Tag: featured

  • මෝඩකම අපේ අයිතියක්

    මෝඩකම අපේ අයිතියක්

    සංසර්ගයකදි තෘප්තිය තියෙන්නෙ පූර්ව ලිංගික ක්‍රියා, ලිංගික ක්‍රියා සහ පසු ලිංගික ක්‍රියා කියන අවධි තුනම සම්පූර්ණ වුනාම. එතකොට තමයි සර්ව පූර්ණ සංතෘප්තියක් අපිට දැනෙන්නෙ. මොකක් හරි ඉවෙන්ට් එකකදි වුනත් ඒක එහෙමයි. ඒ අවධි තුනම සම්පූර්ණ වුනාම අපිට ඒ ඉවෙන්ට් එකේ පූර්ණ තෘප්තියක් දැනෙනවා.

    ඊයෙ හවස පට්ට වැස්ස. මං ජොයින්ට් එකකුත් ගහලා ත්‍රීවීල් එකේ ට්‍රැෆික් මැද යන ගමන්. මෝඩාභිමානය හේදිලා යයිද කියල මගදි හිතුන. පංචිකාවත්ත රවුම වටේ ගියා නම් තව පැය බාගයක් යනවා. ඒ හින්ද එල්ෆින්ස්ටන් හන්දියෙන් බැහැලා වැස්සෙම ටවර් එකට ඇවිද්දා.

    වැස්ස කියලා නෑ ටවර් එක පිරිලා. උනුන් මුනගැහෙන, කතා කරන, වැළඳගන්න මිනිස්සු ෂෝ එක පටන් ගන්න කල් අල්ලාප සල්ලාපවල ඇලිලා. ඒක මේ කාලෙ වැඩක තියෙන්න ඕන අනිවාර්ය ගුණයක් කියල මං හිතන්නෙ. කාලෙක ඉඳන් දන්න යාලුවො වුනත් දැන් ඇත්තට මුනගැහෙන්නෙ ඒ වගේ වැඩකදි. ඒ හින්ද නාට්‍ය, පොත් එලිදැක්වීම්, හසාගෙ වගේ කොමඩි ෂෝ ඒ වගේ මිනිස් මුනගැහීම් පැත්තෙනුත් වැදගත්.

    මෙතන 80, 90 පරම්පරාවම ඇවිත් හිටියා.

    ‘ඕනම දෙයක් සමරගෙන සමරගෙන එනකොට ඒ සමරන තේරුම වාෂ්ප වෙලා යනවා. සැමරුම විතරක් ඉතුරු වෙනවා. නිදහස අරන් බලන්න. අපි කාලයක් තිස්සෙ සමරනවා. දැන් සැමරුම තියෙනවා. නිදහස නෑ’

    පටන් ගන්නකොටම හසා මෝඩකම සැමරීමේ වැදගත්කම පැහැදිලි කළා.

    ඉදිරිපත් කරන්නා විදිහට හිටියෙ සහරාන්. කරදරයක් නැතුව රෑට නැවත ගෙදර යන්න දෙනවා කියල සහරාන් කලින්ම පොරොන්දු වුනා.

    මුලින්ම ෂෝ එක පටන් ගත්තෙ ගුරා. ගුරා ගව් ගානක් ඉස්සරහට ඇවිත් කියල මට හිතුන. අපි හිගන්නන්ගෙන් ඉගෙන ගන්න ඕන කියල ගුරා කිව්වා. ඒක බෙගොලොජි වගේ විෂයක් බවට පත් කරන්න යෝජනා කළා. මොකද අපේ ආර්ථිකයේ ප්‍රධාන කොටසක් පුරවන්නෙ අපේ හිඟනකම විසින්. ඒක අපි වටිනාකමක් නොදෙන අපේ වටිනාම උරුමයක්.

    ගුරා මරු කතාවක් කිව්වා.

    ‘අපි තේරුම් ගන්න ඕන අපේ වත්කම තමයි දුප්පත්කම. කවුරු හරි අපේ දුප්පත්කම, අසරණකම නැති කරන්න හදනවා නම් ඒ අපේ හතුරෙක්. මොකද අපි මේ අසරණකම විකුණලා තමයි රටක් විදිහට ජීවත් වෙන්නෙ’

    සතිෂ් කතා කලේ මුල්ම කිස් එක ගැන.

    කෙල්ලො කිස් එකක් දෙනකොට ඇස් දෙක වහගන්නෙ ඇයි කියල උඹලා දන්නවද? නෑ ලැජ්ජ හින්ද නෙමෙයි. කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් තොල් උල්කරගෙන කණ්ණාඩියට ළංවෙලා ඇස් දෙක ඇරලා බලපං. එතකො‍ට තේරෙයි.

    ඉම්බත් බඩවෙනවා කියල හිතන තරමෙ සුපිරි ලිංගික අධ්‍යාපනයක් තියෙන අපේ ගෑනු ගැන අභිමානයක් සතිශ් හිත්වල ඉතුරු කළා.

    ශානක කියල අලුත් එකෙක් හිටියා. ඌ දුන්නා සැපක් ආපහු මදි නොකියන්න. ඒක සිංදු කොමඩියක්. අහලා තියෙන සිංදුවලින් ‍තේරුම් මතු කරලා හික් ගෑවෙන්න ට්විස්ට් කරනවා. සිනා සාගරයක්. රස ආකරයක්. මං හිතන්නෙ මුලු ෂෝ එකේ නැගලම යන කෑල්ල ඒක. ඒක කන්ටෙන්ට් එකේ වගේම ශානකගෙ ඉදිරිපත් කිරීමේ විලාසයෙ තියෙන කිති කැවිල්ලක්.

    අමිල අරගෙන ගියේ ඇත්තටම ට්‍රිප් එකක්. අපි අපේ අඩුපාඩු එක්ක අපි ඇතුලෙම යන නොනවතින ලූප් එක ගැන කතාවක්. ඒක අපි හැමෝම අඩු වැඩි වශයෙන් විඳින නියුරෝසියාවක්. ඒ විහිලුව ඇතුලෙ අපිට අපේ නියුරෝසියාව නැවත මුනගස්සන අතරෙ ඒකෙන් ගොඩඑනවා කියල අපි කරන විහිලුවත් මුනගස්සනවා. රියල් එක වගේම සරියල් එකත් මුනගස්සනවා.

    වැඩේ ලොකුම කොටස තිබුනෙ හසාට. හසා එයාගෙ කොමඩිය කලේ ස්ටෑන්ඩප් සහ ඩ්‍රාමා කියන දෙකම කොටලා. ඇත්තටම හසාට මුලින් ඕන වුනේ නාට්‍ය කරන්න. ඌ රස්සාවත් අතෑරලා නාට්‍ය කරන්න එලියට බැස්සා. ටික කාලෙකින් හසා තේරුම් ගත්තා තමන් තනියම කරන්න පුළුවන් නාට්‍ය කලාවක් කරනවා මිස වෙන දෙයක් නං ‍මේ ර‍ටේ කරලා හරියන්නෙ නෑ කියල. හිටගෙන කොමඩි කරන්න හසා තීරණය කරන්නෙ එතනදි. වේදිකා රංගනයත් හසා පස්සෙ දොරෙන් කොමඩිය ඇතුලට ගේනවා. ඌ රඟපපා හිනස්සනවා.

    හසා මේ පාර කැරියෙකුගෙ ඇහින් ලෝකය දකින හැටි කිව්වා. කැරියෙකුට අපි කරන අසාධාරණකම් ගැන කිව්වා. ඒ කැරියා යටපත් කි‍රීම හරහා අපි ශිෂ්ට වෙලා තියෙන අශිෂ්ට විදිහ ගැන කිව්වා. හසාගෙ කොමඩිය බලන් ඉඳිද්දි මට වුඩි ඇලන්ගෙ ‘එව්රිතින්ග් යු වොන්ටු නෝ අබවුට් සෙක්ස්’ ෆිල්ම් එක මතක් වුනා. හසාගෙ විහිලුවෙ විෂුවල් එක ඒකෙ තියෙනවා. වූඩි ඇලන් කැරියෙකුට රඟපානවා.

    හසා කියන්නෙ ශුක්‍රානුවක ඉඳන් ජාතික ආරක්ෂාව දක්වා විහිදුනු කතාවක්. ඇට දෙකේ ඉඳන් විශ්වය දක්වාම යන කතාවක්. හසා කලේ අසභ්‍ය විහිලුවක්. අසභ්‍යත්වයේ ඉඳන් පරිණාමය, ශීෂ්ටාචාරය, ලිංගිකත්වය, දේශපාලනය සහ දර්ශනය හරහා යන විහිලුවක් කරනවා කියන්නෙ සෙල්ලමක් නෙමෙයි. ඒක හරියට ලේයර් කේක් එකක් වගේ. හසා විහිලු ඇතුලෙ තලතුනා තරම ඕඩියන්ස් එකේ ඇට දෙක අල්ලන හැටියෙන් පේනවා.

    ‘අපි මෙච්චර කාලයක් කරලා තියෙන්නෙ මෝඩ වැඩ. හැම පාරම මෝඩ වැඩේ කරලා අපි කණගාටු වෙනවා. ඊලග පාර බුද්ධිමත් තීරණයක් ගන්න හිතා ගන්නවා. එහෙම හිතලත් අපි කරන්නෙ ඊටත් වඩා මෝඩ වැඩක්. දැන් අවුරුදු හැත්තැහයකට පස්සෙ ඔන්න ඊලග වතාවෙ අපි හරිම බුද්ධිමත් වැඩේ කරන්න ලෑස්ති වෙලා ඉන්නවා’

    ඇත්තටම මෝඩාභිමානය කියන්නෙ රටේ ජාතික උත්සවයක් විය යුතුව තියෙන වැඩක්. ඒක නිල වශයෙන් සමරනවා නම් සමාජ මනෝ ලිංගික සැමරුමක් වෙන්න තිබුන. ගොඩක් සමාජ රෝග හිනාවෙලා සනීප වෙන්න තිබුන.

    හොඳ සංවාසයකින් පස්සෙ අනිවාර්යෙන්ම පසු-රති සුයාමයක් තියෙන්නම ඕන. රමණයක තෘප්තිය උපරිම වෙන්නෙ එතකොට.

    මෝඩාභිමානය ඉවර වෙද්දි වැස්ස පායලා තිබුන. රෑ වෙලා හින්ද බාර් වහලා තිබුන.

    හැබැයි කාටවත් ගෙදර යන්න හදිස්සියක් තිබුනෙ නෑ. හැමෝගෙම හිත්වල තමන් කැමති විහිලු පිරිලා තෙරපිලා තිබුන.

    හිනාවෙනවා කියන්නෙ තෙරපියක්. පැය ගානක් එක දිගට හිනාවුනු මිනිස්සු මුනගැහෙද්දි හරි වෙනස්. එතකොට අපි හිනාවෙන් හෙම්බත්. හිනාවෙන් හෙම්බත් වෙලා අපි වඩා කැමති විහිලු එකඑකා එක්ක කිය කියා තවත් වරුවක් ගත කළා.

    සාමූහික කවට කෙළි රමණයකින් පස්සෙ මම පූර්ණ රාග තෘප්තියක් ලත් පෙම්වතෙක් වගේ සැහැල්ලුවෙන් ගෙදර ආවා. මෝඩයෙක් වීම කොයිතරම් ආශීර්වාදයක්ද, මං නිදාගන්න ගමන් කල්පනා කළා.

    ‘අපි වනාන්තරේ නිදහස කැප කරලා ආරක්ෂාවට කියල නගරෙ බංකරයක් හදාගත්ත ජාතියක්. අපි ආරක්ෂාව හොයන හැම වෙලාවකම ඒ වෙනුවෙන් කැප කරන්නෙ නිදහස..’

    ළමාරක්ෂාවෙ ඉඳන් ජාතිය ආගම ආරක්ෂා කිරීම දක්වා සීනු පෝලිමක් වදිද්දි මං ඇස් පියාගත්තා.


    චින්තන ධර්මදාස

  • විල්හෙල්ම් රයික්ගේ – SEX POL

    විල්හෙල්ම් රයික්ගේ – SEX POL

    අපිට ලෝකෙ මුල්ම තහනම විදිහට මුනගැහෙන්නෙ සෙක්ස්. ඒ පුරාවෘත්තයක් විදිහට. ආදම් සහ ඊව්ට දෙවියන් විසින් මුලින්ම සීමා පනවන තහනම් ගහේ ගෙඩිය. ඒ ගෙඩිය කාපු වරදට දෙවියන් අපිව විනිශ්චය කරනවා. පරාදීසයෙන් පලවා හරිනවා.

    ආගම නිර්මාණය වෙන්නෙම ලිංගිකත්වය පාලනය කිරීමක් විදිහට. ලිංගිකත්වය පාලනය කිරීම හරහා යම් ශුද්ධත්වයක් හැම සංස්ථාපිත ආගමක්ම බලාපොරොත්තු වෙනවා. සංස්ථාපිත ආගමක් කියන්නෙ රාජ්‍යය සමග බැඳුනු ආයතනයක්. ඒ ආගම් තමයි රාජ්‍යයක ආධ්‍යාත්මික බල කේන්ද්‍ර වෙන්නෙ. පත්වෙන රජයක සුජාතභාවය රකින්නෙ ආගමික සංස්ථාවයි.

    ආගමේ කාර්යය වෙන්නෙ සදාචාරය පාලනය කිරීම. සදාචාරය කියන්නෙ රාජ්‍යයේ ගැඹුරුම සමාජ මනෝ විද්‍යාත්මක දේශපාලන ව්‍යුහය. ඒ ව්‍යුහය මගින් තමයි පුරවැසියාගේ පෞර්ෂය නිර්මාණය කරන්නෙ.

    අපි ගොඩක් වෙලාවට හිතනවා සෙක්ස් සහ දේශපාලනය අතර සම්බන්දයක් නෑ කියල. සෙක්ස් පුද්ගලික රහසිගත දෙයක් කියල. රාජ්‍යය විසින් අපේ සෙක්ස් පාලනය කිරීම හරහා අපිව සදාකාලිකව යටත්වැසියන් ලෙස පවත්වාගන්නවා කියන එක අපිට ‍තේරුම් ගන්න අමාරු වෙලා තියෙනවා. අපේ තෘප්තිය සහ වේදනාවේ බලය ඔවුන් අත්පත් කරගන්නවා කියන එක අපි දකින්නෙ නෑ. මොකද ඒ හරහා අපේ දකින දේ පාලනය කිරීමේ හැකියාවත් ඔවුන් අතට ගන්නවා. ඒ කියන්නෙ අපි දකින්නෙත් රාජ්‍යයට ඕන විදිහට.

    මේ ගැන ඉතාම විධිමත්ව කතා කරනවා විල්හෙල්ම් රයික් කියන ඔස්ට්‍රියානු මනෝ විශ්ලේෂකයා. ෆ්‍රොයිඩ්ගේ දෙවෙනි පරම්පරාවෙ ප්‍රමුඛයා වෙන්නෙ රයික්. ඒත් රයික් විසින් මනෝ විශ්ලේෂණයට දේශපාලනය සම්බන්ධ කරන නිසා ෆ්‍රොයිඩ් රයික්ව පිටු දකිනවා. ෆ්‍රොයිඩ්ගෙ මූලික න්‍යායක් වුනු ඊඩිපස් සංකීර්ණය පවා නැවත විශ්ලේෂණය කරමින් රයික් අහන්නෙ, පවුල යන සංස්කෘතික ආකෘතිය නොතිබුනා නම් ඊඩිපස් වරදකාරීත්වය මතු වෙන්නෙ නෑ නේද කියලයි. ෆ්‍රොයිඩ් වික්ටෝරියානු සමාජ සදාචාරයේ සරණ ලබමින් මේ වරදකාරීත්වය පුද්ගලයා තුල පවතින දෙයක් කියනවා. ඒත් රයික් කියන්නෙ ඒක සමාජය විසින් පුද්ගලයා ඇතුලෙ වර්ධනය කරන දෙයක් කියලයි.

    සදාචාරය කියන්නෙ දේශපාලන බලයක් කියල රයික් කියනවා. ඒ වගේම පවුල කියන්නෙ ලිංගික දේශපාලනයේ බල කේන්ද්‍රය විදිහට රයික් දකිනවා. පවුල හා බැඳුනු ලිංගික ආර්ථිකය හරහා පුරවැසියාගේ පෞර්ෂය රාජ්‍යය විසින් පාලනය කරන ආකාරය, කප්පාදු කරන ආකාරය රයික් විස්තරාත්මකව කියනවා.

    එයා දකින්නෙ සියල්ලෙහි මූලික ශක්තිය වෙන්නෙ සෙක්ස් කියල. අපි හිතන්න පුරුදු වෙලා තියෙන්නෙ සෙක්ස් කියන්නෙ ඉන්ටර්කෝස් එක කියල. ඒත් රයික් කතා කරන්නෙ සෙක්ස් එනර්ජි එකක් ගැන. ලිබි‍ඩෝව ගැන. සෛලයක් සෛලයක් පාසා ජීවිතය ජීවත් කරවන ශක්තිය ගැන.

    මුලු විශ්වයම ඇති වුනේ big bang හෙවත් මහා සංසර්ගයකට පසු ඇතිවුනු සුරතාන්තයකින් කියල රයික් කියනවා. එයා ඒ නිසා ඔර්ගොන් කියල (ඕගස්මික්) ශක්තියක් ඔප්පු කරන්න පර්යේෂණ කරනවා.

    රයික් එයාගෙ ලිංගික දේශපාලනය ගැන කරන ‍මනෝ විශ්ලේෂණාත්මක විග්‍රහය පොත් තුනක් හරහා අරන් එනවා.

    • The invation of compulsory sex morality
    • Mass Psychology of Fascism
    • Sexual revolution

    හැට ගණන්වල යුරෝපය පුරා ඇතිවුනු සෙක්ස් රෙවලූෂන් කියන නම පවා මුලින්ම හදුන්වාදෙන්නෙ රයික්. ඒ එක්දාස් නමසිය තිස් ගණන්වලදි.

    රයික්ගෙ කතාව සරලව කිව්වොත් මෙහෙමයි.

    අපි හැමෝම දන්නවා ෆ්‍රොයිඩ් විග්‍රහ කරන හැටියට නියු‍රෝසියාව (කාංසාත්මක රෝග) ඇති වෙන්නෙ අසාර්ථක ලෙස ලිංගිකත්වය යටපත් කිරීම නිසයි. ඒ කියන්නෙ ළමයෙක් පුංචි කාලෙ ඉඳන්ම මුහුන දෙන ලිංගික යටපත් කිරීම ඒ ළමයාගේ වැඩිමහල් වයසෙ ඇතිවෙන කාංසාත්මක තත්වයන්ට හේතු වෙනවා. අපි පහුකරන ලිංගික අවධීන්වලදි සමාජ සදාචාර නිර්ණායක අනුව ලිංගිකත්වය යටපත් කිරීම සිද්ද වෙනවා. නියුරෝසියාව හෙවත් කාංසාත්මක රෝග සුව කරන්න නම් කළ යුත්තේ මේ ලිංගිකත්වය නිදහස් කරන එකයි.

    බුදුන් විසින් සබ්බෙ පෘතග්ජනා උන්මත්තකා කියන්නෙ ඔන්න ඔය කාරණය හින්ද වෙන්න ඕන. අපි හැමෝම අපේ සංස්කෘතිය ඇතුලෙ නියුරෝසික රෝගීන්. අපිව රෝගීන් කරන්නෙ පවතින රාජ්‍යය සදාචාරය විසිනුයි.

    රයික් සෙක්ස් ඉකොනොමි කියල වචනයක් පාවිච්චි කරනවා. ඒ කියන්නෙ සමාජයක ලිංගික ආර්ථික ක්‍රමවේදය මොකක්ද කියන එක. අපි ලිංගික ගනුදෙනු තෘප්තිමත් කරගන්නා ආකාරයට රයික් කියනවා ලිංගික ආර්ථිකය කියල. මේ ආර්ථිකය රාජ්‍යය විසින් පාලනය කරන්නෙ තහංචි පැනවීමෙන්. ඒ තහංචිය තමයි අපිට අර මුලින්ම බයිබලයේ මුනගැහෙන්නෙ.

    මේ යටපත් කරන ලද ලිංගිකත්වයේ නියුරෝසියාවෙන් ගැලවෙන්න නම් අපි ලිංගිකත්වය නිදහස් කරන්න ඕන. ඒක කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් ඒ ආශාව තේරුම් ගැනීමෙන් පස්සෙ ඒක පාලනය හෝ නොතකා හැරීම කරන්න පුලුවන්. හැබැයි ආශාව විනිශ්චයකින් තොරව ගැඹුරින් තේරුම් ගැනීම මුලින්ම අවශ්‍ය වෙනවා. දෙවෙනි ආකාරය තමයි මේ ආශාවේ ප්‍රේරණ නැත්තං ඩ්‍රයිව්ස් අපිට වෙනත් මාර්ගවලට හරවන්න පුළුවන්. උදා විදිහට අපිට අපේ ලිංගික ආශාවේ දිශාව කලාව පැත්තට හරවන්න පුළුවන්.

    හැබැයි මේ ආකාර දෙකම තමන්‍ගේ ලිංගික ජීවිතය බාධා වුනු කෙනෙකුට කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ආශාව තේරුම් ගැනීමට වගේම වෙනත් දිශාවකට මාරු කිරීම කරන්න පුළුවන් ළමා වියේ පටන් නිරෝගී ලිංගික වර්ධනයක් ලබපු කෙනෙකුට විතරයි. එහෙම එකක් අපි කාටවත් නෑ.

    රයික් එතනදි අහන්නෙ ලිංගික ආශාව ඍජුවම තෘප්තිමත් නොකරන්නෙ ඇයි කියල. ඒක සදාචාරය විසින් අපි තුල නිර්මාණය කළ ඇටිටියුඩ් එකක් හින්ද වෙන වැඩක්. අපි සෙක්ස් සලකන්නෙම වැරදි දෙයක් විදිහට. දෙවියන් විසින් අපිට දඩුවම් පැනවූ දෙයක් විදිහට. සෙක්ස් ගැන අපේ තියෙන මේ ඇටිටියුඩ් එකම තමයි අපේ සියලු සමාජ මානසික රෝගයන්ගේ මුල කියල රයික් විස්තර කරනවා.

    ළමා කාලෙදි මේ සෙක්ස් ඇටිටියුඩ් එක නිවැරදිව සකස් වුනේ නැත්නම් කෙනෙකුගේ ලිංගික පෞර්ෂය හරි විදිහට සංවර්ධනය වෙන්නෙ නෑ. සෙක්ස් කියන්නෙ වැරදි දෙයක් කියල පිළිගන්නා මානසිකත්වයකින් නිරෝගී පෞර්ෂයක් ගොඩනැගෙන්නෙ නෑ. රයික් කියන්නෙ මේ නියුරෝසියාව ලි‍ංගේන්ද්‍රියන් හරහාම තෘප්තිමත් කළ යුතුයි කියලයි. එය වෙන කිසි වටවංගුවකින් තොරව සෙක්ස් ප්‍රකෘතියෙන් බාරගැනීම හරහාම සුවපත් කළ යුතුයි කියලයි.


    ඊළග කොටසෙ ඉතුරු ටික

  • අනවසරයෙන් රූගත කළ වැටකේ වීඩියෝ සුනාමිය

    අනවසරයෙන් රූගත කළ වැටකේ වීඩියෝ සුනාමිය

    වෙරලේ පෙම්වතුන් ලිංගිකව හැසිරෙද්දි හොරෙන් වීඩියෝ කරපු එකෙක් පොලිසිය අත් අඩංගුවට ගන්නවා. ලංකාවෙ පොලිසිය කරපු හොඳ වැඩක්. සෙක්ස් කිරීමේ නිදහස වෙනුවෙන් පොලිසිය පෙනී සිටීමක් කළාමද කොහෙද .

    ඒ මනුස්සයා ඒ වීඩියෝ කරපු අරමුණ මොකක්ද අපි දන්නෙ නෑ. විකුනලා කීයක් හරි හොයාගන්න වෙන්න පුළුවන් . රොබින්හුඩ් වගේ හැමෝම අතර බෙදාහරින්න වෙන්න පුළුවන් . නැත්තං තනියම රසවිඳින්න වෙන්නත් පුළුවන්.

    ඒ කොහොම වුනත් ඌ හිරේ ගිය අතරෙ ඒ වීඩියෝ තොගේම එලියට ආවා. ඊට පස්සෙ ඒ වීඩියෝ බලන එක හරිද වැරදිද කියන සදාචාර ප්‍රශ්නෙ ආවා. අනවසරයෙන් වීඩියෝ කිරීම වරදක් වුනාට ඒ වීඩියෝ අනවසරයෙන් නැරඹීම වරදක් කියල හිතන තරමෙ සදාචාරවාදියෙක් නොවෙන හින්ද මං ඒ වීඩියෝ බැලුවා.

    ඒ වීඩියෝ බලද්දි අපේ තරුණ උන් සෙක්ස් රසවිඳින හැටි ගැන ආඩම්බර හිතුන. කාමරේකට යන්න සල්ලි නැති නිසා හරි කාමරේකට යනවට වඩා අඩු වරදක් කියල හිතන නිසා හරි මේ කොල්ලො කෙල්ලො වෙරළක වැටකේ ගාලක රතිසුව විඳිනවා. ඇත්තටම හොරෙන් වීඩියෝ සහ පොලිසියෙ බලහත්කාරයන් වගේ දේවල් නැත්තං වෙරළ කියන්නෙ සෙක්ස්වලට අසිරිමත්ම තැනක්.

    ඒ කොහොම වුනත් උන් ඉතා රමණීය විදිහට ඒ ආස්වාදය විඳිනවා. විශේෂයෙන් කාන්තාවගේ පැත්තෙන් ලොකු දියුණුවක් පේන්න තියෙනවා . තමන්ගේ ආස්වාදයත් හඹා යන නිර්භය පෙම්වතියන් ඒ වීඩියෝවල ඉන්නවා. ඇයව සතුටු කිරීමම ආනන්දය කරගත් පෙම්වතුන් ඉන්නවා.

    ඇත්තටම මේ වීඩියෝ තොගය කියන්නෙම ලංකාවෙ සෙක්ස් ගැන මිළ කළ නොහැකි පර්‍යේෂන මූලාශ්‍රයන් වෙනවා.

  • ගැහැණියක් පිවිසිය යුත්තේ ඇගේ වැජයිනාව තුලටය – Poor Things

    ගැහැණියක් පිවිසිය යුත්තේ ඇගේ වැජයිනාව තුලටය – Poor Things

    යෝර්ගොස් ලැන්තිමොස්ගෙ පුවර් තින්ග්ස් බැලුවා. ඒ ගැන සටහනක් තියන්න හිතුනෙ විචාරයකට වඩා එවන් උත්කෘෂ්ට නිර්මාණයකට කරන උපහාරයක් විදිහට. පුවර් තින්ග්ස් කියන්නෙ නූතන මාස්ටර්පීසස් ගණයට වැටෙන චිත්‍රපටයක්. ලැන්තිමොස් විසින් දිගටම කරගෙන ආපු මානව පැවැත්මේ ගැටලුව නැත්නම් අවුල ආකර්ශනීය ලෙස දැකීමේ නිර්මාණ ව්‍යාපෘතියෙ කූටප්‍රාප්තිය කියන්න පුළුවන්. මේ චිත්‍රපටයට ඇකඩමි සම්මාන ලැබීමෙන් ඇකඩමිය ඇගයීමට ලක්වෙනවා මිස චිත්‍රපටයේ ඇගයීමට සම්මාන උවමනා වෙන්නෙ නෑ. ඒ තරමට ඒක පරිපූර්ණයි.

    Yorgos Lanthimos

    ලැන්තිමොස් තමන්ගේ නිර්මාණය වෙනුවෙන් විෂුවල් පැත්තෙදි ලේයර්ස් ගණනාවක් පාවිච්චි කරනවා. එයාගෙ පිහිටීම හරි අපූර්ව එකක්. එයා තමන්ගේ නිර්මාණය සළකුනු කරන්නෙ යතාර්ථය සහ අධියතාර්ථය අතර තැනක. ඒ වෙනුවෙන් යොර්ගොස් තමන්ගේ පරිච්ඡේද බෙදීම් වගේම තමන්ගේ කලුසුදු සහ වර්ණ භාවිතය යොදාගන්නවා.

    ඒක සිහිනයක්මත් නෙමෙයි. ඒත් අත්දකින සාමාන්‍ය එකත් නෙමෙයි. ඒක සුරංගනා කතාවක්. එක්තරා විදිහක ‍ෆ්‍රැන්කන්ස්ටයින් ප්‍රතිනිර්මාණයක්. ඒත් ඒ සියල්ලටම ඉහලින් ඒක කාන්තාවක් බුද්ධත්වය සොයාගෙන යන ගමනක්.

    ශිෂ්ට යැයි සම්මත සදාචාරයට අහු නොවෙන මිනිස් ගවේෂණයක් ගැන යොර්ගොස් කියනවා. තමන්වම පරීක්ෂාවට ලක් කරමින්, යක්ෂයින් ලෙස හංවඩුවට පාත්‍රවෙමින්, ජීවිතයෙන් වන්දි ගෙවමින් මේ ආධ්‍යාත්මික ගවේෂණය කරන මිනිසුන් සහ ගැහැණුන් ගැන කතාවක් තමයි පුවර් තින්ග්ස් කියන්නෙ.

    සියදිවි නසාගන්නා මවකට ඇගේ කුසෙහි සිටින දරුවාගේ මොළය බද්ධ කිරීමෙන් අලුත් ජීවිතයක් ලබාදෙන විද්‍යාඥයෙක් ඉන්නවා. එයා තමයි ඇගේ දෙවියන්. ඇයට සම්මත සදාචාරයේ දොරගළු හැර දමමින් පූුර්ණ ගවේෂණයකට ඉඩකඩ මේ විද්‍යාඥ තාත්තා ලබා දෙනවා. එහිදී ඇය ලිංගිකත්වය හොයාගෙන වන්දනාවක යනවා.

    ඇගේ ලිංගිකත්වය සොයාගෙන යන ගමනෙදි මුනගැහෙන පිරිමින් කුඩුපට්ටම් වෙනවා. ඔවුන් වසඟ වෙන්නෙ ඇගේ ළමාකමට. ඇය සිරුරෙන් තරුණ වුනත් මනසින් ළමයෙක්. ඇය සියල්ල දෙස බලන්නෙ ඒ කුතුහලය පිරුනු ඇස්වලින්. ඇයට සෙක්ස් කියන්නෙ සතුට වෙනුවෙන් කරන සෙල්ලමක්. රමණය ඇඳ උඩ පිස්සුවෙන් උඩ පැනීමක්.

    පිරිමින් මුලින් වසඟ වෙන මේ ළමාකම, නැත්නම් ඉනසන්ස් එක පස්සෙ ඔවුන්ගේ පිරිමිකම අභියෝගයට ලක්කරනවා. අවසාන අර්ථයේදී ඇය තමන්ගේ දේපොලක් යන ආදරයේ හැගීමෙන් පෙලෙන පිරිමි වර්නාවලියක් යොර්ගොස් ඉදිරිපත් කරනවා. එක පිරිමියෙක් ඇයට ලෝකය පෙන්නන්න ඉදිරිපත් වෙනවා. ඒ පිරිමියා අවසන් වෙන්නෙ මහමග පිස්සෙක් වෙලා. ඇගේ නිදහස දරාගන්න කිසිම පිරිමියෙකුට බැරි වෙනවා.

    Emma Stone in POOR THINGS. Photo Courtesy of Searchlight Pictures. © 2023 Searchlight Pictures All Rights Reserved.

    ඇය ගණිකාවක් වෙනවා. සෙක්ස් කියන එක මහා දෙයක් නොවන මනසකින් ඇය ලිංගිකත්වයේ ගැඹුරුම, පිටුවහල් කරන ලද තැන් කරාත් ගමන් කරනවා. වික්ටිමයිස් මනසක් නැති ඇය හැම ලිංගික මොහොතකින්ම තවත් ශක්තිමත් වෙනවා. දෙපා අතර රැඳුනු සතුටෙහි කුතුහලය හඹායාම උපරිමයෙන් ආස්වාද කළ පසු ඇය දෙකන් අතර රැඳුනු ඉඩෙහි ආස්වාදය හොයන්න පෙළඹෙනවා. වඩාත් ලිංගික ඉන්ද්‍රිය මොළය බව ඇය තේරුම් ගන්නවා. ඇය හිතන්න ගන්නවා.

    මහලු දාර්ශනිකයන්, ලෝකය අර්ථ විරහිත යැයි වටහා ගත් බුද්ධිමතුන්, සමාජවාදීන් සියල්ල පසුකරමින් ඇය ඇගේ ආධ්‍යාත්මය හොයාගෙන යනවා. ඇයට ආදරය මුනගැහෙනවා. ඒ තමන්ට විපරීත උපතක් ලබාදුන්, කොන්දේසි විරහිත ජීවිතයක් ලබාදුන් තාත්තා ළග. ජීවිතය පර්යේෂණයට දාලා අවබෝධයට පත්වෙන්න ඇයට ඉගැන්වු‍යේ ඒ විද්‍යාඥ තාත්තා.

    හැම කැපුමක්ම මහා කරුණාවෙන් කළ දෙයක් විය යුතුයි..

    ශල්‍ය විශේෂඥයෙක් වුනු ඔහුගේ ධර්මය වන්නේ එයයි. සිරුරක පමණක් නොව හිතක වුනත් හැම කැපුමක්ම, රිදුමක්ම මහා කරුණාවෙන්ම කළ දෙයක් වෙන්න ඕන. ඒ තමයි ආදරයේ පදනම. ඒක හැමතිස්සෙම තමා දන්නා ලෝකය ඉක්මවා යන්නක්. තමන් බියවනසුලු විනාශය කරා යන ගමනක්. මහා සමාජය බියපත් ඒ පැවැත්මේ ගැඹුර හොයාගෙන යන ගමනෙදි තමයි කෙනෙකුට තමන්ව මුනගැහෙන්නෙ.

    ඇගේ ලෝකයේ පිරිමින් දෙන්නෙක් විතරක් නොමැරී ඉතිරි වෙනවා. ඒ ඇයට කිසිදු ආකාරයක සීමාවක් බාධාවක් පනවන්නේ නැති, කුතුහලයෙන් පුදුමයෙන් ඈ දෙස බලා සිටින තරුණ විද්‍යාඥයා. අනෙකා තමන්ව නිර්මාණය කොට මිය යන තාත්තා. නිදහස් ගැහැණියකට පැවැතිය හැක්කේ මේ පිරිමි අවකාශයන් අතර පමණක් බව යොර්ගොස් කියනවා.

    මෙතනදි එමා ස්ටෝන් මේ දර්ශනය තමන්ගේ ශරීර කූඩුව ඇතුලට අරගෙන නරඹන අයගේ ඇටකටු කුඩුවෙන තරමෙ රංගනයක් ඉදිරිපත් කරනවා. ඇය උමතුවෙන් වගේ සෙක්ස් කරනවා. නිරුවත පිළිබඳ සියලු සදාචාර මිනුම් දඩු උනා දැමූ ගැහැණියක් නිරූපණය කිරීම ගැහැණියකට ලේසි වැඩක් නෙමෙයි. මොකද එහෙම ගැහැණියක් කිසි දවසක පැවතී නැති නිසා. නමුත් එමා අපිට ඒ ගැහැණිය මුණගස්වනවා. ඇගේ ශරීරයෙන්, ඇස්වලින්, වචනවලින්, හුස්මෙන් පවා අපිට ඒ පැවැත්ම දනවනවා.

    චිත්‍රපටයක සුවිශේෂම කාරණය වන්නේ ඒ මගින් අපි මෙතෙක් නොදුටු විරූ යමක් අපිට නිර්මාණය කොට පෙන්වනවාද කියන එකයි. මෙතෙක් නොදුටු මනුෂ්‍ය නිමේෂයන්, මෙතෙක් නොදුටු සංස්කෘතික අවකාශයන්, මෙතෙක් නොදුටු ස්වභාවික අවකාශයන් ඇතුලෙ අපිව ජීවත් කරනවාද කියන එකයි. සිනමාවට අලුතෙන් යමක් එකතු වෙනවා කියන්නෙ එහෙමයි. යොර්ගොස් මෙතනදි මේ සියල්ල එක චිත්‍රපටියක් ඇතුලෙ කරනවා.

    බෞද්ධයො අහලා තියෙනවා ගැහැණියක් බුද්ධත්වයට පත්වෙන්නෙ නෑ කියල කතාවක්. ගැහැණියක් බුදු කෙනෙක් බිහිකරනවා විතරයි. යොර්ගොස්ගෙ ගැහැණිය ඒ බිහිවෙන්න යන දරුවාගේ මොළය තමන්ට බද්ධ කරගෙන ලෝකය දකින බුදුවරියක්. ඇය රුදුරු මුනිවරියක්. ගැහැණියකගේ අවබෝධයේ මාර්ගය වැටී ඇත්තේ ඇගේ දෙකකුල් අතරින් බව යොර්ගොස් මතක් කරනවා. මෙතෙක් ඇයගේ ඒ ඉඩ අයිති කරගෙන ඉන්නෙ පිරිමියෙක්.

    මතක තියාගන්න ඕන කාරණය වෙන්නෙ යොර්ගොස් ලැන්තිමොස් කියන්නෙ ග්‍රීකයෙක්.

  • සොෆියා අපිව අවදියෙන් තබා ඔබ නිදන්න

    සොෆියා අපිව අවදියෙන් තබා ඔබ නිදන්න

    සොෆියා ලියොන් මාර්තු 1 දා එයාගෙ අපාර්ට්මන්ට් එකේ මැරිලා ඉඳලා හොයාගන්නවා. එතකොට එයාගෙ වයස අවුරුදු 26. එයාගෙ කුඩප්පච්චි නැත්තං ස්ටෙප් ෆාදර් මේ ගැන සටහනක් දානවා.

    ඇය ආදරනීය දියණියක්, සහෝදරියක්, මිනිපිරියක්‍, ලේලියක් වගේම සත්තුන්ට දැඩිව ආදරය කළ කෙනෙක්, හැමෝම සතුටෙන් තියන්න වෙහෙස වූ කෙනෙක් බවත් ඒ තාත්තා එහි සටහන් තබනවා.

    මේක කොල්ලකෑමක් හෝ මිනීමරුමක් විය හැකියි කියන එක ගැන පොලිසිය පරීක්ෂණ පවත්වනවා

    ඇගේ පවුලේ අය සහ වෛද්‍යවරුන් කියන විදිහට කිසිම විදිහක මත්ද්‍රව්‍ය ශරීරගත වීමක් රෝහල්ගත කිරීමේදී වාර්තා වෙලා නෑ. ඒ වගේම ඇය මත්ද්‍රව්‍යවලින් පුනරුත්ථාපනය වන වැඩසටහනක තමයි ඉඳලා තියෙන්නෙ. ඒත් ලංකාවෙ මාධ්‍යවල උවමනාව වෙන්නෙ මේක ඩ්‍රග් ඕවර්ඩෝස් එකක් බව සහතික කරන්න. එහෙම තමයි අපේ හැටි.

    අපිට ඕන සියලු නරකෙහි ප්‍රතිඵලයක් ලෙස ඇය විපතට පත් වුනා කියන්න. ඇය පව් කළ නිසා මිය ගිය බවටත් අපි පව් නොකරන නිසා ජීවත් වෙන බවටත් සහතික වෙන්න.

    කවුරු හරි මැරු‍නොත් අපි මුලින්ම අහන්නෙ බොනවද කියල. බීලා නම් ඒ හේතුවම ඇති ඒ මරණයට. බොන්නෙත් දුම් බොන්නෙත් නැත්තං අපිට මරණය ටිකක් ප්‍රහේලිකාවක් වෙනවා.

    මිනිස්සු මැරෙනවා. බොන අයත් නොබොන අයත්, ඩ්‍රග්ස් ගන්න අයත් ඩ්‍රග්ස් නොගන්න අයත්, වාහන එලවන අයත් පයින් යන අයත්, එලියෙ ඉන්න අයත් ගෙදර ඇඳ උඩ ඉන්න අයත්, පෝර්න් වල රඟපාන අයත් පෝය නාට්ටිවල රඟපාන අයත් මැරෙනවා. ඒකට ලිංග, වයස්, ජාති ආගම් බේද වගේම සදාචාර බේදයකුත් නෑ.

    කොහොම වුනත් අපිව රසවත් කළ, ඇගේ සිරුරෙහි ශෘංගාරය උපරිමයෙන් ආස්වාදය වෙනුවෙන් කැප කළ, අපේ රහස් ජීවිතේ ඉතා සමීපතම කෙනෙක් වුනු සොෆියා ගැන මෙනෙහි කරන්න මේක හොඳ වෙලාවක්. සොෆියා කිසිම වෙලාවක එයාගෙ පුද්ගලික ජීවිතය ගැන කතා කලේ නෑ. එයා නිතරම උත්සාහ කලේ පුද්ගලික ජීවිතය සහ වෘත්තිමය ජීවිතය වෙන් වෙන්ව පවත්වාගෙන යන්න. පෝර්න් නිළියක් විදිහට ඒක අමාරුම වැඩක්. තමන්ගේ ශරීරයත් පොදු ආස්වාදය වෙනුවෙන් විවෘත කරන අතර පුද්ගලික යැයි සංවෘත සීමාවක් තමන් විසින්ම නිර්මාණය කරගන්නවා කියන එක ලේසි වැඩක් නෙමෙයි.

    සොෆියා ඉපදෙන්නෙ 1997දි මියාමි ෆ්ලොරිඩාවල. මෙක්සිකෝවෙ කොහෙන් හෝ තමන්ගේ පවුල එන්න ඇති කියල එයා කියනවා. එයා ශරීරය අත්හරිද්දි වීඩියෝ 230ට වැඩි ප්‍රමාණයක් කරලා තියෙනවා. අවුරුදු 26ක් වෙද්දි සොෆියා පෝර්න් සඳහා ඉතාම වැඩි මිළක් අය කරන නිළියක් වගේම සම්මාන දිනූ නිළියක් වුනා.

    මං අවුරුදු 18දි මේ ක්ෂේත්‍රයට ආවෙ. මට සල්ලි හොයන්න ඕනකම තිබුනා. මට මුලින්ම හම්බුනෙ කැම් ගර්ල් කෙනෙක් විදිහට කැමරාව ඉස්සරහ ස්ට්‍රිප් කරන්න. ඒක හරිම පර්සනල් දෙයක්. අපි එක එක්කෙනාගෙ උවමනාවන් අඳුරගෙන ඒ අනුවයි ඒක කරන්න ඕන.

    සොෆියා එයාගෙ අතීතය ගැන කියනවා.

    මං කොහොමත් ගොඩක් සෙක්ස්වලට කැමති කෙනෙක්. ගොඩක් පිරිමි එක්ක මං සෙක්ස් කරලා තියෙනවා. ඒත් මං ගැන්ග්බැන්ග් එහෙම කරලා නෑ. හැබැයි මං කැමරාව ඉස්සරහ වගේම කැමරාව පිටුපසත් ත්‍රීසම් එහෙම කරලා තියෙනවා. ගොඩක් ඉන්ටෙන්ස් ඒවා. හැබැයි මේ දෙක වෙනස්. මං කැමරාව ඉස්සරහ කරන දේවල් කවදාවත් ඕෆ් කැමරාවෙන් පිටිපස්සෙ කරන්නෙවත් පිටිපස්සෙ කරන දේවල් ඉස්සරහ කරන්නෙවත් නෑ.

    සොෆියා තමන්ගේ සම්බන්ධතාවල ස්වරූපයන් හඳුනා ගනිමින් ඒවා පැහැදිලිව නිර්ණය කරගත්ත බවක් පේනවා. තමන්ගේ ලිංගික නැඹුරුව වගේම ආශාවත් සීමාවත් ඒ වයසට එයා අදුරගනිමින් හිටියා.

    මං කිසි දවසක ඒනල් කරන්නෙ නෑ. හාර්ඩ්කොර් යන්නෙ නෑ. මං කැමතියි වැනිලා සෙක්ස් විදිහට මගේ නිරූපණය තියාගන්න. මං අර දේවල් කවදා හරි කරයි. ඒත් පුළුවන් තරම් ඒවා කල්දාන්න මං කැමතියි.

    ඒනල්වලට මං අකමැති වුනේ මං ඒක මුලින්ම ට්‍රයි කරපු පිරිමියා නිසා. එයා දැනගෙන හිටියෙ නෑ එයා මොනවද කරන්නෙ කියල. ඒක වේදනාවක් වුනා. ඒක ඒනල්වලදි වෙන්න තියෙන නරකම දෙයක්. මාත් ගොඩක් ‍ස්ට්‍රෙස් වෙලා හිටියෙ.

    සොෆියා තමන්ගේ අතීත සම්බන්ධතා ඇතුලෙ ඇති වුනු ලිංගික බාධකයන් ගැන කතා කරනවා.

    ‘මං ජීවිතේ හැම දෙයක්ම එකපාරක් හරි කරලා බලන්නයි හිතන්නෙ’

    එයාට තිබුනෙ ඇඩ්වෙන්චරස් මනසක්.

    ෆ්ලොරිඩාවලදි මට ඒජන්ට් කෙනෙක් හම්බුනා. ඒ මාර්ගෙන් තමයි මං පෝර්න් වලට ආවෙ. මං තාමත් වැඩ කරන්නෙ එයත් එක්ක. මං හරිම වාසනාවන්තයි මට එහෙම ඒජන්ට් කෙනෙක් හම්බුන එකට.

    මගේ ඔන්ලි ෆෑන්ස් මැනේජ් කරපු කෙනාම තමයි මගේ පළවෙනි ඩිරෙක්ටර් වුනෙත්.

    එයා මට දැකපු ගමන් කිව්වා ඔය මේකප් එක්ක ඔයා හරි මෝඩ පාටයි කියල. ඒක මට රිදුනා ඒ වෙලාවෙදි හරියට මං මෝඩයි කිව්වා වගේ.

    ඒක එයා මේකප් කරන කෙනාට කියන්න ඕන කතාවක්. එයා මගෙන් සමාව ඉල්ලුවා. කවදාවත් ඒ වැරැද්ද අමතක කරන්නෙ නෑ කිව්වා. මාත් කිව්වා මගේ පලවෙනි දවසෙම මට මෝඩයි කියපු එක මං අමතක කරන්නෙත් නෑ කියල.

    සෙට් එකකදි මුලින්ම කොහොම වුනත් කෙල්ලෙකුට කියන්න ඕන ඔයා මොනතරම් හොට්ද සෙක්සිද කියල. ඇත්තටම එහෙම නොවුනත්. මොකද ඒ කන්ෆිඩන්ස් එක හරිම වැදගත්.

    සොෆියා එයාගෙ නළි ජීවිතේ පටන් ගැන්ම ගැන මතක් කරනවා.

    මට මුල් කාලෙ රිලේෂන්ෂිප් එකක් තිබුනා. බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියා. ඒ හින්ද සෙට් එකට ආවම මට ඕන වුනේ ආවා වැඩේ කළා චෙක් එක ගත්තා ගියා කියන ටික විතරයි. ඒක හරිම ඩිස්රෙස්පෙක්ට්ෆුල් දෙයක්. මාත් එක්ක වැඩ කරපු අනිත් අය එක්ක කතා කරන්නෙ, ඒ අය ගැන හිතන්නෙවත් නැතුව සල්ලි විතරක් අරගෙන යන එක.

    ආදරය සහ රැකියාව අතර සීමාවන් අඳුරගත්ත හැටි සොෆියා කියනවා.

    එයා මාත් එක්ක රිලේෂන්ෂිප් එකක් පටන් ගත්තෙ මං කරපු වැඩ ගැන දැනගෙනමයි. ඒත් ඒ අතරෙදි මං එයාව චීට් කළා තව කෙනෙක් එක්ක. වැරැද්ද මගේ. ඒත් ඒ මගේ හැටි. ඒකෙන් අපි තරහ වුනේ නෑ. දැනුත් අපි හරි ‍කිට්ටු යාලුවො. ඒත් අපි පෙම්වතුන් නෙමෙයි.

    තමන්ගේ ආශාව සහ ආදරය එක්ක සම්බන්දතාවල ස්වරූපය තීරණය කරගන්න අමාරු වුනු හැටි ගැන සොෆියා සවිඥානකයි.

    ‘’පෝර්න් ස්ටාර් කෙනෙක් විදිහට ආදරේ කරන එක හරිම අමාරුයි. මේ සම්බන්දෙට පස්සෙ මං කිසි කෙනෙක් එක්ක ආදරයක් පටන් ගත්තෙ නැත්තෙ ඒකයි.

    එහෙම සම්බන්දෙකදි එක්කො ඒ පෙම්වතා අපි ගැන ඕනවටත් වඩා ඔබ්සෙස් වෙලා කරදරයක් වෙනවා. නැත්තං ඔයා යාලුවෙක් එක්ක කතා කළත් විශ්වාස කරන්නෙ නැති තත්වෙකට එනවා’’

    තමන්ගේ ශරීරය ගැන, හැගීම් ගැන, වෘත්තිය ගැන ඉතාම හොඳ අවලෝකනයක් තිබුනු සොෆියා හදිස්සියෙ මිය ගියා. ඇය ජීවිතේ කෙටි කාලයක් වුනත් ඒ කෙටි කාලයේ ‍ගිනි සිළුවක් වගේ දැල්වුනා. බිම වැටී තිබුණු පුරුෂ ලිංගයන් දහස් ගණනක් ඍජු කළා. මනස් තෘප්තිමත් කළා.

    ඇය මහළු වී වැහැරී යනවා වෙනුවට තාරුණ්‍යයේදීම අනුරාගය බිඳකුදු ‍නොසි‍දෙන පරිදි මරණය වැළඳගත්තා. දෙවඟනක් බඳු ඇයට ගෞරව කරනවා මිස වෙන මොනවා කරන්නද?

    මේ ගැන චාමර ගුරුගේ ෆේස්බුක් සටහනක් දාලා තිබුන මෙහෙම.

    නිල් චිත්‍රපටි නිලියො බොහෝ විට අකාලයේ මිය යනවා…සුයිසයිඩ්…ඩ්‍රග්ස් ඕවර්ඩෝස් … ඇක්සිඩන්ට් වැනි හේතුන් මත…අති ධාවනකාරී ජීවිතය කොහේහරි ගිහිල්ලා හැප්පිච්ච ගතියක් තමයි ඒ මරණවල තියෙන්නෙ …එහෙම කෙනෙක් මැරුනාම බොහෝ දුරට මම දැකලා තියෙනවා දෙඅකාරයක ප්‍රතිචාර …එක වර්ගයක් තමයි….ඒ අවසනාවන්ත ජීවිතය දෙස බලන අනුකම්පාශීලි ප්‍රතිචාර…පෝර්න් ඉන්ඩස්‍ට්‍රිය ගැන ඇති විරෝධය…මත්ද්‍රව්‍ය පිළිබඳ විරෝධය…වැනි දේවල් ඒ ප්‍රතිචාර අතරේ තියෙන්න පුළුවන් ….ප්‍රශ්නේ තියෙන්නෙ අපි මේ කොනේ ඉඳන් අනං මනං හිතුවාට…ඒ කොනේ ජීවත්වෙන මිනිස්සුන්ගේ ජීවිත ගැන අපි මුකුත් දන්නෙ නෑ…

    අනිත් ප්‍රතිචාර විදිය ඉතාම නරුමයි..ඒ මැරුණ කෙනා මනුස්සයෙක් කියන හැඟීම නොසලකා කරන ත්‍රාඩ ලිංගික විහිලු…

    ඒ දෙකම මැද තැනකින්…අනේ අපිට ළඟ කෙනෙක්…අපිව පිනවපු කෙනෙක්… සමහරවිට ප්‍රසිද්ධ සිනමාවෙ නිලියකටත් වඩා අපිට අපේ රහසිගත ජීවිතයේදී දැනෙන කෙනෙක්…එහෙම කෙනෙක් නැති වුනාම ඇතිවන ගෞරවණීය වේදනාවෙන් අපිට ඒ දිහා බලන්න පුළුවන් නම් හරි වටිනවා..

  • අපි අතර ඌ කවුද?

    අපි අතර ඌ කවුද?

    ඊයෙ චාමරයාගෙ නාට්ටිය බැලුවා. අපි නිකං යාලුකමට චාමරයා කිව්වට ඒක ඇත්තටම ඌ කරන වැඩේ සුලුකොට තැකීමක් වෙනවා. ඒ හින්ද මෙහෙම කියනවා. චාමර ගුරුගේ කරපු අලුත්ම නිර්මාණය බැලුවා.

    හතේ ෂෝ එක බලනවා කියල ඉඳලා හතේ ගොඩක් සෙනග කියල හිතලා 4.30 බැලුවා. එතකොට ඒ නාට්‍යයේ කන්‍යා දර්ශනයේ පංගුකාරයෙක් මම.

    ඒක හරිම ඉරොතික නාට්‍යයක්. ලංකාවෙ මෙතෙක් වේදිකාවක මං දැකපු ඉරොතිකම හැගීම් දනවපු මිනිත්තු ගොඩක්. ඒ නාට්‍යය පුරාම ඉන්ටිමසි කියන එක තැවරිලා තිබුන. ඉන්ටිමසිය කියන එක වේදිකාවක් උඩ නිර්මාණය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. සම්පූර්ණ නිරුවතින් දෙන්නෙක් හිටියත් එතන ඉන්ටිමසියක් නැති වෙන්න පුළුවන්. ඒත් ඇඳුම් ඇඳගෙන වුනත් ඒ ඉන්ටිමසිය මවන්නත් පුළුවන්.

    විකල්ප වේදිකාව ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නෙ දේශපාලන වැඩවලට. ඒ කණගාටුදායක තත්වයක්. ඒ වෙනුවට විකල්ප හැගීම් කියන එක, විකල්ප පැවැත්ම කියන එක වේදිකාවට ගේන්න කවුරුන් හෝ වෑයම් කළා නම් ඒ බොහොම අඩුවෙන්. යම් කිසි දෙයක් ගැන විවේචනයක්, ප්‍රතිචාරයක් විදිහට නිර්මාණ හැදුනා මිස ඒවා පැවැත්ම පිළිබඳ ගැඹුරු සංවාදයක් කියන අදේශපාලනික තැනට අරගෙන ගියේ නෑ.

    චාමර ගුරුගේ අපි අතර ඌ එක්ක අන්න අදේශපාලනික මොහොත දක්වාම යනවා. දෙන්නෙක් අතර සමීපතම මොහොතකදි වෙන්න පුංචි දේකින් පවා සියල්ල අසමතුලිත විය හැකිය කියන සම්බන්ධතාවල සුන්දරතම නිමේෂය ගැන චාමර නාට්‍යයක් හදනවා.

    මේක ගොඩක් අයට ප්‍රශ්නයක් ගේනවා. සුරේඛා එයාගෙ සටහන ඇතුලෙ මේ ප්‍රශ්නය පැහැදිලිව නගනවා. කණ්ණාඩියක් අල්ලනවා වෙනුවට යෝජනාව මොකක්ද චාමර, කියල සුරේඛා අහනවා. මේක පරාවර්තන කණ්ණාඩියක් නෙමෙයි. අපි අතර ඌ කියන්නෙ එක්ස්පීරියන්ස් එකක්. අපි ඒ මොහොත සවිඥානකව විඳිනවා. ඒ සවිඥානක බව ඇතුලෙ බාරගැනීම කියන සමාධියට කෙනෙක් එළඹෙනවා.

    චාමර එයාගෙ සංගීතය ඇතුලෙ මේ තුන්වෙනි පැවැත්මේ ලේයරය දිගටම අරගෙන එනවා. ඒක එක විදිහකට සයිකඩෙලික් කියන්න පුළුවන්. ඒත් මෙතනදි ඒක ආධ්‍යාත්මයේ සංගීතයක්.

    චාමර ආර්ටිස්ට් කියන තැනින් නතර වෙනවා. දේශපාලනය කියන තැනින් අයින් වෙනවා. පිරිමියෙක් සහ ගැහැණියක් අතර මේ ඇතිවෙන ආදරයේ අනවබෝධය සහ ගැටුම එහිම වූ ස්වභාවය නෙමෙයිද? ඒක අපිට එක එක මුහුණුවරින් යළි යළිත් මුනගැහෙනවා. ඒ ගැටුම නොතිබුනා නම් ගැහැණු පිරිමි ආදරයක් මේ තරම් සුන්දර නොවෙන්නට තිබුනා. ඒ නොගැලපීම විනාසකාරී බව ඇත්තයි. ඒක උමතුවක් පිස්සුවක් කැඳවන බව ඇත්තයි. ඒත් ඉතින් ආදරය එහෙමයි.

    අපිට වේදිකාවෙන් පිට ප්‍රේක්ෂකයෙක් විදිහට මිස කිසි දවසක අපේ සම්බන්ධතා ඇතුලෙ මේ මොහොත සවිඥානකව හසුරුවන්න පුළුවන්කමක් නෑ. ඒකත් සවිඥානකව හසුරුවන කෙනෙක් වුනොත් ඒ කියන්නෙ ඒ කෙනා සම්බන්ධතාවයේ සීමාව ඉක්මවා යමින් ඉන්නවා. ඒ සෙල්ලම තවදුරටත් ඒ අයව ඉමෝෂනල් ජර්නි එක ගෙනියන්නෙ නෑ. ජීවිතේ බෝරිං වෙනවා කියන්නෙ එතකොට.

    වේදිකාව උඩ ඒ සිප වැළඳ ගැනීම්, අනුරාග සපා කෑම්, ලෙවකෑම් සියල්ල ඒ චරිත ඒ අයගේම තෘප්තිය පිණිස කරනවා මිස තුන්වැන්නෙක් වෙනුවෙන් කරනවා නෙමෙයි. ඒක රංගනය පැත්තෙන් හරිම ලස්සන දෙයක්. ඒ හැම මොහොතක්ම අපි හැමෝගෙම කොහේ හරි මොහොතක් එක්ක සම්බන්දයි. ඒ තමයි අපේ පසු- නූතන පවුලේ ආරම්භක පරිච්ඡේදය.

    මේක අර්බුදයක් විදිහට තේරුම් අරගෙන එතනින් කොහාටද කියල කල්පනා කළ යුතු ප්‍රශ්නයක් නෙමෙයි. එහිම වූ චමත්කාරය විඳින්නයි තියෙන්නෙ. පුංචිම පුංචි මීයෙකුගෙන් පවා පුපුරා යා හැකි පවුල් ඇතුලෙ ජීවිතය හරිම ඉන්ටෙන්ස්. එතනින් කෙනෙක් වෙන් වීම දක්වා යාවි, තව කෙනෙක් පවුල ඇතුලෙම හිරි වැටීම දක්වා යාවි. තරමක් බලා ඉන්න පුළුවන් තරමට සාවධාන අය සම්බන්ධතාවයක ඊළග පරිච්ඡේදය දක්වා යාවි.

    ඒ කොහොම වුනත් මේ ඉන්ටිමසි නර්තනය අතිශය චමත්කාරයි. එතන සදාචාරය හෝ වෙනත් විනිශ්චයන් වලංගු නෑ. ඒක මිනිස් ආදරයේ මොහොතක්.

    චාමර ගු‍රුගේ මේ ගැඹුරු පැවැත්මේ සෞන්දර්ය වේදිකාව මත දිග හරිනවා. ඒක අනුරාග කාව්‍යයක්. සියුම්ව වියමන් කළ අපූර්ව මොහොතක්. ඒක දැනෙන, වැදෙන, ඇනෙන, රිදෙන, හිනායන, ඇඩෙන ආදර ගවේෂණයක්.


    චින්තන ධර්මදාස

  • 69 කවුද හරි?

    69 කවුද හරි?

    අද නිකං ඉන්න වෙලාවෙ ති.නා සයිට් එකෙන් ‘කවුද හරි’ ෆිල්ම් එක බැලුවා. ඒක 1969 දි එලියට එන්නෙ. ලංකාවෙ ඩිරෙක්ටර් කෙනෙකුගෙ නමක් නැතුව ආපු පළවෙනි චිත්‍රපටිය කියලත් කියනවා. ඒ වෙනුවට වැටෙන්නෙ එඩිටර් ටයිටස් තොටවත්තගෙ නම. ඒ ෆිල්ම් එක අවසන් කරදීම වෙනුවෙන් ටයිටස්ට නිෂ්පාදක මණ්ඩලය ස්තුති කරලා සටහනකුත් පළ කරනවා. මොකක්ද මේ පලහිලව්ව?

    අරුණ ගුණරත්න එයාගෙ යූටියුබ් චැනල් එකේ මේ කතාව කියනවා. ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්න පැවරෙන්නෙ තිස්ස ලියනසූරියට. ඒ කියන්නෙ ගැටවරයො, සාරවිට වගේ නොමැකෙන ලකුණු තියපු ෆිල්ම් කරපු කෙනාට. ඒත් ලියනසූරියට ෆිල්ම් එක මැදදි ජාතික චිත්‍රපට අංශයෙ ප්‍රධානියා විදිහට පත්වීමක් ලැබෙනවා. එයා ෆිල්ම් එක නවත්තලා රජයේ සේවයට යනවා. ඉතින් වැඩ ඉවර කරන්න සිද්ද වෙන්නෙ ටයි මහත්තයාට. ටයි මහත්තයා ඊට කලින් රජයේ චිත්‍රපට අං‍ශයේ ප්‍රධානියා වෙලා ඉඳලා තියෙනවා. එයා ඒ රස්සාව දාලා තමයි චිත්‍රපටි හදන්න එලියට බහින්නෙ. දෙන්නා යන්නෙ දෙපැත්තට.

    තිස්ස ලියනසූරිය

    කොහොම වුනත් මේ චිත්‍රපටියෙ ටයි මහත්තයාගෙ වැඩක සළකුණු හැමතැනම මතු වෙනවා. ෆිල්ම් එක පටන් ගන්න ටයිට්ල් බෑන්ඩ් එක විතරක්ම වුනත් ඇති වැඩේ ගැන හිතාගන්න. දයා කරුණාරත්න නිර්මාණය ‍කරන මේ නාමාවලිය ඒ කාලෙ හැටියට හිතාගන්නවත් බැරි එකක්. ලූඩො බෝර්ඩ් එකක් උඩ කාටූන් ඇනිමේෂන් එකක් දුවනවා, අරිසෙන් අහුබුදුගෙ සිංදුවක් ඒක යට වාදනය වෙනවා. ඒක ඒ කාලෙ නිර්මාණයක විශ්වාස කරන්න බැරි විදිහෙ වැඩක්.

    නැගෙන වැටෙන වැටී නැගෙන

    පෙරලෙන ලෝකෙ

    වාසනාවෙ දාදු කැටේ ‍අපේ ජීවිතේ..

    ඒ වගේම ෆීල්ම් එකේ රඟපාන අයගෙ නම් වැටෙන්නෙත් ඒ ඒ චරිත තිරයෙ මතුවෙන වෙලාවට. පිලිවෙලක් නැතුව. ඒ හින්ද චිත්‍රපටිය පුරාම නළු නිළියන් හඳුන්වාදීම සිද්ද වෙනවා. සුපුරුදු නාමාවලි බ්ලොක් එකෙන් ගැලවිලා කරන ඒ වැඩේ හරිම නූතන අත්හදාබැලීමක්.

    චිත්‍රපටියෙ කතාව එහි නිෂ්පාදකාවගේ. කතාව කිව්වට කතාවෙ ඒ තරම් දෙයක් නෑ. හින්දි සිනමාවෙ ඒ කාලෙ සුපුරුදු කතන්දරයක් වුනු, මරණාසන්නයේදී අම්මා විසින් හෙලි කරන තමන්ගේ වලව්කාර උරුමය හොය‍ාගෙන යන දිළිඳු කෙල්ලෙකුගෙ කතාවක්. හැබැයි ඒ වගේ වට්ටෝරු කතාවක් වුනත් වැඩ්ඩො අතට අහු වුනාම වෙන්න පුළුවන් දේ තමයි කවුද හරි ෆිල්ම් එකේ තියෙන්නෙ.

    මේ සුපුරුදු කතාව යටපත් කරන තරමෙ අතුරු කතා චිත්‍රපටිය ඇතුලට එනවා. වි‍‍‍ශේෂයෙන් ඩී ආර් නානායක්කාර, දොන් සිරිසේන සහ තවත් කෙනෙක් විසින් සමාන්තරව වෙනම නාටකයක් අරගෙන එනවා. වලව්වල උන් ඉඩකඩම්වලට මරා ගන්න අතර ගැමියන් විසින් තුට්ටුවට දෙකට ඕනම අපරාදයක් කරන බව මේ දෙවෙනි පෙලෙන් කියවෙනවා. ටයි මහත්තයා තිරයට ගේන්නෙ පිවිතුරු අහිංසක ගම නෙමෙයි. ඕනම දේකට රැවටෙන, සදාචාරය නමින් පීඩිතයන් පෙළන, කපටි ගැමි ප්‍රජාවක් මේ චිත්‍රපටිය ඇතුලෙ මතුවෙනවා. ඒ වගේම ගැහැණියක් ලිංගිකව අපවාදයට බඳුන් කරමින් තමන් සුචරිතවාදී වෙන්න උත්සාහ කරන ගැමි කතුන්ද නාන තොටවල නිරුවත් වෙනවා. ඉහළ පාංතිකයාට ගැරහීමේ හෝ සිනහවට ලක් කිරීමේ බයිකම වෙනුවට ඉහළ පාංතික නාගරිකයාගේත්, පහළ පාංතික ගැමියාගේත් දොස් එක විදිහට දකින, ඒ දොස් මත උනුන් යැපෙන හැටි කියන දියුණු සමාජ දෘෂ්ටියක් කවුද හරි ෆිල්ම් එක ඇතුලෙ තියෙනවා. ඒක කතාවෙ චරිත අතරින් කවුද හරි කියල ප්‍රශ්න කිරීමක් විතරක් නෙමෙයි. ඒ වෙනුවට ගැමියාද, නාගරිකයාද හරි, යන ප්‍රශ්නයත් ඇතුලෙ ඇහෙනවා.

    තිර පිටපත ලියන්නෙ කරුනාරත්න අබේසේකර. ඒත් ටයි මහත්තයාට හුරු වහරත්, දෙපැත්ත කැපෙන දෙබසුත් චිත්‍රපටිය පුරාම විසිරෙනවා. ගැමියා විසින් කලිසම් ඇඳීමට, ඉංග්‍රීසියෙන් ආලය කිරීමට සහ නාගරිකබවට දක්වන ‍ලොල්ල දිගටම ටයි අතින් සමච්චලයට ලක්වෙනවා. අනෙක් පැත්තෙන් නාගරිකයා/ ඉඩම් හිමියා නැවත ගැමි සුන්දර කෙල්ලකට ආලයෙන් බැඳීමේ බොළඳ හැගුම්බර ප්‍රධාන කතාව දිවෙනවා.

    චිත්‍රපටියෙ එක තැනක ඉස්කෝලෙක විවිධ ප්‍රසංගයක් එනවා. ඒක මේ කතා පිටපතට කොහෙත්ම අදාල එකක් නෙමෙයි. ඒත් වේදිකාව මත අපූර්ව විදිහට දිගහැරෙන ගීත නාටකයක් කැමරාවේ දිග වෙලාවක් අරන් සටහන් වෙනවා. ඒ චිත්‍රපටි කතාව අතරමැද තවත් අතුරු කතාවක්. අදාල නොවුනත් අපූර්ව ඕෆ්බීට් වැඩක්.

    ටයිටස් තොටවත්ත

    මේ චිත්‍රපටියෙ රිද්මය ඉතා විශේෂ එකක්. ඒක ටයි මහත්තයාගේ වැඩහුරු සංස්කරණය නිසා සිද්ද වෙන්නක්. ඒ වගේම සමහර දර්ශන රූගත කරලා තියෙන ආකාරයත් විස්මිතයි. එක ප්‍රේම ගීයක් ආරම්භයේ ඇසෙන කරත්ත කවියක් මත ඡේදනය වෙන පෙම්වතුන්ගෙ රූප රාමු කිසිසේත් හැට ගනංවල වැඩක් කියලා හිතාගන්න බෑ. ඒ වගේම රොබින් ප්‍රනාන්දු සහ ‍ඩොමී ජයවර්ධන අතර ඓතිහාසික සටන් ජවනිකාවක් මේ චිත්‍රපටය හරහා සිනමාවට එනවා. දාන්න තියෙන වැඩ ඔක්කොම දාලා තියෙනවා.

    මීවදයකි ජීවිතේ සිංදුව එඩිට් කරලා තියෙන ගැම්ම ඕන කෙනෙකුට යූටියුබ් එකෙන් වුනත් බලාගන්න පුළුවන්.

    චිත්‍රපටියෙ ප්‍රධාන නළුවා වෙන්නෙ රගපාන්න බැරි කරු නානායක්කාර කියලා ප්‍රොඩියුසර්ගෙ හි‍තවතෙක්. ප්‍රධාන නිළිය මාලිනී. දුෂ්ට ජෝඩුව විදිහට ඉන්නෙ ඩොමී ජයවර්ධන සහ සන්ධ්‍යා කුමාරි. සන්ධ්‍යා කුමාරිගෙයි මාලනීගෙයි පෙනුමෙ ස්වභාවික සමීපත්වය චිත්‍රපටිය පුරාම මතුවෙනවා.

    රගපාන්න බැරි නළුවෙක් ප්‍රධාන චරිතයට අරන්, ඒක වැහෙන්නත් කතාවෙ රසය නොමැරෙන්නත් වැඩේ කරලා තියෙන විදිහයි වැඩියෙන් වටින්නෙ. දුර්වල කතාවක්, දුර්වල නළුවෙක්, අතරමැදදි අධ්‍යක්ෂ අතුරුදන් වීමකුත් එක්ක වුනත් සාර්ථක චිත්‍රපටියක් කරන්නෙ කොහොමද කියන එකට මැජිකල් උදාහරණයක් කවුද හරි කියන්නෙ.


    චින්තන ධර්මදාස

  • මාලිමා රජයකින් ගණිකා වෘත්තිය නීතිගත කරයි ද?

    මාලිමා රජයකින් ගණිකා වෘත්තිය නීතිගත කරයි ද?

    ගණිකා වෘත්තිය නීතිගත කිරීම ජාතික ජන බලවේගයෙ ප්‍රතිපත්තිය කියල හරිනි අමරසූරිය කියල තිබුන. ඒ වගේම සමන්මලී ගුණසිංහ ජාජාබෙ විධායක සභිකත් මේ ප්‍රකාශයම කරලා තිබුණ. ඇත්තටම මේ වගේ ප්‍රගතිශීලී ප්‍රකාශයක් පක්ෂයක් විදිහට කරලා තියෙන්නෙම ජාජාබෙ විතරයි. ලිබරල් වික්‍රමසිංහ වුනත් මේ වෙලාවෙ කරමින් ඉන්නෙ අන්ත ප්‍රතිගාමී බයියන් චූන් කරන වැඩ.

    හැබැයි ජාතික ජන බලවේගය මේ ගැන සීරියස්ද?
    ඒ කියන්නෙ ගණිකා වෘත්තිය තවත් වෘත්තියක් විදිහට පිළිඅරගෙන ඊට අවශ්‍ය වෘත්තීය ගරුත්වය සහ ආරක්ෂාව රජයක් විදිහට සැලසීම කියන කාරණයට ඇත්තටම මේ අය එකගද? මීට කලින් ජනතා විමුක්ති පෙරමුනේ අය කියමින් හිටපු ගණිකා වෘත්තිය වගේ තත්වයකට මේ පිරිස යොමු වුනු සමාජ කාරණා වෙනස් කිරීම වගේ පරණ හණමිටි දැන් මේ පිරිස පැත්තකින් තියලද?

    එහෙනං මෙන්න අත්දෙකම එකතු කරලා ජාජාබෙට අත්පුඩියක්.
    මේ කතාව අනුර කුමාර දිසානායක ප්‍රසිද්ධ වේදිකාවක කිව්වොත් ෆැකල්ටි ඔෆ් ‍සෙක්ස් අපිත් මාලිමාව දිනවන්න වැඩ කරනවා, සහතිකයි.

    මොකද ඒ වගේ ආර්ථික නිදහස පිළිබඳ කාරණයක් පිළිගන්නවා කියන්නෙම එවන් රජයක් මිනිස් නිදහස, ගරුත්වය සහ සතුට ගරු කරනවා කියන එකයි.

    ඒත් අපි හැමවෙලාවකම මෙහෙම කතා අහන්නෙ පක්‍ෂයක පැත්තකින් ඉන්න චරිත නිකං අවධානය ගන්න කරන කතා විදිහටයි. ජාතික ජන ‍බලවේගය මේ පාර එහෙම නෙමෙයි කියල අපි ප්‍රාර්ථනා කරමු.

  • ඒෂාන් කියන්නෙ ගැම්මක්!

    ඒෂාන් කියන්නෙ ගැම්මක්!

    (මේ පෝස්ට් එක උපුටා ගත්තේ ඒෂාන් ඩයස්ගෙ ෆේස්බුක් පිටුවෙන්)

    I hate it when people call me lucky. මට lucky කියන්න එපා. It’s not luck. It’s my blood sweat and tears.

    මම හිතන්නේ මම තමයි ලංකාවේ හිටපු unluckyම Social Media Personality. දැන් හූල්ලන්න එපා. මම කිව්වේ past tense එකෙන්????දැන් නම් කාලා බීලා ඇදලා fun එකේ ඉන්නවා ???? ඒත් ඒක තමයි ඇත්ත. මට කාලයක් තිබ්බා උදේට ෆෝන් එක අල්ලන්නෙවත් නැති. ඇයි ඒ? Comments 10 ක් කියෙව්වොත් 8 කම තියෙන්නේ කුනුහර්ප බැනුම්, නැත්තම් ලිංග භේද අහලා, එහෙමත් නැත්තම් මැරියන් කියලා. මම ඒ කාලේ ෆෝන් එකේ ting ගාන notification සද්දෙටත් බයයි. Video එකක් කරන්න සාරිය අතට ගත්තාම anxiety attacks එනවා මේ video එකට මොන බැනුමක් අහගන්න වෙයිද කියලා.

    මට අවුරුදු තුන හතරක්ම තිබ්බා ad promotion මොකුත් set වෙන්නැති. ඇයි දන්නවද? හුගාක් අය අකමැති ලු එයාලගේ brand එකත් එක්ක පො/&@යෙක්ව associate කරන්න. ඉතින් අවුරුදු ගානක් මම Social Media popular වුනත් අමු හිගන්නා. මම යන හැම audition එකක්ම මම පුලුවන් උපරිමේටම කරනවා. හැමෝටම ආස හිතෙනවා. ඒත් brand rep ආ ගමන් කතා දෙකක් නෑ කෙලින්ම reject කරනවා. ඇයි ඒ? මම ගෑනියෙක්ද මිනිහෙක්ද කියලා හොයාගන්න බැරිලු. එක්කෙනෙක් කිව්වා මගේ දත් ටික කෙල්ලෙක් වගේලු. ඒ නිසා ගන්න බෑ කියලා. යකෝ දත් ටිකේ ලිංගේ හොයන එවුන් ඉන්න රටක් මේ. මෙහෙමයි මට තේරෙනවා brands වැඩ කරන විදිය. ඒත් අපි මිනිස්සු නෙමෙයිද?

    තව මම director කෙනෙක්ව හම්බෙන්න ගියා එයාගේ ටෙලියක audition එහෙකට. එයා මාව තඹ සතේකට ගනන් ගත්තේ නෑ. පොඩ්ඩක් ඉන්න කිව්වා. පැය එකාමාරක් ගියා. තාම මම පොඩ්ඩක් ඉන්නවා. මම බැරිම තැන එයාගේ shooting මැද්දෙම එයා ගාවට ගියා. එයාට කියන්න දෙයක් නැතුව එයා කියනවා “ඔයා වගේ චරිත” මේ ටෙලියේ නෑ” කියලා. මොකද්ද මේ මං වගේ චරිත කිව්වේ? මෙයා මගේකම හෑල්ලුවට ලක්කළාවත්ද? මම සාමාන්‍යයෙන් අනේ ඕවා ගනන් ගන්නෙ නෑ. ඒත් මමත් මනුස්සයෙක්නේ. මටත් breaking point එකක් තියෙනවනේ. මට rejection after rejection උහුලන්න අමාරුයි. මට අද වගේ මතකයි එදා audition එකෙන් පස්සේ මට මාර දුකයි. දරාගන්න බැරි දුකක්. පාරේ යනකොටත් මගේ මූනෙන් කදුලු බේරෙනවා. අවුරුදු ගානක frustration එක ගිනිකන්දක් පිපුරුනා වගේ ඒ වෙලේ දුක පිපිරෙන්න ගත්තා. දැන් පාරේ අඩන්නත් බෑනෙ මාව අදුරන අය හිටියොත්. මං කලේ අර කුට්ටි කරලා විකුනන ඉඩම් තියෙන්නේ, ඔය වත්තකට පැනලා ගහකට මුවා වුනා. මුවා වෙලා ඇඩුවා ආයේ නෑ shirt එක තෙමෙන්න. ඇඩුවා නෙමෙයි ඇඩුනා. මට තිබ්බ ලොකුම දුක තමයි මට මගේ අම්මටවත් මොනාහරි අරං දෙන්න අතේ සතේ නෑ කියන එක. මම හරි අකමැති මගේ talent එක නාස්ති වෙනවට. මගේ talent එක නාස්ති වෙනවා කියලයි මට එදා දැනුනේ.

    ඔයාලට මතකත් ඇති මට දෙපාර තුන්පාරක්ම physical assault වෙන්න ගියා. ඒවා hate crimes කියලා මං දන්නේ පස්සේ. Physical පැත්තකින් තියන්නකෝ sexual ඒවා. මට දවසක් මතකයි event එකක්දි එක මිනිහෙක් මගේ පුප මිරිකුවා මට පහුවෙනිදත් රිදුනා, ඉදගන්න බැරි තරම්.

    මේවා ඔක්කොම මගේ ඉතිහාසය. දැන් වර්තමානේ දෙයියන්ගේ පිහිටෙන් හොද සැපවත් life එකක් ගත කරනවා. මට අවශ්‍ය වෙලා තිබ්බ respect එකත් මට ලැබෙනවා. අඩුපාඩු නැතුවාම නෙමෙයි. ඒත් කලින්ට වඩා හොදයි. ඉතින් අනේ ඔයාලා අද දකින මගේ ලස්සන සුන්දර නිදහස් ජීවිතේට lucky කියන්න එපා. එතකොට මම කාපු කට්ට, මගේ දුක, මගේ මහන්සිය, මගේ අම්මගේ මහන්සිය හෑල්ලුවට ලක්වෙනවා. මට කියන්න Eshan You earned it කියලා. මගේ luck එක මංම හදාගත්තා මිසක් මම Lucky නෑ….

  • රවට්ටගෙන ගිහින් වීඩියෝ කරලා

    රවට්ටගෙන ගිහින් වීඩියෝ කරලා

    මහනුවර පැත්තෙ සිසුවියන් රවටාගෙන කාමරවලට ගෙනිහින් අසභ්‍ය චිත්‍රපටි හදපු පාසැල් සිසුන් දෙන්නෙක් අත්අඩංගුවට අරගෙන.

    මේ සිසුවන් දෙදෙනා කෙල්ලන් සමග හාද වී ඔවුන්ගේ නිරුවත රූගත කරගෙන ඒවා අන්තර්ජාලයට මුදාහරින වගට තර්ජනය කරමින් මේ සිසුවියන් අපයෝජනය කරලා තියෙනවා.

    මේක බරපතල වරදක්. ඒ ගැන කතා දෙකක් නෑ.

    ඒත් මේ විදිහට තර්ජනය කරමින් අපචාරයට ලක් කිරීමට ඇති සංස්කෘතික ඉඩ මේ විදිහෙ හුදකලා සිදුවීමක් නීතිය ඉදිරියට පැමිණවීමෙන් අවසන් වෙන්නෙ නෑ. ඒ අවකාශය තව තවත් විවෘත වෙනවා.

    කෙනෙක් තමන්ගේ නිරුවතක් ඉන්ටර්නෙට් එකට දානවා කියන පලියට බියට පත්නොවන සංස්කෘතියක් නිර්මාණය කරන්න ඕන. නිරුවත හෝ ලිංගිකව හැසිරීම කියන එක මහා රහසිගත දෙයක් කියන සෙක්ස් ඇරියස් මනෝභාවය ආමන්ත්‍රණය කරන්න ඕන. ඒකට සෙක්ස් මැජික් නැති සමාජයක් නිර්මාණය වෙන්න ඕන.

    පොලිසිය කියන්නෙ ඒකෙ අනිත් පැත්ත. පොලිසිය තමයි අපචාර සංස්කෘතිය පවත්වාගෙන යන්නෙ. ඒ අපචාරී දෘෂ්ටිය සමාජය ඇතුලෙ බලයත් එක්ක නඩත්තු කරන්නෙ. කොටින්ම වැඩබලන පොලිස්පති පවා බලහත්කාර අත්අඩංගුවට ගැනීමකට සහ ලිංගික අතවර කිරීමකට උසාවියෙන් වරදකරුවෙක් වෙලා තියෙනවා.

    මේ සිසුවන්ගෙ ෆෝන් පරීක්ෂා කිරීමේදී තවත් තරුණියන්ගේ අසභ්‍ය යැයි කියන දර්ශන පොලිසියට හම්බුවෙලා තියෙනවා. ඒ දර්ශන අසභ්‍යයි කියන්නෙ ඇයි කියල දන්නෙ දෙයියො තමයි. දෙන්නෙක් ලිංගිකව හැසිරීමක වීඩියෝවක් අසභ්‍ය නෑ. එය අනවසරයෙන් රූගත කිරීම හෝ මුදාහැරීමයි අසභ්‍ය ක්‍රියාව වෙන්නෙ.

    කොහොම වුනත් පොලිසිය අතට තවම අන්තර්ජාලයට මුදා නොහැරපු නිරුවත් දර්ශන පත්වීම තමයි භයානකම. මේ වීඩියෝ පොලිසිය සතුව තිබියදීම අන්තර්ජාලය මුදාහැරීමක් සිදු නොවේ යැයි ස්ථිරව කියන්න පුළුවන් සදාචාරයක් පොලිසියට තියෙනවද? රංජන් රාමනායකගේ හඩපටවලට සිද්ද වුනේ මොකක්ද?