑනියෙක්ව මෙල්ල කරගන්න බැරිනම් පිරිමියෙක් නොවී හිටපන්… මම මටම කියා ගත්තා.

#සීරියල්කිලර්1⚡
21-මැයි- 2020
ලක්මිණ රණසිංහ

ගැහැණු පිරිමි හිත්වල නිරුවත නිරුවත් කරන #සීරියල්කිලර්⚡! සියලුම කොටස් මුල සිට කියවන්න;