Tag: go home gota

  • ගෝඨාගේ Sex Room එක

    ගෝඨාගේ Sex Room එක

    අරගලය ජයග්‍රහණය කළා. ජනාධිපති මන්දිරය අරගලකරුවන් විසින් අත්පත් කරගත්තා. ඊට පස්සෙ අපිට දකින්න ලැබුනා අරගලක‍රුවන් විසින් ගෝඨාගේ යට ඇඳුම් මාධ්‍යයට ප්‍රදර්ශනය කරනවා. ඊට ටික වෙලාවකට පස්සෙ ගෝඨාගේ කාමරයක් කියල සෙක්ස් රූම් එකක පිංතූර සංසරණය වෙන්න පටන් ගත්තා. තවත් ඉස්සරහට ගිහින් ගෝඨා විසින් වධ දීම සඳහා යොදාගත්තා කියල මොකක්දෝ සොල්දරයකට කැමරාව දික් කරමින් කෙනෙක් කතා කරන වීඩියෝවක් එලියට ආවා. මේ සියල්ල අරගලය ඇතුලෙ පැන නැගුන අනු‍රාගය විසින් නිර්මාණය කළ තත්වයන්. නමුත් අපේ අනුරාගය හෙළිදරව් වෙන තැනදි අ‍පි කිසි දවසක හෙලි නොකරන ඇත්තක්ද නිරුවත් වෙන වග අපිට අමතක වෙනවා. ගෝඨා නිරුවත් කිරීමට යොදාගත් මේ සියලු වෑයම්වලින් ඇත්තටම නිරුවත් වෙන්නෙ අරගලකරුවන්මයි.

    පළමුවෙන් ගෝඨාගේ සෙක්ස් රූම් එක කියල මුදාහැරුනු BDSM උපාංග සහිත කාමරය කිසිසේත්ම ගෝඨාගේ එකක් නෙමෙයි. ඒකට හේතුව එවන් ශෘංගාර වපසරියක් තිබුනා නම් ගෝඨාබය රාජපක්ෂ වගේ ජාතිවාදී, වර්ගවාදී, රාජපක්ෂවාදී චරිතයක් නිර්මාණය වෙන්නෙ නැති එකයි. ඒ වගේ සියුම් රසයක් ගෝඨා නෙමෙයි අනුර කුමාර දිසානායකටවත් නැති වග ස්ථිරයි. ඒක taste එක පිළිබඳ කාරණයක්. එවන් වෙනස් ශෘංගාරයන් රසවිඳින අයගෙ ජීවිතයේ අනෙක් කලාපයන්ගේත් එම රසභාවයන් දකින්න ලැබෙනවා. ඒ අයගෙ විලාසිතාවල, ඇසුරු කරන කලාවන්ගේ, මත්වීමේ ආකාරයන්ගේ මේ ගැඹුර නිරූපනය වෙනවා. ඒ වගේම ජාතිවාදය වර්ගවාදය වගේ පටු මුග්ධ තැන්වල එවන් උසස් රසයන් විඳින අය පිහිටන්නෙ නෑ. සෙක්ස් කියන්නෙ ජාතිවාදයේ ප්‍රතිවිරෝධය. යුද්ධයේ ප්‍රතිපක්ෂය. ආදරයේ අරගලය.

    මේ පිංතූරය ශෘංගාරය නොදන්නා දහස් ගානක් පිරිස් ඇත්තක් වශයෙන් බාරගත් වග පේන්න තිබුන. සමහරු ‘අනේ හිර කූඩුවකුත් තියෙනවා’ ආදී වශයෙන් කම්පා වෙනවා දකින්න ලැබුන. ලංකාවෙ අරගලකාමීන්ගේ සෙක්ස් ගැන දැනීම කොයිතරම් පටුද කියන එක ඒ ප්‍රතිචාර ඇසුරෙන් කියවගන්න පුළුවන්.

    සෙක්ස් රූම් ගැන කාටහරි දැනගන්න උවමනා නම් මේ දවස්වල නෙට්ෆ්ලික්ස් එකේ තියෙනවා How to build a sex room කියල සීරීස් එකක්. මෙලනි රොස් කියන ඉන්ටීරියර් ඩිසයිනර් විසින් දශක කීපයක් තිස්සෙ මේ සරාගී අවකාශයන් නිර්මාණය කිරීමේ අත්දැකීම් ඉතාම සුන්දර ආකාරයකට විස්තර කරනවා. ඒ රහස් කාමරය තුල ඇසුරු කෙරෙන කලාව, හැගීම්, සහ ආදරය සියල්ල ගෙනහැර පානවා. ඒක බලලා මේක බලන කොට ලංකාව තියෙන තැන හෙළුවෙන් පේනවා.

    අර සොල්දරේ වීඩියෝව නම් තමන් කතා කරන්නෙ මොනවා ගැනද කියලවත් වැටහීමක් නැති අමුතු අරගලකාරයෙකුගේ වැඩක් විදිහටයි පේන්නෙ. එයා මිනිස්සුන්ට වධදීම වෙනුවෙන් පාවිච්චි කළා කියල පරාල දෙකකින් හැදුන කුරුසියක් පෙන්නනවා. ඇත්තටම BDSM වලදි ශාන්ත ඇන්ඩෘගේ කුරුසිය කියල එකක් පාවිච්චි වෙනවා. ඒක තියෙනවා ගෝඨාගෙ sex room එක කියන කාමරේ අයිනක. ඒක ජේසුගෙ කුරුසියට වඩා වෙනස් එකක්. ඒක පිහිටන්නෙ කතිරයක් විදිහට. කැමැත්ත ඇතුව කෙනෙක් එහි නංවා flogging කිරීම (සිංහලෙන් කසපහර කියන්න පුළුවන්) ඒ ආර්ට් එකේ සෞන්දර්යයක්.

    වැදගත්ම කාරණය මේකයි. අපි ජනාධිපති ගෝඨාබය රාජපක්ෂට විරුද්ධ වෙනවා කියන්නෙ පුද්ගලයෙක් විදිහට ගෝඨාබයට විරුද්ධ වෙනවා කියන එක නෙමෙයි. ජනාධිපතිගේ මන්දිරයට ඇතුල්වෙන්න අවසර තිබුනට කිසිම කෙනෙකුට ගෝඨාබයගේ පුද්ගලික ජීවිතයට ඇතුල් වෙන්න අවසර නෑ. ඒක අපි ගරු කළ යුතු අයිතියක්. ගෝඨාගේ යට ඇඳුම් ප්‍රදර්ශනය කරමින්, එයාගෙ ශෘංගාර ජීවිතය ගැන කතා නිර්මාණය කරමින් අරගලකරුවන් කරන්නේ ගෝඨාගේ පුද්ගලික ජීවිතය දූෂණයට ලක් කිරීමයි. නිවෙස් ගිනි තැබීම පවා අනුමත කරමින් දිගහැරෙන මෙවන් අරගලයක පුද්ගල ජීවිතයේ අයිතිය ගැන කතා කිරීිම තේරුමක් නැති වැඩක් වෙන්න පුළුවන්. නමුත් කෙනෙකුගේ පුද්ගලික ජීවිතයට බලහත්කාරයෙන් කඩාපනිමින් මේ කරන්නෙ එක පැත්තකින් ශෘංගාරය කියන මානව සෞන්දර්ය කලාපය දූෂණයට ලක් කිරීමක්. තමන් කිසිම සංස්කෘතික රසයක් නැති පිලිස්තීනුවන් වග ප්‍රදර්ශනය කිරීමක්. අනෙක් අතට මිනිහෙකුගේ පුද්ගලික ලිංගික කලාපයට ගරු කිරීමේ ආචාර ධර්මයවත් පිහිටා නැති වග ලෝකයට කියා පෑමක්.

    මතක තියාගන්න. කාන්තාවක් රිය අනතුරකට ලක්වුනු අවස්තාවක පවා ඔවුන්ගේ යට ඇඳුම් ගැන කතා කරන්නේ මේ අශිෂ්ටත්වයමයි. අද අරගලයට උර දෙන ගුනරත්නම්ලා එදා අත්අඩංගුවට ගනිද්දි කොන්ඩම් ගැන මීඩියාවල කතා හදන්නෙත් මේ අශිෂ්ටත්වයමයි. කොටින්ම මේ අරගලය කියල අපි දකින්නෙ රාජපක්ෂවාදයමයි.

  • ගෝටා ඇවිත් ඇඳ උඩටම

    ගෝටා ඇවිත් ඇඳ උඩටම

    අරගලයේ වගේ හිතෙන්න ටෙන්ට් එකක් ඇතුලෙ සෙක්ස් කරන වීඩියෝවක් බලන්න ලැබුනා. ඒකෙ කෙල්ලගේ පිටේ ගහලා තියෙනවා, ඩෝන්ට් ෆක් මයි කන්ට්‍රි කියල. තට්ටම් දෙකේ ගෝටා ගෝ හෝම් කියල. පසුබිමෙන් කපුටු කාක් බැසිල් බැසිල් හෝන් ඇහෙනවා. මේක බැලුබැල්මටම අරගලය වල් කරන්න ආණ්ඩුව පැත්තෙන් කරපු වැඩක්. ඒ කියන්නෙ ආණ්ඩුව විසින් පෝර්න් පවා නිෂ්පාදනය කරනවා. අර පහන්තුඩාවෙ යුවළ අල්ලන්න වගේ පැය 48ක විශේෂ මෙහෙයුමක් එහෙම පාවිච්චි කරන්න උවමනාවකුත් ආණ්ඩුවට නෑ.

    ලිංගිකත්වයට ඉතාම විරුද්ධ, සදාචාරය හිසින් තියාගත්, සිංහල බෞද්ධ රාජපක්ෂවාදීන් තමයි පෝර්න් හදන්නෙ කියන එකත් මෙතනදි පැහැදිලි වෙනවා. කොටින්ම අනුන්ට මඩක් ගැසීම වෙනුවෙන් කාන්තාවක් නිරුවත් කරමින් පෝර්න් එකක් හදන්න වුනත් මේ අය පැකිලෙන්නෙ නෑ. අනිත් අය පෝර්න් හදන්නෙ ආස්වාදයට, අනුරාගයට. මේ අය පෝර්න් හදන්නෙ වෛරයට, පලිගැනීමට.

    රාජපක්ෂලාට සෙක්ස් කියන්නෙ සුන්දර දෙයක් නෙමෙයි. රාජපක්ෂලා සෙක්ස් පාවිච්චි කරන්නෙම වෛරයට, තව ජාතියක් ආගමක් හෝ ලිංගිකත්වයක් පාගා දැමීමට. ඉරාජ් විසින් දිගටම ප්‍රකට කලේ මේ රාජපක්ෂවාදී ලිංගික උරුමය. ඒක තමයි වඳ කොත්තු, වඳ බ්‍රා, වඳ සැත්කම් විදිහටත් එලියට පැන්නෙ.

    ඒත් අපි කැමතියි මේක ප්‍රොටෙස්ට් වීඩියෝවක් විදිහටම දකින්න. රාජපක්ෂලා සෙක්ස් පලිගැනීම වෙනුවෙන් පාවිච්චි කරද්දි සෙක්ස් විරෝධයක් විදිහට පාවිච්චි කළ හැකි ඉඩක් ගැන හිතන්න.

    මේ පිරිමියා සහ ගැහැණිය සංසර්ගය කරන්නෙ ශරීර එක්ක නෙමෙයි කියන එක පැහැදිලියි. මේ සංසර්ගය සිද්ද වෙන්නෙ දේශපාලනික සටන්පාඨයක් එක්ක. කොටින්ම මේ සංසර්ගය සිද්ද වෙන්නෙ ගෝටා එක්ක.

    රට එක්ක සංසර්ගයේ නොයෙදී මාත් එක්ක සංසර්ගයේ යෙදෙන්න කියලයි ඇය නිරුවත්ව, මුනින් අතට නැවීගෙන කියන්නෙ. ගෝටා ගෙදර යැවීමේ අනුරාගය කොයිතරම්ද කියන එකයි අපි විඳින්නෙ. අනිත් අතට ගෝටා ගෙදර යවනකල් හරි හැටි ලිංගික ක්‍රියාවේ යෙදෙන්නවත් බැරිවගයි ප්‍රකාශමාන වෙන්නෙ. රාජපක්ෂවාදී ලිංගික කුහකත්වයේ සිරවුනු කෙනෙක් නොවන කෙනෙකුට මේක දැනෙන්නෙ ගෝටාට විරුද්ධ දරුණු විරෝධතාවයක් හැටියට.

    අජිත් කුමාරසිරිගෙ වචනවලින් කියනවා නම් මේ වීඩියෝවෙ අර්ථය ඇඳ උඩටම ගෝටා ඇවිත් කියන එකයි. ඒ තරම් පුද්ගලික තැන් පවා ගෝටා ආන්ඩුව විසින් අහිමි කරලා තියෙනවා. මිනිස්සුන්ට ආදරය වෙනුවට ගෝටා එළවීම ඇඳ උඩටම ගේන්න වෙන තත්වයක් උදා කරලා තියෙනවා. මේ වීඩියෝව කියන්නෙ අරගලයේ අවශ්‍යතාවය. කන්න බොන්න බෙහෙත් ටික විතරක් නෙමෙයි සෙක්ස් වත් නැති වෙන්නයි යන්නෙ කියන සටන් පාඨය.

  • ඥානා වෙනුවට මාව ගන්න

    ඥානා වෙනුවට මාව ගන්න

    මේ අරගලයේ මට අමතක නොවෙනම පිංතූරයක්. මම වරින් වර මේ වි‍රෝධය නරඹනවා. එහි අනුරාගය විඳිනවා. ඒක එක විටම පුද්ගල අනුරාගයත්, රට ගැන අනුරාගයත් දරාගත්ත පිංතූරයක්.

    මේ සටන්පාඨයේ හැගීම දැනෙන්නෙ එය ඔසවාගෙන සිටින ඇයත් එක්ක. ඇය තමයි සටන්පාඨයේ ප්‍රධානතම කොටස.

    අතිශය සුන්දර තරුණයක් ඇගේ අතින් ලියූ විරෝධතා පුවරුවක් ඔසවාගෙන ඉන්නවා.
    ‘ගෝටා, ඔයා ඕක අතෑරියොත් ඔයාට මාව ගන්න පුළුවන්. (නැත්තං මං ඔයා එක්ක එනවා). මං ඥානක්කට වඩා හොඳයි’
    මේක අතිශය නිර්භීත කතාවක්. ඒ වගේම සරාගී බවෙන් උපරිම ඒ තරමටම ප්‍රචන්ඩ කතාවක්. ඈ මුව වසා සිටින්නේත් ‘ගෝටා ගෝ හෝම්’ කියා ලියූ මාස්ක් එකකින්.

    එක පැත්තකින් රට වෙනුවෙන් තමන්ව පූජා කරන්න වුනත් සූදානම් කියල ඇය කියනවා. හරියට විහාර මහා දේවි වගේ, ඊට වඩා රමණීය පරිත්‍යාගයක්. අනිත් පැත්තෙන් ඒක දරුණුතම උපහාසයක්.
    ‘ඔය නාකි ගෑනිට වසඟ වෙලා මොකද්ද බං කරන්නෙ?’ නොලියා ඇති ප්‍රකාශය ඒක.

    ජනාධිපති මේ සියලු මුග්ධකම් කරන්නේ ගැහැණියකගේ වසඟයක් නිසා බවත් ඇය කියනවා. ඊට වඩා වසඟයක බලයක් තමන් සතු බවත් කියනවා.

    මේ සටන්පාඨය ගෝටා ඉක්මවා ගිහින් ලංකාවෙ පිරිමි සමස්තයට වදිනවා. ගැහැණියක් මේ කරන අභියෝගාත්මක ප්‍රකාශය ලංකාවෙ රාජපක්ෂ වර්ගයේ පිරිමින්ට දිරවගන්න අමාරු ‍එකක්. උන්ව සලිත කරන එකක්. ඇය ඒ පුවරුව ඔසවාගෙන ඉන්නේත් ස්ත්‍රී ලාලිත්‍ය මනාව පේන්න ඉරියව්වකුත් සකසාගෙනයි. සුන්දර ස්ත්‍රියකගෙන් තමන් අපේක්ෂා කරන ලැජ්ජාශීලීකම විශේෂයෙන් සෙක්ස්වලට බයකම වෙනුවට ඇය ලිංගිකත්වය, අනුරාගය වැළඳගනිමින් විරෝධය ඉස්සරහට ගේනවා.

    මීට කාලෙකට කලින් අපි දැක්කා දුටුගැමුණු දියණියෝ වගේ පිරිසක් ෆේස්බුක් එකේ මතුවෙනවා. ඒ අය කියමින් හිටියෙ සිංහල දරුවන් සියයක් වදන්න තමන් සූදානම් වගේ කතන්දර. ඒ පෝස්ට් හැම එකක්ම වගේ ගැහැණිය දරුවන් වදන මැෂිමක් බවට පත් කරන විදිහෙ ඒවා. ජාතිය වෙනුවෙන් තමන්ට කළ හැකි උපරිමය දරුවන් හදන එකයි කියන ග්‍රාම්‍ය චින්තනය ලැජ්ජ නැතුව ප්‍රදර්ශනය කිරීමක් ඒක. ඒ අය තමන්ගේ ප්‍රොෆයිල් පිංතූර පවා හංගගෙනයි සිංහල දරුවො හදන්න කතා කරමින් හිටියෙ.

    ඒත් මේ තරුණිය තනියම සටන් පුවරුවක් අරගෙන හිටගන්නවා. අනුර‍ාගී උපහාසයකින් ගෝටාටත් ගෝටා පන්නයේ වඳ සැත්කම් පිරිමින්ටත් දමා ගහනවා. සියලු පොලිටිකලි කරෙක්ට් සීමාවන් ඉක්මවා යන ඒක ලිංගිකත්වයේ සහ වසඟයේ දරුණු ප්‍රහාරයක්.

  • පියුමි හංසමාලි ෆේස්බුක් පිටුවේ තබා තිබූ සංවේදී සටහන

    පියුමි හංසමාලි ෆේස්බුක් පිටුවේ තබා තිබූ සංවේදී සටහන

    පියුමි කියන්නෙ ලංකාවෙ සරාගිතම නිළිය. ඒ දවස්වල නැවක් ගිලුනත් ආණ්ඩුව ඒක වහන්න පියුමි ගැන පුවතක් පාවිච්චි කළා. ඉරාජ්ගෙ පීචං නිර්මාණ මිනිස්සු අතරට ගියේ පියුමි ගැන අනුරාගය හින්ද. පසුගිය දවසක පියුමි කලාකරුවන් විසින් පැවැත්වූ #GotaGoHome අරගලය වෙනුවෙන් සම්බන්ධ වුනා. තමන් විවාහ වෙන්නට සිටින සැමියා තමන්ට යන්න එපා කී බවත් ඒත් තමන් කෙසේ හෝ ඒ අවස්ථාවට පැමිණියේ මිනිස්සු විඳින දුක තමන්ටද දැනෙන නිසා බවත් පියුමි සටහන් කර තිබුන.

    මේ ඊට පස්සෙ පියුමි ෆේස්බුක් එකේ ලියලා තිබුනු සටහනක්.

    ගෙයක් දොරක් හදලා ‘වාහනයක් අරගෙන’දරුවට උගන්වලා ‘දරුවා බන්දලා’ දරුවන්ගෙ දරුවො හදලා ‘නැවතිලා හුස්ම ගන්නකොට’… නොදැනිම හුස්ම පොද ගිහින්😢 අනෙ දෙවියනෙ මගෙ රටට වෙච්ච දෙයක්.ඉක්මනටම හොඳක් වෙන්න දෙවියෙනේ.මිනිස්සු බඩගින්නෙ දුක් විඳිනවා. වේලක් කැවොත් ඊලඟ වේල කන්න මහා අරගලයක් දෙනවා😭 තවත් අය මහා දවාලෙ අව්වෙ දුක් විඳිනවා බුමිතෙල් පොලිමෙ. තවත් අය වැස්සෙ තෙමෙනවා ගැස් පොලිමේ. ලෙඩ වුන අසරන තාත්තලා, ගැස් පොලිම් වල ඉඳලා ඇද වැටි මිය යනවා. හරිම ආමාරුවෙන් petrol ටික ගහගත් උදවිය ඒ ටික ඉවර වෙනකල් මහා පාරෙ trafick එකේ ඉන්නවා. ඒ උද්ගොශන නිසා පාරෙ යන්න බෑ ආමාරුයි😭 පුංචි දරුවො පාසැල් ඇරිලා පැය ගානක් පාරෙ ගෙදරට යන්න බෑ. රට බේරාගන්න කියලා සියලු දෙනා පාරට බැස්ස නිසා මහා පාරෙ පාරවල් හරස් වෙලා😭 කවදාවත් tv නොබලන මම අම්මා එක්ක News බලන්න ඉඳගත්තාම අසරණ අම්මලා අඬනවා බඩු මිල අඩු කරන්න අපිට කන්න බොන්න ගන්න විදිහක් නැ කියලා😭 තවත් අය කියනවා දවසට එක වේලයි මාත්තයො අපි කන්නෙ අපිට ජිවත් වෙන්න විදිහක් නැ කියලා😭 වැඳලා ඉල්ලනවා 🙏 මාත් මේවට සම්බන්ධයි සාමාවෙන්න. සර්ට මාත් චන්දය දුන්නා. ඒ දුන්නෙ මගෙ රටට හොදක් වෙයි.සිතලා. ඒත් මොකක්දො සාපයක් වැදුනා වගේ දෙයක් වුනා. අපි කිසිම කෙනෙක්ට හිතා ගන්න බැ. ඒත් ඉක්මනට මෙ කරදර නැති වෙලා සියලුම දෙනාට සැනසීම ලැබේවා කියලා උඩ ඉන්න දෙවියන්ට කියනවා ඇරෙන්න වෙන පිළියමක් නෑ. ඇත්තමයි හරිම දුකින් මෙ සටහන ලියමි. #piumihansamali

  • වි‍රෝධයට – Sex අවුල්ද?

    වි‍රෝධයට – Sex අවුල්ද?

    ලංකාවෙ මෙතෙක් පැවති අසිරිමත්ම විරෝධතාවය #GoHomeGota බව අවිවාදිතයි. මේ තරම් විසල් විරෝධයක් ඉතිහාසයේ කිසිදවසක පැවතිලා නෑ. ඒ හින්දම ආණ්ඩුවට විශාල අභියෝගයක් වගේම හුරුපුරුදු විරෝධතා ව්‍යාපාරවලටත් මේක ලොකු අභියෝගයක්. අපි දැකලා තියෙන යටි ගිරියෙන් මොරදෙන වාමාංශික විරෝධතා රැල්ලට වෙනස් විදිහෙ කලර් එකක් මේ අලුත් පරම්පර‍ාවෙ අරගලය ඇතුලෙ තියෙනවා. ඒ ගොල්ලො සෙල්ෆි ගහනවා, සිංදු කියනවා, නටනවා. අපිට පුරුදු දහම්පාසැල් විරෝධතා වගේ නෙමෙයි මේක විනෝදයි. ඒ නිසාම බෝවෙනසුලුයි. විනෝදයම විරෝධයක් වෙනවා.

    මේ අතරෙ කිසි දවසක අපි දැකලා නැති සටන්පාඨ ටිකක් බෝර්ඩ්වල කුරුටු ගාලා ඉස්සෙන්න පටන් ගන්නවා. මේවා දැකලා සීරියස් විරෝධතාකරුවො කුපිත වෙනවා. මේක බඩගින්නෙ ප්‍රශ්නයක් ඒ හින්ද විහිලු කරන්න එපා කියනවා. විරෝධය පාවා දෙනවා කියල චෝදනා කරනවා. ඒත් ඒ අය අමතක කරන දෙයක් තමයි මේ විරෝධතාවය අයිති ඒ අලුත් පරම්පරාවට කියන එක.

    සෙක්ස් ගැන ලියවුනු සටන්පාඨත් මේ අතර තිබුන. ඒවා දැකපු ගමන් සිංහල බෞද්ධ විරෝධතා පිරිස් අපහසුතාවයට පත්වුනා. ඒ අයට ඒ බෝඩ් ඉස්සරහ හිටගන්න අවුලක් වගේ දැනුනා. විරෝධය වල් වේගෙන යනවා වගේ පේන්න ගත්තා. මං හිතන්නෙ මේ පෝස්ටර් ගෝඨාභය කියන පුද්ගලයාට වඩා රාජපක්ෂ සංස්කෘතිය ඉලක්ක කරගත්තා කියල. මේ වෙලාවෙ ගෝටාට විරුද්ධව හිටගෙන ඉන්න සමහර අයත් දන්නෙම නැතුව රාජපක්ෂ සංස්කෘතියේ උරුමයන් ආරක්ෂා කරනවා. සෙක්ස් කියන්නෙ රාජපක්ෂලා විසින් දැඩිවම යටපත් කරපු, ඒ යටපත් කිරීමේ අසහනයම වඳ කොත්තු, වඳ බ්‍රා, වඳ සැත්කම් විදිහට ජාතිවාදයට හරවලා වැඩට ගත්තු දෙයක්. රාජපක්ෂ සංස්කෘතියට සෙක්ස්වලින් ගහන එක දේශපාලනිකයි. ඇත්තටම ඒක ගෝටාට ගහනවටත් වඩා දේශපාලනිකයි.

    ‘පෝර්න් හබ් එකේවත් මෙහෙම අරිනවා දැකලා නෑ හාමුදුරුවනේ!’

    එක කෙල්ලෙක් ලියලා උස්සගෙන හිටියා. පෝර්න් හබ් ගැන කතාවක් කෙල්ලෙකුට මහ පාරෙ පෝස්ටරයක් විදිහට උස්සන් ඉන්න පුළුවන් කියන්නෙම මොන තරම් පෙරළියක්ද? මේ ආණ්ඩුව පැය 48 ජාතික මෙහෙයුම් දාලා පෝර්න් හබ් වීඩියෝ හදපු උන් අල්ලපු ආණ්ඩුවක්. ඒවා තමයි ඒ අය කරපු රට දියුණු කරන වැඩ. මං හිතන්නෙ මේ විරෝධය එන්නෙ එතනින් කියල. ඒ වගේම රාජපක්ෂ ආණ්ඩුවෙ පුරුෂමූලික ආධිපත්‍යයටත් මේ කෙල්ලගෙ පෝස්ටරෙන් දමලා අරිනවා.

    ‘ලයිට් කපන්න එපා යකෝ මිනිහගෙන් වදේ’

    මේ පෝස්ටරෙත් අල්ලන් හිටියෙ ලස්සන කෙල්ලෙක්. ලංකාවෙ ලයිට් කැපීමත් එක්ක ජනගහනය වර්ධනය වීම ගැන සංඛ්‍යාත්මක දත්ත වාර්තා තියෙනවා. කරන්න වැඩක් නැතුවට හැදුනු ළමයි ඕන තරම් ඉන්නවා. ඒ වගේ සැලසුමක් නැතුව හැදුනු ළමයි රාජපක්ෂලා වගේ වෙන්න පුළුවන්. ඒ වගේම ආණ්ඩුව මේ වෙද්දි ඇඳ උඩටම ඇවිත් කියන එකත් මේ ලයින් එකේ තියෙනවා. තවදුරටත් මේක දේශපාලනික ප්‍රශ්නයක් නෙමෙයි පුද්ගලික ප්‍රශ්නයක්. තමන්ගේ රාත්‍රී නින්දට, නිදහසට බලපාන ප්‍රශ්නයක්.

    වැදගත්ම කාරණය වෙන්නෙ මේ පෝස්ටර් කෙල්ලන් විසින් ප්‍රසිද්ධියේ උස්සන ඉන්න එක. ඒක ලොකු සංස්කෘතික වෙනසක යෝජනාවක්. මේවට විරුද්ධව කතන්දර ලියන අය රිදෙන්නෙ අන්න ඒ සංස්කෘතික යෝජනාවට. කෙල්ලො සෙක්ස් ගැන එලිපිට කතා කරනවා කියන්නෙ රාජපක්ෂ සංස්කෘතියට විරෝධයක් තමයි. ඒ මවාගත්ත සිංහල බෞද්ධ වික්ටෝරියානු සළුපිලි ඉරාදැමීමේ ප්‍රචණ්ඩ ක්‍රියාව මේ කෙල්ලො සිම්පල් පෝස්ටරයකින් කරනවා.

    මිනිස්සුන්ට තියෙන්නෙ ජීවිතේ මූලිකම අවශ්‍යතා දෙකයි. ඒ තමයි ආහාර සහ ලිංගික කියන දෙක. කෑම ගැන කතා කරනවා වගේම සෙක්ස් ගැන කතා කරන එකත් රාජ්‍ය විරෝධයක අත්‍යවශ්‍ය ලකුණක් විදිහටයි මං දකින්නෙ. රාජපක්ෂ ආණ්ඩුව වැඩියෙන්ම පාලනය කලේ සෙක්ස්. එක පැත්තකින් අසභ්‍ය ප්‍රකාශන පණත්, ලිංගික අධ්‍යාපන තහනම් හරහා ලිංගිකව වැහුනු, අසහනයෙන් පිරුනු ජනතාවක් බිහිකළ අතරම අනෙක් පැත්තෙන් ස්ත්‍රී දූෂණ, බලහත්කාරකම් සහ සමලිංගික භීතිකාව ප්‍රවර්ධනය කළා. ඒ යටපත් කළ ගැහැණිය නැවත තමන්ගේ ලිංගික අයිතිය අතට අරගෙන රාජපක්ෂලාට දමා ගැසීමක් විදිහටයි මට මේ පෝස්ටර් පේන්නෙ.

    ‘ඔබේ දරුවාට ලිංගික අධ්‍යාපනය ලබා දිය යුත්තේ ඇයි? නන්දසේන වැනි විපත් නැවත සිදු නොවීමටයි’මේ පෝස්ටරය කෙලින්ම රාජපක්ෂ හිතවාදී මැදගොඩ අබේතිස්සලා විසින් පැහැර ගත් ලිංගික අධ්‍යාපන අයිතිය පිළිබඳ අපිට මතක් කරනවා. ඒ අධ්‍යාපනය අවශ්‍ය වන්නෙම රාජපක්ෂලා වැනි රටකට අනවශ්‍ය උපත් පාලනය කිරීමටයි කියල කනේ පාරකුත් ගහනවා. මේ ලිංගික කලාපයේ රාජපක්ෂ චින්තනය විසින් පැනවූ සීමාවන් ප්‍රශ්න කිරීම, තල්ලු කිරීම කියන්නෙ විරෝධයේ ප්‍රබල ප්‍රකාශනයක්. මේක විනෝදයක් විදිහට කෙනෙකුට පේන්න පුළුවන්. ඒත් ඊට යටින් තියෙන බරපතල විරෝධය මිස් වෙන්න බෑ.

    එක්ස්ප්‍රස් පර්ල් නැව ගිල්ලන්න ආණ්ඩුව පාවිච්චි කරපු පියුමි හංසමාලිත් අරගලයට එකතු වෙලා තිබුන. පියුමි කියන්නෙ ලංකාවෙ සෙක්ස් රැජින. පියුමි හිටියෙ ලිංගික කුහකත්වයේ ප්‍රතිමූර්තියක් වෙන ඉරාජ්ලා එක්ක. ඒ පියුමි තමයි දැන් පාරට බැහැලා ‘ගෝ හෝම් ගෝටා’ කියන්නෙ. වෙන විදිහකින් ඉරාජ්ට මැද ඇඟිල්ල පෙන්නන්නෙ. විවිධ මෝස්තර විලාසිතාවලින් ජනතාවගේ අනුරාගය අවුළමින් හිටපු පියුමිත් ගෑස් තෙල් ප්‍රශ්නෙට පාරට බහිනවා කියන්නෙ මේ වෙලාවෙ සෙක්සිම තැන මහපාර කියන එකයි. ඒක දේශපාලනික නැද්ද?

    මේ පෝස්ටර් විසින් යම් කෙනෙක්ව කළඹවනවා නම්, එයාගෙ සීරියස් බව ගිලිහෙනවා වගේ දැනෙනවා නම් එයාටත් රාජපක්ෂවාදී ලිංගික කුහකත්වයේ බලපෑම තියෙනවා. ඒක ප්‍රශ්න කිරීමත් මේ විරෝධයේම කොටසක්. අපි එලවන්න හදන්නෙ රාජපක්ෂ පවුල විතරක් නෙමෙයි රාජපක්ෂ සංස්කෘතියක්.


    චින්තන ධර්මදාස