ලීක්වෙන වීඩියෝ කියන්නෙ වෙනම ශෘංගාර කලාපයක්. ඒක වොයෙරිස්ටික් නැත්නම් යතුරු සිදුරෙන් බැලීමේ ආස්වාදය එක්ක සමපාත වෙන දෙයක්. කවුරු කොහොම කිව්වත් නූතනයේ හැම කෙනෙක්ම එකවිට ප්‍රදර්ශනකාමියෙක් සහ නැරඹුම්කාමියෙක් වෙනවා. ඒ කියන්නෙ විපරීතභාවය සාමාන්‍යයක් වෙලා තියෙන්නෙ. ඒ හින්ද තමන් එහෙම නෙමෙයි කියල පෙන්නන්න හදන කුහකයෙක් වෙනවට වඩා එතිකල් විදිහට නැරඹුම්කාමියෙක් වෙන හැටි දැනගන්න එක වැදගත්. නැත්නම් ඒ ආර්ට් එක අපරාධයක් වෙන එකයි සිද්ද වෙන්නෙ.
ඉතින් මේ කියන්නෙ ඉතාම ආන්දෝලනාත්මක එතිකල් නැරඹුම්කාමියෙකුට උපදෙස්.
- ලීක් වීම වැලැක්වීමට නොහැකියි.
ෆෝන් කැමරාව සොයාගත්තෙම නැරඹුම්/ප්රදර්ශනකාමයේ ප්‍රතිඵලයක් විදිහටයි. ඒ නිසා මේ යුගයේ ලීක්වීම යනු නොවැලැක්විය හැකි දෙයක්. ඒ වගේම නැරඹුම්කාමීන්ට ආස්වාදය ලබන්නට නම් ප්‍රදර්ශනකාමීත්වය පැවතිය යුතුමයි. ඒ කියන්නෙ තමන්ගේ ෆෝන් කැමරාව ඉදිරියේ විවිධ අරමුණු වෙනුවෙන් නිරුවත් වීමේ ආස්වාදය පැවතිය යුතුයි. ඒ නිසා ලීක්වීම අපහාසයක්, අපරාධයක් ලෙස සැලකීම කියන්නෙ හොඳ නැරඹුම්කාමියෙකුට නොගැලපෙන දෙයක්.
- ලීක් වුනු දේ ගැන ගෞරවය
ලීක් වීඩියෝව අදාල පුද්ගලයන්ට අවමානයක් විදිහට භාවිතා කිරීම වෙනම සාපරාධී මානසික තත්වයක්. ඒක ශීෂ්ටකරණය නොවූ වනචාරී ආශාවක ප්‍රතිඵලයක්. හොඳ නැරඹුම්කාමියෙකුට එය ආස්වාදය ගෙනෙන නිර්මාණයක් වගේමයි. ඒ ප්‍රදර්ශනය කරන අය ගැන ගෞරවයක් හොඳ නැරඹුම්කාමියෙකුට තිබිය යුතුමයි. ඒ නිසා ප්‍රදර්ශනය කළ අය ආරක්ෂා කිරීම නැරඹුම්කාමියාගෙ වගකීමක් වෙනවා.
- ෂෙයාර් නොකර ඉන්න බැරි එක ඇත්ත.
එවන් වීඩියෝවක් තමන් රස විඳීමෙන් පසුව තවත් කිට්ටු මිතුරන් සමග ෂෙයාර් කිරීමත් ස්වභාවික දෙයක්. ඒක නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් තමන් අඳුරන්නෙවත් නැති සමාජ මාධ්‍ය හරහා එය ප්‍රසිද්ධ කිරීම හොඳ දෙයක් නෙමෙයි. එයින් සිදුකරන්නෙ ඒ වීඩියෝවෙ ආස්වාදය ලැබීම වෙනුවට එය නිර්මාණය කළ අයව අපහසුතාවයට පත්කිරීමයි. ඒක යහපත් නැරඹුම්කාමියෙකුගේ හැසිරීමක් නොවේ.
- තමන් යහපත්බව ප්‍රදර්ශනය කරන්න යාම වරදක්.
කෙනෙකුගේ අවසරයකින් තොරව ඒ අයගේ නිරුවත් දර්ශනයක් නැරඹීම වරදක්. ඒ නිසා එවන් ලීක් වීඩියෝවක් නරඹන හැම කෙනෙකුම කරන්නෙ වරදක්. ඒ වරදකාරීත්වය පිළිගන්න. ඒ වෙනුවෙන් එම වීඩියෝවෙ සිටින අයට කෘතඥ වන්න. ඒ අය ගැන විවිධ දේ කියමින්, විවිධ ප්‍රචාර යවමින් තමන් සුද්දවන්තයෙකු ලෙස හැසිරීමට උත්සාහ ගැනීම හොඳ නැරඹුම්කාමියෙකුට තරම් නොවේ.
- ලීක්වුනු අයගේ පුද්ගලිකත්වයට ගරු කරන්න.
ලීක්වීමක් කියන්නෙ එහි ප්‍රදර්ශනය වෙන පුද්ගලයාට විශාල අපහසුතාවයක්, සමාජ ආතතියක් ඇති කරවන තත්වයක්. ඒ ගැන සවිඥාණක වෙන්න. ඒ පුද්ගලයාගේ පුද්ගලික ජීවිතයට එබෙන්න උත්සාහ ගන්න එපා. තවත් එක් නැරඹුම්කාමී අත්දැකීමක් හැටියෙන් එය විඳ අවසන් කරන්න. එහි ඇලීගැලී නොඉන්න. ඒ අදාල පුද්ගලයාගේ සාමාන්‍ය ජීවිතය ඉන් මතුවටත් සාමාන්‍ය පරිදිම පවත්වාගෙන යාමට ඔබට කළ හැකි නිහඩවීම සිදු කරන්න.
මෙන්න මේ පංච ආචාර ධර්මයන් පුහුණු කළහොත් ඔබට එතිකල් නැරඹුම්කාමියෙක් වෙන්න පුළුවන්. ඒක සුන්දර ශෘංගාර අත්දැකීමක් කරගන්න පුළුවන්. නැත්නම් ඔබ මෙම ශෘංගාර කලාපයට නොගැලපෙන සාපරාධී මනසක් ඇති අශිෂ්ටයෙක් හැටියෙන් පිලිගන්න සිදුවෙනවා.