කෙල්ලෙක් කොල්ලෙක්ව මීට් වෙන්න යනවනම්, කොල්ලත් එක්ක #නිරුවත් වෙන්න සූදානම් වෙනවනම්, ඒ කෙල්ලගේ body language එකෙන් ඒක අඳුර ගන්න පුළුවන්. මොකද කෙල්ලෙක් ඒ මොහොතට සූදානම් වෙන්නේ ඊට මොහොතකට කලින් නෙමෙයි. ඊට පැය ගානකට කලින් ඉඳලා. සමහරවිට දවස් ගානකට කලින්. සමහරවිට සති ගානකට කලින්.

ඇස් පියවෙන දැඩි නිදිමත මැඬගෙන client meetings, internal meeting ඔක්කොම ඉවර කරලා ආයිත් සීට් එකට ආවේ හවස 6 ට විතර. මාත් එක්ක ශාරීරික ගනුදෙනුවකට හොඳ සූදානමින් හිටපු හංසි තමන්ගේ #සරාගී අඟපසඟ විදහාගෙන මගේ සීට් එක ළඟට ඇවිල්ලා හිටියේ ඉතා හොඳ සූදානමකින්.

“DHL එකේ annual agreement එකට බොස්ගෙ සයින් එක ඕනේ”

වෙනදට හංසි use කරන පර්ෆියුම් එකට වඩා අද හංසි use කරල ඉන්න perfume එක හරිම ජූසි…, මාරම ෆෘටී… කොල්ලෙක්ගේ හිතට දැනෙන මත් ගතියට ඒ සුවඳ මික්ස් වෙනකොට පිරිමි හදවත්වල තියන උණුසුම් ශෘංගාර කලාපය ගිනි කන්දක් වගේ පුපුරලා ලෝදිය ගලාගෙන යනවා. මගේ හැඟීම් දැනීම් ගැන හොඳටම දන්න හංසිට මගේ ගිනිකඳු පුපුරවන එක මහා ලොකු වැඩක් නෙමෙයි.

මගේ body language කියවීමේ හැකියාව ගැන ඕනවටත් වඩා දන්න නිසාම හංසිට මාත් එක්ක තනි වෙන්න ඕන දවස් වලට ඒ බව body language එකෙන්ම සන්නිවේදනය කරන්න පුරුදු වෙලා හිටියේ.

“හංසි”

“Yes boss “

“මම එනකම් රෝමි kingsbury එකේ බලාගෙන ඉන්නවා. නිකං නෙමෙයි #bondage_kit එකත් අරගෙන…. “

“ඔව් බොස් මම දන්නවා”

“මම අද රෝමිව මීට් වෙන්න යනවයි කියලා දන්නවනම් හංසි ඔච්චර #SEXY විදියට ඇඳගෙන ආවේ ඇයි ? අද අපි dinner out යමු කිව්වේ ඇයි ?”

“මම දන්නවා අද බොස්ට රෝමිකාව මීට් වෙන්න ඕනෙ නැහැයි කියලා. ඒත් බොස්ට ඕනේ රෝමිකාව මීට් නොවී ඉන්න හේතුවක් හදා ගන්න. මම කරන්නෙ බොස්ට ඒ හේතුව හදලා දෙන එක විතරයි.”

Wow, හංසිගෙ අපූරු පැහැදිලි කිරීමට මම පූර්ණ අවධානය දුන්නා.

“හැබැයි බොස්… රෝමිකා කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනෙ. පිරිමින්ට වඩා සිය දහස් ගුණයක් දරුණු විදිහට තමයි ගෑනු පළිගන්නෙ. එතකොට රෝමිකා කියන්නේ පළිගැනීම ගැන PHD එකක් කරපු ගෑනියෙක් කියලා බොස් මතක තියාගන්න. පිරිමි කියන ජාතිය පළිගැනීම ගැන සෙටිෆිකට් කෝස් එකක්වත් කරලා නෑ.”

හංසි එහෙම කියද්දි රොමිකාවයි රිතිකවයි මම සංසන්දනය කළා.

“හැබැයි රිතිකා කියන්නෙ රෝමිකා වගේ පළිගන්න කෙනෙක් නෙමෙයි, අතහැරලා දාන කෙනෙක්”

“රිතිකව තේරුම් ගන්න බොස්ට ගොඩක් කල් යයි. රිතිකා විදිහට ජීවත් වෙන්න තමයි හැම ගෑනියෙක්ම කැමති. ඒ නිදහස, ඒ කල්ට් එක, ඒ thinking එක… ඒත් බොස් පිරිමියෙක්ට කවදාවත් ගෑනියෙක්ව රීඩ් කරලා ඉවර කරන්න බෑ. සමහර ගෑනු ඉන්නවා තමන්ගෙ හදවතට රිද්දන අයගෙන් මොළෙන් පළිගන්නවා. මොළේට රිදෙන අයගෙන් හදවතින් පළිගන්නවා. රිතිකා කියන්නේ ඒ වගේ කෙනෙක් වෙන්නත් බැරි නෑ.”

නිදි මැරීම නිසා නිද්‍රාශීලීව හිටපු මම ඇස් පුංචි කරගෙන හංසි කියන දේට අවධානය දුන්නා.

“බොස්ට ආපු wedding invitation එකක් reception එකේ තිබ්බා. මේ….අ…. බොස්ට හිතාගන්න පුළුවන්ද ඒ කාගෙද කියලා?”

කට කොනෙහි සුපුරුදු සිනහව තවරා තවරාගත් හංසි මගේ ඔෆිස් රූම් එකෙන් නික්ම ගියා. CIA, FBI වගේ intelligent unit එකක ඉන්න ඕන කෙල්ලෙක්ව ප්‍රයිවට් සෙකට්‍ර් කර ගත්තම තියෙන වාසි අනන්තයි අප්‍රමාණයි. අද හවස ඇවිලෙන්න යන මත් ගින්න ගැන සිතමින් මම සීට් එකට බර වුණා. මේසය මත තිබුණ Dunhill පැකට්ටුවට මගේ දෑස් යොමු වුණා. මම Dunhill පැකැට්ටුව දෙස බලා දුම් උගුරු ගැන මෙනෙහි කරමින් සිටිය දී රිතිකා මගේ මනසට ඇටෑක් කරන පටන් ගත්තා. කොච්චර නවත්තන්න උත්සාහ කළත් ඒකි මගේ මනසට ඇටෑක් කරන එක තාමත් නවත්තල නෑ.

කවදාවත් තමන්ට නොලැබෙන පිරිමි හිත්වලට ගෑනු ආදරය කරන්නෙ පිස්සුවෙන් වගේ. රිතිකත් ඒ ගොඩට වැටෙයිද ? ඒකිට මාව අයිති කරගන්න බැහැයි කියලා ඒකි හොඳටම දන්නවා. ඒත් ඒකි අයිතිය වෙනුවෙන් සටන් කරන්නෙත් නෑ. මේ වෙනකම් ඒකි මගෙන් කිසිම ලාභ ප්‍රයෝජනයක් අරගෙනත් නෑ. ගන්න බලාපොරොත්තුවකුත් නෑ කියලා ඒකිගේ වචන වලින් මට තේරුනා. ඒත් මේ වෙනකොට මම ඒකිගේ ශරීරයෙන් අති විශාල වින්දනයක් ලබාගෙන අවසන්.

පිරිමියෙක්ට රිතිකගෙ අභ්‍යන්තරය නිරුවත් කරගන්න අමාරුයි. ඒත් ඒ අමාරු දේ මම කරමින් හිටියා. ඒ වගේම ඒකි, තේරුම් ගන්න බැරි ගැහැනු අතර ඉන්න කොහෙත්ම තේරුම් ගන්න බැරි ගැහැනියක්. ගැහැනියක්ව බාහිරින් නිරුවත් කරනවට වඩා අභ්‍යන්තරයෙන් නිරුවත් කරන එක පිරිමියෙක්ට ගොඩක් අමාරුයි. රිතිකා මට ළං වෙන්නෙත් නෑ, වෙන් වෙන්නෙත් නෑ. හිමි නොවන බව දැන දැනත් වෙන් වෙන්නෙත් නෑ. එහෙම ඉන්න අය සම්මතයට වඩා අසම්මතයට ආදරේ කරනවා. ඒත් අවසානයේ දී පිරිමි හිතට වඩා ගැහැනු හිත අසීමිතව විඳවනවා. ඒ විඳවීමට අකමැති නිසාම ගැහැනු, පිරිමින්ගෙන් #අසම්මතය අයැද සිටිනවා සහ අසම්මතය ඇතුළේ ජීවත් වෙනවා…. අසම්මතය ජීවිතය කරගන්නවා.

රිතිකගේ ජීවිතය සහ හදවත ස්කෑන් කරමින් හිටපු මම, මගේ ඔෆිස් මේසය පුරා තිබුණු අසීමිත දේවල් මගේ දෑසින් ස්කෑන් කළා. #Dunhill පැකැට්ටුව පහු කරගෙන ගිය මගේ දෘෂ්ටි පථයට හසුවුණ එක්තරා දෙයක් මා දෙස බලා අවඥාවෙන් සිනාසෙන හැටි මම දැක්කා. ඒ සිනහව මගහරින්න කොතරම් උත්සාහ කළත් මගේ දෑස් ඒ මතම වරින්වර නැවතුනේ මගේ හදවත තව තවත් කීතු කීතු කරමින්. අවසානයේ දී මේසය මත තිබුණු ඒ මඟ හැරිය නොහැකි දේ මම අතට ගත්තා. රිතිකගේ wedding card එක!!!! එය මට ලැබුණු දිනයේ සිට සිය දහස් වතාවක් මම එය කියවා තිබුනත්, නැවතත් මා එය අතට ගත්තා.

ඒකිගේ විවාහයට දින නියම වී තිබියදී ඒකි මාත් එක්ක ගතකරපු රැයවල් එකින් එක මගේ මනස ඇතුලේ තරගෙට දෝංකාර දුන්නා. ඒ දෝංකාරයත් එක්ක මගේ ශරීරයේ ඇඩ්‍රිනලින් ප්‍රතිශතය තව තවත් වැඩි වුණා. හුස්ම ගැනීම වේගවත් වුණා. රිතිකගේ wedding card එක ඉතා තදින් අල්ලාගත් මම ඔෆිස් රූම් එකේ සුවිශේෂී තැනකට ඇස් යොමු කළා. එතන තියෙන්නෙ රහස් සේප්පුව!! මම වහාම සේප්පුව ළඟට ගිහිල්ලා සේප්පුවේ දොර ඇරියා. ආයතනයේ වටිනා ලියකියවිලි වලට පිටුපසින් තිබුණු කුඩා ලාච්චුවේ මගේ ආදරණීය සුරතලා සුරැකි සිටියා. ඇය පාකිස්තානු නිෂ්පාදනයක්. ඇය නමින් #9mmA. මම ඇයව දෝතට ගත්තා. උණ්ඩ පිරවූ #පිස්තෝලය සහ සයිලන්සරය කුඩා ලෙදර් බෑගි එකට දමා ගත් මම හංසිටත් නොකියාම රිතිකගෙ ඇනෙක්ස් එක බලා පිටත් වුණා.

මම මැරීඩ්. මට රිතිකව මැරි කරන්න බැහැ. ඒත් රිතිකා වෙන කෙනෙක්ව marry කරනවා! ජීවිතේ මට හමුවුන දුර්ලභ ගණයේ අමුතුම ගැහැනිය මටත් වඩා හොඳ පිරිමියෙක්ව හොයාගෙන!! මගේ හිතට මහා ආත්මාර්ථකාමී හැඟීමක් ආවා.

“No no no!!! මම රිතිකට ආදරේ නෑ!!!” මම මට ම සැරෙන් කියා ගත්තා.

ඇක්ස්ලේටරය වේගයෙන් පෑගුනා. අඳුර පීරගෙන මගේ රථය රිතිකගේ ඇනෙක්ස් එක ළඟටම ආවා. බැල්කනියෙ හිටපු රිතිකා ක්ෂණිකව මාව අඳුර ගත්තා. ජීවිතයේ තීරණාත්මක මොහොතක සිටින මම කාර් එකේ ෂටර් එක පහත් කරලා හයියෙන් රිතිකට කතා කළා.

“රිතිකා… රිතිකා… ගමනක් යන්න තියෙනවා ඉක්මනට එන්න”

තප්පර විනාඩි ගතවෙමින් තිබුණා. විනාඩි විස්සකට විතර පසුව රිතිකා කිසිවක් නොකියා මගේ කාර් එකට නැග්ගෙ දඟකාර සිනහවකුත් එක්ක. ඇගේ විසේකාර කැරලි කෙහෙරැලි මගේ හිත තව තවත් කැලඹුවා… ඇවිස්සුවා… මත් කළා. මම ලොකු හුස්මක් ඉහළට ගත්තේ මේකිගෙන් එන ආශ්වාදනීය ෆෘටී parafilm සුවඳ වඩාත් හොඳින් පෙනහළු වලට ඇතුල් කර ගැනීමේ බලාපොරොත්තුවෙන්. රිතිකයි මමයි හමු වෙලා වැඩි කාලයක් නෑ. පුංචි කාල පරාසයක් ඇතුළත මගේ හිතත් අරගෙන රිතිකා ගොඩක් දුර ගමනක් ගියා. රමණය සහ මරණය අතර තියෙන්නෙ පොඩි වෙනසක්. තවත් දුර යන්න දුන්නොත් මට නොපෙනෙන තරම් ඈතකට මේකි යනවා. ඒක කරන්න දෙන්න බෑ !!! මං විතරක් දන්න රහස් ගමනාන්තය වෙත මම කාර් එක පදවගෙන ගියා.

“රිතිකා… අපි මේ කොහෙද යන්නෙ කියලවත් අහන්නේ නැද්ද?”

“මගේ ජීවිතේ මම යන්නේ කොහෙද කියලා මමවත් දන්නෙ නෑ මෙවන්. මට ඒක දැනගන්න ඕනෙත් නෑ. යන තැන ගැන දන්නේ නැතුව යන ගමන් වලට මම ආසයි… අපි යමු.”

“මම රිතිකව එක්කගෙන යන්නේ මරන්න නම්…?”

“පිරිමින්ට බය නැති ගෑනියෙක් මැරෙන්න බය නෑ මෙවන්. පිරිමින්ට බය ගෑනු මේ ලෝකෙ තියෙන හැම දේකටම බයයි. හුළඟක් ඇවිල්ලා මූනේ වැදුණත් බය වෙනවා”

කාර් එක ඉදිරියට පදවගෙන යන අතරතුර මම ඒකි දෙස නොබලාම ඒකිගෙන් ප්‍රශ්නයක් ඇහුවා.

“රිතිකා, මැරෙන්න මොහොතකට කලින් වරමක් ලැබුනොත් මොකද කරන්නේ”

“හැම ගෑනියෙක්ගෙම සංස්කෘතික කොන්ද හදනවා “

ඒකිගෙ ඉදිරියේ කැබිහෝල් එකේ තියන ඒකිගෙම wedding card එක ඒකි දැක්කා… ඒත් නොදැක්කා වගේ ඒකි හිටියා. ගැඹුරු හැඟීම් පිරුණු මුහුණක් සහිතව රිතිකා වචන ගලපගෙන ගියා.

“ගෑනියෙක්ගේ ජීවිතේ හිතන තරම් සුන්දර නැහැ මෙවන්. කල්ච එක නිසා ගෑනුන්ගෙන් නිදහස නැති වෙලා තියෙන්නේ. Creative brief වල ඉන්න අම්මලා, අක්කලා, නංගිලා ඇත්ත මහ පොළොවේ නෑ. කවදාවත් දැකලා නැති කවදාවත් අහලා නැති මාර හැකියාවන් ගොඩක් තියෙන, multitasking super woman ලා තමයි බ්‍රීෆ් වල ඉන්නෙ. ඉතින් ගෑනු වෙච්ච අපිත් ඒ ෆැන්ටසි ගෑනිව හිතින් මවාගෙන ඒ ගෑනිට ඇඩ් ලියනවා. ඒත් එහෙම ගෑනු මහ පොළොවේදී අපිට හම්බ වෙන්නෙ නැහැයි කියලා මෙවන් කවදාවත් client කෙනෙක් එක්ක ආගිව් කරලා තියෙනවද… නෑනේ. ගෑනුන්ගේ ජීවිත වල තියෙන ඛේදවාචකය ගැන කියන්න ගෑනුන්ටවත් පිට කොන්දක් නෑ මෙවන්”

“රිතිකට හිතෙනවද මැරෙන්න කලින් කරගන්නම ඕන දෙයක් කරගන්න බැරුව ඉතුරු වෙයි කියලා ?”

“සමහර විට ඔව්…. මට හරියටම හරියන පිරිමියා කවුද කියලා හොයාගන්න බැරිවෙයි. පිරිමියෙක්ට ඕන ගෑනියෙක් එක්ක ඉන්න පුළුවන්. ඒත් ගෑනියෙක්ට ඕන පිරිමියෙක් එක්ක ඉන්න බෑ. ගැලපෙන්නෙ නැති පිරිමියෙක් එක්ක ඉන්නවට වඩා මැරෙනකම්ම ගැලපෙන පිරිමියව හොයන එක මට සතුටක්”

“අන්තිම ප්‍රශ්නේ මට කෙටි පිළිතුරු ඕනේ රිතිකා”

මූනට වැටුණු දඟකාර කෙහෙරැලි ඒකිගේ ඇඟිලි තුඩුවලින් පිටිපස්සට දාලා ඔලුව ඇල කරලා මගේ දිහා බලලා ඒකි හිනා වුනා.

“අද උදේ ක්‍රිස්ටිනා මෙවන්ගෙන් අහපු ප්‍රශ්නම…. දැන් මගෙන් අහන්න ද යන්නේ”

ක්‍රිස්ටිනාගේ සහ මගේ උදෑසන හමුවීම ගැන රිතික් අදන්නේ කොහොමද ??? ඒක රිතිකට දැනගන්න කිසිම විදිහක් නෑ. මේ සිදුවීම් මාලාවේ යම් යම් නොගැලපීම් තියන බව මගේ මනස ඇතුලේ පැටලිලි සහගතව මටම දැනෙන්න පටන් ගත්තා.

නිහඬ විරාමයන්, දිගු සුසුම්, ගැඹුරු ප්‍රශ්න සහ අත්දැකීම් ආශ්‍රිත පිළිතුරු පසු කරමින් කාර් එක කිලෝමීටර් ගණනාවක් ඈතට පියඹා ගියා. තවත් සුළු මොහොතකින් සයිලන්සරය සහිත 9mm-A පිස්තෝලෙන් නිහඬවම පිට වන ගිණියම් උණ්ඩය, රිතිකගේ හිස්කබල සිදුරු කරගෙන මස්තිෂ්කයේ කපාල අතර නිවැරදිව ස්ථානගත වෙන හැටි මට මැවිලා පෙනුනා.

මුල මැද අග සම්බන්ධයක් නැති අමුතුම දේවල් මගේ හිත ඇතුළේ හොල්මං කළා. මොකක්ද මේ වෙන්නේ? කොහෙද මම මේකිව එක්කගෙන යන්නේ? ඇයි මම රිතිකව මරන්නෙ? රිතිකගේ wedding card එක ? රිතිකගේ කතාවේ මැද – අග – මුල, මගේ ඔලුව ඇතුලේ ඒ මේ අත පැටලෙන බව මට දැනුනා. උදෑසන ඉඳලා තිබුන ඉතා දැඩි නිදිමත අංශුමාත්‍රයක්වත් මට දැනුනේ නැහැ.

“බොස්ට තාම හිතාගන්න බැරි ද ඒ wedding invitation එක කාගෙද කියලා?”

හංසිගෙ හඬින් මම අවදි වුණා. දැඩි නිදිමත නිසා තත්පර කිහිපයකට මට නින්ද ගිහිල්ලා. තත්පර කිහිපයක් ඇතුලත පැය ගණන් දිගු සිහින දැකීම මහා පුදුමාකාර දෙයක්. මෙතෙක් වෙලා දුටු සිහිනයෙන් මිදී අවදි වෙලා මම හංසි දිහා බැලුවා.

“ඔයා තාම මෙතන ද?”

“ඔව් බොස් මම මෙතනමයි හිටියේ. තත්පර ගානකට බොස්ගෙ ඇස් පිය වුනා නේද…”

“ඔව් රිතිකා… ඒ තප්පර ගානට මම හීනෙකුත් දැක්කා”

“Hello boss, මම රිතිකා නෙමෙයි මම හංසි. බොස්ගෙ personal assistant. මට හිතාගන්න පුලුවන් බොස් හීනෙන් දැක්කේ කාවද කියලා”

“හ්ම්… ඊයේ රෑ ඒකිත් එක්ක නිදි නැතුව හිටියනේ..”

“Don’t worry boss. අද රෑට බොස්ට පොඩ්ඩක්වත් නිදිමත දැනෙන්න මම ඉඩ කියන්නේ නෑ…. බොස් අර වෙඩින් ඉන්විටේෂන් එක ක්‍රිස්ටිනාගේ!!!”

එය කිසිසේත් ඇදහිය නොහැකි පුවතක්. අද උදේ දිගු වේලාවක් ක්‍රිස්ටිනා එක්ක කතා කර කර හිටියත් ක්‍රිස්ටිනාගේ මැරේජ් එක ගැන දශමයක ඉඟියක්වත් මට දුන්නෙ නෑ. ඒත් ඒකටත් හේතුවක් ඇති. මොනවා උනත් මේ wedding invitation එකක් ගැන ඉඟියක් මම දැක්ක හීනය ඇතුලෙ තිබුණා. ඒත් චරිත වෙනස්. කලින් දැක්ක මිනීමරු හීන වගේම මේ හීනෙ ඇතුලෙත් සීයට 90ක් ඇත්ත දේවල් ඇති. නම් ගම් සිද්ධි මාරුවෙලා තිබ්බට ඒ දේවල් අනිවාර්යයෙන්ම සිද්ධ වේවි.

“හංසි, හෙට හවසට මම ක්‍රිස්ටිනාව මීට් වෙන්න යනවා. හෙට හවසට වැඩ මුකුත් දාන්න එපා”

“Ok boss”

එහෙම කියපු හංසි මට සරාගී බැල්මක් දුන්නා.

“හංසි කැමති තැනකට ගිහිල්ලා මට කෝල් එකක් දෙන්න. මම එතෙන්ට එන්නම්”

හංසි යටි තොල හපාගෙන මගේ දිහා තත්පර කිහිපයක් බලාගෙන ඉඳලා එතනින් යන්න ගියා.

විනාඩි කිහිපයකට පස්සේ හංසි මට කෝල් කරා..

“Boss, Elevate එකෙන් dinner අරගෙන kingsbury hote එකට යමු.”

Fu**!!! මට දැන් බැහැ කියන්නත් බෑ. මේ වෙලාවේ රෝමිකා ඉන්නෙත් kingsbury එකේ.

ලෞකික ආශාවන් මල්ලක් සහ ත්‍රාසජනක බලාපොරොත්තුවක් එක්ක මම ඔෆිස් එකෙන් පිටත් වුණා.

#සීරියල්කිලර්7
2020 – ජූලි – 08
ලක්මිණ රණසිංහ ⚡