අද වප් පෝය දවස. පෝය කියන්නෙ හරි ලස්සන දවසක්. ඒ දවස වෙන්වෙලා තියෙන්නෙ ආධ්‍යාත්මික දේවල් ගැන හිතන්න. විශේෂයෙන්ම බෞද්ධාගමේ පෝය කියන්නෙ ශීලයෙන් සමාදන් වෙන දවස.
මේ ආධ්‍යාත්මික හැඟීම අපි දෙන්න පුරුදු වෙලා තියෙන්නෙ සෙක්ස්වලින් වැළකීම මත. ඒ දවසෙ ඉන්ද්‍රිය පිනවීම පාලනය කරන එක තමයි ශීලයේ මූලික අදහස. බුද්ධාගමේ අද දකින්න තිබුනට ඇත්තටම මේක ක්‍රිස්තියානි අදහසක්.
ශාන්ත පාවුළු කියනවා මෙහෙම.
‘ශරීරය ආශා කරන දේ ආධ්‍යාත්මයට විරුද්ධයි. ආධ්‍යාත්මය ආශා කරන දේ ශරීරයට විරුද්ධයි’
මේක තමයි බෞද්ධ ක්‍රිස්තියානි ශීලයේ පදනම. ශරීරයේ ආශාව පාලනය කිරීම හරහා ආධ්‍යාත්මයට ළංවීම. ඒත් මීට පටහැණි තන්ත්‍ර වගේ බෞද්ධ සම්ප්‍රදායන් තියෙනවා. ඉන්ද්‍රිය පිනවීම හරහා මෝක්ෂය ලැබීම තන්ත්‍රවල කතා කරනවා. මේ වෙද්දි ඒක විද්‍යාත්මකව සනාථ වෙලා තියෙනවා.

සෙක්ස් කරද්දි නිර්වාණය අවබෝධ වුනා වගේ, නැත්නම් ස්වර්ගය මොහොතකට දැකබලාගත්තා වගේ හැඟීමක් සෙක්ස් කරපු ඕනම කෙනෙකුට දැනිලා තියෙනවා. අපි මේක නිවන කියල කියන්නෙ නෑ. ඒත් ඒ ආශ්චර්යමත් මොහොතෙදි අපි මෙහෙම කියනවා.
‘ohh god!!’
‘Jesus Christ’
අපි මේ අසිරිමත් ආස්වාදය විඳින්නෙ අපේ හෝමෝනවලට පිංසිද්ද වෙන්න.
මේ විමුක්තිදායක හැඟීම ගැන ඩියුක් සරසවියෙන් පරීක්ෂණයක් කළා. ඒ අය මේ පර්යේෂණයෙන් හොයාගත්තා සෙක්ස් කිරීමෙදි අත්විඳින මේ ගැඹුරු තෘප්තිය ආගමික අත්දැකීමකට සමානයි කියල. ඒ කියන්නෙ අපි ධ්‍යාන, ඵල, මෝක්ෂ, විමුක්ති, ස්වර්ග කියන ස්වරූපයේ අත්දැකීමක්ම තමයි සෙක්ස්වලින් ලැබෙන්නෙත් කියන එක. සෙක්ස් කියන්නෙ ආධ්‍යාත්මික මාර්ගයක් කියන එක.
මේකට හේතුවෙන්නෙ අපේ ශරීරයේ ඔක්සිටොසින් කියන හෝමෝනය. හොඳ සංවාසයකට පස්සෙ ඇතිවෙන පාවෙනසුලු ගතිය ඇතිකරන්නෙ මේකෙන්. ඒකට කියනවා ලව් හෝමෝනය කියලත්. මේ හෝමෝනයට පුළුවන් අපිට සෙක්ස්වලට පස්සෙ ගැඹුරු ආගමික හැඟීමක් ඇතිකරන්න.
අපිව දෙවියන්ට සමීප කරන්න.
කවුරු හරි ඔයාගෙ ශිෂ්නය උඩින් වාඩිවෙලා, ඒක ප්‍රාණවත් වෙලා ඔක්සිටොසින් හොඳින් ශ්‍රාවය වුනොත් ඔයාට,
Ohh God!!
කියල කියවෙන තෘප්තිමත් හැඟීම ඇතිවෙන්නෙ මෙහෙමයි. මේ ගැන කරපු පර්යේෂණයෙදි එක කණ්ඩායමකට ඔක්සිටොසින් ලබාදුන්නු අතර අනෙක් කණ්ඩායමට ප්ලෙසිබො (ව්‍යාජයක්) ලබාදුන්නා. ඔක්සිටොසින් ලබාදුන් පිරිස අධ්‍යාත්මික ගැඹුරු දේවල් ගැන කතා කරන්න පටන් ගත්තා. භාවනා කරද්දි සිද්ද වෙන්නෙත් මේ ඔක්සිටොසින් නිදහස් කරන එක. සෙක්ස් කරද්දි සිද්ද වෙන්නෙත් ඒකමයි.

ආධ්‍යාත්මිකත්වය සහ භාවනාව නිරෝගී ජීවිතයකට උදව්වෙනවා කියන එක පර්යේෂණ මගින් ඔප්පු වුනු දෙයක්. ඩියුක් සරසවිය මේ පර්යේෂණය කළේ ආධ්‍යාත්මික අත්දැකීම් ලබාදෙන්න උදව්වෙන අපේ ශාරීරික පාර්ශ්වය ගැන හොයලා බලන්න. ශරීරය බැහැර කිරීම හා සමානවම ශරීරය තෘප්තිමත් කිරීමෙනුත් සමාන විමුක්තියක් ලැබිය හැකිබව පෙනී ගියේ මෙතනදි.
ඉතින් පෝයට පන්සල් යන්න බැරි අයට පුළුවන් ඇඳ පන්සලක් කරගන්න. ඉඳුරන් වන්දනාවක යෙදෙන්න. පංචේන්ද්‍රියන් විකසිත කරන්න. ආදරයෙන් අනුරාගයෙන් වෙලෙන්න. ඒ ගින්නෙන් ආත්මාර්ථය දවන්න. ඔක්සිටොසින් වැස්සක නැහැවෙන්න.
ඒ දිව්‍යමය මොහොතේ සමවත් සුවය විඳින්න. පෝය කියන්නෙ ආධ්‍යාත්මික දවසක්.


සිද්ධාර්ථ තමන්ගේ රාජ උරුමය අත්හරිනවා. ඒ වගේම තමන්ගේ ජීවමය උරුමය අත්හරිනවා. සිස්ටම් එකෙන් එලියට යනවා කියන්නෙ සියලු සම්මතයන් සහ ප්‍රවේණියන් අතෑරලා රාත්‍රියක නික්ම යනවා. ඒක වැඳුම් පිදුම් ලබමින් ආශීර්වාදයෙන් ගිය ගමනක් නෙමෙයි. රහසේම, සියල්ලන්ට තමන් වෙත නොයෙක් අපවාදයන් නගන්නට අවසර තබා ගිය ගමනක්. බුද්ධ චරිතය කියවද්දි මට සිද්ධාර්ථ තීරණාත්මක චරිතයක් වුනේ මේ අබිනික්මන නිසයි.
ඒත් පරිණාමය අපි හිතනවට වඩා සංකීර්ණයි. ඒ නිදහස් අවසාන පැවැත්ම තුලින් තවත් පද්ධතියක් නිර්මාණය වෙනවා. සංඝ යනුවෙන් වෙනස් සමාජයක් හැදෙනවා. තවත් උරුමයක් ගොඩනැගෙනවා. ජාතිය, වර්ගය ආදියට අමතරව සාසනයක් පවතින්න පටන් ගන්නවා. ඒ සාසනය පුළුල් වෙමින් නැවත මහා සමාජය එක්ක බැඳෙනවා. ඒ අය භූමි, දේපොල අත්පත් කරගන්නවා. සමහරු දරු පරම්පරාවන් හදනවා. ඒ අබිනික්මන පුනරාගමනයක් වෙනවා.
එහෙම දවස් මනුස්සයන්ට ඕන. තමන් ගත කරන ජීවිතෙන් වෙන් කරන අපේ පැවැත්ම සිහිපත් කරන දවස්. අපි වෙහෙස වන කෘතිම දේවල්වලින් දවසකට හරි මිදෙන දවස්. මිනිස්සු ඉපදෙන්නෙ වැඩකරන්න නෙමෙයි. මිනිස්සු වැඩ කරන්න ඕන තමන් ඒ වැඩෙන් තෘප්තිමත් වෙනවා නම් විතරයි. ඒත් අපි වැඩකරන්නෙ වැඩේ ගැන අතෘප්තියෙන්, වැඩෙන් ලැබෙන මුදල ගැන තණ්හාවෙන්. අපි අතෘප්තියෙන් දවස් විසි නවයක් වැඩකරනවා එක පඩි දවසක තෘප්තිය වෙනුවෙන්. ඒක ජීවිතය ගැන හොඳ සැලසුමක් නෙමෙයි. අපි නොදැනුවත්ව අපේ යහපත වෙනුවෙන් කියල නිර්මාණය කරගත්ත සිස්ටම් එක අපිවම භෞතික ශ්‍රමයකට වැඩි දෙයක් නොවන තැනට ඌනනය කරලා තියෙනවා. අපිට ඒ සමාජමය සංස්කෘතිකමය ආර්ථිකමය හිරගෙයින් එලිය දකින්න තියෙන පුංචි විවරයක් තමයි පෝය කියන්නෙ.