කෙල්ලෙක්ගෙ රාගාධික ශරීරයත් එක්ක කරන ගනුදෙනුවට වඩා හැඟීම් අධික හදවතත් එක්ක කරන ගනුදෙනුව අතිශය භයානකයි සහ සංකීර්ණයි.

office meeting එක මැද්දෙදිත් ඒකිගෙ සරාගී මූණ, මගේ මනස තරණය කරමින් හිටපු එක මට නවත්තගන්න බැරි වුනා. සීමා රහිත වින්දනයේ උපරිම තැන්වලදි ඒකිගෙන් නැඟුණු හඬ, පන්න පන්නා මගේ මනසට මේ දැනුත් පහර දෙනවා.

“OK Mr.Mewan, Thank you very much. I really appreciate”

“I’m glad to accomplish all the tasks and bringing this meeting to the next level”

උදෙන්ම client කෙනෙක් එක්ක WIP meeting එකක් සාර්ථකව ඉවර කළා. ඒජන්සි එකක අයිතිකාරයෙක් වෙනවයි කියන්නේ ලෝක යුද්ධයක් ඔළුවේ තියාගන්නවා වගේ දෙයක්. සතුරා කොයි වෙලාවෙ පහර දෙයි ද දන්නෑ. ඒත් මේ මොහොතේදී අලුත් සතුරෙක් මගේ හදවතට පහර දෙමින් සිටියා.

දාඩියෙන් තෙත් උන ඒකිගේ කාර්යබහුල සිරුරත් එක්ක ඊයෙ වෙච්ච හැම දෙයක්ම රූප පොතක පිටු පෙරලෙනවා වගේ මගේ මනස ඇතුලේ ඒ මේ අත පෙරලුනා. ඒකිට ඕන වුනේ මාව අවුස්සලා මාව ඒකිගේ පස්සෙන් ගෙන්න ගන්න. ඊස්ට්‍රජන් හෝමෝන එක්ක තියෙන ගනුදෙනු ගැන ඕනවටත් වඩා හොඳට දන්න මට, ඒක තේරුම් ගන්න වැඩි වෙලා ගියේ නෑ. ඒක හරියට දවස් ගානක් බඩගින්නෙ හිටපු කොටියෙකුට මස් කෑල්ලක් පෙන්නලා, ඒ මස් කෑල්ල හැංගුවා වගේ වැඩක්.

“මෙවන්, තමුසෙ දවස් ගානක් බඩගින්නෙ හිටියේ නෑනෙ. ඕන තරම් කන්න තිබ්බා. ඒත් ඇයි මේ කොහෙවත් තියන මස් කෑල්ලක් පස්සෙන් යන්නෙ” මගේ හදවතේ දෙබස් මට ම ඇහෙන්න පටන් ගත්තා.

ඒත් කලින් දවසේ බීච් ලෑන්ඩ් හොටේල් එකේ 689 රූම් එක ඇතුළේ මේකිගෙ ඇඟේ හැම අඟලකම කිමිදුන හැටි මට ආයේ ආයේ මතක් උනා. ඒ පහස මට ආයෙ ආයෙ ඕන වෙයිද කියලා පොඩි චකිතයක් ඇති වුණා. මේක දැන් මහ පිස්සුවක් වීගෙන එනවා.

මීට කලින් ගැහැණු සිරුරු අතර අතරමං වුණත්, කිසිම ගැහැණු හිතක් ළඟ අතරමං නොවුන මගේ හිත, ඒකිගේ රැලි රැලි කොන්ඩ ගස් අතර, ආයේ ආයේ අතරමං වුණා. ගෑණියෙක්ගේ නිරුවතක් ඉස්සරහ පළවෙනි පාරට මගේ හදවත නිරුවත් වීගෙන යනවා වගේ මට දැණුනා. සමහර ගෑනු හරියට, අතරින් පතර පිටු ගැලවිච්ච නවකතාවක් වගේ. මොකද්ද වුනේ.. මොකක්ද වෙන්නෙ කියලා හිතාගන්න බැරුව අපිව ඒ පොත ඇතුළේ අතරමං වෙනවා.

ඔව්, මම සෙල්ලක්කාරයෙක්… ගොදුරු හොයාගෙන යන හීලෑ නැති කොටියෙක්. ඒත් මෙච්චරකල් කිසිම ගෑනියෙක්ට හීලෑ නොවුන මගේ හිත, මේකි ඉස්සරහ හීලෑ වෙයි ද කියලා මට මහා බයක් දැනුණා. රාගයේ රසය විඳින්න නම් හීලෑ නැති, නොදැමුණු, නොහික්මුණු හිතක් තියෙන්න ඕනේ. සමහර ගෑණුන්ට ඕනේ පිරිමින්ගේ නොහික්මුණු හිත්, හික්මවලා තමන්ගෙම කරගන්න. ඒත් මේකිට ඕනේ මාව හික්මවන්නේ නැතුවම ඒකිගෙ පස්සෙන් ගෙන්නගන්න.

ගමනාන්තය කොහෙද කියලා දන්නෙ නැති ගුවන් යානයකට මම දැන් නැගලා ඉවරයි. ගුවන් යානය පිටත් වුණා. දැන් ගුවන් යානය තියෙන්නේ අහසේ. ගුවන් යානයෙන් බැහැල යන එක ගැන දැන් හිතන්නවත් බෑ.

රිතිකා!! රිතිකා!! රිතිකා!! මේකි මොකද්ද මට මේ කලේ. මගේ හැම sexual ෆැන්ටසියක්ම රියැලටියක් කරපු රිතිකා, දැනටමත් මගේ හදවතේ සේව් වෙලා. මගේ හැම ෆැන්ටසි හීනයක්ම ඒකිගෙ ඒ ඇඟ මත තියලා මම ඉෂ්ට කරගත්තා. Estrogen සහ testosterone වලින් එහාට ගිය මේ ගනුදෙනුව අතිශය භයානකයි සහ සංකීර්ණයි. මේ මොහොතෙදි මම ඒ භයානකත්වය සහ සංකීර්ණත්වය ටිකෙන් ටික ටිකෙන් ටික අත්විඳිමින් ඉන්නවා.

ගැහැනු ඇස් වලට පුළුවන් පිරිමින්ගේ හිත් කියවන්න. ඒක තමයි ගෑණු ඉව. ඒ නිසා අසම්මත සම්බන්ධකම් ඇතුළෙ කවදාවත් ගෑණියෙක්ට තමන්ව කියවන්න දෙන්න නරකයි. රිතිකා මාව කියෙව්වද?

මගේ ඔෆිස් රූම් එකට ඇවිල්ලා මුළු ජීවිතේම බර පුටුවට දුන්නා. මගේ මුළු ලෝකෙම ආශ්වාස කළා වගේ, මම පෙනහලු පිරෙන්න ලොකු හුස්මක් ගත්තා. නාස් පුඩු හරහා ඇඟ ඇතුලට ගිය හුස්මත් එක්ක, අසම්මතයෙන් තෙත් වුණ රිතිකගේ මතකයන් මිශ්‍ර වුණා. ඒකිගෙ පිටේ පහලට වෙන්න, ලැප් එක හරියෙ තිබුණ ඒ උපන් ලප දෙක… හ්ම්… ඒ උපන් ලප දිහා බලාගෙන මම කොච්චර ආශ්වාදයක් ලැබුව ද… දාඩියෙන් තෙත් වුණ ඒකිගෙ පිට දිගේ ඇලිලා තිබුන රැලි රැලි කොණ්ඩෙ හයියෙන් ඇදලා අල්ලගෙන මම කොච්චර දේවල් කළා ද… හ්ම්… ක්ෂණිකව පිට කරපු හුස්මෙ හිටියෙ මම නෙමෙයි, රිතිකා!

වයිෆ්ගෙ හැර, මෙච්චර කල් මම සෙක්ස් කරපු කිසිම කෙල්ලෙක්ගෙ නොම්බරයක් ෆෝන් එකේ සේව් කරගෙන නෑ. රිස්ක් එකක් අරගෙන මම ඒ මොහොත උපරිමයෙන් විදිනවා. එච්චරයි. ඒත්… ගැහැණු සිරුරු එක්ක තියන ගනුදෙනු වලදී මෙච්චර කල් ආරක්ෂා කරගෙන හිටපු රාගික ජීවිත ව්‍යවස්ථාවේ ප්‍රධානම වගන්තියක් රිතිකා නිසා මගේ අතින් උල්ලංඝනය වුණා.

Phone call log එකේ තිබ්බ රිතිකගෙ නම්බ එක හොයලා මටත් හොරෙන් මම සේව් කරගත්තා.

Rithika XXX – +94 71 041 ****

රිතිකාගෙ නම ළඟින් x අකුරු තුනක් දා ගත්තේ, ඒකිත් එක්ක තියෙන්නේ sexual ගනුදෙනුවක් විතරයි කියලා මටම ඒත්තු ගන්වා ගන්නයි. ඒත් මීට කලින් එහෙම ගනුදෙනුවලදී මේ විදිහට number සෙව් කරගෙන නෑ.

ඊළඟ නිමේෂයේ දී සරාගී සිහිනයක අතරමං වුන මම, ඒකිට කෝල් එකක් ගත්තා. ෆෝන් එකේ රිංස් යනවා… ආන්සර් කරන්නෙ නෑ. මට ඕන දෙයක් තියනවා නම් මම ඒක කොහොමහරි ගන්නවා. එහෙම ගන්න බැරි උනොත්, ඒත් මම කොහොම හරි ඒක ගන්නවා. “ඇයි මේකි ආන්සර් කරන්නැත්තේ” මගේ ඇඩ්රිනලින් මගෙන්ම අහනවා. මම ආයේ ආයේ කතා කරා. ඒත් ඒකිගෙන් කිසිම ප්‍රතිචාරයක් නෑ. ඒකිගෙ ඔෆිස් එකටත් කතා කරා. ඒත් ඒකි අ’වෙලබල් නෑ.

Testosterone එක්ක මුසු වුණ ඇඩ්රිනලින් ගිනි ගන්නවා වගේ මට දැනුනා.

#සීරියල්කිලර්2 ⚡

25-මැයි-2020
ලක්මිණ රණසිංහ