ඇයගේ #නිරුවත්_සිරුර වසා එතී තිබුන ටවල් එක වම් අතින් අල්ලගෙන, අනිත් අතින් හංසි දොර ඇරියා.

“අ… මේ… කෝ.. කෝ රෝමි?”

ඒ රෝමිකාගේ හස්බන්ඩ්ගෙ හඬ. ඔහු උස් හඬින් සහ සැරෙන් කතා කිරීමට සූදානම්ව සිටියත් රෝමි වෙනුවට වෙනකෙනෙක් කාමරය තුළ සිටි නිසා ඔහුගේ බලාපොරොත්තු සුන් වී ඇති බවක් ඔහුගේ කටහඬ තුළම තිබුණා. ඔහුත් සමඟ තවත් කිහිප දෙනෙක් හිටියා. ඇඳට වී සිටි මට දොර නොපෙනුනත්, හංසි සහ දොර ළඟ සිටින අය අතර දෙබස් මම අසා සිටියා.

“මේ මිස්ට!! මුලින්ම ඩිසිප්ලීන් ඉගෙන ගන්න. කරුණාකරලා මගේ #privacy එකට බාධා කරන්නැතුව මෙතනින් යනවද!! ඇතුලට ආවෙ කවුද කියලා බලාගන්නම ඕනෙනම්….. ආ… මේ මෙයා මේ හොටෙල් එකේ මැනේජ කෙනෙක් නේද? තමුන් මෙයා එක්ක ගිහිල්ලා #cctv footages බලාගන්න!!”

හංසි තරමක් #කෝපයෙන් කතා කළා. හෝටලයේ නිලධාරියෙකුත් ඔවුන් සමඟ සිටින බව මට අවබෝධ වුණා. පොලිස් නිලධාරියෙක් ද ඔවුන් අතර හිටියා. ඒ නිලධාරියා රෝමිකාගේ හස්බන්ඩ් ගෙන් මෙහෙම ඇහුවා.

“කෝ දැන්!! තමුන්ගෙ බිරිඳ නෙමෙයි ද මේ ඉන්නේ ?”

“නෑ officer… මෙයා නෙමෙයි”

“මේක කිසිම privacy එකක් නැති හොටේල් එකක්නෙ. මම මේකට ගන්න ඇක්ෂන් එක මොකක්ද කියලා හෙට බලන්නකො”

ඔය විදිහට හංසි දිගින් දිගටම කතා කරගෙන ගියා. රෝමිකාගෙ හස්බන්ඩ්, පොලිස් නිලධාරියා, හෝටලයේ නිලධාරියා සහ හංසි අතර වාග් උණුසුම විනාඩි කිහිපයක් ඇදී ගියා. අවසානයේ දී කාමරය ඇතුල පරික්ෂා කරන්නේ නැතුවම ඒ සියලු දෙනා එතනින් පිටත්ව ගියා. හංසි කියන්නෙ පුදුම ගෑනියෙක්. හංසි හරිම පොයින්ට් එකට කතා කළා. ඒ කතාව ඉදිරියේ රෝමිකාගේ හස්බන්ඩ් අසරණ වුණා. මට කිසිම දේකට මැදිහත් වෙන්න වුණේ නෑ. තමන්ගෙ වයිෆ්ගෙ හොර අල්ලන්න ආපු මේ මිනිහට සිද්ධ වුණේ, පොලිසිය ඉදිරියේ තමන්ගේ ආත්ම ගෞරවයත් නැති කරගන්න.

ඉතාමත් තීරණාත්මක රාත්‍රියක් ගත කළ හංසිත් මමත් හෝටලයෙන් පිට වෙද්දි පාන්දර දෙකට විතර ඇති. මම ගෙදරට ඩ්‍රයිව් කළේ අධික නිදිමතත් දරාගෙන. ඒ වනවිටත් ව්‍යංගා බැල්කනියට වෙලා #black_label විස්කි බෝතලයක මත් බවින් සප්පායම් වෙමින් හිටියා. මට දැනුන අධික නිදිමත නිසා ව්‍යංගා එක්ක මම කතා කළේ වචන කිහිපයක් පමණයි. ඇය කිසිවක් නොකියා අධික මත් බවකින් සිටි නිසා ඇයගේ නිරාවරණය වී තිබුණ උරහිසට කිස් එකක් දීලා වොෂ් එකක් දාගන්න ෂවර් එක යටට ගියා. ෂවර් එක යට දී හංසිත් එක්ක කරපු හැම මොහොතකම රූප රාමු එකින් එක එකින් එක ආයෙත් පෙළ ගැසුණා.

මේ වෙනකොට ව්‍යංගා මත් බවින් මුසපත් වෙලා බැල්කනියෙ පුටුවක් මත නිදාගෙන සිටියා. මම ඇයව ඔසවාගෙන ඇවිත් ඇඳ මත තැබුවා. පිට පිටම රාත්‍රි දෙකක් රිතිකා සහ හංසි වෙනුවෙන් කැපකළ මම සුවදායක නින්දකට වැටුනෙ අධික වෙහෙසට පත් මගේ ශරීරයට සුවදායක බවක් ලබාදෙමිනුයි.

පහුවෙනිදා උදෑසන වෙනදටත් වඩා අපූරු ප්‍රබෝධයකින් මගේ මුළු ශරීරයම ප්‍රාණවත් වෙලා තිබුනා. මම ඇහැරෙන කොට ව්‍යයංගා ඇඳේ හිටියේ නෑ. අද VIP meetings කිහිපයක්ම තියෙන නිසා ඊට සුදුසු විදියට මම සැරසුණා. ඉතාමත් ක්‍රමානුකූලව වැවුණු සෑම රැවුල් ගසක්ම රිද්මයකට අනුව එකතු වී මගේ මුහුණට ලබා දුන්නෙ අමුතුම ප්‍රතාපවත් පෙනුමක්. නිදන කාමරේ කණ්නාඩියට ළංවී මම බැලුවේ මගේ දකුණු ඇසට යටින් ඇති අඟල් එකහමාරක් පමණ දිගු කැපුමට දිහා. පසුව මගේ ඇස්වල දුඹුරු පැහැති තාරා මණ්ඩලයට මගේ ඇස් යොමු වුණා. දුඹුරු ලෙදර් belt එක, ට්‍රව්සර් එකේ loops අතරින් පරිස්සමින් හෙමින් හෙමින් යවන ගමන් , මගේ #දුඹුරු_පාට_ඇස් ගැන විවිධ ගැහැණු කියපු විවිධ කතා මට මතක් වුනා. පිරිමියෙක්ගෙ ඝන ඇහිබැම එක්ක තියෙන දුඹුරු පාට ඇස් වලට පුළුවන් ගැහැණු රතොල්, රතු කරන්න.

Tom Ford – Tobacco Vanille perfume එක මගේ ඉදිරියේ තිබුණ හිස් වාතලයට මම ස්ප්‍රේ කළා. කණ්නාඩිය වටේට තිබුණා විදුලි බුබුළු වල ආලෝකය නිසා මගේ ඉදිරියේ ඒ මේ අත ගමන් කරන #TomFord perfume අංශු මට හොඳින් පෙනුණා. උඩුකය නිරුවත්ව සිටි මම ඒ #perfume අංශූ ශරීරයේ දවටා ගැනීමේ අරමුණින් ඇස් දෙක වසා ගෙන ඉදිරියට ගියා. මගේ සමට දැනුණේ දැඩි ආශ්වාදයක්. හාත්පස සුවඳින් ඇලලී ගියා. සුවඳ අංශු සියල්ල අමුතුම මත් බවකින් මගේ ශරීරයේ දැවටුනා. මේ සුවඳ ඊස්ට්‍රජන් ගිනිගන්නවා. ඔව්… මේ සුවඳෙ තියන ටුබැකෝ මත් බවින් ගැහැණුන්ගේ මොළයේ සරාගික රසායනයන් උත්තේජනය කරනවා. පිරිමින් ගේ දහඩිය අංශු එක්ක මේ #Tom_Ford_perfume අංශු මිශ්‍ර උනහම නැගෙන අපූරු ඇපල් වයින් ආශ්වාදය ගැහැණුන්ව සියදාස් වරක් මත් කරනවා.

හැමදේම මැච් කරලා ඉතාමත් පිළිවෙලට සූදානම් වෙලා මම කාමරෙන් එළියට ආවා. මම ඔෆිස් එකට යන්න මොහොතකට කලින් ව්‍යංගා ඉතාමත් බැරෑරුම් මුහුණින් සිටින බව මට පෙනුනා. අධික නිදිමැරීම නිසා ව්‍යංගගෙ ඇස් දෙක රතු වෙලා. මම ඇයට කතා කළා.

“බබා… අද ඔෆිස් යන්නෙ නෑද්ද?”

හැඟීම් විරහිතව ඇය පුටුවේ වාඩිවී තමා සමගම කල්පනා කරමින් සිටියා. මහ වැස්සක් ඇදහැලෙන්න කලින් පරිසරයේ තියෙන ගුප්ත නිහැඬියාවක් මම ඇයගෙන් දැක්කා. ක්ෂණිකව ඇයම ඒ නිහඬ බව බින්ඳා.

“මෙවා, මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕනේ”

ගැහැනියක් ‘ටිකක්’ කතා කරන්න ඕනේ කියන්නෙම මහා ජාතකයක් කතා කරන්න තියෙනවයි කියන එක.
හරි වෙලාවටම ඔෆිස් එකේ ඉන්න ඕන නිසා ව්‍යංගත් එක්ක දිගු වෙලාවක් කතා කිරන්න තරම් නිදහසක් මට තිබුණෙ නෑ. ඒත් සුළි කුණාටුවක පෙර නිමිති මට ඉවෙන් වගේ දැනුනා.

“හරි බබා… අද රෑට අපි කතා කරමු.. හරි වෙලාවට මම ඔෆිස් එකේ ඉන්න ඕනේ. මම හරිම වෙලාවට වැඩ කරනවා කියලා දන්නවනේ”

“මෙවා, ඔයාට ඉතින් ඔෆිස් එකේ වෙලාවට ඉන්න එකනේ ලොකුම ඩියුටිය. වැඩ කරන අයවත් වෙලාවට යන්නේ නැහැ. ඒ උනාට මේ ඒජන්සි head වෙලාවට සීට් එකේ!!!”

ව්‍යංගා එහෙම කියනවත් එක්කම මම ටිකක් නැවතුනා. ගැහැනියක් තමන්ගේ හිතේ තියෙන හැමදේම පිරිමියට කටින් කියන්නෙ නෑ. ඒත් ගැහැණු හිතන්නෙ තමන් කටින් කියන දේවල් ටිකෙන්, හිතේ තියෙන හැමදේම පිරිමියාට තේරෙනවා කියලා. ඒ නිසා පිරිමියෙක් උනහම ගැහැනුන්ගෙ වචනවලට ඇහුම්කන් දෙන ගමන් හදවතටත් ඇහුම්කන් දෙන්න ඕනේ. විශේෂයෙන්ම ඒ ගැහැණිය නිහඬව ඉන්නව නම් ඒ නිහඬ බවට වඩාත් හොඳින් ඇහුම්කන් දෙන්න ඕනේ.

ගැහැණුන්ගෙ අඳුරු ගල්ගුහා වගේ තියන හිත් විනිවිද බලන්න පුළුවන් මගේ සහජ හැකියාව මම මේ මොහොතේදී උරගා බැලුවා. ඇයගේ මොකද්දෝ අමුත්තක් තියෙන බව තේරුණා. ඇයගේ මේ හැඟීම් රහිත අසාමාන්‍ය මූණත්, දැඩි නිහඬ බවත් මොකක්දෝ දෙයක් මට නැවත නැවතත් කියුවා. මම ඇය ළඟට ගිහිල්ලා ඇයගේ උරහිසෙන් අල්ලාගෙන කතා කළා

“හරි කියන්න බලන්න… මොකක්ද කියන්න තියෙන්නෙ…. “

ගැහැනුන්ගේ හිතේ තියනදේ එළියට ගන්න නියම ක්‍රමය, ඒ ගැන කෙලින්ම අහන එක නෙමෙයි. ඒත් ප්‍රමාද වෙන්න තියෙන අකමැත්ත නිසාම මම මගේ උපක්‍රමය වෙනස් කළා.

වාඩිවී සිටි ඇයගේ හිස මගේ ඉනට කරලා මම තද කරගත්තා. ඇය ඇස් වසා ගෙන මගේ සුවඳ වින්දා. මම එහෙම කළේ ඇයගේ හිතේ තියෙන දේ එළියට ගන්න ඇයගේ හදවත සූදානම් කරන්නයි. උත්සහය සාර්ථකයි. හිත ඇතුලෙ ගුළිකරගෙන හිරකරගෙන හිටපු ලෝදිය ගුලියක් එලියට දානවා වගේ ව්‍යංගා කතා කරන්න පටන් ගත්තා. ඇස්වලින් උණුසුම් කඳුළු කැට කඩාගෙන වැටුණා.

“මගේ අතින් තව ටිකෙන් රොකීව මැරෙනවා මෙවා… ඊයෙ රෑ මම බෝතලේකින් උගේ ඔළුවටම ගැහුවා. දැන් ඌ හොස්පිට්ල් එකේ”

ඇය එසේ කියා වහාම මාව බදාගෙන අඬන්න පටන් ගත්තා. ඇදහිය නොහැකි මේ පුවතින් මගේ හදවත වේගවත් වුණා.

“අනේ මෙවා… රොකීගෙයි මගේ සම්බන්ධයක් තිබුණා තමයි. ඒත් ඌ මහා වනචර නරුම බල්ලෙක්! රොකී මාව රැවැට්ටුවා!! ඒත් දැන් ඒ ඔක්කොම ඉවරයි මෙවා. ඒ මිනිහට ඕන වුණේ මගේ ඇඟ විතරයි…. Mother fu****!!”

ව්‍යංගා මාවත් තදින් බදාගෙන ඉකි ගසමින් අඬන්න පටන් ගත්තා.

රොකී කියන්නේ ලංකාවේ ඉන්න #top_model කෙනෙක් සහ මොඩ්ල් කෝඩිනේට කෙනෙක්. රොකී ව්‍යංගට වඩා අවුරුදු හතක් විතර බාලයි. මීට මාස 6 කට විතර කලින් මගේ agency එකේ කරපු top ප්‍රොජෙක්ට් එකකට රොකීව ගත්තෙ නැති නිසා රොකී මාත් එක්ක වෛරයකින් හිටියෙ. ඒ ගැන රොකී සහ මං අතර විසංවාද ඇති වුණා. රොකී ව්‍යංගට ළං වුණේ මගෙන් පළිගන්න. ඒ දවස්වල මේ ගැන මම කොච්චර ව්‍යංගට කිව්වත් ව්‍යංගා ඒක සත පහකට ගණන් ගත්තේ නෑ. ඒත් දැන් ව්‍යංගා රොකීගෙන් හොඳ පාඩමක් ඉගෙනගෙන. ඇය වේදනාවෙන් මිරිකෙමින් කඳුළු වගුරවමින් වහාම නැගිටලා මගේ පපුවට හිස තදකරගෙන කියාගෙන කියාගෙන ගියා.

“අනේ මෙවා… ප්ලීස්… මට මෙච්චරයි නිදහසක් දෙන්න එපා. ඒ නිදහස විඳින හැටි මම දන්නේ නෑ. මාව ඔයා ළඟට විතරක් හිරකරගෙන තියාගන්න. එහෙම නොවුණොත් මම මහ කාලකන්නි ගෑනියෙක් වෙයි මෙවා! ප්ලීස් මෙවා!!”

මේක ගැහැනුන්ගෙ උපක්‍රමයක්. ගැහැනියකගේ කඳුළු ඉදිරියේ පිරිමි හිත අසරණ වෙනවා. ව්‍යංගා යන තැන් ගැන, කරන දේවල් ගැන, ආශ්‍රය කරන පිරිමි ගැන කිසිම වෙලාවක මම වද වුණේ නැහැ. ව්‍යංගට සීමා මායිම් දැම්මෙත් නැහැ. ඒත් ව්‍යංගගෙ තිබුණ විනෝදකාමී ජීවිතය ගැන මම නොදැන හිටියෙත් නෑ. මේ සියල්ලම අතරේ, රොකී නිසා සිද්ධ වුණ අවාසනාවන්ත දෙයක් නිසා ඇයට ඇත්තටම වෙනස් වෙන්න ඕන වෙලා කියලා මට හිතුනා.

ව්‍යංගා කියන්නෙ මගේ ජීවිතේට හම්බ උන තවත් සුන්දර ගැහැනියක්. මම කවදාවත් ව්‍යංගව මගේ ළඟ නවත්තගත්තෙ නෑ. මොකද ව්‍යංග ළඟ මට සදාකාලිකව නැවතිලා ඉන්න බැහැයි කියලා මම දැනගෙන හිටියා. මගේ දඟකාර සෙල්ලක්කාරකම්වලට සහ මගේ හිතට ව්‍යංගව අසීමිතව ගැලපුනා. ඒත් සමහර තැන්වලදි සංකීර්ණ ජීවිතයක් ඇතුලෙ අසම්මත උමතුවකින් මත් වෙන්න ඇය කැමතියි. මම ව්‍යංගව මගේ ළඟ නතර කරගන්න උත්සාහ කළේ නෑ. මට හරියන ගෑනු ළඟ මම නවතින්නෙත් නෑ. මට හරියන ගෑනුන්ව මම නවත්ත ගන්නෙත් නෑ. ඒත් මොකක්දෝ හේතුවකට අපි දෙන්නා අපි දෙන්නා ළඟම නැවතුනා. විශේෂයෙන්ම ව්‍යයංගට මගේ ළඟ නවතින්නම ඕන වුණා.

ගෑනුන්ගේ රති නිල හරියටම අල්ලලා රති නාඩි බලන්න හැම පිරිමියෙක්ටම බෑ. ගොඩක් ගැහැනුන්ගේ රති නිලය තියෙන්නෙ හදවතේ. ඒත් ඒ ඒ ගැහැනියගේ වෙනස් වෙනස් තැන්වල තියෙන රති නිල අල්ලන කලාව සොබාදහම මට දීලා තිබුනා. ඒ නිසා ගොඩක් ගැහැනුන්ට ඕන වුණේ අසම්මතව හරි මගේ ළඟ නවතින්න. ඒත් ව්‍යංගා කියන්නේ අසම්මතයේ උපරිම තැනට ගිහිල්ලා, සම්මතය තෝරගත්ත ගැහැනියක්. හැබැයි සම්මතය ඇතුලෙත් ඇය අසම්මතය සොයාගෙන ගියා.

ඇයට ඕන වුණේ නීත්‍යානුකූලව මාව අයිති කරගන්න. අනිත් ගැහැනුන් ඉදිරියේ මාව අයිති කරගැනීමේ අභිමානය ඇය අසීමිතව වින්ඳා. මොනදේ වුණත් ඇය ජීවිතයේ වෙහෙසට පත් වුණු වෙලාවට, කලකිරුණු වෙලාවට, වැරදුණු වෙලාවට, කඩා වැටුණු වෙලාවට මගේ පුළුල් උරහිසත්, විශාල පපුවත් මම ඇය වෙනුවෙන් වෙන් කළා.

ජීවිතේ කියන්නේ #sex විතරක්ම නෙමෙයි කියලා ගැහැනු දැනගෙන හිටියත්, ගැහැනුන්ගේ රති නිල හරියට අල්ලන්න දන්න පිරිමි ඉදිරියේ සමහර ගැහැණු ජාන, ස්වභාවිකවම දණ නමනවා, මෙල්ල වෙනවා. ව්‍යංගා කියන්නෙත් එහෙම මෙල්ල වුණ කෙනෙක්.

ගෑනුන්ට චොයිස් එකක් තියනවා. මගේ ජීවිතේ මට හම්බවුන බොහෝ ගැහැනුන්ගෙ චොයිස් එක වෙන්න මට පුළුවන් වුනා. #ඔප්ෂන්_ගොඩක්_අතරින්_පිරිමියෙක්ව_තෝරගන්න_ගෑනු_කැමතියි. ව්‍යංගත් ඔප්ෂන් ගොඩක් අතරින් තෝරාගත්තෙ මාව. ගෑණු කැමති නෑ රිජෙක්ට් වෙන්න. විශේෂයෙන්ම අනිත් ගෑනු ඉදිරියේ රිජෙක්ට් වෙන්න!! මම ව්‍යංගව රිජෙක්ට් කළා කියන හැඟීම ඇතිකරගන්න කවදාවත් එයා කැමති උනේ නැහැ. අපි දෙන්නගෙ සම්බන්ධය නීත්‍යානුකූල වෙන්න අඩු වැඩි වශයෙන් මේ හැම දෙයක්ම බලපෑවා.

රොකී නිසා ඇයට උන මේ අවාසනාවන්ත සිද්ධිය ගැන සියුම් වේදනාත්මක හැඟීමක් වගේම, ඇය මට කළ දේ ගැන දැඩි වෛරයක්කුත් මගේ හිත ඇතුලෙ සියුම්ව කකියමින් තිබුනා. හැඟීම් වැඩි සිපගැනීම් වලදී දැනීම් වැඩියි. දැනීම් වැඩි එකතුවීම් වලදි රිදීම් වැඩියි. ව්‍යංගගෙ ඉකිගැසීම වැඩි වුණා. ඇය තව තවත් කඳුළු අතරින් අඬන්න පටන් ගත්තා.

“මෙවා… සමහර පිරිමි මට ළං වෙන්නෙ මෙවන් ගෙ වයිෆ් එක්ක සෙක්ස් කළා කියන ප්‍රමෝෂන් එක ලයිෆ් එකට ඇඩ් කරගන්න. ගොඩක් පිරිමි මට තුරුල් වෙලා හිටිය සෙක්ස් කරනකන් විතරයි… ඒත් ඔයා එහෙම නෑ මෙවා. සෙක්ස් කරලා ඉවර වුණාට පස්සෙත්, සෙක්ස් කළාට වඩා වැඩි වෙලාවක් ඔයා මාව තුරුල් කරගෙන ඉඳලා තියනවා. ප්ලීස් මෙවා, මාව ඔයා ළඟම ගැටගහල තියාගන්න. Im sorry… Im sorry…”

Sex කරල ඉවර වෙලා පිරිමියෙක් ගැහැනියක් ළඟ තුරුල් වෙලා ඉන්නව නම් අන්න එතන තියෙන්නේ සෙක්ස් වලට වඩා එහාට ගිය වෙන මොකක්දෝ දෙයක්. සමහරවිට ආදරේ කියන්නේ ඒකටද දන්නෙත් නැහැ. Sex කරාට පස්සෙ… ඇඳෙන් බැහැලා යන, ගෑනිව පැත්තකට දාලා නිදාගන්න, පැත්තකට ගිහිල්ල සිගරට් එකක් බොන පිරිමින්ට ගෑණු කැමති නෑ. ගෑණුන්ට ඕනේ වැඩේ කලාට පස්සෙත් පිරිමි සුවඳ පිරුණු පිරිමි පපුවකට තුරුල් වෙලා ඉන්න. එකම සිගරැට් එක ශෙයා කරගෙන තුරුල්වෙලා බොන්න. අන්න එතෙන්දි තමයි ව්‍යංගට මාව අතහැරගන්නම බැරි උනේ. ඒත් මම සිද්ධාර්ථ කෙනෙක් නෙමෙයි. ඒ නිසා මට යශෝධරා කෙනෙක්ව බලාපොරොත්තු වෙන්න බෑ.

රොකී ගේ ප්‍රශ්නේ ගැන අද රෑට ගැඹුරින් කතා කරන පොරොන්දුව දීලා මම පිටත් වුණා. රොකී කියන්නෙ ව්‍යංගට වැරදුන තැනක්. ජීවිතේ උන වැරදි හදාගන්න #undo බට්න් එකක් අපේ ජීවිත වල නෑ. ඒ නිසා සමහර වැරදි හදාගන්න වෙන්නේ ජීවිතේ රීස්ටාට් කරලා. ව්‍යංගා කියන්නෙත් මේ මොහොතේදී ජීවිතය රීස්ටාට් කරන්න බලාගෙන ඉන්න ගැහැනියක්. ඇයගේ සියලුම වැරදි හදාගන්න ඇය දැන් සූදානම්. ඔව්, සියලුම අසම්මතයන්ගෙන් මිදිලා සම්මත පන්සිල් රකින්න ඇය සූදානම්. එතකොට ඇයත් එක්ක මමත් මගේ ජීවිතේ #restart කරනවද ? මම ඇයගෙ නීත්‍යානුකූල ස්වාමිපුරුෂයා. ඒත් මගේ නම ඉදිරියෙන් අසම්මත කතා කප්පරක් ලියවිලා තියෙනවා. ‘සම්මත’ කතා ගොඩක් වෙලාවට නවතින්නෙ තිතකින්. ඒත් හැම ‘අ’සම්මත කතාවක්ම නැවතිලා තියෙන්නෙ තිතකින් නෙමෙයි, ‘කොමාවකින්!!’.

අසම්මතය ගැන මතක් කරද්දී කොමාවක් තිබ්බ තවත් සම්බන්ධයක් මට මතක් උනා. කොහොල්ලා ගුලියක් වගේ මගේ මනස ඇතුලේ ඇලි ඇලී ඉන්න අරකිව මට ආයිත් මතක් වුනා. රිතිකා!! රිතිකගෙයි මගෙයි කතාවට මම තාම තිතක් තියලා නෑ. එතන තියෙන්නේ කොමාවක්. රොකී සහ ව්‍යංගාගෙ සිද්ධිය, රිතිකාගෙයි මගෙයි අසම්මත ගනුදෙනුවට දල්වපු කොළ එළියක් වගේ මට දැනුනා. BM එක drive කරගෙන ඉදිරියට යන සෑම අඟලක් අඟලක් පාසාම රිතිකගේ සරාගී සිරුර නැවත නැවතත් මගේ මතකයට වද දුන්නා.

#සීරියල්කිලර්9 ⚡
2020 – ජූලි – 23 ⚡
ලක්මිණ රණසිංහ