“මිස්ට මෙවන්, මගේ sexual feelings releaseකර ගන්න එදා වගේ මට තව එක චාන්ස් එකක් දෙන්න. හස්බන්ඩ් අනිද්දට ලෑන්ඩ් කරන්න කලින්… ප්ලීස් මිස්ට මෙවන්… හෙලෝ… හෙලෝ….? හරි හරි… වයිෆ් ඉන්නවා ඇතිනේ.. ඒකනෙ කතා කරන්න බැරි.. අනේ ප්ලීස්.. Let me know… OK, I miss you මිස්ටර් මෙවන්.. See you soon, my body is waiting for you… bye handsome”

ඒ කතා කළේ රෝමිකා. කාමුක හැඟීම් එක්ක සල්ලිත් උතුරන්න තියෙන සමහර ගෑනු හිත් වලින් වාන් දමන ආශාවන්, හරිම පුදුමාකාරයි සහ ආශ්වාදනීයයි. ඒ වගේ ම අතිශය භයානකයි. රෝමිකා කියන්නෙත් ඒ වගේ පුදුමාකාර, ආශ්වාදනීය, භයානක ගැහැනියක්. ඒ භයානකත්වයත් එක්ක රෝමිකා ළඟ තියන අකුණු පහරවල් වගේ සරාගී ආශාවන් වලට මම ගොඩක් ඇලුම් කළා.

රෝමිකා කම්පැනි ඩිරෙක්ට කෙනෙක්. ඒ වගේම මගේ ඇඩ්වර්ටයිසින් ඒජන්සි එකේ top client කෙනෙක්. පිරිමියෙක්ගේ ලිංගික හැඟීම් හැම විදිහකටම අවුස්සන්න පුළුවන් නාරි දේහයක් සොබාදහම ඇයට දීලා තිබුණා. සමහර ගැහැණුන්ගේ ඇඟවල් සොබාදහමේ විශ්මකර්ම නිර්මාණ. හැම අඟලක් ගැනම in-detail හිතලා නියමෙට ක්‍රාෆ්ට් කරලා තියනවා.

විශාල දෙතොල් තියන ගැහැනුන් උපතින්ම සරාගිකයි. රෝමිකාට තිබුණේ පුදුම තරම් විශාල දෙතොලක්. ඒ දෙතොල නිසා රෝමිකාගේ මුහුණේ වහා ගිනි ඇවිලෙන සුලු ගතියක් සහ පිරිමි හිත් අවුලන සුලු ගතියක් තිබුණා. ඒ දෙතොල් අතර මගේ බොහෝ දේවල් රෝමිකා හිර කරගෙන ඉදල තියෙනවා.

වෙලාව පාන්දර 12.43 යි. අතේ තියන වොඩ්කා වීදුරුව මාව මත් කරනවට වඩා වැඩි වේගයකින් රෝමිකා ගැන සිතුවිලි මාව මත් කළා. රෝමිකාගේ කෝල් එක නිසා ඇයගේ පිටේ, ඉනේ සහ තවත් තැනක තිබුණු ටැටුස්, මගේ මනසේ නැවත නැවතත් සිත්තම් වුනා.

රෝමිකා ටැටු ගහලා තියෙන්නෙ, එයත් එක්ක සෙක්ස් කරන අයට විතරක් පේන තැන් වල. Meetings වලදී රෝමි අඳින්නෙ හරිම සරාගී විදිහට. ඒත් තමන්ගේ එක ටැටු එකක්වත් අනිත් අයට නොපෙනෙන විදිහට අඳින්න ඇය වග බලා ගත්තා. ඒත් මගේ ඉදිරියේ කිහිප වරක්ම නිරුවත් වුන ඇයගේ ටැටූස්, මට අලුත් දෙයක් නෙමෙයි.

මං බැල්කනියට වෙලා සුව පහසු පුටුවක දිගඇදිලා සුපුරුදු ඩන්හිල් දුමෙන් සහ සුපුරුදු වොඩ්කා මත් බවින් සප්පායම් වුනා. සුපුරුදු රෝමිකාගේ මතකයන් අතරට නුපුරුදු රිතිකත් ආවා. රිතිකා!! හ්ම්… මම වේගවත් ඩන්හිල් උගුරක් ආශ්වාස කළා.

ඒකි ආවෙ හරියට, හඬ නොනැගෙන අඩි තියමින් දඩයමකට හිමින් හිමින් ළං වෙන හොර පූසියෙක් වගේ. කෙල්ලො කොහොමත් හොර පූසියො! ඒක කෙල්ලොන්ට උපතින්ම ලැබුන දෙයක් ද මන්දා. රිතිකා!!! මේකි මගේ මනසට ආපු නිසා, ඒ මොහොතෙ දි රෝමිකා ගැන හිත හිත හිටපු මගේ දැහැන කුඩුපට්ටම් වුණා. පිරිමින්ගේ දැහැන් බිඳින්න ගෑනු කොහොමත් දක්ෂයි. ඒත් රෝමි ගැන හිත හිත හිටපු මගේ ඔළුවට අරකි ආවෙ කොහොමද?

වළාකුළු වලින් පිරුණු රෑ අහස වසාගෙන ඩන්හිල් දුම පැතිරී ගියා. රිතිකා රෝමිකා… රිතිකා රෝමිකා… වොඩ්කා වීදුරුව ටික ටික හිස් වුනා. මේ දෙන්නම මගේ රැවුලට අසීමිත ආශා කළා. ගොඩක් ගැහැණුන්ගෙ හීනවල ඉන්නෙ රැවුල තියෙන පිරිමියෙක්. රැවුල කියන්නේ පුරුෂයෙකුගේ ලිංගික ශක්තියේ සහ පෞරුෂත්වයේ ප්‍රතිමූර්තියක් කියලා තමයි ගෑනු හිතාගෙන ඉන්නේ.

මගේ රැවුලට, මගේ බොඩි එකට, මගේ ලුක් එකට ගොඩක් කෙල්ලෝ අසරණ වුණා. ඒ අසරණ කමින් ප්‍රයෝජන ගන්න කියලා ඒ අය මට බල කළා. රෝමිකා කියන්නේ ඒ වගේ අසරණ වුණ, ඒත් මහා පෞරුෂයක් තියෙන, ධනයෙන්, බලයෙන් උපරිම තැනකට ඇවිල්ලා ඉන්න අකුණු පහරක් වගේ ගැහැනියක්. ඒත් රිතිකා කියන්නේ අඳුරු ආගාධ වලට බය නැතුව පනින අතිශය යෞවනේ පසු වන, පිරිමි හිත් ඉදිරියේ අසරණ නොවී සිටීමට උත්සාහ කරන අසංස්කෘතික කෙල්ලෙක්. ඒත් ඕනම අසංස්කෘතික කෙල්ලෙක්ගෙ හදවතකම පිරිමි සිහිය විකල් කරවන සංස්කෘතියක් තියෙනවා.

ගැහැනු පිරිමි ශරීර අතර සිද්ධවෙන සමහර ගනුදෙනුවලට දෙන්න ඕන නාමය, කිසිම ශබ්දකෝෂයක නෑ. මගෙයි රෝමිකාගෙයි.. මගෙයි රිතිකගෙයි… මේ සරාගී සම්බන්ධකම්වලටත් නම් තිබ්බෙ නෑ. එහෙම නමක් ගැන මම කවදාවත් හිතලා තිබ්බෙත් නෑ. ඉස්සරහට හිතන්නෙත් නෑ. ඒ සම්බන්ධකම් වල තිබ්බ නිර්නාමිකත්වයට මම පුදුම විදිහට ආශා කළා. නිර්නාමික සම්බන්ධකම්වල රහ වැඩියි. ඒත් ඒ සම්බන්ධකම් වලට කසාදය, ප්‍රේමය වගේ නාමකරණයන් එකතු වුණොත් ඒ සම්බන්ධයේ රස විනාස වෙනවා.

කසාදය කියන නාමකරණය තියන රෝමිකාගේ ඒ සම්බන්ධයට වැලි ගහලා, මගේ බාහු අතර හිර වෙන්න රෝමිකා යොදන උපායන් හරිම සූක්ෂමයි. රෝමිකාගේ හදවතත් ශරීරයත් මගෙන් ඉල්ලන දේ ගැන මම හරියට ම දන්නව. ඒත් රිතිකට ඕන දේවල් මම තාමත් හොයමින් හිටියා. ඒකිගෙ ශරීරය මගේ හදවතට අලුත්. මගේ ශරීරය ඒකිගේ හදවතට අලුත්. සමහර වෙලාවට මට හිතෙනවා රිතිකා කියන්නේ මගේ හදවත කියන විද්‍යාගාරයේ ඉන්න මීයෙක් කියලා. හරිම ප්‍රේමණීයයි, රාගිකයි, පර්යේෂණාත්මකයි. ඔව්.. ඒකි ඒ වගේ.

රෝමිකාගෙයි මගෙයි අතර තියෙන නිල නොවන කායික ඇසුර ඇතුලේ රෝමිකාගේ හැම ෆැන්ටසියක් ම සැබෑ වුණා. සමහර ගෑනු හිත් පිරිමි හිත් වලට ඇබ්බැහි වෙනවා. මේ වෙනකොටත් රෝමිකා මගේ හිතට ඇබ්බැහි වෙලා හිටියෙ. මගේ ප්‍රහාරාත්මක හැකියාව ගැන රෝමිකාට තිබුණේ පුදුම පෙරේතකමක්. මගෙයි රෝමිකාගෙයි මුරණ්ඩු හදවත් දෙක අසම්මත ක්‍රීඩාවන් වල දී ඕනවටත් වඩා ගැලපුනා. ඒත් රිතිකා… මගේ කෝල් වලට ඒකි ආන්සර් කරේ නෑ… මගේ මැසේජ් මැසේජ් වලට රිප්ලයි කරේ නෑ. ෆෝන් එක ඕෆ් කරගෙන හිටියා. පටන් ගන්නකොට කෙල්ලො ඔහොම වුණත්, කාලයක් යනකොට ඒ කෙල්ලො පූස් පැටව් වගේ පුරු පුරු ගගා ළගට එන හැටි මම අත්දැකීමෙන් දන්නවා. ඒ නිසා ප්‍රාථමික අංශයේ ළමයි වගේ ගෑනුත් එක්ක බොරුවට රණ්ඩු කරන පුරුද්දක් මට නෑ.

හ්ම්… කෙල්ලො හරියට මේ වීදුරුවේ තියෙන වොඩ්කා වගේ. බොන්න පටන් ගත්ත ගමන් මත් වෙන්නෙ නෑ. ඒත් කාලයක් යනකොට දරාගන්න බැරි මත් බවක් ඇති වෙනවා. ඒ මත් බව කොච්චරද කියනවා නම් පිරිමි සිරුර අතහැර ගන්න බැරි තරම් මත් බවක්. ඒත් ඒකට ටික කාලයක් යනවා… ඔව්.. හරියටම වොඩ්කා වගේ.

ඇඳක් මත දී සහ හිතක් මතදි රෝමි සහ රිතිකගෙ හැසිරීම් එකිනෙක සංසන්දනය කරමින් සහ ඩන්හිල් දුම අහසට මුසු කරමින් මම පුදුම ආශ්වාදයක් ලැබුවා.

රෝමිකාගේ ශරීරයෙ හැඳුනුම්පත මා පරික්ෂා කර තිබුනත්, රිතික් අගේ හදවතේ හැඳුනුම්පත තවමත් මට අභිරහසක්. ඒත් මේ මෙවන් ගජබාහු කියලා කියන්නෙ, ගෑනුන්ගේ හිතේ ගැඹුරුම තැන් වල හැංගිලා තිබ්බ අභිරහස් විසඳපු ෂර්ලොක් හෝම්ස් කෙනෙක්.

“මෙවා!! මොකද මේ.. තවත් කෙල්ලෙක් ගැන ද කල්පනාව”

මාත් එක්ක ලිංගිකව එක් වෙන්න නීත්‍යානුකූල සහතිකයක් තියන එකම ගැහැනියගේ හඬ මගේ පිටුපසින් මට ඇසුණා. දිය යුතු පිළිතුර කුමක්දැයි සිතාගැනීමට නොහැකිව මා ඇය දෙසට හැරී බැලුවා.

“ආ… මේ.. මෙවා… මට කියන්න බැරි වුණා. දවල් කවුද මන්දා ලේඩි කෙනෙක් කතා කළා. ඔෆීෂියල් වැඩකට කියලා කිව්වේ… කවුද ඒ?? ඔයාගේ අලුත් ෂොට් එකක්ද?” එහෙම කියපු ව්‍යංගා කට කොනින් හිනා වෙලා මගේ වොඩ්කා බෝතලේ අතට ගත්තා.

“පිස්සු කියවන්නෙ නැතුව ගිහිල්ලා නිදා ගන්න බබා” මම ව්‍යංගා ට පෙරළා පිළිතුරු දුන්නා.

මම ෆෝන් එක ආන්සර් නොකර ඉන්න වෙලාවල් වල දී, රෝමිකාට ඉවසගන්නම බැරි වුනොත් එයා ගෙදෙරට call කරනවා.

“හරි හරි මෙවා.. ඔයත් දැන් එන්න නිදාගන්ඩ බිව්වා ඇති… ” එසේ කියා ව්‍යංගා නික්ම ගියා.

1.45 – 2.00 විතර වෙද්දි මට නින්ද යන්න ඇති. එක පාරටම මැසේජ් එකක් ආපු සද්දෙට මාව ඇහැරුන. අඳුර අතරින් lightup වෙලා තිබ්බ ෆෝන් ස්ක්‍රීන් එකට මගේ ඇහැ ගියා. Phone screen එකේ නිල් පාට එළිය මගේ ඇස්වලට කටු අනිනවා වගේ දැනුනා. Oh… f**k !!! රිතිකගෙන් මැසේජ් එකක් !!! වෙලාව පාන්දර 4.36 යි. ඇස් පුංචි කරගෙන මම මැසේජ් එක රීඩ් කලා. මගේ කට අගට පොඩි හිනාවක් ආවා.

“Can we meet today evening ….?”

දවස් ගානක් හිර කරගෙන හිටපු හුස්මක් එළියට දාලා, තවත් හුස්මක් ගන්නවා වගේ… මම දිග හුස්මක් අර ගත්තා…. මේකි දැන් මට ඕනේ ට්‍රැක් එකට වැටිලා. කොල්ලෙක්ට පුළුවන්නම් තවත් කෙල්ලෙක්ගෙ දවසේ පළවෙනි සිතුවිල්ලට ඇතුල් වෙන්න, ඒ කොල්ලට පුළුවන් ඒ කෙල්ලගේ මුළු ජීවිතේටම ඇතුල් වෙන්න.

තමන් යවන මැසේජ් වලට ක්වික් රිප්ලයි එනවට කෙල්ලො මාර කැමතියි. ඒ රිප්ලයිවල ආදරණීය බව තියෙනවා නම් කෙල්ලෝ තවත් කැමතියි.

Digital හාර්ට්ස් ගොඩක් එක්ක ආදරණීය බව තව තවත් ඇඩ් කරලා මම අනිත් පැත්තට රිප්ලයි එකක් යැව්වා. මම ඒ රිප්ලයි එක ඇතුලට කුතුහලය කියන දේ ඕනවටත් වඩා ඇඩ් කළා.

❤️❤️❤️Yes..???? I have something to talk with u…??

ඔව්… දවස් දෙකකට කලින් ඒකිගෙ නිරුවත් ශරීරයත් එක්ක කරපු ගනුදෙනුවෙ ප්‍රතිඵල මෙන්න දැන් තියෙනවා. ඊයෙ ෆෝන් ආන්සර් කරන්නැතුව හිටපු මේකි!! ඔන්න දැන් පුරුපුරු ගගා එනවා. සීතල උදේ පාන්දර, කාම ගින්නෙන් රත් වෙලා ඉන්න ඒකි මේ මොහොතෙ හොඳටම ඇවිස්සිලා කියලා මට මැවි මැවී පෙනුනා. මෙන්න ඒකිගෙන් තව මැසේජ් එකක්!!!!!

“Your face would look better between my legs..”

මම හිතුවා හරියටම හරි… ඒකි හරි අංශකේට ඇවිස්සිලා, ඇවිලිලා සහ මත් වෙලා. සාමාන්‍ය කොල්ලෙක්ට, කෙල්ලෙක්ව මේ තැනට ගේන්න සති ගාණන් මාස ගණන් අවුරුදු ගණන් යනවා. ඒත් මට ගියේ ඒ දවස් කිහිපයයි. මේ වගේ චාන්සස් මම ලේසියෙන් මිස් කරන්නෙ නෑ. ක්ෂණිකවම මම රිප්ලයි කළා.

“Baby I swear to you I wont stop untill your legs are shaking & and the neighbors know my name….”

ඔව්… මේ කෙල්ලත් හරියට වොඩ්කා ෂොට් එකක් වගේ.

#සීරියල්කිලර්3

30-මැයි-2020
ලක්මිණ රණසිංහ ⚡