බෞද්ධ රටක හැදිලා, බෞද්ධ පාසලකට ගිහින්, sex ගැන, කොල්ලෙක් එක්ක සම්බන්ධකමක් පවත්වන්න ඕනේ විදිහ ගැන වෙනම අදහසක් මට ලංකාවෙදි තිබුනේ. ඉස්කෝලේ කාලේ, යාලුවෝ අතරේ ඇතිවෙන කතාබහකදි උනත්, කොල්ලෙක් එක්ක පවත්වන sex/ make out සම්බන්ධ අත්දැකීම් ගැන බෙදාගන්නේ නැති තරම්..

‘අනේ නෑ එයා හරි හොදයි, අතකින් වත් අල්ලන්නේ නැහැ’ කියන එක තමයි සමාජයේ පිලිගැනීම වෙනුවෙන් බහුලවම කියන දේ..එහෙම සමාජයක හැදුන මට, ඒ හණමිටි අදහස් සියල්ල සම්පූර්ණයෙන්ම වගේ කණපිට පෙරලුනේ ඇමෙරිකාවේ ආවාට පස්සෙයි..

College එකට ගිය පලවෙනි දවසේම, hallway එකේ පොඩි පොඩි containers වල condoms දාලා තිබුනම ඕන කෙනෙක්ට ගන්න කියලා, මට ඒක හිතාගන්න බැරි තරමේ අලුත් අත්දැකීමක් උනා..

sex කියන්නේ දරුණු අපරාධයක් නෙමෙයි කියන එක මට වැටහෙන්න පටන් ගත්තා.

Sex ගැන විවෘත වීම තුලින් මනුස්සයෙක්ට ලැබෙන්නේ නිදහස සහ මානසික සුවය කියන එක මම කාලෙත් එක්ක තේරුම් ගත්තා.

කෙල්ලෙක් sex ගැන කතා කරන එක ලංකාවෙ සමාජය තුල කැප නෑ, බැඳලා නැත්තන් කීයටවත් කැප නැහැ.

කොල්ලෙක් හා සමානව, විවෘත ජීවිතයක් කෙල්ලෙක් ගත කරන එක, sex, masturbation වගේ මාතෘකා ගැන කතා කරන එක, ලංකාවෙ බහුතරයක් පිරිමින්ට වගේම ගෑනුන්ටත් දරාගන්න බැරි දෙයක්, අමුත්තක්, magic එකක්.

Sex වලට මම කැමතියි, ඒක මගෙ ජීවිතේ මම ආසම සහ වැදගත්ම කොටසක් කියන එක මම පැකිලෙන්නෙ නැතුව පිලිගන්නවා. වෙන දෙයක් නිසා නෙමෙයි, එහෙම පිලිගන්න එකෙන් මම මට අවංක වෙනවා කියලා මම විශ්වාස කරනවා.

තමන් කැමති කෙනෙක් එක්ක හෝ කීප දෙන්නෙක් එක්ක, ආස විදිහකට sex කිරීමෙ/ විදීමෙ අයිතිය හැම මනුස්සයෙක්ටම, ගෑනු පිරිමි බේදයකින් තොරව තිබිය යුතුයි කියන එක මම දැඩිව පිලිගන්න කාරණයක්..

මිනිස්සු විදිහට අපි හැමෝටම sex තුලින් ලැබෙන මානසික සුවය වෙන කිසිම දේකින් ලබන්න බැහැ.

ඒ කාරණේ අපි හැමෝටම එහෙම උනත්, ඒක අනුමත කරලා ඒ අත්දැකීම ඇත්තටම විදින්නෙ, අඩුම තරමේ ඇද උඩදි වත් තමන්ව restrict නොකර ඒ වින්දනය උපරිම ලබන්න දන්නේ ඉතාම පොඩි පිරිසක්, ගෑනු නම් ඇත්තටම නැති තරම්..

ගැහැණියක් විදිහට, පිරිමියෙක් හෝ වෙනත් ලිංගිකයෙක් එක්ක ලිංගිකව එකතු වෙනකොට, ඒ කෙනාගෙන් තමන්ගේ ඇග ගැන තියෙන ආසාව, තමන්ව විඳින්න තියෙන නොරිස්සුම් කම දැනෙනකොට, ඒ හැගීමට ලෝබ නැහැ කියලා තමන්ට අවංක වෙමින් කිසිම ගැහැණියකට කියන්න පුලුවන් ඇති කියලා මම හිතන්නේ නැහැ, එහෙම කියනවා නම්, ඒ සාමාන්‍යය ගැහැණියක් වෙන්න බැහැ..

ගොඩක් වෙලාවට එහෙම නොකියා ඉන්නවා නම් ඉන්නේ දාහක් කාරණා නිසා.. ආගම, සමාජයේ පිලිගැනීම වගේ මෙකී නොකී කාරණා!

තමන්ව කුණු කොල්ලෙට දාලා, ඊට උඩින් අනිත් මිනිස්සු කියන දේවලුයි, ආගම කියලා ඔලුවට දාන දේවලුයි, මේ හැමදේටම මුල් තැන දෙන එකෙන් තමන්ට නැති වෙන්නේ තමන්වමයි, සිරකාරයෙක් වෙන්නේ තමන්ගේ ශරීරය ඇතුලෙමයි..

ජීවිතේ කියන්නේ සතුට හොයන ගමනක්..

සතුටයි ලිංගිකත්වයයි කියන්නේ එකට යන දෙන්නෙක්.

සතුට තියෙන්නේ අත්හැරීම තුල කියලා බුදු හාමුදුරුවෝ උනත් දේශනා කලේ, සැප විදලා මිසක් ඊට කලින් නෙමෙයි!

තමන් කවුද කියන එක තේරුම් අරන්, තමන් වෙනුවෙන් තීරණ ගන්න, ජීවිතේ විඳින්න..

තමන් ජීවිතේ විඳිනවානම්, තව කෙනෙක් ජීවිතේ විඳින දිහා කුහකකමක් නැතුව බලන්න පුලුවන් වෙනවා..

කෙල්ලෝ කොල්ලෝ ආදරේ කරන්න, ජීවිතේ විඳින්න බය නැති පරිසරයක උස් මහත් වෙනවා කියන්නේ දියුණු, ඇරියස් නැති සමාජයක හෙට දවස!


ශේනි විජේසුන්දර