“ඒ girl O/L කරල තියෙන්නෙ #Musaeus college එකේ. දැන් private university එකක #business_management කරනවා. තාම #18 යි. ඖශාර්යා නිර්වානි ඉරුසිංහ”

මේ පුංචි කෙල්ල මාව මුණ ගැහෙන්න ගොඩක් උත්සාහ කළා කියලා හංසි මට කිව්වා. මේ වයසෙ ඉන්න ගැහැනු ළමයින්ගෙ ශරීරය මල්වර වෙනවත් එක්කම සිතුවිලි මල්වර වෙන්නෙ නෑ. ඡන්ද අයිතියවත් නැති වයසක ඉන්න කෙල්ලො, පිරිමි හිත් අයිතිකර ගන්න මාන බලනවා. පිරිමි හිතක් අයිතිකර ගන්න හැටි ඉගෙනගන්න නම්… එක්වීම්, වෙන්වීම්, විඳවීම් වලින් පිරුණ කාලයක් ගැහැනියකට අවශ්‍යයි. එහෙම කාලයක් ගතකලත්, පිරිමි හිතක් සින්නක්කරයට අයිති කරගන්න බැරුව බොහෝ ගැහැණුන් අසරණ වෙනවා.

“මේ ඉරුසිංහ ගෙ දුවද ?”

“ඔව් බොස්…”

“තාත්තා වගේම smart”

“සමහරවිට තාත්තාටත් වඩා smart වෙන්නත් පුළුවන් බොස්”

ඉරුසිංහ කියන්නෙ ලංකාවේ ඉන්න සැලකියයුතු ව්‍යාපාරිකයෙක් සහ උපරිම brain capacity එකක් තියන තියන අසාමාන්‍ය මනුස්සයෙක්. ඉරුසිංහගේ 1st මැරේජ් එකේ දරුවා තමයි මේ ඖශාර්යා නිර්වානි ඉරුසිංහ. තමන්ගෙ තාත්තගෙ මොලේ මේ කෙල්ලටත් තියෙනවා නම් මේ කෙල්ල යන දුර හිතාගන්නවත් බෑ. අන්තිමේදී මම තීරණය කළේ ඖශාර්යා නිර්වානි ඉරුසිංහට ළඟදීම මාව මුණ ගැහෙන්න අවස්ථාවක් දෙන්න.

ඔෆිස් එකේ වැඩ කිහිපයක් එක්ක ගතකරන්න වෙච්ච නිසා ටිකක් රෑ වුණා. නිමක් නැතුව ගලා හැලෙන අඳුර අතරින් වැහි පොදත් කඩා හැලුනා. මම පරක්කු වෙද්දි ව්‍යංගා මට කෝල් කරන්නෙ කලාතුරකින්. කලාතුරකින් සිද්ධවෙන දේ අද සිද්ධ වුණා.

 

“Hello මෙවා..”

“කියන්න බබා”

“ගෙදර එද්දි කීය විතර වෙයිද ?”

“නමයට මම ඔෆිස් එකෙන් ලීව් කරනවා”

“හරි, Dinner මම ලෑස්ති කරල තියෙන්නෙ.. ඔයා එන්නකෝ”

Sex ඇරුනහම ගෑනියෙක්ට පිරිමියෙක්ව අවුස්සන්න පුළුවන් හොඳම දේ තමයි ‘කෑම’. ඇයගේ අතින්ම මට කෑම හදන්නෙ ගොඩක් කලාතුරකින්. කලාතුරකින් සිද්ධ වෙන දේවල් වල අමුතුම රසයක් තියෙනවා. වෙනදට ව්‍යංගා clubing කරන්න ගියාම මං ගැන පොඩ්ඩක්වත් මතක නෑ. ඒ නිසා මම පරක්කු වෙද්දි අද වගේ මට calls එන්නෙත් නෑ. ඒත් මීට අවුරුදු ගානකට කලින්, ඒ කියන්නෙ marry කරන්නත් කලින්, ඇල්කොහොල්වලින් මත් වෙන ව්‍යංගට මාව නැතුවම බැරි වුණා. ඒ කාලෙ මත් බවේ උපරිම සීමා වලිනුත් එහාට යන්න ව්‍යංගට පුළුවන්. ඒ අසීමිත මත් බවත් එක්කම ඇගේ ගත දවමින් අසීමිත අසංවර කාම ගින්නක් බුර බුරා ඇවිලෙනවා. ඒ කාම ගින්න නිවලා ඇගේ ශරීරයත් මනසත් තෘප්ත කරන්න පුළුවන් පිරිමියෙක් ළඟ ඇය නවතින බව මම දැනගෙන හිටියා. ඉතිං, ඇය ඇල්කොහොල් වලින් මත් වෙන හැම වෙලාවකදිම මාව නැතුව බැරි වුණා. කෙලින් හිට ගන්නවත් බැරි වෙන තරමටම මත් වෙන ව්‍යංගා, ගොඩක් වෙලාවට ගෙදර ගියේ මට වාරුවෙලා. ලිංගිකත්වයට නොදෙවනි මිත්‍රත්වයක් සහ මිත්‍රත්වයට නොදෙවනි ලිංගිකත්වයක් අපි දෙන්නා අතර තිබුණා. මෙහෙම අය කවදාවත් එකතු වෙන්නේ නැහැ. ඒත් අපි දෙන්නා ඒ න්‍යායෙන් පිට පැන්නා.

ව්‍යංගගෙත් මගෙත් අමතක කළ නොහැකි අතීතය සිහිපත් කරමින් ඔෆිස් එකෙන් එළියට ගියේ #dunhill පැකැට්ටුවයි ලයිටරයයි අරගෙන. පෙරනයකින් පෙරා වැටෙන සිහින් වැහි බිඳු අතරින් Dunhill දුම් වළලු වාතලයට මුසු වනවාත් සමගම, ව්‍යංගගෙත් මගෙත් අතීත මතක මගේ මනස ඇතුලේ නැවත නැවතත් ඒ මේ අත මුසු වුණා.

දැඩි කාම ශක්තියක් තියන ව්‍යංගා ඉදිරියේ ගොඩක් පිරිමි ප්‍රතික්ෂේප වෙද්දි , ඇය මාව තෝරගන්න සුවිශේෂී හේතු ඕන තරම් තිබුණා. මත් බවින් රත් වෙලා සරාගික උමතුවකින් ඉන්න ව්‍යංගව මෙල්ල කරන්න එසේ මෙසේ පිරිමියෙක්ට බෑ. බොහෝ පිරිමින් ඇඳක් උඩ දී ඇයව මෙල්ල කරගන්නවා වෙනුවට ඇයට මෙල්ල වුනා. එහෙම පිරිමින්ට ව්‍යංගා කැමති නෑ. ඕනම කෙනෙක්ගෙ හිතේ සහ ගතේ, වනචර හැඟීම් සහ හැසිරීම් අඩු වැඩි වශයෙන් තියනවා. ඒත් ඒ දේවල් හංගන්න ගැහැනු අධික වෙහෙසක් ගන්නවා. ඒත් පිරිමියෙක් එක්ක තමන්ගෙ වනචර හැඟීම් බෙදා ගන්න ව්‍යංගා පසුබට වෙන්නේ නෑ.

ඇවිලෙන්න ඕන තැනදී ඇවිලෙන, නිවෙන්න ඕන එතැනදිත් ඇවිලෙන එක ඇයගෙ පුරුද්දක්. එහෙම ඇවිලුන ව්‍යංගට මගේ ළඟ නවතින්න සිද්ධ වුණා. ව්‍යංගා කියන්නෙ තමන්ගේ සරාගී සිරුර ඉදිරියේ අසරණ වෙන පිරිමි ලැයිස්තුවක් පහු කරගෙන ආපු ගැහැනියක්. කාම දෙවඟනන් රැසක් පහුකරගෙන ආපු මමත් ව්‍යංග ළඟ නැවතුනා. ගැහැණිය කියන්නෙ නොනිමෙන ලෞකික ආශාවන් සහ නොසිඳෙන භෞතික සැප සම්පත් සොයන සත්ව කොට්ඨාශයක්. ව්‍යංගා අයිති වෙන්නෙත් ඒ කොට්ඨාශයට.

Lux body lotion එකත් එක්ක Lux Rose සබන් කැටයක් නොමිලේ ලැබෙනවා වගේ, සමහර ගැහැනුන්ගේ ශරීරත් එක්ක එයාලගේ හදවතත් නොමිලේම මට ලැබුනා. සමහර #consumer_promotion වලදි අපිට නොමිලේ ලැබෙන්නෙ අපිට අනවශ්‍ය ම දෙයක්. ගෑනුන්ගේ හිත් පිරිමින්ට ලැබෙන්නෙත් ඒ වගේ. ගොඩක් වෙලාවට පිරිමින්ට ඕනෙ ගැහැණුන්ගෙ ශරීර. ඒත් ඒ ශරීරත් එක්ක ඒ ගෑහැණුන්ගෙ හිතත් නොමිලේම ලැබෙනවා. ඊට පස්සේ ඒක විසි කරන්නත් බෑ. ඒත් ගොඩක් තැන්වලදී මට එහෙම ලැබුණු හිත් මම විසි කළා. ඒත් ව්‍යංගගෙ හිත විසිකරන්න මට බැරි වුණා. ඒකට හේතුව තමයි, ව්‍යංගගෙ ශරීරයෙන් වගේම ව්‍යංගගෙ හදවතිනුත් මම මත් වුන එක.

“මෙවා…. sex වලදි මට ඕනෙ, මට යටත් කර ගන්න බැරි, ඒත් මාව යටත් කරගන්න පුළුවන් පිරිමියෙක්ව!! Sex වලදි ඔයා මාර ක්‍රියේටිව් මෙවා. සෙක්ස් වලදි #creative පිරිමියෙක්ව ගෑනියෙක්ට හම්බ වෙන එක ඒ ගෑනිගෙ වාසනාවක්. ඇඳේ දි මාව යටත් කරගන්නවට මම හරි ආසයි. මම ඔයාව මැරි කරොත් ඔයත් එක්ක හිටපු හැම ගෑනියෙක්ම මට ඉරිසියා කරයි”

අතීතයේදී ව්‍යංගා මේ වගේ දේවල් ඕන තරම් මට කියලා ඇති. ව්‍යංගගෙ කාමුක සිරුරට ඕනම පිරිමියෙක් වශී වෙනවා. ගොඩක් පිරිමින්ගේ හිත් වල ගැහැනුන් වර්ග දෙකක් ඉන්නවා. එක වර්ගයක් තමයි sex කරලා අහක දාන්න පුළුවන් ගෑනු. අනිත් වර්ගය තමයි කසාද බැඳලා sex කරන්න පුළුවන් ගෑනු. පළමු වර්ගයේ ගැහැණු තමයි මගේ ලයිෆ් එකේ වැඩියෙන්ම හිටියෙ. ඒත් සෙක්ස් කියන දේ මේ තැන් දෙකේදිම පිරිමියෙක්ට පොදුයි. ඇත්තටම මමයි ව්‍යයංගයි මුලින්ම ළං වුනේ දෙන්නගෙම කාම ආශාවන් එකිනෙකා මත තියලා තෘප්ත කර ගන්න ඕන නිසා විතරයි. ඒක තමයි මිත්‍රත්වයේ උපරිම tempo එක. ඒත් කාලයක් යද්දි අපේ ශරීර වගේම සිතුවිලිත් හිතුවටත් වඩා ගැළපුණා. අනෙක් පිරිමි තරම් සාම්ප්‍රදායික නොවුනත්, යම් සාම්ප්‍රදායික පිරිමි ආත්මයක් මගේ ඇතුලේ හිටියා. ඒ නිසා කාමයෙන් එහා තියෙන සංස්කෘතික බැඳීමක් දක්වාම අපේ සම්බන්ධය දුර දිග ගියා.

ඕනම පිරිමියෙක්ගේ හිතේ ගැහැණු සංස්කෘතියක් තියෙනවා ඒ වගේම ඕනම ගැහැණියෙක්ගෙ හිතේ පිරිමි සංස්කෘතියක් තියෙනවා. ව්‍යංගා කියන්නෙ පිරිමි සංස්කෘතියක් මිට මොලවාගෙන උපන් ගැහැනියක්. ලේසියෙන් යටත් නොවන, ලේසියෙන් මෙල්ල නොවන ඇටිටියුඩ් එකක් ඉස්සර ඉඳලම ව්‍යංගට තිබුණා. පිරිමියෙක්ගේ ඇඟක් යටට ගිහිල්ලා පිරිමි ඇඟකට යට වෙනවා වෙනුවට, පිරිමියෙක්ගේ ඇඟක් උඩට නැගලා පිරිමි ඇඟක් යට කරගෙන රාගය විඳින ෆැන්ටසියක් ඇයට තිබුණා. ඒත් ඒ නොහික්මුණු උවමනාව දඩයම් කරන්න මගේ රළු පිරිමි කුණාටුවට පුළුවන් වුණා. ඔව් මම ඇයව යට කරගත්තා. ව්‍යංගා ඒක උමතුවෙන් වින්ඳා. ඇයව යටත් කරගත්ත පළවෙනි පිරිමියා ළඟ ඇය නතර වුණා. ගැහැණිය තුළ ඉන්න පිරිමියාව හොයන්නෙ, පිරිමියා තුළ ඉන්න ගැහැණිය! පිරිමියා තුළ ඉන්න ගැහැණියව හොයන්නෙ, ගැහැණිය තුළ ඉන්න පිරිමියා!!

සිගරැට්ටුවේ අවසන් දුම් උගුරත් පෙනහලු වලින් එළියට ගෙනල්ලා ඉහළ වාතලයට මුසු කළා. අඳුර මකාගෙන දැල් වී තිබූ විදුලි බුබුලක ආලෝකයෙන් ඒ දුම් වළලු ආලෝකමත් වෙමින් විවිධ රටා මැව්වා. අපේ ජීවිතෙත් හරියට සිගරැට් දුම වගේ… මොන රටාවක් මවනවද කියලා කලින් තීරණය කරන්න අමාරුයි. හිතාගෙන ඉන්න රටා මැවෙන්නේ නෑ. ඒත් අපි ජීවිතේට කවදාවත් හිතන්නැති රටා ඉබේම මැවෙනවා. Dunhill ෆිල්ටරය, දබර ඇඟිල්ලත් මහපට ඇඟිල්ලත් අතර තබා ක්ෂණිකව ඈතට විද්දා. අඩි කිහිපයක් ඈතට විසි වූ ඩන්හිල් ෆිල්ටරය කෙලින්ම bin එකට වැටුනා.

ඔෆිස් එකෙන් එළියට යද්දි වෙලාව රෑ 9 යි. පිරිමියෙක් ගැහැණියක් එක්ක කරන සංවාදයකදී හැම කරුණක්ම තමන්ට වාසිදායක වෙන්නෙ හරිම කලාතුරකින්. රොකීව මාතෘකාව කරගත්ත අද සංවාදයත් ඒ වගේ වෙයි. අද රාත්‍රියේ ව්‍යංගගෙ පැත්තෙ කරුණු දැක්වීම මොනවගේ වෙන්න පුලුවන්ද කියන කුතුහලයත් එක්ක සිතුවිලි අතර සැරිසරමි සිහින් වැහි බිඳු පීරගෙන ඉතාමත් සැහැල්ලුවෙන් BM රථය පදවගෙන මා ඉදිරියට ගියා.

” 

Rakshitha

 …. අපි ආදරේ දෝතට අරගෙන රැකබලා ගන්න ඕනෙ…. ඒක හරියට… බිංදුවක්වත් කාන්දු වෙන්නෙ නැතුව… දිය දෝතක් රැකබලා ගන්නවා වගේ දෙයක්.”

“ඔව් 

Dinithi

…. ඒත් අත් දෙක අතර හිඩැස් තිබ්බොත් ඒ වතුර ටික ගලාගෙන යනවා… ඒ වගේම තමයි ඕනවට වඩා අත් දෙක තද කරගෙන හිටියොත්… අපේ අත් දෙක රිදෙනවා… “

“හ්ම්…. ඒ කියන්නෙ…. ‘ආදරය’ රැකබලාගන්න එක…. ලේසි-පහසු වැඩක් නෙමෙයි කියන එකනේ… “

“ඔව්….. හ්ම්…. ඔව්…. අපි කොච්චර පරිස්සමෙන් අත් දෙක බොකුටු කරලා, ළං කරගෙන ඒ වතුර ටික තියාගන්න හැදුවත්… හ්ම්… යන්න ඕනෙ නම්…. ඒ වතුර ටික….. වාෂ්ප වෙලා හරි යනවා. හ්ම්ම්ම්ම්…. ඉන්න හේතු දාහක් තිබුනත් යන්න ඕන කෙනාට පේන්නෙ…. යන්න ඕන කරන…. එක හේතුවක් විතරයි”

“හ්ම්… ඒත් රක්ෂිත….. තවත් වෙලාවකට මට හිතෙනවා ආදරය කියලා කියන්නේ… හිමින් පියාඹලා යන සුළං කුරුල්ලො වගේ දෙයක් කියලා…

“හ්ම්ම්ම්… “

“ඒ සුළං කුරුල්ලෝ…. අපේ ඇඟේ වදින කොට අපිට පුදුම ආශ්වාදයක්… සනීපයක්… අමුතුම සීතලක්… අමුතුම කිතියක් දැනෙනවා”

“හැබැයි දිනිති… ඒ සුළං කුරුල්ලන්ව අල්ලන්න බෑ…”

“ම්… අල්ලන්න බැහැ විතරක් නෙමෙයි… අපිට පේන්නෙත් නෑ….

“අනිවාර්යෙන්ම….”

“අල්ලන්න බැරි වුනත්… පේන්නෙ නැති වුනත්…. ඒ හුළඟ…. අපේ හදවතේ ගැඹුරුම… ගැඹුරුම.. ගැඹුරුම තැනට… සුළි සුළඟක් වගේ දැනෙන වෙලාවලුත් තියනවා”

“ඔයා කියන ඔය සුළං කුරුල්ලෝ, සුළි සුළඟක් වෙන්නේ නැතුව, හෙමින් ඉගිල්ලී… මල් සුවඳක් අරගෙන එනව නම් ?”

“හ්ම්… ආදරේ කියන්නෙම මල් සුවඳක් තමයි”

“හ්ම්…. සිහින පොතේ පිටුවක් පෙරලුනොත්, මොනවද දිනිති එහි ලියැවී ඇත්තේ…?”

“හ්ම්ම්ම්ම්ම්… වෙන මොනවද ඉතින්…. ආදරේ…. ම්ම්… හැබැයි මෙහෙම කියන්න පුළුවන්…”

“ඒ කොහොමද ?”

“ආදරය සුන්දර වරදකි…… කිසිදා සමාවක් නම් නැති…”

“යමුනා මාලිනී එහෙම ලිව්වට…. වරදක් වුණත්, ඒක ‘සුන්දර’ වරදක්නෙ දිනිති… හ්ම්… ඒ නිසා කමක් නෑ”

“ඔයා එහෙම කියනව නම්… ම්ම්ම්… කමක් නෑ… “

“වරදක් කියලා දැනෙනකොට සමහර ගැහැනු ළමයි කටින් කතා කරන්නෙ නැහැ.. ඒත් ඇස් වලින් කතා කරනවා “

“හ්ම්…. අර සිංදුවකුත් තියෙන්නෙ… ඇස් කතා කරනවා, මිණි නිල් කවුළුපියන් හැරදා කියලා… ඒත්….. 

Upul

 ශාන්ත සන්නස්ගල එහෙම ලිව්වට…. ආදරේදී.. ඇස් වලින් විතරක් නෙමෙයි…. හදවතිනුත් ගෑනු ළමයි කතා කරනවා…”

“දිනිති…”

“හ්ම්…”

“ඔයත්…. කාත් එක්ක හරි…. හදවතින් කතා කරනවද?”

“_ _ _ _ _ _ _ _ _ _”

“කෝ දිනිති ඔයාගේ වචන….. කියන්න… කාත් එක්ක හරි හදවතින් කතා කරනවද?”

“හ්ම්……………….ඔ…….. තා….ම…….. තාම…. හ්ම්ම්ම්…… තා…. ම නෑ…..”

“එහෙනම්…. ඔයා වගේ අය ගැන තමයි….. අර 

Kelum Srimal

 

 කියලා තියෙන්නෙ…”

“ඒ මොකක්ද…. ම්?”

“හුදකලාව අවනඩුවක්… ගෑණු ළමයෝ…”

රේඩියෝ නිවේදකයෙක් සහ නිවේදිකාවක් ආදරය ගැන සුන්දර දේවල් කියනවා. ආදරේ කියන්නෙ ගැහැනු සහ පිරිමි අතර sex කරන්න පෙළඹවීමක් ඇති කරන්න මොළය විසින් ලබාදෙන රසායනික ක්‍රියාවලියක් විතරයි කියලා මිනිස්සු කවදා තේරුම් ගනීද? #Logical පිරිමි හිත් මේක තේරුම් ගත්තත්, #emotional ගැහැණු හිත් මේක කවදාවත් තේරුම් ගන්නෙ නෑ. ඒත් අපි ඒ ජීව විද්‍යාත්මක උත්තේජනය ගැන කවි, සින්දු, නවකතා, කෙටිකතා, නිසදැස් වගේ එකී මෙකී නොකී දේවල් ලියනවා. ලෝකයේ සාහිත්‍ය නිර්මාණ අති බහුතරයකට පදනම් වෙලා තියෙන්නෙ මේ රසායනික උත්තේජනය. ‘ආදරේ’ කියන දේ, ඔය කියනවට වඩා මොනතරම් සංකීර්ණද, ව්‍යාකූලද, භයානකද, අවුල් සහගතද, විකෘති සහගතද… Sex තාර්කිකයි. Love අතාර්කිකයි!

පවුල් ජීවිතයක් පවත්වාගෙන යනවයි කියන්නෙ අතිශය සංකීර්ණ කාරණයක්. ගැහැණු සහ පිරිමි හිත් වල තියෙන ජීව විද්‍යාත්මක උවමනා එපාකම් ගැටගහන රැහැන් තමයි කසාදෙ. මේ රැහැන දැනුවත්ව හෝ නොදැනුවත්ව හැම පිරිමියෙක් සහ ගැහැනියක් අතින්ම දූෂණය වෙනවා. ඒත් මමත් ව්‍යංගත් අපේ නොගැලපීම් තාර්කිකව දරාගත්තා. විවාහය කියන්නෙ ගැළපීම් ගළප ගැනීම නෙමෙයි. නොගැලපීම් දරාගැනීම!

කාර් එකෙන් බැහැලා වැහි පොදට යටින් මම ගෙදරට ඇතුළු වුණා. ව්‍යයංගව දැක්ක ගමන් මගේ හදවතට බැරෑරුම් රළු සැහැල්ලු බවක් දැනුනා. නෑ නෑ….. සැහැල්ලු බැරෑරුම් රළු බවක්!!! ඒත් ඕනම රළු හැඟීමක් මෘදු කරන්න රාත්‍රියට සහ වැස්සට පුළුවන්.

“මෙවා… වොෂ් එකක් දාගෙන එන්න. මම කෑම හීට් කරලා තියන්නම්”

“දැන්ම එපා බබා.. හීට් කරන්න ඕන වෙලාව මම කියන්නම්”

කාමරයට ගිහිල්ලා mini ෆ්‍රිජ් එකෙන් කූල් වතුර බෝතලේ අරගෙන උගුරු පහක් හයක් බිව්වා. මුළු ඇඟම සීතල වෙලා අලුත් වුනා. ෆ්‍රිජ් එක ඇතුලත් අලුත් වෙලා. ටවල් එකයි ෆෝන් එකයි අරගෙන බාත්රූම් එකට ගිය ගමන් ෂවර් එක ඇර ගත්තා. සීතල වතුර බින්ඳු මගේ නිරුවත් ඇඟ පුරා පිහිනා ගියා. ආශ්වාදනීය සීතලක් එක්ක ශෘංගාරාත්මක හැඟීම් ටිකෙන් ටික ප්‍රාණවත් වන බව මට දැනුනා. මේ හැඟීම් අද රාත්‍රියේ ව්‍යංගා එක්ක බෙදා ගන්න බැහැ. ඇයගේ ඇජෙන්ඩා එකේ අද තියෙන්නෙ වෙන දෙයක් ගැන කතා කරන්න. ඒ රොකී ගැන! මම ෂවර් එක යටට වෙලා waterproof phone එක අතට ගත්තා.

මම කෙලින්ම ගියේ රෝමි එවපු වට්ස්ඇප් මැසේජ් වලට. රෝමිගෙ nude සෙල්ෆි වලින් WhatsApp එක පිරිලා. ඇගේ පිරිපුන් සිරුරේ කාමුක ඉරියව් හොඳින් මතුවී පේන විදිහට සෙල්ෆි ගන්න රෝමි හරිම දක්ෂයි. ඇයගේ සිරුරේ අපූරු සරාගී හැඩය ඉස්මතු වෙන විදිහට කන්ණාඩියක් ඉදිරියේ ගත්ත photos කිහිපයක් ක්ෂණිකව මගේ මනසට කිඳා බැස්සා. පාලනය කරගත නොහැකි නොසන්සිඳෙන ආශාවන් ප්‍රාණවත් වෙමින් එන බව මට දැනුනා. අද රාත්‍රියේ ව්‍යයංගා එක්ක රාගික ගනුදෙනුවකට යන්න බැරි අඩුව මට තදින්ම දැනුනා. ඒත් කෙසේ හෝ ඉවසාගෙන, දිය දහරින් ගත නැවුම් කරවගෙන තුවායත් ඇඳගෙන බාත්රූම් එකෙන් එළියට ආවා.

මම දුටු දෙයින් මගේ මනස තිගැස්සී ගියා. ඇයගේ අධි සරාගී නිරුවත, වෙනදටත් වඩා නිරුවත් වී ඇති බව මගේ නිරුවත් දෑසට හසු වුනා. ව්‍යංගගෙ දෙතොල් රත් කළ රතු පාට ලිප්ස්ටික් වලින් මගේ ඇස් පිච්චිලා ගියා. ඇවිලෙන ඇයගේ නිරුවත් සිරුරේ සරාගීත්වය තාමත් එදා වගේමයි. ඇයගේ අතේ තිබුනෙ, කට ළඟටම අයිස් කැට පුරවපු බඳුනක්. ඇයගේ දිවෙන් සරාගී දෙතොල් පිරිමැදීමෙන් පසුව, දෙතොල් අතරින් දිව එළියට දමා, දිවේ තුඩින් අයිස් කැටය මතට ඇයගේ කෙළ ගලායාමට ඉඩ දුන්නා. ඩහ් ඩහ්… ඩහ් ඩහ්… ඩහ් ඩහ්… මගේ හද ගැස්ම වැඩි වුණා. මගේ හදවතේ අධිබලැති හඬ මටම ඇහුණා. සිරුරේ හැම රුධිර නාළයක් පුරාම අධි පීඩනයකින් රුධිරය ගමන් කළා.

#සීරියල්කිලර්11 ⚡
2020-08-12
ලක්මිණ රණසිංහ