පියුමි හංසමාලි කියන නිරූපිකාව ගැන මට ලොකු ආදරයක් වගේම ගෞරවයක් තියෙනවා. ඒ ලංකාව වගේ රටක තනියම ගැහැණියක් විදිහට අනුරාගය වෙනුවෙන් බය නැතුව පෙනී සිටීම නිසා ඇතිවුනු එකක්. කෙල්ලෙක් විවෘතව ලිංගික යමක් ගැන කමෙන්ට් කරන පරක්කුවෙන් බහුතරයක් පිරිමි හිතන්නෙ ඇය ඕනම කෙනෙක් එක්ක සෙක්ස් කරන්න ලෑස්තියි කියල. ඒ ඇසිල්ලෙන් ඇගේ ඉන්බොක්ස් පිරී යනවා. රෝගී මානසිකත්වයකින් පෙළෙන මිනිස් රංචුවක් ඇයව වට කරගන්නවා. පියුමි ඒ සියලු පිරිමි පීඩන දරා ගනිමින් ඇය කැමති දේ කළා. වරදක් නොකර විඳින සුවිසල් ජනතා අපවාද අතර හිනාවෙවී ජීවත්වෙනවා කියන්නෙ ලේසි නැති වැඩක්. දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් විදිහට ඒක හිතාගන්න බැරි තරම්.
මෑතකදි කාන්තාවන්ගේ සුරතාන්තය ගැන කතා කරන්න ඉතාම ප්‍රබුද්ධ සමාජ කතිකා නියෝජනය කරන කාන්තාවන් කීප දෙනෙකුට මං ආරාධනා කළා. එතනදි එක කාන්තාවක් කියපු කතාවකින් මාව තිගැස්සුනා.
‘මල්ලි, ඉස්කෝලෙට ගියාම අම්මලා එක එක කතන්දර කියනවා මදිවට ටීචර් වෙනම කතා කරලත් අවවාද දෙන්න එනවා. මගේ දුවගෙ අධ්‍යාපනයටත් ඒක බලපානවා’
ඇය මගේ ආරාධනාව වේදනාවෙන් බැහැර කළා. සදාචාරය කියන්නෙ ඒ වගේ බලහත්කාරයක්.
පියුමි තමන්ගේ ආකර්ශනීය විදිහට පිටතට නෙරා ආ දෙෙතාල්, පියයුරු විදහා පාමින් ඇගේ සොඳුරු ගත සළු උනා දමමින් ලංකාවෙ එකම අනුරාගී තරුව වීමේ කිරුළ දරාගෙන හිටියා. පියුමිට කලින් මේ එඩිතර බව තිබුනෙ සුමනා ගෝමස්ට විතරයි.
අවාසනාවට පියුමි එකතු වුනෙත් ඒ කාන්තාවන් අපහාසයට අපහරණයට ලක්කරන සමාජ ධාරාවටමයි. ඒ ඉරාජ්ලා විසින් පවත්වාගෙන ගිය කුහක ලාංකික ප්‍රජාවයි. ඒ අයම තමයි කාන්තාවන්ට සමලිංගිකයන්ට සංක්‍රාන්ති ලිංගිකයන්ට අපවාද අපහාස කරමින් ඒ ජීවිත සමාජීය වශයෙන් පීඩාවට ලක් කරන්නෙත්. පියුමි තමන්ගේ හිතුවක්කාර බවේ ප්‍රතිලාභ පිරිනැමුවෙ ඒ ප්‍රතිගාමී රෝගී මිනිස් රොත්තටමයි.
මං කීපවිටක්ම විවිධ සංවාදවලට පියුමිට ආරාධනා කරලා තියෙනවා. ඒ වඩා නිදහස් සහ විවෘත කතිකාවක් වෙනුවෙන් පියුමිගේ මැදිහත්වීම උදව් කරගන්න. ඒත් ඒ හැම වතාවකම පියුමි ඒ ආරාධනා බැහැර කළා.
තමන් කරමින් ඉන්නෙ මොකක්ද කියන එක ගැන අදහසක් නැතිවීම නිසා එයාට කළ හැකි විසල් දේ වෙනුවට ඉතාම සිල්ලර දේ වෙනුවෙන් දියවී අවසන් වෙන්න නියමිතයි. දැනටත් තමන්ට ලංකාව අත්හැර යන්න උවමනා බව පියුමි කියන්නෙ මේ වෙහෙස නිසාම වෙන්න ඕන.අන්තිමට පියුමි දෙරණට ඇවිත් චතුර එක්ක කරපු සංවාදයෙන් පස්සෙ මං පියුමිව හිතෙන් අත්ඇරලා දැම්මා. එතනදි කිසිම දවසක ඇගෙන් අපේක්ෂා නොකළ තරමෙ දෙබිඩිකමක් විද්‍යාමාන වුනා. තමන්ගේ කොටට ඇඳීමේ නිදහස ගැන කතා කරන අතරෙම පියුමි ටික්ටොක්වල නාකි ඇන්ටිලා නටන එකට හිනාවුනා. ඒක ලැජ්ජා විය යුතු දෙයක් විදිහට කතා කළා. එයාට අනුරාගය සහ විලාසිතා ගැන තිබුනෙ තරුණ වයස එක්ක ගැටගැහුණු පටු අදහසක්. මේ වයසට මේවා කරන්න ඕන කියන එකයි පියුමිගේ දර්ශනය වුනේ. එහෙම නැතුව කැමති කෙනෙකුට, කැමති වයසකදි, කැමති විදිහකට ජීවත් වීමේ අයිතිය තියෙන්න ඕන කියන එක ගැන එයාට කොහෙත්ම හැඟීමක් තිබුනෙ නෑ. හැබැයි සුමනා ගෝමස් කියන නිළියට ඒ නිදහස ගැන වැටහීමක් තිබුන.
යම් අදහසක් එක්ක පාවිච්චි වෙන්න තිබුණු නිරුවතක් අනුරාගයක් හුදු ස්වයං වින්දනමය රූපකායක් විදිහට විතරක් අවසන් වීම අපේ වගේ රටක ඛේදවාචකයක්. ඒ වගේම ලිංගිකත්වය සහ ශෘංගාරය පිළිබඳ තියෙන ගරුත්වය සෞන්දර්ය හෝ බාරගැනීම තවත් පටු කරන්නත් ඒක බලපානවා. ඇත්තටම කාමය වරදවා හැසිරීම කියන්නෙ ඒකට. කාමය හරි සමාජ දේශපාලන අදහසකින් තොරව පාවිච්චි කරන එක.
ඒ මොනවා වුනත් අද අපේ රටේ එකම ශෘංගාර තරුව පියුමි හංසමාලිගේ උපන්දිනය. තමන් කැමති විදිහට ජීවත් වෙන්නත්, තවත් බොහෝ අය වසඟ කරන්නත් පියුමිට ශක්තිය ධෛර්යය ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා. මේ කාන්තාරයක් වගේ රටේ පිරිමි සරතැස නිවන සිසිල් පොදක් වීමේ මහා පින ඇයට තියෙනවා.
චින්තන ධර්මදාස