Tag: fantacy

  • Batman සහ Catwoman – සෙක්ස් ෆැන්ටසියක්ද?

    Batman සහ Catwoman – සෙක්ස් ෆැන්ටසියක්ද?

    මං කොමික් බුක් රසිකයෙක් නෙමෙයි. ලංකාවෙ චිත්‍රකතා රසිකයෙක් වුනු මට කොමික් බුක්ස් අතපත ගාන්න ලැබුන මිස ඒවායෙ ෆෑන් කෙනෙක් වෙන්න ලැබුනෙ නෑ. කොමික් බුක් රසිකත්වය ලංකාවෙ බිහිවුනෙ මගෙන් පස්සෙ පරම්පරාවක.

    ඒත් මං කොමික් බුක් ආශ්‍රිත චිත්‍රපටිවල මරාගෙන මැරෙන රසිකයෙක්. විශේෂයෙන් බැට් මෑන්, සුපර් මෑන් සහ අනිත් මෑන්ලගෙ ෆිල්ම් මට මගඅරින්නම බෑ. එකම චරිත ටිකක් තියාගෙන ඒවා හරහා විවිධ අධ්‍යක්ෂවරුන් විවිධ පැතිකඩවලට යන හැටි මට හරිම ආකර්ශනීයයි.

    ඒක ෆිල්ම් යුනිවර්ස් එකක්. ඒ විශ්වයේ ඩීසීවරුන් සහ මාවල්වරුන් ගැටෙනවා. මාවල්වරුන්ගේ සුපිරි වීරයො ටිකක් ප්‍රොග්‍රෙසිව් ලිබරල් චරිත. උන් ඩිමොක්‍රටික් පාක්ෂිකයි වගේ. මාර්වල්වරුන් කෙලින්ම ඩොනල්ඩ් ට්‍රම්ප්ව විලන් කෙනෙක් විදිහට දාලත් ඇන්දා.

    ඩීසීවරුන්ගේ සුපිරි වීරයො ගතානුගතිකයි. ඒ ගොල්ලො බලන්නෙ කොහොම හරි සිස්ටම් එක ආරක්ෂා කරන්න. බැට්මෑන් ගත්තොත් මිනිහා රදලයෙක්. එයා කරන්නෙම සමාජයේ පහල පංතියකින් පැන නගින කැරැල්ලක් මර්දනය කරන එක. ඒක බොහෝ විට අරාජික කැරැල්ලක්. එතනදි පෙන්නන්න හදන්නෙ බැට්මෑන් තමන් ඉහල පාංතිකයෙක් විදිහට දකිනවා නෙමෙයි, එයා පිටස්තරයෙක් විදිහට ලෝකයේ පැවැත්ම ආරක්ෂා කරන්න හදනවා කියල. හැබැයි එයා අවසාන අර්ථයෙන් ආරක්ෂා කරන්නෙ බලවතුන් විසින් නිර්මාණය කරන සිස්ටම් එක.

    පොදුවේ ගත්තම හැම සුපිරි වීරයෙක්ම ගතානුගතිකයි. හැම කෙනෙක්ම අවසාන අර්ථයෙන් සටන් කරන්නෙ පවතින තත්වය ආරක්ෂා කරන්න. විලන්ලා තමයි ඇඩ්වාන්ස්. ඒ අය සටන් කරන්නෙ අලුත් ලෝකයක් නිර්මාණය කරන්න. බ්ලැක් පැන්තර් විලන් ගත්තොත් එයාට ඕන වෙන්නෙ වකන්ඩාවරුන්ගෙ ධනය ලෝකයේ දුප්පත් කලු මිනිස්සු අතර බෙදාදෙන්න.

    සුපිරි වීරයා අවසානයේ අපිට හැමදාම කියන්නෙ නපුර පරාජය කළ නොහැකියි කියන එක. ඒ කියන්නෙ කැරලිකරුවන් යලි යලිත් බිහිවෙනවා කියන එක. ඒ වීරයො අපිට මේ කැරලිකරුවන්ව පෙන්නන්නෙ පිස්සො විදිහට. ජෝකර් වගේ ෆිල්ම් එකක් නැවත හැරිලා ප්‍රශ්න කලේ ඒක.

    වීරයනි, උඹලට අපිව පිස්සොද?

    කොහොම වුනත් ඩීසීවරුන්ට තියෙනවා මාවල්වරුන්ට නැති ඉරොතික හැකියාවක්. නැත්තං ගැඹුරක්. බැට්මෑන්, වොන්ඩර් වුමන්, කැට් වුමන්, ඇක්වා මෑන් වගේ චරිතවල මේ ඉරොතික ආකෘතිය හොඳට දැනෙනවා. මාර්වල්වරුන් රොමැන්ටික් පැත්තට යද්දි ඩීසීවරුන් ඉරොතික පැත්තට යනවා කියන්න පුළුවන්. ඩීසිවරුන් වැඩිහිටියි. මාවල්වරුන් ළමයි.

    බැට්මෑන් චරිතය හරිම සුවිශේෂී එකක්. එයා නියෝජනය කරන්නෙ අඳුර. කවුන්ට් ඩ්‍රැකියුලාගේ හෙවනැල්ල බැට්මෑන් මත තියෙනවා. එයා පතුරන්නෙ බය. නීතියට උඩින් ක්‍රියාත්මක වෙන ආන්ඩුවෙ පැරා මිලිටරියක් බැට්මෑන් කියන්නෙ.

    හැබැයි ඒ අඳුරට තියෙනවා ෆ්‍රොයිඩියානු ගැඹුරක්. බැට්මෑන්ට තියෙන්නෙ තමන්ගේ පියා අහිමිවීම පිළිබඳ අර්බුදය. ඒ කියන්නෙ පාලනය සහ නීතිය අහිමිවීම නිසා දැනෙන ඊඩිපස් අර්බුදයක්. තමන්ගේ අනන්‍යතාවය ගැන අවුලක්. එයා තමන්ව හඳුන්වන්නෙ පලිගැනීම විදිහට. සමාජයෙන් ඉටු නොවන වංශවත් තාත්තාගේ මරණයට යුක්තිය ඉල්ලන්න එයා අඳුරෙ බලය අතට ගන්නවා.

    මේක බෲස් වයින්ගේ පෞර්ෂ අර්බුදයක් විදිහට ගේනවා. එයාට සමාජයේ යුක්තිය කියන්නෙ අහිමි වුනු තාත්තා. ගෝතම් නගරය කියන්නෙ තාත්තාගේ සොහොන් බිම. තාත්තාගෙන් ගැලවුනු චරිතයක් වෙන්න බැරි වංශවත් පෞර්ෂහීන පුතෙකුගේ ලිංගික අර්බුදයක් තමයි බැට්මෑන් කියන වීරයා.

    එයා අඳින්නෙ ලේටෙක්ස් ෆෙටිෂ් එකක් දනවන ඇඳුමක්. නාඳුනන නිදහස් රමණයන්ගෙන් මුසපත් විය හැකි ශෘංගාර සාදයකට ගැලපෙන ඇස් වැසූ වවුල් මුහුණක්. ඒ එක්ප්‍රෙෂන් නැති කලුකුමාර මුහුණ සමග ඇහෙන විජය කුමාරතුංග පන්නයේ ෆ්ලැට් ගැඹුරු හඬක්.

    දැන් සුපිරි වීරයො ඔක්කොම තරුණ වෙවී බොළඳ වෙවී යන කාලයක්. ඉතින් අපිට බැට්මෑන් වෙස්මූන යටට බෙන් අෆ්ලික් නැති වෙලා සරාගී අයිකොනයක් වුනු රොබර්ට් පැටින්සන් එනවා. පැටින්සන් කියන්නෙත් වැම්පයර් කෙනෙක්. මළ මිනිහෙක්. බැට් මෑන් කියන්නෙත් මළ මිනිහෙක්.

    පැටින්සන් බැට්මෑන් වෙනවත් එක්කම 2022 දකින්න තියෙන ලොකුම වෙනස තමයි බැට්මෑන් තවත් ගැඹුරින්ම ඉරොතික වෙනවා කියන එක. මේ පාර බැට්මෑන් ඇඳුමෙ ඒ ලේටෙක්ස් ඇතිල්ලෙන චිරි චිරිය පවා ඇහෙනවා. ලේටෙක්ස් ෆෙටිෂ් එකේ ප්‍රධාන දෙයක් තමයි පියවි සම ස්පර්ශවීම පුළුවන් තරම් වැලැක්වීම. දෙතුන් වතාවක්ම ෆිල්ම් එකේ බැට්මෑන් ග්ලවුස් දාලා ඉන්නෙ කියන එක වචනයෙන්ම මතක් කරනවා. ඇඟිලි තුඩු පවා ස්පර්ශයට නිරුවත් නෑ.

    සෝ ක්‍රැවිට්ස්ගෙ කැට්වුමන් (සෙලීනා කයිල්) චරිතය සියලු සුපිරි වීරවරියන් ඉක්මවා ශෘංගාර පිම්මක් පනිනවා.

    කැට් වුමන් කියන්නෙ ගෝතම් නගරයේ අනිත් සුවිශේෂීම චරිතය. එයා පැහැදිලිවම ඩොමිනේට්‍රික්ස් කෙනෙක්. කසයක් අතින් අරන් හදවතේ වේදනාව දරන් ඉන්න සරාගී ගැහැණියක්. බෲස් වයින්ට වඩා වෙනස් විදිහට එයාට තියෙන්නෙ ඇබියුසිව් ෆාදර් කෙනෙකුගේ ප්‍රශ්නයක්. එයාගෙ අම්මා දිවි නසාගන්නවා. තාත්තා බීලා මැරෙනවා. එයාව පරිවාසයෙදි තඩි මහත වෝඩ්න්ගෙන් පහරදීමට ලක්වෙනවා.

    ඇබියුසිව් තාත්තා නිසා සෙලීනා කොහොමත් අධිකාරිය නොඉවසන කෙල්ලෙක් වෙනවා. ඒත් අන්තිමට පාරට වැටෙන සෙලීනා ඩොමිනේට්‍රික්ස් පුහුණුව ලබන්නෙ ටෙඩ් ග්‍රාන්ට්ගෙන්. ටෙඩ් සෙලීනාට බීඩීඑස්එම් ශෘංගාර පාඩම් හිංසනය තුලින් කියලා දෙනවා. ඒක තමයි කැට්වුමන්ගේ කොමික් කතා ඉතිහාසය.

    මැට් රිව්ස් 2022 බැට්මෑන් අධ්‍යක්ෂවරයාට අනුව කැට්වුමන්ගෙ තාත්තා නගරයේ ධනවතෙක්. පාතාල ව්‍යාපාරිකයෙක්. බෲස් වයින්ගෙ තාත්තාගේ යාලුවෙක්. බෲස්ගෙ අම්මා ගැන නුවුමනා හෙලිදරව්වක් කරන්න යන පත්තරකාරයෙක් නිශ්ශබ්ද කරන්න බෲස්ගෙ තාත්තා සෙලීනා (කැට්වුමන්) ගෙ කුප්‍රකට තාත්තාගෙ උදව් ගන්නවා.

    බැට්මෑන්ට තියෙන්නෙ තාත්තා අහිමි වීම ගැන ප්‍රශ්නයක්. කැට්වුමන්ට තියෙන්නෙ තාත්තා දුෂ්ට අධිකාරිය ගැන ප්‍රශ්නයක්.

    ඉතින් මේ කැට් වුමන් සහ බැට්මෑන් මුනගැහෙන මැට් රීව්ස්ගෙ වර්ෂන් එක තමයි මේ දවස්වල හෝල්වල දිගහැරෙන්නෙ. මේකෙ කැට්වුමන් ගැන අලුත් හෙලිදරව්වක් කරනවා. ඒ තමයි කැට්වුමන් බයිසෙක්ෂුවල් කියන එක. එයා එයාගෙ රූම්මේට්ට කතා කරන්නෙ baby කියල. ඒ වගේම තමන්ට මේ චරිතය බයිසෙක්ෂුවල් කරන්න ඕන වුනා කියල මැට් රීව්ස් සහ සෝ ක්‍රැවිට්ස් දෙන්නම කියනවා.

    මේ කතාවෙ දුෂ්ට‍යා හරියට සෝෂල් ජස්ටිස් වොරියර් කෙනෙක් වගේ. එයා බැට්මෑන්ටත් එහා ගිහින් පිවිතුරු යුක්තියක් ඉල්ලා සිටිනවා. අතීතයේ කළ වැරදිවලට පවා වන්දි ගෙවන්න කියනවා. බැට්මෑන් සටන් කරන්නෙ තමන්ට වඩා යුක්තිගරුක දුෂ්ටයාට විරුද්ධව.

    කතාව අවසානයේදි කැට් වුමන් බැට්මෑන්ට කතා කරනවා මේ දේශපාලනය අතෑරලා පවුලක් වෙලා ඉමු කියල. දෙන්නාගේ ෆැන්ටසිත් හොඳින් ගැලපෙන හින්ද ඒක හොඳ යෝජනාවක්. ඒත් කැට්වුමන්ට තාත්තාව මරන්න පුළුවන් වුනාට බැට්මෑන්ට ඒක කරන්න බෑ. එයා තාත්තා එක්ක මළ නගරයේ නවතිනවා. දේශපාලනය තෝරගන්නවා. කැට්වුමන් (ගැහැණිය) ජීවිතය හොයාගෙන අනිත් මාවතට හැරෙනවා.


    චින්තන ධර්මදාස

  • ෆැන්ටසියට බයවෙන්න එපා!

    ෆැන්ටසියට බයවෙන්න එපා!

    Sexual fantasies කියන්නේ සැබෑ කරගන්න අවශ්‍ය දෙයක් නෙමෙයි කියන එකත් සැබෑ කරගන්න දේකට තව දුරටත් fantasy එකක් කියලා හදුන්වන්න බැරි බවත් තමයි sex fantasy එක ඇතුලේ මම දකින සුන්දරතම ලක්ෂණය.

    ගොඩක් වෙලාවට, බහුතරයක් ලංකාවෙ ජීවත් වෙන කාන්තාවන් තමන්ගේ පෙම්වතා ගෙන් හෝ ස්වාමියා ගෙන් පිට වෙන දෙයක් ගැන Fantasy එකක් තියෙන එක වැරද්දක් විදිහට සලකනවා, යම්කිසි වරදකාරි හැගීමක් විදිහට ඒක බාරගන්නවා.
    ඒක හරිම බොලද, අනුවණ සිතිවිල්ලක්.

    Fantasies තිබීම තුලින් සිද්ධ වෙන්නේ ලිංගික ජීවිතය තව තවත් ආස්වාදජනක වෙන එක ඇරෙන්න ඒ තුලින් නරකක් වෙයි කියලා හිතන්න හරිම අමාරුයි.

    අනිත් වැදගත්ම කාරණය තමයි, තමන් හිතන විදිහ හෝ තමන්ගේ personal thinking space කියන එකට කවුරුවත්ම නිසා බාධා ඇති කර ගන්න හොද නැති බව තේරුම් ගැනීම.

    Sexual fantasies ගැන ‘Journal of sexual medicine’ විසින් නිකුත් කරපු සමීක්ෂණයක පැහැදිලිව කියනවා ගොඩක් කාන්තාවන්ට තියෙන fantasies සැබෑ ජීවිතයේදි අත් හදා බලන්න බහුතරයක් වෙලාවට ඒ කාන්තාවන් කැමැත්තක් දක්වන්නේ නැති බව.

    එහි දත්ත අනුව ගොඩක් කාන්තාවන් ඉමහත් ලෙස submissive, එහෙමත් නැත්තන් ලිංගික ඇසුරකදි පිරිමියාට යටත් වෙන්න කැමැත්තක් දක්වන බව සදහන් කෙරෙනවා.

    තවත් එකක් තමයි සාමාන්‍යයෙන් sex නොකරන තැනක sex කරන එක, පොදු තැනක් වෙන්න පුලුවන්, එළිමහන් තැනක වෙන්න පුලුවන්, පූජනීය තැනක් වෙන්නත් පුලුවන්.

    ඒ සමීක්ෂණයේ මගේ හිත් ගත්ත ආකර්ශනීයම කාරණය තමයි, Sexual fantasy එකක් විදිහට submissive වෙන්න කැමති කාන්තාවන්ගේ ලිංගික ජීවිතය එහෙම නොවන කාන්තාවන්ගේ ලිංගික ජීවිතයට වඩා ඉතා තෘප්තිමත් බව. ඒකෙන් කියවෙන්නේ fantasies තමන්ගේ ලිංගික ජීවිතයට දෙන ධනාත්මක බලපෑම.

    තව එහි සදහන් කෙරෙනවා submissive වෙන එක වගේම, පිරිමියා විසින් තමන්ව masturbate කරන එක, පිරිමියාව masturbate කරන එක, ඔහුව oral sex මගින් සතුටු කරවන එක, තුන් දෙනෙක් හෝ ඊට වැඩි දෙනෙක් එක්ක sex කරන එක වගේ දේවල්.

    බහුලවම කැමති fantasies වලට අමතරව තවත් කිහිපයක් එහි සදහන් කරනවා.

    කාන්තාවක් තවත් කාන්තාවන් දෙන්නෙක් සමග sex කරන එක, වෙනත් කාන්තාවන් දෙන්නෙක් sex කරන එක නරඹන එක, නන්නාඳුනන දෙන්නෙක් sex කරනවා නරඹන එක, නන්නාදුනන කෙනෙක් එක්ක sex කරන එක, විරුද්ධ ලිංගික ඇදුම් අදින එක, එකිනෙකාගේ ශරීර මත මුත්‍රා කරගන්න එක, සතෙක් සමග ලිංගිකව හැසිරීම වගේ ආසාවන්.

    මේ මොනයම් ආකාරයේ fantasies මනුස්සයෙක්ට තිබුනත්, වෙන කෙනෙක්ට හිරිහැරයක් නොවන තාක් ඒ හැම fantasy එකක්ම වලංගුයි සහ අහිංසකයි කියන නිගමනයට අපි හැමෝටම එන්න පුලුවන් වෙන්න ඕනේ.

    Fantasies තුලින් කියවෙන්නේ තමන්ගේ ලිංගික ජීවිතයේ නිර්මාණශීලීත්වයයි.. එය සුබවාදී නොවන්න හේතුවක් නැත්තේ ඒ නිසයි.


    ශේනි විජේසුරේන්ද්‍ර

  • කෙල්ලන්ගෙ සෙක්ස් ෆැන්‍ටසි

    කෙල්ලන්ගෙ සෙක්ස් ෆැන්‍ටසි

    Sexual fantasies ගැන කතා කරද්දි, සාමාන්‍යය ජීවිතයේ ලේසියෙන් ලගා කරගන්න බැරි කාමුක ආසාවන් fantasies ලෙස මිනිස්සු විදිහට අපි හැමෝටම තියෙනවා. මේ fantasies කෙනෙක්ගේ සාමාන්‍යය ජීවිතයේ සහ ලිංගික ජීවිතයේ ලබන අත්දැකීම් කෙසේද යන කාරණය අනුවත් වෙනස් වෙනවා.

    සාමාන්‍යය ජීවිතයේ leadership role එකක් කරන කාන්තාවක්, පවුලක් පාලනය කරන කාන්තාවක්, රස්සාව තුල අන් අයට අණසක ලබා දෙන කාන්තාවක් බොහෝ විට sex වලදි පිරිමියාට submissive හෝ යටත් වෙන්න ඉමහත් කැමැත්තක් දක්වනවා. අනිත් පැත්තට, පිටත ලෝකයේ එසේ නොවන කාන්තාවක්, dominant පිරිමියෙක්ව sex වලදි තමන් යටතට පත්කර ගැනීමට විශාල ඇල්මක් දක්වනවා.තම තමන්ගේ fantasies මොන ආකාරයේද කියන එකටත් මේ කාරණා බලපාන්න පුලුවන්..
    Google ආයතනයේ ඉන්ජිනේරුවන් කිහිප දෙනෙක් විසින් සිදු කරන ලද සමීක්ෂණයකට අනුව බොහෝ කාන්තාවන් මනංකල්පිත ජීවින් සමග sex කරන porn videos බහුලව නරඹන බව Jordan Peterson කියන මනෝවිද්යාඥයා කරපු සාකච්ඡාවක දි ඔහු පවසනවා. Vampires, werewolves වගේ අපි චිත්‍රපට තුලින් හෝ පොත් වලින් දකින, කියවන, භයානක ජීවින් කෙරෙහි ලිංගික ආසාවක් බොහෝ කාන්තාවන්ට තියෙන බවයි ඔහු එහිදී පැහැදිලි කරන්නේ.

    ඒ ආසාව ඇති වෙන්නේ ඒ වගේ භයානක ජීවින්ව තමන්ගේ ශරීරය ලග, sex කිරීමේ ආසාව ලග හීලෑ කර ගැනීමේ කැමැත්තයි. Vampire diaries, Twilight වගේ චිත්‍රපට කාන්තාවන් අතර අතිශයින් ජනප්‍රිය වෙන්න හේතුවත් මෙය විය හැකියි.

    පිටත ලෝකයේ ලේසියෙන් කරන්න අමාරු, විශේෂයෙන්ම male dominance උපරිමයටම තියෙන සාමාන්‍යය ලෝකයේ පිරිමියාගේ masculinity එක තමන් කැමති ආකාරයකට හසුරුවා ගැනීමේ හෝ නම්ම ගැනීමේ අවස්ථාව කාන්තාවකට sex තුලදි අසීමිත ලෙස ලැබෙනවා.කෙනෙක් Sex තුලින් සුරාන්තයකට පත්වෙන මොහොතක් කියන්නෙ තමන් තමන්ට සීයට සීයක් එකඟ වෙන මොහොතක්. කාන්තාවකට මේ තත්වයට ළගා වෙන්න කායික සහ මානසික සහයෝගය කියන දෙකම අවශ්‍යයි.

    Fantasy එකක් reality එකක් කරගන්න උත්සහ කරන එක තුල තව දුරටත් fantasy එකක් පවතින්නේ නැහැ. ඒ සුන්දරත්වය තියෙන්නේ ඒ පරිකල්පනය තුලයි..
    ඒ මවාගන්න රූප තුලයි.Fantasies තියෙනවා කියන්නේ ඒ ආසාවන් යතාර්ථයක් කරගන්න හිතන එක නෙමෙයි, ඒ මවන දේ ඇතුලේ ඒ රහ විදීමින් ඒ තුලින් ලිංගික උද්දීපනයක් සහ ආස්වාදයක් ඇති කරගැනීමයි.
    සුරතාන්ත අතරිනුත්, උපරිම තෘප්තිමත් සුරතාන්තයක් ලබන්න තම තමන්ට ආවේණික වූ fantasies උදව් වෙන එක රහසක් නෙමෙයි.


    ‍ශේනි විජේසුරේන්ද්‍ර