Tag: diana gamage

  • වේසි කිව්වම තරහ යන්නෙ ඇයි?

    වේසි කිව්වම තරහ යන්නෙ ඇයි?

    ඩයනාට වේසි යනුවෙන් පාර්ලිමේන්තුවෙ බැන වදිද්දී ඩයනා අහනවා ‘කවුද යකෝ වේසි?’ කියල.

    වේසි කියන්නෙ අපහාසාත්මක වචනයක්. වෛශ්‍යාව කියන ගෞරවනීය අර්ථය ඒ වෘත්තියට නැති වෙලා ගිහින් වික්ටෝරියානු කුහක ලිංගික වත ආගමික විදිහට බාරගත්ත තැන ඉඳන් ඒ වෘත්තිය අපහාසාත්මක එකක් වුනා. වෛශ්‍යා වෘත්තිය විතරක් නෙමෙයි සම්පූර්ණ ලිංගිකත්වයම කුණුහරුපයක් වුනා. විශේෂයෙන් ස්ත්‍රී ලිංගික අවයව කුණුහරුප බවට පත් වුනා. ස්ත්‍රී ලිංගිකත්වය අපහාසාත්මක වුනා. හුත්තී, වේසි, බැල්ලි වගේ වචන ගැහැණියට පටබැඳුනා. පිරිමියාට යෙදුනෙ පකයා, කැරියා වගේ වචන. මීට අමතරව පොන්නයා කියලත් පිරිමින්ට අපහාසයට කියනවා. එනම් පිරිමිකමෙන් තොර වීම අපහාසයක් විදිහට හඳුන්වනවා.

    එතකොට කවුරු හරි සංක්‍රාන්ති ලිංගිකයෙකුට පොන්නයා කිව්වොත්, එයා ආපහු හැරිලා, ‘කවුද යකෝ පොන්නයා, කියලා අහන එකක් නැද්ද? මොකද පොන්නයා කියන්නෙ සංක්‍රාන්ති ලිංගිකත්වයට යොදන අපහාසාත්මක වචනයක් නිසා.

    රමණය කිරීම හිකීම ලෙස කුණුහරුපයක් වුනා. වෘත්තියක් විදිහට කුණුහරුපවලට එකතු වුනේ වෛශ්‍යා වෘත්තිය විතරයි. ඒ සංසර්ගය සමග සබැඳි එකම වෘත්තිය එය වීම නිසයි. මේ සදාචාරය විසින් අපහාසාත්මක ලෙස නම් කලේ ලිංගිකත්වයයි.

    වෛශ්‍යා වෘත්තිය කියන්නෙ සුවිශේෂ වෘත්තියක්. ඒක ආගම කියන සංස්ථාවට විරුද්ධව පවතින එකම වෘත්තිය වෙන්න පුළුවන්. ඒ වෘත්තිය මූලික වශයෙන්ම ස්ත්‍රී වෘත්තියක්. වෛශ්‍යාව කියන්නෙ නිදහස් ගැහැණිය කියන එකට. ඇය පවුල් සංස්ථාවට එන්නෙ නෑ.ඊට පිටතින් පවතින්නෙ. ඇය පවුල් සංස්ථාවෙ අවුලක් ප්‍රදර්ශනය කරමිනුයි පවතින්නෙ. ඇයව ආගමකට දරාගන්න බෑ. හැම ආගමක්ම නිර්මාණය වෙලා තියෙන්නෙ ලිංගිකත්වය තහනම් කිරීමෙන්. ඇය තමයි තහනම් ගහේ ගෙඩිය අතින් ගත්ත ඊවා.

    වෛශ්‍යාව කියන්නෙම අරගලකාරියක්. ඇගේ අරගලය ඇය කරන්නෙ ශරීරයෙන්. ඒක පොතේ තියෙන අරගලයක් නෙමෙයි. ඇය එකවිට සමාජ දේශපාලන වගේම ආධ්‍යාත්මික අරගලයක් මෙහෙයවනවා.

    වේසි කියන්නෙ වෛශ්‍යා වෘත්තියට කරන අපහාසයක්. ඒකට ඒ ලැබිය යුතු වෘත්තීමය වටිනාකම ලැබිය යුතුයි. ඊට අදාල සංස්කෘතික සහ දාර්ශනික වටිනාකම ඊට ලැබිය යුතුයි. ඒක සිදු නොවී තියෙන්නෙ සමාජය කුණුහරුපයක් ලෙස පැවතීම නිසා මිස වෛශ්‍යා වෘත්තිය කුණුහරුපයක් නිසා නෙමෙයි.

    වේසි කියලා කතා කලොත් වෛශ්‍යාවකට තරහා යන්න ඕන. තමන් කරන වෘත්තිය ගෞරවයෙන් බාරගන්නා කිසි කෙනෙක් ඊට අපහාස කරන කුහකයෙක්ව දරාගන්න උවමනා නෑ. වෛශ්‍යා වෘත්තිය කියන්නෙ වේසකම නෙමෙයි. වෛශ්‍යාව කියන්නෙ වේසි නෙමෙයි.

    ලිංගික ශ්‍රමිකයන් යන වචනෙ වුනත් ඒ වෘත්තිය හෑල්ලුවට ලක් කරන වචනයක්. ඒක හුදු ශ්‍රම වෘත්තියක් නෙමෙයි. ඒ වෘත්තියේ කලාව, සෞන්දර්ය සියල්ල ඉවත් කරමින් ඒක හුදු කම්කරු වෘත්තියක් බවට පිරිහෙලා තියෙනවා. වෛශ්‍යා කියන්නෙ ආර්ථිකමය වශයෙන් ස්වාධීන, නිදහස් ගැහැණු.

    වේසි කිව්වම කේන්ති යනවා නම් වෛශ්‍යා වෘත්තිය නීතිගත කරන්න කතා කරන්නෙ ඇයි වගේ ප්‍රශ්න අහලා තිබුන. ඒ ප්‍රශ්න අහන අයගෙ සීමාවම ඒ ප්‍රශ්නෙ තියෙනවා. ඒ අයට වේසි කියන කුණුහරුපෙන් පිට වෛශ්‍යාව කියන ඉතිහාසයක් පුරා පැතිරුණු විසල් නිදහස් ගැහැණිය ගැන අවබෝධයක් නෑ. ඒ අය තවමත් වික්ටෝරියානු සදාචාරයේ ගොදුරු.

    කාට හරි වේසි කියනවා නම් ඒ දරාගන්න බැරි ආදරෙන් පමණක් විය යුතුයි.

  • ඩයනා ඉදිරියේ නිරුවත් පාර්ලිමේන්තුව

    ඩයනා ඉදිරියේ නිරුවත් පාර්ලිමේන්තුව

    ඩයනා ගමගේ කියන්නෙ අපි කැමති විදිහෙ චරිතයක් නෙමෙයි. ඒත් ඩයනා පාර්ලිමේන්තුව ඇතුලෙ ජෙන්ඩර් පොලිටික්ස් පැත්තෙන් කරන කාර්යභාරය නොසලකා හරින්න පුළුවන් එකක් නෙමෙයි. ඇය නිර්ප්‍රභූ ගැහැණියක් විදිහට පාර්ලිමේන්තුවේ කරන්නෙ ලිංගික සංස්කෘතික පෙරළියක්. ඒක හරිනි අමරසූරියලා කරන විදිහෙ පොෂ් ෆෙමිනිස්ට් බොරුවක් නෙමෙයි.

    හිරුණිකා ප්‍රේමචන්ද්‍ර එක්තරා කාලෙක රංජන් රාමනායකගෙ බැක්සයිඩ් කතාවක් හින්ද පාර්ලිමේන්තුව ඇතුලෙ අපහසුතාවයට ලක්වුනා. මගේ ඉස්සරහ සයිඩ් එකයි බැක්සයිඩ් එකයි දෙකම දෙන්නෙ මගේ මහත්තයාට කියල එයා ඒ පිරිමි ලිංගික අපහාස මැද හිටගෙන කියපු කතාවට අපි අත් උස්සලා අත්පුඩි ගැහුවා. ඊට පස්සෙ හිරුණිකා කාන්තා වීරවරියක් වුනා. මහා වීර ගෝඨාභයගෙ ගේ ඉස්සරහට ගිහින් ගේම ඉල්ලුවා.

    පස්සෙ ඒ ස්ත්‍රී අභිමානය හිරුණිකාට ඉස්මුරුත්තාවට ගියා. මෑත වේදිකාවක එයා කිසි හිරිකිතයක් නැතුව රනිල් ගෙ බෝල දෙක ගැන කතා පවත්වන්න ගත්තා. ජලනි ප්‍රේමදාස උඩ පැන පැන හිනාවුනා. ගැහැණියකට ලිංගික අපහාස කිරීම වගේම පිරිමියෙකුට ලිංගික අපහාස කිරීමත් නින්දිත ක්‍රියාවක් වග හිරුණිකාට ඒ වෙලාවෙ මතක් වුනේ නෑ. ජලනි එහෙම දෙයක් දන්නෙවත් නෑ.

    පාර්ලිමේන්තු ආපු අශිෂ්ටයෙක් වන තිස්සකුට්ටිආරච්චි එක වෙලාවක ලිංගික අපහාසයක් විදිහට වම්බටු ගෙඩියකින් රෝහිනී කවිරත්නට දමලා ගැහුවා. ඒ වෙලාවෙ ස්ත්‍රී පෙරමුණක් විදිහට හරිනි අමරසූරියලා වම්බටු ගෙඩියට එරෙහිව කවිරත්න එක්ක හි‍ටගත්තා.

    ඉතාම මෑතක නලින් බණ්ඩාර දිව එළියට දාලා ඩයනා ගමගේව පෙරලගත්ත කතාවක් පාර්ලිමේන්තුවෙ කියනවා. ඩයනා ඒ වෙලාවෙදි, කවුරු පෙරලගත්තත් ඔයාට පෙරලගන්න හම්බුවෙන්නෙ නෑ කියල අනිත් පැත්තට නිර්භයව කියල දානවා. නලින් බණ්ඩාර තමන්ගේ ලැජ්ජා නැතිකම ප්‍රදර්ශනය කරමින් ඩයනාට ගලි බවුසරයක් කියලත් අපහාස කරනවා. රෝහිනී කවිරත්නත් ඇතුලු පාර්ලිමේන්තුවෙ සියලු ස්ත්‍රී චරිත නෑසුකන්ව ඉන්නවා. සමහරු ඒ අශික්ෂිතබව දිරිමත් කරමින් හිනාවෙනවා.

    කවර දුර්වලතා තිබුනත් ඩයනා ස්ත්‍රිය කියන සම්මත සමාජ පිළිගැනීමේ ස්ටීරියොටයිප් කුඩු කරපු ගැහැණියක්. පිරිමි මන්ත්‍රීන් පවා පුහු සදාචාරය නිසා කතා කරන්න මැළිවෙන කංසා නීතිගත කිරීම ගැන ඇය ගැහැණියක් විදිහට බය නැතුව කතා කරනවා. ඒ නිසා අනේක විධ අපහාස විඳිනවා. නාගරිකව රාත්‍රී සමාජ ජීවිතයක් නිර්මාණය කළ යුතු බව කියනවා. එයා කතා කරන්නෙ ගැහැණුකමේ සීමාවන් ආරක්ෂා කරමින් නෙමෙයි. එයා අමුවෙන් කතා කරනවා. නොනැවතී බැන ගන්නවා. සුකොමල, ලැජ්ජාශීලී කාන්තා ප්‍රතිරූපය කුඩුපට්ටම් කරනවා. පිරිමි ගොඩක් ඩයනාට අකමැති ඒකයි. ගැහැණු ගොඩක් අකැමැති වෙන්න හේතුවත් ඒකයි.

    ස්ත්‍රියකගේ අයිතිවාසිකම් සහ ගරුත්වය ආරක්ෂා කළ යුත්තේ ඇය මටසිළුටු වැදගත් ගැහැණියක් නම් පමණක් නෙමෙයි. ඇය වැදගත් යැයි සම්මත සීමාවන් නොතකා හරිමින් සිටියත් ඇයට ඇගේ පුද්ගලික ජීවිතයේ ගරුත්වය හිමි විය යුතුයි. ඇය යහන්ගත වෙන්නෙ කවුරුන් සමගදැයි යන්න අනිත් අයට ප්‍රශ්නයක් නොවිය යුතුයි.
    පාර්ලිමේන්තුවේ ගැහැණියකට එරෙහිව භාවිතා වුනු අශිෂ්ට ලිංගික ප්‍රචන්ඩත්වය අපි හෙළා දකිනවා. ටයිකෝට් ඇඳගෙන නලින් බණ්ඩාර කරපු කතාව ඇත්තටම නිරුවතින් කළා නම් නම්බුකාරයි. ඒ වගේම තවමත් ඒ ප්‍රකාශය ගැන තමන්ගේ විරෝධය ප්‍රකාශ නොකළ සජබෙ සංස්කෘතියත් මෙතනදි නිරුවත් වෙනවා.

    කොළඹ ස්ත්‍රීවාදීන්ට අමතක වන ස්ත්‍රී- පුරුෂ කවර හෝ පුද්ගලයෙකුගේ මනුස්ස ගරුත්වය වෙනුවෙන් අපි පෙනී සිටිනවා. ගැහැණියක් වේවා, පිරිමියෙක් වේවා, ඔවුන්ගේ පංතිමය වැදගත්කම්, සදාචාර සීමාවන් කවර හෝ වේවා ඔවුන්ට ලිංගිකව අපහාස කිරීම නින්දිත පහත් ක්‍රියාවක්. එවන් පහත් පිරිමින් ගැහැණුන් මැද තනිව සිටගෙන නොවැටී කතා කළ ඩයනාගේ ශක්තිමත්බව අගය කළ යුත්තක්.

  • ඩයනා බය වුනේ කාටද?

    ඩයනා බය වුනේ කාටද?

    ඩයනා ගමගේ කංසා සම්බන්ධයෙන් ඉතාම ප්‍රගතිශීලී මැදිහත්වීමක් කරන කෙනෙක්. ඒ වගේම කාන්තාවක් විදිහට බය නැතුව මේ අදහස් මතු කරන එක විශේෂයෙන්ම අගය කරන්න ඕන. නමුත් ඩයනාගේ මේ පෙනී සිටීම් ගැන අපට මුල පටන් තිබුණු ප්‍රශ්නය වුනේ ඇය මේ කියන විවෘත නිදහස් සංස්කෘතිය සැබවින්ම දරනවාද කියන එකයි. කංසා නීතිගත කිරීම ලංකාවට ඉතාම අවශ්‍ය සාධනීය පියවරක් බව තරයේම විශ්වාස කරන අතර එවන් යෝජනාවක් ඉදිරිපත් කරන කාන්තාවක් හැටියට ඩයනා තවමත් පැරණි පුහු සදාචාරවාදී සංස්කෘතියම කරපින්නාගත් කෙනෙක් වීම අවාසනාවක් බවත් අපි විශ්වාස කරනවා.

    මේ ආකාරයෙන් ප්‍රගතිශීලී ඩයනාගේ සැඟවුනු කුහක සදාචාරය එලියට පැන්නේ මෑතක පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදීයි. එතනදි ඇයට කවුරුන් හෝ විසින් ඇය ගණිකා වෘත්තිය නීතිගත කිරීමට යෝජනා කළා යැයි චෝදනා කිරීමක් සම්බන්ධයෙන් කරුණු පළ කරනවා. ඩයනා කියන්නෙ තමන් කිසිසේත් ගණිකා වෘත්තිය නීතිගත කිරීමට අවශ්‍ය බවක් නොකී බවයි. සමාජ මාධ්‍යවල ප්‍රචාරය වූ මේ ප්‍රකාශය අපද දැක තිබුනු අතර එය ඩයනාගේ තවත් බය නැති පියවරක් හැටියෙන් විවිධ තැන්වල අගයන්නටද පසුබට වුනේ නෑ. ගණිකා වෘත්තිය නීතිගත කිරීම මේ රටේ සෞඛ්‍යාරක්ෂාව සහ මිනිස් ආරක්ෂාව යන අංශ දෙකෙන්ම වැදගත් කාරණයක්. එමගින් ගණිකා වෘත්තිය නියාමනය කිරීමට හැකිවන අතරම සමාජ බෝවීමේ අවදානම අවම කරන ක්‍රියාවලීන් නීත්‍යානුකූලව ක්‍රියාවට නැගීමට හැකිවෙනවා. ඒ වගේම විවිධ කාරණා නිසා ලොව පැරණිතම වෘත්තියක් වන ගණිකා වෘත්තියට යොමුවන කාන්තාවන්ට නීතිමය ආකාරයෙන් ආරක්ෂාව සැලසිය හැකි වෙනවා. එමෙන්ම ඔවුන්ව ඇසුරු කරන පාරිභෝගිකයන්ගේ ආරක්ෂාවටත් ඒක හේතු වෙනවා. එය ලංකාවේ රජයක් විසින් ක්‍රියාවට නැංවිය හැකි මානුෂිකම වෙනස්කම හැටියෙන් අපි විශ්වාස කරනවා.

    ඒ වගේම රටේ සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනයට මේක ආර්තික ව‍ශයෙන් බලපානවා. ඕනම රටකට ගිය කෙනෙක් ඒ රටට ආවේණික ආහාර මෙන්ම ලිංගිකත්වය රසය විඳිය යුතු බවයි අපේ විශ්වාසය. රටක් විඳිනවා කියන්නෙ එබඳු ඉන්ද්‍රියමය විඳීමකට. තායිලන්තයට ගිය කෙනෙක් දන්නවා මේ ලිංගික නිදහස කොයිතරම් ආකර්ශනීයද කියන වග. පාරාදීසය යැයි විරුදාවලී ලත් අපේ රට පාරාදීසයකට අවශ්‍යම වූ මත්වීමේ සහ ලිංගිකව හැසිරීමේ නිදහසින් සීමා වී තිබීම ඇත්තටම ඛේදජනකයි.

    ඒත් ඩයනා කියන්නේ තමන් එවැන්නක් නොකී බවයි. තමා පැවසුවේ ගණිකා වෘත්තිය නීතිගත කරනවා නම් පිළිපැදිය යුතු නීති ගැන බවයි. වක්‍රාකාරයෙන් ඇය සමාජයට කියන්නේ ගණිකා වෘත්තිය නීතිගත කිරීම වෙනුවෙන් ඇය පෙනී නොසිටින බවයි. කංසා නීතිගත කරන්න බය නැති ඩයනා ගණිකා වෘත්තිය නීතිගත කරන්න බය වෙන්නෙ ඇයි?

    ඒක තමයි අපේ මුග්ධ වූ සදාචාරයේ ස්වරූපය. එක විටෙක මහා ප්‍රගතිශීලීන් හැටියට පෙනී සිටින අය තවත් විටෙක ඊට සමාන්තරවම මේ මුග්ධ සදාචාරය රකින්නට පෙනී ඉන්නවා. එයින් බයට පත්වෙනවා. අපවාදයෙන් සැලෙනවා. ගැහැණියක් විදිහට මිනිස් නිදහස පිළිබඳ ගැඹුරු අදහසකින් මේ ඩයනා කංසා වෙනුවෙන් පෙනී සිටියා නම් එයා මෙහෙම කතාවක් කියයි.
    ‘ඔව් ගණිකා වෘත්තිය නීතිගත කරන්න ඕන තමයි. ඒත් මං එහෙම දෙයක් ප්‍රකාශ නොකළ වග කියන්න ඕන. කවුරු හරි ඒ වෙනුවෙන් සටන් කරනවා නම් ඒ කාන්තාවන් වෙනුවෙන් මං ඒ සටනට සහයෝගය දෙනවා’’

    ඒත් ඩයනා මේ චෝදනාවෙන් කෝපයට පත්වෙනවා. එයා අපි නොදන්නා කවුරුන් හෝ තවත් කාන්තාවන් පිරිසකට බැන වදිනවා. ඒ බැනවැදීම ඇතුලෙ ඇගේ අතිශය නොදියුණු සංස්කෘතික කලාපයක් එලියට පනිනවා. ‘කොළඹ හතේ නෝනලා…’ කියමින් බැන වැදීම ආරම්භ කරන ඇය කියන්නේ මේ නෝනලා විසින් යතුරු පාර්ටි දමන බවයි. පළමුවෙන්ම ඇය කාන්තාවක් විදිහට තවත් කාන්තාවකගේ හෝ පිරිසකගේ ලිංගික කාරණයක් ඉදිරියට දමමින් ඔවුන්ගේ සදාචාරය ප්‍රශ්න කරනවා. එය කාන්තාවක් හැටියට ඉතා පහත් ක්‍රියාවක්. ඒ වගේම කවුරුන් හෝ යතුරු පාර්ටි දැමීම අපකීර්තියක් වෙන්නෙ කොහොමද? යතුරු පාර්ටි හෙවත් කී පාර්ටීස් හැටියෙන් හඳුන්වන ස්වින්ගින් සාද ( පෙම්වතුන් පෙම්වතියන් ජෝඩු වශයෙන් මාරු වෙමින් අනුරාගය විඳින සාදයන්) ඉතා දියුණු සංස්කෘතියක්. තමන්ගේ බිරිඳ වෙන කෙනෙක් සමග හාද වුනා යැයි කියමින් මිනි මරාගන්නා සමාජයකට විවෘත ආදරයක රසයක් එකතු කිරීමක්. ඩයනා මෙතනදී කරන්නේ ඒක අපවාදයක් හැටියෙන් ඉලක්ක කිරීමයි. එතනදි නිරුවත් වෙන්නෙ සාද පැවැත්වූ අය නෙමෙයි ඩයනාගේ නොදියුණුකමයි.

    ඒ වගේම කොළඹ හතේ යැයි කියමින් මේ ආඩපාලිය මතුකිරීම හරහා ඇගේ අවලස්සන පංති හීනමානයක්ද ඉස්සරහට පනින වග කියන්න ඕන. නොදියුණු, කුහක සංස්කෘතියක් දරමින් කංසා නිදහස වෙනුවෙන් ඇය පෙනී සිටින විට කංසා සංස්කෘතිය ගැන ඩයනා දන්නේ මොනවාදැයි හිතෙන එක වරදක් නෙමෙයි.

    මළ කඳන් එකට ගැටගැසූ පරිද්දෙන් ගතවන බහුතර ගැහැණු පිරිමි සම්බන්ධතාවලට වඩා කී-පාර්ටි පෙම්වතුන් ජීවිතය රස විඳින්නෝයි. ඒ අය අලුත් අත්දැකීම් සොයා යන්නෝයි. සමාජයෙන් පැනවූ සදාචාර නීති නොතකා තමන්ගේම ශෘංගාර සංස්කෘතියක් තනාගත්තෝයි.

    කංසා නිදහස අයිති ඒ වගේ මිනිස්සුන්ට. නම ලන්ඩන් වුනාට හැම ඩයනා තාම වැඩවසම්ය.