#පිරිමිසිරුරු_දඩයම්_කරන_කාම_ධේනුවක්_වගේ_සරාගික_උණුසුමකින්_මත්_වෙලා, සීතල අයිස් කැට පුරවපු බඳුන අරගෙන ව්‍යංගා මගේ ළඟට ආවා. මේ රාත්‍රියේ කිසිසේත්ම බලාපොරොත්තු නොවුනු, ඒත් මගේ ශරීරය දැඩි ලෙස අයැද හිටපු කාමභෝගී මොහොතක් ව්‍යංගා මට දෙන්න සූදානම් වෙලා ඉන්න බව මට තේරුණා. කවදාවත් පරණ වෙන්නෙ නැති ඇයගේ නිරුවත් සිරුර පුරා මගේ නිරුවත් ඇස් ගමන් කළා. ගැහැනු පිරිමි සම්බන්ධතා පරණ නොවී තියාගන්න එක දුෂ්කර අභියෝගයක්. ඒත් හරි උපාය උපක්‍රම නිසා ඒ අභියෝගය ජයගන්න පුළුවන්.

“මෙවා…. මට open වෙන්න පුළුවන් එකම පිරිමියා තමයි ඔයා…”

ඇය මගේ ඇස් දිහා බලාගෙන එහෙම කිව්වා.

ගැහැනියකට හැම පිරිමියෙක් ඉදිරියේම open වෙන්නත් බෑ, Open වෙන්නෙත් නෑ. ගැහැණියකට තමන්ගේ හිත පැත්තකින් තියලා ශරීරය විතරක් පිරිමියා වෙනුවෙන් ඕපන් කරන්නත් බෑ. ඒත් සමහර තැන්වලදී ගැහැණිය තමන්ගේ ශරීරය පැත්තකින් තියලා හිත විතරක් පිරිමියා වෙනුවෙන් ඕපන් කරනවා. මේ දේවල් කොහොම වුණත් නියම පිරිමි පෞර්ෂයක් ඉදිරියේ අසරණ වෙන හැම ගැහැනියක්ම තමන්ගේ ගතත් සිතත් ඔහු වෙනුවෙන් ඕපන් කරනවා. තමන්ට හීලෑ නොවන රළු පිරිමියෙක්ගේ පිරිමිකමට යටවෙලා හීලෑ වෙන්න ගැහැණුන් සිහින මවනවා. මගේ ගතට ළං උන හැම ගැහැනියක්ම ඒ හීන හැබෑ කරගත්තා. ව්‍යංගා කියන්නෙ ඒ හීනය නීත්‍යානුකූලව සැබෑ කරගත්ත එකම ගැහැණිය.

ව්‍යංගා තමන්ගේ නිරුවත් සිරුර තව තවත් මට සමීප කළා. වනචර හැඟීම් මගේ මනස ඇතුලේ පුපුරු ගැහුවා.

“Are you ready my handsome man”

රොකීගෙයි ව්‍යංගාගෙයි අසම්මත සම්බන්දෙ ඛේදවාචකයකින් ඉවර වෙලා තියෙන මේ වගේ වෙලාවක ව්‍යංගා මොකක්ද මේ කරන්න යන්නෙ! අද රාත්‍රිය ඇයත් මමත් වෙන්කරගෙන හිටියේ රොකී ගේ ප්‍රශ්නේ ගැන කතා කරන්න. ඒත් ව්‍යංගා වමට සිග්නල් දාලා දකුණට හරවපු එක ගැන, රාග ගින්නක් මැද්දෙ හිටපු මම ටිකක් කල්පනා කළා. ගැහැණු කොහොමත් වමට සිග්නල් දාලා දකුණට හරවනවා. අඩුම තරමේ හෝන් එක ගහන්නෙවත් නෑ. හෝන් ගහන් නැතුව, වැරදි පැත්තට සිග්නල් දාලා හරවන එකෙත් අමුතුම සප්‍රයිස් එකක් තියෙනවා. ගැහැනුන්ගෙ මේ වගේ සප්‍රයිස් විඳින්න මම මගේ පිරිමි හිත ඕනවටත් වඩා ට්‍රේන් කරලා තියනවා.

ලිංගික එක්වීමක් කියන්නෙ ගැහැණියක් සහ පිරිමියෙක් අතර සිදුවන අවාචික සන්නිවේදනයේ උපරිම තැන. රොකී ගැන කතා කරන එක පැත්තකින් දාලා කාමයෙන් මුසපත් වුන ව්‍යංගා මේ කරන දේ ඇතුළෙ මොකක් හරි අරමුණක් ඇති. අද උදේ තිබ්බ සැලැස්ම මේක නෙමෙයි. ඒත් ගැහැනියක් පිරිමියෙක් එක්ක කරන හැම අනපේක්ෂිත දේකම, අපේක්ෂිත යටි අරමුණක් තියනවා. දැන් කරන දේ ගැන උදේ කිසිම අපේක්ෂාවක් ව්‍යංගට තිබුණෙ නෑ.

වැඩිම කාලයක් මාව ආශ්‍රය කරපු ගැහැණිය විදිහට මගේ ගතත් සිතත් ඇතුලෙ හැංගිලා තියන සියුම් තැන් ගැන ව්‍යංගා දන්නවා. ඒ වගේම අපි දෙන්නගෙ කාමභෝගී ජීවිතේ මම කැමතිම sex act මොනාද කියලත් ඇය දන්නවා. සෙක්ස්වල දී හොඳට ප්‍රොෆෝම් කරන පිරිමියෙක්ව නම්ම ගන්න නම් ගැහැණියත් ඊට නොදෙවෙනි විදිහට හැසිරෙන්න ඕනෙ. මං ගැන ඒ සමීකරණය ව්‍යංගා හොඳින් දන්නවා.

හැඟීම අවුස්සන විඳීම් නිසා බැඳීම් තවත් ශක්තිමත් වෙනවා. ඉතින් මම නිගමනයකට ආවා. ඇයට ඇය ගැන තියෙන වරදකාරී හැඟීම නැති කරගන්නයි, මගේ හිතේ ඇය ගැන තියෙන වරදකාරී හැඟීම අමතක කරවන්නයි ඇය පාවිච්චි කරන තුරුම්පුවක් තමයි මේ. ඇය මේ වෙලාවෙදිත් තුරුම්පු ආසියා එළියට අදිමින් සිටියා.

Sex කියන්නෙ ගොඩක් ගැහැනු පිරිමින්ව අයිතිකරගන්න දාන උගුලක්. ගොඩක් දුර්වල පිරිමි ඒ උගුලට අහු වෙනවා. ඒත් ශක්තිමත් පිරිමි දන්නවා චීස් කෑල්ල කාලා උගුලට අහු නොවී යන හැටි. ඒත් මෙතෙන්දි මට අහුවෙන්න හෝ පැනලා යන්න දෙයක් නෑ. මේ ඉන්නේ මගේ නීත්‍යානුකූල භාර්යාව. ව්‍යංගා… ඒත් ගැහැනුන්ගෙ සමහර උගුල් වලට පිරිමි හිත් අහු වුණයි කියලා ජීවිත කාලෙටම ඒ පිරිමින්ට තේරෙන්නේ නෑ. ගෑණු උගුල් ඒ තරම් සියුම්.

රොකී එක්ක තිබුණ හැම ‘පාහර’ මතකයක්ම ගිනිතියලා refresh වෙන්නයි මෙයාට දැන් ඕනෙ. ගැහැණුන්ගෙ emotions ගිනිකඳු වගේ. ගිනිකඳු ක්ෂණිකව පුපුරලා ගියත් නිවෙන්න ගොඩක් කල් යනවා. ඒ වගේම ගැහැනුන්ට emotionally recover වෙන්නත් ලොකු කාලයක් යනවා. ඒත් ව්‍යංගා කියන්නෙ මට මුණගැහුනු ගැහැණු අතරින් හිතාගන්නවත් බැරි තරම් ඉක්මනට recover වෙන ගැහැණිය. සමහරවිට රොකීගෙ ප්‍රශ්නෙන් ඇය මේ වෙනකොටත් recover වෙලා ඇති.

“මෙවා…”

ව්‍යංගා එහෙම කියලා සරාගික ඉරියව්වකින් මගේ ළඟට ඇවිදගෙන ආවා. එයාගේ දකුණු කකුල උස්සලා ස්ටූල් එකෙන් තිබ්බා. පූර්ණ නිරුවත් ඇයගේ සිරුර මගේ දෑස්වලට කිඳා බැස්සා. මගේ මුරණ්ඩුකාරයා…… ⛔?⛔
⚠️️(12-1)
සංස්කරණය කරන ලදී!! සංස්කරණය නොකළ #සීරියල්කිලර්12climax⚡?? edition එක ලබාගැනීමට අවශ්‍ය නම් inbox කරන්න. (fb – Lakmina Ranasinghe)

**************************

කාමය, රාගය, ආශාව, උන්මාදය, ශෘංගාරය, පිපාසය, සුවය, සතුට, උමතුව, ප්‍රකෘතිය, ලිංගිකත්වය කියන එකී මෙකී නොකී නම්වලින් හඳුන්වන හැම දෙයක්ම කැටි වුණ ඇයගේ හඬ කාමරය පුරා රැව් දුන්නා. සිතාගත නොහැකි දිනයකදී සිතාගත නොහැකි විදිහට ආරම්භවුනු ව්‍යංගගෙත් මගෙත් රති ක්‍රියාන්විතය ඉතා ඉක්මනින් උච්චස්වර සොයා ගමන් කළා. කිසිදිනක සෑහීමකට පත් නොවන ගැහැනුන්ව සෑහීමකට පත් කරන්න පුළුවන් එකම තැන සුරතාන්තය යි. පෙනහලු පිරෙන්න ලොකූ හුස්මක් ගත්ත මම ඇයගේ ඉනෙන් තදින් අල්ලාගෙන…⛔ ?⛔
⚠️️(12-2)
සංස්කරණය කරන ලදී!! සංස්කරණය නොකළ #සීරියල්කිලර්12climax⚡?? edition එක ලබාගැනීමට අවශ්‍ය නම් inbox කරන්න. (fb – Lakmina Ranasinghe)

**************************

පසුදින මම අවදි වුනේ නැවුම් හැඟීම් රොත්තක් මිට මොලවගෙන. රොකී ගැන කිසිම වචනයක් ව්‍යංගා කතා කළේ නෑ. මම ඒක ගැන ඇහුවෙත් නෑ. කාම ගින්නෙන් දැවෙමින් වෙහෙසට පත්වුන ව්‍යංගා තවමත් සුව නින්දේ.

එලාම් එකටත් කලින් අවදි වුන මම ඇඳේ උඩු බැලි අතට හැරිලා ස්ලැබ් එක දිහා බලාගෙන සිතුවිලි අතර අතරමං වුනා. ලිංගික එකතු වීම කියන්නෙ ගැහැනුන්ගෙ සහ පිරිමින්ගෙ මනසට විඳින්න ලැබෙන ලෞකික නිර්වාණයක්. ඒ අත්දැකීමට පුළුවන් මනස සුවපත් කරන්න. රාත්‍රියේ විඳපු ආශ්වාදනීය හැඟීම් අතර සැරිසරන අතරතුර, නොසිතූ මොහොතක නොසිතූ කෙනෙක් මගේ මනසට ආවා. රිතිකා… මගේ මනස ඇතුලේ කොහොල්ලා ගුලියක් වගේ ඇලිලා හිටපු ඒකිව මට අමතක කරන්න බැරි එක ගැන මම පුදුම වුණා. රාත්‍රියේ දී ව්‍යංගත් එක්ක ලබපු ආශ්වාදයන් යටපත් කරගෙන රිතිකාගේ ආශ්වාදය මගේ මනසට මත්ද්‍රව්‍යයක් වගේ ඇතුල් වෙලා.

ව්‍යංගා සහ මං අතර තියන husband and wife සම්බන්ධය ගැන මම රිතිකට කියුවෙ බොරු. ව්‍යංගත් මාත් අතර සුවපහසු කාමභෝගී දිවියක් නැති බවත්, කාමුක පිරිමියෙක්ගෙන් බලාපොරොත්තු වෙන දේවල් ව්‍යංගට අනවශ්‍ය බවත්, ව්‍යංගට මාව පේන්නෙ තාත්තා කෙනෙක් වගේ කියලත් මම රිතිකට කිව්වේ, ඒකිව මගේ ඇඟටයි හිතටයි තාවකාලිකව ළං කරගන්න ඕන නිසා. ඒත් ඒ තාවකාලික හැඟීම සදාකාලික වෙයිද කියන සැකය ඇති වෙන තරමටම රිතිකා හරිම අපූරු ගැහැණියක් වුණා.

රිතිකත් එක්ක අන්තිමට සෙක්ස් කරපු දවසින් පස්සෙ ආඩම්බරකාර ඒකි මට මැසේජ් එකක් වත් දැම්මෙ නෑ. ගැහැණුන්ගේ උපාය උපක්‍රම ගැන දන්න මම, රිතිකා එහෙම කරන්නෙ ඇයි කියලා දැනගෙන හිටියා. ඒත් ඒකි කරන මේ වැඩේ, මගේ මනසට දරාගන්න බැරි වෙන එක ගැන මට තියෙන ලොකු බයක්. මම ඒකිට කතා කළේ නෑ… ඒකිත් මට කතා කළේ නෑ. ගැහැනියෙක්ට පිරිමියෙක්ව අල්ලගන්න පුළුවන් හොඳම විදිහ තමයි ඒ පිරිමියව අතහරින එක. ගැහැනියක් පිරිමියෙක්ව අවුස්සලා අතහැරියාම, ඇවිස්සිලා පස්සෙන් එනවා. ඒකි මේ වෙනකොට මට කරමින් ඉන්නෙ ඒ වැඩේ. පිරිමියෙක්ව අල්ලන්න පුළුවන් හරිම උපක්‍රම රිතිකා දන්නවා. ඒ නිසා තත්වය තවත් භයානක වෙන බව මගේ හිතට කල්තියාම තේරුණා.

“ඒකි හරිම කපටි කෙල්ලෙක්”

“ඒකි හරිම ගරිල්ලා කෙල්ලෙක්”

“ඒකි රාගික හෙරක්”

මගේ මනසේ දෙබස් මටම ඇහෙන්න පටන් ගත්තා. පිරිමි හිත් හොරකම් කරන්න ඒකි මේ තරම් දන්නෙ කොහොමද? මට දැනුනෙ මං ගැන පරාජිත හැඟීමක්. අයිති කරගන්න බැරි ගැහැනුන් මගේ ජීවිතේ හිටියේ නැහැ. ඒත් මේකි ටිකෙන් ටික ටිකෙන් ටික ප්‍රහෙලිකාවක් වෙන්න පටන් ගත්තා. රිතිකා ගැන තරහක් මගේ හිත ඇතුලෙ ඇවිස්සුනා. මේ තරහ ඇති වෙන්නෙ ගැහැනියක්ව ලබාගන්න පිරිමි හිතක ඇතිවෙන මූලික හැඟීමක් විදිහට. ඒකි මට challenge එකක් වෙන්න පුළුවන් කියලා මට ඉවෙන් වගේ දැනුනා. Sexual relationship එකක් කියන්නෙම කොල්ලෙක්ට චැලේන්ජ් එකක්. තමන්ගෙ අභිමානය ඇති වෙන්නෙ හෝ නැති වෙන්නෙ එතනින්. හ්ම්…. ඒකි තාමත් මට කතා කරන්නෙ නැහැ. ආඩම්බරකාර පිරිමි හිතක් ඇදලා ගන්න තරම් ඒකි කපටි කියලා මගේ පිරිමි හිතට හිතුනට… ඒකට ඇත්තටම කියන්නේ කපටිකම කියලා නෙමෙයි. ඒකට කියන්නෙ #smart ඇටිටියුඩ් එක කියලා. ඒත් පිරිමි හිත් කැමති නැහැ ඒක ස්මාට් atitute එකක් කියලා පිළිගන්න. පිරිමි හිතන්නෙම ඒක ගෑනුන්ගේ කපටිකමක් කියලා.

ඒකිත් එක්ක තිබුණු ‘අසම්මත’ බැඳීම මගේ මනස ඇතුලේ දෝංකාර දුන්නා. මගේ ‘සම්මත’ බැඳීම තාමත් නිදි… ඒ ව්‍යංගා… සම්මත කතාවල වගකීම අසීමිතයි. ඒත් අසම්මත කතාවල වගකීම සීමිතයි. අසම්මත සම්බන්ධකම් වලදි පිරිමියාට ගැහැනිය ගැන වගකීමක් නැති නිසා අසම්මතය තුල පිරිමියා අමුතුම රසයක් විඳිනවා. ඒ රසය හරියට නෙල්ලි වගේ.

ගැහැණුන් සම්බන්ධ වගකීම් වලින් පැනලා යන හැටි ගැන පිරිමි හිතට අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නැහැ. වගකීම් වලින් තොර, අයිතිත් නැති අහිමිත් නැති සම්බන්ධකම් වල අමුතුම රසයක් පිරිමින්ට තියනවා. මට අරකිගෙන් ඕන වුණේ අන්න ඒ රසය. වෙලාවකට ඒක භයානක රහක්. තවත් වෙලාවකට වහක්! ඒ භයානක බව අත්විඳින්න කැමති ගැහැණුන් සහ පිරිමින් බය නැතුව ඒ අභියෝගය බාර ගන්නවා. රිතිකා කියන්නෙ, නිර්නාමික අඳුරු ග්‍රහලෝක ගවේෂණය කරන්න බය නැතුව ඉදිරිපත්වෙන කෙල්ලෙක්. තමන්ට ගැලපෙන අලුත් ලෝකයක් හොයාගෙන යන්න ඒකි ඕනම රිස්ක් එකක් ගන්නවා. ඒකිගෙ ඒ ඇටිටියුඩ් එකට මගේ පිරිමි හිත කාන්දමක් වගේ ඇදිල යන්න ඇති. ඒත් ඒකිගේ මේ නිහඬ බව මට දැනුනේ තර්ජනයක් විදිහට. මේ වගේ වෙලාවල් වලදි ගැහැනුන් ළඟ යෝජනා කිරීම් නැහැ. ගොඩක් වෙලාවට ගැහැණුන් ළඟ තියෙන්නේ යෝජනා ස්වරූපයෙන් එන තර්ජනය කිරීම්.

ව්‍යංගා තාමත් නිදි. මනස ඇතුලෙ දඟලන රිතිකා නිසා මට ඉවසගෙන ඉන්නම බැහැ. බැරිම තැන මම bed side කබඩ් එකේ තියෙන ෆෝන් එක අතට ගත්තේ රිතිකට මැසේජ් එකක් දාන්න.

Save කරපු නැති numbers දෙකකින් මට මැසේජ් දෙකක් ඇවිල්ලා. එක number එකක් කාගෙද කියලා අඳුර ගන්න මගේ මොළයට මිලි තප්පරයක්වත් ගියේ නෑ. රිතිකා!!! ඒකි මට මහ රෑ මැසේජ් එකක් එවලා!!

#සීරියල්කිලර්12⚡

2020-08-23
#ලක්මිණ රණසිංහ