පියුමි කියන්නෙ ලංකාවෙ සරාගිතම නිළිය. ඒ දවස්වල නැවක් ගිලුනත් ආණ්ඩුව ඒක වහන්න පියුමි ගැන පුවතක් පාවිච්චි කළා. ඉරාජ්ගෙ පීචං නිර්මාණ මිනිස්සු අතරට ගියේ පියුමි ගැන අනුරාගය හින්ද. පසුගිය දවසක පියුමි කලාකරුවන් විසින් පැවැත්වූ #GotaGoHome අරගලය වෙනුවෙන් සම්බන්ධ වුනා. තමන් විවාහ වෙන්නට සිටින සැමියා තමන්ට යන්න එපා කී බවත් ඒත් තමන් කෙසේ හෝ ඒ අවස්ථාවට පැමිණියේ මිනිස්සු විඳින දුක තමන්ටද දැනෙන නිසා බවත් පියුමි සටහන් කර තිබුන.

මේ ඊට පස්සෙ පියුමි ෆේස්බුක් එකේ ලියලා තිබුනු සටහනක්.

ගෙයක් දොරක් හදලා ‘වාහනයක් අරගෙන’දරුවට උගන්වලා ‘දරුවා බන්දලා’ දරුවන්ගෙ දරුවො හදලා ‘නැවතිලා හුස්ම ගන්නකොට’… නොදැනිම හුස්ම පොද ගිහින්? අනෙ දෙවියනෙ මගෙ රටට වෙච්ච දෙයක්.ඉක්මනටම හොඳක් වෙන්න දෙවියෙනේ.මිනිස්සු බඩගින්නෙ දුක් විඳිනවා. වේලක් කැවොත් ඊලඟ වේල කන්න මහා අරගලයක් දෙනවා? තවත් අය මහා දවාලෙ අව්වෙ දුක් විඳිනවා බුමිතෙල් පොලිමෙ. තවත් අය වැස්සෙ තෙමෙනවා ගැස් පොලිමේ. ලෙඩ වුන අසරන තාත්තලා, ගැස් පොලිම් වල ඉඳලා ඇද වැටි මිය යනවා. හරිම ආමාරුවෙන් petrol ටික ගහගත් උදවිය ඒ ටික ඉවර වෙනකල් මහා පාරෙ trafick එකේ ඉන්නවා. ඒ උද්ගොශන නිසා පාරෙ යන්න බෑ ආමාරුයි? පුංචි දරුවො පාසැල් ඇරිලා පැය ගානක් පාරෙ ගෙදරට යන්න බෑ. රට බේරාගන්න කියලා සියලු දෙනා පාරට බැස්ස නිසා මහා පාරෙ පාරවල් හරස් වෙලා? කවදාවත් tv නොබලන මම අම්මා එක්ක News බලන්න ඉඳගත්තාම අසරණ අම්මලා අඬනවා බඩු මිල අඩු කරන්න අපිට කන්න බොන්න ගන්න විදිහක් නැ කියලා? තවත් අය කියනවා දවසට එක වේලයි මාත්තයො අපි කන්නෙ අපිට ජිවත් වෙන්න විදිහක් නැ කියලා? වැඳලා ඉල්ලනවා ? මාත් මේවට සම්බන්ධයි සාමාවෙන්න. සර්ට මාත් චන්දය දුන්නා. ඒ දුන්නෙ මගෙ රටට හොදක් වෙයි.සිතලා. ඒත් මොකක්දො සාපයක් වැදුනා වගේ දෙයක් වුනා. අපි කිසිම කෙනෙක්ට හිතා ගන්න බැ. ඒත් ඉක්මනට මෙ කරදර නැති වෙලා සියලුම දෙනාට සැනසීම ලැබේවා කියලා උඩ ඉන්න දෙවියන්ට කියනවා ඇරෙන්න වෙන පිළියමක් නෑ. ඇත්තමයි හරිම දුකින් මෙ සටහන ලියමි. #piumihansamali