“මෙවන්… ඔයා පාස්”

මම ෆෝන් එක කණේ තියාගෙන රිතිකගේ ආක්‍රමණශීලී සරාගික හඬ මගේ කණ ඇතුලටම ඇතුල් කරගත්තා.

“මට ඔයාව තවත් ටෙස්ට් කරන්න දෙයක් නැහැ මෙවන්. ඔයා ඕනවටත් වඩා ලකුණු අරගෙන පාස්”

මම තවමත් නිහඬව රිතිකගෙ වචන වල සරාගීත්වය විදිමින් හිටියා. මේකි මෙච්චර කල් කරලා තියෙන්නෙ පරීක්ෂණයක්… මේකි මාව ටෙස්ට් කරලා. ගොඩක් වෙලාවට ගැහැනුන් විසින් පිරිමින්ව මේ වගේ පරික්ෂා කිරීම් වලට ලක් කරනවා. සමහර පිරිමි ගැහැනුගේ ලැබ් වල ඉන්න මීයො වගේ. එක එක විදිහෙ පරීක්ෂණ වලට ලක්වෙන්න ඒ මීයන්ට සිද්ධ වෙනවා. ගැහැනුන්ගෙ පරීක්ෂණ වලට පිරිමින්ව ලක්වෙද්දි ගොඩක් පිරිමින්ට ඒ බව අවබෝධ වෙන්නෙ නෑ. පරීක්ෂණ කාලය තුළදී අනවශ්‍ය දේවල් කරන්න ගිහිල්ලා ගොඩක් පිරිමි, ගැහැනුන් අතින් ලකුණු කපා ගන්නවා.. ෆේල් වෙනවා.

පිරිමියෙක්ට ගැහැනියක්ව “ටේස්ට්” කරන්න ඕන වුනොත්, “ටෙස්ට්” කරන්නෙ නැතුවම ඒ පිරිමියා අදාළ ගැහැනියට ළං වෙනවා. ඒත් ගැහැණියක්ට පිරිමියෙක්ව “ටේස්ට්” කරන්න ඕන වුනොත්, “ටේස්ට්” කරන්න කලින් අනිවාර්යෙන්ම ඒ පිරිමියාව “ටෙස්ට්” කරලා බලනවා. සිතුවිලි අතර සැරිසරමින් හිටපු මගේ දැහැන බිඳී ගියේ ෆෝන් එකෙන් ඇහුන රිතිකගෙ හඬ නිසා.

“මං අද උදේ මැසේජ් කළේ ඉවසලා ඉවසලා බැරිම තැන. ගෑනියෙක්ගෙ feelings වල ඉවසීමේ සීමාව පන්නන්න හැම පිරිමියෙක්ටම බෑ මෙවන්. ඒ සීමාව පන්නන්න කොහෙන්ද ඔයා ඉගෙන ගත්තෙ?”

“මේ… රිතිකා… ඒක මම ඉගෙනගත්ත දෙයක් නෙවෙයි. මට හම්බවෙච්ච හැම කෙල්ලෙක්ම ඒක මට ඉගැන්නුවා… ඒක මට උගන්නපු අය අතරෙ ඔයත් ඉන්නවා”

“මමත්? මම හිතුවෙ ඔයා මගේ ළඟට එද්දි ගෑණුන්ගෙන් ඉගෙන ගන්න තියන හැම දේම ඉගෙන ගෙන ඇති කියලා

“පිරිමියෙක්ට මැරෙනකං වුණත් ඉගෙන ගන්න ඕන දේවල් ගෑනු ළඟ තියෙනවා. රිතිකා…. මේ… ඔයා මාව ටෙස්ට් කරන්න පටන් ගත්තෙ කවදා ඉඳලද…?”

“ගැහැණු වෙච්ච අපි මුළු ජීවිත කාලෙම කරන්නෙ පිරිමින්ව ටෙස්ට් කරන එක. සමහර පිරිමි ඒ ටෙස්ට් එකෙන් පාස් වෙනවා. තවත් සමහර පිරිමි ටෙස්ට් එකෙන් ෆේල් වෙනවා. පාස් උනත්, S එකක් අරගෙන පාස් වෙන පිරිමි වැඩක් නෑ.”

“ඕනම කොල්ලෙක්ගෙ හිත හිරිවට්ටන්න පුළුවන් beauty එකක් තියෙන ඔයා…. කසාද බැඳපු මාව ටෙස්ට් කරලා මගෙන් මොනාද බලාපොරොත්තු වෙන්නෙ?”

“මම ගෙවල් හදන්නෙම අවදානම් සහිත බෑවුම්වල මෙවන්… ඔයා ඒක නොදන්නව වෙන්න බෑනෙ”

මේකි කියපු මේ පුංචි වාක්‍ය ඇතුලෙ පොතක් ලියන්න තරම් ලොකු ගැඹුරක්, ලොකු කතාවක්, ලොකු අර්ථයක් තිබුනා. සාමාන්‍යයෙන් අවදානම් සහිත බෑවුම්වල ගෙවල් හදන්නෙ “පිරිමි”!! පිරිමි හදන ඒ ගෙවල්වල පදිංචියට යන්න ගැහැනු හිත් කැමැති නෑ. ඒත් කිසිම දේකට බය නැති රිතිකා, අවදානම් සහිත බෑවුම්වල ගෙවල් හදලා පිරිමින්ට ආරාධනා කරනවා. ඒ අතින් ඒකි මාර bold කැරැක්ටර් එකක්. ඒ ගෙවල්වල පදිංචියට යන්න පිරිමි හිත් වල පවා චකිතයක් ඇති වෙන තරමටම මේකි කරන දේවල් අවදානම්. සමහර අසම්මත අභියෝග වලදී පිරිමියෙක්ට වඩා පිරිමිකමක් මේකිගෙ හිතේ තිබුණා. ගැහැනියක් උනහම එහෙම වෙන්න ඕනෙ. පිරිමියෙක්ව යටත් කරගන්න පුළුවන් තරම් පෞරුෂයක් හැම ගැහැනියක්ම තමන් තුළ නිදිකරවලා තියාගෙන ඉන්න ඕනෙ. අවශ්‍ය වෙලාවෙදි ඒ පෞරුෂය ඇහැරවන්න ඕන.

මේකිට කවුරුහරි පිරිමියෙක්ව ලබාගන්න ඕනෙ කියල හිතුනොත් ඒ පිරිමියට ගැලවිලා යන්න ලේසි නෑ. මේකිගෙ තියෙන දරාගන්න බැරි sexual gravity එක නිසා කාටවත් පැනලා යන්නත් බෑ. කෙල්ලෙක්ට sexual gravity එකක් ලැබෙන්නෙ ජීව විද්‍යාත්මක වාසනා ගුණයක් නිසා. ඕනම පිරිමියෙක්ට කාමුක නාස් ලණුවක් දාලා මෙල්ල කරගන්න හැටි මේකි දන්නවා.

හ්ම්… මම රිතිකා ගැන හිතනවා වැඩියි. සෙල්ලක්කාර කාමුක ආශාවන් තෘප්ත කරගන්න එක මූලික අරමුණ කරගෙන තමයි මම රිතිකට ළං වුනේ. ඒත් මම ඒකිගේ හදවතත් එක්ක ගනුදෙනු කරයිදෝ කියන ත්‍රාසජනක බියෙන් මගේ ශරීරය හිරිවැටුනා. ගැහැණුන් පිරිමි හිත් එක්ක ගනුදෙනු කරන්න ගත්තහම කොහොමත් ත්‍රාසජනකයි. ත්‍රාසය විතරක් නෙමෙයි, භීතිය සහ කුතුහලයත් එතන තියෙනවා.

“මේ….. මෙවන්.. මම දන්නවා ඔයා මේ වෙලාවේ ඔෆිස් එකේ කියලා. මොකද හිතන්නෙ මම උදේ එවපු මැසේජ් එක ගැන… “

උදෙන්ම ඒකි එවලා තිබ්බ මැසේජ් එක මගේ ඔළුව ඇතුලෙ ආයෙත් ටයිප් වුණා.

“What r u having for ur dinner tonight? I know something that can be ur dessert..”

මෙච්චර වෙලා කතා කරමින් හිටපු ටෝන් එක ටිකක් රිලැක්ස් කරලා ආදරණීය විදියට ඒකි මගෙන් මෙහෙම ඇහුවා.

“ඔයා එනකම්…. ඔයාගේ dessert එක බලාගෙන ඉන්නවා… මෙවන්, ඔයත් එක්ක හිටපු වෙන ගෑනුන්ගෙන් හම්බ වුනේ නැති වෙනම රහක් මගේ තියනවා කියලා මම දන්නවා…. පරිස්සමෙන් මෙවන්… ඔයාට මගේ ළඟ නතර වෙන්න හිතෙයි… ඒත් හිත ශක්තිමත් කරගන්න”

මේකි බය නැතුව මගේ ආත්ම ගරුත්වය පල්ලෙහාට ඇදලා දැම්මා. පිරිමින්ගේ ආත්මගරුත්වය පහළට දාලා ආත්මාර්ථකාමීය සතුටක් ලබන්න ගැහැණු කැමතියි. පුද්ගල ගනුදෙනුවලදී, ආදරේදී, සෙක්ස් වල දී මේ තත්වය තවත් වැඩියි. මේකිගෙ සමහර වචන තියුණු උල් පිහි වගේ මගේ පපුවට තදින්ම ඇණුනා. ඒ වචන වලට මගේ ඇඩ්‍රිනලීන් සක්‍රිය වුණා. මේකි ඇයි එකපාරටම මට මෙහෙම හින්ට් එකක් ගැහුවෙ? රතු කට්ට පනිනවත් එක්කම මගේ කටිනුත් වචන පිට වුණා.

“මේ… මට කොතන හරි නතර වෙන්න ඕනේ නම් කාගෙන්වත් අවසර ගන්න ඕනෙ නෑ. මට ඕනෙ නම් මම නතර වෙනවා. නතර වෙන්නෙ නැතුව යන්න ඕනෙ නම් කවුරු මාව තියාගන්න හැදුවත් මම යනවා. අනිත් එක… මාත් එක්ක හිටපු අනිත් ගෑනු මට රහයිද නැද්ද කියලා ඔයා දන්නෙ නෑනෙ… හැබැයි ඉතින් ඔයා හිටපු පිරිමින්ගෙ රහ මොන තරම් අව්ල් ද කියලා මට හිතාගන්න පුළුවන්. ඒකනෙ මේ කෙල්ල මගේ ළඟ තාම ඉන්නෙ. අනිත් එක තමයි, බ්‍රයන් කියන්නෙ පිරිමියෙක්ද….”

මගේ රහ ගැන අභියෝග කරපු මේකිට මම දුන්න උත්තරේ ටිකක් සැර වැඩියි තමයි. මේකට රිතිකා දෙන සැර උත්තරේ බලාපොරොත්තුවෙන් මම ෆෝන් එක කණේ තියාගෙනම හිටියා. ඇය පුංචි හිනාවක් එක්ක උත්තර දුන්නා.

“සමහර ගැහැණු නිරුවත් වෙන්නෙ එම්බාම් කරන මිනිහා ළඟ විතරයි. කවද හරි මාව එම්බාම් කරන මිනිහා ඉස්සරහ විතරක් නිරුවත් වෙන ගෑනියෙක් වෙන්න මට ඕන වුනේ නෑ මෙවන්… අනිත් එක මම කිව්වනෙ… මම මුළු ජීවිත කාලෙම කරන්නෙ පිරිමින්ව ටෙස්ට් කරන එක කියලා”

පිරිමියෙක්ව නවනවයි කියන එක මේකිට සිම්පල් වැඩක්. ඕනවටත් වඩා වැඩි ලිංගික එක්වීම් ප්‍රමාණයකින් ඕනවටත් වඩා තෘප්තිමත් වෙලා හිටියත්, රිතිකගේ ශරීරයෙන් ලැබෙන පහස මිස් කරගන්න කිසිම පිරිමි ශරීරයක් කැමති වෙන්නෙ නෑ.

“හරි…. මෙවන්, අපිට අද meet වෙන්න පුළුවන්ද?”

“අද නම් බැරි වෙයි… අපි weekend එකේ meet වෙමුද?”

මම ඒකිට දැනෙන්නම පොඩ්ඩක් ඩිමාන්ඩ් කළා.

“මේ weekend එකේ මට බෑ මෙවන් ඩිල්මා එකේ commercial එකක් shoot කරනවා. එහෙනම් අපි ඊළඟ weekend එකේ meet වෙමු”

මේකි නම් පුදුම ගැහැනියක්. මම ඒකිට දාපු බෝලෙට ඒකි හයක් ගැහුවා. මට ඕන වුණේ රිතිකට මගේ අගය දැනෙන්නත් එක්ක, අද meet වෙන්නෙ නැතුව වෙන දවසක meet වෙන්න. ඒත් මේකි මට අනිත් පැත්තට දාපු දුස්රා එක මට දරා ගන්න බැරි වුණා. දැන් නම් මේකිව meet නොවී සතියකට වඩා ඉන්න මට බෑ. රිතිකගෙ රාගික උගුලට මම මේ වෙනකොටත් අහුවෙලා හිටපු නිසා මට සතියකට වඩා ඉවසන්නම බෑ. ඒකිගෙ සරාගීත්වය ඒ තරමටම පිරිමින්ව මෝහනය කරනවා. දරාගන්න බැරි කරවනවා. අඩියක් පස්සට තියලා පරාජය පිළිඅරගෙන මම ආයිත් කතා කළා.

“හරි මම ඔයාට හවස් වෙලා කෝල් එකක් දෙන්නම්කො. තියන වැඩ ටික manage කරගන්න පුළුවන් වුනොත් අද meet වෙමු”

“හ්ම්… මෙවන්, ඔයාට කියන්න තව විශේෂ දෙයක් තියෙනවා…. meet වෙලාම ඒක කියන්නම්”

“මොකක් ගැනද?”

“රොකී ගැන”

මගේ හද ගැස්ම වැඩි වුණා. ෆෝන් එක ඇඟිලි අතර තදින් හිර වුණා. ලොකු හුස්මක් ගත්තා. ව්‍යංගගෙයි රොකීගෙයි සම්බන්ධය මතක් වුනා. ඉවසගන්න බැරිම තැන ක්ෂණික තීරණයක් අරගෙන මම රිතිකට උත්තර දුන්නා.

“හරි! අද අපි meet වෙනවා!! හවස් වෙලා මම කෝල් එකක් දෙන්නම්…”

“Ok then… byee”

“Bye රිතිකා”

රිතිකා රොකීගෙ නම කියපු ගමන් මගේ ඇඩ්‍රිනලින් ආයෙත් නලියන්න පටන් ගත්තා. රොකී කියන්නෙ මට මාරාන්තික අභියෝගයක් වෙන්න පුළුවන් මනුස්සයෙක්.

රොකීට මාත් එක්ක තියන professional වලිය, personal මට්ටමට ඌ අරගෙන ගියා. මගෙන් පළිගන්න හිතාගෙන මගේ වයිෆ්ට ඌ ළං වුණා. ඒත් අන්තිමේදි ඒ සම්බන්ධය නැවතුනේ ව්‍යංගගෙන් රොකී ගුටි කාළා. මේ නිසා ව්‍යංගයි මායි දෙන්නම ගැන රොකී ඇහැ ගහගෙන ඉන්නවයි කියලා මම දන්නවා. එක වෙලාවකදි ව්‍යංගට ඕන වුණේ රොකී ගැන හැම විස්තරයක්ම මට කියලා, හැම පවක්ම සමා කරගන්න. ඒත් ව්‍යංගා තාමත් මට ඒ දේවල් කිව්වෙ නෑ… මම අහන්න ගියෙත් නෑ. ඒ අස්සෙ රිතිකටත් රොකී ගැන මොකද්දෝ දෙයක් කියන්න තියනවලු. සමහර සම්බන්ධතා අතිශය සංකීර්ණ වෙන්නෙ තෙවන පාර්ශවයක් නිසා.

මේ සිතුවිලි රොත්තත් එක්ක පැය කිහිපයක් ගතවුණා. ඔෆිස් එකේ එකී මෙකී නොකී වැඩ කන්දරාවක් හංසි එක්ක එකතුවෙලා ටිකෙන් ටික මම ඉවර කළා. ඇඩ්වර්ටයිසිං ඒජන්සි එකක head කෙනෙක් වුනහම කරන්න තියන ලොකුම වැඩේ තමයි ප්‍රශ්න විසඳන එක.

හවස ලැබුණු පොඩි බ්‍රේක් එකේදි මම රොකී ගැන, ව්‍යංගා ගැන හැමදෙයක්ම හංසිට කිව්වා. ඒත් ඔෆිස් වෙලාවෙදි මේවා ගැන කතා කරනවට හංසි කැමති නෑ. මම එයාගේ බොස් ද නැද්ද කියන එක හංසිට අදාල නෑ. ප්‍රොෆෙශනල් කියන එකේ උපරිම තැන එයා ඉන්නවා.

***************

Client meetings කිහිපයක reports චෙක් කරමින් සහ කරන්න ඉන්න campaigns කිහිපයක් ගැන කතා කරමින් හංසිත්, මමත්, client servicing director අංජලිත් හවස පැය 2ක විතර කාලයක් ගත කළා. ඒක ඉවර වෙලා අංජලී මගේ ඔෆිස් රූම් එකෙන් පිටත් වුණා. ඒ මොහොතේ දී ලැබුණු පුංචි විවේකය ප්‍රයෝජනයට අරගෙන හංසි මට කතා කළා.

“බොස්, ඖශාර්යා නිර්වානි ඉරුසිංහව මතකද?”

“ඔව්, ඉරුසිංහගේ දුවනෙ… අර මාව මීට් වෙන්න හදන්නෙ”

“ඔව්, මම ඒ කෙල්ලගෙ ෆේස්බුක් එක පොඩ්ඩක් බැලුවා. ටිකක් වෙනස් විදිහට හිතන පතන කෙල්ලෙක්. තාත්තා වගේම තමයි”

“හංසි මොනාද ඒ කෙල්ලගෙ ෆේස්බුක් එකේ නෝට් කරපු දේවල්?”

#Life එක ගැන මාර වෙනස් විදිහට හිතන කෙල්ලෙක්. #Love ගැන #sex ගැන මාරම ඕපන්”

“ඒකත් එහෙමද…. හ්ම්ම්….. මොකක් හරි හේතුවක් නිසා කාන්දම් වගේ මට ඇදිලා එන්නෙම ඒ වගේ කෙල්ලොනෙ… අනේ මන්දා… මගේ රැවුලෙ හරි, කොහේ හරි මොකක් හරි අමුතු දෙයක් තියෙනවද….?”

මම එහෙම කිව්වේ හංසිට දැනෙන්නත් එක්ක. මම නිසා හංසි, කායිකවත් මානසිකවත් උපරිමයෙන් තෘප්තිමත් වෙනවයි කියලා මම දන්නවා. ඉරුසිංහගේ දුවට විතරක් නෙමෙයි, හංසිටත් ලයිෆ් එක ගැන, සෙක්ස් ගැන තියෙන්නෙ වෙනම රහක්. හංසි එක්ක ඒ රහ ඕනවටත් වඩා මම විඳලා තියෙනවා. Sex වලදි creative වෙන පිරිමින්ට කැමති ගැහැණුන්ගෙ ලිස්ට් එකක් හැදුවොත් ඒකෙ උඩින්ම ඉන්නෙ හංසි. මොන තරම් වැඩ මැද්දෙ හිටියත් හංසිව දැක්කගමන් මුරණ්ඩුකාර සිතුවිලි රත් වෙන්න පටන් ගන්නවා. මුළු දවස තිස්සෙම ඒක ඉවසගෙන ඉන්න එකෙත්, අමුතුම ආශ්වාදයක් ඇඟට දැනෙනවා.

“වෙන වෙන දේවල් හිතන් නැතුව මම කියන දේ පොඩ්ඩක් අහන්නකො බොස්… මම පොඩි දෙයක් නෝට් කළා… ඔය ඖශාර්යා කියන ගෑනු ළමයයි, ‍රොකීයි, ෆේස්බුක් එකේ ගොඩක් ක්ලෝස්. ඒ දෙන්නා හොඳම යාළුවො වගේ. ලොකු age ගැප් එකක් තිබුනත් ඒ දෙන්නා ළඟින් ආශ්‍රය කරනවා වෙන්න පුළුවන්. මට ඒ සම්බන්ධෙ ගැන පොඩ්ඩක් හිතාගන්න අමාරුයි. බොස් රොකී ගැන දන්නවනෙ. බොස්ටවත් හිතා ගන්න බැරිද මේ කෙල්ලගෙ හිතේ රොකී ගැන මොනා තියනවද කියලා”

“ගෑනුන්ටවත් ගෑනුන්ගෙ හිත් තේරුම්ගන්න බැරිකොට, පිරිමි කොහොම ද ගෑනුන්ව තේරුම් ගන්නෙ.”

එකකට එකක් ඈතින් තියෙන සිදුවීම් අපි හිතාගන්න බැරි විදිහට එකකට එකක් සම්බන්ධ වෙලා තියෙනවා. සමහර වෙලාවට ඒ සම්බන්ධකම් අපිව විශ්මයට පත් කරනවා. කවදාවත් ළං වෙන්නෙ නැහැයි කියලා හිතාගෙන ඉන්න සිද්ධි දෙකක් හෝ කිහිපයක්, කාටත් හොරෙන් සියුම් රැහැනකින් එකිනෙකට ගැට ගැහෙන්න පුළුවන්.

ව්‍යංගා කියන්නෙ මගේ වයිෆ්. රොකී කියන්නෙ මගේ වෘත්තීමය තරහකාරයෙක්. ව්‍යංගා සහ රොකී හිතාගන්න බැරි විදිහට ගැට ගැහුනා. රිතිකා කියන්නෙ මගේ කවුද කියලා මම තාම හරියටම දන්නේ නැහැ. නමක් නැති ඒ සම්බන්ධය ඇතුලෙ ඉන්න රිතිකට රොකී ගැන දෙයක් මට කියන්න තියෙනවලු. මාව හම්බවෙන්න බලාගෙන ඉන්න ඉරුසිංහගේ දුව සහ රොකී, ෆේස්බුක් එකේ ගොඩක් ළඟින් ගැට ගැහිලා ඉන්නවා. සමහර සිද්ධි එකිනෙකට කොච්චර ඈත් කරලා තියන්න අපි උත්සහ කරත්, ඒවා ඉබේම එකට යාවෙනවා, ගැටගැහෙනවා, පැටලෙනවා.

ව්‍යංගා, රිතිකා සහ ඖශාර්යා කියන තුන් දෙනාගෙම පොදු සාධකයක් බවට රොකී පත්වෙලා. ගැට ගැහිච්ච නූල් බෝලයක් වගේ මේ සිද්ධි ඔක්කොම මගේ ඔළුව ඇතුලෙ පැටලෙනවා. රොකී මොකක් හරි සැලසුමක් ක්‍රියාත්මක කරනවද කියන සැකයත් මගේ ඔළුවට ආවා. ඒත් එහෙම සැලසුමක් තියනවා නම් මටත් කලින් හංසිට ඒක තේරෙන්න ඕනෙ.

හංසි එයාගේ ෆෝන් එකෙන් ඉරුසිංහ ගේ දුවගෙ, ඒ කියන්නේ ඖශාර්යා නිර්වානි ඉරුසිංහගේ facebook profile එකේ අන්තිමටම දාල තිබ්බ පෝස්ට් එක පෙන්නුවා.

“මත්වීමක් කියන්නෙ තෙත් වීමක්”

ඒක තමයි ඖශාර්යගෙ fb එකේ උඩින්ම තිබ්බ පෝස්ට් එක.

ඖශාර්යගෙ ෆේස්බුක් ප්‍රොෆයිල් එකේ පහළට මම ගියා.

“රාගය වහා ගිනි ඇවිලෙන සුලු මූලද්‍රව්‍යයකි”

“මල් වට්ටි වගේ අහිංසක සමහර කෙල්ලො මල් වට්ටි වගේ පිරිමින්ගේ අතින් අතට යනවා”

“මම ආසයි වැස්සෙ තෙමෙන්න .. හිරිගඩු පිපෙන සීතලේ නිරුවතින් දුවන්න”

“එයාට මාව සිය වතාවක් එපා නම් මට එයාව දහස් වතාවක් ඕනෙ!”

“සම්මත ද අසම්මත ද කියන එක අදාලම නෑ”

“පිරිමි වදවෙන්නෙ ගෑනුන්ගෙ අතීතය ගැන. ගෑණු වදවෙන්නේ පිරිමින්ගෙ අනාගතය ගැන”

ඖශාර්යගෙ fb එකේ තිබුන අදහස් මාරම creative. වයස අවුරුදු 18 ක කෙල්ලෙක්ට මේ තරම් මොරාල් එකක් තියෙන එක පුදුමාකාර දෙයක්. එයා දාල තිබ්බ සමහර පෝස්ට් වලට රොකී රිඇක්ට් කරලා තිබ්බා.

“හංසි… මේ කෙල්ලව ඉක්මනටම මට meet කරවන්න. මෙයාව මෙහේ වැඩට ගන්න ඕනෙ. වෙන සෙන්ස් එකක් මේ කෙල්ලට තියෙනවා. මේ කෙල්ලව ඇඩ්වර්ටයිසිං වලට ඩිසිප්ලීන් කරල ගත්තොත් මාරම creative output එකක් ගන්න පුළුවන්. හැබැයි මේ ඔක්කොටම කලින් තේරුම් ගන්න ඕනෙ, මෙයයි රොකීයි අතර තියෙන්නෙ මොකක්ද කියලා”

“Ok බොස්, මම බලන්නම්”

එහෙම කියලා හංසි පිටත් වුනේ ඇයගේ සරාගී සිරුර සුපුරුදු විදිහට පද්දලා… මාව අවුස්සලා. මම ඇයගේ පැද්දෙන ඇඟ දිහා බලාගෙන හිටියා.

“බොස්, මම යනකම් ඉඳලා ඔය විදිහට මගේ දිහා බලන්න එපා”

පිටිපස්සටත් ඇස් තියෙන හංසි, කින්ඩියට වගේ එහෙම කියාගෙන ගියේ පලවෙනි පාරට නෙමෙයි. මගේ දිහා හැරිලවත් බලන්නේ නැතුව හංසි මීට කලින් සිය දහස් වතාවක් ඔය කතාව මට කියලා තියෙනවා.

හ්ම්… දැන් හවස් වෙලා. මගේ ඔළුවේ ඇලිලා ඉන්න කොහොල්ල ගුලිය. ඒ තමයි රිතිකා. ඒකිව මීට් වෙන්නත් මගේ හිත ඇතුලෙ තිබුණෙ බරපතල ආශාවක් සහ උනන්දුවක්. ඒ වගේම රොකී ගැන දැනගන්නත් ඊට නොදෙවෙනි උනන්දුවක් මගේ හිතේ තිබුණා. මොකද කියනවනම් රොකී සහ ව්‍යංගගෙ සම්බන්ධය ගැන මට පොටක් පාදගන්න ඕන වෙලා තිබ්බෙ.

තාමත් ෆෝන් එකේ සේව් කරගෙන නැති ඒකිගේ නම්බරේ මම හොයාගත්තෙ call log එකෙන්. මම රිතිකට කතා කළා.

“හෙලෝ රිතිකා….. 8 ට shangri la එකේ ෂැං පැලස් එකට එන්න”

“හරි මම එනවා… මෙවන්… මාව හම්බ වෙන්න එන එක කාටවත් දැනගන්න තියන්න එපා! see you soon…”

රිතිකා එහෙම කියන්නෙ මොකක් හරි දෙයක් සිද්ධ වෙලා තියන නිසා කියලා මට තේරුනා. අසම්මත තැන්වලදි ගැහැණු ඕනවටත් වඩා පරිස්සම්. අසම්මත දේවල් පරිස්සමෙන් කරන කලාව පිරිමි දන්නෙ නෑ. ඒත් ගැහැණු ඒ කලාව හොඳට ප්‍රගුණ කරලා තියෙනවා. රිතිකගෙ මේ පරිසමට හේතුව ගැන මම ප්‍රශ්න කරන්න ගියෙ නෑ. ඒත් මනස ඇතුලෙ අලුත් ප්‍රශ්න උල්පතක් ඇතිවෙලා ප්‍රශ්න ගංගාවක් පැන නැගුණා.

සරාගික හැඟීම් වලට නිදහසේ ගලාගෙන යන්න ඉඩ දෙන ගැහැනු, ජීවිතේ ඇතිවෙන සංකීර්ණතාවලට මුහුණ දෙන්නත් ලෑස්ති වෙලාමයි ඉන්නෙ. රොකී එක්ක ඇතිවෙච්ච සංකීර්ණතාවලට ව්‍යංගා පිරිමියෙක් වගේ මූණ දුන්නයි කියලා මම දන්නවා. ඒත් මගේ වචන වලට උඩින් ගිය ව්‍යංගා ගැන මගේ හිත ඇතුලෙ කකියන කේන්තියක් තිබුනා.

ඔෆිස් එකේ වැඩ ඉවර වෙලා, dunhill දුම් උගුරු පෙනහළු වලට පුරෝගෙන කෙලින්ම මම පිටත් වුනේ shangri la එකට. ෂැං පැලස් රෙස්ටෝරන්ට් එකේ කොනක තිබුණ මේසෙක රිතිකා වාඩිවෙලා හිටියා.

පිරිමින්ගෙ හදවතට ඇටෑක් කරන ගැහැනු අතර පිරිමියෙක්ගෙ මොළේට ඇටෑක් කරන ගැහැණු හරිම අඩුයි. ඒ අඩු පිරිස අතර ඉන්න කෙනෙක් තමයි රිතිකා!! කිසිම වචනයක් කියන්නෙ නැතුව මම කෙලින්ම රිතිකා ඉස්සරහින් වාඩි වුණා. ඒකිගෙ සරාගික බැල්මට මාව මත් වෙලා ගියා. ඒකිගෙ මාරාන්තික සරාගීත්වයට වශී නොවන පිරිමි හිතක් නැති තරම්. ඒකි මද සිනහවකින් කතාව පටන් ගත්තා.

“ඇඩ්වටයිසිං ඒජන්සියක අයිතිකාරයෙක්, client servicing කෙල්ලෙක්ව බලන්න එනවයි කියලා කියන්නෙ මහා පුදුම දෙයක් නේද මෙවන්…. ඔයා මගේ ඇඟට ඔච්චර ආසද?”

රිතිකගෙ මුරණ්ඩුකාර වචන වෙඩි උණ්ඩ වගේ එළියට පැන්නා. කටට එන හැම දේම බය නැතුව එළියට දාන මේ වගේ ගැහැනුන්ට මම කොහොමත් ආසයි. රිතිකගෙ මුරණ්ඩුකම, දඩබ්බරකම, නාහෙට අහන්නැති ඇටිටියුඩ් එක ඇතුලෙ මේකිව මට හොඳටම feel වුණා. මනස ඇතුලෙ සෙක්ස් හිරකරගෙන ඉඳලා අනිත් අයට ඊර්ෂ්‍යා කරනවට වඩා, ඇඟ ඇතුලෙ තියන කාමුක සිතුවිලි බය නැතුව එළියට දාලා, රිලැක්ස් එකේ ඒවා විඳින්න තමයි මේකිට ඕනෙ. ඒත් මේකි අද උදේ ඉඳලම මට පොඩි පොඩි හින්ට්ස් ගැහුවා.

අන්තිම පාරට මේකිව හම්බවෙච්ච වෙලාවෙදි අධිබලැති ලිංගික ආශ්වාදයක අසීමිත පහස ඇයත් මමත් වින්දා. මම මේකිගෙ ඇඟට පුදුම තරම් ආසයි කියලා මේකිත් හොඳටම දන්නවා. මේකිටත් මගේ දඩබ්බර පහස නැතුව ඉන්න බෑ. මේකිගෙ ඇඟත් එක්ක මම කරපු දඟකාර මුරණ්ඩු දේවල් මේකිට කවදාවත් අමතක වෙන්නෙ නෑ කියලත් මම දන්නවා.

“රිතිකා… sex කියන්නෙ අපේ හාට් එක වගේ!! ඒක නැවතුනාම තමයි අපිට තේරෙන්නෙ අපිට හදවත කොච්චර වැදගත් ද කියලා. හදවත නවතින්න කලින් කවදාවත් අපිට හදවතේ වටිනාකම දැනිලා නැහැ නේද…. තවත් විදිහකට කියනවා නම් sex කියන්නෙ හරියට ඔක්සිජන් වගේ. ඒක නැති වුණාට පස්සෙ තමයි ඒකෙ වටිනාකම අපිට තේරෙන්නෙ….”

“එහෙනම් මෙවන්…. අදත් ලොකු හුස්මක් අරගෙන පෙනහලුවලට ඔක්සිජන් පුරෝගන්න ලෑස්ති වෙන්න”

මුණගැහුනු පළවෙනි විනාඩියෙදිම Hi කියන්නත් කලින් මේකිගෙයි මගෙයි වනචර කාමාශාවන් පිටාර ගලන්න පටන් ගත්තා. මගේ හිත ඇතුලෙ ඉන්න වනචර වෘකයා මේ වෙලාවෙදි අසීමිතව සතුටු වෙනවයි කියලා මම දන්නවා. රිතිකට සෙක්ස් කියන්නෙ හරියට ඔක්සිජන් වගේ. රාගයෙන් ගිනිගන්න රිතිකගෙ මේ ඇඟට ඔක්සිජන් නැතුව ජීවත් වෙන්න බෑ. මේකිව මට හම්බවෙච්ච මුල්ම දවස් වල ඒකි මට කියපු දෙයක් මට තාම මතකයි.

“Goalkeeper කෙනෙක් හිටියයි කියලා ගෝල් එක ගහන්නෙ නැතුව ඉන්න ජාතියේ ගෑනියෙක් නෙමෙයි මම!!”

රිතිකා කවදහරි මගේ ගෝල් එකට ගහනවාම තමයි කියලා එදා තමයි මම හරියටම දැනගත්තෙ. මගේ ඉදිරියේ ඉන්න මේ දෙව් දුවගේ රාගාධික කැරලි කෙහෙරැලි වල සුන්දරත්වයත්, මුහුණේ අසාමාන්‍ය සරාගීත්වයත් දිහා බලාගෙන මම කතා කළා.

“ඉතින්… මේ දවස් වල මොනාද වෙන්නෙ…”

“ඔෆිස් එකේ වැඩ වල නම් කිසිම වෙනසක් නෑ… ඒ නිසා මම වෙනසක් හොයාගෙන ආවා”

“ඉතින් ඒ වෙනස හම්බවුණාද?”

හාස්‍ය මුසු ටෝන් එකකින්, පොඩි හිනාවකුත් එක්ක මම රිතිකාගෙන් එහෙම ඇහුවා.

ඇයගේ සරාගී දෙනෙත් එක එල්ලේ මගේ ඇස් දෙකට එල්ල වෙලා තිබුණේ හරියට මිසයිල දෙකක් වගේ. ඒ ඇස් වලට පුළුවන් පිරිමියෙක්ව අවුස්සන්න, අව්ළුවන්න, ගිනිතියන්න සහ අළුකරන්න.

පැයක් විතර විවිධ දේවල් කතා කරමින් සහ ආහාර ගනිමින් #shangri-la ෂැං රෙස්ටෝරන්ට් එකේ අපි කාලය ගත කළා. විවිධ දේවල් කතා කරමින් හිටපු අතරතුර අදහා ගත නොහැකි වචන කිහිපයකින් මේකි මගේ මූණට දමලා ගැහුවා.

“මගෙයි රොකීගෙයි සම්බන්ධයක් තියෙනවා”

#සීරියල්කිලර්14⚡

2020-09-30
#ලක්මිණ රණසිංහ