Tag: actress

  • උදයන්ති වගේ ගැහැණුන්ට ආදරෙන්

    උදයන්ති වගේ ගැහැණුන්ට ආදරෙන්

    උදයන්ති යූටියුබ් නාලිකාවක තමන්ගේ පෙම්වතා සමග ඇවිත් කතා කරන අතරේ ස‍ංවේදී වෙමින් හැඩුම්බර වෙන වීඩියෝවක් දකින්න ලැබුන. ගොඩක් කැමරා ඉස්සරහට ඇවිත් අඩන කාන්තාවන් හිටියත් උදයන්තිගෙ මේ දුක්බර වීම හදවතට දැනෙන කාරණයක් වුනා. ඒකට එයාට ඇත්ත අයිතියක් තියෙනවා.

    උදයන්තිගේ නිරුවත් වීඩියෝවක් පෝර්න් සයිට්වලට මුදාහැරියේ එවක ඇගේම පෙම්වතෙක් විසින් කියලා ප්‍රසිද්ධ වුනා. මේ වීඩියෝව කොහෙත්ම පෝර්න් එකක් නෙමෙයි. කාන්තාවක් නිරුවතින් බත් කෑමේ තියෙන ශෘංගාරය හෝ ‍පෝර්න්මය රසය මොකක්ද කියන එක ගැටලුවක්. ඒත් උදයන්ති නිළියක් වීම නිසාම ඒක ඇවිලිලා පැතිරිලා ගියා. ඒකෙන් උදයන්තිගේ ජීවිතයට ලොකු බලපෑමක් සිද්ද වුනා.

    එතනින් එහාට ලංකාවෙ ගැහැණියකට අත්වෙන ඉරණම උදයන්තිට විතරක් පුද්ගලික වෙන දෙයක් නෙමෙයි. ගලවාගැනීමේ හමුදාව විදිහට එන පිරිමි රැළකින් ගැහැණියකට ඊලගට බේරෙන්න සිද්ද වෙනවා. හැම කාරණයකදිම සියල්ලට වඩා කලින් ඇගේ නිරුවත ඉස්සරහට එනවා.

    ඒත් උදයන්ති හරිම නිර්භීත විදිහට මේ සියල්ලට මුහුන දෙමින් ඉස්සරහට ආවා. එයා‍ට විඳින්න සිද්ද වුනු දේවල්වලට එයා තනියම අඩන්න ඇති. ඒත් එයා අමාරුවෙන් වුනත් හිනාවෙවී හිටියා. උදයන්ති ලංකාවෙ දැකපු ශක්තිවන්තම ගැහැණියක්.

    නැවත කවදාක හරි විශ්වාසය තැබිය හැකි ආදරයක් මුණගැහෙන තැනදි හදවත උණුව, ඇස් කඳුළුබර වෙන එක ගැහැණු ගතියක්. ඒක කාලයක් එයා තනියම දරාගෙන හිටපු වේදනාවක් වෙන්නැති.

    නමුත් උදයන්ති, කිසිම පිරිමියෙක් තමන් රැකබලා ගනීවි හෝ ආරක්ෂා කරාවි යැයි විශ්වාස කරන්න එපා. තමන්ට තනිවම ජීවත් වෙන්න පුළුවන් ආත්ම විශ්වාසය හැමදාටම තියාගන්න. ආදරය කරන කෙනෙක් ලැබුනොත් ඒක බෝනස් එකක්. නමුත් සියල්ල ඔහුට පවරා දෙන්න එපා. ගැහැණියක් වීමේ සහ ජීවිතේ අවමන්, අපහරණ සියල්ල මතින් ඇවිද ආ ගැහැණියක් හැටියට ඔයාගෙ ජීවිතේ හයිය දිගටම තියාගන්න. ආදරය සහ සුබපැතුම්.

  • තන වැස්ම කුල වැස්ම දක්වා – ගාඩි

    තන වැස්ම කුල වැස්ම දක්වා – ගාඩි

    ප්‍රසන්න විතානගේ ගේ (නමේ අන්තිමට ගේ එන අයගෙ අයිතිය හගවන්නත් ගේ එකක් දාන්න වුනාම එන අවුල) ගාඩි ෆිල්ම් එක බලන්න ලැබුන. ප්‍රසන්න කියන්නෙ ලංකාවෙ ඉන්න ඉවසිලිවන්තම, පිළිවෙලම, වෘත්තීයම සිනමාකරුවා කියල පුළුවන්. එයා තමන්‍ගේ චිත්‍රපට නිර්මාණයට අමතරව චිත්‍රපටි නිෂ්පාදනය ගැනත් ලොකු දැනුමක්, පරිචයක් ලබාගත්තා. කලාපයේ විවිධ දක්ෂතා ඇති පිරිස් එක්ක සිනමා නිර්මාණ කරමින් ලංකාවෙ සිනමාව කලාපීය සිනමාවත් එක්ක සම්බන්ද කරන්න ලොකු උත්සාහයක් ගත්තා. අපේ සිනමා කර්මාන්තයට බිහිකරන්න පුළුවන් වුනේ එහෙම එක්කෙනයි.

    ප්‍රසන්න සෑහෙන කාලයක් තිස්සෙ ගාඩි චිත්‍රපටිය නිර්මාණය කරනවා. ලංකාවෙ පීරියඩ් සිනමාව ඇතුලෙ නිර්මාණාත්මකව මෙතෙක් උසස්ම මට්ටම අත්පත් කරගන්න ගාඩි සමත් වෙලා තියෙනවා කියල කියන්න පුළුවන්. ඒ තරම් කැත නැතුව, දෙබස් ආදියෙන් පවා ඒ කාලයත් මේ කාලයත් දෙකම දැරිය හැකි අවකාශයක් නිර්මාණය කරගන්න ප්‍රසන්නට පුළුවන් වෙනවා. මං හිතන්නෙ එතනදි වැදගත්ම දේ ප්‍රසන්න ඉතිහාසයේ අතුරු කතාවකින් හැරෙන එකයි. ගාඩි චිත්‍රපටියට විෂය වෙන කතාව ඉතිහාසයේ වැදගත් ප්‍රවෘත්තියක් නෙමෙයි. ඒක ඇහැලේපොලගේ පරිවාර නිළමෙ කෙනෙකුගෙ බිරිඳක් ගැන කතාවක්. ඒත් ඉතිහාසය වෙනස් වීම ගැන ඉතාම සුවිශේෂී මානුෂීය කතාන්දරයක් ගාඩි ඇතුලෙ තියෙනවා.

    කතාව දිගහැරෙන්නෙ රාජසිංහ රජු පන්නන්න ඇහැලේපොල සෙට් එක කුමන්ත්‍රණය කරන දවස්වල. ඉංග්‍රීසින් එක්ක (ඩොයිලි එක්ක) එකතු වෙලා මේ ගහන කැරැල්ල පරාජයට පත්වෙනවා. නිළමෙලාගෙ පවුල් පිටින් රාජ උදහසට ලක්වෙනවා. ඒ නිවෙස්වල ගැහැණුන්ට එක්කො දියට පැන දිවි නසාගැනීම හෝ ගාඩි රැහැට එකතු වීම තෝරාගන්න ලැබෙනවා.

    මේක හරිම ලස්සන තෝරාගැනීමක්. එක්කො සංස්කෘතිය නැත්තං ජීවිතය කියන දෙක අතර. තමන්‍ගේ කුල ගෞරවය ගැන ජීවිතයට වඩා හිතන අය ගඟට පනිනවා. ඒත් කුලයට එපිටින් ජීවිතය ගැන තාමත් බලාපොරොත්තු සහගත අය අඩියක් පස්සට ගන්නවා.

    ඒ ඉහළ කුලවතිය ලබාගන්න රොඩියෝ ගඟ හරහා පීනනවා. හරියට ශුක්‍රාණු වගේ. ඇය තමන්ගේ කරගන්නේ මුලින්ම ඇගේ මුවට තමන්‍ගේ බුලත් හපය ලන රොඩියායි.

    තමන්ට බල්ලන්ට මෙන් සළකන ඉහළ වංශයෙන් නෙරපා හරින කාන්තාවක් තමන්‍ගේ කරගැනීම සඳහා තරගවදින රොඩී මානසිකත්වය අසිරිමත් එකක්. එක්කො නිකං දෙන ඕන දේකට පොරකාලා ගන්න පුරුද්ද රැහැක් විදිහට තියෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්තං ඔවුන්ගේ ආශාව හැමදාම පවතින්නෙ ඒ උසස් වාංශික කාන්තාවන් ගැන වෙන්න පුළුවන්. හරියට කලු අයගේ ආශාව සුදු ගැහැණුන් මත පවතිනවා වගේ.

    ඒ කොහොම වුනත් මේ වැළඳගැනීම අනිත් පැත්තෙන් අත්හැරීමක්. කුල මුසුවීමක්. ඒ වංශවත් කුලයේ කාන්තාවට දෙවැනිව පවතින්න තෝරාගැනීමක්.

    මං දැකලා තියෙනවා ලංකාවෙ පිරිමි බොහොමයක් තමන්ට වඩා සංස්කෘතිකව බලවත් ගැහැණියක් පාවා ගන්න බයකින් පසුවෙනවා. ඒ තමන්‍ට හුරු සංස්කෘතිය අත්හරින්න වෙනවා කියන බයට. නැත්තං හීනමානයට. සමහරු උගත්කම්වලින් පවා තමන් අභිභවා යන කාන්තාවක් විවාහ කරගන්න බයයි. ඒක තමන්‍ගේ පිරිමිකම දුර්වල කරන තත්වයක් විදිහට ඒ අයට හැගෙනවා. මුදල් අතින් තමන්ට වඩා ඉහළ කාන්තාවන් සම්බන්ධයෙන් පවතින ආකර්ශනය වෙන අරමුණක්. ඒත් සංස්කෘතිකව තමන්ට වඩා උසස් ගැහැණියක් තෝරාගැනීම කියන්නෙ පිරිමි ගොඩකට අභියෝගයක්.

    මෙතනදි මේ රොඩී කොල්ලා ඒ අභියෝගය ගන්නවා. එහෙම තැනකදි දේවල් දෙකක් වෙන්න පුළුවන්. එක, පිරිමියා විසින් ගැහැණිය තමන්ට නතු කරවාගෙන තමන්ගේ සංස්කෘතියට අඩංගු කරගැනීම. දෙවෙනි එක ගැහැණියගේ සංස්කෘතිය තමන් විසින් වැළඳගැනීම. ඒ සංස්කෘතියට ගරු කිරීම. ඒ වෙනුවෙන් තමන්ගේ සංස්කෘතිය හෝ වර්ගයා අත්හැරීම. ඒක ගැහැණුන්ගෙ පැත්තෙන් නිතර සිද්ද වෙන දෙයක්. නමුත් පිරිමියෙකුගේ පැත්තෙන් දරුණු අභියෝගයක්. ඉන්න ස්තිර තැනක් පවා අහිමි රොඩී කොල්ලෙකුටම මිස වෙනකෙකුට බොහෝ දුෂ්කර විය හැකි කාර්යයක්.

    ඒත් කුලයක් හෝ වර්ගයක් වෙනස් වෙන්න ගන්නෙ ඒ පාවාදීම ඇතුලෙයි. හැම වර්ගයකම ඊලග පැවැත්ම තීරණය කරන්නේ ඒ වර්ගය උසස් සංස්කෘතියක් වෙනුවෙන් පාවා දෙන්නා විසිනුයි.

    ප්‍රසන්නගෙ කතාවම පදනම් වෙන්නෙ තන වැස්ම මත. රොඩියන්ව පහත හෙලන කාරණය වෙන්නෙ තන වැස්මක් ඇඳීම තහනම් වීමයි. උසස් කුලයෙන් පිටුවහල් කරන නිළමේ බිරිඳ තමන්ගේ තන වැස්ම ගැලවීමට එරෙහිව සටන් කරනවා. මෙතනදි පියයුරු කියන්නෙ ශෘංගාරය හෝ ආශාව පිළිබඳ කාරණයක් නෙමෙයි කුල ගෞරවය පිළිබඳ කාරණයක්.

    තනපට බලහත්කාරෙන් ඉවත් කරන දර්ශනවලදී පවා ඇ‍ගේ පියයුරු වසන් කරන්නට ප්‍රසන්න අධ්‍යක්ෂවරයා විදිහට තීරණය කරනවා. කතාවෙ ඇයව නිරුවත් කළත් ප්‍රසන්න ඇගේ ගෞරවය රකිනවා.

    නමුත් අනෙක් රොඩී ගැහැණුන්ගේ පවා පියයුරු දර්ශනය වෙන්නෙ කලාතුරකින්. බොහෝ අවස්ථාවල යම් යම් දෙයින් ඒවා උවමනාවෙන් ආවරණය කරපු බවක් පේනවා. ඒකට හේතුව මං හිතන්නෙ අපේ සිනමා ශාලාවලට නරඹන්නො ගෙන්වා ගැනීමම වෙන්න ඕන. කාන්තා නිරුවත ප්‍රදර්ශනය වුනු ගමන්ම ප්‍රේක්ෂාගාරය බාගෙට අඩුවෙනවා. විශේෂයෙන් කාන්තාවන් චිත්‍රපටය නැරඹීම ප්‍රතික්ෂේප කරනවා.

    ගාඩි කොල්ලයි මේ වංශවත් කෙල්ලයි මුණගැහෙන්නෙ රොමාන්තික ආදරයට පෙර යුගයෙදි. ඇල්මක් ගැන දැනීමක් මිස ආදරය ගැන වැල්වටාරම් නැති කාලෙක. සියල්ල සම්ප්‍රදාය විසින් තීරණය කරන කාලෙක. එතනදි සම්ප්‍රදාය අත්හරින්න බලකරන ගැහැණියක් සහ සම්ප්‍රදාය අත්හරින තීරණය ගන්නා පිරිමියෙක් මුනගැහෙනවා.

    ඒ මුනගැසීම ආදරයක්ද කියන්න අපි දන්නෙ නෑ. මොකද ඒ හැගීමට ඒ වකවානුවෙ වචනයක් තිබුනෙ නෑ. ඒත් බැඳීමක් තිබුන.

    ඇය මුලු කාලය පුරාම සටන් කරන්නෙ ඇගේ කුලපට හෙවත් තනපටය රැකගන්න. එක තැනකදි ඇය තීරණය කරනවා ඒ තන පටය අත්හරින්න. ඒ තමන් වෙනුවෙන් වර්ගයා අත්හළ පිරිමියාගේ වරිග පැවැත්ම වෙනුවෙන්. ඔවුන්ගෙන් ආරම්භ වෙනවා අලුත් රොඩී පරපුරක්. ඒ රොඩීන් කියන්නෙ තමන්ගේ වර්ගය ‘ආදරය’ වෙනුවෙන් පාවා දුන් පරපුරක්.

    ප්‍රසන්න තමන්‍ගේ සිනමාකරණය තුල හැගීම් දැනීම් දනවන්න ඉඩක් තියන්නෙ අඩුවෙන්. ඒ කියන්නෙ රොමැන්ටිසයිස් කරන්නෙ අඩුවෙන්. මට හිතෙන්නෙ මේ කතාව මීට වඩා රොමැන්ටික් කතාවක් කියලයි. ඒක තව උපරිමයෙන් පපු හීරෙන්න දෙන්න තිබුන කියලයි.

    රංගනය පැත්තෙන් හැම කෙනෙක්ම වගේ විශිෂ්ටයි. අල්පය ඇතුලෙ මහා දෙය නිරූපණය කරන්න ප්‍රසන්න සමත් වෙලා තියෙනවා. කොටින්ම රගපාන්නම බැරි රවීන්ද්‍ර රන්දෙණිය පවා සිරාවට රගපානවා. මං හිතන්නෙ මේ ඇක්ට් එක අමාරු එකක්. සාම්ප්‍රදායික උස් හඩින් කතා කරන, නිකට උස්සගෙන කැරකෙන, අධිතාත්වික වංශවතා නිරූපණය කරන්න ලේසියි. ඒත් යතාර්ථවාදී නිළමෙ චරිතය කරන්න අමාරු එකක්.
    සජිත ඇන්තනි සහ ඩිනාරා තමන්ගේ චරිත ඉතාම ආකර්ශනීය විදිහට නිරූපණය කරනවා. සජිත දකින කොට ජැක්සන්ව මතක් නොවී තබාගැනීම හරිම දුෂ්කර දෙයක්. සජිත නිසා සිහිපත් වුනු ජැක්සන්ගේ ඒ නළු පෞර්ෂය මාව මො‍හොතකට චිත්‍රපයටයෙන් එළියට අරගෙන ගියා.

    ගාඩි චිත්‍රපටයට බටහිර ක්ලැසිකල් මියුසික් යොදාගැනීම නම් ලොකු නොගැලපීමක්. සංගීතය පාවිච්චි වෙන්නෙ චරිතවල ආත්මය පැත්තෙන් නෙමෙයි ඩොයිලිගේ පැත්තෙන් වගේ. ඒක ඒ චරිත හුදකලා කිරීමක් වගේ දැණුනා.

    ගාඩි කියන්නෙ ලොකු කතාවක්. එපික් එකක් අවමතා රීතියෙන් කරන්නෙ කොහොමද කියල උත්සාහයක්. ඒ හින්දම ආකර්ශනීය වැඩක්.

    දැනුත් අපි නොයෙක් අයගෙ ලීක්වෙන, තනපට ඉවත් කළ වීඩියෝ බලනවා. ඒවා ෂෙයාර් කරනවා. ඇත්තටම ඒ පිටිපස්සෙ තියෙන්නෙ නූතනවාදී හැගීමක් වුනු ශෘංගාරයද නැත්තං අර පරණ කුලවාදී නිගරු කිරීමමද?

  • Brown Alice – Chapter 17

    Brown Alice – Chapter 17

    නදීක ගුරුගෙ ගැන අන්තිමට ලියපු ෆැන්ටසි එකෙන් පස්සෙ,
    reality එකට එනවා කියලා පොරොන්දු වුනාට,
    ඒක කඩ කරන්න තරම් worthy photo එකක් FB එකේ මම ඊයෙ පෙරේදා දැක්කා.
    ඒ නිසා ඊළඟට කියන්න හිටපු කතාව පොඩ්ඩක් පැත්තකින් තියලා,
    තවත් ෆැන්ටසි එකක් ගැනම ඔයත් එක්ක කියන්න ඕනෙ කියලා මට හිතුනා.
    අන්තිම chapter එක කියෙව්වෙ නැත්තන්,
    FOS page එකේ ඇති, ඒක කියවලා එන්න.

    Photo එක, සමනළී ෆොන්සේකාගෙ!
    Red and white, Polka dots saree එකක් ඇඳලා, sleeveless jacket එකක් ඇඳලා,
    රතු මොට්ටුවක් තියලා, නහයෙ piercing එකක් දාලා, pink lips එක්ක, Jesus!
    I stopped scrolling, and stared at it for a whole minute straight.
    What a gorgeous, gorgeous woman!

    Sex වලට interest එකක් දැනෙන්න පටන් ගත්ත දවසේ ඉඳලා, I’ve always been bi.
    මම මේ ගැන කලින් කියලා තියෙනවා නෙ.
    Apart from men, I always had and have females crushes too.

    මම එහෙම ආස වෙලා හිටපු senior girl කෙනෙක් හිටියා ඉස්කෝලේ, දැන් එයා model කෙනෙක්.
    තව හිටියා English teacher කෙනෙක්.
    ඒ දෙන්නා තමයි මට තිබුන majorම crushes.
    ලංකාවෙ actressesලා ගෙනුත්, මම ආස ටික දෙනෙක් ඉන්නවා.
    නමුත් සමනළි කියන්නෙ, මම ආස අයගෙන් easily top 3.
    I yearn her looks.

    ඒ වගේම තමයි නිළියක් විදිහටත් මම එයාට හරිම ආසයි.
    ‘අඩෝ’ බැලුවට පස්සෙ ඒ ආසාව තව වැඩි වුනා.
    ඒ තරමට contrasting පිරිමි දෙන්නෙක් එක්ක එයා එක විදිහට ඇති කරගන්න ඒ intimate chemistry එක,
    mind blowing.
    බලනකොට ආස හිතෙනවා.
    Emotions closely දැනෙන ගතියක් තියෙනවා එයාගෙ acting වල,
    රඟපානවා කියලා අමතක වෙන තරමට.

    ලස්සනයි කියන්නෙ, තනිකර doll face.
    මම එයාව තේරුන් අරන් හිටියෙ හරිම neutral, cute, Asian fashion style එකක් තියෙන කෙනෙක් විදිහට.
    නමුත් ඒ cute බව, එහෙන් පිටින්ම කණපිට පෙරලනවා එයා Saree අඳින වෙලාවට.
    ඒක වෙනමම level එකක ලස්සනක්.

    සමනළී කියන්නෙ revealing විදිහට අඳින කෙනෙක් නෙමෙයි වුනත්,
    එයා traditional attire sexy කරන කෙනෙක්.
    ‘සංස්කෘතිය’ කෙලින්ම බිමට දමලා ගහලා,
    demeanම කරලා දාන්න තරම් එයාගෙ sexy looks, strong.

    එක දවසක් ලැබුනොත්..
    එක වතාවක් ලැබුනොත්..
    ඒ ඇඟ feel කරන්න,
    එයාව විඳින්න,
    I swear I’ll swim across the seas just to be with her.

    Idk if she’s bi, or not.
    If she is, then great!
    Even if she’s not, I still wanna have her,
    I wanna convince her to let me have her,
    For this once..

    සමනළි එක්ක ගත කරන එක දවසක් ගැන මගෙ ඔලුවෙ තියෙනවා, හරිම colorful චිත්‍රයක්.
    එදා හරිම ලස්සන හැන්දෑවක්!
    අපි දෙන්නගෙම mutual යාලුවෙක්ගෙ Wedding එකට යන්න,
    මම ගියා එයාව pick කරන්න,
    එයාගෙ ගෙදරට.

    මම ඇඳන් ගියේ,
    ඇඟට ඇලෙන්න red bodycon dress එකක්.
    පිට fully open, boobs pushed up,
    කොණ්ඩෙ messy, low bun එකක් එක්ක,
    nude lipstick එකක් ගාලා,
    clear heels.

    එහෙට මම යනකොට එයා තාම ලෑස්ති වෙන ගමන්.
    බාගෙට saree එකක් ඇඳලා ඉන්නවා දැක්කම,
    ඇස් අහකට ගන්න මට අමතක වුනා!

    ඇඟ වැහෙන නොවැහෙන ගානට කොටට,
    sleeve එකක් තියෙනවද කියලා පේන නොපෙනෙන ගානට හීනියට,
    එළියට එන්න හදන boobs, බලෙන් හිර කර කරන් තදට,
    කලු පාට Jacket එකක් ඇඳලා,
    Hip එක ගාවින්ම see through කලු පාටම සාරියක්,
    එයා තාම බාගෙට අඳින ගමන්.

    මාව දැකලා හිනාවෙලා,

    ‘Jacket එකට අල්ලලා මේ කට්ට ගහලා දෙනවද?’

    ‘කෝ දෙන්න’

    මම ගිහින් එයාගෙ පිටිපස්සෙන් හිටගෙන,
    Sleeve එකයි saree එකයි එකට අල්ලලා,
    එයාගෙ පිට අහුවෙන්න නැති වෙන්න මගෙ ඇඟිල්ලක් sleeve එක යටින් තියලා,
    හිමීට පරිස්සමෙන් කට්ට ගැහුවා.

    සාරියත් එක්ක දඟලන්න වුන හින්දද කොහෙද ඇඟ සීතලට දැනෙන නොපෙනෙන ළා දාඩියක් ඇඟ පුරා තිබුණා. ස්ලීව් එක යටට ගිය මගේ ඇඟිල්ල උඩු පැත්තට ඒ සීතල සිනිඳු බව දැනුන. මාවත් සීතල වුනා.

    ‘Thank you!’

    එයා ගානක් නැතුව ආයිත් කණ්නාඩිය පැත්තට හැරිලා කොණ්ඩෙ පීරනවා.
    ඊට පස්සෙ එයාගෙ uneven, but perfect lips highlight වෙලා පේන්න, තද රතු lipstick එකක් ගාලා මගෙ දිහා බලලා හිනා වුනා.
    මම එයාගෙ features වලින් ආසම හිනා වෙනකොට එයාගෙ මහත lips move වෙන විදිහට. ඒවා එක විදිහකට ඉන්නෙ නෑ. එක හැගීමක් දෙන්නෙ නෑ. එක එක පැත්තට හැගීම් වරුසාවක් විදිනවා.

    අපේ looks contrasting, also some what alike.
    මම උසයි, එයා කොටයි.
    We both have straight hair,
    but hers is longer than mine.

    මට එයා ගැන තියෙන මේ attraction එක ගැන එයාට තාම කියලා නැහැ.
    ඒත් මට දැන් ඒක එයාට අඟවන්න ඕනෙ.
    මට එයාව feel කරන්න ඕනෙ, එයාගෙ සුවඳ බලන්න ඕනෙ.
    මම ඒ ගැන හිත හිත,
    පැත්තක වාඩි වෙලා එයා ලෑස්ති වෙන ලස්සන දිහා බලාගෙන හිටියා.

    Perfume එකත් බෙල්ලට spray කරගෙන,
    දැන් එයා සම්පූර්ණයෙන්ම යන්න ලෑස්තියි.
    එයාව දැකලා පිස්සු හැදිලා ඉන්න මට දැන් කොහෙවත් යන්න interest එකක් ඇත්තෙම නැහැ.
    මට ඕනෙ ගෙදර ඉඳන් එයාගෙ ලස්සන වෙන කාත් එක්කවත්ම share නොකර තනියෙන් විඳින්න.
    I just wanna feel her. ඒක් එයාට ඒක තේරෙන්නෙ නෑ.

    එයා ලෑස්ති වෙලා ඉවර වෙලා, කාමරෙන් එළියට යන්න හදනකොට,
    මම එයාගෙ අතින් අල්ලලා,

    ‘ටිකක් ඉඳලා, joint එකක් බීලා යමුද?’

    ‘හා එහෙනම් මමත් drink එකක් දාගන්නම්’

    අපි දෙන්නම dining table එකේ පුටු දෙකක වාඩි වුනා.
    එයා ටික ටික මත් වෙන හැටි මම joint එක බොන ගමන් බලාගෙන හිටියා.

    ටිකක් බිමට නැමිලා, එයා වාඩි වෙලා ඉන්න විදිහට, boobs දෙක jacket එක අස්සෙන් උඩට වෙලා පේනවා.
    මට දැන් එයාව kiss කරන්නම ඕනෙ.
    මම ඒත් තව ඉවසන් ඉන්නවා, හොඳම වෙලාවක් ගැන හිත හිත.

    First move එක ගන්න බැරි ego පිළිබඳ ප්‍රශ්නයක් මට කෙල්ලෙක් එක්ක sex කරද්දි කවදාවත්ම දැනිලා නැහැ.
    කොල්ලෙක් එක්ක sex කරන මමයි,
    කෙල්ලෙක් එක්ක sex කරන මමයි කියන්නෙ,
    චරිත දෙකක්.
    ඒ ඇයි කියන්න නම් මමත් තාම හරියට දන්නෙ නැහැ.

    සමනළිගෙ මේ තියෙන ලස්සන ගැන මම obsessed තරම ගැන හිත හිත,
    එයාගෙ ලස්සන දිහා බලාගෙන,
    Joint එක බොන්න බොන්න high වෙන්න වෙන්න,
    එක පාරට මම, එයා ළඟට බර වෙලා,
    එයාගෙ කොණ්ඩෙ හෙමින් පැත්තකට කරලා නිරුවත් බෙල්ලට kiss එකක් දුන්නා.

    එයා ඒ හිටපු විදිහටම හිටියා.
    මම ටිකක් උඩට වෙන්න ආයිමත් එයාගෙ බෙල්ල kiss කලා.
    එයා ඒ පාර ඇස් දෙක පියාගත්තා.
    ඒකෙන් මට ලැබුනෙ, මගේ confirmation එක.
    මම එයාව feel කරනවට එයා කැමතියි.

    ඒ ලැබුන consent එකෙන්, මම එයාගෙ බෙල්ල පුරාම kiss කලා.
    Saree එකෙන් වැහුනම, එළියට පේන පපුවෙ ඉතුරු ටික මම ඊළඟට kiss කලා. Lick කළා.
    ඊට පස්සෙ මම ආසම කරන ඒ lips දෙක හිමීට kiss කරන්න ගත්තා.

    Saree එකෙන් jacket එක වැහෙන ටික අයින් කරලා, එළියට පනින්න බලන් ඉන්න boobs දෙක උඩින් මම ටිකක් වෙලා අතගගා හිටියා.
    Jacket එක එහෙම්මම තියෙද්දි, saree එක ඇතුලෙන් මම එයාගෙ thighs අතගාන්න ගත්තා.

    මම එයාව පුටුවෙන් නැගිට්ටවලා අරන්,
    dining table එක උඩින් වාඩි කරවලා,
    Saree එක ඇතුලෙන් අත දාලා එයාගෙ කකුල් දෙක ඈත් කරලා,
    panty එක උඩින් එයාව අතගාන්න ගත්තා.
    ඊට පස්සෙ panty එක උඩින්ම එයාව kiss කරන්න ගත්තා.
    එයා එහෙට මෙහෙට වෙවී, පස්සට බර වෙවී හේත්තු වෙන්න තැනක් හොයනවා.
    නමුත් එයාට හිතේ හැටියට comfortable වෙන්න තරම් ඉඩක් මේසෙ උඩ නැහැ.

    එයා අනුරාගයෙන් මත්වුනාම ඔය දැන් ඉන්න සමනලීට වඩා දහස් ගුණයක් ලස්සනයි. ඒ ලස්සන නම් කිසිම ගෑණියෙකුටවත් පිරිමියෙකුටවත් ඉවසන්න බැරි තරමයි.

    අන්තිමේදි එයාටම තව ඉන්න බැරි තැන,

    ‘යමු කාමරේට’ කියලා,
    මාව ඇදගෙන ගියා එයාගෙ ඇඳ උඩට.

    ඇඳේ මාව හාන්සි කරවලා, එයාගෙ අතක් මගේ පිට දිගේ උඩට යවලා,
    බෙල්ල පිටිපස්සෙන් අල්ලගෙන,
    මගෙ බෙල්ල හැම තැනම එයා lick කරන්න ගත්තා.

    මට දැන් එයාගෙ මුලු ඇඟම දිවෙන් රස බලන්න ඕනෙ. ඇඟිලි වලින් ස්පර්ශ කරන්න ඕන.
    එයාගෙ Saree එකේ ගහලා තියෙන කටු හිමීට,
    ඇඟේ ඇනෙන්නෙ නැති වෙන්න එකින් එක මම අයින් කරලා ගලවලා දැම්මා. ඒ තරම් ඉවසීමක් මට තිබීම ගැන මටම පුදුමයි.

    එහෙම්මම මම එයාව බදාගෙන kiss කර කර,
    එයාගෙ underskirt එකත් පහතට කරලා ගලවලා දැම්මා.
    දැන් එයා ඉන්නෙ, Jacket එකයි, panty එකයි පිටින්. ඒ ලස්සන දිහා මම බලාගෙන හිටියේ පුදුම ලෝබකමකින්.

    මගෙ එක අතක් එයාගෙ panty එක ඇතුලට ගිහින්, clit එක ලාවට අතගානකොට,
    අනිත් අත එයාගෙ Jacket එක උඩින් boobs අතගගා මිරිකන්න ගත්තා.
    ඒ ගමන්ම jacket එකේ පළවෙනි button එක ගැලෙව්වා.
    තව ඉතුරු buttons දෙකයි.

    ඒ දෙකත් ගලවලා දාලා මට ඒ boobs දැන් බලන්නම ඕනෙ.
    මම ඇඳන් ඉන්න ගවුම ගලවලා දාලා මගෙ ඇඟ බලනකන් එයා ඉන්නෙත් නොඉවසිල්ලෙන් කියලා මට දැනෙනවා.
    අපි දෙන්නම හිටියේ කාලෙක ඉඳන් කරන්න තිබුන දෙයක් නොකරපු ගානට හදිස්සියකින්.
    Kiss කරන්න කරන්න, එයාව අතගාන්න අතගාන්න, ඒ boobs මගෙ අතට feel වෙන්න වෙන්න,
    මට ඕනෙ දවසම මෙහෙම ඉන්න.

    අපි අපිව බදාගෙන makeout කරනවා,
    එයා මගෙ dress එක අත් දෙකෙන් පන්නලා අරන්,
    එක පාරින් ඇඳලා පහළට දැම්මා.
    අපෙ bear ඇඟවල් එකට rub කර කර අපි පිස්සුවෙන්,
    kiss කරනවා.

    මම දැන් ඉන්නෙ Black thong එකක් පිටින්.
    එයා ඉන්නෙ බාගෙට ඇරුන jacket එකයි panty එකයි පිටින්.
    Jacket එකේ මම තව බොත්තමක් ගැලෙව්වා.
    ඊට පස්සෙ එයාව මගෙ පැත්තට හරවන්,
    ආයිමත් මගෙ ඔඩොක්කුවෙන් වාඩිකරවන්,
    Jacket එක ඇතුලට අත දාලා,
    බාගෙට එළියට ඇවිත් තියෙන එයාගෙ boobs අතගගා මම kiss කරන්න ගත්තා.

    මගෙ එක අතක් එයාගෙ කකුල් දෙක දිගේ ඉණ ගාවින් පහළට ගිහින්,
    panty එක උඩින් pussy එක අතගානකොට,
    අනිත් අත එයාගෙ බෙල්ල දිගෙ පහළට ගිහින්,
    Jacket එකේ ඉතුරු බොත්තමත් ගලවලා,
    Boobs දෙක සම්පූර්ණයෙන්ම නිදහස් කලා.

    Nipples වටේ ලා දුඹුරු පාටයි, boobs සුදුම සුදුයි. මට වඩා ලොකුයි.
    so so damn sexy!
    Jacket එක අස්සෙ හිර වෙලා හිටපු boobs දෙක මම අත් දෙකෙන් උස්සලා අරන් අතගගා,
    ඒ තද දුඹුරු පාට nipples දිවෙන් තෙම තෙම kiss කලා.
    I could eat her for days, months, or even years.
    I just didn’t wanna stop.

    මම එයාව ඇඳෙන් හාන්සි කරවලා,
    මූණෙ ඉඳන් පහලට අතගාලා,
    Thigh එක දිගේ kiss කරගෙන පහළට ඇවිත් එයාගෙ panty එක උඩින් මුලු pussy එකම ආයිත් lick කරන්න ගත්තා.
    එයා කකුල් දෙක ඈත් කරලා,
    මගේ මූණ එයාගෙ pussy එකට තව තව press කරගත්තා.
    මට ඕනෙ වුනේ නෑ එතනින් එළියට එන්න,
    වෙන හුස්මක් ගන්න.
    I wanted to bury myself in her.

    මම එයාගෙ එහා පැත්තෙන් හාන්සි වෙලා,
    මගෙ boobs එයාගෙ boobs උඩින් ගාවන ගමන්,
    Panty එක ඇතුලට අත දාලා,
    එක ඇඟිල්ලකින් හිමීට එයාව finger කරන්න ගත්තා.

    ටික ටික ඇඟිලි දෙකකින්..
    තුනකින්..

    එයා moan කරනකොට මම ආයිත් එයාගෙ බෙල්ල lick කර කර kiss කලා.
    මම ඇඳන් හිටපු thong එක එයා ටිකක් එහාට කරලා,
    මගෙ pussy එක අත ගාන්න ගත්තා.
    අතගාන ගමන් එයා මගෙ boobs suck කර කර kiss කරනවා.
    මම එයාගෙ nipples අතගානවා.
    අපේ ඇඟවල් දැන් බාගෙට පෙඟිලා!

    එයා මගෙ ඇඟ උඩට ඇවිත්,
    කකුල් දෙක දෙපැත්තට දාලා මගෙ කකුල උඩ වාඩිවෙලා,
    එයාගෙ pussy එක මගෙ thigh එක උඩ rub කර කර, grind කරන්න ගත්තා.
    අපි හිටියේ හැම දේකින්ම මත් වෙලා.

    එයාව ආයිත් මම ඇඳේ හාන්සි කරවලා,
    එයාගෙ ඇඟ උඩට ඇවිත්,
    Panty එකත් ගලවලා දාලා,
    clit එක lick කරන්න ගත්තා.
    මුලු pussy එකම lick කර කර, දිවෙන් එයාව finger කරන්න ගත්තා.
    එයාට ඉන්නම බැහැ, හොඳටම moan කරනවා.
    තෙත් වෙලා ගිහින් තියෙන එයාගෙ pussy එක මම අතින් අතගගා,
    ඇඟිලි වලින් එයාගෙ pussy එක ඇතුලෙ grind කර කර vibrator එකක් වගේ උඩ පහල ගියා.
    එයා තව moan කරනවා!

    ‘කොහොමද මේ තරම් ලස්සන, ඔයා?’

    මගෙ ඉස්සරහා fully naked ඉන්න, doll කෙනෙක් වගේ ලස්සන එයා දිහා බලාගෙන මම ඇහුවා.
    හිනා වෙනවා විතරමයි, උත්තර දෙන්නෙ නැහැ.
    ඒ හිනාව මට සැනසීමෙ ඉන්න දෙන්නෙ නැහැ,
    I just couldn’t have enough of her.

    එයා මාව තල්ලු කරලා ඇඳේ හාන්සි කරවගෙන,
    මගෙ ඇඟ උඩට ඇවිත් වාඩි වෙලා,
    අපේ pussies එකට rub කරන්න ගත්තා.
    I was completely lost in paradise!

    දැන් නම් මම ඉන්නෙ explain කරන්න බැරි තරම් aroused phase එකක.
    මගේ ඇඟේ හැම nerve එකක්ම sex වලින් මත් වෙලා ඉන්න වෙලාවක.
    එයත් ඉන්නෙ ඒ වගේම තැනක කියලා එයා moan කරන විදිහෙන් මට දැනෙනවා. ඒ අතරෙ එයාගෙ තියෙනවා මත්වුනු, ‍හොඳටම අනෙකා මත් කරන, ගිග්ලින් හිනාවක්.

    මම එයාව මගෙ එහා පැත්තෙන් හාන්සි කරවගෙන,
    අපේ soaked වුන ඇඟවල් එකට බදාගෙන,
    pussies එකට rub කර කර,
    make out කලා.
    මම එයාගෙ lips කිස් කරනවා නෙමෙයි ලෙවකනවා, සපාකනවා.
    එයා මට ඉඩදෙනවා.
    මම එයාගෙ වැජයිනා තොල් ඇඟිලිවලින් අතගගා kiss කරනකොට එයා කෙඳිරි ගාන්නෙ තව නම් ඉන්න බැහැ වගේ.

    ‘Are you going to cum?’

    She nodded her head.

    ‘Cum with me’

    ඒ ගමන් මම අඟිල්ලක් ඇතුලට යවලා, එයාව finger කර කර, clit එක අතගගා climax එකකට ගෙනාවා.
    එයා හයියෙන් moan කර කර, වෙව්ලලා ගිහින්, cum කලා.

    ඒත් මං තවත් වෙලා ඒ විදිහටම මගේ ඇඟිලි චලනය කළා. එයා ගැස්සි ගැස්සි කීප වතාවක් ක්ලයිමැක්ස් එකකට යනවා මට උණුවට දැනුනා.

    ඊට පස්සෙ එයා මගෙ pussy එක ළඟට ගිහින්,
    එයාගෙ දිව මගෙ clit එකේ ලාවට ගාවනකොටම, කොටින්ම දිව ගෑවෙන්නත් කලින්ම
    I came in her mouth!

    එයා එහෙම්මම මගෙ එහා පැත්තෙන් ඇවිත් හාන්සි වුනා.
    එයාගෙ ඇඟ දාඩියට දිලිසෙන විදිහ,
    පුදුම sexy.

    මම එයාව ළඟට ඇදලා අරන් බදාගෙන cheek එකට kiss එකක් දුන්නා.

    ‘යන්නම ඕනෙද අපි?’

    ‘පැයක් ඉඳලා එමු’ එයා කිව්වා.

    මම හා කියලා, ඇඳේ අයිනෙ තිබුන එයාගෙ panty එක අතට අරගෙන,

    ‘අද දවස මතක හිටින්න මේක මම තියාගන්නවා’ කියලා එයාට කිව්වා.

    හා.. එයා එහෙම කිව්වෙ නෑ.

    එයා හිනා වුනා විතරයි.
    තව පාරක් Saree අඳින්න බැහැ, වෙලා යන නිසා කියලා එයා සුදු පාට දණිස්සට ටිකක් කොට,
    flared sleeveless dress එකක් ඇඳගෙන,
    කොණ්ඩෙ පීරලා, යන්න ලෑස්ති වුනා.
    තනිකර පොඩි බෝනික්කෙක් වගේ.
    ටික වෙලාවකට කලින් සිද්ධ වුන හැමදේම ආයිත් මුල ඉඳන් කරන්න හිතෙන තරමට එයා ලස්සනයි.

    මමත් මගෙ dress එක ආයිත් ඇඳගෙන,
    heels දෙකත් හොයාගෙන දාගත්තා.
    My hairstyle was a messy bun, anyway!

    යන්න පිටත් වෙනකොට,
    මම තව සැරයක් එයාව මගෙ ළඟට අරන් බදාගෙන,
    බෙල්ල යට, මං ආසම තැන දෙතුන් පාරක් එක දිගට kiss කලා.

    ආයිත් පැයකට,
    සමහරවිට ආයිත් කවදාවත්ම,
    මට එයාව kiss කරන්න වෙන එකක් නැති නිසා!

  • පියුමි හංසමාලි ෆේස්බුක් පිටුවේ තබා තිබූ සංවේදී සටහන

    පියුමි හංසමාලි ෆේස්බුක් පිටුවේ තබා තිබූ සංවේදී සටහන

    පියුමි කියන්නෙ ලංකාවෙ සරාගිතම නිළිය. ඒ දවස්වල නැවක් ගිලුනත් ආණ්ඩුව ඒක වහන්න පියුමි ගැන පුවතක් පාවිච්චි කළා. ඉරාජ්ගෙ පීචං නිර්මාණ මිනිස්සු අතරට ගියේ පියුමි ගැන අනුරාගය හින්ද. පසුගිය දවසක පියුමි කලාකරුවන් විසින් පැවැත්වූ #GotaGoHome අරගලය වෙනුවෙන් සම්බන්ධ වුනා. තමන් විවාහ වෙන්නට සිටින සැමියා තමන්ට යන්න එපා කී බවත් ඒත් තමන් කෙසේ හෝ ඒ අවස්ථාවට පැමිණියේ මිනිස්සු විඳින දුක තමන්ටද දැනෙන නිසා බවත් පියුමි සටහන් කර තිබුන.

    මේ ඊට පස්සෙ පියුමි ෆේස්බුක් එකේ ලියලා තිබුනු සටහනක්.

    ගෙයක් දොරක් හදලා ‘වාහනයක් අරගෙන’දරුවට උගන්වලා ‘දරුවා බන්දලා’ දරුවන්ගෙ දරුවො හදලා ‘නැවතිලා හුස්ම ගන්නකොට’… නොදැනිම හුස්ම පොද ගිහින්😢 අනෙ දෙවියනෙ මගෙ රටට වෙච්ච දෙයක්.ඉක්මනටම හොඳක් වෙන්න දෙවියෙනේ.මිනිස්සු බඩගින්නෙ දුක් විඳිනවා. වේලක් කැවොත් ඊලඟ වේල කන්න මහා අරගලයක් දෙනවා😭 තවත් අය මහා දවාලෙ අව්වෙ දුක් විඳිනවා බුමිතෙල් පොලිමෙ. තවත් අය වැස්සෙ තෙමෙනවා ගැස් පොලිමේ. ලෙඩ වුන අසරන තාත්තලා, ගැස් පොලිම් වල ඉඳලා ඇද වැටි මිය යනවා. හරිම ආමාරුවෙන් petrol ටික ගහගත් උදවිය ඒ ටික ඉවර වෙනකල් මහා පාරෙ trafick එකේ ඉන්නවා. ඒ උද්ගොශන නිසා පාරෙ යන්න බෑ ආමාරුයි😭 පුංචි දරුවො පාසැල් ඇරිලා පැය ගානක් පාරෙ ගෙදරට යන්න බෑ. රට බේරාගන්න කියලා සියලු දෙනා පාරට බැස්ස නිසා මහා පාරෙ පාරවල් හරස් වෙලා😭 කවදාවත් tv නොබලන මම අම්මා එක්ක News බලන්න ඉඳගත්තාම අසරණ අම්මලා අඬනවා බඩු මිල අඩු කරන්න අපිට කන්න බොන්න ගන්න විදිහක් නැ කියලා😭 තවත් අය කියනවා දවසට එක වේලයි මාත්තයො අපි කන්නෙ අපිට ජිවත් වෙන්න විදිහක් නැ කියලා😭 වැඳලා ඉල්ලනවා 🙏 මාත් මේවට සම්බන්ධයි සාමාවෙන්න. සර්ට මාත් චන්දය දුන්නා. ඒ දුන්නෙ මගෙ රටට හොදක් වෙයි.සිතලා. ඒත් මොකක්දො සාපයක් වැදුනා වගේ දෙයක් වුනා. අපි කිසිම කෙනෙක්ට හිතා ගන්න බැ. ඒත් ඉක්මනට මෙ කරදර නැති වෙලා සියලුම දෙනාට සැනසීම ලැබේවා කියලා උඩ ඉන්න දෙවියන්ට කියනවා ඇරෙන්න වෙන පිළියමක් නෑ. ඇත්තමයි හරිම දුකින් මෙ සටහන ලියමි. #piumihansamali

  • සරාග සිනමාවේ – ගිනිමල් පොකුරු පිපේ

    සරාග සිනමාවේ – ගිනිමල් පොකුරු පිපේ

    උදයකාන්ත වර්ණසූරිය ආපහු වැඩිහිටි සිනමාවට ඇවිත්. උදයකාන්ත කියන්නෙ අපේ සිනමාවෙ අමුතු වැඩකාරයෙක්. ගිනිඅවි සහ ගිනිකෙලි, බහුබාර්යා, රාජ්‍ය ‍සේවය පිනිසයි වගේ සිරාම ෆිල්ම් හදපු පොරක්. ඒ වගේම හිරිපොද වැස්ස, රෝස වසන්තය, ආසයි මං පියාඹන්න වගේ රොමැන්ටික් කොමර්ෂල් වැඩත් කරපු, යකඩ පිහාටු වගේ ඉතා හොඳ මට්ටමේ කොපිත් කරපු බඩුවක්. කොස්තාපල් පුන්‍යසෝම, බහුබූතයෝ හරියට එනකොට උදයකාන්තට අහුවෙනවා ලංකා‍වට වැඩකරන ලෝබජට් තියරියක්. උදයකාන්ත ස්වයං රැකියාවක් විදිහට චිත්‍රපටි හදන්න පටන් ගන්නවා. පොඩි ප්‍රොඩක්ෂන් ටීම් එකක් එක්ක, නැගලා යයි කියල හිතෙන ඕන විදිහක ප්ලොට් එකක් ගහලා බලන්න එයා පෙළඹෙනවා. ඒ වගේම ඒවායින් සාර්ථකත් වෙනවා.

    ඉතිං අපිට සෞන්දර්යාත්මක අර්ථවලින් මොන විවේචන තිබුණත් උදයකාන්තගේ සිනමාව ෆේල් නෑ. තාමත් ජරාවක් කළත් ඒකෙ මොකක් හරි කොලිටියක් තියෙනවා.

    උදයකාන්ත තමන්ගෙ ෆිල්ම් ගේම් එක ගැහුවෙ සිනමාව ඇතුලෙ. රජකතා බණකතා වගේ පොලිටිකලි පුම්බපු මාර්කට්වලට එයා ෆිල්ම් ගැහුවෙ නෑ. ඒක නිසාම එයා චිත්‍රපටි කලේ ඇත්තට පවතින සිනමා ප්‍රේක්ෂාගාරයකට. කෘතිමව ක්‍රියේට් කරපු එකකට නෙමෙයි.

    බහුබාර්යා කියන්නෙ මං උදයකාන්තගේ ඉතා කැමති චිත්‍රපටයක්. අනූ ගනංවල ඇඟ සීතල කරපු ශෘංගාරයක්. සංගීතා වීරරත්නගේ අනුරාගී රංගනයත්, උදයකාන්තගේ වැඩිහිටි සිනමාවත් එතනින් ඉවර වුනා. ඊට පස්සෙ වෙන වෙන ජොන්රා ගානක වැඩ කරලා එයා දැන් ආයිමත් ඇවිත් ඉන්නවා ඉරොටික් ත්‍රිලර්ස් වලට.

    උදයකාන්ත වර්ණසූරියත්, සෝමරත්න දිසානායකත් දෙන්නම තමන්ගේ වැඩිහිටි තේමා රැගත් චිත්‍රපට නිකුත් කරන්න තීරණය කිරීම මට අනුව ලාංකේය ප්‍රේක්ෂාගාරය කොටහළු වුනා කියන එකට හැඟවුමක්. සෝමරත්න කියන්නෙ ළමා චිත්‍රපටවලින් පටන් අරගෙන දේශපාලනිකව පුම්බපු සිනමාවෙ ඒ අතට මේ අතට පීනපීන හිටපු කෙනෙක්. ජාතියම පුළුවන් තරම් කාලයක් ළමා මානසිකත්වයක තියාගන්න සෝමරත්න තමන්ගේ නිර්මාණ හරහා උත්සාහ කළා කියලයි මං හිතන්නෙ. ඒත් අවසානයේ එයාටත් සිද්ද වෙලා තියෙනවා වැඩිහිටි වෙන්න.

    සෝමරත්න දිසානායකගේ ජංගි හොරා ගැන පස්සෙ ලියන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි මේ වෙද්දි ජංගි හොරා කියන නමවත් කොතනකවත් කියන්නෙ නෑ. පිටින් වාරණයක්ද නැත්තං ස්වයං වාරණයක්ද කියල දන්නෙ නෑ. කොහොම හරි මේ වෙද්දි ඒක අන්ඩර්පෑන්ට් තීෆ් වෙලා.

    මේ සටහන උදයකාන්ත වර්ණසූරියගේ ගිනිමල් පොකුරු ගැන. ඒ ෆිල්ම් එකට ප්‍රචාරක උපක්‍රමය වුනේ චුලක්ෂිගේ ලීක් එකක් විදිහට ෆිල්ම් එකේ කෑල්ලක් එලියට දාන එක. ඒක අතිසාර්ථක මෙහෙයුමක්. සහ චුලක්ෂි කියන්නෙ වැඩේට නිවැරදිම තෝරාගැනීම. ගිනිමල් පොකුරු ෆිල්ම් එක කියන්නෙම චුලක්ෂි.

    මුලින්ම මේ ෆිල්ම් එක බලන්න අපේ අම්මයි තාත්තයි ගියා.

    ‘පුතේ උදයකාන්ත වර්ණසූරියගෙ අලුත් ෆිල්ම් එක හොඳයි වගේ නේද? අපි බලන්න යන්න ඉන්නෙ’

    අම්මයි තාත්තයි දෙන්නම හතරපෝයට සිල්ගන්න, කුසල් වඩන අය. ඒ හින්ද ගිනිමල් පොකුරු කියන්නෙ ඉරොටික් ෆිල්ම් එකක් කියල අනතුරු ඇඟවීමක් කරන්න හිතුනත් බැලුවට පස්සෙ එන කම්පනය රසවිඳීමේ කාලකණ්ණි සතුට වෙනුවෙන් මං ඒක නොකර හිටියා.

    ‘ආහ් ඔව් අම්මෙ, මාත් තාම බැලුවෙ නෑ. බලන්න ඉන්නෙ’
    දවස් කීපෙකට පස්සෙ දෙන්නම ගිහින් ෆිල්ම් එක බැලුවා.

    කොහොමද අම්මෙ ෆිල්ම් එක?

    ‘ඉතාම හොඳයි පුතා. සමාජයට හොඳ පණිවුඩයක් දෙනවා. ඇත්තම කතාවකිංනෙ කරලා තියෙන්නෙ. ඔහොම දේවල් කොච්චර වෙනවද. පොලිස්කාර‍යො කොයිතරම් කරදරේ වැටුන ගෑනුන්ව තවත් අමාරුවල දානවද? ටිකක් සෙක්ස් සීන් නං වැඩියි. හැබැයි ඒ කතාවට ගැලපෙන විදිහට, මේ සමාජෙ ඇත්තට වෙන දේ පෙන්නන්නයි ඒවා පාවිච්චි කරලා තියෙන්නෙ. මං මගේ යාළුවන්ටත් කතා කරලා රෙකමන්ඩ් කළා.’

    මගේ වයර් මාරු වුනා. ඒ ෆිල්ම් එක සාම්ප්‍රදායික මහා සමාජයට යන්නෙ ඒ විදිහට. වල් ෆිල්ම් එකක් වුනත් හොඳ පණිවුඩයක් දෙන එකයි වැදගත්. එතකොට වල් ටික ගන්න එන අපි වගේ උන් වල් ටික බලනවා. අනිත් අය හොඳ ටික අරගෙන යනවා. අපි කරන ෆිල්ම්වල තියෙන ලොකුම අවුල ඔය පණිවුඩය නැති එක.

    උදයකාන්ත පළවෙනි ඇණය සාර්ථකව ගහනවා. රාගය මුසු වූ සමාජ පණිවුඩයක් දෙන කතාවක්. මේක මං හිතන්නෙ ලංකාව වගේ රටක ශෘංගාර සිනමාවෙදි වැදගත් කාරණයක්. ප්‍රේක්ෂකයාට තමන් වල් ෆිල්ම් එකක් බැලුවා කියන ගිල්ටිය නොදෙන එක. ඇගේ වෛරය ෆිල්ම් එක ආවෙත් කාන්තා විමුක්තියේ දෝංකාරය කියල.

    අම්මාගේ අනපේක්ෂිත ප්‍රතිචාරය මගේ උනන්දුව වැඩි කළා. මාත් පීවීආර් එකේ ෆිල්ම් එක බලන්න ගියා.

    ෆිල්ම් එක පටන් ගන්න කලින් ‘කෝල්ඩ් ඕපන්’ එකක්, අනංමනං මොකුත් නෑ. අමුවෙන්ම ටයිට්ල් එක වැටෙනවා. එතනින් ෆිල්ම් එකට. අසූ ගනංවල රූපරාමු වලින් තමයි කතාව කියන්නෙ. කලාත්මක රූපරාමු, සංස්කරණ මොකුත් නෑ. කතාවම විතරයි.

    මට හිතෙන්නෙ මේ ෆිල්ම් එක ටාර්ගට් කරන්නෙ කාවද කියන අදහස නැතුව ෆිල්ම් එක කියවන එක තේරුමක් නෑ. පැහැදිලිවම ඒකෙ ඕඩයන්ස් එක ‘මාස්’. සිනමා සාක්ෂරතාවයක් ඇති අය නෙමෙයි කොහොමවත්ම. කොයිතරම් පර්වර්ට් කතාවක් උදයකාන්ත විසින් හොඳ පණිවුඩ දවටනයක ඔතලා දෙනවද කියන එකයි මාව චූන් කරපු කාරණය.

    ගිනිමල් පොකුරු ෆිල්ම් එක දුවන්නෙ ගෑණු තුන්දෙනෙක් උඩ. කතාවෙ ප්‍රධාන නළුවා ඉසුරු ලොකුහෙට්ටිආරච්චිට එන්ට්‍රන්ස් එක හදන, දූෂනයට ලක්වෙන ස්ත්‍රිය. ඊළඟට චුලක්ෂි. අනිත් කෙනා චුලක්ෂිගෙ නංගි. මේ ගැහැණු තුන්දෙනාව ශෘංගාරකරණය (ඕන නං ඔබ්ජෙක්ටිෆයින්ග් කියලත් කියන්න පුළුවන්) කිරීම තමයි චිත්‍රපටියේ කේන්ද්‍රීය කාරණය.

    මේක බලලා තමන්ගෙ අදහස් ලියපු කීපදෙනෙක්ම මේකෙ සෙක්ස් නෑ වගේ ඒවා කියල තියෙනවා මං දක්කා. ඒත් මට අනුව නම් ගිනිමල් පොකුරු ඉතාම සරාගී චිත්‍රපටයක්. වෙන විදිමකින් කිව්වොත් ඒක තනිකරම සෙක්ස්. සෙක්ස් කියන්නෙ නිරුවත ප්‍රදර්ශනය කිරීම නෙමෙයි. සෙක්ස් කියන්නෙ මූඩ් එක, තේමාව, කතාව සහ රූප රාමු කැරකෙන කේන්ද්‍රය. ඇත්තටම නිරුවත පෙන්නීමට වඩා නිරුවත නොපෙන්නීමයි ඉරොතික වෙන්නෙ. නිරුවත දකින මොහොතෙම ප්‍රේක්ෂකයාගේ ආශාව කූටප්‍රාප්තවෙලා ඉවර වෙනවා. ඉරොතික චිත්‍රපටයක තියෙන වැදගත්ම කාරණය ඒ ශෘංගාරය අවසානය දක්වා අරගෙන යන්නෙ කොහොමද කියන එකයි. උදයකාන්ත අර ගැහැණු ශරීර තුන මතින් ආස්වාදය කතාව පුරාම පවත්වාගන්නවා.

    මේ කතාව හරියට ගත්තොත් රේප් සීන් තුනක්. පළවෙනි එක ගැන්ග් රේප් එකක්. දෙවෙනි එක තමන්ගේ බලය, තත්වය පාවිච්චි කරලා කරන රේප් එකක්. තුන්වෙනි එක මනෝ ව්‍යාධියකින් පෙළෙන කෙනෙක් රේප් කරන්න උත්සාහ කිරීමක්.

    රේප් එකක් රෑපයට නගන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් ඒ රූප හරහා අපිට ඒ රියල් එක අත්විඳින්න සැලැස්වීම. ඉරෙවර්සිබල් වගේ ෆිල්ම් එකකදි කරන්නෙ ඒක. එතකොට අපේ කාමය ලොප් වෙනවා. අනුරාගය ලෙෆ්ට් වෙනවා. අනිත් විදිහ තමයි රේප් එක පුළුවන් තරම් රියල් එකෙන් ඈත් කිරීම. පෝර්න්වලදි කරන්නෙ ඒක. එතනදි රඟපෑම දුර්වල වීම, ඒ චරිතයේ හැඟීම් මතු නොකිරීම, බිහිසුණු බව මගහැරීම වගේ තාක්ෂණයන් වැඩකරනවා. ඒ අතර අඟපසඟ අනුරාගීව පෙන්නීම, ආශාව ගොඩනැගීම හරහා අපිට ඇගේ අකමැත්ත පවා ශෘංගාරයට පෙරලන්න පුළුවන්. උදයකාන්ත අනුගමනය කරන්නෙ මේ දෙවෙනි පිළිවෙත.

    කතාව පටන්ගනිද්දි මිනිහෙක් මරාදමන රිය අනතුරට කතාව ඇතුලෙදි ලැබෙන සැලකිල්ලම මේ එළඹුම සනාථ කරනවා.

    ගිනිමල් පොකුරු කියන්නෙ රේප් තුනක් තිබ්බත් රේප් තුනම ඉතාම තෘප්තිමත් හැඟීමකින් නිමා කරන චිත්‍රපටයක්. හැපි එන්ඩින්ග් එකක්. පළවෙනි රේප් එක කරන මෝටිවේෂනල් අප්පච්චි ඇතුලු පිරිස පොලිසියෙන් අත්අඩංගුවට ගන්නවා. එතනදි වීරයා බවට පත්වෙන පොලිස් නිලධාරියා අතින් තමයි කතාවෙ මූලිකම පරිශ්‍රය වන දෙවෙනි රේප් එක වෙන්නෙ. මානසිකව රෝගී නැගෙණිය ගොදුරු වෙන්න යන තුන්වෙනි රේප් එකේදි ඒ දුෂ්ටයා බවට පත්වුනු නිලධාරියා කතුරු පාරක් කනවා. කොහොම හරි ප්‍රේමය දිනනවා, යුක්තිය ජයගන්නවා (වාහනේ හැපිලා මැරුනු මිනිහට හැර)

    ෆිල්ම් එක කරද්දි උදයකාන්ත තමන්ගේ ඕඩියන්ස් එක ගැන පට්ට දැනුවත්. වාහනේ පදවන අතරෙ ඇතුලත සීන් key කරලා තියෙන හැටි අජූතයි. ඒ මදිවට වීදුරුවෙන් එලියෙ පේන දේයි පැති කන්නාඩියෙන් පේන දේයි ෆුල් මඤ්ඤං. ඒත් උදයකාන්ත දන්නවා තමන්ගෙ ප්‍රේක්ෂකයා බලන් ඉන්නෙ ඔය මොකක්වත් දිහා නෙමෙයි චුලක්ෂි දිහා විතරමයි කියල.

    රංගනය පැත්තෙන් කතා කරන්න දෙයක් තියෙන්නෙ ඉසුරු ලොකුහෙට්ටිආරච්චිගෙ විතරයි. මං මීට කලින් දැකලා නැති නළුවෙක් වුනත් පොලිස් නිලධාරියාගෙ චරිතය ඉසුරු හොඳට දැනෙන්න කරනවා. ඒ වගේම හින්දි සිනමාවෙ විතරක් දැකලා තියෙන කෙල්ලො මැරෙන්න හදන හැන්ඩි පොලිස්කාරයා ලංකාවෙ සිනමාවටත් ගේනවා.

    රංගනය දුර්වල වීම ඇතුලෙ අනුරාගය වැඩියෙන් මතුවෙනවා කියල මට හිතෙනවා. එතකොට අපිට ඒ අයව මිනිස්සු විදිහට දැනෙනවට වඩා අපේ අනුරාගයේ වස්තු විදිහට දකින්න ඉඩ වැඩියි. ඔබ්ජෙක්ටිෆයි කරනවා කියන්නෙ ඕකට. ෆිල්ම් එක පුරාම චුලක්ෂි කියන අනුරාගී වස්තුව අධ්‍යක්ෂවරයා ඉතා දක්ෂ විදිහට පාවිච්චි කරනවා.

    සමහර තැනක රූප සහ ශබ්ද අතිපිහිත කිරීම්වලින් අපේ හිත ඇතුලෙ වල්කම මවන්න ගන්න උත්සාහයත් ආතල්. චුලක්ෂි තුවාය කඩලා දානකොටම අපි දකින්නෙ ඉසුරුගෙ මූන. හැබැයි අපිට දැනෙන්නෙ චුලක්ෂි තුවාය කඩලා දැම්මම තමයි කියල. තව තැනක ‘මට ඇති’ කියන්නෙ බත්. ඒත් ඒක කැපෙන්නෙ සෙක්ස් එක්ක. මේ වගේ අමුතු තැන්වල උදයකාන්ත සෙල්ලං කරනවා. එක තැනකදි නංගි ගැන පොලිස් නිලධාරියාගේ ආශාව වඩවන ජනෙල් රෙදි නැටුමක් තියෙනවා. ඒ කාමෝද්දීපනය කරන ජනෙල් රෙදි පැටලුම උදයකාන්තගේ විශ්වයකම සිද්ද වෙන්න පුළුවන් දෙයක් විතරයි.

    චිත්‍රපටයෙ ගිනිමල වෙන්නෙ චුලක්ෂි. චුලක්ෂිගේ වඩාත්ම අනුරාගී කලාපය වෙන්නෙ එයාගෙ තොල් කියලයි මං හිතන්නෙ. ඒ දෙතොල් කාමාතුරව සිපගැනීමම ආශා අවුළුවන දසුනක්. නිතර දකින, සිපගන්න පතන ඒ දෙතොල් කාමාතුර පොලිස්කාරයෙකුට අවනත වෙනවා දැකීම ප්‍රේක්ෂකයා උන්මාද කරවන්නක් බව අධ්‍යක්ෂ දන්නවා.

    චුලක්ෂි පොලිස් නිලධාරියාගේ සිතැඟිවලට ඉඩදීමේ අවස්ථාවෙදි , උදයකාන්ත රේප් පෝර්න්වල ඉතා සුලබව දකින, මුලින් අකමැතිව පස්සෙ කැමති වීමේ ප්‍රපංචය ගේනවා. එක විදිහකට ඒක ස්ත්‍රී මනෝභාවයේ යතාර්ථයකුත් කියන්න පුළුවන්. කාන්තාවකගේ මනසට අවශ්‍ය දේ සහ ශරීරය ප්‍රකාශමාන කරන දේ අතර පරතරය මේකට හේතු වෙනවා. පොලිස් නිලධාරියා සමග සිද්ද වෙන ලිංගික එක්වීම ස්ත්‍රී දූෂණයක් වෙන්නෙ ඒ හින්දයි. ඒක කැමැත්තකට වඩා යටත්වීමක්.

    ඒ වගේම මානසික අසමතුලිතතාවකින් පෙළෙන සරාගී නැගෙණිය පිළිබඳ පර්වර්ට් ආශාවත් චිත්‍රපටිය ඇතුලෙ ඇවිලෙනවා. ගැන්ග් රේප්, ෆෙටිෂ් ඔක්කොම මැද්දෙන් තමයි ගිනිමල් පොකුරු පිපෙන්නෙ.

    මේ චරිතය බය නැතුව බාරගැනීම ගැන චුලක්ෂිට මගේ ගෞරවය හිමිවෙනවා. ඒ වගේම සහෝදරියගේ චරිතය කරන දිල්රුෆා ෂානාස්ගෙත් නිර්භීතබව අගය කරන්න ඕන. ලංකාව වගේ රටක වැඩිහිටි චිත්‍රපටයක රඟපානවා කියන්නෙ ලොකු අභියෝගයක්.

    ලිංගික දර්ශන රූගත කරද්දි උදයකාන්ත අනුගමනය කරන්නෙ මල්ලු චිත්‍රපට සම්ප්‍රදාය. මිරිකෙන අත්, පැටලෙන කකුල්, හැපෙන තොල්පෙති, වැහෙන ඇසිපිය වගේ දේවල් කැමරාවට හසුකර ගන්න එක. නිතරම ඇඟ වටා එතුනු කොහොමවත් නොගැලවෙන රෙද්දක් තියෙනවා. ඒක සිනමාවක් විදිහට ගොඩනැගුනු, අපිට හුරු ශෘංගාර රසයක්.

    මං කලින් කිව්වා වගේ ස්ත්‍රී ශරීර තුනක අනුරාගය උඩ දුවන කතාව මට තාම තේරුම්ගන්න බැරි විදිහට හතරවෙනි වස්තුවක් වටෙත් කැරකෙනවා. ඒ තමයි අනතුර සිදුකරන ජීප් එක. මේ ජීප් එක නිදහස් කරගන්න කියල ඉං‍ජිනේරුවෙක් වන චරිත් අබේසිංහ හෙන මොංගල් පාර්ට් එකක් දානවා. මට හිතෙන්නෙ ජීප් එක අදාල වෙන්නෙ ෆිල්ම් එක අවශ්‍ය තරමට දික්කරගන්නයි. පැය දෙකකටවත් වැඩි නැත්තං ලංකාවෙ හෝල්වල ෆිල්ම් දුවන්න බෑ.

    වැදගත්ම දේ මේ අතිබිහිසුණු ස්ත්‍රී දූෂණ පිරුනු කතාවක් වුනත් අවසානය ඉතාම සාමකාමී වීම. සියල්ල සතුටින් විස‍දෙනවා. ජෝඩුව බැඳලා කවදාවත් ලංකාවෙ එයාර්පෝර්ට් එකක බාන්නෙ නැති ෆ්ලයිට් එකක රට යනවා. පොලිස් නිලධාරියාට අලුත් දඩයමක් හම්බුවෙනවා.
    අර මානසිකව දුර්වල නංගිව මඩමකට දානවා.

    රට ගැන, කොළඹ ගැන, පවුල් සම්බන්ධතා, මිත්‍ර සම්බන්ධතා ගැන අපේ ප්‍රායෝගික දැනීම මේ ෆිල්ම් එක බලද්දි අමතක කරන්න වෙනවා. ඒ තිරය උඩ පිලිගන්වන යතාර්ථය සද්දෙ වහලා බාරගන්න වෙනවා. මේ ශෘංගාරාත්මක සමාජ පණිවුඩය විඳින්න කෙනෙකුට ලැබෙන්නෙ එතකොටයි.

    ගිනිමල් පොකුරු බලලා එද්දි මට අදහසක් ආවා. ඒ අනිවාර්යෙන්ම ගිනිමල් පොකුරු 2 කරන්න ඕන කියන එක. ඒ කතාව අර මඩමට ගිය නංගිගෙ. ඒ අනුරාගී උමතු කෙල්ල දවසක එලියට එන්නෙ සීරියල් කිලර් කෙනෙක් විදිහට. පිරිමි එක්ක යහන්ගත වෙලා ඒ අයව කතුරෙන් ඇනලා මරන කාමාධික කෙල්ලෙකුගේ කතාවක් ඒක.

    මට පුළුවන් ලියලා දෙන්න. හැබැයි එ්ක ඩිරෙක්ට් කරන්න ඕන උදයකාන්තමයි. මොකද මේ දෙන ආතල් දෙන්න මට නං කීයටවත් බෑ.


    චින්තන ධර්මදාස

  • සරාගී උපන්දිනයක් වේවා පියුමි

    සරාගී උපන්දිනයක් වේවා පියුමි

    පියුමි හංසමාලි කියන නිරූපිකාව ගැන මට ලොකු ආදරයක් වගේම ගෞරවයක් තියෙනවා. ඒ ලංකාව වගේ රටක තනියම ගැහැණියක් විදිහට අනුරාගය වෙනුවෙන් බය නැතුව පෙනී සිටීම නිසා ඇතිවුනු එකක්. කෙල්ලෙක් විවෘතව ලිංගික යමක් ගැන කමෙන්ට් කරන පරක්කුවෙන් බහුතරයක් පිරිමි හිතන්නෙ ඇය ඕනම කෙනෙක් එක්ක සෙක්ස් කරන්න ලෑස්තියි කියල. ඒ ඇසිල්ලෙන් ඇගේ ඉන්බොක්ස් පිරී යනවා. රෝගී මානසිකත්වයකින් පෙළෙන මිනිස් රංචුවක් ඇයව වට කරගන්නවා. පියුමි ඒ සියලු පිරිමි පීඩන දරා ගනිමින් ඇය කැමති දේ කළා. වරදක් නොකර විඳින සුවිසල් ජනතා අපවාද අතර හිනාවෙවී ජීවත්වෙනවා කියන්නෙ ලේසි නැති වැඩක්. දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් විදිහට ඒක හිතාගන්න බැරි තරම්.

    මෑතකදි කාන්තාවන්ගේ සුරතාන්තය ගැන කතා කරන්න ඉතාම ප්‍රබුද්ධ සමාජ කතිකා නියෝජනය කරන කාන්තාවන් කීප දෙනෙකුට මං ආරාධනා කළා. එතනදි එක කාන්තාවක් කියපු කතාවකින් මාව තිගැස්සුනා.

    ‘මල්ලි, ඉස්කෝලෙට ගියාම අම්මලා එක එක කතන්දර කියනවා මදිවට ටීචර් වෙනම කතා කරලත් අවවාද දෙන්න එනවා. මගේ දුවගෙ අධ්‍යාපනයටත් ඒක බලපානවා’

    ඇය මගේ ආරාධනාව වේදනාවෙන් බැහැර කළා. සදාචාරය කියන්නෙ ඒ වගේ බලහත්කාරයක්.

    පියුමි තමන්ගේ ආකර්ශනීය විදිහට පිටතට නෙරා ආ දෙ‍ෙතාල්, පියයුරු විදහා පාමින් ඇගේ සොඳුරු ගත සළු උනා දමමින් ලංකාවෙ එකම අනුරාගී තරුව වීමේ කිරුළ දරාගෙන හිටියා. පියුමිට කලින් මේ එඩිතර බව තිබුනෙ සුමනා ගෝමස්ට විතරයි.

    අවාසනාවට පියුමි එකතු වුනෙත් ඒ කාන්තාවන් අපහාසයට අපහරණයට ලක්කරන සමාජ ධාරාවටමයි. ඒ ඉරාජ්ලා විසින් පවත්වාගෙන ගිය කුහක ලාංකික ප්‍රජාවයි. ඒ අයම තමයි කාන්තාවන්ට සමලිංගිකයන්ට සංක්‍රාන්ති ලිංගිකයන්ට අපවාද අපහාස කරමින් ඒ ජීවිත සමාජීය වශයෙන් පීඩාවට ලක් කරන්නෙත්. පියුමි තමන්ගේ හිතුවක්කාර බවේ ප්‍රතිලාභ පිරිනැමුවෙ ඒ ප්‍රතිගාමී රෝගී මිනිස් රොත්තටමයි.

    මං කීපවිටක්ම විවිධ සංවාදවලට පියුමිට ආරාධනා කරලා තියෙනවා. ඒ වඩා නිදහස් සහ විවෘත කතිකාවක් වෙනුවෙන් පියුමිගේ මැදිහත්වීම උදව් කරගන්න. ඒත් ඒ හැම වතාවකම පියුමි ඒ ආරාධනා බැහැර කළා.

    තමන් කරමින් ඉන්නෙ මොකක්ද කියන එක ගැන අදහසක් නැතිවීම නිසා එයාට කළ හැකි විසල් දේ වෙනුවට ඉතාම සිල්ලර දේ වෙනුවෙන් දියවී අවසන් වෙන්න නියමිතයි. දැනටත් තමන්ට ලංකාව අත්හැර යන්න උවමනා බව පියුමි කියන්නෙ මේ වෙහෙස නිසාම වෙන්න ඕන.අන්තිමට පියුමි දෙරණට ඇවිත් චතුර එක්ක කරපු සංවාදයෙන් පස්සෙ මං පියුමිව හිතෙන් අත්ඇරලා දැම්මා. එතනදි කිසිම දවසක ඇගෙන් අපේක්ෂා නොකළ තරමෙ දෙබිඩිකමක් විද්‍යාමාන වුනා. තමන්ගේ කොටට ඇඳීමේ නිදහස ගැන කතා කරන අතරෙම පියුමි ටික්ටොක්වල නාකි ඇන්ටිලා නටන එකට හිනාවුනා. ඒක ලැජ්ජා විය යුතු දෙයක් විදිහට කතා කළා. එයාට අනුරාගය සහ විලාසිතා ගැන තිබුනෙ තරුණ වයස එක්ක ගැටගැහුණු පටු අදහසක්. මේ වයසට මේවා කරන්න ඕන කියන එකයි පියුමිගේ දර්ශනය වුනේ. එහෙම නැතුව කැමති කෙනෙකුට, කැමති වයසකදි, කැමති විදිහකට ජීවත් වීමේ අයිතිය තියෙන්න ඕන කියන එක ගැන එයාට කොහෙත්ම හැඟීමක් තිබුනෙ නෑ. හැබැයි සුමනා ගෝමස් කියන නිළියට ඒ නිදහස ගැන වැටහීමක් තිබුන.

    යම් අදහසක් එක්ක පාවිච්චි වෙන්න තිබුණු නිරුවතක් අනුරාගයක් හුදු ස්වයං වින්දනමය රූපකායක් විදිහට විතරක් අවසන් වීම අපේ වගේ රටක ඛේදවාචකයක්. ඒ වගේම ලිංගිකත්වය සහ ශෘංගාරය පිළිබඳ තියෙන ගරුත්වය සෞන්දර්ය හෝ බාරගැනීම තවත් පටු කරන්නත් ඒක බලපානවා. ඇත්තටම කාමය වරදවා හැසිරීම කියන්නෙ ඒකට. කාමය හරි සමාජ දේශපාලන අදහසකින් තොරව පාවිච්චි කරන එක.

    ඒ මොනවා වුනත් අද අපේ රටේ එකම ශෘංගාර තරුව පියුමි හංසමාලිගේ උපන්දිනය. තමන් කැමති විදිහට ජීවත් වෙන්නත්, තවත් බොහෝ අය වසඟ කරන්නත් පියුමිට ශක්තිය ධෛර්යය ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා. මේ කාන්තාරයක් වගේ රටේ පිරිමි සරතැස නිවන සිසිල් පොදක් වීමේ මහා පින ඇයට තියෙනවා.


    චින්තන ධර්මදාස

  • SEX / MADONNA

    SEX / MADONNA

    1992දි මැඩොනා සෙක්ස් කියල පොතක් ලියනවා. ඒක කොෆි ටේබල් බුක් එකක්. වෝනර් බ්‍රදර්ස්ලගෙ පොත් සමාගම සහ මැවෙරික් කියන මැඩොනාගෙ එන්ටර්ටේන්මන්ට් කොම්පැනිය එකතු වෙලා පොත කරන්නෙ. ඒකෙ ගොඩක් තියෙන්නෙ ෆොටෝස්. ඒවා සැඩොමැසොකිසම් නැත්තං ස්ව/පරපීඩකකාමය පැත්තට බර නිරුවත් ඡායාරූප.

    මැඩොනා මේ පොත වෙනුවෙන් තමන්ට චරිතයක් නිර්මාණය කරනවා. එයාගෙ නම මිස්ට්‍රස් ඩීටා. 1930 ගණන්වල ජර්මානු නිළියක් වුනු ඩීටා පාර්ලොගෙන් තමයි එයා මේ නම ගන්නෙ. මේ පොතේ බිග් ඩැඩි, වැනිලා අයිස්, නයොමි කැම්බල් වගේ අය ගරු නිරූපණ කරනවා. පොත එන්නෙ ඇලුමිනියම් කවරයක් එක්ක.

    පොතත් එක්ක මැඩොනාගෙ ඉරොටික් කියන සිංදුවෙ තනි සීඩී එකක් තිබුන. ඒ සිංදුවත් ඇතුලත් ඉරොටිකා ඇල්බම් එක රිලීස් වුනදාට පහුවෙනිද තමයි පොත එලියට එන්නෙ. පලවෙනි දවසෙ විතරක් පොත් 150,000ක් විකිනෙනවා. වැඩිම වේගයකින් අලෙවි වුනු කොෆි ටේබල් බුක් එක විදිහට සෙක්ස් ඉතිහාසගත වෙනවා. ඊටපස්සෙ පිටපත් මිලියන 1.5ක් අලෙවි කරමින් නිව්යෝර්ක් ටයිම්ස් බෙස්ට් සෙලර් ලිස්ට් එකේ උඩට එනවා.

    සෙක්ස් පොතට පුදුම තරමෙ අවධානයක් ලැබෙනවා. ඒ වගේම සදාචාරවාදීන් සහ ස්ත්‍රීවාදීන් පන්න පන්නා පහර දෙන්නත් ගන්නවා. ඒත් මැඩෝනා තමන්ගෙ නිර්මාණය වෙනුවෙන් නොසැලී පෙනී ඉන්නවා. පහුවෙද්දි විචාරකයො අතර මේ පොතෙන් ඇති කරන සංස්කෘතික බලපෑම ගැන කතිකා ඇති වෙන්න පටන් ගන්නවා. ඉතාම නිර්භීත පශ්චාත් ස්ත්‍රීවාදී- පෝස්ට් ෆෙමිනිස්ට් වැඩක් විදිහට පොත සළකුනු වෙනවා. මුද්‍රිත පොත් අතර වඩා ඉක්මණින් මුද්‍රණ අවසන් වෙන පොතක් විදිහටත් සෙක්ස් වාර්තා තියනවා

    මේ පොතට ආපු දැඩි විරෝධයට මැඩෝනා එයාගෙ ආර්ට් ඇතුලෙන්ම උත්තර දුන්නා. එයා හියුමන් නේචර් කියන සිංදුවෙ මෙහෙම කියනවා.
    මම මොනවා හරි වැරදි දෙයක් කිව්වද? ඌප්ස්.. මම දැනගෙන හිටියෙ නෑ මට සෙක්ස් ගැන කතා කරන්න බෑ කියල.. මම සොරි කියන්නෙ නෑ. ඒක මනුස්ස ස්වභාවය – හියුමන් නේචර්

    මේ පොතට ෆොටෝ 80000ක් විතර අරගෙන තියෙනවා. ඒත් පාවිච්චි කරලා තියෙන්නෙ මේකෙන් අල්පයයි. මේ පොතේ එන ප්‍රචන්ඩ ෆොටෝ ගැන සෑහෙන කතාබහ ඇතිවුනා. මේක ආර්ට් නෙමෙයි පෝර්න් කියල කිව්වා. මැඩෝනා සෙක්ස්වලට ගිහින් ඉවර වුනා කියල කිව්වා.

    මේ ගැන මැඩෝනා එක්ක කරන එම්ටීවී ඉන්ටවිව් එකකදි අහනවා. මිනිස්සු මේක බාරගන්න එකක් නෑ කියල හිතුවෙ නැද්ද කියල. මොකද ඒ කාලෙ සෙක්ස්වලට තිබුන සංස්කෘතික වාරණයත් එක්ක.
    මැඩෝනා කියනවා,

    “මං ඒක කළේම මට එහෙම මිනිස්සු මේක බාරගන්න එකක් නෑ කියල නිකං ඉන්න බැරි වුන හින්ද. මේ පොතෙත් ඇල්බම් එකෙත් මං කතා කරන්නෙ ඇමරිකාවෙ තියෙන සෙක්ෂුවල් රිප්‍රෙෂන් එක ගැන. මං හිතන්නෙ මේක තමයි ඒක කතා කරන්න හරිම වෙලාව..
    යුරෝපය ඇත්තටම මේ වගේ දේවල් ගැන අපිට වඩා විවෘතව බාරගන්නාසුලුයි. ඒ ගොල්ලො වැඩක ආර්ටිස්ටික් වටිනාකම තේරුම්ගන්නවා. ඇමරිකාවෙ අයට බෑ තමන්ගෙ අගතීන් වලින් එලියට ඇවිත් මේ දේවල් සාකච්ඡාවට ගන්න”

    එතනදි නිවේදකයා අහනවා “ඒ කියන්නෙ ඔයා පිළිගන්න ලිංගික සදාචාරය යුරෝපියානු එකක්. ඇමරිකානු එකක් නෙමෙයි?”
    මැඩෝනා කියනවා ඔව් ඒක එහෙම පිළිගන්න වෙනවා කියල.

    මැඩොනා විශ්වාස කරන්නෙ සුන්දරත්වය නැත්තං අනුරාගයම තමයි කාන්තාවකගේ බලය කියල.
    “ඔයාට පුළුවන් ලස්සන කෙල්ලෙක් වෙලා ඕන නං නියපොතු පාට කර කර ගෙදරට වෙලා ඉන්න. නැත්තං ඔයාට පුළුවන් එලියට ඇවිත් සමාජයට මොනවා හරි දෙයක් කියන්න. මිනිස්සු හිතන විදිහ වෙනස් කරන්න. ඒ තමයි ඔයා ඔයාගෙ බලය පාවිච්චි කරන විදිහ”

    තමන්ගෙ ආර්ට් ඇතුලෙ ඇමරිකානු සමාජය වෙනස් ලිංගිකත්වයන්, වෙනස් ආශාවන් පිළිගන්න දිශාවට යම් හෝ වෙනස්කමක් ඇති කළා කියල මැඩෝනා විශ්වාස කරනවා.

    “මේ ඉරොටික් වීඩියෝවෙන් සෙක්ස් ග්ලැමරයිස් කරනවා කියල කෙනෙක් කියන්න පුළුවන්. ඒ වගේම තව කෙනෙක් ඒක පිලිකුල් සහගතයි කියන්නත් පුළුවන්. හැබැයි මං ඒකෙ කොතනවත් අනාරක්ෂිත සෙක්ස් ප්‍රමෝට් කරන්නෙ නෑ. කවුරු හරි සෙක්ස් ෆැන්ටසියක මාව සතෙක් වගේ දම්වැලකින් බැඳගෙන ගියා කියල ඒක අනාරක්ෂිත දෙයක් විදිහට මං දකින්නෙ නෑ…

    මගේ පොත මගේ වීඩියෝ එක කියන්නෙ ෆැන්ටසියක්. මං කියන්නෙ නෑ කාටවත් ඔයා ගිහින් මේක කරලා බලන්න කියල. ඒ වීඩියෝ එක බලලා පොත කියවලා ගන්න ආස්වාදය තමයි ඒ නිර්මාණයේ පරමාර්ථය. එතනින් එහා දෙයක් නෙමෙයි….
    මේ පොතේ මගේ දේවලුත් තියෙනවා. තව අයගෙ දේවලුත් තියෙනවා. ඕන කෙනෙක් ලියද්දි එහෙමයි. අන්තිමේදි ඒකෙ ෆැක්ට්ස් මොනවද ෆැන්ටසි මොනවද කියල වෙන් කරන්න බෑ…

    මේ පොත සහ වීඩියෝ එක මට මාව නිදහස් කරන අත්දැකීමක් වුනා. පොඩි ළමයින්ට විතරයි එහෙම නිරුවතින් ඉන්න පුළුවන් වෙන්නෙ. ඒ මුලු කාලය පුරාම මං හිටියෙ හිනාවෙවී. මට ආපහු මං පොඩි එකෙක් වුනා වගේ දැනුනා. පාරවල් දිගේ හෙළුවෙන් දුවන්න පුළුවන් වුනා…

    වෝනර් සමාගමෙන් මට සීමා තුනක් දුන්නා. ළමයි එක්ක සෙක්ස් බෑ. සත්තු එක්ක සෙක්ස් බෑ. ආගමික දේට නිග්‍රහ කරන්න බෑ. ඒ එකක්වත් මගේ සෙක්ෂුවල් ෆැන්ටසි නෙමෙයි. ඉතින් ඒවා ඇත්තටම මට සීමාවන් වුනේ නෑ….

    මගේ ප්‍රකාශනය මියුසික්ද, පොතක්ද, මොකක්ද කියල අදාල නෑ. මොකක් හරි ප්‍රකාශනයකින් මට ඕන දේ මං කියනවද කියන එක විතරයි අදාල. ඒක මිනිස්සු කොහොම ගන්නවද කියන එක ගැන මට කරන්න දෙයක් නෑ. මීඩියා ගැන මට පාලනයකුත් නෑ. ඒත් මං දන්නවා මට කියන්න ඕන වුනේ මොකක්ද කියල. ඒක විතරයි මගේ පාලනය යටතේ තියෙන්නෙ….

    සෙක්ස්වලදි අතපය බඳින එකේ දැනෙන සනීපයක් තියෙනවා. ඒක හරියට ඔයා පොඩි කාලෙ අම්මා කාර් සීට් එකට තියලා බෙල්ට් එක දානවා වගේ. එයාට ඕන ඔයාව පරිස්සම් කරන්න. ඒක ආදරයේ ක්‍රියාවක්…”

    – මැඩෝනා

    සෙක්ස් පොතෙන් වදන් හයක්

    1. හයිය වෙන්න. නිදහස සහ දෙවියන් විශ්වාස කරන්න. ඔයාට ආදරය කරන්න. ඔයාගෙ ලිංගිකත්වය තේරුම් ගන්න. හිනාවෙන් කල්ගත කරන්න. මාස්ටර්බේට් කරන්න. මිනිස්සුන්ව ඒ අයගෙ ආගමෙන්, පාටෙන්, ලිංගික පැවතුම්වලින් විනිශ්චය නොකරන්න. ජීවිතේට ආදරේ කරන්න.
    2. හැමෝම හිතනවා මං නිම්ෆොමේනියැක් කෙනෙක් කියල. සෙක්ස් හොයාගෙන පිස්සුවෙන් දුවනවා කියල. ඒත් ඇත්තටම මං වැඩිපුරම කරන්නෙ පැත්තකට වෙලා පොතක් කියවන එක.
    3. මං දන ගහන්නෙ යාඥා කරන්න නෙමෙයි.
    4. යවන්න ළංවෙද්දි හැමෝම ඔයාට ආදරෙයි
    5. සික් පර්වර්ට් අයට තමයි මං හැමදාම කැමති
    6. හොඳ හයිය ගෑනු ලොකු හිකීස් තියනවා.
  • පියුමිව අල්ලන්න ආසද?

    පියුමිව අල්ලන්න ආසද?

    පහුගිය දවසක කොරොනා මැද චන්දිමාල්ගෙ අර මහා බර්ත්ඩේ පාටිය ටිකක් පොඩියට සමරපු සිද්ධියක් එලියට ආවා. ඒ ගැන චන්දිමාල් එක්ක පියුමි හංසමාලිව අත්අඩංගුවට අරන් රුපියල් මිලියනයක් වගේ ගානක ඇප මත මුදාහැරියා කියල ප්‍රවෘත්ති පලවුනා. ඔන්න ඊට පස්සෙ ෆේස්බුක් එකේ පියුමි අල්ලන රැල්ලක් හැදුනා. පියුමිව නිදහස් කරපු එක කොරොනා මැද්දෙ තියෙන ලොකුම ප්‍රශ්නෙ වුනා. කොහොමද මේක වුනේ?

    මුලින්ම කියන්න ඕන නිරෝධායන නීති කැඩුවා කියල මිනිස්සු හිරේ දානවට මං විරුද්ධයි. දඩයක් වගේ දේකින් ඒක ඉවර වෙන්න ඕන. සම්පූර්ණයෙන්ම අසාර්ථක රජයක් යටතේ මිනිස්සුන්ට කන්න වෙලා තියෙන පරිප්පුවට ආයිමත් උන්වම වැරදිකාරයො කරන එක රටක යුක්තියක් නෙමෙයි. ලොක්ඩවුන් කියන්නෙ හැම මිනිහෙකුටම සනීපෙන් ගෙදර ඉන්න පුළුවන් තත්වයක් නෙමෙයි.

    ඉතින් මං නිරෝධායන නීති කැඩුවයි කියල මිනිස්සුන්ව කරන හැම බලහත්කාරයකටම විරුද්ධයි. පියුමි හිරේ දැම්මා නං ඊටත් වඩා විරුද්ධයි.

    පියුමි හංසමාලි කියන්නෙ මං ලංකාවෙ ආදරේම කරන ගැහැණියක්. ලංකාවෙ ඉන්න එකම සරාගී නිළිය පියුමි. සුමනා ගෝමස්ට පස්සෙ අපේ රටට එහෙම ශෘංගාර ගැහැණියක් හිටියෙ නෑ. ඒක නිසා පියුමි යන පාටියක්, පියුමිගෙ අලුත් ෆොටෝ එකක් කියන්නෙ මාත් ඇතුලුව රටක්ම ආස්වාදය ලබන දේවල්. ඉතින් ඒ ශෘංගාරය නිර්මාණය කරන ගැහැණිය ගැන මට තියෙනවා ගෞරවයක්.

    මේ වරදට හරි නම් ඇඟිල්ල දික්වෙන්න කොතනටද? ඒ පාටිය තිබ්බා කියන හෝටලේට. මිනිස්සුන්ට වඩා ආයතන නීතිය රකින්න බැඳිලා ඉන්නවා. ඒත් කිසි පෝස්ට් එකක් ඒ ගැන මං දැක්කෙ නෑ. ඊට පස්සෙ එතන චන්දිමාලුත් ඉන්නවා. ඒත් චන්දිමාල් මාතෘකාවක් වෙන්නෙත් නෑ. පියුමි සහ පියුමිගේ තන් තමයි වැරැදිකාර වෙන්නෙ.

    ඇයි පියුමිට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න කියල කියන්නෙ? පියුමිව පනිෂ් කරන්න ඕන හින්ද. ඒ පෝස්ට් හදන, චෝදනා කරන හැමෝම මටත් වඩා පියුමිට ආශාවෙන් මත්වුනු අය. හැබැයි ඒ ගොල්ලො සතුටු වෙන්නෙ තමන්ගේ ආශා වස්තුවට ප්‍රසිද්ධියේ අපහාස කරලා. මේක ඉරොතින් හියුමිලියේෂන් නෙමෙයි, පබ්ලික් හියුමිලියේෂන්. ඒ ආශා වස්තුව ප්‍රසිද්ධියේ නිරුවත් කරලා.

    අර ජේසුගෙ ප්‍රසිද්ද කතාවක් තියෙනවනෙ ගණිකාවකට ගල්ගැසීමක් ගැන. එතනදි ඒ ගැහැණිය එක්ක රමණය කළ උන්ම තමයි ගල් ගහන්න අත් උස්සන්නෙ. ඒක සදාචාරය කින්ක් එකක් විදිහට පාවිච්චි කරන අහිතකර කාම තෘප්තියක්.

    ඇයි ඒක අහිතකර? ඒකෙන් තව මනුස්සයෙකුගෙ ජීවිතයට බලපෑමක් සිද්ද වෙනවා. ඒක ගෞරවය ආදරය ඇතුලෙන් එන රාගයක් නෙමෙයි. යමක් ෆැන්ටසියක් ඇතුලට අරගෙන ඒක රසවිඳින්න දන්නෙ නැති ප්‍රාථමිත මිනිස් මනසක ඇතිවෙන සාපරාධී කාමුකත්වයක්. ඒවට අපි කියනවා අශිෂ්ට ආශාවන් කියල. ඒකෙන් කිසි දෙයක් ලස්සන වෙන්නෙ නෑ. බියුටි කියන වචනෙ ලස්සන කියන සිංහල වචනෙන් කැටි කරන්න අමාරුයි. බියුටි නැත්තං එතන ඉරොටික්ස් නෑ.

    ඒක නිසා පියුමි ගැන කතා කරන මේ සාපරාධී කාම රැල්ල හරියට තේරුම් ගන්න ඕන. ඒක එක පැත්තකින් කාව හරි වධයකට බන්ධනයකට ලක්කිරීමෙන් තෘප්තිමත් වෙන එකක්. අනෙක් පැත්තෙන් පියුමි කියන ශෘංගාර වස්තුව ප්‍රසිද්ධියේ කෙළෙසීමෙන් තෘප්තිමත් වෙන එකක්. මේ දෙකම නොමිනිස් කාණ්ඩයේ ආශාවන්.

    ඒක හින්ද පියුමිගේ පෝස්ට් එකක් දැක්කම පියුමිට වඩා බලන්න ඕන පෝස්ට් එක ෂෙයාර් කරපු කෙනා දිහා. ඔයාට එන්නෙ පබ්ලික් හියුමිලියේෂන් එකකට ආරාධනාවක්, ෂෙයාර් බොත්තම ඔබනවා කියන්නෙ ඔයා ඒ හිංසනයෙන් සතුටුවෙනවා කියන එක.

    ඉරොටික්ස් දන්න කෙනෙක් එහෙම කරන්නෙ නෑ.


    චින්තන ධර්මදාස

  • කාස්ටින් කවුච් – කුප්‍රකට හොලිවුඩ් පුරාවෘත්තයේ උපත

    කාස්ටින් කවුච් – කුප්‍රකට හොලිවුඩ් පුරාවෘත්තයේ උපත

    බැලු බැල්මට අහිංසකයි වගේ පේන වචනයක් හොලිවුඩ් ෂෝ බිස්නස් එකේ ලිංගික දේශපාලන දූෂිත බවේ රූපකයක් වුනේ කොහොමද?

    හාවි වීන්ස්ටයින්ට විරුද්ධව දුසිම් ගානක් කාන්තාවො ඉස්සරහ ඇවිත් තමන් මුහුන දීපු ලිංගික අතවර ගැන කියද්දි නැවත නැවත මතුවුන වචනයක් තමයි කාස්ටින් කවුච් කියන එක. උදා විදිහට ග්ලෙන් ක්ලොස් කියන ජ්‍යෙෂ්ට නිළිය කාස්ටින් කවුච් කියන සිද්දිය අදටත් අපේ බිස්නස් එකෙත් ලෝකෙත් ඇත්තටම සිද්ද වෙන දෙයක් වීම ගැන එයාගෙ දැඩි තරහ පලකරලා තිබුන.

    කාස්ටින් කවුච් කියන්නෙ ඇතැම් චරිත ලබාගැනීම පිනිස ආධුනික නිළියන්ට ලිංගික අල්ලස් ලබාදෙන්න සිදුවෙන එකට. මේක හොලිවුඩ් ස්ටුඩියෝ ක්‍රමය නැගලා ගිය 1920 ගනංවල හරිම හුරුපුරුදු දෙයක් වුනා. ඒ වගේම මේ යෙදුම කාලයත් එක්ක මේ ලිංගික බලහත්කාරය සාමාන්‍යකරනය කරන්නත් පාවිච්චි වුනා.

    කොහොමද මේ අහිංසක යෙදුම ෂෝ බිස්නස් එකේ අපචාරී ස්ටෑන්ඩර්ඩ් එකක් වුනේ? කාස්ටින් කවුච් සම්ප්‍රදාය ඇතිවුනෙ හොලිවුඩ් ෆිල්ම් ඉන්ඩස්ටි්‍ර එක විනෝදාස්වාද ලෝකයේ කේන්ද්‍රය වෙන්න ගොඩක් කලින් බ්‍රෝඩ්වේ තියටර් එකෙන්. ‘ද බෝයිස් ෆ්‍රොම් සිරැකස්’ කියන පොතේ ෆොස්ටර් හර්ෂ් විස්තර කරනවා බ්‍රෝඩ්වේ තියටර් එක ගොඩනගපු සහෝදරයන් තුන්දෙනාගෙන් වැඩිමලා වන ‘ලී ෂුබර්ට්’ විසින් ප්‍රසංගයේ ප්‍රධාන චරිත කරන, බලාපොරොත්තු දල්වන කාන්තාවන් මුනගැහෙන්න උසස් ගෘහභාන්ඩ සහිත සුඛෝපභෝගී කාමරයකුත්, පරිවාර චරිත කරන කාන්තාවන් මුනගැහෙන්න බාල වර්ගයේ කාමරයකුත් පවත්වාගෙන ගියා කියල.

    ‘ඔයා ඒ ගොල්ලො එක්ක නිදාගත්තෙ නැත්තං ඔයාට ඒ චරිතය ලැබෙන්නෙ නෑ’ බ්‍රෝඩ්වේ නර්තන ශිල්පිනියක් වුනු ‘ඇග්නස් ඩි මිල්’ පසුකාලයක ෂුබර්ට් සහෝදරයො ගැන කිව්වා. ‘ෂුබර්ට්ස්ලා කරගෙන ගියේ ගණිකා මඩමක්. ඕන නං මට නඩු දාන්න කියන්න’

    මේ කාස්ටින් කවුච් කියන අදහස ෂූබර්ට්ලා එක්ක සම්බන්ද වෙනවා කියල වචනවල ඉතිහාසය හොයාගෙන යන පීටර් ටැමොනි ප්‍රකාශ කළා. ඇමරිකානු අසභ්‍ය වචනවල ඓතිහාසික ශබ්දකෝෂයේ හැටියට ටැමොනි 1931 උදාහරනයක් හොයාගන්නවා මේ වචනෙ පාවිච්චි වුනු. ‘ ඒක සිද්ද වුනෙ ෂුබර්ට් බිල්ඩිමෙන් කාස්ටින් කවුච් එලියට දාන්න ගොඩකාලෙකට කලින්…’ කියල ඒකෙ යම් සිද්ධියක් ගැන සඳහන් වෙනවා.

    මෙතනින් කාස්ටින් කවුච් එක හොලිවුඩ්වලට මාරුවෙනවා. 1920 ෆොටෝප්ලේ මැගසින් එකේ ලිපියක් පලවෙනවා ‘කැමරා දේශයේ සදාචාර කෙලෙසීම’ ගැන. ඒකෙ සඳහන් වෙනවා තරුණ කාන්තාවන්ට ස්ටුඩියෝ මැනේජර්ලට, ඩිරෙක්ටර්ලට, බලවත් පිරිමි චරිතවලට දොලපිදේනි නොදී තමන්ගේ වෘත්තියෙන් ඉහලට යන්න බැරිවීම ගැන.

    මේ වෙද්දිත් කාස්ටින් කවුච් කියන වචනෙ ස්ථාපිත වෙලා තිබුනෙ නෑ. මේ ලිපියෙ පවා ඒක සඳහන් නොවෙන්නෙ ඒ හින්ද. මේ වචනෙ හරියටම ලොකු ඕඩියන්ස් එකක් අතරට ගෙනියන්නෙ 1924 හැදෙන නිහඬ බ්ලූ ෆිල්ම් එකක්. ඒකෙ නම වෙන්නෙම කාස්ටින් කවුච්. ඒකෙ පෙන්නනවා චරිතයක් ලබාගැනීම වෙනුවෙන් නිළියක් කාස්ටින් ඩිරෙක්ටර්ගෙ ආශාවන් ඉටුකරන හැටි. මේ බ්ලූ ෆිල්ම් එකේ ඔරිජිනල් නමම ඒක වුනාද කියල හරියටම කියන්න අමාරුයි. මොකද මේ වගේ ෆිල්ම්වල ඉතුරු වුනු කොපි පස්සෙ නැවත නැවත සංස්කරණය වුන නිසා.

    1989 පොර්නොග්‍රෆි ඉතිහාසය ගැන ‘හාර්ඩ් කෝර්’ නමින් පොතක් ලියන ලින්ඩා විලියම්ස්ට අනුව ‘ද කාස්ටින් කවුච්’ කියන ෆිල්ම් එක මේ ජොන්රා එකේ ක්ලැසික් එකක්. අන්තිමට ටයිට්ල් අතර දාන හාස්‍යජනක උපදේශයක් ඇය උපුටා දක්වනවා.

    ‘තරුවක් වෙන්න ඇති එකම මග හොඳ ඩිරෙක්ටර් කෙනෙකුට යටවීම සහ එතන ඉඳන් ඉහලට ගමන් කරන එකයි’

    එහෙම වුනත් කාස්ටින් කවුච් වගේ නමක් දාන එක ඒ කාලෙ හැටියට ෆිල්ම් එකකට වාණිජමය වශයෙන් අවාසිදායක නමක් හැටියෙන් සලකන්න බොහොම ඉඩ තියෙනවා.

    1920 ගනං අග වෙද්දි මේ තත්වය වෙනස් වුනා. සෙක්ස්වලට බර භාෂාව ප්‍රධාන ධාරාව දක්වාම ඇවිත් තිබුන. 1929 ‘මැක්ස් ලීෆ්’ කියන නිව්යෝර්ක් ඩේලි නිව්ස් රචකයා නවකතාවක් ලියනවා. ඒකෙ නම හැන්ග්ඕවර් – බ්‍රෝඩ්වේ ආචාර පැවතුම් ගැන නවකතාවක්. ඒකෙ කවරයෙ මෙහෙම ලියලා තියෙනවා.

    “වාචාලයා සිට හයිජැක් කරන්නා දක්වා, ටැක්සි ඩ්‍රයිවර් සිට නයිට් ක්ලබ් පයිරෙට් දක්වා, ෂෝ ගර්ල්ගෙ සිට කාස්ටින් කවුච් ප්‍රොඩියුසර් දක්වා, ඉනිමග දිගයි. ඒත් මේ බ්‍රෝඩ්වේ ප්‍රපාතයේ මත්වුනු නිළියො ඒ ඉනිමග කොහොම හරි නගිනවා”

    1934 වෙද්දි කාස්ටින් කවුච් කියන එක නරකක් නැති වචනයක් වුනා. හොලිවුඩ් ගැන ලියන සාමාන්‍ය පත්තර කොලමක පවා ඒක ලියවුනා. වචන පරීක්ෂාවේ යෙදෙන ‘බැරී පොපික්’ මේකට උදාහරනයක් විදිහට ඒ අවුරුද්දෙ අප්‍රේල් මාසෙ සිඩ්නි ස්කොල්ස්කි කියන ගොසිප් තීරු රචකයා විසින් ‘කාස්ටින් කවුච් සිංදුව’ කියල ඒ කාලෙ හොලිවුඩ් ඇන්තමයක් බවට පත්වුනු ‘රූඩි වැලීගෙ’ සිංදුවක් ගැන ලියපු සටහන මතුකරනවා. පොපික් කියන විදිහට ස්කොල්ස්කිත් වගකියන්න ඕන මේ හොලිවුඩ් ස්ලෑන්ග් එක මේ තරම් ප්‍රසිද්ද කිරීමට. ඇකඩමි සම්මානවලට අනවර්ත නාමයක් විදිහට ඔස්කාර් කියන නමත් මුලින්ම ලියවෙන්නෙ 1934 මාර්තු ස්කොල්ස්කිගෙ කොලමෙ.

    මේ ප්‍රසිද්ද වුනු තැන් කීපය ඇරුනම කාස්ටින් කවුච් කියන එක හොලිවුඩ් ජෝක් එකක් විදිහටම තිබුන. ඊට අවුරුදු කීපයකට පස්සෙ 1937දි චිකාගෝ ටි්‍රබියුන් එකේ ලියන්නෙක් මේ වචනෙ ලිංගික අදහස ගැන කිසිම දැනීමක් නැතුව ප්‍රාදේශීය ගුවන්විදුලි නාලිකාවක කාන්තාවක් විසින් කරගෙන යන කාස්ටින් ඔෆිස් එකක් හඳුන්වන්නත් මේ වචනෙ පාවිච්චි කරලා තිබුන. වෙරයිටි සඟරාව ලැජ්ජ හිතෙන විදිහට මේ වරද පෙන්නලා දුන්නා.

    මේ අතරෙ අවසාන කාලයේ බේබද්දෙක් වුනු ‘එෆ් ස්කොට් ෆිට්ස්ගෙරල්ඩ්’ මේ යෙදුම ගැන දැනගෙන එයාගෙ ලාස්ට් ටයිකූන් කියන නවකතාවට මේක ඇතුලත් කළා. මේ කතාවෙ චිත්‍රපට නිෂ්පාදකයෙකුගෙ දුවෙක් වෙන සිසිලියා නැමැති කෙල්ල වයිලි කියන තිර රචකයා එක්ක කාර් එකක යනවා. ඒ අතරෙ එයා කියනවා ‘මොන්රො ස්ටාහ්ර්’ නම් දරන ලොකු නිෂ්පාදකයාව මුනගැහෙන්න එයාගෙ තියෙන සැලසුම් ගැන. එයා මවාගන්නවා ස්ටාහ්ර් එක්ක එයාගෙ ඔෆිස් එකේ මුනගැහීම එකපාරට කාමරේ ඇතුලට එන කෙනෙකු නිසා බාධා වෙන හැටි. ‘ටක් ගාලා ඔයා කාස්ටින් කවුච් එකෙන් බිමට පැනලා සාය හදාගන්න’ වයිලි මෙතනදි කියනවා. මේ කියන දේ පැහැදිලියි. සිසිලියා ඒ කවුච් එකේ මොනවා කරමින් හිටියද කියල කියන්න ඕනම නෑ.

    කාලයත් එක්ක මේ වචනය තනිකරම ෂෝ බිස්නස් එකේ ලිංගික දේශපාලන බලහත්කාරය සංකේතවත් කිරීම වෙනුවෙන් පමනක්ම යෙදෙන්න ගත්තා. හොලිවුඩ් කොලම් රචකයෙක් වුනු ‘ඩික් ක්ලයිනර්’ 1965දි තරුණ කාස්ටින් ඩිරෙක්ටර් කෙනෙක් වුනු ‘මර්වින් පේජ්’ ගැන ලියද්දි එයා මුලින්ම සලකුනු කරන්නෙ පේජ්ගෙ ඔෆිස් එකේ කවුච් එකක් නැතිකම. පේජ් එතනදි කියනවා, කාස්ටින් කවුච් යුගය අවසන් කියල.

    60 ගනං වෙද්දි ඇත්ත කාස්ටින් කවුච් එක අතීතෙට එකතු වුනාට එයින් ඇති කරපු පරිසරය, සංස්කෘතිය තව ඉස්සරහට වර්ධනය වුනා. ලාස්ට් ටයිකූන් පොතෙන් 1976 ෆිල්ම් එකක් කරද්දි සිසිලියාගෙ චරිතය කරන තරුණ ‘තෙරේසා රසල්’ මේ හා සමානම තත්වයකට මුහුන දීම අයිරනියක්. රසල් කියනවා එයා මේ ෆිල්ම් එකේ ප්‍රොඩියුසර් වුනු සෑම් ස්පීගල්ගෙ නොහොබිනා උත්සාහයන් සියල්ල ප්‍රතික්‍ෂේප කළත් එයාට චරිතය ලැබුනා කියල.

    ඊට දශක ගානකට පස්සෙ වීන්ස්ටයින්ගෙ සිදුවීම අපිට කියන්නෙ කාස්ටින් කවුච් පුරාවෘත්තය තාමත් හොලිවුඩයෙ හොල්මන් කරනවා කියන එක. නමුත් මේ ආකාරයේ එලිදරව් වීම් නිසා අපිට පුළුවන් වෙනවා මේ යෙදුම පිටිපස්සෙ තියෙන බලහත්කාරයේ සංස්කෘතිය අවසන් කරන්න ඊට එරෙහිව හිටගන්න.

    Harvey Weinstein