පාරවල්වල හයිස්පීඩ් අල්ලන්න ට්‍රැෆික් පොලිස් හිටියට, අපේ ජීවිතවල හයිස්පීඩ් අල්ලන්න ට්‍රැෆික් පොලිස් නෑ. ඒ නිසා අපි පුදුම වේගෙකින් යනවා. මේ වේගය නිසාම ජීවිතේ සමහර ලස්සන තැන් අපිට මඟ හැරෙනවා. ඒත් වෙනස් හැඩයක් තියෙන කිසිම තැනක් මගහැරගන්න මම කැමති නෑ. මම මගේ වේගවත් ජීවිතේ, රිතිකා ළඟ පොඩ්ඩක් ස්ලෝ කරේ ඒකයි.

6.45 ට විතර මම ඒකිට කෝල් එකක් දුන්නා. උදේ ඉදල මගේ මනස පුරා ළැගුම් ගත්ත ඒ ගෑනු රූපයේ හඬ ඇහෙද්දි මාව ඇවිලෙනවා. ඒත් ඒ ඇවිලීම ඇතුලෙ මොකද්දෝ සැහැල්ලුවක් තියෙනවා වගේ මගේ හදවතට දැනෙන්න පටන් ගත්තා. මට බය අන්න ඒකටයි!!!

සමහර ගෑනුන්ගේ හඬට පුළුවන් පිරිමියෙක්ව නිවන්න.., ඒ වගේම අවුලන්න. තව ටික වෙලාවකින් ඒකිගේ ඇඟ මත මාව ඇවිලෙන හැටි මට මතක් උනා. ඒ වගේම රිතිකා එක්ක පිරිමියෙක්ට නිවෙන්නත් පුළුවන්. ඒ නිසයි මම රෝමිකාගේ කාම ගින්න නිවන එක පැත්තකට දාලා රිතිකව මීට් වෙන්න තීරණය කළේ. රෝමිකා එක්ක නිවෙන්න බෑ! ඇවිලෙන්න විතරයි පුළුවන්!! ඒත් රිතිකත් එක්ක ඇවිලෙන්නත් පුළුවන්, නිවෙන්නත් පුළුවන්.

Call කරපු වෙලාවෙ ඒකිගෙ ඇනෙක්ස් එකට එන විදිය ගැන ඒකි මට කිවුවා. ලෑන්ඩ්මාක් එක තමයි ලස්සන බැල්කනියක් එක්ක කාමරංකා ගහක් තියන මිදුල. කතා කරල ඉවර වෙලා location pin එකත් මට එව්වා. ගමන සහ ගමනාන්තය ඉතා පැහැදිලියි! රිතිකත් හරියට මගේ සෙකට්‍රි, හංසි වගේ. ඕන දේ හරියට ම පැහැදිලි කරන්න දන්නවා.

හ්ම්…. හංසි – රිතිකා..! ජීවිතේ අපිට හම්බවෙන ගැහැණු දෙන්නෙක්ව කිසිම වෙලාවක compare කරන්න හොඳ නෑ. ඒක පිරිමින්ගෙ තියෙන මහා නරක පුරුද්දක්. මොකද, ඒ ඒ ගැහැණියගෙ දේවල් ඒ ඒ ගැහැණියට සාපේක්ෂයි. ඒත් පිරිමි හිත් හැමතිස්සෙම ගෑණුන්ව compare කරනවා.

මම ඔෆිස් එකෙන් එළියට බැහැල කාර් එකට නැග්ගෙ google maps on කරගෙනමයි. මගේ ඔෆිස් එකේ ඉදලා ඒකිගේ ඇනෙක්ස් එකට කිලෝමීටර් දෙකක්වත් නෑ. ජීවිතේ සමහර දේවල් අපිට කොච්චර ළඟ තිබුණත් හම්බ වෙන්නෙ පරක්කු වෙලා.

මගේ හදවත තරම් කාර්ය බහුල නොවුනත්, කොල්ලුපිටිය නගරය මේ මොහොතේදී ටිකක් කාර්යය බහුලයි. Google maps වලින් ඒකිගේ ඇනෙක්ස් එකට යන පාර, ගමනට ගත වන කාලය හරියටම කියපු නිසා සැකයක් නැතුවම ඩ්‍රයිව් කරා. අපේ ජීවිතේටත් මේ වගේ මැප් එකක් තියෙනවා නම්, යන්න ඕන තැන ගැන කවුරු හරි අපිට මේ වගේ කියලා දෙනවා නම් ජීවිතේ මොන තරම් ලස්සන වෙනවද?

සිතියමක් නැතුව යන මේ ගමනේ දී අන්තිමේදි අපි අතරමං වෙනවා. ඒත් මොකක්දෝ හේතුවකට මම කැමතිම ඒ වගේ අතරමං වෙන්න. මම අතරමං උනහම, මං වගේම අතරමං වෙච්ච තවත් ජීවිත මට මුණ ගැහෙනවා. අහඹු ලෙස මුණගැහෙන ඒ අය ළඟ මම හොයන දේ තියෙනවා වෙන්න පුළුවන්. එතකොට යන්න තියෙන ගමන අතරමඟ නවත්තලා ජීවිතේ තැනින් තැන නවතිනවා. අන්තිමේ දී මම යන්න හිතාගෙන ආපු ගමන යන්න වෙන්නෙ නෑ.

කාර් එකේ තීව්‍ර ආලෝක ධාරා වලින් කොල්ලුපිටියේ අඳුර දෙබෑ කරගෙන මම ඉදිරියට ඇදුනා. ගූගල් මැප් එකේ හැටියට රිතිකගෙ ඇනෙක්ස් එක ළඟටම ඇවිල්ලා පාර අයිනටම රිවස් කරලා කාර් එක පාක් කරගත්තා. හැමදාම වගේ අදත් මගේ BM එක රිවස් කරද්දී මගේ හිතින් මටම හිනා උනා. කාර් එකට කොච්චර රිවස් කැමරා, sensors, reverse safety options, safety guidelines තිබුනත් තාමත් කාර් එක රිවස් කරද්දී පිටිපස්ස හැරිලා බැලෙනවා. ඔව්, ජීවිතේ කවදාවත් පිටිපස්ස හැරිලා බලන්නේ නැති මම කාර් එක රිවස් කරද්දී පිටිපස්ස හැරිලා බලනවා. ජීවිතයේ සමහර ගමන් තියනවා ඉස්සරහටම යන්න ඕනේ. කවදාවත් හැරෙන්න බෑ.

සමහර ගැහැණුන්ගේ ජීවිතත් පිටුපස නොබලා ඉදිරියටම යන්න ඕන දිගු ගමනක් වගේ. පිටිපස්ස හැරිලා බැලුවොත් පේන දේවල් නිසා ඉදිරියට යන්න බැරි වෙනවා. ඒ ජීවිතවල අතීතයේ ඒ තරමටම ඛේදවාචක පිරිලා. රිතිකා කියන්නෙත් කවදාවත් පිටිපස්සේ තියෙන ඛේදවාචක දිහා හැරිලා බලලා පසුතැවෙන්නේ නැති ගැහැනියක්.

ඒකිගෙ විස්තර කිරීම හරියටම හරි. ලස්සන බැල්කනියක් එක්ක කාමරංකා ගහක් තියෙන පුංචි මිදුලකට මම ඇතුල් වුණා. බැල්කනියේ නිවි නිවී පත්තු වෙන ලයිට් වැලක් තියෙනවා. මම ටිකක් නැවතිලා කාමරංකා ගහ දිහා බැලුවා. ඒ ගහ පුරාත් ලයිට් වැලක් ඔතලා. ඒ ලයිට් වැලේ ආලෝකයෙන් කාමරංකා ගහේ අස්සක් මුල්ලක් නෑර ආලෝකයෙන් බබළනවා. කාමරංකා ගහේ ලයිට් වැලක් ඔතල තියෙන්නෙ ඇයි? මම බැල්කනිය දිහා බැලුවා.

කැරලි කෙහෙරැලිවලින් හිස සරසා ගත් ඒ දඟකාර කෙල්ල බැල්කනියෙ ඉඳලා මට අත වැනුවේ හරියට පොඩි එකෙක් වගේ.

“Come this way…”

බැලූ බැල්මට කියුට් පෙනුමක් තියෙන මේකි, පිරිමි ඇඟකට යට වෙද්දි කාම දෙවඟනක් වෙන හැටි බලාගෙන ඉන්න එක හරිම අපූරු අත්දැකීමක්.

තව මොහොතකින් උදා වීමට නියමිත ඒ අත්දැකීම සිහි කරමින් බැල්කනියට යන පඩිපෙළ දිගේ පඩියෙන් පඩිය මම ගමන් කළා. බැල්කනියේ ඉන්න පිරිමින්ගේ සපත්තු වලට පෑගුන සමහර ගෑණුන්ට ඕනේ ගැලරියේ පිරිමියෙක්ගේ ඇඟට යට වෙන්න.

හාත්පස අඳුරේ ගිලී ගියත්, විදුලි ආලෝකයෙන් මුසපත් වෙලා තිබුන මේකිගෙ බැල්කනියට මම කෙලින්ම ඇතුල් වුණා. අඳුරට හුරු වෙලා තිබ්බ මගේ ඇස් පුංචි කරගෙන මම මුලින්ම බැලුවේ මේකිගෙ දිලිසෙන ඇස් දිහා. මේකි නම් කාම සුරංගනාවියක්. ඒත් ඇය ඇසි පිය හෙළනවා. මම මගේ පළමු වචන කිහිපය මුදා හැරියා.

“So… කොහොමද මයි ඩෝල්”

එහෙම කියලා මම රිතිකට ළං වෙලා ඒකිගේ හැඩකාර බඳ වටේ අත දාලා එකපාරටම ඒකිව ළඟට ගත්තේ හරිම අනපේක්ෂිත විදිහට. ආදරේදි ගැහැණු අනපේක්ෂිත දේවල් වලට අකමැතියි. ඒත් රාගයේදී ගැහැණු අනපේක්ෂිත දේවල් වලට කැමතියි.

මේ රාත්‍රියේ විය යුතු හැම දෙයක්ම මේකිත් මමත් අඟලෙන් අඟල සැලසුම් කරලා ඉවරයි. ඒත් ඒ හැම සැලසුමක්ම සිද්ධ වුණේ ඉඟිවලින් සහ හදවතින් විතරයි. මේ රාත්‍රියේ මේකිට ඕන මොකද්ද කියලා මම ඕනවටත් වඩා දැන් දන්නවා. මට ඕනේ මොනාද කියලත් මේකි හොඳට දන්නවා.

මොන තරම් සැලසුම් කලත්, සැලසුමක් නැතුව වෙනවා වගේ ඒ දේවල් විඳින්න ගැහැණු හරිම කැමතියි. ගැහැනියකගෙන් ලැබෙන පිළිතුර මොකක්ද කියලා දැන දැනම ගැහැණියකගෙන් ප්‍රශ්නයක් අහන්න පිරිමියෙක්ට අවස්ථාවක් ලැබෙන්නෙ කලාතුරකින්. ඒ අවස්ථාව මම රිතිකත් එක්ක උරගා බැලුවා.

” මොකද්ද ප්ලෑන් එක…”

” නතින්ග්…”

අපි කිසිම දෙයක් ප්ලෑන් කළේ නැහැනේ වැනි බැල්මක් ඒකි මට දුන්නා. මම අපේක්ෂාවෙන් හිටපු පිළිතුර ම මේකිගෙන් ලැබුණ නිසා මම ඕනවටත් වඩා සෑහීමකට පත්වුණා.

මම කිසිම කලබලයක් නැතුව මේකිගෙ දෙතොල්වලට ළං වෙලා මෘදුව සහ ආදරණීය විදිහට සිප ගත්තා. මගේ අත ඒකිගෙ බඳ වටේ එතිලා තිබ්බා. මගේ දෙතොලින් මේකිගේ දෙතොල් සම්භාහනය කරනවාට අමතරව, මගේ දකුණු අතේ ඇඟිලි තුඩුවලින් මේකිගෙ වම් අතයි උරහිසයි මෘදුව පිරි මැද්දා. මේකිගෙ අතේ පිපෙන හිරිගඩු මගේ ඇඟිලි තුඩුවලට හොඳටම දැනුනා.

ආදරණීය සරාගීත්වය පිරි, පිරිමැදුම් දෙමින් හරිම පරිස්සමෙන්, හරිම සීරුවෙන්, මගේ දෙතොල්වලින් මේකිගෙ දෙතොල් දෝවනය කළා. අපි දෙන්නගෙ දෙතොල් මීට කලින් හොඳ හැටි හමුවෙලා හඳුනගෙන තිබ්බා. ඒ නිසා මේකිගෙ දෙතොල්වල රිද්මය මගේ දෙතොල් වලට තේරෙනවා. මගේ දෙතොල් වල රිද්මය මේකිගෙ දෙතොල්වලට තේරෙනවා. ඒ නිසා මේ සිපගැනීම තප්පර 300 ක් විතර දික් ගැස්සුනා. ඇඩ්වර්ටයිසිං ලෝකෙ ඇතුලේ තප්පර 5, 10, 15, 30 ඇතුලෙ හිර වෙලා ඉන්න මේකිටයි මටයි තප්පර තුන්සියක් කියන්නේ කල්පයක්.

පිරිමි ඉක්මනට ඇවිලිලා ඉක්මනට නිවෙනවා. ඒත් ගැහැණු හිමින් හිමින් ඇවිලුනාට පස්සේ නිවන එක ලේසි නෑ. මම මුලින්ම මේකිගේ දෙතොල් සිප ගත්තේ මේකිව හිමින් හිමින් අවුලන ක්‍රියාන්විතයේ පලවෙනි පියවර විදිහට. මම අනපේක්ෂිත විදිහට මේකිගෙන් මිදිලා වේවැල් පුටුවෙ වාඩි වුණා. ඒත් ඇය තාමත් ඇස් දෙක වහගෙන මගේ දෙතොල් මෙනෙහි කරනවා. මේකි ඇස් දෙක ඇරලා ලොකු හුස්මක් ගත්තා.

” මොනවද බොන්නෙ..”
” ෂැම්පේන් එකක් …? “
” නරකම නෑ….”

මේකි බැල්කනිය ලයිට් ඕෆ් කරලා ඉටි පන්දම් පත්තු කළා. මේ මොහොතට තව තවත් ආදරණීය කරන්න, තව තවත් සරාගික කරන්න ඕන කරන හැම පරිසර සාධකයක්ම මේකි නිර්මාණය කරමින් සිටියා.

පිරිමි හිත කිව්වෙම මේකිව ඉක්මනට මෙතනම පෙරලගන්න කියලා. ඒත් ගැහැණු හිත් එහෙම කැමති නෑ. ගැහැනුන්ට ඕනේ කතා කරන්න. ඔව්, පුළුවන් තරම් කතා කරන්න.

පිරිමි නිසා තමන්ගේ ජීවිතේ කෑලි කෑලි වලට පුපුරලා ගිය විදිහ ගැන පසුතැවෙන්නේ නැතුව ඒ හැම දෙයක්ම තවත් පිරිමියෙක් එක්ක සාධාරණීයකරණය කරන්නයි ගෑණුන්ට ඕනේ.

ගැහැණු තමන්ගේ ජීවිතේ වරද්ද ගත්ත දේවල් සාධාරණීකරණය කරන පොදු වාක්‍යයක් තියෙනවා. ඒ තමයි “මම තාම ලයිෆ් එක හොයනවා” කියන වාක්‍ය. මට ඕන වුණේ මේකිගෙ “ලයිෆ් එක හොයනවා” කියන කෑල්ල ඉක්මනට එලියට ගන්න. එහෙම හිතල මම නිදහස ගැන ජීවිතේ ගැන වැඩි වැඩියෙන් කතා කළා. ෂැම්පේන් glass දෙකක් අරගෙන බැල්කනියෙන් පහළට කකුල් දාගෙන අපි අපේ කතාව දික් ගැස්සුවා.

“මෙවන්… ඔයාට ඔයාගෙ ජීවිතේ ගැන සැටිස්ෆැක්ෂන් එක කෝමද…?”

ස්පොට් ඕන්!!!!! මේකි මෙච්චර ඉක්මනට ජීවිතය ගැන කතා කරන්න පටන් ගනී කියලා මම හිතුවේ නෑ. ඇත්තටම රිතිකා අහපු මේ ප්‍රශ්නේ ඇතුළෙම දෙන්න ඕන උත්තරය තිබ්බා. මම ඊට එහා උත්තරයක් දීලා රිතිකගේ හිත කඩන්න බය උනා.

ඒජන්සි හෙඩ් කෙනෙක් විදිහට මම අතිශය සාර්ථකයි. ඒත් ජීවිතේ ගැන තෘප්තිමත් නැහැයි කියන උත්තරේ තමයි මේකි බලාපොරොත්තු වුණේ. ඉතින් මම ඒ බ්‍රීෆ් එකට ගැලපෙන ලස්සන කැම්පේන් එකකින් පිළිතුරු දුන්නා.

මගේ life එක ගැන, පිරිමි හිත් ගැන, ගෑනු හිත් ගැන, මගේ වයිෆ් ගැන, සෙක්ස් ගැන, ෆීලිංස් ගැන, මුණගැසීම් සහ වෙන් වීම් ගැන දිගින් දිගටම කතා කළේ හරිම බරසාර විදිහට. මේකි ටික ටික ඉමෝෂනල් වෙනවා කියලා මට දැනුණා.

ජීවිතේ වැඩියෙන්ම පාපොච්චාරණය කරන්නේ, තමන්ට පාපොච්චාරණයක් නැහැයි කියලා කියාගන්න ගැහැණුන්ම තමයි. ඒත් අතීතයේ කරපු පව් වලින් පන්නරේ ලබන ගැහැණු ඉතාමත් ශක්තිමත්ව අනාගතයට මුහුණ දෙනවා. හරියට මේකි වගේ.

රිතිකගෙ ජීවිතය ඇවිල්ල ගිය බ්‍රයන් ගැන රිතිකට තිබුණේ මාරාන්තික පාපොච්චාරණයක්. රිතිකා නොදන්නවා වුණාට රිතිකගෙන් බ්‍රයන් බලාපොරොත්තු වෙච්ච දේ ගැන බ්‍රයන් මට කියලා තිබ්බෙ.

කතාව දිගින් දිගටම වැවෙන්න පටන් ගත්තා. පිරිමිත් එක්ක ගතකරපු ජීවිත ගැන මේකිගෙ අත්දැකීම් මගේ ඉදිරියේ එකින් එක ලිහලා දැම්මා.

” මම ඔයාගෙ ඔය හිතන විදියට හරි කැමතියි රිතිකා”

මටත් හොරෙන් මගේ වචන මගේ කටින් එලියට පැන්නා. සරාගික හැඟීම් වලින් පිරිලා තිබ්බ මගේ හිත මේකිගෙ බෙල්ල කිස් කරන්න බල කළා. මම හිතට ඉඩ දුන්නා. බෙල්ල සිපගන්නකොට මේකිගෙ කන්ට්‍රෝල් එක මේකිටම නැති වෙනවා. තප්පර කිහිපයකට මේකිගේ ග්‍රහණයෙන් මේකි මිදුනා. ලොකු හුස්මක් ගත්ත රිතිකා ආයිත් කතාව පටන් ගත්තා.

“හැම ගෑනියෙක්ටම තියනවා මෙවන් රහසිගත බිම්ගෙයක් වගේ ජීවිතයක්…”

මේකි කූඩු කරගෙන හිටපු වචන මගේ ඉදිරියේ දෝර ගලා යනවා. පිරිමියෙක් එක්ක ජීවිත කාලය පුරාම, නිමා නොවෙන රස අත්දැකීමක් විඳගන්න ගැහැණු හරිම කැමතියි. ඒත් මේකිට ඒ මොහොත තාම උදා වෙලා නෑ.

” ඔයාට පිරිමි ගැන තියෙන්නෙ හොඳ අත්දැකීම් නෙවෙයි වගේ රිතිකා..”

” පිරිමි නෙවෙයි මිනිස්සු ගැනම තියෙන්නෙ හොඳ අත්දැකීමක් නෙවෙයි. පිරිමිකම කියන්නෙ පෙනුම නෙවෙයි මෙවන්. පිරිමිකම කියන්නෙ ඇටිටියුඩ් එකකට.”

ට්‍රැෆික් පොලිස් නැති ජීවිතේ, රිතිකා හරිම වේගවත් ගමනක් යනවා.

මගේ මුවින් ඩන්හිල් දුම් වළලු අහසට පාවෙන හැටි රිතිකා බලන් හිටියේ හරිම පෙරේතකමින්. කතා කරන ගමන් ඒකි ඔතපු ජොයින්ට් එක, ඒකි පත්තු කරගත්තා.

මේකි හොයන ජීවිතය ගැන, මේකි හොයන සතුට ගැන, එකින් එක එකින් එක කියන්න පටන් ගත්තා. මේ වෙනකොට රිතිකාගේ හදවත හොඳටම හැඟුම්බර වෙලා තිබ්බේ. මේකි ලොකු හුස්ම අරන් මගේ උරහිසෙන් ඔලුව තියාගත්තා. හැඟීම්බර මොහොතවල් වලදී ගැහැනුන්ට ඕනේ පිරිමි උරහිසක්.

ජොයින්ට් එක ටිකෙන් ටික මේකිට වදින්න පටන් ගත්තා. ඒ නිසාම මේකි තවත් සැහැල්ලු උනා. මේ සැහැල්ලු බවට මම මාරාන්තික විදිහට ඇලුම් කළා.

ඇය මගේ කකුලට අත තියාගෙන මගේ ශරීරයත් එක්ක ටිකක් වැඩිපුර ගනුදෙනු කරන්න පටන් ගත්තා. ඔව්, ඒ මොහොත උදා වුණු බව මේකිගෙ ඉරියව් වලින් තේරුනා. මොහොතකින් බැල්කනිය රති සයනක් වුනා. මේකිගෙ ශෘංගාරාත්මක ගත පුරා මගේ ගත සැරිසැරුවා. මේකිගෙ පපුව මැද්දෙ මගේ තොල් දඟ කරන්න පටන් ගන්න ඒ හැටි වෙලාවක් ගියේ නෑ. උන්මාදයෙන් මුසපත් වෙමින් සිටි මේ මොහොතේ මගේ මහපට ඇඟිල්ල රිතිකගේ තොල් දෙපළු කරගෙන මුව ඇතුලට ඇතුල් වුණා.

#සීරියල්කිලර්5 ⚡
16 – ජූනි -2020
ලක්මිණ රණසිංහ