මුස්ලිම් ජාතිකයන් වෙනුවෙන් බහුවිවාහයට අවසර දෙන්නැයි අලිසබ්‍රි අධිකරණ අමාත්‍යවරයා ඉල්ලා තිබුන. ඒත් සරත් වීරසේකර, විමල් වීරවංස, උදය ගම්මන්පිල මේකට විරුද්ධ වෙලා තිබුන.
ග.ගො ඥානසාරගේ කොමිසමේ වාර්තාව එනකල් මේ සංශෝධන නොකර ඉන්න ඇමති මණ්ඩලය තීරණය කරලා.
වාසුදේව විතරක් නැගිටලා වෙනම සංස්කෘතීන් සඳහා වෙනම නීතීන් බලපාන්න පුළුවන් කියල වචනයක් දාලා. හැබැයි එකගෙයි කෑම කියන්නෙත් සිංහල බහුවිවාහ ක්‍රමයක්.
ඇත්තටම මේ බහුවිවාහය වගේ දේකට රජය මැදිහත්වෙන්නෙ මොකටද? ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා වෙනත් ලිංගිකයෙක් වේවා තමන් කැමති කෙනෙක් හෝ කීපදෙනෙක් සමග විවාහ වෙන්න පුළුවන් කියල පිළිගන්න බැරි වෙන්නෙ ඇයි?
ඒකෙන් කිසි කෙනෙකුට තමන්ගේ පරම එකම ප්‍රේමය පමණක් විවාහ කරගන්න තහනමක් පැනවෙන්නෙ නෑ. ඒ වගේම කැමති කෙනෙකුට දෙන්නෙක්, කැමති කෙනෙකුට පස්දෙනෙක් ආදී වශයෙන් විවාහ කරගන්න වුනත් පුළුවන්. කිසි කෙනෙකුගේ නිදහසට අවහිරයක් නොවන මේ වගේ තීරණයක් ගන්නවා වෙනුවට නෑ නෑ විවාහ වෙන්නෙ එක්කෙනත් එක්කයි වගේ තැනක රජයක් පෙනී ඉන්නෙ අහවල් කාරණයකටද?
මේවට තමයි කියන්නෙ මිනිස්සුන්ගේ නිදන කාමරේ ඇඳ උඩටත් ආණ්ඩුව එනවා කියල. මේවා පුද්ගලික ප්‍රශ්න. රාජ්‍ය ප්‍රශ්න හෝ රාජ්‍ය ප්‍රතිපත්තිවලට අදාල කාරණා නෙමෙයි.
තමන්ට විවාහ විය හැක්කේ කී දෙනෙක් එක්කද කියල කියන්නත් ආණ්ඩුවක් ඕන කියන ජනතාවක් කොයිතරම් මෝඩද? තමන්ගේ ජීවිතය ගැන එබඳු වගකීමක් ගන්නවත් බැරි අය විවාහයකට සුදුසුද?
ඇත්තටම මුස්ලිම් හෝ වෙනත් සංස්කෘතියක් වෙනුවෙන් පමණක් කියල නීති ගේන එක අන්තිම ප්‍රතිගාමී වැඩක්. නීතියක් රටකට පොදු වෙන්න ඕන. ඒ පොදුවීම ඇතුලෙ අර කියන සංස්කෘතීන්ගේ නිදහසත් ආරක්ෂා වෙන්න ඕන. මුස්ලිම් සංස්කෘතිය ගැන සලකලා රටේම බහුවිවාහවලට නීතියෙන් අවසර ලබාදීමයි සිද්ද විය යුත්තෙ. නැත්තං ඒක ජාතියක් විශේෂ කොට සැලකීමක් වෙනවා.
බහු විවාහයක් අවශ්‍ය කෙනෙකුට ආගම මාරු කිරීම අනිවාර්යයක් වෙනවා. බහු විවාහයක් කරගෙන ඉන්න කෙනෙකුට ආගම මාරු කරන්න බැරි වෙනවා.
රජයට විවාහය අදාල වෙන්නෙ දේපොල හා උරුමයන් සම්බන්ධ නීතිමය කාරණාවලදියි. ඒ වෙනුවෙන් ඕනෑම විවාහයක් බහුවිවාහයක් හැටියෙන් සලකලා ඒ සිටින දෙන්නා හෝ තුන්දෙනා හෝ කීපදෙනා අතර ඒවා බෙදී යා යුතු සාධාරණ ක්‍රමවේදයක් නිර්මාණය කරගැනීමයි කරන්න තියෙන්නෙ.
බහු විවාහය සඳහා නිදහස රටටම ලබාදෙන්න කියන එකයි ජනතා ඉල්ලීම විය යුත්තෙ.
ප.ලි – කොහොමත් ගෑස් නැතුව, ලයිට් නැතුව, කිරිපිටි නැතුව මේ රට යන අත හැටියට බහු විවාහය ආර්තික අතිනුත් ප්‍රායෝගික ක්‍රමයක්. තනි තනි පවුල් නඩත්තු වෙනවට වඩා ලොකු තනි පවුල් ඇතුලෙ සාමූහික පැවැත්ම පිරිවැය අඩු කරනවා. ජනගහනයත් අඩු කරනවා.


මේක 1960න් පස්සෙ ඇතිවුනු විනාශකාරී තත්වයක් විදිහට මතයක් තිබුණත් පර්යේෂකයො පෙන්නලා දෙනවා 1940 ගනං වලත් මේ තත්වය මේ විදිහටම පැවතුනා කියල. සමාජය ඒක විවෘතව බාරනොගැනීම විතරයි වෙනස.
කාලෙකට කලින් විද්‍යාවෙන් කිව්වා සමලිංගිකත්වය රෝගයක් කියල. ඒක මෑතක් වෙන තුරු ලංකාවෙත් උගන්වමින් තිබුන. ඒක තනිකරම විද්‍යාත්මක නොවන නමුත් විද්‍යාත්මක සහතිකය ඇතුලෙන් ප්‍රචාරය කරන ආගමික අගතියක්. කසාදයට කලින් ලිංගිකව හැසිරීමෙන් වැලැක්වීමත් ඒ හා සමානම ක්‍රියාවක්.
ලංකාවෙ ලිංගික අධ්‍යාපනය සම්බන්ධ ව්‍යාපෘතිවලට බොහෝ විට ආධාර ලැබෙන්නෙ වෙනත් රටවල ප්‍රජනන සෞඛ්‍ය වැඩසටහන් හරහායි. මේ ව්‍යාපෘති ලංකාව තුල දියත් කරන්න ඒ අයට සිද්ද වෙනවා විවිධ රජයේ වෛද්‍ය කණ්ඩායම් එක්ක කටයුතු කරන්න. ඒ අයගෙ අධීක්ෂණය යටතෙයි මේ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන්නෙ. ඒකෙ අදහස වඩා නිවැරදි තොරතුරු සමාජගත කිරීම වුනත් ඇත්තටම එතනදි සිද්ද වෙන්නෙ සදාචාර සීමාවන් මතින් තොරතුරු වාරණය කරන එකයි. ලංකාවෙ ලිංගික අධ්‍යාපනය පිළිබඳ මේ දුක්ඛදායක යතාර්ථය හිතාමතා නඩත්තු කරන ආගමික එකක්.
කසාදයට පෙර ලිංගිකව හැසිරීමෙන් අනවශ්‍ය ගැබ්ගැනීම්, සමාජ රෝග, පසුතැවීම්, සිත්රිදීම්, මානසික ආතතිය, ලැජ්ජාව ආදී කාරණාවලට මුහුණ දෙන්න පුළුවන්. හැබැයි මේ තත්වය මොනොගමික කසාදය තුල නොපවතින ඕනම විෂම ලිංගික සම්බන්ධතාවයකට පොදුයි. කොන්ඩමයක් පැළඳීමෙන් ජීව විද්‍යාත්මක වශයෙන් සිදුවිය හැකි ආපදා සියල්ල මැනවින් කළමනාකරණය කරගන්න පුළුවන් අතර අනෙක් මානසික ආපදා ඇත්තෙන්ම ජීවිතය විඳින්න නම් අවශ්‍ය ඒවා වෙනවා.
ලිංගික නිදහස ඇත්තටම විඳින්න තියෙන එකම මග කොන්ඩම් එකයි. ඒකෙන් නිරුවත් සතුට පිළිබඳ හැඟීම තරමක් අඩු කළත් දෙන්නාටම සමානව පසු ආපදාවලින් තොරව සතුටු වෙන්න පුළුවන්.
සෙක්ස් කියන්නෙ ඉතාම හොඳ දෙයක්. සෙක්ස්වලින් ඩෝපමින්, ඔක්සිටොසීන් ආදී රසායනයන් මුදාහරිමින් අපිව සතුටට, සැනසිල්ලට පත් කරන අතර අපේ අන්තර්පුද්ගල සම්බන්ධතා වැඩිදියුණු කරනවා. අපිව නිරෝගී කරනවා. අපි ෆේස්බුක් වගේ කලාපයකට ආවම දකින්න තියෙන දේශපාලනය, වාද විවාද, අපහාස, අවලාද, සෙල්ෆි සටන් බොහොමයක් ලිංගික අතෘප්තිමත්භාවයේ ප්‍රතිඵල. හැබැයි ජීවිතේ අනිත් හැමදෙයක්ම වගේ සෙක්ස් වලින් මේ හොඳ ප්‍රතිඵල අත්පත් කරගන්න නම් ඒක අර්ථවත් සම්බන්ධයක් වෙන්න ඕන. නැත්නම් හිස්කමක්, මානසිකව බිඳවැටීමක් විතරක් ඉතුරු වෙන්න පුළුවන්. සෙක්ස් කියන්නෙ ආධ්‍යාත්මිකව, මානුෂිකව පිරුණු අත්දැකීමක් වෙන්න ඕන.



