Home Features මාලිමා රජයකින් ගණිකා වෘත්තිය නීතිගත කරයි ද?

මාලිමා රජයකින් ගණිකා වෘත්තිය නීතිගත කරයි ද?

0
මාලිමා රජයකින් ගණිකා වෘත්තිය නීතිගත කරයි ද?

ගණිකා වෘත්තිය නීතිගත කිරීම ජාතික ජන බලවේගයෙ ප්‍රතිපත්තිය කියල හරිනි අමරසූරිය කියල තිබුන. ඒ වගේම සමන්මලී ගුණසිංහ ජාජාබෙ විධායක සභිකත් මේ ප්‍රකාශයම කරලා තිබුණ. ඇත්තටම මේ වගේ ප්‍රගතිශීලී ප්‍රකාශයක් පක්ෂයක් විදිහට කරලා තියෙන්නෙම ජාජාබෙ විතරයි. ලිබරල් වික්‍රමසිංහ වුනත් මේ වෙලාවෙ කරමින් ඉන්නෙ අන්ත ප්‍රතිගාමී බයියන් චූන් කරන වැඩ.

හැබැයි ජාතික ජන බලවේගය මේ ගැන සීරියස්ද?
ඒ කියන්නෙ ගණිකා වෘත්තිය තවත් වෘත්තියක් විදිහට පිළිඅරගෙන ඊට අවශ්‍ය වෘත්තීය ගරුත්වය සහ ආරක්ෂාව රජයක් විදිහට සැලසීම කියන කාරණයට ඇත්තටම මේ අය එකගද? මීට කලින් ජනතා විමුක්ති පෙරමුනේ අය කියමින් හිටපු ගණිකා වෘත්තිය වගේ තත්වයකට මේ පිරිස යොමු වුනු සමාජ කාරණා වෙනස් කිරීම වගේ පරණ හණමිටි දැන් මේ පිරිස පැත්තකින් තියලද?

එහෙනං මෙන්න අත්දෙකම එකතු කරලා ජාජාබෙට අත්පුඩියක්.
මේ කතාව අනුර කුමාර දිසානායක ප්‍රසිද්ධ වේදිකාවක කිව්වොත් ෆැකල්ටි ඔෆ් ‍සෙක්ස් අපිත් මාලිමාව දිනවන්න වැඩ කරනවා, සහතිකයි.

මොකද ඒ වගේ ආර්ථික නිදහස පිළිබඳ කාරණයක් පිළිගන්නවා කියන්නෙම එවන් රජයක් මිනිස් නිදහස, ගරුත්වය සහ සතුට ගරු කරනවා කියන එකයි.

ඒත් අපි හැමවෙලාවකම මෙහෙම කතා අහන්නෙ පක්‍ෂයක පැත්තකින් ඉන්න චරිත නිකං අවධානය ගන්න කරන කතා විදිහටයි. ජාතික ජන ‍බලවේගය මේ පාර එහෙම නෙමෙයි කියල අපි ප්‍රාර්ථනා කරමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here