Tag: biology

  • කින්සිට ඇණ ගහමු

    කින්සිට ඇණ ගහමු

    සෙක්ස් කියන්නෙ මානව ශිෂ්ටාචාරයේ පවතින ආන්දෝලනාත්මකම විෂය. සෙක්ස් දමනය කරන්න තමයි සදාචාරය, ආගම ආදී සියල්ල සකස් වෙන්නෙ. දන්නෙම නැතුව විද්‍යාවත් තමන්ගේ විෂය පථය පාවා දෙමින් මේ ආගමික සදාචාරවාදී අදහස් මත පිහිටනවා දකින්න පුළුවන්. ඇල්ෆ්‍රඩ් කින්සි අභියෝග කලේ මෙතනයි. එයාගෙ අදහස වුනේ විද්‍යාව සදාචාර මානයන්ගෙන් තොර විවෘත දැක්මකින් හෙබි විය යුතුයි කියන එකයි.

    සෙක්ස් රෙවලූෂන් එකේ පියා විදිහට සලකන්නෙ ඇල්ෆ්‍රඩ් කින්සි. එයා ඇමරිකාවෙ සෙක්සොලොජි කියන විෂය සම්බන්දව ඉන්න ආන්දෝලනාත්මකම චරිතය.

    1956දි කින්සි මැරෙන්න කලින් මිනිස්සු අතර පවතින ලිංගික සම්බන්ධතා ගැන රැඩිකල් විවෘතවීමක් සිදුවන පර්යේෂණ වාර්තා සමාජයට මුදා හරිනවා.

    1894 ඉපදෙන කින්සි බ්‍රැන්ස්වික්හි බෝඩොයින් කොලීජියෙන් ජීව විද්‍යාව සම්බන්ධ උපාධිය ලබාගන්නවා. ඉන්පසුව හාවඩ් විශ්ව විද්‍යාලයේ බියුසේ ආයතනයේ වැඩිදුරටත් හැදෑරීම් කරනවා. 1933දි කින්සි රොබර්ට් ක්‍රොක් නැමැති තමන්ගේ පර්යේෂණ සගයා සමග ඉදිරි කාලයම ලිංගිකත්වය පිළිබඳ පර්යේෂණ වෙනුවෙන් කැප කරනවා.

    1938 ඉඳන් තමන්ගේ මරණය දක්වා කින්සි 17000ක් පුද්ගලයන් මුහුණට මුහුණ සාකච්ඡා කරමින් ඒ අයගේ ලිංගික අත්දැකීම් විනිශ්චයකින් තොරව විවෘතව සටහන් තබාගන්නවා. මේ අතර ශිෂ්‍යයන්, ගණිකාවන්, සිරකරුවන් ආදී විවිධ පුද්ගලයන් ඉන්නවා. 1944දී කළ ලිංගික සර්වභක්ෂක කාණ්ඩයේ පුද්ගලයා සමග සංවාදය මේ අතර වඩාත් කුප්‍රකට එකක්. මේ තැනැත්තා පිරිමි ගැහැණු කුඩා ළමයින් සතුන් සහ පවුලේ සාමාජිකයන් සමගත් ලිංගිකව හැසිරීමේ අත්දැකීම් කින්සි එක්ක බෙදාගන්නවා. මේ සාකච්ඡාව පැය 17ක් දිගයි.

    මේ සාකච්ඡා වෙළුම් දෙකක් විදිහට මුද්‍රණය වෙනවා. ‘සෙක්ෂුවල් බිහේවියර් ඔෆ් හියුමන් මේල්’ සහ ‘සෙක්ෂුවල් බිහේවියර් ඔෆ් හියුමන් ෆීමේල්’ කියන්නෙ ප්‍රකාශන දෙකයි. කින්සිගේ මේ වාර්තාවලින් සාමාන්‍ය මිනිස්සු විතරක් නෙමෙයි විද්‍යා ලෝකයේ අයත් කැළඹෙන්න පටන් ගත්තා. අද වන තුරුත් කින්සි විසින් මෙම පර්යේෂණ සම්බන්ධයෙන් භාවිතා කළ ක්‍රම‍වේදයන්ගේ ආචාරධාර්මික බව ගැන විවිධ අය ප්‍රශ්න කරනවා. කින්සිට තියෙන උවමනාව වෙන්නෙ ජීව විද්‍යාත්මක ඇහැකින්, සියලු සදාචාර විනිශ්චයන් පසෙක ලා සැබෑ අත්දැකීම් අනාවරණය කරගැනීම විතරයි. විද්‍යාව කියන්නෙ සදාචාරය ආරක්ෂා කිරීමේ බන්ධනයෙන් බැඳී ඇති විෂයක් හැටියට කින්සි පිළිගන්නෙ නෑ.

    මං වගේ පිරිසක් කින්සි කියන්නෙ තහංචි බිඳගෙන සැබෑ මිනිස් ස්වභාවය සොයාගිය විප්ලවීය ජීව විද්‍යාඥයෙක් විදිහට දකිද්දි තව පිරිසකට කින්සි කියන්නෙ බාලාපරාධකරුවෙක්, අපචාරිකයෙක්, අවධාන ගණිකාවක්, අසභ්‍ය චිත්‍රපටකරුවෙක් සහ ඇබ්බැහියෙක් වෙනවා. ඒ අයට අනුව කින්සි විසින් කරන්නෙ තමන්ගේ තිරිසන් ආශාවන් සාධාරනීකරනය කරන්න පර්යේෂණ භාවිතා කිරීමක්. සම්මත සදාචාර සීමාවලින් ඔබ්බෙහි ලිංගිකත්වය ගැන කතා කරන ඕනම කෙනෙකුට ඉතිහාසය පුරාම මේ චෝදනා ලැයිස්තුව එල්ලවෙනවා.

    දරුවන් උපතේදීම සුරතාන්තය ලබයි. පීඩොෆීලියා සහ ව්‍යභිචාර මගින් යහපතක් සිදුවූ දරුවන් සිටී

    ඇල්ෆ්‍රඩ් කින්සි

    කින්සිගේ පර්යේෂණ අතර ආන්දෝලනාත්මකම දේ වන්නේ අතදරුවන් සුරතාන්තයට පත්වීම පිළිබඳ කළ පර්යේෂණයි.

    ‘හැම සුරතාන්තයක්ම කියන්නෙ පිටකරහැරීමක්. ඒක සැමියෙක් සහ බිරිඳක් අතර, බල්ලෙක් සහ ‍කොල්ලෙක් අතර, කෙල්ලෙක් සහ දැරියක් අතර කියලා වෙනසක් පවතීද? විකෘති හෝ ප්‍රකෘති යනුවෙන් දෙයක් නැත්නම් එවැන්නක් පවතින්නේ කෙසේද?

    කින්සි වාර්තා

    කින්සි දරුවන්ට සුරතාන්තයක් ඇතැයි නිගමනය කළ විතරක් නෙමෙයි ඇතැම් බාලාපචාර හෝ ව්‍යභිචාරී යැයි සළකන සිදුවීම්වලින් දරුවන්ට යහපතක් සිදුවන බවටත් යෝජනා කළා. කින්සි පවසන විදිහට වැඩිහිටියන් සහ ළමයින් අතර ලිංගික හැසිරීම් හෝ ව්‍යභිචාරයන් තහනම් කිරීම පිටුපස කිසිදු තහවුරු කළ වෛද්‍ය විද්‍යාත්මක හෝ වෙනත් පදනමක් නැහැ.

    ‘උපතේ පටන් මරණය දක්වාම ලිංගික ජීවියෙක් වන මිනිසාට ළමාවියේ මුහුණ දෙන ව්‍යභිචාරී හෝ වැඩිහිටි/ළමා ලිංගික ක්‍රියාවලින් සිදුවන හානියක් නොමැත. බොහෝවිට ඉන් යහපතක් සිදුවන අවස්ථාද ඇත’

    -කින්සි

    මෙතනදී කින්සි විසින් කියන්නෙ බලහත්කාරී ලිංගික චර්යාවන් පිළිබඳව නොවේ. එමෙන්ම සියලු ලිංගික හැසිරීම් සම්බන්ධයෙන්ද නොවේ. නමුත් මේ ගැන කාන්තා අයිතීන් පිළිබඳ සංවිධාන මගින් දැවැන්ත විරෝධතා මතුවෙනවා.

    කින්සි කියන්නෙ මිනිසා ස්වභාවයෙන්ම ද්වි ලිංගික නැත්නම් බයිසෙක්ෂුවල් කියල. ඕනම කෙනෙක් බ්‍රහ්මචාරී හෝ විෂම ලිංගික හෝ මොනොගමස් වන්නේ ආගමික බලපෑම විසින් කියල එයා සහතික කරනවා. ඒ වගේම සියලුම ආකාරයේ ගුද සංසර්ගයන් ස්වභාවික සහ නිරෝගී බව මේ ඇමරිකානු ජීව විද්‍යාඥයා නොබියව ප්‍රකාශ කරනවා.

    ලිංගිකත්වය සම්බන්ධ තහංචි සහ ලිංගික නීති සියලු කාලයන්හි පැවති යහපත සහ අයහපත මත පදනම් වූ ඒවා නෙමෙයි කියන එක ඇල්ෆ්‍රඩ් කින්සි පෙන්වා දෙනවා. ඒවා නිරන්තරයෙන්ම සමාජය තුල කැඩෙන බිදෙන වාරණයන්. සියලු සදාචාර මිනුම්දඩු සංස්කෘතික තත්වානුරෝපණයක් (කන්ඩිෂනින්ග්) තත්වයක් පමණක් බවට එයා තර්ක කරනවා.

    කින්සි කියන්නෙ විද්‍යාඥයෙක්ද නැත්නම් හැංගුනු බලාපචාරිකයෙක්ද? කියල මේ ප්‍රකාශ දරාගත නොහැකි වුනු අය ප්‍රශ්න කරනවා. ගැහැණුන්ගේ සහ මිනිසුන්ගේ විවිධ වූ ලිංගික සම්බන්ධතා ඔහු නිරීක්ෂණය කළා. ඔහුට පුළුවන් බොහෝ ආකාරයන්ගේ නිදහස් ලිංගික සම්බන්ධතා තමන්ගේ ජීවිතය ඇතුලෙත් පර්ය‍ේෂණය කළා. තමන්ගේ බිරිඳ සහ පර්යේෂකයන් සමගත් සීමා බිඳහෙලන ලිංගික එක්වීම් කරගෙන ගියා. කුඩා ළමයින්ගෙන් ලිංගික දේ ගැන ඔවුන් හිතන ආකාරය විමසුවා. පීඩෝෆයිල්ස්ලා එක්ක සාකච්ඡා කළා. මේ කිසි දෙයක් කොයිතරම් විමසීම් කළත් නීතියේ බලධාරීන්ට හෙලිදරව් නොකරන්නත් ආචාර සම්පන්න වුනා.

    කින්සි විසින් බලපරාධකරුවෙක් පොලිසියට ඉදිරිපත් කිරීමෙන් තොරව ඔවුන් හා සාකච්ඡා කරමින් කරුණු සෙවීම ආචාර විරෝධී බවත් මේ නිසා මේ සාක්ෂි පිළිගත නොහැකිවන බවටත් ඇතැම් පාර්ශ්ව චෝදනා කරනවා. මේ වෙනුවෙන් කින්සි ආයතනය කියන්නෙ ඇල්ෆ්‍රඩ් කින්සි කිසිම අවස්ථාවක බාලාපරාධ හෝ වෙනත් ලිංගික ක්‍රියාවන් ප්‍රවර්ධනය කිරීමට දායක නොවුනු අතර එවන් පර්යේෂන සඳහා කිසිවෙක් පුහුණු කිරීමද සිදු නොකළ බවයි. ඒ නිසා කින්සි හෝ කින්සි ආයතනය බාලාපරාධී යැයි චෝදනා කිරීම පදනම් විරහිත බවයි.

    කින්සි කියන්නෙ තමන්ගෙ ලිංගික ආශාවන් සාමාන්‍යකරණය කරන්න පර්යේෂණ පැවැත්වූ ප්‍රෝඩාකාරයෙක්?

    1990 ගණං වෙද්දි ජුඩිත් රීස්මන්ගේ ප්‍රධානත්වයෙන් කින්සි විරෝධී පෙරමුණක් හැදෙනවා. ඇය ‘කින්සි- සෙක්ස් සහ ප්‍රෝඩාව’ නමින් පොතකුත් ලියනවා. එයා කියන්නෙ කින්සිගේ පර්යේෂණ සොයාගැනීම් එක්සත් ජනපදයට වසංගතයක් බවයි.

    දික්කසාද, ගබ්සා, ලිංගික අයාලේ යාම්, ලිංගික‍ රෝග, නීත්‍යානුකූල නොවන දරු උපත්, අසභ්‍ය චිත්‍රපට, සමලිංගිකත්වය, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර ආදී සියල්ලෙහි වැඩිවීමට කින්සි වග කිව යුතුයි කියලයි ඇන්ටයි කින්සි පෙරමුණ කියන්නෙ. හිරකාරයන්ගෙන් ආදීන්ගෙන් ගන්නා තොරතුරු සාමාන්‍ය තොරතුරු හැටියෙන් සලකන්න බෑ කියලත් ඔවුන් කියනවා.

    මේ ක‍රුණු ජනතාවට අව‍බෝධ වන දවසක සෙක්සොලොජි කියන විෂය නැවත අලුතෙන් ලියන්න සිද්ද වෙන බවටත්, රජයේ සහ ආගමික ඉස්කෝලවලින් ලිංගික අධ්‍යාපනය ඉවත් කිරීමට සිදුවන බවටත් මේ කින්සි විරෝධීන් කියා සිටිනවා.

    1960 ගණංවල ලිංගික අධ්‍යාපනයේ පදනම සකස් කෙරුනේ මේ කින්සි වාර්තා මතයි. ඒ කාලයේ ඇකඩමික් තනතුරුවල සිටි අය කින්සිගේ අදහස් විශ්වාස කළ අයයි. ලිංගික අධ්‍යාපනවේදීන් වුනේද ඒ අයයි. ඊට කලින් ‍ලිංගික අධ්‍යාපනය වුනේ මානව ජීව විද්‍යාව, ප්‍රජනනය, සෞඛ්‍යය සහ විවාහය පමණයි. තමන් ලිංගික ජීවීන් යනුවෙන් වටහා ගන්නා අධ්‍යාපනයක් ආරම්භ වුනේ කින්සිගෙන් පසුවයි.


    චින්තන ධර්මදාස

  • සෙක්ස් සහ සෙක්ස් විරෝධය – ඇලන් වොට්ස්

    සෙක්ස් සහ සෙක්ස් විරෝධය – ඇලන් වොට්ස්

    සෙක්ෂුවල් බයොලොජිවලින් අපිට පුළුවන් විශ්වයේ විශ්මිත බව කියවන්න. සෙක්ස් කියන්නෙ නිකංම සෙක්ස් නෙමෙයි. සෙක්ස් කියන්නෙ පූජනීය දෙයක්. දිව්‍යමයභාවය සමග පුදුමසහගත මුනගැසීමක්. ඒත් පල්ලියට ඒක එහෙම කියන්න බෑ. අපි අරන් බැලුවොත් ටිබෙට් බුදුදහමෙ ප්‍රතිමාකලාව, නැත්තං හින්දු කෝවිල් දිහා බැලුවොත් අපිට මුනගැහෙන දේවල් ඇමරිකානුවෙකුට හෝ යුරෝපියෙකුට තේරුම් ගැනීම සරල නෑ. මේ බුදුවරු දෙවිවරු ඒ ගොල්ලොන්ගෙ ස්ත්‍රී පාර්ශ්වයන් එක්ක නොයෙක් විලාසයන්ගේ ලිංගික ක්‍රියාවල යෙදෙනවා. හැමෝම හිතුවා මේවා කවුරුන් හෝ කරපු අසභ්‍ය නිර්මාණ කියල. ඒත් ඒවා එහෙම නෙමෙයි. ඒවයින් කියන්නෙ මිනිසා සහ ගැහැණිය අතර මේ රමණය කියන්නෙ විශ්වයේ මූලික ක්‍රියාවලියමයි කියන එක. ධන රින, අලෝකය අඳුර, මානසික භෞතික මේ හැම බෙදීමක්ම එකට. සෙක්ස්වල මූලික දේ පරපුර පවත්වාගැනීම හෝ ඒ වගේ උපයෝගිතාවාදී දෙයක් නෙමෙයි. ඒක සත්තුන්ගෙ නම් එහෙමයි කියන්න පුළුවන්. මානවයාගේ සෙක්ස්වල තියෙන සුවිශේෂතම දේ තමයි ඒ මගින් එහි යෙදෙන සහකරුවන් සමීපයෙන් සමීපයට ගේන එක. දෙන්නම එක්කෙනෙක් වෙන තරමෙ ඒකත්වයක් ගැන හැඟීමක්. ඒක පූජාවක්. සෙක්‍රමෙන්තුවක්. එහෙම මිනිස්සුන්ට විශේෂ දෙයක් පිරිහෙලා කතාකිරීමම මෝඩකමක්. ඒක එහෙම කරන්නෙ මිනිසෙක් සහ ගැහැණියක් අතර සෙක්ස් ඒ වගේ පූජනීය දිව්‍යමය තැනකට යනවා කියල නොදන්න පිරිස් විසින්.

    ආදරය කියන්නෙ මේ දිව්‍යමයභාවයට ඇතුල්වෙන්න ඇතිකරන දැඩි පෙළඹවීම. ආදරේ කරන එකත් සාමාන්‍ය මිනිස්සු පිස්සුවක් කියල කියන්නෙ මේ හින්ද. මොකද ඒක ඉසිවර දර්ශනයක් වගේ දෙයක්. ආශීර්වාදයක් වගේ දෙයක්. ආදරේ ඇතුලෙදි අපි මිනිස්සුන්ව ඒ අයගෙ දිව්‍යමයභාවයෙන් දකින්න පටන්ගන්නවා. ආදරේ ඇතුලෙ තියෙනවා මේ ඉසිවරමය මත්බව. අපිට අපේ පරිපූර්න ගැහැණිය දෙවඟනක් විදිහට මුනගැහෙනවා. ඇත්තටම ගත්තොත් හැම ගැහැනියක්ම එහෙම තමයි. සාමාන්‍යයෙන් අපේ ඇස්වලට ඒක පේන්නෙ නැතිවෙනවා විතරයි. හැම පිරිමියෙක්මත් එහෙමයි. ආදරය පිරුනු ඇස්වලින් විතරයි අපිට ඒ දිව්‍යමයබව දකින්න වෙන්නෙ.

    මේ නිසා මෙතනදි ආගමත් ජීවවිද්‍යාවත් දෙකට බෙදෙනවා. ඒ ගොල්ලොන්ට එකට ඉන්න බැරි වෙනවා. පල්ලියට හෝ පල්ලියට විරුද්ද අයට තේරුම්ගන්න බැරිවුනා ලිංගිකත්වය යටපත්කිරීම කියන එකේ අවිඥානක උවමනාව වෙන්නෙම සෙක්ස් තවත් උත්කර්ෂයට නංවන එක කියල. ඒ වගේම සෙක්ෂුවල් බයොලොජි සහ ඒ ආශ්‍රිත අනිත් දේවල් කියන්නෙ විශ්වයේ සමස්ත ජීව විද්‍යාවෙම ආරම්භක බලය කියන එක. ප්‍රීතිමත් නර්තනයක් ඒක. දැන් සුළු පිරිසක් මේක දකිනවා, විශේෂයෙන්ම යුදෙව් දෘෂ්ටිකෝනයෙන්, සෙක්ස් කියන්නෙ දෙවියන්ගෙ නිර්මාණයක් කියල. ඒ හින්දම වර්ගයා බෝකිරීමට වඩා දෙයක් එහි තියෙනවා කියල. ඒත් පොදුවෙ ගත්තම සෙක්ස් කියන එක තියෙන්නෙ මහ භයානක දෙයක් කියන අදහසෙන්.

    අනිත් පැත්තෙන් මේ ක්‍රිස්තියානි පාරිශුද්ධවාදයට එරෙහි බලවේගයත් ඕනවට වඩා එහාට යනවා වෙන්න පුළුවන්. පූර්ණ අවසරයේ දිශාවටයි ඒ අය ගමන් කරන්නෙ. මෙතන තියෙන්නෙ අමුතු සටනක්. එක පිරිසකට ඕන සාය බිම ගෑවෙන්න අඳින්න. අනිත් අයට ඕන සාය බෙල්ල ළඟට වෙනකල් උස්සන්න. කොතන හරි ඉරක් අඳින්න වෙනවා. ඒ ඉර ඇඳෙන්නෙ මේ දෙපිරිස අතර ගැටුමෙන්ම තමයි. ඒක හරි එක්සයිටින් දෙයක්. මේ දෙපිරිසෙන් එකක්වත් දිනන්න නරකයි. ඒකයි වැදගත්. හිතන්න මේ ලිබරල් අය දිනුවා කියල. ඒ ගොල්ලො පල්ලියෙ බලය ගන්නවා. බදාදා හවස තරුණ තරුණියන්ට සෙක්ස් සමග යාඥා පංති තියනවා. ළමයි ඉස්කෝලෙ ගිහින් ප්ලාස්ටික්වලින් හෝ සිලිකන්වලින් හදපු ඉතාම ආරක්ෂිත උපකරන එක්ක සෙක්ස් පුහුනු වෙනවා. කොයිතරම් බෝරිං වෙයිද සෙක්ස් කියන එක?

    සෙක්ස් නරක දෙයක් කියල යටපත් කරන්න හදන අයගෙත් හරි පැත්තක් තියෙනවා. ඒ තමයි සෙක්ස්වල එක්සයිට්මන්ට් එක තියාගන්න එක. ඒත් ඒ ගොල්ලොන්ට බලය ලැබෙන එක හොඳ දෙයක් නෙමෙයි. හිතන්න A කියල සත්ව වර්ගයක් ඉන්නවා. උන්ව කන සත්තු ජාතිය තමයි B. එකවෙලාවක A පිරිසට තරහ ගිහින් ඒ අය එකතුවෙලා මේ ස්වභාවික සතුරාව සම්පූර්ණයෙන් ඉවර කරලා දානවා. ඒ ගොල්ලොන්ගෙ වර්ගය වැඩිවෙනවා. ආහාර අඩුවෙනවා. දුර්වල වෙනවා. මේ වැඩිවෙන පිරිස පාලනය කරන්න කෙනෙක් නෑ. ඉතින් ටික ටික ඒ ගොල්ලො වඳවෙනවා.

    ඒ හින්ද කරන්න ඕන දේ තමයි ඔබේ සතුරු පිරිස වගා කරන එක. ඒකට කියන්නෙ ආදරනීය පසමිතුරුබව කියල. ඔයාට එහෙම ආදරනීය පසමිතුරෙක් නැත්නම් ඔයා ඉන්නෙ අනතුරක. මේ බැලන්ස් එක තමයි මේ ගමන අරගෙන යන්නෙ. නිදහස සහ පාරිශුද්ධභාවය කියන දෙකත් ඒ වගේමයි. මේ දෙන්නට දෙන්නව ඕනවෙනවා. ඒක හින්ද ඔයාට මේ විදිහෙ සාම්ප්‍රදායික පාරිශුද්ධබව රකින දෙමව්පියන් ලැබුනා නම් ඔයා ගොඩක් සතුටුවෙන්න ඕන. මොකද ඔයාගෙ දැන් තියෙන ලිංගික ආස්වාදය, ආශාව නිර්මාණය වෙන්නෙ ඒ බාධාව හින්ද.

    ඔයාගෙ සෙක්ස් වඩා රසවත් කරන්නෙ ඒ අය හින්ද.