“What r u having for ur dinner tonight? I know something that can be ur dessert..”

මේ මැසේජ් එක දැක්ක ගමන් මගේ මනස ඇතුලෙ ඇදහිය නොහැකි තිගැස්මක් ඇති වුණා. රිතිකව නැතුවම බැරි මොහොතක, ඒකි මට මැසේජ් එකක් දාලා. මේක ඉතාමත් සුබ දායී after sex තත්වයක් කියලා මට තේරුණා.

Befor sex, during sex සහ after sex කියන තැන් තුනේදිම ගොඩක් පිරිමි වරද්ද ගන්නවා. වැඩිපුරම වරද්ද ගන්නෙ කෙල්ලෙක් එක්ක සෙක්ස් කලාට පස්සෙ තියන after sex කියන අවස්ථාවෙදි. රිතිකා නිසා මගෙත් after sex අවස්ථාවක් වරදින්න ඔන්න මෙන්න තිබුණා. ඒත් එහෙම වරද්ද ගන්න බැරි නිසාමයි මම අසීමිත ඉවසීමකින් ඒකිට කෝල් එකක්වත් නොදී, මැසේජ් එකක්වත් යවන්නෙ නැතුව හිටියෙ.

සෙක්ස් කරද්දි කෙල්ලට දැනෙන satisfaction එක උපරිමයි නම්, කොල්ලට කතා නොකර ඉන්න ඒ කෙල්ලට බෑ. ඒකිගේ satisfaction levels දැනගන්න ඕන නිසාමයි මම රිතිකට කතා නොකර හිටියෙ. අන්තිමේදි ඒකි මට මැසේජ් කළා. ඒත්… ඒකි උපරිම satisfaction level එකක හිටියා නම් ඒකි මට දවස් 2ක් ඇතුළත කතා කරන්න ඕනෙ. ඒත් මේ වෙනකොට දවස් 2 කට වඩා ගිහිල්ලා ඉවරයි. මේ ගැන මගේ හිතේ පුංචි කුතුහලයක් සහ මගේ හැකියාව ගැන පුංචිම පුංචි සැකයක් මගේ හිතේ මෝදුවෙමින් තිබුනෙ. ඒත් රිතිකගෙ මේ seductive මැසේජ් එක මට දරාගන්න බැරි තරම් සහනයක් දීලා මගේ සැකය නිට්ටාවටම නැති කළා.

ඒකිගෙ කැරලි කෙහෙරැලි වල තියෙන දඩබ්බර attitude එකට මම තදින්ම ආසා කළා. රිතිකගෙ රති කුණාටුවට, ඕනම පිරිමි රුවලක් ඉරෙන්න පුළුවන්. ඔව්.. මම හිතුවා හරි. ඒකි රුවලක් විතරක් නෙමෙයි.! රිතිකා කියන්නෙ උගුලක්!! ගැහැනුන් කියන්නෙම සොබාදහමේ උගුලක්. හරියට බාඳුරා මල් වගේ. මගේ දවසේ පළවෙනි සිතුවිල්ලට අනවසරයෙන් ඇතුල් වුණ ඒකි, අද මුළු දවසෙම මගේ ඔළුව ඇතුලෙ ඒ මේ අත පෙරලෙයි.

රිතිකාගෙන් මේ මැසේජ් එක එනකම් බලාගෙන හිටපු දවස් කිහිපය මට දැනුණේ කල්ප කීපයක් වගේ. සාමාන්‍යයෙන් පිරිමියෙක්ට එහෙම දැනෙන්නේ ප්‍රේමයේ උච්ඡතම තැන්වලදි. ඒත් ඔය කියන ප්‍රේමය තියෙන්නෙ සාහිත්‍යයයි, කලාවයි, ඇඩ්වර්ටයිසිනුයි ඇතුලෙ විතරයි.

ඊයේ ව්‍යංගා එක්ක ගෙවුන සෙල්ලක්කාර රාත්‍රිය යටපත් කරගෙන නැවුම් උණුසුම් බලාපොරොත්තුවක් මගේ මනසට ඇතුල් කරන්න රිතිකට පුළුවන් වුනා. පිරිමින්ගේ ‍රාගාධික රික්තක පුරවන්න රිතිකට තිබුනෙ පුදුම හැකියාවක්. ඒ වගේම රිතිකා පිරිමි ඇඟකට යට උනහම ලේසියෙන් තෘප්තිමත් වෙන ගැහැනියක් නෙමෙයි. ඒකි වගේ කාමාධික කාම ධේනුවක් තෘප්තිමත් කරන්න හරි අමාරුයි. ඒත් ඕනම අමාරු කාර්යයක් සාර්ථකව අවසන් කිරීම ගැන හොඳ track recordඑකක් මට තියනවා.

ව්‍යංගා තාම නිදි. ව්‍යංගට එහා පැත්තෙන් ඇඳේ වැතිරිලා ඇස් ඇරගෙන හිටපු මගේ මනස අතීතයට රිවස් කළා. රිතිකා…. මට ඒකිව මුලින්ම හම්බ වුනෙත්, ව්‍යංගව හම්බවෙච්ච විදිහටමයි. ව්‍යංගව මුලින්ම meet වෙච්ච දවසෙ වෙච්ච ගොඩක් දේවල් රිතිකව මුලින්ම meet වුණු දවසෙත් සිද්ධ වුණා. අපි පහුකරගෙන ආපු සමහර සිදුවීම් ආයෙත් අපිට හම්බවෙනවා. අපි මේ ජීවිතය ගෙනියන්නනෙ වෘත්තාකාර පථයක ද කියලා එතකොට අපිට හිතෙනවා. ඒ තැන්වලදි අපේ හදවත අතරමං වෙනවා. හ්ම්….. පිරිමි හිත් අතරමං කරන්න රිතිකා කොහොමත් දක්ෂයි.

“හ්ම්ම්ම්ම්…….. Good morning මෙවා”

නිරුවතින් නිදාගෙන හිටපු ව්‍යංගා හිමින් හිමින් ඇහැරුනා. ශරීරය ඇතුලෙ බුර බුරා නැගුන රාගික ගිනිකන්ද පුපුරලා ලෝදිය පිටව ගියාට පස්සෙ දැනෙන සැහැල්ලුව සහ නැවුම් බව මේ උදේ පාන්දර ඇය ඕනවටත් වඩා විඳිමින් හිටියා.

“බබා… good morning…”

“ඊයෙ මම නිදාගත්තෙ වොෂ් එකක්වත් දාන්නේ නැතුව නේද…”

එහෙම කියලා ඇයගේ ඇඟිලිතුඩු මගේ රැවුල් ගස් අතරට ඇතුල් කරලා මගේ මුහුණ හිමින් හිමින් පිරිමැද්දා.

“මෙවා… නියමයි….! ඊයෙ රෑ නම් නියමයි… ඔයා වයසට යන්න යන්න තවත් young වෙනවා! තවත් powerful වෙනවා!!”

නොමේරූ පිරිමින්ට වඩා මෝරපු දැඩි පිරිමි ගති තියන පිරිමින්ට ගැහැණු හිත් ආකර්ෂණය වෙනවා. ඇයගේ ඇඟිලි මගේ රැවුල අතරින් ගමන් කරන රිද්මය ආශ්වාදනීයව විඳිනගමන් ව්‍යංගා කියන දේවල් මද සිනහවකින් මම අහගෙන හිටියා. ඇයගේ අනිත් අත පපුව දිගේ ටික ටික පහලට ගමන් කළා. ඔව්…පහළටම!!

“ආ… මේ මොකද මේ… ඊයෙ රෑ අච්චර කරලා තාම මදි වගේනෙ මෙයාට… තව ඕනෙද පැටියො… හ්ම්ම්… මම නම් රෙඩී”

මගේ උදෑසන ප්‍රාණවත් ඇඟීම් තදින් අල්ලගෙන ඇය මිමිනුවා. ඇය සරාගික ඉරියව්වකින් මගේ පැත්තට හැරිලා ඇගේ කකුලක් මගේ කකුල් උඩින් දාගත්තා.

“බබා… ඔෆිස් එකේ වැඩ ලෝඩ් එක මම එනකම් දොර ළඟට වෙලා බලාගෙන ඉන්නවා.. on time යන්න ඕනෙ..”

“ඇයි මොකද… අද මගේ කොල්ලට morning sex එපා ද.. හ්ම්…?”

“අද meetings ගොඩක් තියෙනවා… වෙලාවට ගියොත් වැඩ ටික ඔක්කොම manage කරගන්න පුළුවන්”

“Oh my God!! Ok Ok… ඔෆිස් එකේ කෙල්ලො ටික ඔයා වෙලාවට එනකන් බලාගෙන ඇති නේද… ඔයාගෙ වෙලාව ගැන මම දන්නෙ නැද්ද ඉතිං.. මතකද අර අවුරුදු ගාණකට කලින් වෙච්ච දේ…”

“මොකද්ද….”

“මම 11ට එනවා කියලා…. 12.30 ට ආපු දවස… අම්මෝ…. ඒක ගැන අවුරුද්දක් විතර කියෙව්වනෙ….”

කාමරේ AC එක auto off වෙලා තිබුනත්, මුළු room එකම උදෑසන සීතලත් එක්ක මුසු වෙලා තිබුනා. ඒ සීතල මැද්දෙ ව්‍යංගගෙ ස්පර්ශය නිසා ඇඟට දැනුනෙ අමුතුම සීතල ශෘංගාරයක්. ව්‍යංගා මගේ උණුසුමට තුරුල් වුනා. ඇයගේ දෙතොල් මගේ බෙල්ලට තියලා තද කරගත්තා. ඇය දිවෙන් මගේ බෙල්ල කිතිකවනගමන් වචන මුමුණන්න පටන් ගත්තා.

“මට තාම මතකයි අපි මුලින්ම හම්බ වෙච්ච දවස… chillies ෆෙස්ටිවල් එකේදි”

ඇය මට තව තවත් තුරුළු වෙලා අතීත කාමයෙන් පිරුන ලොකු කතාවක් දිගහරින්න සූදානම් වුණා.

“කට්ටියක් agency of the year වුණයි කියලා හෙන ලොකු සීන් එකේ නේද හිටියේ..,”

හින්ට් එකක් ගහගෙනම ඇය කතා කරගෙන ගියා.

“ඔයා දන්නවද මෙවා… මමත් ඉතිං එක්කෙනෙක්ට විෂ් කරන්න ඇවිල්ලා එයාගේ ලොකුකම් බැලුවනෙ…”

ආදරණීය මුරණ්ඩු බවක් සහ සරාගික තරහක් මවාගෙන ඇය මට හීනියට චෝදනා කළා.

“ඇයි ඉතින් විෂ් කරන්න ආවේ… ආ…? එන්නෙ නැතුව ඉන්න තිබ්බනෙ”

“කොහෙද ඉතින්… මම දැක්කනෙ එක්කෙනෙක් මගේ ඇඟ දිහා බල බල හිටපු හැටි… මම හිතුවෙම ඔයා මාත් එක්ක කතා කරයි කියලා… ඒත් ආඩම්බරකම හැමදේටම වඩා ලොකුයිනෙ. බලන් ඉඳලා බලන් ඉඳලා බැරිම තැන තමයි මම ඇවිල්ලා ඔයාට විෂ් කළේ.”

“මේ…! මම ආඩම්බර නිසාද ඔයා මට විෂ් කළාට පස්සෙ ඔයත් එක්ක දිගටම කතා කර කර හිටියේ… ඇයි… ඔයත් එක්ක මම බිව්වෙ… ඒක මතක නැද්ද?”

“අපෝ ඔව් ඔව්… මමනෙ බිව්වෙ. එක්කෙනෙක්ට ඩ්‍රයිව් කරන්න තියනවා කිය කිය ග්ලාස් එක අතේ තියාගෙන බලන් හිටපු හැටි මට මතකයිනෙ…”

“ඔයා හිතාගෙන හිටියෙ මම ලිෆ්ට් එකක් දෙයි කියලා නේද… “

“හ්ම්…. party එකක මත් වෙලා ඉන්න කෙල්ලෙක්ට කොල්ලෙක් කියනව නම්, ඩ්‍රයිව් කරන්න තියෙන නිසා බොන්න බැහැයි කියලා… මොකක්ද මෙවා ඒකෙ තේරුම…. ඒකෙන්ම තේරෙනවා නේද ඒ කොල්ලා බලාගෙන ඉන්නෙ ඒ කෙල්ලට ලිෆ්ට් එකක් දෙන්න කියලා”

ඇය බොරු මුරණ්ඩු පෙනුමක් සහ තරහක් මවාගත්තා. අවුරුදු කිහිපයකට කලින් මම කරපු දේට පලිගන්න හිතාගෙන මගේ බෙල්ලෙ පුංචි දත් පහරවල් කිහිපයක් ඇය තිබ්බා.

“බබා… එපා….!! බෙල්ලෙ marks තියන්න එපා!!!”

“මගේ මිනිහගෙ බෙල්ලෙ මට marks තියන්න බැරිනම් කාටද පුළුවන්…ආ??”

ඇය එසේ කියමින් තව තවත් මගේ උණුසුමට ගුලිවෙලා ඉතාමත් ශෘංගාරාත්මක විදිහට නැවතත් මගේ බෙල්ල සිප ගත්තා. ඇගේ තියුණු දත් පහරවල් වල සියුම් වේදනාව නිසා මගේ මුළු ඇඟම හිරිවැටීගෙන ගියා. මගේ ඇඟට උඩින් ඇය දාගෙන හිටපු කකුල තව තවත් මගේ ඇඟේ ඇතිල්ලුනා.

“ඇයි එදා ඔයා මාත් එක්ක කතා කර කර ඉඳලා මාව අවුස්සලා අවුස්සලා… මට ලිෆ්ට් එකක් දෙන්නෙවත් නැතුව… හ්ම්ම්ම්…. අඩුම තරමෙ මට කියන්නෙවත් නැතුව ගියේ”

“එදා රෑ මම කියන ඕනම තැනකට යන්න ඔයා ලෑස්තියි කියලා මට තේරුණා… ඒත් එදා මම එහෙම කරානම් සමහරවිට එදාම අපේ සම්බන්ධ ඉවර වෙන්න තිබ්බා”

“හ්ම්….”

“එදා පොඩි වෙලාවකට මම ඔයාව අතඇරපු නිසා තමයි ජීවිත කාලෙටම මාව අල්ලගන්න ඔයාට ඕන වුනේ… මතකනෙ ඊට පස්සෙ වෙච්ච දේවල්…”

ඊට පිළිතුරු විදිහට ඇය බැරෑරුම් මුහුණක් මවාගෙන මගේ ඇස් දිහා බැලුවා.

“මෙවා… ඔයා ගෑනු ගැන PHD ඒක කළේ මොන කැම්පස් එකේ ද… ආ… ගෑනුන්ගෙ හිත් ඔය තරම්ම කියවන්න පුළුවන් වුණේ කොහොමද මෙවා.. මට නම් ඒ ගැන මාර බයයි…”

ඇය මගේ පපුවට ආදරණීය ඒත් බැරෑරුම් පහරක් එල්ල කළා. ගැහැනු සිත් කියවන්න පුළුවන් පිරිමියෙක් ලැබෙන එක මහා භාග්‍යයක් කියලා තමයි ගැහැනුන් හිතාගෙන ඉන්නෙ. ඒත් ඇත්තටම එහෙම පිරිමියෙක් ලැබෙන එකේ භයානක පැත්තකුත් ගැහැනුන්ට තියනවා. පිරිමියෙක්ට ගැහැනු හිතේ අස්සක් මුල්ලක් නෑර තියෙන හැම දෙයක්ම කියවන්න පුළුවන් නම් ඒ ගැහැනිගේ හිතේ තියන රහස් පවා කියවන්න ඒ පිරිමියට පුළුවන්. ඒත් ව්‍යංගා මගේ මූණ ඉදිරියේ අදහස් කළේ ඒ බය නෙමෙයි. දැනුවත්ව හෝ නොදැනුවත්ව ව්‍යංගගෙ කටින “බයයි” කියලා ඇත්තම පිටවුනා. ව්‍යංගගෙ කටින් පිට වුණු දේවල් මෙහෙම නම් පිටවුනේ නැති තව කොච්චර දේවල් ඇද්ද! විශේෂයෙන්ම රොකී ගැන. රොකී ගැන කිසිම දෙයක් මට නොකියා ඉන්න ඇය පරිස්සම් වුණා.

“මේ…. මෙවා…. මාව මැරි කරන්න ඕනේ කියලා මුලින්ම හිතුනෙ කවදද….?”

“ඕකට උත්තරේ මම කී පාරක් දීලා තියනවද…. බබා… මම දැන් නැගිටින්නද, මට දැන් යන්න ඕන..”

“අනේ මෙවා….. තව ටිකක් අපි ඒ ගැන කතා කරමුකො… මම ආසයි අහන්න…”

“එක්කෙනෙක් මට කිව්වනෙ ‘මෙවන්, ඔයා මගේ ටයිප් එකේ නෙමෙයි’ කියලා. එදා තමයි මට හරියටම තේරුනේ මම ඔයාගේ ටයිප් එකේ පිරිමියෙක් කියලා. ඒත් එදා මට හිතුණේ මම ඔයාව මැරි කරනවයි කියලා නෙමෙයි.. ඔයා කවද හරි මාව මැරි කරයි කියලා. මේ… ව්‍යංගා අපි ඕක ගැන දැන් පනස්දාස් වාරයක් විතර කතා කරලා තියෙනවනෙ… තව මොනා කතා කරන්නද බබා”

ඇය ඇස් වලින් ඔරවලා මගේ පපුවට ඔළුව තියාගත්තා. ඇත්ත හෝ බොරු, අදාල හෝ කිසිසේත්ම අදාල නැති ඕනම මාතෘකාවක් මවාගෙන පිරිමි පපුවක හුරතල් වෙන්න, කිතිකැවෙන්න, සැනසෙන්න, මුසුවෙන්න ගැහැනුන් හරිම ආසයි. රාත්‍රියේ ව්ඳපු අසීමිත රාගික ක්‍රියාන්විතයේ ආදරණීය ප්‍රතිඵල උදෑසන පුරා ඇයගෙන් වාන් දැම්මා. ඇයගේ ඇඟිලි වල මෘදු පිරිමැදුම් වලින් මගේ මුළු ඇඟම ආශ්වාදනීය වෙමින් තිබුණා. කොච්චර කතා කළත් එපා වෙන්නෙ නැති ව්‍යංගගෙයි මගෙයි පළවෙනි හමුවීම ගැන නැවත නැවතත් කතා කරන්න ව්‍යංගගෙ හිතේ අසීමිත කැමැත්තක් තිබුනා. ඒත් ඇය දඩබ්බර හැඟීමකින් මෙහෙම කියුවා.

“මෙවා… ඔයාගෙ ඔය brown colour ඇස්…. අනේ මන්දා….. මේ ඇස් අනිත් කෙල්ලොන්ගෙන් හංගලා තියාගන්න… හරිද…!!!!!”

“හරි හරි බබා…. මම යනවා වොෂ් දාන්න…”

ව්‍යංගගෙ ආදරණීය ග්‍රහණයෙන් මිදිලා ඔෆිස් යන්න මම සූදානම් වුනා. Tom Ford Tobacco Vanille perfume එකේ ආශ්වාදනීය සුවඳවත් මත් බව සිරුර පුරා තවරගත්ත මම, black emerald අත් දිග ෂර්ට් එක ඇඳගෙන කාර් එකට නැග්ගෙ අත් දෙක නවන්නෙත් නැතුව. කාර් එකේ යනගමන් ෂර්ට් එකේ අත් ටිකක් උඩට නවාගත්තා.

ඊයේ රෑ ඉඳලා මේ වෙනකම් ව්‍යංගා රොකී ගැන කිසිම දෙයක් කියුවෙ නෑ. ජීවිතේ තියෙන සම්මත සම්බන්ධකම් ඇතුලේ අසම්මත බැඳීම් ගැන වැරදිලාවත් මතක් කරන්න ඇය මොහොතකටවත් පෙළඹුණේ නැහැ. රොකී නිසා ඇය මුහුණ දීපු අකමැති මතක මගෙන් හංගන්න ඇය සියුම් උත්සාහයක් ගන්නවා කියලා මට තේරුණා. ඊයෙ ඉඳලා ඇය ඒ ගැන කියන්න සූදානම් වෙලා හිටියත් මොකද්දෝ හේතුවක් නිසා ඇය ඒ ගැන කියුවෙ නෑ. ඒ වෙනුවට ඇය තෝරගත්තෙ මාත් එක්ක ‍රාගයෙන් මත් වෙන එක.

මේ හැම සිතුවිල්ලක්ම මැද්දෙ මගේ අසම්මත දඟකාරිය තාමත් මගේ මනස කලඹවනවා. BM එකේ වේගයත් එක්කම මගේ මනස ඈතින් ඈතට ගියේ රිතිකත් එක්ක.

“වැරදි අයත් එක්ක ගොඩක් දුර යන්න එපා. හැරිලා එන්න වුනොත් ඒ මුළු දුරම එන්න වෙන්නෙ තනියම”

මගේ මනස මාත් එක්කම තර්ක කරන්න පටන් ගත්තා. ඒත් මට ඕනෙ රිතිකත් එක්ක දුර ගමනක් යන්න නෙමෙයි. එකම කෙල්ලෙක් මත්තෙ නැහෙන්නෙ නැතුව, එක කෙල්ලෙක්ගෙ රස බලලා… තවත් කෙල්ලෙක්ව ඩෙසට් එකට අරගෙන… තවත් කෙල්ලෙක්ව බයිට් එකට ගන්න පිරිමි ආසයි. ඔව් මමත් පිරිමියෙක්. ඒත් ගැහැනු සම්බන්ධයෙන් වෙන පිරිමින්ට නැති විනයක් හදාගන්න මම හැමතිස්සෙම උත්සාහ කළා. රාගය අනතුරු “රහිතයි”. ඒත් ප්‍රේමය අනතුරු “සහිතයි”, ප්‍රවේශමෙන් පරිහරණය කරන්න! කියා මම මටම කියාගත්තා.

ඇක්ස්ලේටරය වේගයෙන් පෑගුනා. ඔෆිස් එකේ හිටපු අයගේ ගුඩ් මෝනිං මැද මම මගේ සීට් එකට ගියා. මේ වෙනකොටත් හංසි මගේ ලැප්ටොප් එක on කරලා ඔක්කොම ඊමේල්ස් චෙක් කරලා තිබ්බෙ. මගේ online කැලැන්ඩර් එක පිරිලා ඉතිරිලා යන්න ඔන්න මෙන්න. කැලැන්ඩර් එකේ hide වෙලා තිබුණ කොටසට මගේ අවධානය යොමු වුණා. Password ගහලා මම ඒක unhide කළා. හ්ම්ම්…. ක්‍රිස්ටිනා සහ ඖශාර්යා නිර්වානි ඉරුසිංහ pending list එකේ බලාගෙන හිටියා. හංසි pending list එකට දාලා තිබ්බ අලුත්ම දෙයක් නිසා මගේ හිතේ පුංචි චකිතයක් ඇති වුණා. රොකී! ඒ නම දැක්ක වහාම මගේ ඇස් ඒ මේ අත ගමන් කළේ හංසි ඉන්නව ද කියලා බලන්න. හංසිගෙන් මේ ගැන අහගන්න මට තිබුනෙ පුදුම හදිස්සියක්. ඒත් ඒ හදිස්සිය යටපත් කරගෙන මගේ සුපුරුදු හදිස්සිය මතු වුණා. ඒ තමයි රිතිකා!

රිතිකා උදේ මට එවපු මැසේජ් එක නිසා ඒකිට කෝල් එකක් ගන්න දැන් මට අවසර තියෙනවා. මගේ හද ගැස්ම පොඩ්ඩක් වැඩි වෙලා. හැම වැඩේම අමතක කරලා ලොකු හුස්මකින් පපුව පුරවගෙන තප්පර කිහිපයක් ඇස් වහගෙන හිටියා. හිත සන්සුන් කරගෙන හිමීට ඇස් ඇරලා ෆෝන් එක දිහා බැලුවා. ඒත් ඊට කලින්… ලාච්චුවේ තියෙන ඩන්හිල් පැකට් එකට අත ගියා. ඒත් dunhill ආශ්වාදය යටපත් කරගෙන රිතිකා කියන ආශ්වාදය මනස ඇතුලේ දෝංකාර දිදී උඩු දිව්වා. ෆෝන් එක අතට අරගෙන ඒකි එවපු මැසේජ් එක මම ආයිත් බැලුවා.

“What r u having for ur dinner tonight? I know something that can be ur dessert..”

මේකි නම් කාමයට අධිපති දෙවඟනක්. කාම ගින්නෙන් දැවෙන කාම ධේනුවක්!! sex life එක ඇතුලේ උපරිම තැනිනුත් එහාට යන්න මේකි දන්නවා. මම රිතිකට call කළා!! තප්පර කිහිපයකින් ඒකි ආන්සර් කළා.

“Hello… Good morning මෙවන්….”

“රිතිකා….”

#සීරියල්කිලර්13⚡

2020-09-11
#ලක්මිණ රණසිංහ