රාත්‍රියේදී රතියෙන් රත් වුණ සහ තෙත් වුණ හංසි, උදෑසනම ඉතා ප්‍රබෝධමත්ව සිටියේ, රාත්‍රියේදී කිසිම දෙයක් නොවුනා වගේ. පෞද්ගලික ජීවිතයත් වෘත්තීය ජීවිතයත් ඉතා හොඳින් වෙන් කරගැනීමේ අසමසම දක්ෂතාවක් හංසිට තිබුණා. මේක ගොඩක් ගැහැනුන් වරද්ද ගන්න තැනක්. ගැහැණු පිරිමි අතර තියන අසම්මත සම්බන්ධකම් ඇතුලෙ පිරිමියාව අයිතිකරගන්න ගැහැනිය පෙළඹෙනවා.

සමහර #නූතන සංස්කෘතික ගැහැණු, පිරිමියාව අයිති කර නොගෙන, පිරිමියාගේ හැඟීම් සමග ගනුදෙනු කරන එක අතිශය පුදුම සහගතයි. තමන්ට අයිති නොවන පිරිමියෙක්ගෙ, හැඟීම් විතරක් අයිති කරගන්න සමහර ගෑණු කැමති‍යි. නොලැබීම තුළ තියෙන ලැබීම රහසේම විඳින්න ගැහැනුන්ට පුළුවන්. මේ තැනට මනස හදා ගන්න ගොඩක් ගෑණුන්ට බෑ. ඒත් සමහරු අයිති කරගැනීමෙන් ඔබ්බට ගිහිල්ලා අතහැරීම කියන තැනටම මනස දියුණු කරනවා. නූතන ලිංගිකත්වයේ මේ උච්ච අවස්ථාව මම හංසිගෙන් දැක්කා.

රොකීව ඩිස්චාජ් කරලා. ඒත් රොකී සහ ව්‍යංගගෙ කතාව ෆීල්ඩ් එක ඇතුලේ ලැව් ගින්නක් වගේ පැතිරුණොත් ඒක මට හොඳ නැහැ. අද ඉඳල මට රොකී ගැනත් ටිකක් ඇහැගහගෙන ඉන්න වෙනවා. සාර්ථක මිනිසුන්ට, සාර්ථක සතුරන් ඉන්නවා. ඒ නිසා මම දැන් වඩාත් ප්‍රවේශම් වෙන්න ඕනෙ.

1.30 ට විතර #creative reviews, internal meetings, #client meetings ඉවර වුනා. හංසි මට ඕඩර් කරපු lunch එකත් අරගෙන මගේ office රූම් එකට ආවා. රූම් එකේ තිබ්බ සෝෆා එකේ වාඩිවෙලා කන ගමන් හංසි එක්ක කතා කරන්න නිදහසක් ලැබුනා. #රෑ එළිවෙනකම් සෙක්ස් කරපු කෙල්ලෙක් එක්ක, පහුවෙනිදම professional විදිහට කතා කරන්න ලැබෙන එක හරිම අපූරු අත්දැකීමක්. රාත්‍රිය ගැන අංශු මාත්‍රික ඉඟියක්වත් හංසි ගෙන් ලැබෙන්නෙ නෑ. #රාත්‍රියේදී_ගිනිගත්_සිරුර_උදෑසනදී_සීතලට_තියන_හැටි_මම_ඇස්වලින්_වින්දා. මගේ ඇස් ඇයගේ හැඩැති සිහින් සිරුර පුරා සැරිසැරුව. #පිරිපුන්_පපුව සහ #සරාගී_සිරුර දිගේ මගේ ඇස් ගමන් කළා.

“Excuse me boss, office time එකේදි ඔය දේවල් තියාගන්න එපා”

ඇය මට අණ කරනවා. ඇයගේ අණට කීකරු වෙන්න මේ බොස්ට සිද්ධ වුණා. හංසිගෙ මේ දෙබිඩි හැසිරීම නිසා මගෙයි හංසිගෙයි සම්බන්ධය ගැන ඔෆිස් එකේ කාටවත් කිසිම සැකයක් නෑ.

“අද හවස මට වැඩ දාන්න එපා”

“ඕකේ බොස්.. එහෙනම් ක්‍රිස්ටිනාගේ මීට්අප් එක කැන්සල් කරන්නම්”

ක්‍රිස්ටිනාව අද මීට් වෙන්න ඕනේ කියලා හංසිට කිව්වෙත් මම ම යි. ක්‍රිස්ටිනාගෙ වෙඩින් එකට කලින් එයාව මීට් වෙන්න මට ඕනකමක් තියනවා. 1st marriage එකට වඩා සිය දහස් ගුණයක් හොඳට 2nd marriage එක ගන්න අවස්ථා අඩුයි. ඒත් ක්‍රිස්ටිනාගේ 2nd marriage එක පළවෙනි එකට වඩා උත්කර්ෂවත්ව පැවැත්වෙන්න නියමිතයි.

#ගැහැණු_තමන්ගේ_ජීවිතේට_ලැබෙන_දෙවැනි_අවස්ථාව_ගණන්_ගන්නෙ_නෑ. එක පාරක් ‘වරදිනවා’ කියන්නෙ, හැමදාම ‘පරදිනවා’ කියලා තමයි ගොඩක් ගෑනු හිතන්නෙ. වැරදිලා තිබ්බට පැරදිලා නැහැයි කියලා හිතන්න ගැහැනු හිත් පෙළඹෙන්නෙ හරිම කලාතුරකින්. ගැහැණු තමන්ගෙ ජීවිතයට ලැබෙන දෙවැනි අවස්ථාවට දෙන්නෙ පුදුම තරම් අඩු සැලකිල්ලක්. මොකද, පළවෙනි අවස්ථාවෙදි රිදුන තැන්වල මතකයන් තමයි සදාකාලිකව හදවත්වල නිධන්ගත වෙන්නෙ. අපේ ජීවිතවලට හැමතිස්සෙම දෙවැනි අවස්ථාවක් ලැබෙන්නෙ, පළවෙනි අවස්ථාවෙ තිබුන මොකක් හරි අඩුවක් නිසා. ඒ නිසා මම පළවෙනි අවස්ථාවට වඩා ගෞරවයෙන් දෙවැනි අවස්ථාව පිළිගන්නවා.

මමයි ක්‍රිස්ටිනයි #ශරීරවලින් ළඟින්ම ඇසුරු කරපු කාලෙදී මගේ ඔළුවේ තියෙන මේ දේවල් ක්‍රිස්ටිනාටත් බෝවුණා. ඒත් ගොඩක් ගෑනු දෙවනිපාර කසාද බඳින්නෙ පළවෙනි එකාට රිද්දන්න. #hmmm… ක්‍රිස්ටිනා දෙවැනි පාර බඳින්නෙත් පළවෙනි එකාට රිද්දන්න ද? මට ක්‍රිස්ටිනාව මීට් වෙලා දැනගන්න ඕන වුණේ අන්න ඒකයි.

මගේ ජීවිතේදි මට කොහොමත් මුණගැහෙන්නෙ අමුතුම සංකීර්ණ ගැහැණු චරිත. ක්‍රිස්ටිනා, ව්‍යංගා, හංසි….. රිතිකා!!! ලැයිස්තුව ටිකක් දිගයි. ඒ අමුතු ගැහැණුන්ව අමුතුම විදිහට කියවන්න ඉස්සර ඉඳලම මම පුරුදු වෙලා හිටියෙ. ඒත් මේ වෙලාවෙදි ක්‍රිස්ටිනාට වඩා ව්‍යංගට ප්‍රයෝරිටි දෙන්න මට සිද්ධ වුණා. නීත්‍යනුකූල බැඳීමක තියෙන සංස්කෘතික වගකීම සහ සංස්කෘතික කියවීම ඉතා ඉහළයි. ව්‍යංගට මාත් එක්ක පාපොච්චාරණය කරන්න ගොඩක් දේවල් ඇති. ඒත් ගැහැනුන් ළඟ කාටවත් නොකියන රහස් ඕනතරම් තියෙනවා. අඩුම තරමේ ඒ රහස් හොඳම යාළුවටවත් කියන්නෙ නෑ. ඒ රහස් ඒ තරමටම #අභිරහස් ! ඒ දේවල් හෙළි වුණොත් සිද්ධ වෙන්නෙ මහා විනාශයක්. ඒ නිසාම ගැහැනුන් තමන්ගේ හදවත රහස් වලින් පිරුණු ගැඹුරු සේප්පුවක් බවට පත්කර ගන්නවා. ගෑනු හිත් වල තියෙන ගොඩක් රහස් මරණයත් එක්ක සදාකල් මිහිදන් වෙනවා. රහසක් ලෙසම රහසක් මිය යන්නෙ ගැහැණු සිතක් තුළම පමණයි. කවද හරි දවසක ඒ රහස් පොළොවට පස් වෙලා යනවා.

ඒත් ව්‍යංගා අඩියක් පස්සට තියලා ඇයගේ #රහසක් මං වෙනුවෙන් විවර කළා. ඒ රහස තමයි රොකී!! ඒත් මම ඒ ගැන තරමක් දුරට දැනගෙන හිටියා. ගෑනු අඩියක් පස්සට තියන්නෙ අඩි සීයක් ඉස්සරහට පනින්න. ව්‍යංගගෙ සැලසුම මොකද්ද කියලා මගේ හිතේ ලොකු කුතුහලයක් තිබුණා. #සුනාමි එන්න කලින් මුහුද පස්සට යනවා වගේ ගැහැනිය පිරිමියා ඉදිරියේ පසුබහිනවා නම් පිරිමියා දැඩි ආරක්ෂිත පියවර අනුගමනය කළයුතුයි.

මගේ හිතෙත් අසම්මත රහස් තියෙන නිසා මම ඇයගේ රහස් හොයන්න යන්නේ නැහැ. මම ඇයගේ රහස් හොයන්න ගියොත් මටත් වඩා හොඳට ඇය මගේ රහස් ටික හොයා ගන්නවා. තමන්ගෙත් අසම්මත රහස් තියෙද්දි , ගැහැනියගේ රහස් හොයන්න ගිහිල්ලා ගොඩක් පිරිමි වැඩේ වරද්ද ගන්නවා. ඒත් ගැහැනියගෙ හිතේ මොනතරම් අසම්මත රහස් තිබුනත් පිරිමියාගේ #අසම්මත රහස් ගැන ගැහැණු හොයාගෙන යනවා.

මගේ හිතේ තියෙන අසම්මත රහස, රිතිකා!! ගැහැනුන් සම්බන්ධයෙන් මගේ හිතේ තියෙන අසීමිත ඉවසිලිවන්ත බව බින්දෙ රිතිකා. ඒකි මට කතා කරනකම් මම බලාගෙන හිටියා. ඒ වුණාට ඒකි මට කතා කළේ නෑ. පිරිමින්ගෙ ඉවසීමේ සීමාව පන්නන්න ගැහැණු කොහොමත් දක්ෂයි. රිතිකට ඒ දක්ෂතාව ඕනවටත් වඩා තිබුණා. වෙන කෙල්ලොන්ට වඩා මේකිව මට වෙනස් වෙන්නෙ අන්න එතනින්. වෙන කෙල්ලෝ මගේ පස්සෙන් එද්දි, මං වෙනුවෙන් ස්වකැමැත්තෙන්ම නිරුවත් වෙද්දි…. මේකි මාව පස්සෙන් ගෙන්න ගන්න හදනවා. දඩබ්බර පිරිමි හිත් ඇදලා ගන්න පුළුවන් සංස්කෘතික කාන්දම් බලයක් රිතිකට තියනවා. අද ඒකි මට call කරේ නැති වුනොත් හෙට ඒකිට කතා කරනවා කියලා මම අඩියක් පස්සට ගත්තා. ඒත් මම ඒකිට කතා කරලා කියන්න ඕන දේ ගැන මගේ ඔළුවේ හරි සැලැස්මක් නෑ. පිරිමි එක අඩියක් පස්සට තියන්නෙ සැලසුමක් නැතුව. ඒත් ගැහැනියක් අඩියක් පස්සට තියන්නෙ සැලසුම් සිය දහස් ගණනක් ඇතුව.

ලන්ච් එක ඉවර වෙලා ඔෆිස් එකේ වැඩ කිහිපයක් ගැන හංසිත් එක්ක කතා කළා. කාර්යබහුල පැය කිහිපයක් ගත වුණා.

වට්ස්ඇප් මැසේජස් මාලාවක් ගලාගෙන ආවා. ඒ රෝමි!!! හොඳ වෙලාවට මම හිටියේ ඔෆීස් රුම් එකේ තනියම. ඒ සියල්ලම රෝමිකාගේ සරාගී සිරුරේ photos! කලින් දවසෙ රාත්‍රියේ මහා සංස්කෘතික ව්‍යසනයකින් දිවි දිවිගලවා ගත්ත රෝමි, පැය 24ක් යන්නත් කලින් මේතරම් ඉක්මනට ප්‍රකෘති තත්වයට පත්වීම ගැන මම පුදුම වුණේ නෑ. මොකද, රෝමි වගේ ගෑනු ප්‍රකෘතිය සහ විකෘතිය අතර ඉතාමත් වේගයෙන් දෝලනය වෙනවා. තමන්ගේ සැමියා සමග විකෘතියකින් ජීවත් වෙන ඇය මාත් එක්ක ප්‍රකෘතිමත් වෙනවා. ඇයගේ අසම්මත #රාගික ජීවිතය තමයි ඇයගේ සැඟවුණු ප්‍රකෘතිය. රෝමිගේ රළු ප්‍රකෘතියට මම තදින් ආශා කළා. ඊටත් වඩා රෝමි ‘මගේ’ දඩබ්බර ගතියට ඕනවටත් වඩා ආශා කළා. ගොඩක් ගැහැනු ජීවත් වෙන්නෙ තමන්ගෙ ප්‍රකෘතිය හංගගෙන. රෝමිත් ප්‍රකෘතිය හංගගෙන ජීවත්වෙන ගැහැනියක්. මොකද, ගොඩක් ගැහැනු සංස්කෘතියට සහ පිරිමියාට බයයි. මේ මොහොතෙදි රෝමි එවපු මැසේජ් සියල්ල රස විදින්න මට බැහැ. මේ ඒකට වෙලාව නෙවෙයි.

හංසි දොර ළඟ ඉන්නවා මම දැක්කා. මම ඇයට අතින් එන්න කිව්වා. ඒ වෙලාවෙදි හංසි අමුතුම කතාවක් කිව්වා.

“Assignment එකට බොස්ගෙන් විස්තර ටිකක් දැනගන්න ඕනේ කියලා university girl කෙනෙක් නිතරම කතා කරනවා කියලා කිව්වා මතකද…. මට හිතෙන්නෙ බොස් ඒ girlට ඇත්තටම ඕනේ #assignment එකක් කරන්න නෙමෙයි…. බොස්ව මීට් වෙන්න”

“එහෙනම් තේරුමක් නෑනේ… මම බිසී කියලා ඕක අල්ලලා දාන්න”

“එහෙම කරන්න තිබ්බා අර gift එක බොස්ට එවලා තිබ්බෙ නැත්නම්”

බිත්තියේ කබඩ් එකක් උඩ තිබ්බ box එකක් හංසි මට පෙන්නුවා. හංසි මගේ ඔෆිස් රූම් එකෙන් ගියාට පස්සෙ මම ඒ බොක්ස් එක ඕපන් කළා. ඒ පෙට්ටිය ඇතුලේ තිබුන දෙයින් මම විශ්මයට පත්වුණා. ඉගෙන ගන්න පුංචි කෙල්ලෙක් ඇයි මට මෙහෙම ගිෆ්ට් එකක් දුන්නෙ? #Tom_Ford_tobacco_vanille 250ml #perfume බෝතලයක්. මගේ අවධානය පැහැර ගන්න රුපියල් 60,000 කට අධික වටිනාකමක් තියෙන තෑග්ගක් මට එවපු ඒ පුංචි කෙල්ල කවුද ? කවුරු වුණත් මාව හොඳටම study කරලා ඉන්න කෙනෙක්. මම යූස් කරන්න පර්ෆියුම් එක පවා ඒ ගෑනු ළමයා දන්නවා. මගේ හිත කුතුහලයෙන් පුපුරා ගියා. මේ මොන විදිහේ කෙල්ලෙක් වෙන්න පුළුවන්ද ? ඒ ළමයා මට වඩා අවුරුදු ගාණක් බාලයි.

මම හංසිට වහාම ඇමතුමක් ගත්තා.

“මගේ රූම් එකට එන්න.. අර #university_girl ගැන මට දැනගන්න ඕනේ”

#සීරියල්කිලර්10 ⚡
2020 – ජූලි – 30 ⚡
ලක්මිණ රණසිංහ