“මෙවන්ගෙන් අහන අන්තිම ප්‍රශ්න ටික. කෙටි උත්තර විතරක් දෙන්න”

“ක්‍රිස්ටිනා ගේ ප්‍රශ්න ටිකක් සැරයි. ඒ නිසා කෙටි උත්තර දෙන්න පුළුවන් වෙයිද කියලා නම් සැකයි.”

එහෙම කියලා මම මගේ සුව පහසු පුටුවට බර වුනේ, “Heart of business” magazine එකේ chief editor ක්‍රිස්ටිනාගේ අන්තිම ප්‍රශ්න වලට මුහුණ දෙන්න.

“මෙවන්ගේ සාර්ථකත්වයේ රහස මොකක්ද?”

“නිවැරදි තීරණ”

“මෙවන් කොහොමද නිවැරදිම තීරණ ගන්නේ ?”

“අත්දැකීම්වලින්”

“මෙවන්ට අත්දැකීම් කොහෙන්ද?”

“ජීවිතේ ගත්ත වැරදි තීරණ වලින්*”

මම එහෙම කියනවත් එක්කම ක්‍රිස්ටිනා ගල්ගැහුණා. මම ක්‍රිස්ටිනාගෙ ඇස් දෙක දිහා බලාගෙනම හිටියා. ක්‍රිස්ටනා මගේ ඇස් දිහා බලාගෙන හිටියේ මගේ ඇස් දෙකෙන් මගේ ජීවිතේ ඇතුළට කිඳා බහින්න උත්සාහ කරනවා වගේ. තත්පර කිහිපයක් නිරුත්තරව හිටපු ක්‍රිස්ටිනා ලොකු සුසුමක් ඉහලට අරගෙන… සීරුවෙන් ඒ හුස්ම පිට කළා. ඇයට නැවතත් වචන මතක් වුනා.

“මමත් මගේ ජීවිතේ ගොඩක් වැරදි තීරණ ගත්ත ගෑනියෙක් මෙවන්… ජීවිතේ ගන්න වැරදි තීරණ වලින් තමයි හිතාගන්න බැරි අත්දැකීම් අපිට ලැබෙන්නේ. ඔව්, ඒ අත්දැකීම් නිසාම තමයි අපිට හරි තීරණ ගන්න පුළුවන්.”

“ඒකනෙ ක්‍රිස්ටිනා ඔයා අද chief editor and young CEO කෙනෙක් වෙලා ඉන්නෙ”

“මෙවන් ගේ මේ interview එක කරන්න මටම එන්න පුළුවන් වෙච්ච එක ගැන I’m so happy. Thank you very much මෙවන්. Magazine එකට විතරක් නෙමෙයි, මගේ life එකටත් ගොඩක් වටින දේවල් එකතු වුණා. මේ……අ…. අකමැත්තක් නැත්නම් අපි වෙලාවක මීට් වෙමු…”

“ජීවිතේ ගත්ත වැරදි තීරණ ගැන කතා කරන්න ද?”

“හ්ම්… ඔව්…”

එහෙම කියලා හැඟීම් රහිත මුහුණක් මවා ගත්ත ක්‍රිස්ටිනා පුටුවෙන් නැගිට්ටා.

“නෑ ක්‍රිස්ටිනා… ඇයි අපි වැරදි තීරණ ගැනම කතා කරන්නේ! අපි ජීවිතේ ගත්ත නිවැරදි තීරණ ගැන කතා කරමු.. අපි දෙන්නා ජීවිතේ කොච්චර නිවැරදි තීරණ ගත්ත ද”

“Ok මෙවන්.. ඔයා කියනවා නම් අපි එහෙම කරමු. ඒ කාලේ මෙවන් කියපු දේවල් ඇහුවේ නැති නිසා මට දඬුවම් ලැබිලා ඉවරයි. හරි.. එහෙනම් අපි නිවැරදි තීරණ ගැන කතා කරමු. ඒකට ඇල්කොහොල් ඩෝස් එකකුත් ඕන වෙයි නේද…”

කට කොනේ සිනහව තවරාගෙන ක්‍රිස්ටිනා මට එහෙම කියද්දි, සිනහමුසු මුහුණින් මම ක්‍රිස්ටිනාට මෙහෙම කිව්වා.

“ක්‍රිස්ටිනා… ඇල්කොහොල් ඩෝස් එකක් ඕන වෙන්නෙ ජීවිතේ ගත්ත වැරදි තීරණ ගැන කතා කරන්න. ඒත් ජීවිතේ ගත්ත හරි තීරණ ගැන කතා කරන්න ඕනේ, කැෆේන් ඩෝස් එකක්. හැබැයි ලයිෆ් එකේ කිසිම දෙයක් overdose වෙන්න හොඳ නෑ”

“මෙවන්ගෙ වචනවලයි අදහස්වලයි ලස්සන රිදම් එකක් තියෙනවා. ඔයා මට ඔහොම කතා කරන්න එපා මෙවන්…. මට ඉස්සර ඒ දේවල් මතක් වෙනවා. හරි…. OK then.. coffee! I’ll call you මෙවන්. take care, bye”

එහෙම කියලා ක්‍රිස්ටිනා මගේ ඔෆිස් රූම් එකෙන් එලියට ගියා. Glassdoor එකෙන් එලියට ගිය ක්‍රිස්ටිනා දඟකාර බැල්මක් මට දුන්නා. ක්‍රිස්ටිනා ගේ බැල්ම තාමත් ඒ කාලේ වගේමයි. කෙල්ලෙක්ගෙ දඟකාර බැල්මක් කියන්නේ පිරිමි හිතකට කරන මාරාන්තික පහර දීමක්. මීට කාලෙකට කලින් ක්‍රිස්ටිනාගෙ ඒ මාරාන්තික පහරදීම් වලට මම ලක් වුනා. ජීවිතේ කියන්නෙ හමුවීම් විඳීම්, විඳවීම්, වෙන්වීම් සහ නැවත හමුවීම් කියලා ක්‍රිස්ටිනාගෙ හමුවීම ආයෙත් මට මතක් කරලා දුන්නා.

රිතිකා එක්ක ජීවිතයේ සහ ශෘංගාරයේ ගැඹුරුම තැන්වල කිමිදිලා, ගෙදර ආවෙ පාන්දර 3.45 ට විතර. පැය දෙකක් විතර නිදාගෙන ආයෙත් උදෙන්ම ඇහැරිලා ඔෆිස් එකට ආවේ මාව ඉන්ටවිව් කරන්න ක්‍රිස්ටිනා එනවයි කියපු නිසා.

රාගික නිදිමැරීමක ප්‍රතිඵල මගේ ඇස් වලින් කාටවත් අල්ලගන්න බෑ. ඒත් මගේ හදවත නිදි බරිතව මිරිකුනා. ආයිත් මගේ මතකය දිවගියේ මීට පැය කිහිපයකට කලින් රිතිකත් එක්ක පහන් කරපු රාත්‍රියට.

පිරිමියෙක්ගෙ ශෘංගාර කලාප අවුස්සන එක රාගයෙන් ගිනිගන්න ගැහැනු හදවත් වලට හරිම සරල දෙයක්. විශේෂයෙන්ම රිතිකා වගේ කෙල්ලෙක්ට. මධ්‍යම රාත්‍රිය පුරා රිතිකගෙ රාගික ගිනි දලුවලින් මගේ මුළු ඇඟම ගිනි ගත්තා. පාන්දර තුන විතර වෙනකම් ඒකිගේ ඇනෙක්ස් එකේ බැල්කනියෙයි, බෙඩ් රූම් එකෙයි, සෝෆා එකෙයි අපි රති වාර කිහිපයක් පසු කළා. එක රති වාරයකින් පස්සේ තවත් වාරයකට යන්න ඒ මොහොතේම පිරිමියෙක්ට පෙළඹවීමක් ඇති වෙනවයි කියන්නේ, ඒ කෙල්ල මාරයි කියන එක. ඒ අතින් රිතිකා මාරයි. හැම රති වාරයකදිම ඩන්හිල් එක බැගින් මම ඉවර කළා. මගේ මුවින් පිට වුන ඩන්හිල් දුමට ඒකි තව තවත් ඇවිස්සුනා.

රිතිකා එක්ක ශරීරයෙන් මොනතරම් එකතු වුණත් හදවතින් එක් නොවී ඉන්න මම හැම වෙලාවෙම වග බලා ගත්තා. ගැහැනු පිරිමි ශරීර අතර වෙන ගනුදෙනු සහ හදවත් අතර වෙන ගනුදෙනු, දියෙන් කිරි වෙන්කර ගන්නවා වගේ වෙන්කර ගන්න කලාව මම දැන ගෙන හිටියා. රිතිකත් ඒක දන්නවා ඇති කියලා මම හිතනවා. ඒත් ඒකි මාත් එක්ක ගොඩක් කතා කළා. අධි සාන්ද්‍ර කේරළ දුමෙන් උන්මාදයට පත් වුණ රිතිකා, ඒකිගේ ජීවිතයේ මගේ ඉස්සරහා දිග හැරියා.

දෛවයට අභියෝග කරපු ශක්තිමත් ගැහැනු කාටවත් කියපු නැති කතාවක් තියෙනවා. ඇල්කොහොල් ඩෝස් එකක් එක්ක ඒ කතාව එළියට දාන්න රිතිකා ගොඩක් මහන්සි වුනා. ඒකිගේ හදවත මගේ ඉස්සරහ නිරුවත් කළා.

ගොඩක් පිරිමින්ට ඕනේ ගැහැනුන්ව ශාරීරිකව නිරුවත් කරන්න. ඒත් ගැහැනුන්ට ඕනෙ, විශ්වාසවන්ත පිරිමියෙක් ඉදිරියේ හදවතින් නිරුවත් වෙන්න. පිරිමියෙක් ඉස්සරහා හදවතින් නිරුවත් වෙන්න කැමති ගැහැනු, පිරිමියා ඉදිරියේම ශරීරයෙන් නිරුවත් වෙන්න කොහොමත් කැමතියි.

ගැහැනුන්ගේ නිරුවත් හදවත හරිම නිදහස්… හිතට එන කටට එන ඕනම දෙයක් කියනවා. ඒත් ගැහැනියකගේ නිරුවත් හදවතක් දරාගන්න තරම් හයියක් ගොඩක් පිරිමින්ට නෑ. ගොඩක් පිරිමි කරන්නේ ගැහැනුන්ගෙ නිරුවත් හදවතට චෝදනා කරන එක. ඒ චෝදනා වලින් මිදෙන්න ඕන නිසා ගොඩක් ගැහැනු පිරිමියෙක් ඉදිරියේ හදවත නිරුවත් කරන්නේ නෑ.

මාත් එක්ක හදවතින් නිරුවත් වෙච්ච රිතිකව මම ගොඩක් වෙලා අහගෙන හිටියා. රිතිකගෙ කටට ගලාගෙන ආපු හැම දෙයක්ම නිදහසේ එළියට දැම්මා. ගැහැනු හිත් හරියට අඳුරු පාතාලයක් වගේ. ගැහැනු හිතකට රෑ එළිවෙනකම් සවන් දී ගෙන හිටියොත් ඒ හිත ඇතුලෙ තියන ගුප්ත තැන්, අභිරහස් කතන්දර, ඛේදවාචක වලින් පිරුණ සිදුවීම්, හිනා වෙන්න අමතක කරවපු අද්දැකීම් එකින් එක එකින් එක ගොඩ ගන්න පුළුවන්.

ඒකිගෙත් මගෙත් අතර තිබුණේ ශාරීරික එක්වීමක් වුණත්, ඒකිව දාලා යන මොහොත මට පොඩ්ඩක් දරාගන්න අමාරු වුණා. සුරතාන්ත කිහිපයකට පස්සෙ රාගයෙන් අධික වෙහෙසට පත් වෙලා දාඩියෙන් තෙත් වෙලා හිටපු රිතිකා, නිරුවතින්ම සෝෆා එක උඩ නිදාගෙන ඉඳිද්දී මම රිතිකගෙන් සමුගත්තා. සමුගන්න කලින් මම ඒකිගේ ශාපලත් සුන්දර මුහුණ දිහා විනාඩි කිහිපයක් බලා ගෙන හිටියා. මේ අපූරු සුන්දරත්වය නිසා රිතිකගේ ජීවිතයට මොනතරම් යක්ෂයින් ආවද කියලා රිතිකා මට එළිවෙනකම් කිව්වා.

“මගේ මේ කොන්ඩෙ… ස්කින් ටෝන් එක… birthmarks, dimples, පිරිමින්ව ඇවිස්සෙන පිරිමින්ට කෑදර හිතෙන මේ ෆිගර් එක… මගේ sex life එක… මම ඇස් වලින් බලන කොට පිරිමින්ට දැනෙන හැටි… මේ නිසා වෙන ගෑනු මොනතරම් මට ඉරිසියා කරා ද. ඒ අයට මේ වගේ ලුක් එකක් නැති නිසා ඒ ගෑනු පුදුම විදිහට දුක් වුණා මෙවන්. ඒත් පිරිමින්ට දරා ගන්න බැරි මගේ මේ පෙනුම මට ම ශාපයක් වුණා…ඔව්! ශාපයක්!!”

රිතිකගෙ මේ පෙනුම හරියට අනවසරයෙන් ඒකිගෙ හදවතට ඇතුල් වෙන්න දෙන අවසර පත්‍රයක් වගේ. ඒකිගෙ මූණෙ තියෙන දරා ගන්න බැරි තරම් ලස්සනට කෑදර වෙච්ච කප්පරක් පිරිමි නිසා ඒකිගෙ ජීවිතේ විනාශ වුන හැටි සහ නැවත ගොඩ ආපු හැටි ඒකි මට කිව්වා. බැලූ බැල්මටම සුන්දර රූපයක් කියලා කියන්නේ කෙල්ලෙක්ට ලැබෙන ආභරණයක්. ඒත් ගැහැණියකගේ සුන්දර රූපය ඇයටම ශාපයක්.

ඒ සුන්දර රූපයට ඇදිලා එන පිරිමින්ව හරියට තෝරලා බේරලා ගන්න පුළුවන් අත්දැකීම් මුලදී කෙල්ලොන්ට නෑ. ඒ සල්ලාල පිරිමින් නිසා ලැබෙන අත්දැකීම් වලින් තමයි පස්සේ කාලෙක දී, හරි පිරිමියාව තෝරගන්න කලාව කෙල්ලො ඉගෙන ගන්නේ. ඒත් ඒ දේ ඉගෙන ගන්න කොට ජීවිතේ ගොඩක් දුර ගිහිල්ලා ඉවරයි. ගොඩක් ඛේදවාචක වලට මුහුණ දීලා ගොඩක් කඳුළු නාස්ති කරගෙන ඉවරයි.

සමහර විට ගැහැනුන්ට කිසිම දවසක හරි පිරිමියාව හම්බ වෙන්නේ නෑ. එතෙන්දි තමයි ගොඩක් ගැහැනු ලද දෙයින් සතුටු වෙන්නෙ. ඒත් රිතිකා තාමත් පිරිමියෙක්ව හොයනවා. මේකි ලද දෙයින් සතුටු වෙන කෙනෙක් නෙමෙයි.

හිතින් ඒකිව මතක් කරන හැමතිස්සෙම මම ඒකිට කිව්වේ “ඒකි, මේකි” කියලා. මම එහෙම කිව්වේ ඒකිව මගේ හදවතින් පුළුවන් තරම් ඈත් කරලා තියන්න. ඒත් මට නොදැනිම “ඒකි මේකි” වෙනුවට “රිතිකා රිතිකා” කියන නම මගේ හිත ඇතුලෙන් කියවෙන්න පටන් අරගෙන. රිතිකට මාව අයිති කරගන්න හිතෙනවා කියලා හිතන්නත් මම බයයි. ඒත් රිතිකා මාත් එක්ක ජීවිතේ තිබුන හැම බැරියර් එකක්ම ගලවමින් මට තවත් ළං වෙමින් තමයි හිටියෙ.

අහිංසකව සිතියමක් දිහා බලාගෙන යන ප්‍රේමයකට ඒකි කැමති නැහැ. ඒකි කැමති හීලෑ නැති, නොහික්මුණු, දඩබ්බර ප්‍රේමයකට. මගේ රාගික ජීවිතය ඇතුළේ මේ හීලෑ නැති නොහික්මුණු දඩබ්බරකම ඕනවටත් වඩා තිබුණා. ඉතින් මගේ මේ දඩබ්බරකමට රිතිකා ඇදිලා එයි කියලා මට බයයි.

ශාරීරික සහ මානසික ආශ්වාදයකින් එහාට ගිහිල්ලා… ආදරේ කරලා… තව කෙනෙක්ව තමන්ට විතරක් අයිති කරගන්න උත්සාහ කරද්දී ඇති වෙන තුවාල මරණාසන්නයි. යුද්දෙදි මැරෙනවා. ඒත් ආදරේ දී මරණාසන්න තුවාල ලබනවා විතරයි. මරණාසන්න තුවාල වල වේදනාව, මරණයට වඩා හරිම කුරිරුයි. මට ඕනේ රිතිකගේ අයිතිකාරයා වෙන්න නෙමෙයි! භාරකාරයා වෙන්න!! ඇත්තම කියනවා නම් තාවකාලික භාරකාරයෙක් වෙන්න.

රිතිකා ගැන මතකයන් ඇතුලෙ කිමිදෙමින් ගොඩ එමින් සහ නැවතත් කිමිදෙමින් හිටපු මගේ දැහැන බින්ඳේ මගේ ෆෝන් එකේ රිං ටෝන් එක.

“Hello රෝමි.. good morning”

“මිස්ටර් මෙවන්.. ඔයාට මගේ මේ ඇඟ අමතක කරලා ඔහොම ඉන්න පුලුවන්ද? මම හිතුවා ඊයේ ඔයා මට කෝල් එකක් දෙයි කියලා… අද රෑට හස්බන්ඩ් ලෑන්ඩ් කරනවා…. ඊට කලින් අපි මීට් වෙන්න ඕනේ පැටියෝ”

අන්තිම වාක්‍ය හැර අනිත් සියලුම වාක්‍ය දැඩි ස්වරයකින් රෝමිකා කියාගෙන කියාගෙන ගියා. රෝමිකාට තිබුණෙ අමුතුම sexual fantasies. හස්බන්ඩ්ගෙන් නොලැබුණ ගොඩක් දේවල් මම රෝමිකාට දීලා තියෙනවා. මගේ ඒ හැකියාව ඉදිරියේ රෝමිකා හරිම කීකරුයි. ඒත් ඒ අවස්ථාව උදාකර ගන්න ඕනම අකීකරු වැඩක් කරන්න රෝමිකා ලෑස්තියි.

“…..මිස්ටර් මෙවන්, වැඩි කතා ඕනෙ නෑ. kingsbury hotel එකේ room එකක් මම බුක් කළා. මොනා උනත් අද රෑ 11.00 ට කලින් මම ගෙදර ඉන්න ඕනෙ. මම bondage kit එකත් අරගෙන එන්නම්කො. මිස්ට මෙවන්… ඔයා ඒකට ආසයිනේ පැටියෝ. මගේ අලුත් ටැටූ එක ඔයාට පෙන්නන්නත් ඕනේ”

රෝමිකාගේ සීඝ්‍රගාමී ඒ වචන වලට ඉහලින් මම කතා කළා.

“රෝමිකා… දැන් ඔයා ඔයාට ඕන දේවල් කිව්වනේ. දැන් මම කියන දේ පොඩ්ඩක් අහනවද?”

“බෑ! අද රෑ 7ට room number 708 එකේ මීට් වෙමු. එච්චරයි….. bye”

එහෙම කියලා රෝමිකා ෆෝන් එක තිබ්බා. වෙන පිරිමියෙක් එක්ක විඳින්න බැරි ගොඩක් අත්දැකීම් රෝමිකා මාත් එක්ක විඳලා තියනවා. වෙන ගැහැනියක් එක්ක විඳින්න බැරි ගොඩක් අත්දැකීම් මම රෝමිකා එක්ක විඳලා තියෙනවා. අන්තිමේදී රෝමිකා මට ඇබ්බැහි වුනා. ගෑනු හිතක් පිරිමියෙක්ට ඇබ්බැහි වුනා කියන්නෙ දරුණු මත්ද්‍රව්‍යකට ඇබ්බැහි වුනා වගේ දෙයක්. ඒ මත්ද්‍රව්‍යයේ තියන මත් බව විඳින්න ගෑණු හරිම කෑදරයි. මට ඇබ්බැහි වෙලා ඉන්න රෝමිකාව මීට් වෙන්න යනවද? නැද්ද?

“Very good morning boss, ක්‍රිස්ටිනාගෙ ඉන්ටවිව් එක කොහොමද?”

Glassdoor එක ඇරගෙන හංසි කෙලින්ම මගේ ඉස්සරහට ඇවිදගෙන ආවෙ එයාගෙ සෙක්සි ෆිගර් එක මට හොඳට පේන විදිහට. අද හංසිගේ ඇඳුමේ, හැසිරීමේ, පෙනුමේ, හැඩතල වල, සුවඳේ මට ඕන කරන වෙනස තියෙන බව මට දැනුනා. හංසි අහපු ප්‍රශ්නෙට පිළිතුරු දෙනවා වෙනුවට මම කලේ හංසිව තව තවත් නිරීක්ෂණය කරපු එක. ඒ බව හංසිට දැනුනා. හංසිට මගේ හිතේ තියෙන හැම සියුම් දෙයක්ම කියවන්න පුළුවන්.

“බොස් හිතෙන දේ ගැන අද dinner එකේදී කතා කරමු. අද බොස්ට ගොඩක් බිසී දවසක්…”

මම අහන්න ගියේ අද dinner යමුද කියලා. අහන්නත් කලින් හංසි ගෙන් සුපුරුදු විදිහට බලාපොරොත්තු වෙච්ච උත්තරේම ලැබුණා. හංසිට මගේ හිත මේ තරම් හොඳට කියවන්න පුළුවන් වුණේ කොහොමද?

අනවසරයෙන් හංසිගෙ හදවතට ඇතුල් වෙන්න මට අවසර පත්‍රයක් දීගෙනම හංසි දවසේ වැඩ පටන් ගත්තා.

#සීරියල්කිලර්6

27 – ජූනි – 2020
ලක්මිණ රණසිංහ ⚡