Tag: featured

  • Pervert’s guide to enjoy Leaks

    Pervert’s guide to enjoy Leaks

    ලීක්වෙන වීඩියෝ කියන්නෙ වෙනම ශෘංගාර කලාපයක්. ඒක වොයෙරිස්ටික් නැත්නම් යතුරු සිදුරෙන් බැලීමේ ආස්වාදය එක්ක සමපාත වෙන දෙයක්. කවුරු කොහොම කිව්වත් නූතනයේ හැම කෙනෙක්ම එකවිට ප්‍රදර්ශනකාමියෙක් සහ නැරඹුම්කාමියෙක් වෙනවා. ඒ කියන්නෙ විපරීතභාවය සාමාන්‍යයක් වෙලා තියෙන්නෙ. ඒ හින්ද තමන් එහෙම නෙමෙයි කියල‍ පෙන්නන්න හදන කුහකයෙක් වෙනවට වඩා එතිකල් විදිහට නැරඹුම්කාමියෙක් වෙන හැටි දැනගන්න එක වැදගත්. නැත්නම් ඒ ආර්ට් එක අපරාධයක් වෙන එකයි සිද්ද වෙන්නෙ.

    ඉතින් මේ කියන්නෙ ඉතාම ආන්දෝලනාත්මක එතිකල් නැරඹුම්කාමියෙකුට උපදෙස්.

    1. ලීක් වීම වැලැක්වීමට නොහැකියි.

    ෆෝන් කැමරාව සොයාගත්තෙම නැරඹුම්/ප්‍රදර්ශනකාමයේ ප්‍රතිඵලයක් විදිහටයි. ඒ නිසා මේ යුගයේ ලීක්වීම යනු ‍නොවැලැක්විය හැකි දෙයක්. ඒ වගේම නැරඹුම්කාමීන්ට ආස්වාදය ලබන්නට නම් ප්‍රදර්ශනකාමීත්වය පැවතිය යුතුමයි. ඒ කියන්නෙ තමන්ගේ ෆෝන් කැමරාව ඉදිරියේ විවිධ අරමුණු වෙනුවෙන් නිරුවත් වීමේ ආස්වාදය පැවතිය යුතුයි. ඒ නිසා ලීක්වීම අපහාසයක්, අපරාධයක් ලෙස සැලකීම කියන්නෙ හොඳ නැරඹුම්කාමියෙකුට නොගැලපෙන දෙයක්.

    1. ලීක් වුනු දේ ගැන ගෞරවය

    ලීක් වීඩියෝව අදාල පුද්ගලයන්ට අවමානයක් විදිහට භාවිතා කිරීම වෙනම සාපරාධී මානසික තත්වයක්. ඒක ශීෂ්ටකරණය  නොවූ වනචාරී ආශාවක ප්‍රතිඵලයක්.  හොඳ නැරඹුම්කාමියෙකුට එය ආස්වාදය ගෙනෙන නිර්මාණයක් වගේමයි. ඒ ප්‍රදර්ශනය කරන අය ගැන ගෞරවයක් හොඳ නැරඹුම්කාමියෙකුට තිබිය යුතුමයි. ඒ නිසා ප්‍රදර්ශනය කළ අය ආරක්ෂා කිරීම නැරඹුම්කාමියාගෙ වගකීමක් වෙනවා.

    1. ෂෙයාර් නොකර ඉන්න බැරි එක ඇත්ත.

    එවන් වීඩියෝවක් තමන් රස විඳීමෙන් පසුව තවත් කිට්ටු මිතුරන් සමග ෂෙයාර් කිරීමත් ස්වභාවික දෙයක්. ඒක නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් තමන් අඳුරන්නෙවත් නැති සමාජ මාධ්‍ය හරහා එය ප්‍රසිද්ධ කිරීම හොඳ දෙයක් නෙමෙයි. එයින් සිදුකරන්නෙ ඒ වීඩියෝවෙ ආස්වාදය ලැබීම වෙනුවට එය නිර්මාණය කළ අයව අපහසුතාවයට පත්කිරීමයි. ඒක යහපත් නැරඹුම්කාමියෙකුගේ හැසිරීමක් නොවේ.

    1. තමන් යහපත්බව ප්‍රදර්ශනය කරන්න යාම වරදක්.

    කෙනෙකුගේ අවසරයකින් තොරව ඒ අයගේ නිරුවත් දර්ශනයක් නැරඹීම වරදක්. ඒ නිසා එවන් ලීක් වීඩියෝවක් නරඹන හැම කෙනෙකුම කරන්නෙ වරදක්. ඒ වරදකාරීත්වය පිළිගන්න. ඒ වෙනුවෙන් එම වීඩියෝවෙ සිටින අයට කෘතඥ වන්න. ඒ අය ගැන විවිධ දේ කියමින්, විවිධ ප්‍රචාර යවමින් තමන් සුද්දවන්තයෙකු ලෙස හැසිරීමට උත්සාහ ගැනීම හොඳ නැරඹුම්කාමියෙකුට තරම් නොවේ.

    1. ලීක්වුනු අය‍ගේ පුද්ගලිකත්වයට ගරු කරන්න.

    ලීක්වීමක් කියන්නෙ එහි ප්‍රදර්ශනය වෙන පුද්ගලයාට විශාල අපහසුතාවයක්, සමාජ ආතතියක් ඇති කරවන තත්වයක්. ඒ ගැන සවිඥාණක වෙන්න. ඒ පුද්ගලයාගේ පුද්ගලික ජීවිතයට එබෙන්න උත්සාහ ගන්න එපා. තවත් එක් නැරඹුම්කාමී අත්දැකීමක් හැටියෙන් එය විඳ අවසන් කරන්න. එහි ඇලීගැලී නොඉන්න. ඒ අදාල පුද්ගලයාගේ සාමාන්‍ය ජීවිතය ඉන් මතුවටත් සාමාන්‍ය පරිදිම පවත්වාගෙන යාමට ඔබට කළ හැකි නිහඩවීම සිදු කරන්න.

    මෙන්න මේ පංච ආචාර ධර්මයන් පුහුණු කළහොත් ඔබට එතිකල් නැරඹුම්කාමියෙක් වෙන්න පුළුවන්. ඒක සුන්දර ශෘංගාර අත්දැකීමක් කරගන්න පුළුවන්. නැත්නම් ඔබ මෙම ශෘංගාර කලාපයට නොගැලපෙන සාපරාධී මනසක් ඇති අශිෂ්ටයෙක් හැටියෙන් පිලිගන්න සිදුවෙනවා.

  • ගණිකා වෘත්තියේ උරුමය සහ කරුමය

    ගණිකා වෘත්තියේ උරුමය සහ කරුමය

    ඊයෙ අනීෂා ජයකොඩිගෙ ‘ගෙලාන්’ පොත එලිදැක්වීම පදනම් ආයතනයේ තිබුන. ගෙලාන් කියන්නෙ සිංගප්පූරුවෙ රතු වීදිය. ගණිකාවන්ගේ අඩවිය. අනීෂා සිංගප්පූරුවෙ මුනගැහුනු ගණිකාවන්ගේ ජීවිත ගැන කතන්දර ගෙලාන් පොතේ තියෙනවා. ඉතිං ඒ පොත එළියට එන දවසෙ අදහස් දැක්වීමකට මටත් කතා කළා. මායි, මොහාන් රාජ් මඩවලයි, මිලින්ද රාජපක්ෂයි, හිටපු පොලිස්පති ප්‍රියන්ත ජය‍කොඩි, මයුරි ලියනගේ, සහ උදය දේවාමුල්ල අදහස් දක්වන්න ඇවිත් හිටියා.

    ගණිකාවන් වෙනුවෙන් සිද්ද වෙන වැඩක් හින්දම ඒ ගැන ම‍ගේ ලොකු උවමනාවක් උනන්දුවක් තිබුන. ඒ හින්දම ඒ වෘත්තියේ ඉතිහාසය පදනම් කරගෙන මගේ අදහස් දැක්වීම කරන්නයි මං සූදානමෙන් හිටියෙ. නමුත් අවාසනාවන්ත විදිහට කාලය අවහිර වුනා. අවසන් කතාව හින්දම සියල්ල සංක්ෂිප්ත කරන්න සිද්ද වුනා.

    කතාව කෙටි වුනත් ඒ වෙනුවෙන් වූ සුදානම දිගු එකක් නිසාම ගණිකා වෘත්තියේ ඉතිහාසය ගැනත්, එය අද ඇති තත්වය දක්වා පරිණාමය වූ හැටි ගැනත් ලිපියක් විදිහට ලියා තබන්න කල්පනා කළා.

    රටක දියුණුව මනින්න පුළුවන් වැදගත්ම කාරණයක් තමයි ඒ රටේ ආශාව සංවිධානය වෙලා තියෙන ආකාරය නිරීක්ෂණය කරන එක. ඒ කියන්නෙ ආශාවන් තෘප්තිමත් කරමින් නිදහස් කරගන්නා දිශාවටද නැත්නම් තහනම් කරමින් සඟවාගන්නා දිශාවටද සමාජ සම්බන්ධතා සකස් වෙලා තියෙන්නෙ කියන එක. එහෙම ආශාවන් නිදහස් කිරීම පෙරදැරි කරගන්නා සමාජයන් නිරෝගී වෙන අතරෙ ආශාවන් තහනම් කරන සමාජයන් ප්‍රචන්ඩ වෙනවා.

    දැන් හැමදේම නිවැරදි කරගෙන යන ට්‍රෙන්ඩ් එකත් එක්ක ගොඩක් අය ගණිකාව කියන වචනෙ අවුල්, ඒ වෙනුවට ලිංගික ශ්‍රමික කියන වචනෙ පාවිච්චි කරමු කියලා යෝජනා කරනවා. මං කැමති ගණිකාව කියන වචනෙ පාවිච්චි කරන්න. ඒ වචනෙට අදාල ගෞරවය නැවත කැඳවන්න.

    ඉන්දියාවෙ ගණිකා කියලා හැඳින්නුවෙ ඉතා ධනවත් නිදහස් කාන්තාවන්. ඒ අය නිකංම ශ්‍රමිකයන් නෙමෙයි. ඒ අය සූසැට කලාවන් ඉගෙන ගෙන තිබුනා. අපි අද දන්නා, නැටුම්, සංගීත, සිත්තම්, ගෙත්තම් ආදී සියලු කලාවන් මේ ගණිකාවන්ගේ විෂය නිර්දේශයට අයිති වුනා. ගණිකාවන් කියන්නෙ උසස් ප්‍රභූන් ඇසුරු කළ, කිසිදු පිරිමියෙක් යටතේ වාසය නොකළ, නිර්මාණාත්මක කාන්තාවන්ට. ඒ අය සමග රමණය කියන්නෙ හුදු ලිංගේන්ද්‍රිය තෘප්තිමත් කිරීමක් නෙමෙයි. ඒක ආත්මය සංතර්පනය කිරීමක් වුනා.

    මේ ලිපියෙ දක්වන කරුණුවල‍ට පදනම් වෙන්නෙ බ්‍රයන් සේඩි විසින් රචිත ‘ඩික්‍රිමිනලයිස්ඩ් ප්‍රොස්ටිටියුෂන් කියන පොතයි. ඒ පොත සේඩි විසින් පටන් ගන්නෙ මේ විදිහෙ උපුටා දැක්වීමකින්.

    ‘ඔබට ගණිකා වෘත්තිය තහනම් කරන්න පුළුවන්. නමුත් ඊ‍‍ට ඇති ජනප්‍රියතාවය සුළුවෙන් හෝ අඩු කරන්න ඔබට බෑ’.

    ලෝකෙ පරණම රැකියාව කියන්නෙ ගණිකා වෘත්තිය. ඒත් මේක නිවැරදි කතාවක් නෙමෙයි. නමුක් ඇත්ත කතාව වෙන්නෙ ඉතිහාසය ලියන ලද අය විසින් ගණිකාවන් බොහෝ විට අමතක කර දමා තිබීමයි. ඒ නිසා ගණිකා වෘත්තිය ලෝකයේ පැරණිතම රැකියා ගණයට වැටෙන නමුත් ඒ පිළිබඳ ලේඛනගත වීමක් අපිට හුනගැහෙන්නෙ ක්‍රි. පූ 2400දි විතර. ඒ සුමේරියාවෙන්. 

    ගණිකා වෘත්තිය කියන්නෙ උත්තරීතර රැකියාවක්. සමහර විට ලෝකයේ උත්තරීතරම රැකියාව කියල අපිට කියන්න පුළුවන්. ගණිකාවක් කරන්නෙ තමන් වෙත පැමිණෙන කෙනෙකුට නිවීම ලබා දීම. ආස්වාදය ලබා දීම. ඔවුන්ගේ සතුට වෙනුවෙන් තමන්ගේ ශරීරය පරිත්‍යාග කිරීම. ඒ අර්ථයෙන් ගණිකාවක් විසින් කරන්නෙ පූජකයෙක් විසින් කරනවාටත් වඩා එහා ගිය ආධ්‍යාත්මික කර්තව්‍යයක්.

    මේ අර්ථගැන්වීම පසෙකින් තිබුවත් ගණිකා වෘත්තිය ලෝකෙ මුල්කාලීනව පවතින්නෙ පල්ලියත් එක්ක බැඳිලා. ඒ කියන්නෙ දේවස්ථාන ආශ්‍රිතව. ඒකට කියනවා ටෙම්පල් ප්‍රොස්ටිටියුෂන් කියල. කාන්තාවන් දෙවියන් උදෙසා පූජාවක් විදිහට තමන්ගේ ශරීරය පරිත්‍යාග කළා. ඒ අය සමග යහන්ගත වීමෙන් ලැබෙන ප්‍රතිලාභ පල්ලිය විසින් හෝ රජය විසින් ලබා ගත්තා. ගණිකා වෘත්තියේ ආරම්භය සළකුනු වෙන්නෙ ඒ විදිහෙ පූජාවක් හැටියට.

    ක්‍රි.පූ 1800 විතර බැබිලෝනියාවෙ තත්වය ගත්තොත් ගණිකාවන්ට අනෙක් කාන්තාවන්ට නැති විශේෂ අයිතීන් තිබුනා. ඒ අයට පියාගේ දේපොල ලැබීමට, සහෝදරයන්ගේ ඉඩම්වලින් ආදායම් ලැබීමට අයිතිවාසිකම් තිබුන. 

    ඒ වගේම හැම කෙනෙකුටම අනිවාර්යෙන්ම ආරාම ගණිකාවක් විදිහට සේවය කිරීම කරන්න වුනා. පල්ලියෙන් තමයි ගණිකා වෘත්තිය කරගෙන ගියේ. 

    ග්‍රීසියේ සෝලන් රජුගේ කාලයේදී  රාජ්‍ය ගණිකා නිවාස නිර්මාණය වෙනවා. ඒ නිවාස වලින් උපයන  මුදලින් කාමයට, ලිංගිකත්වයට අධිපති  ඇෆ්‍රොඩයිට් දෙවගන වෙනුවෙන් දොවොල් හදනවා. ග්‍රීසියේ ගණිකාවන් කියන්නෙ රජයේ වහලුන් විදිහටයි සැලකුනෙ. ඒ අයට සේවා කළ යුතු ආකාරය ගැන නීති පනවලා තිබුන. වීදිවල සාමාන්‍ය ජනතාවට අවහිර කිරීම තහනම් කරලා තිබුන.  ගෙවල් ඉස්සරහ ඉඳන් හෝ ජනෙල් අද්දර ඉදන් ඒ අය ව්‍යාපාර කළා.

    ග්‍රීසියේ ගණිකාවන්ගේ ස්ථරායනයක් තිබුන. මැද පංතියේ ගණිකාවන් වුනේ නිදහස් ගැහැනුන්. ඒ අය ගණිකා වෘත්තියෙන් මුදල් උපයලා ඒ මුදල් රජයට ගෙවලා  වහල්බවෙන් නිදහස් වුනා. ඒ අය සිංදු කිව්වා, නැටුවා. මිනිස්සු සතුටු කළා.

    මැද පංතියෙන් තව ඉහලට යන්න පුළුවන්කමක් ග්‍රීසියෙ තිබුනා. එතනින්  ඉහල පාංතික ගණිකාවක් වෙන්න කෙනෙකුට පුළුවන්. එහෙම අයට කියනවා කෝර්ටිසාන් කෙනෙක් කියල. මේ අය ඇසුරු කලේ ප්‍රභූන්. ඉහළ ධනවතුන්. මේ තත්වයට පත්වෙන්න නම් ගණිකාවකට පෙනුම පමණක් ප්‍රමාණවත් වුනේ නෑ. යහන්ගත වීම පමණක් ප්‍රමාණවත් වුනේ නෑ. ඒ අයට සෑහෙන බුද්ධි පරිචයක් ලබාගන්න සිද්ද වුනා. ඒ වගේම පුද්ගල ඇසුර පිළිබඳ, සමාජය පිළිබඳ දක්ෂතාවලින් පරිපූර්ණ වෙන්න සිද්ද වුනා. කෝර්ටිසාන් කෙනෙකුගේ ඇසුරේදි ඒ ප්‍රභූන් ඉහළ මට්ටමේ සංවාද අප‍ේක්ෂා කළා. ඒ අය එක්ක කාලය ගත කිරීමෙන් ගත පමණක් නෙමෙයි බුද්ධියත් පුබුදුවා ගැනීම අරමුණු කළා. මහා ඇලෙක්සැන්ඩර්ට හිටියා හෙටේරා කියලා ඉහළ පාංතික ගණිකාවක්. එයා ඇලෙක්සැන්ඩර්ට යුද උපදෙස් පවා දුන්නා. ඇලෙක්සැන්ඩර් විසින් ඇතැම් නගර ගිනිබත් කලේ හෙට්රාගේ උපදෙස් අනුවයි.

    ප්‍රොස්ටිටියුට් කියලා ඉංග්‍රීසියෙන් ගණිකාව හඳුන්වන්නට යෙදෙන වචනයේ ලතින් තේරුම වෙන්නෙ විකිනීම සඳහා ඇති, නැත්නම් මහජනයාට විවෘත වූ වගේ අදහසක්. 

    රෝමානු කාලෙදි ගණිකා වෘත්තිය තමයි  නිදහස් ගැහැණියකට මුදල් උපයා ජීවත් විය හැකි එකම ක්‍රමය වුනේ. ඒ  කාලෙදි ගණිකාවන්  සමාජයෙන් පහත් කොට සැලකීමකුත් තිබුන. නමුත් අප්‍රේල් මාසයේ ෆ්ලෝරියා සමයෙදි මේ අයව සාදරයෙන් පිලිගත්තා ෆ්ලෝරියා කියන්නෙ සමෘද්ධියේ උත්සවය. අපි  වසන්ත මංගල්‍යය කියන්නෙත් මීට සමාන උත්සවයකට. ෆ්ලෝරියා උලෙලේදී ගණිකාවන් ග්ලැඩියේටර් ලා එක්ක බොරු සටන්වල යෙදෙමින් ජනතාව ආස්වාදයටත් විනෝදයටත් පත් කළා.

    ගණිකා වෘත්තිය යමෙක් විසින් ප්‍රමෝට් කලොත් අද වුනත් සමාජය ඒක කොයි ආකාරයකින් බාරගනීවිද? අනිවාර්යෙන් අවි අමෝරාගෙන ඒවි.

    නමුත්  මාර්කස් පෝර්සියස් කේටෝ කියන රෝම අධිරාජයා ගණිකා වෘත්තිය ප්‍රමෝට් කළා. එයා මෙහෙම කිව්වා ක්‍රි. පූ 60දි.

    ‘ කවුරු හරි හිතනවා නම් තරුණයන්ට ගණිකාවන්ගේ ඇසුර තහනම් කළ යුතුයි කියල ඒ කෙනා අපේ කාලයේ ඇති නිදහස පිළිබද දැනීමක් නැති කෙනෙක්. අපේ මුතුන්මිත්තන්ගේ සම්ප්‍රදායන් සමග ගැලපෙන්නෙ නැති කෙනෙක්. ගණිකා වෘත්තිය සාමාන්‍ය දෙයක් නොවූ කාලයක් තිබුනෙ නෑ. කොයි කාලෙද මේවා තහනම් කලේ? ගණිකා සේවනය කියන්නෙ මිනිසුන් බුක්ති විඳින  නීත්‍යානුකූල වරප්‍රසාදයක්’

    ආර්තිකය පිරිහෙනවත් එක්ක රෝමයේ කුප්‍රකට කලිගියුලා තමයි ගණිකාවන්ගෙන් මුලින්ම බදු අය කරන්න පටන් ගන්නෙ. ඒක එයා කරන්නෙ ගණිකාවන් ලබන ආදායම මත නෙමෙයි. නූතන පිම්ප් ලාගේ ක්‍රමයට. ලැබෙන ගාන මොකක් වුනත් එයාට ෆ්ලැට් ගානක් නියම වෙලා තිබුන.

    කලිගියුලා එයාගෙ මාලිගාවෙම ගණිකා නිවාසයක් හදලා ලොකු නිලධාරීන්ගේ බිරින්දෑවරුන්ට සහ දූවරුන්ට  ඒකෙ වැඩ කරන්න කියලා අණ කළා.

    ඔන්න ඊට කාලෙකට පස්සෙ ගණිකා නිවාස පරිපාලනය කරන රාජ්‍ය  නිලධාරීන් පත්වෙනවා. ඒක රජයේ කර්මාන්තයක් විදිහට පවතින්න ගන්නවා. ගණිකා නිවාස පිලිගත්තා විතරක් නෙමෙයි රජයෙන් හෝ ආගමික ආයතනවලින් ඒවා පවත්වාගෙන ගියා. එහෙම තමයි පැරණි සමාජයේ ගණිකා වෘත්තිය ස්ථාපනය වෙලා තිබුනෙ.

    ක්‍රි.ව 6 වෙනි සියවසේදි ස්පාඤ්ඤයේ රජු ගණිකා වෘත්තිය පළවෙනි වතාවට  තහනම් කරනවා. ගණිකා සේවය ලබාදීලා අහුවුනොත් කෝටු පාර 300ක් දීලා නගරයෙන් පිටමං කරනවා.  තව රජවරුන් උත්සාහ කළා ගණිකා වෘත්තිය නතර කරන්න. කොයිතරම් දරුනු දඩුවම් දුන්නත් සමාජයෙන්  ‍මේ අවශ්‍යතාවය නැති කරන්න කිසි කෙනෙකුට බැරි වුනා.

    එක පාලකයෙක් ගණිකාවන්ගේ නාහය කපා දැමුවා. ඔවුන් සමග සොල්දාදුවෙක් හිටියොත් ඔහුගේ  ඇගිලි කැපුවා. තව රජෙක් ගණිකා වෘත්තියේ යෙදී හසුවන කෙනෙක් ඇඳිවත පවා නැතිව රටෙන්  පිටමං කළා. ගණිකා නිවාස බිමට සමතලා කළා. 

    ඒත් සුවහසක් පිරිමින්ගේ ගත් සිත් නිවාලමින් ගණිකාවන් ජීවත් වුනා.

    තව පැත්තකින් මේවාට ඉඩදුන්නු ප්‍රදේශ තිබුනා. ප්‍රංශය සහ වැනීසිය උදාහරණ. වැනීසියේ කවුන්සිලය විශ්වාස කළා ගණිකා වෘත්තිය නැතුව ලෝකයට පවතින්න බෑ කියල. ඒ අය රතු වීදි නිර්මාණය කරලා දුන්නා. ගණිකා නිවාස වලට පොලිස් ආරක්ෂාව ලබා දුන්නා. ගණිකාවන් නිසා රටේ සමලිංගිකත්වය අඩුවෙලා යනවා කියල ඔවුන් විශ්වාස කළා.

    පල්ලියෙන් ලෝකය පුරාම ගණිකා වෘත්තිය ප්‍රතික්ෂේප කරන්න කලින් බොහෝ කාලයක් මේ වෘත්තිය අත්‍යාවශ්‍ය දෙයක් වශයෙන් නගරවල  පැවතුනා. පිරිමි ආශාව වෙනුවෙන් මේ වෘත්තිය පැවතිය යුතුයි කියල විශ්වාස කළා. මෑත පල්ලිය එහෙම වුනත් ලිංගිකත්වය සම්බන්ධ  පල්ලියේ දැක්ම නිදහස් කාලයකුත් තිබුන.

    සාන්ත ඇක්වයිනාස් කිව්වා,  නගරයක ගණිකා වෘත්තිය හරියට මාලිගාවක වැසිකිලිය වගේ කියල. ඒවා නැති කලොත් මාලිගාව ගඳ ගහලාථ විෂ වායු පිරිලා  බිඳවැටෙනවා. 

    සාන්ත ඔගස්ටින් කියනවා ලස්සන කතාවක්.

    ‘ගණිකා වෘත්තිය තහනම් කලොත් කාමය විසින් සියල්ල දූෂණය කරනු ඇත’ 

    10 වෙනි සියවසේ පල්ලිවල ප්‍රතිපත්ති වලට කිව්වෙ පෝර්නොක්‍රසි කියල. ඒවා ඒ තරම් අසභ්‍යයි.  සමහර පූජකයන්ට ගණිකා නිවාස තිබුනා. 

    එහෙම පල්ලිය නැති කරන්නෙ මාර්ටින් ලූතර් කිං සහ ජෝන් කැල්වින්. ඒ ප්‍රොතෙස්තන්ත ආගම හරහා. මේ අය ගණිකා වෘත්තියට සහ විවාහයට පෙර ලිංගික ඇසුරට කියන දෙකටම විරුද්ධ වෙනවා.

    මේ විදිහට ටිකෙන් ටික  කන්සවේටිව් තත්වයන් වර්ධනය වෙන්න පටන් ගත්තා. යුරෝපයේ 1්‍ර5 සියවසේදී සියල්ල කණපිට හැරුනා. ඒ  සිෆිලිස් හින්ද. සියවසක් යනකල් සිෆිලිස්වලට බෙහෙත් හොයාගන්න බැරි වුනා. ඒ හින්ද මැකුවොත් හිරේ වගේ තත්වයක් උදාවුනා.

    ගණිකා නිවාස වැහුනා. ප්‍රොතෙස්තන්ත සහෝදරත්වයෙන් කණ්ඩායම්  පාරට බැහැලා රාත්‍රියේ ගැහැනුන් ගැන්ග් රේප් කරන්න ගත්තා. ‘වේසි’ කියලා කෑ ගැහුවොත් ගැහැණියකට ඕනම දෙයක් කරන්න ඔවුන්ට  ඉඩ තිබුන

    පියුරිටන් ඇමරිකාවෙ මුලින්ම ගණිකාවක් වධයට පමුනුවන්නෙ 1673. පාර දිගේ යන ගමන් ඕනම කෙනෙකුට ඇයව දූෂණය කරන්න ඉඩ දුන්නා. මේ මොන දේ කළත්  ගණිකා වෘත්තියට ඇති ඉල්ලුම තව තවත් වැඩිවුනා.

    ඇමරිකාවෙ වයිට්හවුස් එක හදද්දිත් ඒ වැඩ කරපු අයට යන්න ළගම ගනිකා නිවාසයක් තිබුනා. ඒකෙ ඔවුන්ට  බොන්න සූදු කෙලින්න පුළුවන් වුනා. නමුත් වැඩ නොකර ‍කම්කරුවො  එතනට යන්න ගත්ත නිසා ඒක වහලා දැම්මා.

    යුද්ධවලට යද්දි සොල්දාදුවො එක්ක ගණිකාවො ගියා. රත්තරං හොයාගෙන ආපු පතල්කාරයොත් එක්ක ගණිකාවො ආවා. ඒ තැන්වල ඔවුන් නතර වෙලා ඔවුන්ගේ සේවය ලබා දුන්නා.

    ඇමරිකානු සිවිල් යුද්ද කාලෙදි කොන්ඩම් තිබුනත් සමාජරෝග  බෝවෙන්න ගත්තා. ඒ කාලෙ තිබුනු  බැටළු අතුනුබහන්වලින් තැනූ කොන්ඩම්වලින් වැඩක් වුනේ නෑ. 

    ඊට පස්සෙ ක්ලබ් සංස්කෘතිය පැතිරෙන්න පටන් ගත්තා. ඒවාට ඩාන්ස් ගර්ල්ස්ලා ආවා. මේ ඩාන්ස් ගර්ල්ස්ලා අනුරාග නැටුම්වලට අමතරව ගණිකා සේවයත් සපයන්න ගත්තා. මේ අය නිසා ක්ලබ්වලට බිස්නස් වැඩි වුනා.

    ගණිකා වෘත්තියේ ඉතිහාසය ගැන පොතක් ලියනවා විලියම් සැන්ගර් 1858දි.  එයා වෛද්‍යවරයෙක්. එයා කාන්තාවන් 2000ක් ගැන අධ්‍යයන පදනම් කරගෙන මේ පොත ලියන්නෙ. ඒකෙ එයා කතා කරනවා ගණිකා වෘත්තිය පැවතීමට ඇති හේතු සහ එයින් ඇති වෙන බලපෑම් ගැන. ඒ පොතේ සැන්ගර් විසින් ගැහැණියක් ගණිකාවක් බවට පත්වීමට හේතුවන කාරණා කීපයක් අනාවරණය කරනවා.

    එක කාරණයක් තමයි ආර්ථිකය. මුදල් ඉපැයීම පිණිස කාන්තාවන් මීට යොමුවෙනවා කියන එක. අනෙක් රැකියාවල යෙදීමෙන් ලැබෙන අඩු පඩිය සහ අතවර සැලකීමේදී ගණිකා වෘත්තිය වඩා හොඳ තෝරාගැනීමක් වූ බව සැන්ගර් කියනවා. 

    ඒ වගේම මේ වෘත්තිය හරහා කාන්තාවන් ස්වාධීනත්වයක් අත්පත් කරගත් බවත් කියනවා. විශේෂයෙන් අසාර්ථක විවාහයන්ගෙන් සහ පීඩාකාරී පවුල්වලින් පැනයන ගැහැණුන් තමන්ගේ ජීවිතය තනිව ගොඩනගා ගන්න ගණිකා වෘත්තියට යොමුවීම ගැන පැහැදිලි කරනවා. ඒ වගේම ලුතර් කිං සහ කැල්වින්ගේ ප්‍රොතෙස්තන්ත ආචාර ධර්ම අනුව විවාහයට පෙර ලිංගික සම්බන්ධතා පැවැත්වීමෙන් පාපී වූ ගැහැණුන් විවාහයකට නුසුදුසු යැයි සමාජයෙන් සැලකීම නිසාත් ගණිකා වෘත්තියට යොමු වූ අවස්ථා සැන්ගර් විසින් පෙන්වා දෙනවා.

    ලංකාවෙ අමද්‍යප ව්‍යාපාරය වගේ ඇමරිකාවෙ ගණිකා විරෝධී ව්‍යාපාර ඇතිවෙනවා 20 වෙනි සියවසේදි. ආගමික කණ්ඩායම් පල්ලිවල බලය එක්ක දේශපාලනයට බලපෑම් කරනවා 

    නමුත් තාක්ෂණය එක්ක ගණිකා වෘත්තිය පිමි පනිනවා. මේ වෙද්දි ඔන්ලි ෆෑන් වගේ ප්ලැට්ෆෝම් හරහා ගණිකා වෘත්තිය සියලු සීමා මායිම්  බිඳහෙලමින් මිනිස් තෘප්තිය පොම්ප කරන්න පටන් අරගෙන තියෙනවා. සෑම ආකාරයකම ආශාවක් සංතර්පනය කළ හැකි ආකාරයේ ‍වේදිකාවන් නිර්මාණය වෙනවා. ඒ අතරම කාන්තාවකගේ ආරක්ෂාව සහ ස්වාධීනත්වය කියන කාරණා මේ තාක්ෂණය නිසාම තව තවත් ශක්තිමත් වෙමින් පවතිනවා.

    මේ වෙද්දි ඕනම කෙනෙකුට පුළුවන් ගණිකාවක් හැටියට හොඳ ආදායමක් උපයාගන්න. නමුත් එකල ගණිකාවක් සතුව තිබූ අනෙක් කුසලතාවයන් මෙකල දකින්න නෑ. සංවාදයට සුදුසු, විවිධ විෂයන් ගැන දැනුමැති, ඉන්ද්‍රිය සංතර්පනයේ ශික්ෂණය සහ පුහුණුව ලත් ඒ ආධ්‍යාත්මික ගුරුවරියක් බඳු ගණිකාව අහිමි වෙලා තියෙනවා. 

    රටක නීත්‍යානුකූල අවසරය, ගෞරවය, ආරක්ෂාව මේ වෘත්තියට අවශ්‍ය වෙන්නෙ වෙන කිසිවකටත් වඩා ඒ ලෞකික පරමානන්දය කැඳවන උතුම් ගැහැණිය නැවත නිර්මාණය වීමට ඒ අවකාශය අවශ්‍ය නිසායි.


    චින්තන ධර්මදාස

  • පාරාදීසයක තේරුමක් නැති චාරිකාවක්

    පාරාදීසයක තේරුමක් නැති චාරිකාවක්

    ප්‍රසන්නගේ පැරඩයිස් චිත්‍රපටිය බැලුවෙ කොළඹ සිටි සෙන්ටර් එකේ. චිත්‍රපටිය රිලීස් වුන දවසෙ ඉඳන් නොඉවසිල්ලෙන් ඉඳලා පළවෙනි සතියෙම කොහොම හරි බැලුවා. ෆිල්ම් එක පටන් ගනිද්දි මට දැනුනෙ හදවත පිරී යන සතුටක්. ඒ ප්‍රසන්න විතානගේ නැමැති අපේ රටේ සිනමාකරුවා ඉන්දියාවේ මහා සිනමා කර්මාන්තය සමග එකතු වෙමින්, මේ දූපතෙන් එපිට ප්‍රේක්ෂකයන් පවා නරඹන සිනමාවක් නිර්මාණය කළා නේද යන සිතුවිල්ල නිසයි. ප්‍රසන්නගේ මුල්ම චි්‍ත්‍රපටියේ පටන් නරඹමින් ප්‍රසන්නගේ විශිෂ්ට සහ ඒ තරම්ම නොවන නිර්මාණ මතින් ප්‍රසන්න සමගම ආපු ප්‍රේක්ෂකයෙක් විදිහට මේ නිෂ්පාදනය මට දැනුනෙ ලොකු ජයග්‍රහණයක් හැටියට. හුදු සම්මාන සිනමාවෙන් බාහිරව සැබෑ ප්‍රේක්ෂාගාරයක් එක්ක ගනුදෙනු කරන ආසියාතික සිනමාව සමග ප්‍රසන්නගේ අත්වැල් බැඳගැනීම ලංකාවෙ සිනමාවට ඉන්ස්පිරේෂන් එකක්. මං ඔද වැඩුනු ලොකු හුස්මක් එක්ක ලංකාවෙ අසිරිමත් රූප පෙළක් නරඹමින් හිටියා. අපි චිත්‍රපටියක් කරද්දි වියදම් කපාහරින්න අඩු කරන රූප විස්තර සියල්ල සංගෘහිතව දර්ශන නිර්මාණය කරමින් චිත්‍රපටය ගොඩනැගෙන ආරම්භය ආස්වාදනීයයි. ලංකාව ගැන චිත්‍රපටය නරඹන සංචාරකයෙකුට වුනත් ආශක්තභාවයක් ඇති කරනසුලුයි.

    පෙම්වතුන් යුවළක් ලංකාවේ සංචාරය කරන්නෙ අපේ රටේ ආර්ථික බංකොලොත්භාවය ඇතුලෙයි. තෙල් නැතුව, වාහන නැතුව පාරවල්වල අසහනයෙන් රොක්වුනු මිනිස් අහුරුයි. ඒ අතර නෙට්ෆ්ලික්ස් එකට තමන්ගේ චිත්‍රපටය තෝරාගැනීම නිසා සතුටෙන් පිනාගොස් බලාපොරොත්තු උතුරන නව සිනමාකරුවෙක් විදිහට අපිට මේ තරුණයා සම්මුඛ වෙයි.

    නමුත් චිත්‍රපටය ගොඩනැගීමේදී හුදු වාර්තා චිත්‍රපටයකට එහා හැගීමක්, භාවමය සම්බන්ධතාවයක් නිර්මාණය කිරීමට ප්‍රසන්න අපොහොසත් වෙනවා. ඒ කතාවට අවශ්‍ය සියලු අමුද්‍රව්‍ය පසුබිමේ තිබියදී වුනත් ඒවායින් මේ චරිතවල අභ්‍යන්තරය අපිට දනවන්න බැරි වෙනවා. වෙන විදිහකින් කිව්වොත් ඒ චරිතවලට යමක් සිදුවීමෙන් අපව කම්පනය වන තරමෙ බැඳීමක් මේ චරිත සහ ප්‍රේක්ෂකයා අතර ගොඩනගන්න ‍ඒ සිනමාව අසමත් වෙනවා.

    චිත්‍රපටයේ අපට මුනගැහෙන පොලිස් නිලධාරීන්, හොරකමට හසුවන දෙමළ තරුණයන් මේ කිසි කෙනෙක් ගැන අපේ හැගීම්වලට කතා කරන තත්වයන් ගොඩනැගෙන්නෙ නෑ. ඒ වෙනුවට සියල්ල හුදු සිදුවීම් පෙලක් විදිහට විතරක් දිගහැරෙනවා. ලැප්ටොප් එකක්, ෆෝන් එකක් හොයාගෙන එහා මෙහා ඇවිදින සංචාරක දෙපලක්, පොලිස්කාරයො ටිකක් සහ රාමා-සීතා කතාවක් විතරයි අපි ඉස්සරහ තිරය මත තියෙන්නෙ.

    මේ චරිත ගැන අපි ගෙදරින් හැගීම් අරගෙන ආවොත් ඒවා අතුරන්න පුළුවන් කැන්වස් එකක් පැරඩයිස්වල තියෙනවා. නමුත් කෘතිය විසින් ඒ චරිත අභ්‍යන්තරයට අපිව සංවේදී කරන්න කවුළු නිර්මාණය කරන්නෙ නෑ. ඒ කෘතිය ඇතුලෙ මිනිස් ජීවිත හුස්ම ගන්නෙ නෑ. ඒ අයගෙ සන්තානයේ සියුම් උස්පහත් තැන්, සංවේදනාවන් අපිට දැනෙන්නෙ නෑ. කොටින්ම අවශ්‍ය වෙලාවක සමීප රූපයක්වත් අධ්‍යක්ෂවරයා විසින් ලබාදෙන්නෙ නෑ.

    චිත්‍රපටය පුරා දිවෙන රාමා සීතා කතාව හුදු ස්ත්‍රීවාදී ප්‍රකාශනයක් හැටියට චිත්‍රපටියේ පැත්තකින් එල්ලී තියෙනවා. මේ පෙම්වතිය සහ පෙම්වතා අතර නොරිස්සීමක් තිබුනත් එය තැන තැන සුළු දෙබසකින් එහාට ගැඹුරු කරන්න පිටපත සමත් වෙන්නෙ නෑ. සිදුවීම් සිද්ද වෙනවා, අපි පිටස්තරව බලාගෙන ඉන්නවා. තමන්ට ලැබුනු වි්‍ශාල අවස්ථාවක් නිසි විදිහට පාවිච්චි කර නොගත්තා වගේ හැගීමකින් මට අධ්‍යක්ෂවරයා ගැන දුකක් ඇති වුනා.

    රංගනයේදී අන් සියලු චරිතවල පවතින මතුපිට ගතිය ඉක්මවා ගිහින් යම් මිනිස් ගැඹුරක් ස්පර්ශ කරන්නෙ ශ්‍යාම් ප්‍රනාන්දු විතරයි. ඒ ඔහු විසින් චරිතය ඇතුලෙ නිර්මාණය කරගන්නා ඉස්පාසුව සහ රිද්මය නිසයි. ඉන්දියානු නළු නිළි දෙපල මෙන්ම පොලිස් නිලධාරියෙකුගේ චරිතය කරන අපේ විශිෂ්ට නළුවෙක් වන මහේන්ද්‍ර පෙරේරා පවා මතුපිට රංගනයක පමණක් යෙදෙනවා කියන එකයි මගේ අදහස. ඒ පිටපත විසින් ඊට වඩා ගැඹුරක් ඒ චරිතවලට ලබා නොදීම නිසයි. සිද්ධිවාචකයට එහා ගිය පැවැත්ම පිළිබඳ දනවන රූපයක් හෝ ඒ අය වෙත යොමු නොවීම නිසයි. පොලිසියේදී පහර කෑමෙන් මිය යන දෙමළ තරුණයා ගැන පවා අපේ ඇසට කඳුලක් උනන යමක් තිරය මත නිර්මාණය වෙන්නෙ නෑ. එය හුදු සිදුවීමක් විතරයි.

    චිත්‍රපටයේ අවසානය ලොකු හිස්තැනක්. එය අහම්බයකට එහා යන්නේ අපි ස්ත්‍රිය ගැන ඇති අපේ කියවීම් ගෙනැවිත් කෘතිය මත ඇතිරුවොත් විතරයි. එය ස්ත්‍රිය විසින් අප්‍රකාශිතව තමන් තුල එකතු වුනු නොරිස්සීම, පිළිකුල අවිඥානකව පහකර ගැනීමක් යනුවෙන් විචාරකයෙකුට කියන්න පුළුවන්. නමුත් ඒ කෘතිය තුල එවැනි ගොඩනැගීමක් නෑ.

    මේ විදිහට විසිරුනු සිදුවීම් පෙලක්, හැගීම්වලට පෙරලන්නට, චරිත තුලට අවශෝෂණය කරන්නට අසමත්ව, හිස් ප්‍රකාශනයක් ලෙස අතරමග පවතින කෘතියක් විදිහටයි මට පැරඩයිස් චිත්‍රපටිය දැනුනෙ. එය සියලු ආකාරවලින් අපේ සිනමාවේ විශාල ඉදිරි පිම්මක් වුනත් නිර්මාණාත්මකභාවය අතින් ඒ පිම්මට සරිලන කෘතියක් නෙමෙයි.

    පැරඩයිස් චිත්‍රපටය නැරඹීම වෙනස් අත්දැකීමක්. රූප, ශබ්ද, දර්ශනතල සියල්ල සුන්දර සිනමාවක්. අනිවාර්යෙන් ලංකාවෙ ප්‍රේක්ෂකයෙක් විසින් නැරඹිය යුතු කෘතියක්. නමුත් හරියට පත්තු නොවුනු අහස්කුන්ඩුවක්.


    චින්තන ධර්මදාස

  • රතු කොම්රාදුවා දුටු විකාර සිහිනය

    රතු කොම්රාදුවා දුටු විකාර සිහිනය

    සුදත් මහදිවුල්වැව ගෙ රතු සහෝදරයා චිත්‍රපටය ගැන මගේ අදහස් ලියන එක මං ප්‍රමාද කළා. ඊට හේතුව විදර්ශන එයාගෙ දේශනයක කියනවා වගේම මගේ අදහස් විසින් සුදත්ගේ වැඩේට යම් අගතියක් කරයිද යන සිතුවිල්ල. ඒක පදනම් වෙන්නෙ හුදු සුදත් එක්ක මගේ තියෙන මිත්‍රත්වය මත නෙමෙයි. ඒ වෙනුවට සුදත් සිනමාවට දක්වන අනුරාගය මතයි. ඒ චිත්‍රපටය සුදත් විසින් විශ්වාස කළ තරමට යම් ගෞරවයක් මගේ තිබුන. ඒ චිත්‍රපටය සිනමාවක් හෝ අන් කවරක් හෝ වෙනවාට වඩා සුදත්ගේ අවංක ප්‍රකාශනයක් කියන එක මං සමීපව දැක්කා.

    සුදත් මේ චිත්‍රපටයට එළඹෙන්නෙ විශාල වේදනාවක් එක්කයි. ඒ අශෝක හඳගම විසින් තමන්ගේ තිර පිටපත හොරකම් කළා කියන විඳවීමත් එක්කයි. ඒක ඒ ආකාරයෙන්ම සත්‍යයක් වෙනවාට වඩා සුදත්ට ඒ සිදුවීම පෙනෙන ආකාරය වෙන්න පුළුවන්. කොහොම නමුත් තමන් විසින් අවුරුදු ගණනාවක් වැඩ කරමින් හිටපු මනෝරාණී තේමාව හඳයා විසින් අත්පත් කරගැනීම සුදත්ගේ නිර්මාණ ජීවිතයට ලොකු තුවාල ඇති කරන්නක් වුනා.

    ඒ වේදනාව, බිඳවැටීම ගැන ප්‍රකාශනයක් විදිහටයි ‘මයි රෙඩ් කොම්රේඩ්’ කියන කෙටි භූගත අත්දැකීම තිරයට එන්නෙ. ඒක දවස් හතරක් වැනි කෙටි කාලයක් තුල සුදත් විසින් කරන සිනමා අභ්‍යාසයක්. අවුරුදු දා හතකට පස්සෙ සුදත් ආපහු ‘නෝ බජට්’ සිනමාවෙන් කතා කරනවා. නිර්මාණකරුවෙක් තමන්ගේ වේදනාව, පශ්චාත්තාපය තමන්ගේ සිනමාවෙන් පිටකිරීමට මං ආදරෙයි. එතනදි මං ඒ නිර්මාණය සහ නිර්මාණකරුවාගේ වේදනාව අතර තැනක නරඹන්නෙක් වෙනවා.

    සුදත්ගේ චිත්‍රපටයේ ප්‍රධාන දුර්වලතා දෙකක් තියෙනවා. එකක් තිර පිටපත. තිර පිටපත විසින් ඒ කෘතියේ ජීවත්වන චරිත දෙකට ජීවිතයක් නිර්මාණය කරලා දීලා නෑ. ඒ හින්ද ඒ අයට රඟපාන්න පාදකයක් නෑ. කෘතිය හුදු වැහැරීමක් බවට පත්වෙනවා. එකිනෙක දෙබස් මත ගෙවෙන චරිත ගොඩ නොනැගෙන හිස්කමකට අහුවෙනවා.
    දෙවෙනි දුර්වලතාවය සකසුරුවමයි. ඉතාම මැනවින් සැලසුම් කරන්න සිදුවීම නිසාම කෘතිය උපරිම පාලනයට ලක්වුනු ස්වභාවයක් ගන්නවා. හුස්ම ගන්න ඉඩකඩ ඇහිරෙනවා. ඒක නිර්මාණය බලෙන් හික්මවීමක් මිරිකීමක් බවට පත්වෙන නිසා අතිරික්තය අහිමි වෙනවා. ඒ කියන්නෙ පිටපතට වැඩිය එකතු වෙන මැජික් එක.

    මේ දුර්වලතා දෙක හැරුනම චිත්‍රපටය සිනමාත්මකව පොහොසත්. කැමරාව ඉතා දක්ෂ විදිහට අතිශය කුඩා පරිසරයක විවිධත්වයන් මවනවා. සංස්කරණය විසින් ඊට අදාල රිද්මය ගොඩනගනවා. සංගීතය චිත්‍රපටයේ මිස් වුනු හැගීම් දනවන්න ලොකු කාර්යභාරයක් කරනවා. තරින්දි චරිතයක් නැති පිටපතක චරිතයක් මවන්න සෑහෙන වෑයමක් ගන්නවා. ආසිරි දක්ෂයෙක් වුනත් මෙතන රංගනයේදි අසමත් වෙනවා.

    සිනමාව යනු කුමක්ද කියන ප්‍රශ්නය මට නෑ. ඒ හින්ද මං හැමතිස්සෙම උනන්දු වෙන්නෙ තිරය මත පතිත දෙය විසින් මාව උත්තේජනය කරනු ලබන්නේ කෙසේද කියන කාරණයටයි. එතනදි ලංකාවෙ මොනම චිත්‍රපටයක් වුනත් මට පොසිටිව් අත්දැකීමක්. ලාභයක් ඉපැයීම අතිශය අමාරු කලාපයක කවුරුන් හෝ කරන වික්‍රමයක්.

    සුදත්ගේ චිත්‍රපටයේ තියෙනවා රතු සහෝදරවරුන්ගේ හීනයක්. ඒ හීනෙ අරං ඇවිදින රතු සහෝදරවරු ඕනතරං මට මුනගැහිලා තියෙනවා. මුලින්ම මං මේ හීනය ගැන තේරුම් ගත්තෙ මංජුල වෙඩිවර්ධනගෙන්. ඒක ෆැන්ටසියක්. ඒ ෆැන්ටසිය සුදත් මේ බිත්ති හතරෙ සිනමාවට අරං ඇවිත් තියෙනවා.

    විප්ලවයක් නැතත් බිම්ගතව රුසියානු වීරයන්ගෙ පෝස්ටර් අතර ජීවත් වෙන, රාජ්‍ය රහස් ලුහුබඳින, දිගු රැවුල් කොන්ඩා වැවුනු අපිස් ජීවිතයක්. කවුරුන් හෝ නිතර තමන් ලුහුබඳිනවා යන සිතුවිල්ලෙන් බියපත් මනසක්. විප්ලවීය අනුහස ඇති සුන්දර යුවතියක් ඒ බිම්ගෙට පැමිණ තමන්ට සැබෑ මානුෂීය විප්ලවය පසක් කරනු ඇතැයි සිහිනයක්. මේ තමයි සුදත් කියන රතු කොම්රේඩ්.

    ‍මේ චිත්‍රපටියෙ තරින්දි නිරුවත් දර්ශනයකට පෙනී ඉන්නවා. ඒක සිනමාව පැත්තෙන් ලොකු පිම්මක් විදිහටයි මං සලකන්නෙ. ගොඩක් අය කියන්න පුළුවන් ඇඳුම් ගලවන එක ඒ තරම් ලොකු දෙයක්ද කියල. ඔව්, කැමරාවක් ඉස්සරහ ඇඳුම් ගලවන එක ලොකු දෙයක් තමයි. ඒක ලොකු ‘කොස්ට්’ එකක්.

    විශේෂයෙන් ජනප්‍රියත්වයේ ඉහලම තැනක ඉඳිද්දි නිරුවතින් රඟපෑම කියන්නෙ අභිනිෂ්ක්‍රමණයක් වෙන්න පුළුවන්. ඒ අහිංසකාවිය, යහපත් ගැහැණිය කියන සමාජ ප්‍රතිරූපය අත්හරිමින් ‘නිළියක්’ කියන භූමිකාව බාරගන්න එක ලොකු එඩිතර බවක් උවමනා වැඩක්. තරින්දි පවා පස්සෙ මං නිරුවතින් රඟපාන්නෙ නෑ ආදී කතා කියමින් අඩිය පස්සට ගන්න සම්මුඛ සාකච්ඡා මං දැක්කා. ඒ සංස්කෘතික අභියෝගය ලේසි එකක් නෙමෙයි.

    සුදත්ගේ සිනමාව හරහා තරින්දිගේ නිරුවත රතු සහෝදරයෙකුගේ බිම්ගෙයක් ඇතුලෙ සටහන් වීම ලංකාවෙ සිනමාවෙ සළකුනක්. ගාඩි චිත්‍රපටය කරද්දිවත් ප්‍රසන්න විතානගේට ගාඩි නිරුවත් උඩුකයවත් පෙන්නන්න බැරි වුනා. ඒක ප්‍රසන්නගේ අසමත්කමක් නෙමෙයි. ඒ තමයි සංස්කෘතියෙ පීඩනය.

    සුදත් රතු සහෝදරයාගේ කාමරේට වැස්සෙ තෙමීගෙන ඇතුල්වෙන මේ දේවතාවිය හරහා ලංකාවෙ සිනමාවට ‘manic pixie dream girl’ කෙනෙක් හඳුන්වා දෙනවා. ඒ තමයි රතු සහෝදරයන්ගේ ස්ත්‍රී ෆැන්ටසිය. ඇය විටෙක පිහිටක් සොයා එන මංමුලා සමනළියක්, විටෙක අනුරාගයේ අනුහස පතුරන ගණිකාවක්, විටෙක විප්ලවයේ අරුත් පසිඳලන රතු මුනිවරියක්. ඒ හිරු එළිය නොදකින බිම්ගත හුදකලා විප්ලවවාදියා සොයාගෙන මේ ගැහැණිය එනතුරා හැම රතු සහෝදරයෙක්ම බලාගෙන ඉන්නවා.

    මේක ‍මට හිතුනෙ ජවිපෙට සුනිලා අබේසේකර එකතු වුනු කතාවෙ මෙටා‍ෆර් එකක් වගේ.

    ඒක හරි ක්‍රින්ජ් වගේ කෙනෙකුට පේන්න පුළුවන්. ඒක වෙන්නෙ තිරපිටපතේ දුර්වලකම හින්ද. නැත්තං රතු සහෝදරයෙකුගේ ආදරය පිළිබඳ සිහිනය චිත්‍රපටියෙ තියෙනවා.


    චින්තන ධර්මදාස

  • ගණිකා වෘත්තිය නීතිගතයි, වචනෙට

    ගණිකා වෘත්තිය නීතිගතයි, වචනෙට

    මං ජීවිතේ ගණිකාවන් ඇසුරු කරලා තියෙන්නෙ අතිසීමිත ප්‍රමාණයක්. ඒකට හේතුව මගේ ලිංගික අවශ්‍යතාවය තෘප්තිමත් කරන්න ගණිකාවන් අපොහොසත් වීමයි. නමුත් ගණිකාවන්ට තෘප්තිමත් කළ හැකි අතිබහුතරයක් පිරිමි ලංකාවෙ ඉන්නවා. ඒ සේවය ඒ අයට අවශ්‍යයි.

    මං එක ගණිකාවක් සමග ඉඳිද්දි එයා කිව්වා එයාගෙ පියයුරු උරන්න එපා කියල. දරුවට කිරි දෙනවා කියල. එයා රස්සාව කරලා ‍එනකල් මහත්තයා ළමයා බලාගන්නවා කිව්වා.

    මේ කතාව ම‍ගේ අනුරාගය සම්පූර්ණයෙන්ම ඉවර කළා. එයා මට අවශ්‍ය සේවය, තෘප්තිය ලබා දෙනවා වෙනුවට එයාගෙ පුද්ගලික ප්‍රශ්නයක් ඇඳ උඩ‍ට අරගෙන ආවා. ඒක මං දකින්නෙ වෘත්තිමයභාවයක් නැතිකම විදිහට.

    මීට සමාන කතා ගණිකාවන් විසින් බොහෝ වෙලාවට කියනවා. ඒවා ඇත්ත වෙන්නත් පුළුවන්, බොරු වෙන්නත් පුළුවන්; නමුත් ඇයගේ පුද්ගලික ප්‍රශ්නය ඇගේ පාරිභෝගිකයාට අදාල දෙයක් නෙමෙයි.

    ගණිකා වෘත්තිය නීතිගත වෘත්තියක් කිරීම අත්‍යාවශ්‍යයි කියල මං කියන්නෙ මේ පැත්තෙන්. ඇය විසින් ලබාදෙන සේවය ගුනාත්මක තෘප්තිමක් එකක් වෙන්න ඕන. ඇය නිකං ශරීරය විකුණනවා නෙමෙයි. එයා ෆැන්ටසියක් විකුණන්න ඕන. ඒ වෙනුවෙන් එයාට පුළුවන් එයා කැමති මිළක් නියම කරන්න. නමුත් ඇයට මිළ ගෙවිය යුත්තේ පරිභෝගිකයා තෘප්තිමත් නම් පමණයි.

    කෙනෙකුට දරුවෙකුට කිරි දෙන තන පුඩුවක් වඩා අනුරාගී වෙන්න පුළුවන්. ඒත් මට මුනගැසුනු කාන්තාව කලේ දුප්පත්කම, හිඟනකම වෘත්තිය ඇතුලට අරගෙන එන එකයි. ඒක ඒ වෘත්තියට කරන අගෞරවයක්.

    ගණිකා වෘත්තිය නීතිගත විමෙන් පස්සෙ ඒක බහුවිධකරණය වෙන්න ගන්නවා. ගණිකාවක් කියන්නෙ කායික රමණය සඳහා ශරීරයක් විතරක් නෙමෙයි. ඉතාම හොඳ සංවාද කරන්න පුළුවන් කෙනෙක් වෙන්න පුළුවන්. හොඳට නටන්න පුළුවන්, කාලය ගත කරන්න පුළුවන් කෙනෙක් වෙන්න පුළුවන්. මේ සියල්ලත් එක්ක රමණය කිරීමයි ඒ අත්දැකීම තෘප්තිමත්, අර්ථවත් එකක් කරන්නෙ.

    ගණිකාවන් ඉතා ධනවත් වෙන්න ඕන. ඔවුන් අනුරාගයේ ගිනිසිලුව ඇවිලෙමින් තියාගන්න ඕන. කාමයේ කලාවන් ප්‍රගුණ කරන්න ඕන. උපතින් ලද සිරුර පමණක් මුදලකට විකිනීම ඇත්තෙන්ම ඒ පාරිභෝගිකයාට කරන අවමානයක්. ඒ තරම් අවම රසයකින් තෘප්තිමත් කළ හැකි පීඩිත මට්ටමෙන් සැලකීමක්.

    ගණිකා වෘත්තිය ඊට හිමි ගෞරවනීය අනුරාග මුනිවරියන්ගේ සේවාවක් බවට දියුණු වෙන්න ඕන. මොකද ඒ අයට පුළුවන් සමාජයක් සුවපත් කරන්න.

  • අපි කතා කරමු fingering ගැන

    අපි කතා කරමු fingering ගැන

    මොන දේ කරන්නත් කලින් warm up කරන එක සාමාන්‍ය සිරිතක්නෙ.

    සින්දු කියන්න ගියත්, නටන්න ගියත්, work out කලත්, මුලින්ම කරන්නෙ අපි ඒකට සූදානම් වෙන එක. Warm up වෙන එක.

    Sex වුනත් එහෙමයි.

    ගැහැණියක් විදිහට මම ආසම නැති දෙයක් තමයි, සමහර පිරිමි, vagina එක තෙත් වෙන්නත් කලින් බලහත්කාරෙන්ම ඇතුල් වෙන්න හදන එක.
    එහෙම කරනකොට වෙන්නෙ, irritate වෙන එකයි. ඒ අත්දැකීම වේදනාකාරී වෙන එකයි.
    එතකොට සතුටක් වෙනුවට දැනෙන්නෙ අපහසුතාවයක්.

    එළියෙ ඉඳන් කරන්න ඕනෙ වැඩ කොටස කරලයි ඇතුලට යන එක ගැන හිතන්න ඕනෙ.

    Clit එක අතගාලා wet වෙන්න ගන්නකොට පුලුවන් හෙමින් ඇඟිල්ලක් ඇතුල් කරන්න.
    හරි වෙලාවට ඇතුලට යනකොට දැනෙන සනීපය මෙච්චරයි කියලා කියන්න බැහැ.

    මම හිතන්නෙ, ගොඩක් ගැහැණු කැමති නැති දෙයක් තමයි, එක පාරින්ම intercourse එකකට යන්න, මමත් එහෙමයි. Foreplay තමයි ගැහැණියක් ආසම, වැඩිම වෙලාවක් රැඳෙන්න කැමති තැන.

    Fingering නැත්තං ඇඟිලි සෙල්ලම ඇත්තටම art එකක්. ඇඟිලි වැජයිනාව ඇතුලෙ තාලෙට නටවන එක කලාවක්.

    වැජයිනාව wet කරනවා කියන්නෙ, තියෙන උවමනාවට කලබලෙන්, හයියෙන් අතගාන එකට නෙමෙයි. ඒකට වෙලාව ගන්න ඕන. එතන ගතවෙන්න ඕන. සමවැදිලා rhythm එකකට, tempo එකකට, හෙමින් අතගාන්න ඕන.

    අනිත් දේ තමයි, clit එක විතරක් අතගෑවා කියලා wet වෙන්නෙත් නැහැ. ඇඟේ අනිත් කොටස් වලටත් pleasure එක දැනෙන්න ගන්න ඕන.

    Pervertම කතා කණට ඇහෙන්නත් ඕන.
    කරන්න කලින්, කරන්නෙ මොනවද, හිතන්නෙ මොනවද කියලා ඇහෙනකොට හැඟීම් තවත් ඇවිස්සෙනවා.

    ගැහැණියක් සුරාන්තයක් ලබන්නෙ ඇඟෙන් විතරක් නෙමෙයි, මනසත් එක්කයි.

    ගොඩක් පිරිමි මට හිතෙන්නෙ ඒක තේරුම් අරගෙන නැහැ. අතගාන්න, මිරිකන්න, ලෙවකන්න, කොඳුරන්න,
    මේ හැමදේම එක වෙලාවෙ වෙනකොට wet නොවී තියෙන්නෙ නැහැ,
    ගඟක් තරමට තෙත් වෙලා කකුල් දෙක දිගේ ගලන්න ගන්නවා.

    සමහර වෙලාවට, මේ හැමදේම කරලත්, තෙත් නොවෙන වෙලාවල් තියෙන්න පුලුවන්.
    හෝර්මෝන් වෙනස්කම්, වයස වගේ කාරණා මේකට බලපාන්න පුළුවන්.
    එතකොට lube එකක් පාවිච්චි කරන්න. සාමාන්‍යය විදිහට තෙත් වෙන කෙනෙක්ට වුනත් lube එකක් කියන්නෙ,
    pleasure එක තව වැඩි කරන දෙයක්.

    ඇගිලි නර්තනයෙ යෙදෙන ගමන්, තෙත් වෙන එක එන්න එන්නම වැඩි වෙද්දි පුළුවන් ටික ටික ඇඟිලි ඇතුලටම ගෙනිහින් G-Spot එක හොයාගන්න.

    කෙඳිරි ගෑවෙනවා නම් වැඩිපුර, ඒ තමයි ඉඟිය, ඉන්නෙ හරි තැන කියන්න.
    උඩට පල්ලෙහාට කර කර, ඇඟිලි ඉහළට පහළට යනකොට, කෙඳිරිලි එක්ක සුරාන්ත වරුසාවක් වහින්න ගනී. එක එක අයගෙ සංවේදනය වෙනස්. සමහරු කැමතියි ටිකක් රළුවට. සමහරු කැමති සුමුදුවට හෙමිහිට. ඒ හින්ද එයා කැමති විදිහ ඉවසිල්ලෙන් තේරුම් ගන්න.

    ගැහැණියකගෙන් ගැහැණියට, සෙක්ස් වලින් බලාපොරොත්තු වෙන දේවල්, වින්දනය ලබන්න කැමති හැටි, හැමදේම වෙනස් වෙනවා.
    ඉතින්, තමන් ආදරේ කරන ගැහැණියව තව තව සතුටු කරන්න.
    ඇයගෙ කෙඳිරිලි, සුසුම් අඩු වැඩි වෙන හැටි ගැන හොඳින් අවධානය දෙන්න.

    ඇඟිලි වලින් විතරක් වුනත් පුලුවන් ගැහැණියක් පාරාදීසයකට අරන් යන්න.
    ඇහුම්කන් දෙන්නයි, ඉවසිලිවන්ත වෙන්නයි, පුලුවන් තරම් වල් වෙන්න විතරයි ඕනෙ!


    ලූනා.

  • ලංකාවෙ සිනමාවෙ පළමු නිරුවත

    ලංකාවෙ සිනමාවෙ පළමු නිරුවත

    මලට නොඑන බඹරු චිත්‍රපටිය තියෙනවා යූටියුබ් එකේ. ලංකාවෙ ෆිල්ම්වලට ආදරේ කරන කෙනෙක් ඉන්නවා නං මේක බලන්න වටින ෆිල්ම් එකක්. මේ චිත්‍රපටිය ලාංකේය ශෘංගාර සිනමාවෙ සුවිශේෂී සලකුනක්.

    යූටියුබ් එකෙන් මේ ෆිල්ම් එක බලලා අරුණ ගුණරත්නගේ ඩේලි ෆිල්ම් රිවීව් එකත් බැලුවා නං වැඩේ සම්පූර්ණයි.

    චිත්‍රපටියක් බලද්දි ඒ චිත්‍රපටියෙ අඩුපාඩු මොනවද කියල බලාගෙන ඉන්න එකෙන් ඒ සිනමාවෙ ආස්වාදය ලබන්න බැරි වෙනවා. ඒ වෙනුවට ඒ චිත්‍රපටකරුවා අලුතෙන් පෙන්නන්න හදන්නෙ මොනවද කියන එකයි නැරඹුම්කාමය උද්දීපනය කරන කවුළුවක් වෙන්නෙ. මට නම් නිර්භීතකම සහ අවංකබව කියන එකයි චිත්‍රපටයක ඇගයුම් මිම්ම වෙන්නෙ.

    මේ චිත්‍රපටිය නිර්මාණය වෙන්නෙ 1982දි. ඒ කාලෙ ලංගමේ වැඩ කරපු ෂෙල්ටන් පයාගල සහ චන්ද්‍රරත්න මාපිටිගම කියන දෙන්නා අතින් පළවෙනි වැඩේ විදිහටයි මේක හැදෙන්නෙ. චන්ද්‍රරත්න මාපිටිගම කියපු ගමන් මතක් වෙන්නෙ කීඨයා වෙන්න පුළුවන්. හැබැයි සුරබිදෙන වගේ අමුතු චිත්‍රපටිත් මාපිටිගම අතින් හැදුනා.

    පළමු වතාවට ලංකාවෙ සිනමාවෙ සමරිසි ආදරය තේමා කරගන්නෙ මේ වැඩේදි. ඒක කාලයේ හැටියට අතිශය නිර්භීත වැඩක්. මොකද අද වගේ නෙමෙයි ඒ කාලෙ සමරිසි සබඳතා කියන්නෙ මානසික රෝගයක්. ඉතින් ඒ වගේ තේමාවක් ගැන චිත්‍රපටියක් හදන එක වගේම ඒ වගේ චිත්‍රපටියක චරිත රඟපාන එකත් අභියෝගයක්.

    මේක සමරිසි ප්‍රේමය ගැන චිත්‍රපටියක් කිව්වට මේක ඇතුලෙ පී‍ඩොෆීලියා නැත්නම් කුමාරකාමය වගේ කතාවක් තමයි මතු වෙන්නෙ. ප්‍රධාන චරිතය වන සනී හාමු ආදරෙන් බැ‍දෙන්නෙ ඉස්කෝලෙ යන වයස යන්තම් පහුකරපු අනුර එක්ක. අනුරගෙ චරිතය කරන්නෙ මඩොල් දූවෙ ජින්නා විදිහට අපිට මුනගැහුනු අජිත් ජිනදාස.

    ඒ වගේම සනී හාමු මේ සමරිසි/ පී‍ඩෝෆයිල් ප්‍රේමයට ඇබ්බැහි වී තියෙන්නෙ ඒ හාමු බලාගන්න හිටපු තවත් වැඩිඑිටියෙකුගේ අතවරයකින් වග කියවෙනවා. පාසැල් වයසේ කොල්ලන් දඩයම් කරන වයස්ගත පිරිමින්ගෙ සංස්කෘතියකුත් පසුබිමෙන් ගෙතෙනවා. මේ නිසා මේ චිත්‍රපටය සමරිසි ප්‍රේමයකට වඩා තවත් ආන්දෝලනාත්මක ශෘංගාර කලාපයකට දැන හෝ නොදැන අතගහනවා. පීඩ‍ෝෆීලියා ගැන චිත්‍රපටයක් අසූ ගනං වල හදන්නත් එහිදී ඒ පී‍ඩෝෆීලියා මානසිකත්වය ගැන යම් හෝ මානුෂීය බැල්මක් හෙලන්නත් නිර්මාණයක් ඇතුලෙ වෑයම් කරනවා කියන්නෙ සියදිවි නසාගැනීමක් වගේ තත්වයක්. ඒත් අසූ ගනංවල ලංකාවෙ ලිංගික සහ ශෘංගාර සංස්කෘතියෙ අදට වඩා නිදහසක් තිබුන. එදා රටේ වැඩිහිටියො හිටියා. හාමුදුරුවරු පන්සල්වල හිටියා.

    මේ වයස්ගත සනී හාමු කියන්නෙ ගරා වැටෙන වලව් පරම්පරාවක අවසාන පුරුක. එයා විවාහ වෙලා ඉන්නෙ සරාගී ස්ටෙලා එක්ක. ස්ටෙලා ඒ වත්තෙම වැඩ කරන තවත් තරුණයෙක් එක්ක ලිංගික සබඳතා පවත්වනවා. ඇය හේතුවක් නැතුවත් නිතරම කාමයෙන් උමතු වෙලයි ඉන්නෙ.

    මේ අනුරාගය ප්‍රදර්ශනය කරන විදිහත් මරු. හෝස් පයිප්පයකින් පිරිමි කකුල් ‍තෙමාගෙන ටිකෙන් ටික උඩට විදින වතුර පාරක් ඇගේ ආශාව කියනවා. ලංකාවෙ චිත්‍රපටි අතර පිරිමි ශරීරයේ අනුරාගය ඉතාම හොඳින් ඉස්මතු කරන රූපරාමු සිනමාවට එකතු වෙනවා.

    ඇත්තටම මේ චිත්‍රපටය ඇතුලෙ අපි දකින සියලු සම්බන්ධතා බලය ඇතුලෙ සිද්ද වෙන බලහත්කාරකම්. සනී හාමු අනුරට කරන ආදරය වගේම ස්ටෙලා කඩවසම් තරුණයාට කරන ආදරයත් සිද්ද වෙන්නෙ ප්‍රතික්ෂේප කරන්න බැරි බල සම්බන්ධතා ඇතුලෙ. ඒ අර්ථයෙන් ඒවා ක්‍රියාත්මක වෙන්නෙ නිදහස් ආදරයට වඩා වැඩවසම් යටත් වීම් විදිහට.

    අපිට නිතර පසුබිමෙන් පල්ලියේ දේව ගීතිකා සංගීතය විදිහට ඇහෙන්න පටන් ගන්නවා. දෙවියන්ගේ කැමැත්තට විරුද්ධව හඹා යන පිරිමි ආශාවේ වරදකාරී බව, අඳුර තමයි චිත්‍රපටයේ ගමන වෙන්නෙ.

    චිත්‍රපටිය යතාර්ථවාදී රීතියෙන් බැහැරව ගූඪ අඳුරු මනෝභාවයන් තුල ගැවසෙන සිහිනමය ස්වභාවයක් ගන්නවා. හැම රංගනයක්ම වගේ ඕවර් ඩ්‍රැමටික්. මේ රංගනය වෙනුවෙන් ජෝ අබේවික්‍රම නැවත නැවත සම්මානයට පාත්‍ර වෙනවා. ඒත් මගේ අදහස නම් ජෝගේ රංගනය මේකෙ ගොඩක් දුර්වලයි කියන එකයි. මේ සමරිසි ආත්මය පිළිබඳ නොදැනුවත් බව නිසාමත් පිටපතෙන් එවන් කිසිම පදනමක් ලබා නොදීම නිසාත් ජෝ කරන්නෙ නිකං ගැඹුරු ඉරියව් මවාගෙන බලන් ඉන්න එක විතරයි.

    මේ වගේම පිටපතේ අසාධාරණයට ලක්වුනු තවත් චරිතයක් තමයි ස්ටෙලා. එයා කරන්නෙ නිතර හිස්ටරික විදිහට හිනාවෙන එන විතරයි. හුදු පිරිමියෙකුගේ පහස ‍නොලැබීම හැරුනු කොට ඒ චරිතයට පිටපත ඇතුලෙ වෙන කිසිදු මිනිස් අවකාශයක් ලබා දීලා නෑ. ඇය අපිට හිස් උමතු ගැහැණියක් විදිහට දිගටම මුනගැහෙනවා.

    නමුත් ෂෙල්ටන් පයාගලගේ මේ ගූඨ සිනමා භාවිතාව ඇතුලෙ අවශ්‍ය අඳුරු නාටකීය බව මතු කරගන්න ඒ ප්‍රමාණවත්. ඒක ජීවිතය තුල සිද්ද වෙන දේකට වඩා මනස් තිරය මත දකින පරාවර්තන විදිහටයි මුනගැහෙන්නෙ. ෂෙල්ටන්ගෙ මේ ෆ්‍රොයිඩීයානු අඳුරු ලිංගික මනෝභාවයන් තුල හැසිරෙන සිනමාව මෙතනින් ආරම්භ වෙලා ගොළුමුහුදේ කුණාටුව වගේ චිත්‍රපට ඇතුලෙ වඩාත් බිහිසුණුව මුනගැහෙනවා.

    චිත්‍රපටයේ කැමරාව ඉතාම සුවිශේෂයි. ඒක සාර්ථකයි කියනවට වඩා ඒ විසින් සළකුනු කරන විශේෂතාවයක් තියෙනවා එකයි නිවැරදි. ඒ කැමරාව කිසිම වෙලාවක පරිපූර්ණ රූපයක් අපිට හසුකරලා දෙන්නෙ නෑ. ඒ වෙනුවට කොහේ හෝ අන්තයකින් පටන් අරගෙන ඒ රූප රාමුව තුලම ක්‍රමයෙන් දේවල් අනාවරණය කිරීමක් තමයි දකින්න තියෙන්නෙ. ඒ හින්ද හැමතිස්සෙම අපි ඊළගට දකින දේ ගැන කුතුහලයකින් ආශාවකින් කැමරාව හඹා යනවා.

    ඒ වගේම දුර රූප රාමු ඇත්තෙම නැති තරම්. මධ්‍යම සහ සමීප රූප රාමුවලින් තමයි කතාව කියන්නෙ. මේක පුද්ගලයා ‍කේන්ද්‍ර වූ කතාවක් බවත්, එය පිටතට වඩා ඇතුලතට යොමුවුනු කතාවක් බවත් ඒ කැමරාවෙන් කියවෙනවා.

    මේක හිතා මතා දැඩිවම කරන්න යාම නිසා චිත්‍රපටිය ඇතුලෙ ලොකු වෙහෙසක් නරඹන්නාට දැනෙනවා. තියරියක් විදිහට කොයිතරම් මේ භාවිතාව හොඳ වුනත් ඒක තිරයක් ඉදිරියේ නරඹන ප්‍රේක්ෂකයාගේ මනස උවමනාවට වඩා මහන්සි කිරීමක් වෙනවා.

    ලාල් පියසේන අතින්සංස්කරණය සිද්ද වෙන්නෙ මේ කතාවෙ ගූඪත්වයට ගැලපෙන විදිහටයි. කතාව සමාන්තර විදිහටයි ඡේදනය වෙන්නෙ. ඒක සරල රේඛීය ගමනක් නෙමෙයි. නිතරම මතකයන් ආවර්ජනයන් මතින් ඉස්සරහට පස්සට යන ගමනක්. කැපෙන්නෙත් අමුතු විදිහට, සමහර විට අපිව හොල්මන් කරමින්.

    එක දර්ශනයක සනී රාගයෙන් මුසපත්ව අනුරගේ පිට සිගරට්ටුවකින් පුච්චනවා අපි දකිනවා. නමුත් ඇත්තටම සිදුවෙමින් තියෙන්නෙ සනී වේදනාවෙන් මුසපත්ව අනුරගේ පිංතූරයක් සිගරට්ටුවකින් පිලිස්සීම.

    ලංකාවෙ සිනමාවෙ පළමු නිරුවත් දර්ශනය ඇතුලත් වෙන්නෙ මලට නොඑන බඹරු චිත්‍රපටියෙ. ඊට කලින් කිසිම චිත්‍රපටයක නොතිබුනු ආකාරයෙන් පියයුරු අනාවරණය වන දර්ශනයක් මේ දෙපල සිනමාවට එකතු කරනවා.

    සමරිසි ප්‍රේමයට අමතරව ඊට සමාන්තරව අනියම් ප්‍රේමයන් ගැනත් චිත්‍රපටයෙ දිගහැරෙනවා. ඒ කාලෙ තිබුනු දැනීමේ හැටියට සමරිසිභාවය යනු මානසික රෝගී තත්වයක් යන ඇසින් චිත්‍රපටය නිර්මාණය වුනා කියල පේනවා. ඒ වගේම යම් කෙනෙකුට කුඩා කාලයේ සිදුවන අතවරයකින් මේ තත්වය ඇතිවෙනවා වගේ අපරිණත නිගමනයකුත් මේ හරහා මතු වෙනවා. හුලගෙන් ඒඩ්ස් බෝවෙනවා කියල අද කාලෙත් විශ්වාස කරන රටක ඒ කාලෙ හැටියට ඇත්තටම සමරිසිභාවය මානුෂිකත්වයකින් සැලකීම වුනත් අගය කල යුතු තත්වයක්.

    මේ චිත්‍රපටයේ මං ආසම දර්ශනය ස්ටෙලාව බාත්ටබ් එකේ මරාදැමීමේ දර්ශනය. ඒක එක්තරා ආකාරයකින් ‘කකෝල්ඩින්’ ස්වභාවයක් මතු කරන දර්ශනයක්. වෙන කෙනෙක් සමග තමන්ගේ බිරිඳ රමණය කරනු දැකීමෙන් ඇති වුනු අනුරාගයෙන් ඇය හා රති ක්‍රියාවකට එළඹෙන ස්වරූපයක් එතන තියෙනවා. නමුත් අවාසනාවන්ත විදිහට එය පුරුෂ ඊර්ශ්‍යාව මත පදනම් මිනිමැරුමක් බවට පත්වෙනවා. ඒ රූපරාමු කැමරාවට ග්‍රහණය කරගෙන තියෙන හැටි පංකාදුයි. සුවිනීතා වීරසිංහගේ පාද සමග සනීගේ ආශාව, වේදනාව පොරබදන රූප පෙලක් එතනදි නිර්මාණය වෙනවා. බාත් ටබ් නිසාදෝ හිච්කොක්ගෙ සයිකො චිත්‍රපටයත් මතක් වෙනවා.

    මලට නොඑන බඹරු කියන්නෙ ලංකාවෙ මෙතුවක් සිනමාවෙ සාකච්ඡාවට බඳුන් නොකළ ශෘංගාර කලාපයන් විසල් තිරය මතට ගෙන ආපු විප්ලවීය වෑයමක්. අවිද්‍යාත්මක පදනමකින් ඊට මුහු කළ මනෝ ව්‍යාධිමය ස්වරූපය පැත්තකින් තිබ්බම මේ සිනමාව ඇතුලෙන් මේ දෙපල ඇතුල්වෙන්න උත්සාහ දරන මනෝ ලිංගික කලාපය විස්මිත එකක්.

    ඊට පස්සෙ තුන්වෙනි යාමය විසින් මේ මනෝ ලිංගික සිනමාව තවත් ඉදිරි පියවරකට අරගෙන යනවා.

  • බුරියක පොපියන චමත්කාරය

    බුරියක පොපියන චමත්කාරය

    ලංකාවෙ කෙල්ලො බුරිය පෙන්නනවා වැඩියි කියල පිරිමි කීප දෙනෙක් ෆේස්බුක් එකේ පෝස්ට් දාලා විරෝධය පළ කරලා තිබුන. එක එක අයගේ ආශා නිරාශා සාපේක්ෂයිනෙ. මට මේ ලෝකෙම ගෑණු බුරි ප්‍රදර්ශනය කළත් බුරිය එපා වෙන දෙයක් නෙමෙයි. මුලින්ම නිරාවරණය වීමේ ආස්වාදය ගන්නා අපි ඊළඟට ඒ බුරියට අනන්‍ය වූ සෞන්දර්ය විදීම දක්වා සියුම් වෙනවා. බුරිය කියන්නෙම ප්‍රදර්ශනයට සුදුසුම ශෘංගාර බොත්තමක්. වි‍ශේෂයෙන් ගෑනුන්ගෙ.

    බුරිය ගැන ඇකඩමික් ජර්නල්වල සයිකොලොජි හෝ සෙක්ස් පැත්තෙන් කිසිම දෙයක් නැති තරම්. හැබැයි ටිකක් උනන්දු වෙන කෙනෙකුට බුරිය හා සම්බන්ධ ශෘංගාර, සංස්කෘතික, ජීව විද්‍යාත්මක, ‍‍ඓතිහාසික කාරණා ගොඩක් හොයාගන්න පුළුවන්. සමහර විට ඇකඩමික්ස්ලාට බුරිය පේන්නෙ වත් නැතුව වෙන්න ඇති.

    බුරිය කියන්නෙ අපේ පෙකිණිවැල කැපූ තැන. ඒක දැන් චුට්ටක් වටෙන් ඉස්සිලා, ඇතුළට ගැඹුරු වෙලා හැදිලා තියෙනවා. මේකට බෙලි බට්න් කියල කියනවා. සීයට අනූවක් විතර බුරි තියෙන්නෙ ඇතුලට ගැඹුරු වෙලා. ඒවාට ‘innies’ කියන අතරෙ එලියට නෙරා ආපු 10%ක් විතර බුරි වලට outies කියනවා. බුරිය තියෙන්නෙ අපේ ශරීරයේ හරි මැද. ඒක තමයි අපිට ජීවය ලබා දුන් කේන්ද්‍රය.

    බුරියට කියනවා පුංචි යෝනිය කියලත්. මොකද ඒ තරම් බුරිය දැක්කම යෝනිය මතක් වෙන ගතියක් තියෙන හින්ද.

    පරිණාමවාදී මනෝ විද්‍යාඥයන් කියන විදිහට පිරිමි කොහොමත් ස්ත්‍රී සිරුරේ විවෘත වුනු සිදුරුවලට ආශක්තයි. තොල්වලට, නාස් සිදුරු වලට, අධෝ මාර්ගයට පිරිමි සහජාශයෙන්ම කැමතියි. බුරිය අනිත් තැන් වගේ විවෘත සිදුරක් නොවුනත් ඒක වැඩි ශෘංගාර ආකර්ශනයක් දනවනවා. ඒකට හේතුව යෝනිය සහ බුරිය අතර රූපමය සමානත්වය. එල්මා බෙස් කියන මනෝවිද්‍යාඥවරිය තමයි බුරිය කියන්නෙ පුංචි වැජයිනාවක් විදිහට හැඳින්නුවෙ.

    බුරිය ආදරවන්තයන්ව හැමතිස්සෙම කුතුහලයෙන් පුරවනවා. ඇඟිලි තුඩුවලට, දිවට හරියටම හරියන, සිරුරේ හරි මැද සුමටම තැනක පිහිටි මේ අනුරාගී සිදුර පිරිමින්ට කොච්චර දැක්කත් ඇති වෙන්නෙ නම් නෑ.

    ඉතිහාසයක ඉඳින් සිත්තරුන් සහ ලේඛකයන් බුරිය ශෘංගාර කලාපයක් හැටියෙන් හඳුනාගත්තා. සමහර බටහිර රටවල් පවා සමහර කාල වලදී බුරිය තහනම් කරලා තිබුන. එය අශෝභන දෙයක් විදිහට සැලකුවා. ප්‍රදර්ශනය කිරීම වනචරයි කිව්වා. එය වසා තැබිය යුතු දෙයක් විදිහට නීති පැනවුනා. ඒ අතර තවත් සමහර රටවල සමහර කාලවලදී බුරිය උත්සවාකාරයෙන් ආදරවන්තයන් විසින් සැමරුවා.

    බටහිර අසූ ගනන් වෙනකල්ම බුරිය ප්‍රදේශය විවෘත වුනු විලාසිතා ජනප්‍රිය වුනේ නෑ. නමුත් ඉන්දියාවේ, ජපානයේ වගේ රටවල අතීතයේ පටන්ම බුරියට විශේෂ පිලිගැනීමක් තිබුන.

    බුරිය නිකංම අනුරාගී තැනක් විතරක් නෙමෙයි ඒකෙ අමුතු ගුප්ත බවකුත් බුරියට ආදරය කරන්නන් විසින් හඳුනාගත්තා.

    මේ වෙද්දි ලස්සනම බුරි තියෙන්නෙ එමිලි රටාකොව්ස්කි, පැරිස් හිල්ටන් සහ වැනීසා හජන්ස්ට කියලයි කියන්නෙ.

    මැඩෝනාට තියෙනවා බුරිය පෙන්නන්න ලොකු ආශාවක්. ඒක එයාගෙ ට්‍රේඩ් මාර්ක් එකක්.

    ‘මං ආසම බට්න් එක මගේ බෙලි බට්න් එක. මගේ බුරිය හරිම ලස්සන බුරියක් කියල මං දන්නවා. බුරියට ඇඟිල්ල දැම්මම මගේ ඇගේ හරි මැදින් උත්තේජනය වෙන ස්නායුවක් මගේ කොඳු නාරටිය දිගේ විදුලියක් යවනවා’

    මැඩෝනා කියනවා.

    ඇමරිකාවෙ බුරිය ප්‍රදර්ශනය කිරීමේ විප්ලවීය කාර්යයක් කලේ 1970 ගණන්වල cher කියලයි කියන්නෙ. බුරි චමත්කාරයේ පුරෝගාමියෙක් විදිහට ඇයව හඳුන්වනවා. අසු ගනං වෙද්දි අම්බානක සාම්ප්‍රදායික ඩිස්නිලාත් නිරුවත් සිරුර එහෙන් මෙහෙන් පෙන්නන්න පටන් ගන්නවා. 89 වෙද්දි ලිට්ල් මර්මේඩ් එකේ ඒරියල් එයාගෙ බුරිය හොඳටම ප්‍රදර්ශනය කරනවා.

    කීරා නයිට්ලි කියනවා එයාට ලව් ඇක්චුවලි ෆිල්ම් එක හම්බුනෙ එයා බුරියට දාපු කරාබුව හින්ද කියල. අධ්‍යක්ෂවරයා රිචර්ඩ් කර්ටිස් ඒ බුරියේ පැළඳි කරාබුවට වහ වැටිලා හිටියා කියල ඇය කියනවා. ඒ ෆිල්ම් එකේ එයා කසාද බඳිද්දිත් එයාගෙ බුරියෙ කරාබුව හොඳට පේන විදිහට ඇඳුම නිර්මාණය කරලා තිබුන.

    ඉසබෙලා ඇලන්ඩෙ බිත්තර ගැන ලියද්දි කියනවා, මගේ පෙම්වතාගේ බුරිය උඩට අමු බිත්තරයක් දාලා, ඒකට කපපු ළුනු ටිකක්, ලුණු ගම්මිරිස්, දෙහි බිංදුවක් සහ ටොබැස්කො සෝස් ටිකක් දාලා කන්න මම ආසයි කියල. බුරිය උඩ විවිධ දේ හලාගෙන රස විඳින පෙම්වතුන් ගැන සාහිත්‍යයේ ඕන තරම් එනවා. ඒ කැම ජාති බුරිය මත තබා ලෙවකන එක, අන්තිම වෙන තෙක් උරාබොන එක ආස්වාදනීය හැගීම් දෙනවා.

    ග්‍රෙගෝරියෝ ලූක් ලතින් ඇමරිකානු ආර්ට් මියුසියම් එකේ අධ්‍යක්ෂවරයා කතාවක කියනවා, විවිධ දෙවඟන ප්‍රතිමාවල බුරියෙන් විවිධ සෞන්දර්යන් මැවුවා කියල. ඇස්ට්‍රාටා, වීනස් සහ ඇෆ්‍රොඩයිට් තුන්දෙනාගේ බුරිය තුන් ආකාරයක දෙවඟන මිහිර තුනක්. කාගෙ බුරිය වඩා ලස්සනද කියල අපිට කියන්න පුළුවන්ද?

    මැඩෝනා ඉඳන් ශකීරා දක්වා හැමෝම තමන්ගේ බුරියෙන් ප්‍රේක්ෂකයා වශී කළා.

    තෙලිගු සිනමාවේ බුරියට විශේෂ තැනක් හිමිවෙනවා.

    ‘ක්ලීවේජ් එක කියන්නෙ පියයුරු වලට කරන එබී බැලීමක් විතරයි. ඒත් බුරිය කියන්නෙ එයාගෙ සමස්ත ලිංගිකත්වයම ඉස්මතු කරන තැනක්’ කාති මහේෂ් කියනවා. බුරිය ගූගල් කරන අයගෙන් ඉන්දියාව ඉස්සරහින්ම ඉන්නවා. සාරිය සමග බුරියත්, කාජල්ගෙ බුරියත් ඉන්දියානුවො පුදුම විදිහට සර්ච් කරලා තිබුන. කේ රාඝවේන්ද්‍ර රාඕ කරපු ශෘංගාර චිත්‍රපටවල බුරිය වන්දනාමානයට පාත්‍ර කරනවා.

    ෆැෂන්වල ඉස්සරහින්ම බුරිය පේන්න තියෙනවා. බුරිය කේන්ද්‍රය වශයෙන් නිරාවරණය කරන විලාසිතා බොහොමයක් තියෙනවා. ඒවා ඉවසන්න බැරි තරම් අවුස්සනසුලුයි.

    බුරියේ කරාබු පැළඳීම සහ ටැටූ කිරීම නිසා බුරිය එන්න එන්නම මගහරින්නම බැරි තරමෙ ගින්දරක් වෙලා තියෙනවා

    බුරිය කියන්නෙ ලෝකෙ අංක දෙකට තේරුනු ෆෙටිෂ් එක. ඒ කියන්නෙ බුරිය දකින්න ආස පිරිමි ඒ තරම් මේ ලෝකෙ සුලබයි.

    බුරිය කොහොමත් ශෘංගාර කලාපයක්. එතන සංවේදනය වැඩියි. ඇගිලි තුඩින් හෝ දිවෙන් ස්පර්ශ කලොත් කිළි‍පොලා යන තරමයි. කොහොමත් බුරිය පිහිටා තියෙන්නෙ මුත්‍රාශයේ සිට යෝනිය දක්වා දිවෙන අනුරාග ස්පර්ශ කලාපය ඇතුලෙ. කාන්තා බුරියක් දිහා බලා සිටීම පවා පිරිමියෙකුට අනුරාගීයි කියලයි මනෝ විද්‍යාඥයන් කියන්නෙ.

    බුරියෙන් ඇගේ ඉඟ පෙදෙසේ චමත්කාරය වෙන්වී මතුවී පේනවා. ඇගේ සශ්‍රීක බව හැගෙනවා. බුරිය අද ඊයෙ නෙමෙයි ඉතිහාසෙ පටන්ම පිරිමි ඇස් අවුස්සන්න පාවිච්චි වෙනවා.

  • රොහාන් පෙරේරා – මනෝ ලිංගික ත්‍රස්තවාදියෙක් !

    රොහාන් පෙරේරා – මනෝ ලිංගික ත්‍රස්තවාදියෙක් !

    රොහාන් පෙරේරාගේ අවසන් කටයුතු අද සිද්ද වුනා. රොහානියානු බලපෑමට ලක්වුනු බොහොමයක් යාලුවො එතනට ආවා. ඒ ගොඩක් අය රොහාන් කියන්නෙ තමන්ගේ දේශපාලන චින්තනයේ දිශාව සළකුණු කළ ‘පියා’ හැටියෙන් බාරගත්තා. ඒ අර්ථයෙන් රොහාන්ට ලොකු දරු පරම්පරාවක් ඉන්නවා.

    රොහාන් ගැන හොඳ වගේම ගොඩක් අය නරකත් කිව්වා. සමහර ඉතා කිට්ටුවන්තයො මළගෙදර පවා නොඑන තරමට රොහාන් එක්ක වෛරයෙන් හිටියා. මං රොහාන්ව ඇසුරු කළත් ඒ රොහානියානු ‘කල්ට්’ එකේ සාමාජිකයෙක් වුනේ නෑ. හැබැයි මට ඒ චරිතය ගැන තියෙන්නෙ ගෞරවයක්.

    ඒ ගෞරවය තියෙන්නෙ රොහාන් හොඳ මිනිහෙක් හින්ද නෙමෙයි. රොහාන් කියන්නෙ අතිශය භයානක මිනිහෙක් කියන එකයි මගේ තේරුම් ගැනීම. මං කියවාගන්නා ආකාරයට රොහාන් කියන්නෙ ‘මනෝ ලිංගික ත්‍රස්තවාදියෙක්’.

    රොහාන් කරමින් හිටියෙ ගරිල්ලා මනෝ ලිංගික කැරැල්ලක්. එයා එක එක පලාත්වල ඒ කැරැල්ල සංවිධානය කළා. එක එක වේශයන්ගෙන් ආවා. සමහරුන්ට රොහාන්ව මුනගැහෙන්නෙ කුරුල්ලො අධ්‍යනය කරද්දි. තව සමහරුන්ට මාර්ෂල් ආර්ට්වලදි. තව අයට මනෝ විශ්ලේෂණයෙදි. පියානෝ පංති, සිනමා අධ්‍යයන ආදී තවත් නොයෙක් ස්වරූපයන්ගෙන් රොහාන් ආවේශය ලැබූ අය ඉන්නවා.

    මේ කවර විෂයක් මතුපිටින් තිබුණත් රොහාන් කරන්නෙ එකම දෙයක්. ඒ ස්ත්‍රිය ආයුධයක් විදිහට පාවිච්චි කරන ලිංගික කැරැල්ලක්. ස්ත්‍රිය කියන්නෙ රොහාන්ගේ විෂය විදිහට ගොඩක් අය තේරුම් අරගෙන තිබුන. ඒ වගේම එහෙම තේරුම් ගත්ත ගොඩක් අයට වැරදුනා. ස්ත්‍රිය කියන්නෙ රොහාන්ගෙ ආයුධය.

    රොහාන් ස්ත්‍රිය පිරිමියාගේ දාර්ශනික සීමාවෙන් එලියෙ පවතින්නක් හැටියෙන් දේශනා කළා. ශිෂ්ටත්වයෙන් එලියෙ පවතින විදිහට විස්තර කළා. ස්ත්‍රිය විසංයෝජනය කිරීිමට දෙයක් නැති බවත් ස්ත්‍රිය කියන්නෙම විසංයෝජනය බවත් කිව්වා. මේ කාරණා මේ විදිහටම කෙනෙකුට ඕෂෝ දේශනාවලදිත් මුනගැහෙන්න පුළුවන්.

    රොහාන් කියන්නෙ කල්ට් වීරයෙක්. එහෙම කියන්නෙ ඇයි කියල තේරුම් ගන්න ඕන කෙනෙකුට පුළුවන් නෙට්ෆ්ලික්ස් එකේ ‘how to be a cult leader’ සීරීස් එක බලන්න. ඒකෙ තියෙන සියලු ලක්ෂණ ‍රොහාන්ගෙ භාවිතාවෙ තිබුන.

    රොහාන් ස්ත්‍රීවාදී කතිකාව ඇතුලෙන් ස්ත්‍රිය දේවත්වයක් දක්වා අරගෙන ගියා. තමන්ගේ කවයන්ට ඇතුල්වෙන සිංහල බෞද්ධ කතිකාව ඇතුලෙ ලිංගිකව බෙලහීන කළ ගැහැණු- පිරිමි සම්බන්ධතා අතරට බල දේශපාලනය ඇතුල් කළා. තමන්ගේ ස්ත්‍රීත්වය යටපත් කරගෙන සිටින්නේ තමන්ගේ දුබල පෙම්වතා/සැමියා ලෙස අර්ථ ගැන්නුවා. පෙම්වතිය/බිරිඳ යටපත් කරගෙන සිටීම ගැන පිරිමියාව/පෙම්වතාව ගිල්ටියකින් පිරෙව්වා. ආදරයේ, අනුරාගයේ අතාර්කික සම්බන්ධතා ස්වරූපයන් දේශපාලනිකව, තාර්කිකව, බිහිසුණුව ප්‍රශ්න කරන්න ගත්තා.

    මේ හින්ද ආදර යුද්ධ ඇතිවුනා. රොහාන් හමුවට ආපු කිසිම යුවළක් නැවත යුවළක් හැටියෙන් පිටවෙලා ගියේ නෑ. පෙම්වතිය ඍජුවම පෙම්වතාට චෝදනා කරන, පෙම්වතාව විනිශ්චය කරන ටොක්සික් බලයක් බවට පරිවර්තනය වුනා. ආදරය තුල අනෙකා විනිශ්චය ‍නොකිරීමේ ශික්ෂාව රොහාන් දර්ශනවාදය ඇතුලෙන් ඇවිත් බිඳහෙලුවා.

    ස්ත්‍රිය යටපත් කරගත් පුරුෂ කතිකාවකට එරෙහිව නිරන්තර අරගලයක යෙදෙන මනෝභාවයක් ඇතුලෙ තමන්ගේ ශිෂ්‍යයන් හිරකරද්දි එවන් පුරුෂ කතිකාවක් ඇත්නම් එය පැවතීමේ ස්ත්‍රී උවමනාව හෝ ආශාව කියන කාරණය රොහාන් උවමනාවෙන් ‍නොතකා හැරියා. නැත්නම් රෝගයක් හැටියෙන් සළකුනු කළා.

    රොහාන්ගේ තිබුනෙ ආගමික ස්වරූපයක්. භෞතිකවාදය දර්ශනයක් හැටියෙන් දේශනා කළත් රොහාන් ‘නොන්-සෙක්ෂුවල්’ ආගමික නායකයෙක් හැටියෙන් පෙනී හිටියා. එයා පිරිමිකම වෙනුවට ආභරණ පැළඳීමෙන්, ගැහැණු කතා විලාසයන් ගැනීමෙන් ස්ත්‍රීත්වයක් ආරෝපණය කරගත්තා. ‘බුදුවරයන් යනු තමන් තුලටම නැඹුරු වුනු නොන්-සෙක්ෂුවල් ‍සයිකෝසිය පුද්ගලයන් බවත් ඒ අය වටා නියුරෝසියානුවන් රොක්වීම සාමාන්‍ය බවත් රොහාන් මටම කියල තියෙනවා. ලිංගික නොවීම හරහා ස්ත්‍රීන්ට රොහාන්ව වඩා සමීපව දැනුනා.

    මේක මං දකින්නෙ මනෝ ලිංගික ත්‍රස්තවාදයක් විදිහට. ඒත් මං ඒකට කැමතියි. පිළිගත් සාම්ප්‍රදායික පවුල් ආකෘතිය බිඳින ක්ෂුද්‍ර විප්ලවයක් රොහාන් තමන්ගේ ඉගැන්වීම් ඇතුලෙන් කරගෙන ගියා. ඒ ලිංගික පහරදීමේ සහ ප්‍රචන්ඩ ලෙස කඩා බිඳ දැමීමේ ස්වරූපයට මං එකග නොවුනත් ඒක ලංකාවෙ මෙතෙක් නොවුනු දෙයක් විදිහට මං අගය කරනවා.

    මෙතෙක් ලිංගිකත්වය යටපත් කිරීමේ වරද පැවරුනේ දෙවියන්ටයි. රොහාන් ඒ වරද දෙවියන්ගෙන් උදුරගෙන පිරිමියා මත පැටෙව්වා. විනිශ්චය කරන දෙවියන් බවට ස්ත්‍රිය පත් කළා. ඒ නිසා පැවැති සම්බන්ධතා ස්වරූපයන් බිඳ වැටුනා. පීඩකයෙක් සහ පීඩිතයෙක් අලුතෙන් නිර්මාණය වුනා.

    ගැහැණිය දර්ශනයට ඔබ්බෙන් පවතිනවා කියල කිව්වට රොහාන් එයාගෙ කතිකාව ඇතුලෙ කරන්නෙ ගැහැණිය දාර්ශනික කරන එකමයි. ඒ දාර්ශනික කිරීම හරහා ගැහැණිය සතු මායාවේ, වසඟයේ සහ අනුරාගයේ බලය රොහානියානු කතිකාවෙන් අහිමි කරනවා. ඇය පිරිමියෙක් බවට පත්කරනවා. පිරිමියා නශ්ටකාමියෙක් බවට පත් කරනවා. වික්ටෝරියානු සදාචාරය සහ එයින් නිර්මාණය වුනු සිංහල බෞද්ධ සදාචාරය තුල සිද්ධ වුනු මහේක්ෂ ක්‍රියාව රොහාන් එයාගෙ කල්ට් එකේ සාමාජිකයන් අතර ප්‍රතිවිරුද්ධ අතට කළා.

    මේ සියල්ල කලේ රොහානියානු විරසකබවේ දේශපාලනය ඇතුලෙයි. මං හිතන්නෙ රොහාන්ට වැරදුනු තැන වෙන්නෙත් ඒක. රොහාන් නිතරම තමන්‍ගේ පිරිස අතර බෙදා වෙන් කොට පාලනය කිරීම කරගෙන ගියා. සියලු මිත්‍රත්වයන්, සම්බන්ධයන් ප්‍රශ්න කරන්නත්, ඒවා විසංයෝජනය කරන්නත් බල කළා. ඒ ඇතුලෙ සම්බන්ධතා අර්ථ විරහිත හෝ සතුරු හැටියෙන් අර්ථ ගැන්වුනා. සම්බන්ධතා ගොඩනැගීම වෙනුවට සම්බන්ධතා බිඳ හෙලීම මූලික කරගත්තා. පාලම් ගොඩනැගීම වෙනුවට තාප්ප බැඳීම දර්ශනයේ කාර්යය කරගත්තා.

    රොහාන්ගේ පංති යන යාලුවෙක් වෙනත් යාලුවෙක් මගදී මුනගැහුනොත් මනුස්සකමට සිනාවීම පවා ප්‍රතික්ෂේප කළා. සැබවින් පරීක්ෂාවට ලක් නොකල එවන් ඇසුරන් පවත්වාගෙන යාම වරදක් හැටියෙන් රොහාන් ඉගැන්නුවා.

    මේ විරසක බවේ දේශපාලනය අදත් රොහානියානු දේශපාලන ධාරාව ඇතුලෙ දකින්න පුළුවන්. ඒ අය සම්මුතියකට හෝ එකගතාවයකට එනවාට වඩා වෙන්ව යාම, ප්‍රශ්න කිරීම, බැණ වැදීම, ප්‍රතික්ෂේප කිරීම ශික්ෂාවන් හැටියට පිළිපදිනවා. මේක සමහර විට වාම දේශපාලනයේ උරුමයක් වෙන්නත් පුළුවන්.

    මේ කොහොම වුනත් රොහාන් කියන්නෙ සමාජය ඇතුලෙ කල්ට් විදිහට මනෝ ලිංගික පර්යේෂණයක් පවත්වාගෙන ගිය කෙනෙක්. එයින් විශාල වශයෙන් සම්මත සදාචාරවාදී පවුලට හානි කරපු කෙනෙක්. මගේ විවේචනය පවතින්නෙ රොහාන් තමන්ගේ ව්‍යාපාරය ඇතුලෙ උත්සාහ කලේ ලිංගිකත්වය නිදහස් කිරීමට නෙමෙයි කියන එකටයි. ස්ත්‍රිය ගැන කොයිතරම් කතා කළත් රොහාන් ස්ත්‍රියගේ නිදහස් ලිංගිකත්වය ධනාත්මක විදිහට බාරගන්න සූදානම් වුනේ නෑ. ඒක වෙනත් ආකාරයකට දේශපාලනය බවට හරවා විලංගු දැම්මා. සෙක්ස් පොසිටිව් පැත්තකට නෙමෙයි රොහානියානු දර්ශනය ගමන් කලේ. ඒකෙ සෙක්ස් ගිල්ට් එකම වෙනත් ආකාරයකින් පාවිච්චි කරමින් බලය පිළිබඳ පර්යේෂණයක් විදිහටයි ඒක සිද්ද වුනේ.

    මං හිතන්නෙ නෑ ඒක නිරෝගී දෙයක් කියල. නමුත් රොහාන් කියන්නෙ සුවිශේෂී දැනීමක් තිබුනු තනියම ක්ෂුද්‍ර පවුල් ජීවිත ඇතුලෙන් පුපුරුවා හරිමින් සමාජ විප්ලවයක් කරපු අමුතු මනුස්සයෙක් කියන එක බැහැර කරන්න බෑ.

  • හනුමා හොලිවුඩය ගිනි තියයි

    හනුමා හොලිවුඩය ගිනි තියයි

    ඩේව් පටෙල් එයාම ඩිරෙක්ට් කරපු චිත්‍රපටියක් අරන් එනවා කිව්වම ඒක එනකං නොඉවසිල්ලක් තිබුන. ඒකෙ ට්‍රේලර් එක දැක්කම ටැරන්ටිනෝ සහ ඒ ආශ්‍රිත රිවෙන්ජ් සිනමා ජොන්රා එකක ආශාව පත්තු වුනා. ඒ වගේ චිත්‍රපටියක් බලන්න හොඳම වෙලාව රෑ 9.30 ෂෝ එකටම ගියා.

    මේ චිත්‍රපටිය නොකෙරෙන තැනටම වැඩ සිද්ද වුනු එකක්. කොරොනා නිසාත්, මේක ඉන්දියානු ප්‍රේක්ෂකයාට බාරගන්න බැරි තරම් කෘෘරත්වයෙන් වැඩියි කියල නෙට්ෆ්ලික්ස් පස්ස ගහපු නිසත්, ඇත්තටම මේක යට කතා වෙන ‍ඉන්දියානු දේශපාලන පණිවිඩය ගැන නිෂ්පාදකයන්ට තිබුනු බය නිසත් 2018 සැලසුම් කරපු චිත්‍රපටිය පටන් ගත්තෙ 2023දි.

    ඩේව් පටෙල්ට ඕන වෙලා තිබුන ඇක්ෂන් චිත්‍රපටියක්. ඇක්ෂන් ෆිල්ම්ස් කියන ජොන්රා එක හොඳටම අපහරණයට ලක්වුනු ජොන්රා එකක් කියල එයා කියලා තිබුන. ඒ ජෝන්රා එකේ චිත්‍රපටියකට දේශපාලනමය, සමාජමය කරුණු බද්ධ කරන්න පුළුවන් නම් කියලා එයා කල්පනා කරලා තිබුන.

    කීනු රීව්ස් රගපාන ජෝන් වික් වෙනුවට ඩේව් පටෙල් රඟපාන මන්කි මෑන් එන්නෙ ඒ විදිහට. සම්පූර්ණ තීම් එකම වගේ ජෝන් වික්වලින් ගන්න අතරෙ පටෙල් එයාගෙ ෆිල්ම් එකට මසාලා ට්විස්ට් එකක් දෙනවා. සටන් විලාසිතාව ඉන්දුනීසියාවෙන් ගන්නවා. ස්ලම් ඩෝග් මිලියනයර් තමන් හිට්වුනු චිත්‍රපටියෙ කැමරාව සහ රූප රාමුත් පටලනවා. මේ ඔක්කොම කලවම් කළාම බලන් ඉන්න පුළුවන් අමුතු අරිෂ්ටයක් එනවා.

    සිනමා කෘතියකදි වැදගත්ම දේ වෙන්නෙ ඒ කෘතිය විසින් මෙතෙක් අපි විසින් අත් නොවිඳි රසයක් අපිට ලබා දෙනවද කියන එක. ‍ඩේව් පටෙල්ගෙ සිනමා කොක්ටේල් එකේ එහෙම එකක් තියෙනවා. ඩේව් මේ ෆිල්ම් ජෝන්රා එක කණපිට ගහන වැඩක් කරන්නෙ නැති වුනාට ජෝන්රා එකට අලුත් ෆ්ල‍ේවර් එකක් එයා එකතු කරනවා.

    චිත්‍රපටිය යටිපෙල තියෙනවා තුවාලයක්. කතාව දුවන්නෙ ඒ තුවාලයේ වේදනාවෙන් තමන්ගේ සතුරන්ගෙන් පලිගන්න යන තරුණයෙක් ගැන. ඒ සතුරා පුද්ගලයන් තුන්දෙනෙක් විදිහට සම්බන්ධ වෙනවා. පොලිස් නිලධාරියෙක්, නරේන්ද්‍ර මෝදි මතක් කරවන විදිහෙ ආධ්‍යාත්මික ජාතිකවාදියෙක්, එයාගෙ රූකඩයක් බඳුවන දේශපාලකයෙක්. මහා ජාතිය මූලික කරගත් දර්ශනයක් සමග කෲර විදිහට සුළු වර්ගයන්ට හිංසා කරන, ඔවුන්ගේ ඉඩම් කොල්ලකන මෝදිවාදයට සමීප මේ නායකයාගෙ චරිතය හින්ද ගොඩක් අය චිත්‍රපටියට අතගහන්න බය වුනා.

    ඊටත් යටිපෙලත් විදිහට හනුමාන් සම්බන්ධ මිත්‍යා කතාව අරගෙන එනවා. ඒ හනුමාන්ගේ ඉඳන් වඳුරු මූනක් පළදින මන්කි මෑන් දක්වා සම්බන්ධයක් ගේනවා. මේ විදිහට අසාර්ථක තැන් බොහොමයක්, ප්ලොට් එකේ හිල් බොහොමයක් සමග වුනත් මන්කි මෑන් චිත්‍රපටිය විචිත්‍ර එලාගැනීමක් සළකුනු කරනවා.

    කතාව තියෙන්නෙ කල්පිත ඉන්දියානු නගරයක. ඒක හරියට සින්සිටි වගේ. ඒ නගරයේ ගණිකාවන්, පාතාල ව්‍යාපාරිකයන් සහ ආධ්‍යාත්මික නායකයන්ගේ අඳුරු අර්ධයන් සැරිසරනවා. මේක ජාතිකවාදයේ අඳුරු පැත්ත විදිහට කෙනෙකුට කියවන්නත් පුළුවන්.

    තමන්ගේ මව මරා දැමූ පලිය ගන්න එන තරුණයෙක් මේ නගරයේ වැසිකිලි පිරිසිදු කරන තැනින් පටන් ගන්නවා. එයාගෙ වේදනවා අඳුරන්නෙ ගණිකාවන් විතරයි. එයාගෙ උදව්වට ඉන්නෙ ස්පර්ශ කළ නොහැකි ලෙස පලවා හරිනු ලැබූ හිජ්රා ප්‍රජාව විතරයි. හිජ්රාවන්ගෙන් මේ වඳුරු වීරයා ශිවගේ පිරිමි සහ ස්ත්‍රී අර්ධයන් ගැන ඉගෙන ගන්නවා. ගැඹුරු ආධ්‍යාත්මික වටහා ගැනීම්වලට යනවා.

    අවසානයේදි මේ නගරයේ පාතාලයට විරුද්ධව සටන් කරන්නෙ කතාවේ වීරයා සහ හිජ්රාවන්. මව අහිමි වේදනාවෙන් පෙලෙන කොල්ලෙක් සහ තමන්ගේ ලිංගික අයිතිය අහිමි වූ ප්‍රජාවක් ඒ පිරිමි ලෝකයට විරුද්ධව සටන් කරනවා.

    කුස්සි ඇතුලෙ, ක්ලබ් ඇතුලෙ, රෙස්ටොරන්ට්වල අමුතු අපූරු සටන්වලින් චිත්‍රපටිය පිරිලා ඉතිරිලා යනවා. ටිකක් වෙලා බලන් ඉන්නකොට ගහගන්න උන්ට වඩා බලන් ඉන්න අපිට මහන්සියි. හැබැයි වැඩේ පිලිවෙලයි.

    මේ චිත්‍රපටිය බලද්දි මට ලංකාවෙ අසූ ගණන්වල වගේ ආපු සුගත් සමරකෝන්ගෙ වියරු මිනිසා මතක් වුනා. අපේ රටේ මේ ජාතියෙ රිවෙන්ජ් චිත්‍රපටියකට මට මතක එච්චරයි. ඒත් ඒක එතනින් ඉස්සරහට ගියේ නෑ.

    ඉන්දියාව සහ හොලිවුඩය අතර, ඉන්දියාවත් ‍නොවෙන හොලිවුඩයත් නොවෙන, ඒ අතර තවත් රස කැළතෙන අමුතු සිනමාවක් ගැන මන්කි මෑන් කියන්නෙ හොඳ උත්සාහයක්. මේ වෙද්දිත් කිංකොං ගොඩ්සිලා එක්ක කරට කර සටනක් කරන්න මේ ඩොලර් මිලියන 10 චිත්‍රපටියට පුළුවන් වෙලා තියෙනවා. ඩේව් පටෙල්ට ඇක්ෂන් හීරෝ කෙනෙක් වෙන්න පුළුවන් වෙලා තියෙනවා.

    කොල්ලා ගොඩ.

    CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v62), quality = 82