(මේ පෝස්ට් එක උපුටා ගත්තේ ඒෂාන් ඩයස්ගෙ ෆේස්බුක් පිටුවෙන්)

I hate it when people call me lucky. මට lucky කියන්න එපා. It’s not luck. It’s my blood sweat and tears.

මම හිතන්නේ මම තමයි ලංකාවේ හිටපු unluckyම Social Media Personality. දැන් හූල්ලන්න එපා. මම කිව්වේ past tense එකෙන්????දැන් නම් කාලා බීලා ඇදලා fun එකේ ඉන්නවා ???? ඒත් ඒක තමයි ඇත්ත. මට කාලයක් තිබ්බා උදේට ෆෝන් එක අල්ලන්නෙවත් නැති. ඇයි ඒ? Comments 10 ක් කියෙව්වොත් 8 කම තියෙන්නේ කුනුහර්ප බැනුම්, නැත්තම් ලිංග භේද අහලා, එහෙමත් නැත්තම් මැරියන් කියලා. මම ඒ කාලේ ෆෝන් එකේ ting ගාන notification සද්දෙටත් බයයි. Video එකක් කරන්න සාරිය අතට ගත්තාම anxiety attacks එනවා මේ video එකට මොන බැනුමක් අහගන්න වෙයිද කියලා.

මට අවුරුදු තුන හතරක්ම තිබ්බා ad promotion මොකුත් set වෙන්නැති. ඇයි දන්නවද? හුගාක් අය අකමැති ලු එයාලගේ brand එකත් එක්ක පො/&@යෙක්ව associate කරන්න. ඉතින් අවුරුදු ගානක් මම Social Media popular වුනත් අමු හිගන්නා. මම යන හැම audition එකක්ම මම පුලුවන් උපරිමේටම කරනවා. හැමෝටම ආස හිතෙනවා. ඒත් brand rep ආ ගමන් කතා දෙකක් නෑ කෙලින්ම reject කරනවා. ඇයි ඒ? මම ගෑනියෙක්ද මිනිහෙක්ද කියලා හොයාගන්න බැරිලු. එක්කෙනෙක් කිව්වා මගේ දත් ටික කෙල්ලෙක් වගේලු. ඒ නිසා ගන්න බෑ කියලා. යකෝ දත් ටිකේ ලිංගේ හොයන එවුන් ඉන්න රටක් මේ. මෙහෙමයි මට තේරෙනවා brands වැඩ කරන විදිය. ඒත් අපි මිනිස්සු නෙමෙයිද?

තව මම director කෙනෙක්ව හම්බෙන්න ගියා එයාගේ ටෙලියක audition එහෙකට. එයා මාව තඹ සතේකට ගනන් ගත්තේ නෑ. පොඩ්ඩක් ඉන්න කිව්වා. පැය එකාමාරක් ගියා. තාම මම පොඩ්ඩක් ඉන්නවා. මම බැරිම තැන එයාගේ shooting මැද්දෙම එයා ගාවට ගියා. එයාට කියන්න දෙයක් නැතුව එයා කියනවා “ඔයා වගේ චරිත” මේ ටෙලියේ නෑ” කියලා. මොකද්ද මේ මං වගේ චරිත කිව්වේ? මෙයා මගේකම හෑල්ලුවට ලක්කළාවත්ද? මම සාමාන්‍යයෙන් අනේ ඕවා ගනන් ගන්නෙ නෑ. ඒත් මමත් මනුස්සයෙක්නේ. මටත් breaking point එකක් තියෙනවනේ. මට rejection after rejection උහුලන්න අමාරුයි. මට අද වගේ මතකයි එදා audition එකෙන් පස්සේ මට මාර දුකයි. දරාගන්න බැරි දුකක්. පාරේ යනකොටත් මගේ මූනෙන් කදුලු බේරෙනවා. අවුරුදු ගානක frustration එක ගිනිකන්දක් පිපුරුනා වගේ ඒ වෙලේ දුක පිපිරෙන්න ගත්තා. දැන් පාරේ අඩන්නත් බෑනෙ මාව අදුරන අය හිටියොත්. මං කලේ අර කුට්ටි කරලා විකුනන ඉඩම් තියෙන්නේ, ඔය වත්තකට පැනලා ගහකට මුවා වුනා. මුවා වෙලා ඇඩුවා ආයේ නෑ shirt එක තෙමෙන්න. ඇඩුවා නෙමෙයි ඇඩුනා. මට තිබ්බ ලොකුම දුක තමයි මට මගේ අම්මටවත් මොනාහරි අරං දෙන්න අතේ සතේ නෑ කියන එක. මම හරි අකමැති මගේ talent එක නාස්ති වෙනවට. මගේ talent එක නාස්ති වෙනවා කියලයි මට එදා දැනුනේ.

ඔයාලට මතකත් ඇති මට දෙපාර තුන්පාරක්ම physical assault වෙන්න ගියා. ඒවා hate crimes කියලා මං දන්නේ පස්සේ. Physical පැත්තකින් තියන්නකෝ sexual ඒවා. මට දවසක් මතකයි event එකක්දි එක මිනිහෙක් මගේ පුප මිරිකුවා මට පහුවෙනිදත් රිදුනා, ඉදගන්න බැරි තරම්.

මේවා ඔක්කොම මගේ ඉතිහාසය. දැන් වර්තමානේ දෙයියන්ගේ පිහිටෙන් හොද සැපවත් life එකක් ගත කරනවා. මට අවශ්‍ය වෙලා තිබ්බ respect එකත් මට ලැබෙනවා. අඩුපාඩු නැතුවාම නෙමෙයි. ඒත් කලින්ට වඩා හොදයි. ඉතින් අනේ ඔයාලා අද දකින මගේ ලස්සන සුන්දර නිදහස් ජීවිතේට lucky කියන්න එපා. එතකොට මම කාපු කට්ට, මගේ දුක, මගේ මහන්සිය, මගේ අම්මගේ මහන්සිය හෑල්ලුවට ලක්වෙනවා. මට කියන්න Eshan You earned it කියලා. මගේ luck එක මංම හදාගත්තා මිසක් මම Lucky නෑ….