Tag: sex

  • ගණිකා වෘත්තිය නීතිගතයි, වචනෙට

    ගණිකා වෘත්තිය නීතිගතයි, වචනෙට

    මං ජීවිතේ ගණිකාවන් ඇසුරු කරලා තියෙන්නෙ අතිසීමිත ප්‍රමාණයක්. ඒකට හේතුව මගේ ලිංගික අවශ්‍යතාවය තෘප්තිමත් කරන්න ගණිකාවන් අපොහොසත් වීමයි. නමුත් ගණිකාවන්ට තෘප්තිමත් කළ හැකි අතිබහුතරයක් පිරිමි ලංකාවෙ ඉන්නවා. ඒ සේවය ඒ අයට අවශ්‍යයි.

    මං එක ගණිකාවක් සමග ඉඳිද්දි එයා කිව්වා එයාගෙ පියයුරු උරන්න එපා කියල. දරුවට කිරි දෙනවා කියල. එයා රස්සාව කරලා ‍එනකල් මහත්තයා ළමයා බලාගන්නවා කිව්වා.

    මේ කතාව ම‍ගේ අනුරාගය සම්පූර්ණයෙන්ම ඉවර කළා. එයා මට අවශ්‍ය සේවය, තෘප්තිය ලබා දෙනවා වෙනුවට එයාගෙ පුද්ගලික ප්‍රශ්නයක් ඇඳ උඩ‍ට අරගෙන ආවා. ඒක මං දකින්නෙ වෘත්තිමයභාවයක් නැතිකම විදිහට.

    මීට සමාන කතා ගණිකාවන් විසින් බොහෝ වෙලාවට කියනවා. ඒවා ඇත්ත වෙන්නත් පුළුවන්, බොරු වෙන්නත් පුළුවන්; නමුත් ඇයගේ පුද්ගලික ප්‍රශ්නය ඇගේ පාරිභෝගිකයාට අදාල දෙයක් නෙමෙයි.

    ගණිකා වෘත්තිය නීතිගත වෘත්තියක් කිරීම අත්‍යාවශ්‍යයි කියල මං කියන්නෙ මේ පැත්තෙන්. ඇය විසින් ලබාදෙන සේවය ගුනාත්මක තෘප්තිමක් එකක් වෙන්න ඕන. ඇය නිකං ශරීරය විකුණනවා නෙමෙයි. එයා ෆැන්ටසියක් විකුණන්න ඕන. ඒ වෙනුවෙන් එයාට පුළුවන් එයා කැමති මිළක් නියම කරන්න. නමුත් ඇයට මිළ ගෙවිය යුත්තේ පරිභෝගිකයා තෘප්තිමත් නම් පමණයි.

    කෙනෙකුට දරුවෙකුට කිරි දෙන තන පුඩුවක් වඩා අනුරාගී වෙන්න පුළුවන්. ඒත් මට මුනගැසුනු කාන්තාව කලේ දුප්පත්කම, හිඟනකම වෘත්තිය ඇතුලට අරගෙන එන එකයි. ඒක ඒ වෘත්තියට කරන අගෞරවයක්.

    ගණිකා වෘත්තිය නීතිගත විමෙන් පස්සෙ ඒක බහුවිධකරණය වෙන්න ගන්නවා. ගණිකාවක් කියන්නෙ කායික රමණය සඳහා ශරීරයක් විතරක් නෙමෙයි. ඉතාම හොඳ සංවාද කරන්න පුළුවන් කෙනෙක් වෙන්න පුළුවන්. හොඳට නටන්න පුළුවන්, කාලය ගත කරන්න පුළුවන් කෙනෙක් වෙන්න පුළුවන්. මේ සියල්ලත් එක්ක රමණය කිරීමයි ඒ අත්දැකීම තෘප්තිමත්, අර්ථවත් එකක් කරන්නෙ.

    ගණිකාවන් ඉතා ධනවත් වෙන්න ඕන. ඔවුන් අනුරාගයේ ගිනිසිලුව ඇවිලෙමින් තියාගන්න ඕන. කාමයේ කලාවන් ප්‍රගුණ කරන්න ඕන. උපතින් ලද සිරුර පමණක් මුදලකට විකිනීම ඇත්තෙන්ම ඒ පාරිභෝගිකයාට කරන අවමානයක්. ඒ තරම් අවම රසයකින් තෘප්තිමත් කළ හැකි පීඩිත මට්ටමෙන් සැලකීමක්.

    ගණිකා වෘත්තිය ඊට හිමි ගෞරවනීය අනුරාග මුනිවරියන්ගේ සේවාවක් බවට දියුණු වෙන්න ඕන. මොකද ඒ අයට පුළුවන් සමාජයක් සුවපත් කරන්න.

  • අපි කතා කරමු fingering ගැන

    අපි කතා කරමු fingering ගැන

    මොන දේ කරන්නත් කලින් warm up කරන එක සාමාන්‍ය සිරිතක්නෙ.

    සින්දු කියන්න ගියත්, නටන්න ගියත්, work out කලත්, මුලින්ම කරන්නෙ අපි ඒකට සූදානම් වෙන එක. Warm up වෙන එක.

    Sex වුනත් එහෙමයි.

    ගැහැණියක් විදිහට මම ආසම නැති දෙයක් තමයි, සමහර පිරිමි, vagina එක තෙත් වෙන්නත් කලින් බලහත්කාරෙන්ම ඇතුල් වෙන්න හදන එක.
    එහෙම කරනකොට වෙන්නෙ, irritate වෙන එකයි. ඒ අත්දැකීම වේදනාකාරී වෙන එකයි.
    එතකොට සතුටක් වෙනුවට දැනෙන්නෙ අපහසුතාවයක්.

    එළියෙ ඉඳන් කරන්න ඕනෙ වැඩ කොටස කරලයි ඇතුලට යන එක ගැන හිතන්න ඕනෙ.

    Clit එක අතගාලා wet වෙන්න ගන්නකොට පුලුවන් හෙමින් ඇඟිල්ලක් ඇතුල් කරන්න.
    හරි වෙලාවට ඇතුලට යනකොට දැනෙන සනීපය මෙච්චරයි කියලා කියන්න බැහැ.

    මම හිතන්නෙ, ගොඩක් ගැහැණු කැමති නැති දෙයක් තමයි, එක පාරින්ම intercourse එකකට යන්න, මමත් එහෙමයි. Foreplay තමයි ගැහැණියක් ආසම, වැඩිම වෙලාවක් රැඳෙන්න කැමති තැන.

    Fingering නැත්තං ඇඟිලි සෙල්ලම ඇත්තටම art එකක්. ඇඟිලි වැජයිනාව ඇතුලෙ තාලෙට නටවන එක කලාවක්.

    වැජයිනාව wet කරනවා කියන්නෙ, තියෙන උවමනාවට කලබලෙන්, හයියෙන් අතගාන එකට නෙමෙයි. ඒකට වෙලාව ගන්න ඕන. එතන ගතවෙන්න ඕන. සමවැදිලා rhythm එකකට, tempo එකකට, හෙමින් අතගාන්න ඕන.

    අනිත් දේ තමයි, clit එක විතරක් අතගෑවා කියලා wet වෙන්නෙත් නැහැ. ඇඟේ අනිත් කොටස් වලටත් pleasure එක දැනෙන්න ගන්න ඕන.

    Pervertම කතා කණට ඇහෙන්නත් ඕන.
    කරන්න කලින්, කරන්නෙ මොනවද, හිතන්නෙ මොනවද කියලා ඇහෙනකොට හැඟීම් තවත් ඇවිස්සෙනවා.

    ගැහැණියක් සුරාන්තයක් ලබන්නෙ ඇඟෙන් විතරක් නෙමෙයි, මනසත් එක්කයි.

    ගොඩක් පිරිමි මට හිතෙන්නෙ ඒක තේරුම් අරගෙන නැහැ. අතගාන්න, මිරිකන්න, ලෙවකන්න, කොඳුරන්න,
    මේ හැමදේම එක වෙලාවෙ වෙනකොට wet නොවී තියෙන්නෙ නැහැ,
    ගඟක් තරමට තෙත් වෙලා කකුල් දෙක දිගේ ගලන්න ගන්නවා.

    සමහර වෙලාවට, මේ හැමදේම කරලත්, තෙත් නොවෙන වෙලාවල් තියෙන්න පුලුවන්.
    හෝර්මෝන් වෙනස්කම්, වයස වගේ කාරණා මේකට බලපාන්න පුළුවන්.
    එතකොට lube එකක් පාවිච්චි කරන්න. සාමාන්‍යය විදිහට තෙත් වෙන කෙනෙක්ට වුනත් lube එකක් කියන්නෙ,
    pleasure එක තව වැඩි කරන දෙයක්.

    ඇගිලි නර්තනයෙ යෙදෙන ගමන්, තෙත් වෙන එක එන්න එන්නම වැඩි වෙද්දි පුළුවන් ටික ටික ඇඟිලි ඇතුලටම ගෙනිහින් G-Spot එක හොයාගන්න.

    කෙඳිරි ගෑවෙනවා නම් වැඩිපුර, ඒ තමයි ඉඟිය, ඉන්නෙ හරි තැන කියන්න.
    උඩට පල්ලෙහාට කර කර, ඇඟිලි ඉහළට පහළට යනකොට, කෙඳිරිලි එක්ක සුරාන්ත වරුසාවක් වහින්න ගනී. එක එක අයගෙ සංවේදනය වෙනස්. සමහරු කැමතියි ටිකක් රළුවට. සමහරු කැමති සුමුදුවට හෙමිහිට. ඒ හින්ද එයා කැමති විදිහ ඉවසිල්ලෙන් තේරුම් ගන්න.

    ගැහැණියකගෙන් ගැහැණියට, සෙක්ස් වලින් බලාපොරොත්තු වෙන දේවල්, වින්දනය ලබන්න කැමති හැටි, හැමදේම වෙනස් වෙනවා.
    ඉතින්, තමන් ආදරේ කරන ගැහැණියව තව තව සතුටු කරන්න.
    ඇයගෙ කෙඳිරිලි, සුසුම් අඩු වැඩි වෙන හැටි ගැන හොඳින් අවධානය දෙන්න.

    ඇඟිලි වලින් විතරක් වුනත් පුලුවන් ගැහැණියක් පාරාදීසයකට අරන් යන්න.
    ඇහුම්කන් දෙන්නයි, ඉවසිලිවන්ත වෙන්නයි, පුලුවන් තරම් වල් වෙන්න විතරයි ඕනෙ!


    ලූනා.

  • ලංකාවෙ සිනමාවෙ පළමු නිරුවත

    ලංකාවෙ සිනමාවෙ පළමු නිරුවත

    මලට නොඑන බඹරු චිත්‍රපටිය තියෙනවා යූටියුබ් එකේ. ලංකාවෙ ෆිල්ම්වලට ආදරේ කරන කෙනෙක් ඉන්නවා නං මේක බලන්න වටින ෆිල්ම් එකක්. මේ චිත්‍රපටිය ලාංකේය ශෘංගාර සිනමාවෙ සුවිශේෂී සලකුනක්.

    යූටියුබ් එකෙන් මේ ෆිල්ම් එක බලලා අරුණ ගුණරත්නගේ ඩේලි ෆිල්ම් රිවීව් එකත් බැලුවා නං වැඩේ සම්පූර්ණයි.

    චිත්‍රපටියක් බලද්දි ඒ චිත්‍රපටියෙ අඩුපාඩු මොනවද කියල බලාගෙන ඉන්න එකෙන් ඒ සිනමාවෙ ආස්වාදය ලබන්න බැරි වෙනවා. ඒ වෙනුවට ඒ චිත්‍රපටකරුවා අලුතෙන් පෙන්නන්න හදන්නෙ මොනවද කියන එකයි නැරඹුම්කාමය උද්දීපනය කරන කවුළුවක් වෙන්නෙ. මට නම් නිර්භීතකම සහ අවංකබව කියන එකයි චිත්‍රපටයක ඇගයුම් මිම්ම වෙන්නෙ.

    මේ චිත්‍රපටිය නිර්මාණය වෙන්නෙ 1982දි. ඒ කාලෙ ලංගමේ වැඩ කරපු ෂෙල්ටන් පයාගල සහ චන්ද්‍රරත්න මාපිටිගම කියන දෙන්නා අතින් පළවෙනි වැඩේ විදිහටයි මේක හැදෙන්නෙ. චන්ද්‍රරත්න මාපිටිගම කියපු ගමන් මතක් වෙන්නෙ කීඨයා වෙන්න පුළුවන්. හැබැයි සුරබිදෙන වගේ අමුතු චිත්‍රපටිත් මාපිටිගම අතින් හැදුනා.

    පළමු වතාවට ලංකාවෙ සිනමාවෙ සමරිසි ආදරය තේමා කරගන්නෙ මේ වැඩේදි. ඒක කාලයේ හැටියට අතිශය නිර්භීත වැඩක්. මොකද අද වගේ නෙමෙයි ඒ කාලෙ සමරිසි සබඳතා කියන්නෙ මානසික රෝගයක්. ඉතින් ඒ වගේ තේමාවක් ගැන චිත්‍රපටියක් හදන එක වගේම ඒ වගේ චිත්‍රපටියක චරිත රඟපාන එකත් අභියෝගයක්.

    මේක සමරිසි ප්‍රේමය ගැන චිත්‍රපටියක් කිව්වට මේක ඇතුලෙ පී‍ඩොෆීලියා නැත්නම් කුමාරකාමය වගේ කතාවක් තමයි මතු වෙන්නෙ. ප්‍රධාන චරිතය වන සනී හාමු ආදරෙන් බැ‍දෙන්නෙ ඉස්කෝලෙ යන වයස යන්තම් පහුකරපු අනුර එක්ක. අනුරගෙ චරිතය කරන්නෙ මඩොල් දූවෙ ජින්නා විදිහට අපිට මුනගැහුනු අජිත් ජිනදාස.

    ඒ වගේම සනී හාමු මේ සමරිසි/ පී‍ඩෝෆයිල් ප්‍රේමයට ඇබ්බැහි වී තියෙන්නෙ ඒ හාමු බලාගන්න හිටපු තවත් වැඩිඑිටියෙකුගේ අතවරයකින් වග කියවෙනවා. පාසැල් වයසේ කොල්ලන් දඩයම් කරන වයස්ගත පිරිමින්ගෙ සංස්කෘතියකුත් පසුබිමෙන් ගෙතෙනවා. මේ නිසා මේ චිත්‍රපටය සමරිසි ප්‍රේමයකට වඩා තවත් ආන්දෝලනාත්මක ශෘංගාර කලාපයකට දැන හෝ නොදැන අතගහනවා. පීඩ‍ෝෆීලියා ගැන චිත්‍රපටයක් අසූ ගනං වල හදන්නත් එහිදී ඒ පී‍ඩෝෆීලියා මානසිකත්වය ගැන යම් හෝ මානුෂීය බැල්මක් හෙලන්නත් නිර්මාණයක් ඇතුලෙ වෑයම් කරනවා කියන්නෙ සියදිවි නසාගැනීමක් වගේ තත්වයක්. ඒත් අසූ ගනංවල ලංකාවෙ ලිංගික සහ ශෘංගාර සංස්කෘතියෙ අදට වඩා නිදහසක් තිබුන. එදා රටේ වැඩිහිටියො හිටියා. හාමුදුරුවරු පන්සල්වල හිටියා.

    මේ වයස්ගත සනී හාමු කියන්නෙ ගරා වැටෙන වලව් පරම්පරාවක අවසාන පුරුක. එයා විවාහ වෙලා ඉන්නෙ සරාගී ස්ටෙලා එක්ක. ස්ටෙලා ඒ වත්තෙම වැඩ කරන තවත් තරුණයෙක් එක්ක ලිංගික සබඳතා පවත්වනවා. ඇය හේතුවක් නැතුවත් නිතරම කාමයෙන් උමතු වෙලයි ඉන්නෙ.

    මේ අනුරාගය ප්‍රදර්ශනය කරන විදිහත් මරු. හෝස් පයිප්පයකින් පිරිමි කකුල් ‍තෙමාගෙන ටිකෙන් ටික උඩට විදින වතුර පාරක් ඇගේ ආශාව කියනවා. ලංකාවෙ චිත්‍රපටි අතර පිරිමි ශරීරයේ අනුරාගය ඉතාම හොඳින් ඉස්මතු කරන රූපරාමු සිනමාවට එකතු වෙනවා.

    ඇත්තටම මේ චිත්‍රපටය ඇතුලෙ අපි දකින සියලු සම්බන්ධතා බලය ඇතුලෙ සිද්ද වෙන බලහත්කාරකම්. සනී හාමු අනුරට කරන ආදරය වගේම ස්ටෙලා කඩවසම් තරුණයාට කරන ආදරයත් සිද්ද වෙන්නෙ ප්‍රතික්ෂේප කරන්න බැරි බල සම්බන්ධතා ඇතුලෙ. ඒ අර්ථයෙන් ඒවා ක්‍රියාත්මක වෙන්නෙ නිදහස් ආදරයට වඩා වැඩවසම් යටත් වීම් විදිහට.

    අපිට නිතර පසුබිමෙන් පල්ලියේ දේව ගීතිකා සංගීතය විදිහට ඇහෙන්න පටන් ගන්නවා. දෙවියන්ගේ කැමැත්තට විරුද්ධව හඹා යන පිරිමි ආශාවේ වරදකාරී බව, අඳුර තමයි චිත්‍රපටයේ ගමන වෙන්නෙ.

    චිත්‍රපටිය යතාර්ථවාදී රීතියෙන් බැහැරව ගූඪ අඳුරු මනෝභාවයන් තුල ගැවසෙන සිහිනමය ස්වභාවයක් ගන්නවා. හැම රංගනයක්ම වගේ ඕවර් ඩ්‍රැමටික්. මේ රංගනය වෙනුවෙන් ජෝ අබේවික්‍රම නැවත නැවත සම්මානයට පාත්‍ර වෙනවා. ඒත් මගේ අදහස නම් ජෝගේ රංගනය මේකෙ ගොඩක් දුර්වලයි කියන එකයි. මේ සමරිසි ආත්මය පිළිබඳ නොදැනුවත් බව නිසාමත් පිටපතෙන් එවන් කිසිම පදනමක් ලබා නොදීම නිසාත් ජෝ කරන්නෙ නිකං ගැඹුරු ඉරියව් මවාගෙන බලන් ඉන්න එක විතරයි.

    මේ වගේම පිටපතේ අසාධාරණයට ලක්වුනු තවත් චරිතයක් තමයි ස්ටෙලා. එයා කරන්නෙ නිතර හිස්ටරික විදිහට හිනාවෙන එන විතරයි. හුදු පිරිමියෙකුගේ පහස ‍නොලැබීම හැරුනු කොට ඒ චරිතයට පිටපත ඇතුලෙ වෙන කිසිදු මිනිස් අවකාශයක් ලබා දීලා නෑ. ඇය අපිට හිස් උමතු ගැහැණියක් විදිහට දිගටම මුනගැහෙනවා.

    නමුත් ෂෙල්ටන් පයාගලගේ මේ ගූඨ සිනමා භාවිතාව ඇතුලෙ අවශ්‍ය අඳුරු නාටකීය බව මතු කරගන්න ඒ ප්‍රමාණවත්. ඒක ජීවිතය තුල සිද්ද වෙන දේකට වඩා මනස් තිරය මත දකින පරාවර්තන විදිහටයි මුනගැහෙන්නෙ. ෂෙල්ටන්ගෙ මේ ෆ්‍රොයිඩීයානු අඳුරු ලිංගික මනෝභාවයන් තුල හැසිරෙන සිනමාව මෙතනින් ආරම්භ වෙලා ගොළුමුහුදේ කුණාටුව වගේ චිත්‍රපට ඇතුලෙ වඩාත් බිහිසුණුව මුනගැහෙනවා.

    චිත්‍රපටයේ කැමරාව ඉතාම සුවිශේෂයි. ඒක සාර්ථකයි කියනවට වඩා ඒ විසින් සළකුනු කරන විශේෂතාවයක් තියෙනවා එකයි නිවැරදි. ඒ කැමරාව කිසිම වෙලාවක පරිපූර්ණ රූපයක් අපිට හසුකරලා දෙන්නෙ නෑ. ඒ වෙනුවට කොහේ හෝ අන්තයකින් පටන් අරගෙන ඒ රූප රාමුව තුලම ක්‍රමයෙන් දේවල් අනාවරණය කිරීමක් තමයි දකින්න තියෙන්නෙ. ඒ හින්ද හැමතිස්සෙම අපි ඊළගට දකින දේ ගැන කුතුහලයකින් ආශාවකින් කැමරාව හඹා යනවා.

    ඒ වගේම දුර රූප රාමු ඇත්තෙම නැති තරම්. මධ්‍යම සහ සමීප රූප රාමුවලින් තමයි කතාව කියන්නෙ. මේක පුද්ගලයා ‍කේන්ද්‍ර වූ කතාවක් බවත්, එය පිටතට වඩා ඇතුලතට යොමුවුනු කතාවක් බවත් ඒ කැමරාවෙන් කියවෙනවා.

    මේක හිතා මතා දැඩිවම කරන්න යාම නිසා චිත්‍රපටිය ඇතුලෙ ලොකු වෙහෙසක් නරඹන්නාට දැනෙනවා. තියරියක් විදිහට කොයිතරම් මේ භාවිතාව හොඳ වුනත් ඒක තිරයක් ඉදිරියේ නරඹන ප්‍රේක්ෂකයාගේ මනස උවමනාවට වඩා මහන්සි කිරීමක් වෙනවා.

    ලාල් පියසේන අතින්සංස්කරණය සිද්ද වෙන්නෙ මේ කතාවෙ ගූඪත්වයට ගැලපෙන විදිහටයි. කතාව සමාන්තර විදිහටයි ඡේදනය වෙන්නෙ. ඒක සරල රේඛීය ගමනක් නෙමෙයි. නිතරම මතකයන් ආවර්ජනයන් මතින් ඉස්සරහට පස්සට යන ගමනක්. කැපෙන්නෙත් අමුතු විදිහට, සමහර විට අපිව හොල්මන් කරමින්.

    එක දර්ශනයක සනී රාගයෙන් මුසපත්ව අනුරගේ පිට සිගරට්ටුවකින් පුච්චනවා අපි දකිනවා. නමුත් ඇත්තටම සිදුවෙමින් තියෙන්නෙ සනී වේදනාවෙන් මුසපත්ව අනුරගේ පිංතූරයක් සිගරට්ටුවකින් පිලිස්සීම.

    ලංකාවෙ සිනමාවෙ පළමු නිරුවත් දර්ශනය ඇතුලත් වෙන්නෙ මලට නොඑන බඹරු චිත්‍රපටියෙ. ඊට කලින් කිසිම චිත්‍රපටයක නොතිබුනු ආකාරයෙන් පියයුරු අනාවරණය වන දර්ශනයක් මේ දෙපල සිනමාවට එකතු කරනවා.

    සමරිසි ප්‍රේමයට අමතරව ඊට සමාන්තරව අනියම් ප්‍රේමයන් ගැනත් චිත්‍රපටයෙ දිගහැරෙනවා. ඒ කාලෙ තිබුනු දැනීමේ හැටියට සමරිසිභාවය යනු මානසික රෝගී තත්වයක් යන ඇසින් චිත්‍රපටය නිර්මාණය වුනා කියල පේනවා. ඒ වගේම යම් කෙනෙකුට කුඩා කාලයේ සිදුවන අතවරයකින් මේ තත්වය ඇතිවෙනවා වගේ අපරිණත නිගමනයකුත් මේ හරහා මතු වෙනවා. හුලගෙන් ඒඩ්ස් බෝවෙනවා කියල අද කාලෙත් විශ්වාස කරන රටක ඒ කාලෙ හැටියට ඇත්තටම සමරිසිභාවය මානුෂිකත්වයකින් සැලකීම වුනත් අගය කල යුතු තත්වයක්.

    මේ චිත්‍රපටයේ මං ආසම දර්ශනය ස්ටෙලාව බාත්ටබ් එකේ මරාදැමීමේ දර්ශනය. ඒක එක්තරා ආකාරයකින් ‘කකෝල්ඩින්’ ස්වභාවයක් මතු කරන දර්ශනයක්. වෙන කෙනෙක් සමග තමන්ගේ බිරිඳ රමණය කරනු දැකීමෙන් ඇති වුනු අනුරාගයෙන් ඇය හා රති ක්‍රියාවකට එළඹෙන ස්වරූපයක් එතන තියෙනවා. නමුත් අවාසනාවන්ත විදිහට එය පුරුෂ ඊර්ශ්‍යාව මත පදනම් මිනිමැරුමක් බවට පත්වෙනවා. ඒ රූපරාමු කැමරාවට ග්‍රහණය කරගෙන තියෙන හැටි පංකාදුයි. සුවිනීතා වීරසිංහගේ පාද සමග සනීගේ ආශාව, වේදනාව පොරබදන රූප පෙලක් එතනදි නිර්මාණය වෙනවා. බාත් ටබ් නිසාදෝ හිච්කොක්ගෙ සයිකො චිත්‍රපටයත් මතක් වෙනවා.

    මලට නොඑන බඹරු කියන්නෙ ලංකාවෙ මෙතුවක් සිනමාවෙ සාකච්ඡාවට බඳුන් නොකළ ශෘංගාර කලාපයන් විසල් තිරය මතට ගෙන ආපු විප්ලවීය වෑයමක්. අවිද්‍යාත්මක පදනමකින් ඊට මුහු කළ මනෝ ව්‍යාධිමය ස්වරූපය පැත්තකින් තිබ්බම මේ සිනමාව ඇතුලෙන් මේ දෙපල ඇතුල්වෙන්න උත්සාහ දරන මනෝ ලිංගික කලාපය විස්මිත එකක්.

    ඊට පස්සෙ තුන්වෙනි යාමය විසින් මේ මනෝ ලිංගික සිනමාව තවත් ඉදිරි පියවරකට අරගෙන යනවා.

  • විල්හෙල්ම් රයික්ගේ – SEX POL

    විල්හෙල්ම් රයික්ගේ – SEX POL

    අපිට ලෝකෙ මුල්ම තහනම විදිහට මුනගැහෙන්නෙ සෙක්ස්. ඒ පුරාවෘත්තයක් විදිහට. ආදම් සහ ඊව්ට දෙවියන් විසින් මුලින්ම සීමා පනවන තහනම් ගහේ ගෙඩිය. ඒ ගෙඩිය කාපු වරදට දෙවියන් අපිව විනිශ්චය කරනවා. පරාදීසයෙන් පලවා හරිනවා.

    ආගම නිර්මාණය වෙන්නෙම ලිංගිකත්වය පාලනය කිරීමක් විදිහට. ලිංගිකත්වය පාලනය කිරීම හරහා යම් ශුද්ධත්වයක් හැම සංස්ථාපිත ආගමක්ම බලාපොරොත්තු වෙනවා. සංස්ථාපිත ආගමක් කියන්නෙ රාජ්‍යය සමග බැඳුනු ආයතනයක්. ඒ ආගම් තමයි රාජ්‍යයක ආධ්‍යාත්මික බල කේන්ද්‍ර වෙන්නෙ. පත්වෙන රජයක සුජාතභාවය රකින්නෙ ආගමික සංස්ථාවයි.

    ආගමේ කාර්යය වෙන්නෙ සදාචාරය පාලනය කිරීම. සදාචාරය කියන්නෙ රාජ්‍යයේ ගැඹුරුම සමාජ මනෝ විද්‍යාත්මක දේශපාලන ව්‍යුහය. ඒ ව්‍යුහය මගින් තමයි පුරවැසියාගේ පෞර්ෂය නිර්මාණය කරන්නෙ.

    අපි ගොඩක් වෙලාවට හිතනවා සෙක්ස් සහ දේශපාලනය අතර සම්බන්දයක් නෑ කියල. සෙක්ස් පුද්ගලික රහසිගත දෙයක් කියල. රාජ්‍යය විසින් අපේ සෙක්ස් පාලනය කිරීම හරහා අපිව සදාකාලිකව යටත්වැසියන් ලෙස පවත්වාගන්නවා කියන එක අපිට ‍තේරුම් ගන්න අමාරු වෙලා තියෙනවා. අපේ තෘප්තිය සහ වේදනාවේ බලය ඔවුන් අත්පත් කරගන්නවා කියන එක අපි දකින්නෙ නෑ. මොකද ඒ හරහා අපේ දකින දේ පාලනය කිරීමේ හැකියාවත් ඔවුන් අතට ගන්නවා. ඒ කියන්නෙ අපි දකින්නෙත් රාජ්‍යයට ඕන විදිහට.

    මේ ගැන ඉතාම විධිමත්ව කතා කරනවා විල්හෙල්ම් රයික් කියන ඔස්ට්‍රියානු මනෝ විශ්ලේෂකයා. ෆ්‍රොයිඩ්ගේ දෙවෙනි පරම්පරාවෙ ප්‍රමුඛයා වෙන්නෙ රයික්. ඒත් රයික් විසින් මනෝ විශ්ලේෂණයට දේශපාලනය සම්බන්ධ කරන නිසා ෆ්‍රොයිඩ් රයික්ව පිටු දකිනවා. ෆ්‍රොයිඩ්ගෙ මූලික න්‍යායක් වුනු ඊඩිපස් සංකීර්ණය පවා නැවත විශ්ලේෂණය කරමින් රයික් අහන්නෙ, පවුල යන සංස්කෘතික ආකෘතිය නොතිබුනා නම් ඊඩිපස් වරදකාරීත්වය මතු වෙන්නෙ නෑ නේද කියලයි. ෆ්‍රොයිඩ් වික්ටෝරියානු සමාජ සදාචාරයේ සරණ ලබමින් මේ වරදකාරීත්වය පුද්ගලයා තුල පවතින දෙයක් කියනවා. ඒත් රයික් කියන්නෙ ඒක සමාජය විසින් පුද්ගලයා ඇතුලෙ වර්ධනය කරන දෙයක් කියලයි.

    සදාචාරය කියන්නෙ දේශපාලන බලයක් කියල රයික් කියනවා. ඒ වගේම පවුල කියන්නෙ ලිංගික දේශපාලනයේ බල කේන්ද්‍රය විදිහට රයික් දකිනවා. පවුල හා බැඳුනු ලිංගික ආර්ථිකය හරහා පුරවැසියාගේ පෞර්ෂය රාජ්‍යය විසින් පාලනය කරන ආකාරය, කප්පාදු කරන ආකාරය රයික් විස්තරාත්මකව කියනවා.

    එයා දකින්නෙ සියල්ලෙහි මූලික ශක්තිය වෙන්නෙ සෙක්ස් කියල. අපි හිතන්න පුරුදු වෙලා තියෙන්නෙ සෙක්ස් කියන්නෙ ඉන්ටර්කෝස් එක කියල. ඒත් රයික් කතා කරන්නෙ සෙක්ස් එනර්ජි එකක් ගැන. ලිබි‍ඩෝව ගැන. සෛලයක් සෛලයක් පාසා ජීවිතය ජීවත් කරවන ශක්තිය ගැන.

    මුලු විශ්වයම ඇති වුනේ big bang හෙවත් මහා සංසර්ගයකට පසු ඇතිවුනු සුරතාන්තයකින් කියල රයික් කියනවා. එයා ඒ නිසා ඔර්ගොන් කියල (ඕගස්මික්) ශක්තියක් ඔප්පු කරන්න පර්යේෂණ කරනවා.

    රයික් එයාගෙ ලිංගික දේශපාලනය ගැන කරන ‍මනෝ විශ්ලේෂණාත්මක විග්‍රහය පොත් තුනක් හරහා අරන් එනවා.

    • The invation of compulsory sex morality
    • Mass Psychology of Fascism
    • Sexual revolution

    හැට ගණන්වල යුරෝපය පුරා ඇතිවුනු සෙක්ස් රෙවලූෂන් කියන නම පවා මුලින්ම හදුන්වාදෙන්නෙ රයික්. ඒ එක්දාස් නමසිය තිස් ගණන්වලදි.

    රයික්ගෙ කතාව සරලව කිව්වොත් මෙහෙමයි.

    අපි හැමෝම දන්නවා ෆ්‍රොයිඩ් විග්‍රහ කරන හැටියට නියු‍රෝසියාව (කාංසාත්මක රෝග) ඇති වෙන්නෙ අසාර්ථක ලෙස ලිංගිකත්වය යටපත් කිරීම නිසයි. ඒ කියන්නෙ ළමයෙක් පුංචි කාලෙ ඉඳන්ම මුහුන දෙන ලිංගික යටපත් කිරීම ඒ ළමයාගේ වැඩිමහල් වයසෙ ඇතිවෙන කාංසාත්මක තත්වයන්ට හේතු වෙනවා. අපි පහුකරන ලිංගික අවධීන්වලදි සමාජ සදාචාර නිර්ණායක අනුව ලිංගිකත්වය යටපත් කිරීම සිද්ද වෙනවා. නියුරෝසියාව හෙවත් කාංසාත්මක රෝග සුව කරන්න නම් කළ යුත්තේ මේ ලිංගිකත්වය නිදහස් කරන එකයි.

    බුදුන් විසින් සබ්බෙ පෘතග්ජනා උන්මත්තකා කියන්නෙ ඔන්න ඔය කාරණය හින්ද වෙන්න ඕන. අපි හැමෝම අපේ සංස්කෘතිය ඇතුලෙ නියුරෝසික රෝගීන්. අපිව රෝගීන් කරන්නෙ පවතින රාජ්‍යය සදාචාරය විසිනුයි.

    රයික් සෙක්ස් ඉකොනොමි කියල වචනයක් පාවිච්චි කරනවා. ඒ කියන්නෙ සමාජයක ලිංගික ආර්ථික ක්‍රමවේදය මොකක්ද කියන එක. අපි ලිංගික ගනුදෙනු තෘප්තිමත් කරගන්නා ආකාරයට රයික් කියනවා ලිංගික ආර්ථිකය කියල. මේ ආර්ථිකය රාජ්‍යය විසින් පාලනය කරන්නෙ තහංචි පැනවීමෙන්. ඒ තහංචිය තමයි අපිට අර මුලින්ම බයිබලයේ මුනගැහෙන්නෙ.

    මේ යටපත් කරන ලද ලිංගිකත්වයේ නියුරෝසියාවෙන් ගැලවෙන්න නම් අපි ලිංගිකත්වය නිදහස් කරන්න ඕන. ඒක කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් ඒ ආශාව තේරුම් ගැනීමෙන් පස්සෙ ඒක පාලනය හෝ නොතකා හැරීම කරන්න පුලුවන්. හැබැයි ආශාව විනිශ්චයකින් තොරව ගැඹුරින් තේරුම් ගැනීම මුලින්ම අවශ්‍ය වෙනවා. දෙවෙනි ආකාරය තමයි මේ ආශාවේ ප්‍රේරණ නැත්තං ඩ්‍රයිව්ස් අපිට වෙනත් මාර්ගවලට හරවන්න පුළුවන්. උදා විදිහට අපිට අපේ ලිංගික ආශාවේ දිශාව කලාව පැත්තට හරවන්න පුළුවන්.

    හැබැයි මේ ආකාර දෙකම තමන්‍ගේ ලිංගික ජීවිතය බාධා වුනු කෙනෙකුට කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ආශාව තේරුම් ගැනීමට වගේම වෙනත් දිශාවකට මාරු කිරීම කරන්න පුළුවන් ළමා වියේ පටන් නිරෝගී ලිංගික වර්ධනයක් ලබපු කෙනෙකුට විතරයි. එහෙම එකක් අපි කාටවත් නෑ.

    රයික් එතනදි අහන්නෙ ලිංගික ආශාව ඍජුවම තෘප්තිමත් නොකරන්නෙ ඇයි කියල. ඒක සදාචාරය විසින් අපි තුල නිර්මාණය කළ ඇටිටියුඩ් එකක් හින්ද වෙන වැඩක්. අපි සෙක්ස් සලකන්නෙම වැරදි දෙයක් විදිහට. දෙවියන් විසින් අපිට දඩුවම් පැනවූ දෙයක් විදිහට. සෙක්ස් ගැන අපේ තියෙන මේ ඇටිටියුඩ් එකම තමයි අපේ සියලු සමාජ මානසික රෝගයන්ගේ මුල කියල රයික් විස්තර කරනවා.

    ළමා කාලෙදි මේ සෙක්ස් ඇටිටියුඩ් එක නිවැරදිව සකස් වුනේ නැත්නම් කෙනෙකුගේ ලිංගික පෞර්ෂය හරි විදිහට සංවර්ධනය වෙන්නෙ නෑ. සෙක්ස් කියන්නෙ වැරදි දෙයක් කියල පිළිගන්නා මානසිකත්වයකින් නිරෝගී පෞර්ෂයක් ගොඩනැගෙන්නෙ නෑ. රයික් කියන්නෙ මේ නියුරෝසියාව ලි‍ංගේන්ද්‍රියන් හරහාම තෘප්තිමත් කළ යුතුයි කියලයි. එය වෙන කිසි වටවංගුවකින් තොරව සෙක්ස් ප්‍රකෘතියෙන් බාරගැනීම හරහාම සුවපත් කළ යුතුයි කියලයි.


    ඊළග කොටසෙ ඉතුරු ටික

  • අනවසරයෙන් රූගත කළ වැටකේ වීඩියෝ සුනාමිය

    අනවසරයෙන් රූගත කළ වැටකේ වීඩියෝ සුනාමිය

    වෙරලේ පෙම්වතුන් ලිංගිකව හැසිරෙද්දි හොරෙන් වීඩියෝ කරපු එකෙක් පොලිසිය අත් අඩංගුවට ගන්නවා. ලංකාවෙ පොලිසිය කරපු හොඳ වැඩක්. සෙක්ස් කිරීමේ නිදහස වෙනුවෙන් පොලිසිය පෙනී සිටීමක් කළාමද කොහෙද .

    ඒ මනුස්සයා ඒ වීඩියෝ කරපු අරමුණ මොකක්ද අපි දන්නෙ නෑ. විකුනලා කීයක් හරි හොයාගන්න වෙන්න පුළුවන් . රොබින්හුඩ් වගේ හැමෝම අතර බෙදාහරින්න වෙන්න පුළුවන් . නැත්තං තනියම රසවිඳින්න වෙන්නත් පුළුවන්.

    ඒ කොහොම වුනත් ඌ හිරේ ගිය අතරෙ ඒ වීඩියෝ තොගේම එලියට ආවා. ඊට පස්සෙ ඒ වීඩියෝ බලන එක හරිද වැරදිද කියන සදාචාර ප්‍රශ්නෙ ආවා. අනවසරයෙන් වීඩියෝ කිරීම වරදක් වුනාට ඒ වීඩියෝ අනවසරයෙන් නැරඹීම වරදක් කියල හිතන තරමෙ සදාචාරවාදියෙක් නොවෙන හින්ද මං ඒ වීඩියෝ බැලුවා.

    ඒ වීඩියෝ බලද්දි අපේ තරුණ උන් සෙක්ස් රසවිඳින හැටි ගැන ආඩම්බර හිතුන. කාමරේකට යන්න සල්ලි නැති නිසා හරි කාමරේකට යනවට වඩා අඩු වරදක් කියල හිතන නිසා හරි මේ කොල්ලො කෙල්ලො වෙරළක වැටකේ ගාලක රතිසුව විඳිනවා. ඇත්තටම හොරෙන් වීඩියෝ සහ පොලිසියෙ බලහත්කාරයන් වගේ දේවල් නැත්තං වෙරළ කියන්නෙ සෙක්ස්වලට අසිරිමත්ම තැනක්.

    ඒ කොහොම වුනත් උන් ඉතා රමණීය විදිහට ඒ ආස්වාදය විඳිනවා. විශේෂයෙන් කාන්තාවගේ පැත්තෙන් ලොකු දියුණුවක් පේන්න තියෙනවා . තමන්ගේ ආස්වාදයත් හඹා යන නිර්භය පෙම්වතියන් ඒ වීඩියෝවල ඉන්නවා. ඇයව සතුටු කිරීමම ආනන්දය කරගත් පෙම්වතුන් ඉන්නවා.

    ඇත්තටම මේ වීඩියෝ තොගය කියන්නෙම ලංකාවෙ සෙක්ස් ගැන මිළ කළ නොහැකි පර්‍යේෂන මූලාශ්‍රයන් වෙනවා.

  • රවට්ටගෙන ගිහින් වීඩියෝ කරලා

    රවට්ටගෙන ගිහින් වීඩියෝ කරලා

    මහනුවර පැත්තෙ සිසුවියන් රවටාගෙන කාමරවලට ගෙනිහින් අසභ්‍ය චිත්‍රපටි හදපු පාසැල් සිසුන් දෙන්නෙක් අත්අඩංගුවට අරගෙන.

    මේ සිසුවන් දෙදෙනා කෙල්ලන් සමග හාද වී ඔවුන්ගේ නිරුවත රූගත කරගෙන ඒවා අන්තර්ජාලයට මුදාහරින වගට තර්ජනය කරමින් මේ සිසුවියන් අපයෝජනය කරලා තියෙනවා.

    මේක බරපතල වරදක්. ඒ ගැන කතා දෙකක් නෑ.

    ඒත් මේ විදිහට තර්ජනය කරමින් අපචාරයට ලක් කිරීමට ඇති සංස්කෘතික ඉඩ මේ විදිහෙ හුදකලා සිදුවීමක් නීතිය ඉදිරියට පැමිණවීමෙන් අවසන් වෙන්නෙ නෑ. ඒ අවකාශය තව තවත් විවෘත වෙනවා.

    කෙනෙක් තමන්ගේ නිරුවතක් ඉන්ටර්නෙට් එකට දානවා කියන පලියට බියට පත්නොවන සංස්කෘතියක් නිර්මාණය කරන්න ඕන. නිරුවත හෝ ලිංගිකව හැසිරීම කියන එක මහා රහසිගත දෙයක් කියන සෙක්ස් ඇරියස් මනෝභාවය ආමන්ත්‍රණය කරන්න ඕන. ඒකට සෙක්ස් මැජික් නැති සමාජයක් නිර්මාණය වෙන්න ඕන.

    පොලිසිය කියන්නෙ ඒකෙ අනිත් පැත්ත. පොලිසිය තමයි අපචාර සංස්කෘතිය පවත්වාගෙන යන්නෙ. ඒ අපචාරී දෘෂ්ටිය සමාජය ඇතුලෙ බලයත් එක්ක නඩත්තු කරන්නෙ. කොටින්ම වැඩබලන පොලිස්පති පවා බලහත්කාර අත්අඩංගුවට ගැනීමකට සහ ලිංගික අතවර කිරීමකට උසාවියෙන් වරදකරුවෙක් වෙලා තියෙනවා.

    මේ සිසුවන්ගෙ ෆෝන් පරීක්ෂා කිරීමේදී තවත් තරුණියන්ගේ අසභ්‍ය යැයි කියන දර්ශන පොලිසියට හම්බුවෙලා තියෙනවා. ඒ දර්ශන අසභ්‍යයි කියන්නෙ ඇයි කියල දන්නෙ දෙයියො තමයි. දෙන්නෙක් ලිංගිකව හැසිරීමක වීඩියෝවක් අසභ්‍ය නෑ. එය අනවසරයෙන් රූගත කිරීම හෝ මුදාහැරීමයි අසභ්‍ය ක්‍රියාව වෙන්නෙ.

    කොහොම වුනත් පොලිසිය අතට තවම අන්තර්ජාලයට මුදා නොහැරපු නිරුවත් දර්ශන පත්වීම තමයි භයානකම. මේ වීඩියෝ පොලිසිය සතුව තිබියදීම අන්තර්ජාලය මුදාහැරීමක් සිදු නොවේ යැයි ස්ථිරව කියන්න පුළුවන් සදාචාරයක් පොලිසියට තියෙනවද? රංජන් රාමනායකගේ හඩපටවලට සිද්ද වුනේ මොකක්ද?

  • නෂ්ඨකාමුකයෝ, කාමුකයෝ හා දොජභංග පොලීසිය

    නෂ්ඨකාමුකයෝ, කාමුකයෝ හා දොජභංග පොලීසිය

    දැන් සති කීපයකට කලින් හිනිදුම සරණසිරි නම් තරුණ භික්ෂුවකගේ ඉල්ලීමක් පොස්ටුවක් හැටියට බෙදා ගැණුන. ඔහු ඉතාම මාණුෂික ඉල්ලීමක් කරල තිබුනේ….

    “සිවුර ඇතුලේ සිටින අපටත් ලිංගිකත්වයක් අවශ්‍යයි”

    යන මුළික මානව අයිතිය හා මානුෂික වුවමනාවයි එයින් ප්‍රකාශයට පත් වුණේ. එහෙත් ඒකට උත්තර ලියපු හිංගල බෞද්ධ හරක් රැලක් එයට අවමානයෙන් සිනාසෙමින් සිටිය. මේ අමනයෝ රැලේ ප්‍රතිචාර වලින් කොටසක් එක පිංන්තුරයක තියෙනව. මේ තරුණ භික්ෂුවගේ ඉල්ලීමට සිනාසෙන, අවමන් කරන ගොන් රැල මස්කඩයකට මසට විකුණන්න පුළුවන් නම් මම අදම ඒක කරනව. මොකද මේ ජාතියේ බත් කන හරක් රටක තියාගෙන වැඩක් නෑ. අවාසනාවට මස්කඩකාරයොවත් මුන් සල්ලිවලට තියා නිකං දුන්නත් ගන්නේ නෑ. එවුන්ටත් මුං මොළේට ගහන ඇණයක් වෙනව.

    මගේ විශ්වාසයේ හැටියට මේ බෞද්ධ භික්ෂුව ලවා සිල් රක්කවන්න, තෙවැනි සිල් පදය නොකඩවන්න දඟලන පාරම්බාන හිංගල බෞද්ධ හැත්ත බරපතල ලිංගික ප්‍රශ්න දෙකකින් බැට කනව. එයින් පලමු වැන්න ආයුර්වේදයේ විස්තර කෙරෙන ‘දොජභංගය’. මේ දොජභංගයෙන් පෙලෙන එවුන් අනුරාගය විදින්න බයයි. ඒක සිද්ධ වෙන්නේ සුරතට එලඹෙන සැනින් මොවුන් සුරතාන්තයට පත් වීමයි. ඉතින් මොවුන් තමන් සුරතේ සැප නොවිදිනවා සේම අනෙකා සුරත විදිනවාට පරම සතුරුයි. මම හිතන්නේ දොජභංගයෙන් පීඩා විදින විශාලම පිරිස ඉන්නේ ලංකා පොලිසියේ.

    දෙවැන්න, නෂ්ඨකාමය. මේ නෂ්ඨකාමුකයන්ට තියෙන බරපතලම ප්‍රශ්නය ශරීරය අනුරාගයෙන් සංථර්පනය කිරීමට වුවමනාවන් ඇති නොවීම. ඒක මේ නෂ්ඨකාමුකයන්ගේ උපතින් එන දෝසයක් නෙවෙයි. ඔවුන් විවිධ රෝගාබාධයන්ට වැලදී තිබීම, එකාකාරි ජීවන රටාවන්ට හුරුවීම හා බලවත් උන්නතිකාමය නිසා ශාරිරික වුවමනාවන් නොතකා මුදල් ඉපයිමට හෝ වෙනත් අරමුණුවලට කැප වීම.

    මේ තමන්ගේ පැවැත්මේ ප්‍රශ්න නිසා තමනට අහිමි වූ අනුරාග සතුට වෙන කෙනෙක් ලබනවාට ඉහත කී මනුශ්‍යයන් විරුද්ධ වෙනව. එහෙත් ඔවුන් අනුරාග සතුට ලබන අනෙකා නතර කරන්න ක්‍රමයක් නෑ. ඔවුන්ට පාලනය කළ හැකි උදවියට විතරයි මේ අනුරාග තහනම පනවන්න පුළුවන්. මෙතනදී රෝගී දෙමාපියන්ගේ ගොදුරු වෙන්නේ ඔවුන්ගෙන් යැපෙන දරුවෝ. ඒ වගේම මොවුන්ගේ දානමාන ආදියෙන් යැපෙන භික්ෂුව. දොජභංගයෙන් පෙලෙන පොලිසියේ වින්දිතයො වෙන්නේ දිළිදු, තරුණ පෙම්වත්තු හා අනුරාගය මුදලට විකුණන ශ්‍රමිකයෝ.

    ඉහත රති රෝගවලට ආයුර්වේදයේ වගේම බටහිර වෛද්‍යවේදය තුලත් ප්‍රතිකාර තියෙනව. ප්‍රතිකාර ගන්න තමනට තියෙනේ අසනීපයක් බව දැන ගන්න එපායෑ…! ඒ නිසා හිනිදුම සරණතිස්ස ඇතුලු තරුණ භික්ෂුන්ට අපි කියන්නේ තමන්ගේ ශරීරය සංථර්පනය කිරීමට එකඑකාගෙ සරණ පතන්න එපා. ඒ වෙනුවෙන් කාගෙවත් සරණක් වුවමනා නැත. එය ශුද්ධ වූ මානව අයිතියකි. එය රිසි සේ භුක්ති විදින්න. මේ වෙනුවෙන් කතා කරන්න සිවුර අස්සේ කොන්දක් සඟවාගෙන සිටියාට විශාල ගෞරවයක් ඇති වෙනවා.


    නන්දන වීරරත්නගේ සටහනක්

  • Brown Alice – Chapter 22

    Brown Alice – Chapter 22

    ආදරේ කියන්නෙ මහ පුදුම දෙයක් කියලා මට නිතර හිතෙනවා.
    මනුස්සයෙක්ට ජීවිත කාලෙ එකම එක වතාවක් හරි ඇට මිදුලු වලටම දැනෙන ආදරයක් තියෙන්න ඕනෙ.
    අපිට අපි කවුද කියලා හරියටම දැනෙන්න, ජීවිතේ කොච්චර නපුරුද වගේම ලස්සනද දැනෙන්න,
    හිත ආදරයක් නිසා විනාස වෙලා හැදෙන්නම ඕනෙ.

    මම ඔයාව මුලින්ම හම්බවෙන්න ආපු දවසෙ ආවෙ,
    අවුරුදු 6ක ආදර කතාවක අවසානයට පස්සෙ,
    Brown Alice විදිහට.
    ඒ අවසාන වුන ආදර කතාවෙ කතා නායකයා ගැන,
    තව ටිකක් දුරට කියන්න හිතුනා ඔයත් එක්ක අද..

    එයයි මමයි යාලු වුන විදිහ මම ගොඩක් කලින් දවසක ඔයත් එක්ක කියලා තියෙනවා,
    අපි හම්බවුනේ, ආශ්‍රය කලේ, ඇමෙරිකාවේ එන්න කලින් ලංකාවෙදි ගිය college එකකදි.
    අපි හොඳම යාලුවෝ වුනා,
    ඒ යාලුකම දුර දිග ගියා විතරයි ඇත්තටම.

    අපි ආශ්‍රය කරන්න පටන් ගන්නකොට, එයාට ඉස්කෝලේ කාලෙ ඉඳලා යාලු වෙලා හිටිය girlfriend කෙනෙක් හිටියා, මටත් boyfriend කෙනෙක් හිටියා,
    මට නම් තිබුනෙ එහෙම serious සම්බන්ධකමක් නෙමෙයි,
    ඒක break up වුනාට පස්සෙ, තව තව පොඩි පොඩි සම්බන්ධකම් මට තිබුනා.
    ඒ හැමදෙයක්ම මගෙ ජීවිතේ වෙනකොට, එයාට හිටියෙ ඒ girlfriendම විතරයි.
    එයයි, මමයි, හරිම ආදරණීය යාලුවෝ වුනා විතරයි.

    එයාගෙ රට යන්න ලෑස්ති වෙන වැඩ හැමදේමත් එක්ක, ජීවිතේ ටික ටික වෙනස් වෙනස් ගත්තා.
    ඉක්මනින් ඉක්මනින් වෙනස් වෙන ජීවිත එක්ක,
    පොඩි කාලෙ පටන් ගත්ත ආදර කතා වලට බර දැනුනා වැඩි වෙන්න ඇති.
    ඒ දෙන්නා break up වුනා.
    රට යන්න ඉන්න අස්සෙ, හිත කඩාගෙන බැරි වුනත්, එයාට වෙන කරන්න දෙයක් තිබුනෙ නැහැ.
    මට තාම මතකයි, college එකට ඇතුල් වෙන තැන පඩිපෙල උඩ ඉඳගෙන එයා මගෙත් එක්ක අඬපු හැටි.
    මට හරිම දුක හිතුනා.
    ආදරේ නිසා අඬන කොල්ලෙක් දැක්කම, වෙන මොනා හිතෙන්නද?

    අඩන්න, බනින්න, හිතේ තියෙන දේවල් ඔහේ පිට කරන්න,
    මගෙ ජීවිතේ එයාට මම හරිම සැප පහසු තැනක් දීලා තිබුනා.
    හරිම නිදහසේ එයාගෙ හැඟීම් එතන එයා පිට කලා,
    අපි එන්න එන්නම ලං වුනා.

    අපිට නොදැනීම අපි ආදරේ කරන්න පටන් අරන් තිබුනා,
    කොහොම කවදා උනාද කියන්න මම දන්නෙ නැහැ,
    දවසක් අපි kiss කලා.
    ආත්ම ගානක ඉඳලා අපි kiss කරනවා කියලා දැනෙන තරමට ඒ තොල් හුරුපුරුදු වුනා.

    එයා රට යන්න හිටියෙ මට කලින්.
    තව ටික කාලෙකින් එයා මගෙන් ඈත් වෙනවා කියලා හිත දන්න නිසාද මන්දා,
    දවස් යන්න යන්න අපි තව තව බැඳුනා.
    මට එයාව නැතුව බැරි වුනා.
    එයාව kiss නොකර බැරි වුනා.
    මට හැමදාම එයාව දකිනකන් ඉවසිල්ලක් නැති වුනා.
    ඒ වෙනකන් මම date කරපු වෙන කිසි කෙනෙක් එයා තරමට තදින් මට දැනිලා තිබුනෙ නැහැ.
    මේ ගැන මගෙ යාලුවෝ සාක්ශි දරයි, මම ජීවත් වුනේ වෙනමම ලෝකෙක,
    මටවත් හිතාගන්න බැරි තරමට මම එයාට ආදරේ කලා.

    එයයි මමයි ගැලපුන තැන් ගොඩක් තිබුනා වගේම මම එයාගෙ ආකර්ශනය වුන හරිම සියුම්, ඉඳලා හිටලා මිනිස්සුන්ට පිහිටන ජාතියෙ ගතිගුණ එයාගෙ චරිතෙ තිබුනා.
    මගෙ ජීවිතේ කිසිම දෙයක් එයා judge කලේ නැහැ,
    මගෙ රහස් එයා ළඟ හරි පරිස්සමට තිබුනා.
    එයා එන්නෙ මම එන ජාතියේ පවුලකින් නෙමෙයි වුනත්,
    එයා මම එන වටපිටාව තේරුම් ගන්න හැමවෙලේම උත්සහ කලා.

    අපි ලංකාවෙ යාලු වෙලා හිටියෙ කාලෙ පොඩි කාලයක් වුනත්, ඒක හරිම සුන්දර කාලයක්.
    එයාගෙ තිබුනා හම්බෙන හැම දවසකම මොනාහරි මට දෙන පුරුද්දක්,
    මහ ලොකු තෑගි නෙමෙයි, එක්කො පොඩි key tag එකක්, chocolate එකක්, මොනාහරි පොඩි දෙයක්.
    සමහර දවසට දෙන්න දෙයක් නැත්තන්, bus ticket එකේ මොනාහරි ලියලා හරි දෙනවා.
    මගෙ ළඟ තාමත් memory box එකක් පිරෙන්න එයා දීපු අනං මනං පොඩි පොඩි මතක තියෙනවා.

    එයාට හොඳ fashion sense එකක් තියෙනවා.
    එයත් ලස්සනට අඳිනවා වගේම, මටත් වඩා මට ලස්සනට ඇඳුම් තෝරන්න එයාට පුලුවන්.
    මම ගවුම් අඳිනවට තමයි ආසම,
    ඒ නිසා අරන් දීලා තියෙන්නෙම ගවුම් විතරයි.

    එයා මාව ඒ දවස්වල හැම සයිවර් කඩේකටම කන්න එක්කක් ගිහින් ඇති.
    කොටුවෙ මුලින්ම කඩවල් ගානෙ මාව ඇවිදින්න එක්කන් ගියෙත් එයා.
    ලංකාවෙ ඉන්න කාලෙ අපි දෙන්නා ගිය dates අදටත් ජීවිතේ මම ගතකරපු ආසම දවස්.
    මම පළවෙනි පාරට කෝච්චියක ගියෙත් එයත් එක්ක.
    පළවෙනි පාරට කරපු ගොඩක් දේවල් මම කලෙ එයත් එක්ක.
    පළවෙනි පාරට sex කලෙත්!
    ඒ ගැන කියන්නම් වෙනමම දවසක..
    ඒ විතරක් නෙමෙයි,
    මගෙ මුලු ජීවිතේම වෙනස් කරපු weed වලට මාව මුණගස්සන්නෙත්, එයා.
    එයාගෙ අතින් මාව හැඩවුන වුන තරම් මෙච්චරයි කියලා කියන්න බැහැ.

    අපි ඒ දවස්වල ලංකාවෙ නිතරම වගේ ගිය තැනක් තිබුනා beach එක අයිනෙ, පැය ගානට කාමර දෙන.
    පැය 4කට රුපියල් 3000ක් වගේ ගානක් වුනේ එතකොට මට මතක හැටියට.
    පොඩි ඇඳක් තියෙනවා, A/C කරලා, tv එකක් තියෙනවා.
    එහෙම තනි වුන වෙලාවල් වල,
    එයා මාව kiss කරපු හැම පාරකම,
    මාව අතගාපු, අල්ලපු, හැම සැරයක් ගානෙම,
    මගෙ මුලු ආත්මයටම පණ එන්න ඇති,
    ඇඟේ හැම නහරකටම අලුතෙන් ජීවිතේ දැනෙන්න පටන්ගන්න ඇති,
    මට එයාව, ඒ ආදරේ, දැනුන හැටි ඊට වඩා කොහොම ඔයාට විස්තර කරන්නද කියලා තේරෙන්නෙ නැහැ.

    එයා හරිම sexy විදිහට හුස්ම ගන්නවා horny වුනාම.
    ඉවසන්නම බැරි වුනාම, ගොරවනවා, ගොදුරක් ලැබුන ගමන් සතෙක් වගේ.
    මම එයාගෙ අනිත් ආසම දේ තමයි, ඒ අත් දෙක,
    අත් දෙකේ නහර පේන එකට.
    dick එකේ වගේම.
    එයාගෙ හැඩරුවත් මාව පිස්සු වට්ටලා තිබුනෙ.
    ඒ රැවුල, ඇස් දෙක, හිනාව ඉඳලා හැමදෙයක්ම.

    එයා හරිම කලබලයි, මාව විඳින්න කලබලයි.
    අපිට මහ ලොකු වෙලාවක් නැති නිසා,
    පොඩි වෙලාවකින් උපරිම විඳින්න හදන නිසා වෙන්න ඇති,
    මාව කවුරුහරි අරන් යයි වගේ එයා කලබලයි.
    ඒ නොඉවසිලිමත් කමට මම පුදුම විදිහට ආස වුනා.
    ආස වුනා විතරක් නෙමෙයි, ඇබ්බැහි වුනා.
    මම එයාට ආදරේ කරපු තරමට, එයා ආදරේ කරන විදිහ කොයි විදිහ වුනත්,
    මම ඒකට අනිවාර්යයෙන්ම අවනත වෙනවා.
    මම හිතන්නෙ නැහැ එයත් එක්ක මට කිසිම සීමාවක් තියෙයි කියලා,
    එයා කැමති Bondage sex වුනත්, cuckold වුනත්, මොන විදිහක sex වුනත්,
    මම ඒකට කැමති වෙයි.
    එයා සතුටු වෙන හැටි බලලා මම උපරිම සතුටක් ලබයි, එයාගෙ සතුට මගෙ කරගෙන මම විඳියි.

    එයාට මාව ඕනෙ වෙන හැටි බලන එක තරම් මාව turn on කරන හැඟීමක් ඒ වෙද්දි මට දැනිලා තිබුනෙ නැහැ.
    රතු වෙනකන්, ඉවරයක් නැතුව මාව kiss කරනවා.
    බෙල්ලෙ ඉඳන් මුලු පපුවම, boobs උඩ හැමතැනම රතු වෙනකන් ඉඹිනවා.
    කන්න පුලුවන් වුනා නම් මාව කන තරමට එයා horny වෙනවා.
    පැය ගනන් මාව ලෙවකනවා.
    අදටත්, sex වලදි, මම ආසම ඇඟවල් එකට අඳුරගන්න ඒ කාලයට,
    Foreplay එකට.
    හරියට මැජික් එකක් වගේ.
    Sex කරන්න ඕනෙ, වෙන කරන්නම දෙයක් නැති තැන,
    දැන් නම් ඇතුලට එන්න එන්න කියලා ඇඟ බැගෑපත් වෙවී ඉල්ලනකොට විතරමයි!

    මේ කියන කාලෙ, Sex කලේ නැහැ අපි,
    එයාට ඕනෙ වුනා නම්, sex කරන්නත් තිබුනා.
    නමුත්, ඒකට මම ඉස්සර වුනේ නැති නිසා, එයා වුනෙත් නැහැ.
    මම virgin කෙනෙක් වුන නිසා වෙන්න ඇති, මුලින්ම sex කරන එක මගෙ තීරණයක් කියලා එයාට හිතෙන්න ඇති.
    හම්බුන හැම දවසකම, එයාගෙ dick එක මගෙ ඇඟ ඇතුලෙ උණුහුම වින්ඳෙ නැති වුනාට, ඒ ඇරෙන්න අනිත් හැමදේම අපි කලා,
    Best foreplay ever.
    එයා කලේම මගෙ මුලු ඇඟම අතගගා kiss කරපු එක.
    කකුල් තමයි වැඩිපුරම.
    අපි උපරිමේටම අපිව වින්දා.

    මෙහෙම අතීතය මතක් කරනකොට තේරෙන දෙයක් තමයි,
    කෙනෙක්ගෙ ඇඟක් එක්ක බැඳෙනකොට, තමන්ගෙ ඇඟ තව කෙනෙක්ගෙ පහසට, ස්පර්ශයට හුරු වෙනකොට ඒක ඇබ්බැහියක් වෙන හැටි.
    ඒකෙන් ගැලවෙන එක ඊට පස්සෙ ලේසි දෙයක් වෙන්නෙ නැති හැටි.

    අපිව විඳලා ඉවර වුනාට පස්සෙ, හවස් වෙනකන් අපි මුහුද අයිනෙ ඔහේ කතා කර කර ඇවිදිනවා.
    එයා කියන විස්තර අහන් ඉන්න මම ආසයි.
    අපේ dates කිසිම විදිහකින් මහ ලොකු වියදම් ගිය ඒවා නෙමෙයි.
    හරිම සරල වුනත්, හිත පතුලටම දැනුන සුන්දර දවස්.
    මම ආදරේ කියලා දැක්කෙම අපි අපිට කැමති වුන එක විතරයි,
    මම එයාගෙ පැවැත්මට ආස කලා, එයාගෙ ජීවිතේට ආස කලා, එයාගෙ දඟකාර කමට, කියාගන්න බැරි තරම් ආදරේ කලා.

    College එකේදි මට එක එක හේතු වලට රට යන්න ඉන්න අය මුණගැහුනා.
    ඒ අතරෙ, එයා යන්න හිටියෙ, එයාගෙ බාෂාවෙන් කියනවා නම්, ගේමක් ගහන්න.
    මට රට යන්න ඕනෙ වුනේ එහෙම කිසි දේකට නෙමෙයි,
    මානසික නිදහසක් ලබන්න,
    මගෙ පාඩුවෙ ජීවත් වෙන්න.
    ඒත් එයාගෙ ජීවිතේ ඒ තරම් සරල වුනේ නැහැ, එයාට තිබුනා කොහොමහරි ගොඩ ඇවිත් අම්මලට සලකන්න ඕනෙ, ඒගොල්ලොන්ට ගෙවල් දොරවල් හදලා දෙන්න ඕනෙ, යුතුකම් කරන්න ඕනෙ වගේ දේවල්.
    එයාගෙ අම්මාට එයා ඇරෙන්න වෙන ලෝකයක් තිබුනෙ නැහැ.

    අපි දෙන්නගෙ මේ හැම දෙයක්ම පරස්පර වුනාට,
    ආදරේ දැනුන විදිහ විතරක් එක විදිහ වුනා.
    මම ඒ නිසා හිතුවා වෙන කිසි දෙයක් අපිට වැඩක් වෙන්නෙ නැති වෙයි කියලා.
    පොඩි ගෑනු ළමයෙක්, ආදරේ ගැන හිතන විදිහ කොයිතරම් නම් සුන්දරද, නේද?

    කොහොමහරි, එයා රට යන්න ඉන්න දවසුත් ටික ටික ලං වුනා.
    Visa interview එක දවසෙ,
    එයා ඉවර වෙලා එනකන් මම embassy එකෙන් එළියට වෙලා බලාගෙන හිටියා.
    එළියට ආපු ගමන් එයා කලේ මාව බදාගත්ත එක.
    පුදුම සතුටකින් එයා හිටියෙ.
    කිසිම වචනයක් කිව්වෙ නැති වුනාට, එයාගෙ සතුට මාව බදාගත්ත විදිහෙන් මට දැනුනා.

    ‘මම දන්නවා ඔයාට කවදාවත් වරදින්නෙ නැහැ කියලා, Congratulations!’
    මම එයාව kiss කලා.

    අපි අත් අල්ලගෙන ඇවිදගෙන ගියා ගෝල්ෆේස් එක පැත්තට.
    ටිකක් වෙලා කතා කර කර ඉඳලා එන්න.
    මගෙ ළඟ තාම තියෙනවා මම එදා ගත්‍ත එයාගෙ ආසම photo එකක්.
    Interview ඇඳන් ගිය සුදු shirt එකයි, එයාගෙ nerdy කණ්නාඩි දෙකයි පිටින්,
    ඉස්සෝ වඩේ කන හැටි.

    වීසා ලැබුන වෙලාවෙ ඉඳලා කැඩිච්ච රෙකෝඩර් එකක් වගේ එයා මගෙන් ඇහුවෙ එකම දෙයයි.

    ‘කියන්න, එනවා නේද මම යන දිහාවටම?’

    ‘අම්මයි තාත්තායි යවන්න ඉන්නෙ නැන්දා ළඟට නෙ. කොහොමද මම කියන්නෙ එහෙ යන්නෙ නැතුව ඔයා යන තැනට යන්න ඕනෙ කියලා. යාලුයි කිව්වොත් යන්න දෙන්නෙම නැති වෙයි’

    ‘මම ඒවා දන්නෑ, මොනාහරි කියන්න. මට ඔයාව ඕනෙ’

    මට හිනත් යනවා එයා කියන විදිහට.
    ඒ හිතුවක්කාර කමට තමයි මම එයාගෙ ආසම.

    එයා අන්තිමේදී යන දවසත් ආවා.
    එදා තමයි මුලින්ම මම smart phone එකක් ගත්ත දවස.
    එයා ගියාට පස්සෙ, තනියෙන් දවස් ගෙවලා දාන එක මට එන්න එන්නම අමාරු වුනා.
    Phone එකෙන් විතරක් එයාව දකින එක ඉවසගන්න බැරි වුනා.
    එයාව miss වෙන එක දරාගන්නම බැරි වෙනකොට,
    එයා ගිය තැනට යනවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් තේරුනෙ නැහැ.

    ‘හිරු මල් දෑතේ සඟවා
    වලා රොදක නැගිලා
    සත් සමුදුරුම කළඹාලා
    ඔබ වෙතට එනවා…!’

    ම්ම්ම්..
    කලුවරත් වෙලා නේද?
    ඔයාට යන්නත් පරක්කු වෙනවා ඇති.
    පේනවානෙ එයා ගැන කතා කරන්න ගත්තම ඉවරයක් නැති හැටි.
    එදත් එහෙමයි, අදත් එහෙමයි.
    ඉතින් හිතෙන්නෙම මට,
    පුදුම නැද්ද ආදරේ?

  • ලැජ්ජයි පොලිසිය!

    ලැජ්ජයි පොලිසිය!

    හෝමාගම පොලිසිය විසින් තවත් වීරක්‍රියාවක් සිදු කර තිබේ. ඒ පුද්ගලික බිමක පෙම් කරමින් සිටි පෙම්වතුන් ජෝඩු 24ක් අත්අඩංගුවට ගැනීමෙනි. ශ්‍රී ලංකා පොලිසිය විසින් වරින් වර මේ බලහත්කාරය කිසිම ලැජ්ජාවකින් තොරව කරගෙන යමින් තිබේ.

    ප්‍රේම කිරීමට පොලිසියෙන් අවසර ගත යුතු යැයි ලංකාවෙ නීතියක් නැත. නමුත් දැන් පෙම් කරන්නේ නම් ඒ සඳහා දෙපාර්ශ්වයේ දෙමව්පියන්ගෙන් අවසර රැගත් අයදුම්පතක් පොලිසියට බාරදිය යුතු තත්වයට‍ රෝගය උත්සන්න වී ඇත.

    මේ සදාචාරය රකින අමන පොලිස් සම්ප්‍රදාය රාජපක්ෂවාදයේ මූලික සංස්කෘතික ලකුණකි. ඒ කාලෙ රාජපක්ෂලාගේ සදාචාරය වුනත් දැන් මේ රනිල් වික්‍රමසිංහගේ සදාචාරය වෙන්න පුළුවන.

    මිනිස්සුන්ගේ ලිංගික නිදහසට බාධා කරන මට්ටමට පොලිසිය විසින් තමන්ගේ නිලබලය කිසි ගානකට නැතුව අවභාවිතා කරමින් තිබේ. ජනතාව තමන්ගේ බදු මුදලින් පොලිසියට පඩි ගෙවන්නේ මෙවන් පහත් ක්‍රියාවන් කරගෙන යාමට දැයි අපි අපෙන්ම ප්‍රශ්න කළ යුතුය. අවුරුදු 16ට වැඩි දෙන්නෙකු නිදහසේ පෙම් කිරීම අත්අඩංගුවට පත්විය හැකි වරදක් යැයි පවසන නීතිය මොකක්දැයි පොලිසියෙන් විමසා දැනගත යුතුය.

    පොලිස් නිලධාරියා කියන්නේ මෙසේ පෙම් කිරීම නිසා සිදුවන අවදානම දරන්න වන්නේ තමන්ට බවයි. පොලිසියට එවන් පුරවැසියන්ගේ පුද්ගල සදාචාරය ආරක්ෂා කිරීමේ වගකීමක් පැවරී ඇත්දැයි පොලිස් ඇමති ටිරාන් අලස් පැහැදිලි කළ යුතුය. එහෙනම් මේ රටේ පොලිසිය සහ ආගම එකක් විය යුතුය.

    ඇත්තෙන්ම මේ තරුණ තරුණියන්ට ජීවිත අවදානමක් ගෙන දෙන්නේ මේ අමනෝඥ පොලිස් නිලධාරියාගේ ක්‍රියාවයි. මෙවන් ආතතීන් නිසා තරුණ තරුණියන් දිවිනසා ගන්නා අවස්ථාවන්ද ඕනෑ තරම්ය. එවැන්නක වගකීම නොදන්නා පොලිසිය සිප් එකක් ඇරගෙන සිටීමේ වගකීමක් ගැන කතා කරයි.

    මේ රාජ්‍ය මට්ටමෙන් ක්‍රියාත්මක වන්නේ ලංකාවෙ අප්‍රකාශිත ලිංගික ප්‍රතිපත්තියයි. විවාහයට පෙර ලිංගික සම්බන්ධතා පැවැත්වීම වරදක් යැයි සම්මත සදාචාරයක් රාජ්‍ය මට්ටමෙන් ක්‍රියාත්මක වෙමින් තිබේ. මේ ගැන අපි හොඳටම දන්නේ ලංකාවේ ලිංගික අධ්‍යාපනය පිණිස පැවරෙන ව්‍යාපෘති අපේ සෞඛ්‍ය නිලධාරීන් විසින් ක්‍රියාවට නගන පටු ආකාරය ඇස්පනාපිටම දැක ඇති බැවිනි. අවිවාහක අයට උපත් පාලනය පිළිබඳ දැනුවත් කිරීම පවා වරදක් යැයි පවසන, ලිංගික අධ්‍යාපන කටයුතු කරන ප්‍රධාන පෙලේ රජයේ වෛද්‍යවරු අපට මුනගැසී ඇත. ඉතින් මේ ලිංගික භීතිකාව පොලිසියේ පමණක් නොව සමස්ත රජයේ වගේම ඔය බොහෝ ප්‍රගතිශීලී යැයි කියන පක්ෂවල අයගේද රෝග තත්වයකි. ඇත්තෙන්ම එය සිංබෞ සංස්කෘතියේම අසහනකාරී දිගුවකි. සිංබෞවන් පවතින්නේ මේ ලිංගික ඇරියස් එක මතයි. රාජපක්ෂවාදය කියන්නේ මේ රෝගයෙහි රෝග ලක්ෂණයයි.

    මෙවන් සිදුවීමකදී කිසිම දේශපාලන පක්ෂයක් ඒ පෙම්වතුන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී ඉන්නේ නැත. ලංකාවෙ එවන් වෙනසක් ඇති වුනේ 2015 පෙරලියෙන් විතරය. එදා පෙම්වතුන්ට නිදහස් චතුරශ්‍රයේ අත් අල්ලගෙන ඉන්න බෑ කියන ආරක්ෂකයන්ට විරුද්ධව රජයේ මැති ඇමතිවරු පවා එතනට රැස්වුනා. ඒත් එදා ඒ හිටපු අයත් අද මේ වගේ සිදුවීම්වලදි කතා නෑ.

    මේ පෙම්වතුන්ට බාධා කරමින් තමන්ගේ නිල ඇඳුමේ බලහත්කාරය මුදාහළ පොලිස් නිලධාරීන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතුමය. නැවත නැවත පොලිසිය විසින් ආඩම්බරයෙන් කරන මේ කාලකණ්ණි ක්‍රියාවට තිත තැබිය හැක්කේ එවන් ප්‍රායෝගික උදාහරණයක් වෙනුවෙන් බලකිරීමෙන් පමණකි. මෙය මානව අයිතිවාසිකම් කඩකිරීමකි. ඒ වෙනුවෙන් මේ නිලධාරීන් වගඋත්තරකරුවන් කළ යුතුය.

    මේ සිදුවීමේදී ඒ පෙම්වතුන්ට පෙම් කිරීම වෙනුවෙන් තමන්ගේ පුද්ගලික බිමෙහි අවසර ලබා දී තිබූ වැඩිහිටි ව්‍යාපාරිකයා විශේෂයෙන් අගය කළ යුතු මැදිහත්වීමක් කරයි. සිප් එකක් ඇරගෙන හිටියම වැරැද්දක් දැයි පොලිසියෙන් ප්‍රශ්න කරයි. ඒ ප්‍රශ්න කිරීම වරදක් යැයි කියමින් පොලිසිය ඒ පුද්ගලයාවද අත්අඩංගුවට ගනී. මේ කාගේ නීතියක් ද?

    ආදරයේ සහ ලිංගිකත්වයේ නිදහස වෙනුවෙන් එවන් පෙනී සිටීමක් සිදු කිරීමට හයියක් තිබූ ඒ ව්‍යාපාරිකයාට අපගේ ප්‍රණාමය. (අපිට ලංකාවෙ මේ වගේ අවස්ථාවල මෙතෙක් මුනගැහී තිබුනෙ මූන හංගගෙන දුවන බියගුල්ලන්ය)

    මේ සිදුවීම කිසිසේත් සරලව අමතක කර දැමිය නොහැකිය. ලව් කරන උන්ගෙ අයිතිය වෙනුවෙන්වත් පෙනී ඉන්න බැරි නං මොකටද ඉතිං.


    චින්තන ධර්මදාස

  • Brown Alice – Chapter 21

    Brown Alice – Chapter 21

    ආයිත් මේ යන්න හදන්නෙ අවුරුදු ගානක් පස්සට.
    මගෙ අවුරුදු 18ට.
    මේකත් ටිකක් වෙනස් විදිහක ආදර කතාවක්.

    මම ඔයත් එක්ක කලින් කියලා තියෙනවා නෙ මම ආදරේ කරපු එකම ගෑනු ළමයා ගැන.
    එයා මගේ ජීවිතෙන් ටික ටික අයින් වෙන්නෙ A/L ලං වෙනකොට,
    එයාට ඕනෙ වුනේ අමතර වැඩ වලින් අයින් වෙලා exams වලට focus කරන්න.
    නමුත් මට එහෙම අදහසක් තිබුනෙ නැහැ,
    A/L was my least priority.
    තව තව ඉස්කෝලේ අමතර වැඩ කරන්නයි මට උවමනාව තිබුනෙ.
    ඉස්කෝලේ කාලෙ මට තිබුන ඇබ්බැහිය, drug එක වුනේ, යාලුවො එක්ක එකට කරපු විෂය බාහිර ක්‍රියාකාරකම් සහ ආර්ට් වැඩ.
    ඒ ඇබ්බැහිය වෙන්න ඇති අදටත් මම එක එක විදිවලින් හොයන්නෙ, මට හිතෙන විදිහට.

    කොහොමහරි මේ කියන කාලෙ, තවත් ගෑනු ළමයෙක් එක්ක මගේ ජීවිතේ පොඩි අතුරු කතාවක් පටන් අරගෙන තිබුනා.
    යාලුකමකට වඩා ඉස්සරහට ගියපු තව ගෑණු ළමයි එක්ක සම්බන්දකම් මට ඉස්කෝලේ කාලේ තිබිලා තියෙනවා,
    නමුත් ඒ relationships ඔක්කොම මම අමතක කරලා දාලා තිබුනෙ.
    ඒ කිසිම සම්බන්ධකමක් මම relationship කියන category එකට දාලාවත් තිබුනෙ නැහැ.
    ඒ feelings මේ වෙනකන් මම මගේ ඇතුලෙන් බාරගෙන තිබුනෙ නැහැ.
    කොටින්ම කිව්වොත්, relationships කිව්වම, ගෑණු ළමයි එක්ක තිබුන සම්බන්ධකම් මම relationships විදිහට සැලකුවෙ වත් නැහැ,
    මම මාවම වාරණය කරගත්තා,
    ‘ඒක phase එකක් විතරයි’ වගේ කතා මටම කියාගත්තා.
    නමුත්, ඒ phase එක ගත කලේ මම නම්,
    මම කොහොමද එහෙම මාව අවලංගු කරලා දාන්නෙ කියලා මම කවදාවත් හිතලා තිබුනෙ නැහැ.
    එහෙම කරන එක කොච්චර අසාධාරණ ද කියලා දැන් මම මගෙ ජීවිතේ දිහාම ආපස්සට හැරිලා බලනකොට හිතනවා.
    මේ කරන්න හදන්නෙ, ඔයත් එක්ක ඒ ලස්සන චරිත ගැන කියලා ඒ සම්බන්ධකම් වලට නිසි වටිනාකම දීලා,
    පරණ පවු ටිකක් හරි සමා කරගන්න.

    මේ කියන්න යන කෙනා, මට වඩා වැඩිමල් අක්කා කෙනෙක්.
    මම A/L කරනකොට, එයා ඉස්කෝලේන් out වෙලා, සෞන්දර්ය කලා campus එකට යනවා.
    ඉස්කෝලේ කාලෙ කරපු arts වැඩ එක්ක, මම ගොඩක් දැක්කෙ, මට ආශ්‍රය කරන්න ලැබුනෙ, හරිම ලස්සන, සුන්දර මිනිස්සු.
    මම ඒ ලෝකෙට පුදුම විදිහට ආදරේ වුනේ ඒ නිසයි.
    ඒ මිනිස්සු අතරේ හිටපු සුන්දරම කෙනෙක් තමයි,
    මේ කියන්න යන කෙනා.
    ඉස්කෝලෙ අපි කරපු හැම දේකම Music පැත්ත බාරගෙන හිටියෙ එයා.
    ඒ නිසා ඉස්කෝලේන් out වෙලා හිටියා වුනත්, එයාට ඉස්කෝලේත් එක්ක නිතරම ගණුදෙනු තිබුනා.

    පෙනුම ගත්තොත්, එයා ටොම්බෝයි කෙනෙක්.
    කොණ්ඩෙ කර්ල්, කොටට කපලා, style කරලා,
    chubby, කණ්නාඩි දානවා, හිනා වෙනකොට ඇස් දෙක පේන්නෙ නැති ගානට පොඩි වෙනවා,
    හරිම cute,
    මම එයාගෙ ආසම එකක් ඒක.
    ඒ හිනාව හරිම ළෙංගතුයි.
    අඳින්නෙ t shirts නැත්නම්, අත් කොට shirts එක්ක pockets තියෙන ලොකු කලිසම්.
    Side bag එකක් දාලා, එක අතක watch එකක් දාලා, අනිත් අතේ bangle එකක් හරි bracelet එකක් හරි, මොනාහරි ගෑනු ටච් එකක් තියෙන අරුමෝසමක් දානවා.
    එයා ලග jewelry පෙට්ටියක් පිරෙන්න එක එක පාට, bracelets තිබුනා. එයා හරිම ලස්සනයි. ඒ ලස්සන හරිම යුනික්.

    එයාට ලස්සනට සිංදු කියන්න පුළුවන්.
    Piano, Guitar, Violin මම හිතන්නෙ කාලා නැති එක විතරයි.
    එයා play කරන හැටි අහන්න ආසයි, ඒක භාවනාවක් වගේ.
    Play කරන notes වල විදිහට එයාගෙ මූණෙ emotions වෙනස් වෙන හැටි බලන්න තමයි මම ඉස්සර ආසම.

    ගතිගුණ ගත්තොත්, එයා ඔහේ ගලාගෙන යන සීතල වතුර ඇල්ලක් වගේ.
    දැක්කත් ඇති සනීපයක් දැනෙන ගතියක් තියෙනවා.
    හරිම ලස්සන, සියුම්, ගැහැණු ලක්ෂණ එයාගෙ ටොම්බෝයි චරිතෙ ඇතුලෙ තිබුනා.
    එයා කවදාවත් එයාගෙ පැවැත්ම වසන් කලේ නැහැ, එයා එයාගෙ විදිහ ආදරෙන් බාර‍ගෙන තිබුන.
    ඒ නිසා වෙන්න ඇති එයා ළග අනිත් අය වෙනුවෙන් දෙන්න ආදරේ ඕනෙ තරම් තිබුනා.

    මම මේ කියන කාලෙ, එයාගෙ අම්මා හිටියෙ අසනීපෙන්, කෝමා එකක, එක දිගට අවුරුදු ගානක්ම.
    නර්ස්ලා හිටියත් එයා තමයි අම්මාව වැඩිපුර බලාගත්තෙ.
    උදේට කැම්පස් ගිහින්, හවසට අපිව ප්‍රැක්ටිස් කරවන්න ඉස්කෝලෙ ඇවිත්, ප්‍රයිවෙට් ක්ලාසුත් කරලා, ගෙදර ගිහින් රෑ එළි වෙනකන්ම අම්මා ළඟත් ඉන්නවා.
    ඒ චක්කරේ එයා අම්මා නැති වෙනකන්ම රිපීට් කලා.
    අම්මා නැති වුනාට පස්සෙ නතර වෙයි කියලා හිතුවට, ඒක නතර වුනේ නැහැ.
    ඒ විදිහටම ආච්චිවත් බලාගන්න වුනා.
    මම මෙහෙ ඇවිත් කාලෙකට පස්සෙ, එයාගෙ තාත්තාත් ඒ විදිහටම අසනීප වුනා,
    මේ ළගක් වෙනකන්ම, තාත්තාවත් ඒ විදිහටම එයා බලාගත්තා. ඒක සමහර විට මේ මේට්‍රික්ස් එකේ කඩතොලුවක් වෙන්න ඇති. මට වෙන විදිහක් නෑ ඒක විස්තර කරන්න.

    සල්ලි වලින් නම් කිසිම අඩුවක් තිබුනෙ නැහැ.
    එයාගෙ තාත්තා ජීවත් වෙලා හිටපු කාලෙ ලංකාවෙ මල්ටි නැෂනල් කම්පැනි එකක ඩිරෙක්ටර් කෙනෙක්.
    කොච්චර සල්ලි තිබුනා වුනත්, සල්ලි වලින් තෘප්තිමත් වෙලා ජීවත් වෙන්න තරමෙ මානසික වටපිටාවක් එයාට තිබුනෙ නැහැ.
    හුස්ම විතරක් වැටෙන අම්මා කෙනෙක් ඉන්න,
    අම්මා හින්දා හිත් තැවුලෙන් ඉන්න තාත්තාට හයියක් වෙන්න සිද්ධ වුන, ළමයෙක්.
    එයාට තව අයියා කෙනෙක් හිටියා, ඒත් අයියා හිටියෙ රට.

    මේ දේවල් හැමදේම නිසා, එයාට කිසි දවසක සල්ලි කියන එක ආඩම්බරයක් වත්, ලොකු දෙයක් වත් වුනේ නැහැ.
    එයා වටිනකමක් දුන්නේ බැඳීම්වලට, මිනිස්සුන්ට, ආදරේට, විතරයි.
    මං එයාට ලං වෙන එක පුදුමයක් නොවෙන්නෙත් මේ හේතු නිසා.

    එයා ජීවිතේ පහු කරපු දේවල් එක්කත් වෙන්න ඇති, හරිම සරල ගති පැවතුම් තිබුනේ.
    ජීවිතේ හරි ඉක්මනින් එයා මැචුවර් වුනා,
    වුනා නෙමෙයි ඇත්තටම ජීවිතේ එයාව බලෙන් මැචුවර් කලා.

    අපි ගොඩක් ලං වුනේ මට A/L ඔන්න මෙන්න තියලා ඉස්කෝලෙ කරපු ඉවෙන්ට් එකකදි.
    ඒ දවස්වල අපි හැමදාම වගේ හම්බුනා.
    රෑ වෙනකන් ප්‍රැක්ටිස් කරනවා, කනවා බොනවා හිනා වෙනවා, සින්දු කියනවා, ආයිත් පහු වෙන්දටත් ඒ ටික ඒ විදිහටම කරනවා. ඒ තමයි ජීවිතේ හොඳම දවස්.

    ඉස්කෝලෙ ඇරුනම, අපි හැමෝම එකතු වෙන්නෙ කැන්ටින් එකේ, එහෙම නැත්තන් කොහෙහරි ක්ලාස්රූම් එකක.
    ඉස්කෝලෙ ඉවර වෙන්න කලින් හැමදාම එයා ඉස්කෝලේට එනවා,
    ගොඩක් දවස්වලට අපි එයා ඉන්න තැන හොයාගන්නෙ,
    කොහෙහරි ක්ලාස්රූම් එකකින් සින්දු කියන කටහඬක් ඇහෙනකොට, ඒ හඩ පිටිපස්සෙන් ගිහින්.
    එයා එතකොට ඉන්නවා කොහෙහරි අයිනක ඉඳගෙන,
    එයාගෙම ලෝකෙක,
    ඇස් දෙකත් පියාගෙන..

    ‘අසුරු සැනින් එක මොහොතකදි,
    කාලය නැවතී යලි ඇරඹී,
    විශ්වය අලුතින් බිහි වේවා,
    ඔබේම වී මා,
    මගේම වී ඔබ,
    අපේම වී අපි ඉපදේවා’

    සිනිඳු, නිවෙන, ඒ චරිතෙ වගේම කටහඬක් එයාට තියෙන්නෙ.
    අහං ඉන්න ඉන්න, ආස හිතෙන.

    මම කියලා විශේෂයක් මේ කොයි වෙලාවකවත් තිබුනෙ නැහැ, දැක්ක ගමන් අපි හැමෝම එක වගේ දුවගෙන ගිහින් එයාව බදාගන්නවා,
    chubby නිසා ඒ හග්ස් තනිකර වලහෙක් තරම් උණුසුම්.
    නමුත් ටික ටික, අනිත් අයත් එක්ක වඩා මගෙත් එක්ක එයා close වෙන්න ගත්තා.
    අක්කා කෙනෙක්ට වඩා ලෙංගතුකමක් මට එයාගෙන් දැනෙන්න පටන් අරන් තිබුනා.
    මම එයාගෙන් ලැබුන ඒ ඇ‍ටෙන්ෂන් එකට, ආදරේට, එයාගෙ ලෝකෙට හරිම ආස වුනා.

    මේ වෙද්දි, මම එයාගෙ චරිතෙ ගැන ගොඩක් ආස වෙලා හිටියෙ.
    එහෙම කම්පා නොවී ජීවත් වෙන්නෙ කොහොමද?
    එච්චර හිත හොඳ, අහිංසක වෙන්නෙ කොහොමද?
    කේන්ති යන්නෙ නැහැ, හිතන්නෙ බලන්නෙ නැතුව කතා කරන්නෙ නැහැ,
    එයා ඇත්තටම මනුස්සයෙක් ද?

    එයාට ලස්සනට කවි, නිසදැස් ලියන්නත් පුලුවන්.
    එයා මට හැමදාම නිසදැස් ලියලා එවනවා,
    මමත් ඒවට උත්තර නිසදැස් ලියලා යවනවා.
    කවි තමයි එයාගෙයි මගෙයි අතරෙ, ආදරේ කියපු විදිහ වුනේ.

    කලාවට නැඹුරු කෙනෙක් එක්ක ඇති වෙන සම්බන්ධකමක් කියන්නෙ,
    හරිම වෙනස් එක්ස්පීරියන්ස් එකක්.
    බහුතරයක් මිනිස්සු ගැටගහගෙන ඉන්න පැටලිලි එහෙම අයට නැහැ,
    ඉතින් ජීවිතේ සරලයි.
    සරල තැන් වල රැඳෙන්න මම ආසයි.

    මම එයාගෙ ලෝකෙ කොටසක් වුනේ හරිම ආසාවෙන්.
    එයාගෙ කැම්පස් එකේ යාලුවන්වත් මම දැන අඳුරගන්න පටන් ගත්තා,
    එයාගෙ ගෙදර යන්න එන්න ගත්තා.
    Coma එකක හිටියා වුනත් එයා අම්මාට කතා කරනවා, එදිනෙදා විස්තර කියනවා,
    එයාගෙ ආදරේට සීමා නැති හැටි මාව හැමවෙලේම පුදුම කලා.
    මම එයා දිහා බලාගෙන හිටියෙ හරිම ආදරෙන්.

    එයත් අපේ ගෙදර එන්න යන්න පටන් ගත්තා.
    අම්මයි තාත්තායිත් එයාට හරිම ආදරේ කලා.
    ඒ ආදරණීයකමට ආදරේ නොකර ඉන්න හිතෙන්නෙ නැහැ.
    නමුත්, එයා අපේ ගෙදර එන්න යන්න ගත්තම,
    මගෙ ජීවිතේ මම කාත් එක්කවත්, විශේෂයෙන්ම ඉස්කෝලෙ කිසි කෙනෙක් එක්ක share නොකරපු පැත්තකට එයාව expose වුනා.
    මගෙ ජීවිතේ ගැන, මගෙ වටපිටාව ගැන, මම එයාට නොකිව්වා වුනාට,
    ඒ ගැන මට හංගන්න උවමනාවක් තිබුනෙ නැහැ.
    එයා ඒ දේවල් දැනගන්න එක මට ප්‍රශ්නයක් වුනේ නැහැ, ඒක මට ඇත්තටම සහනයක් වුනා,
    මට මං වෙන්න පුලුවන් space එකක් එයා ළඟ තියෙන එක ගැන මට සැනසීමක් දැනුනා.

    දවසක් අපි ගායනා පුහුණුවීම් ඉවර කරලා ගෙදර යනකොට,
    අම්මාත් කොහෙහරි ගිහින් ගෙදර ඇවිත් තිබුනා,
    ඒ දවස්වල අම්මා යාලු වෙලා හිටපු, කමල් අංකල් එක්ක.
    එදයින් පස්සෙ කීප සැරයක්ම අපේ ගෙදරදි, එයා කමල් අංකල්ව හම්බෙලා කතාබහ කරලා තියෙනවා.

    ගෙදර දේවල් වලට expose වෙනවත් එක්කම, අපි දෙන්නට දෙන්නා තව තව ලං වුනා.
    එයාට හැමවෙලේම ඕනෙ වුනේ මාව පරිස්සම් කරන්න, බලාගන්න.
    ඒ ආදරේ හරිම මිහිරියි.
    ඉස්කෝලේන් මම අවුට් වුන දවසේ, හිස් ක්ලාස්රූම් එකකදි, එයා මට පොතක් දුන්නා, සම්පූර්ණ පිටු 120ක විතර ලොකු CR පොතක්.
    කවි, නිසදැස්, ලියුම්, මං ගැන එයාට හිතුන හැමදේම ලියලා.
    ඉස්කෝලෙන් අවුට් වෙනවා කියන්නෙ ජීවිතේ වෙන අතකට හැරෙනවා කියන එක.
    දැන් හිතනකොට ඒක හරිම නොස්ටැල්ජික් හැඟීමක්.

    ඒ පොත අතට අරගෙන මම එයාගෙ lips වලට kiss එකක් දුන්නා. එයත් මාව ආපහු ඉම්බා. අපි දොර දිහා බල බල ගොඩක් වෙලා සිපගනිමින් හිටියා. ඇස් පියවෙන පියවෙන පාරට, ඇස් ඇරලා කවුරුහරි එනවද කියලා බල බල, අපි දෙන්නා kiss කලා.

    එයයි මමයි trip එකකුත් එකට ගියා.
    එයයි, මමයි, එයාගෙ තාත්තායි.
    නුවරඑළියෙ.
    අපි දෙන්නා එක room එකක හිටියා, අංකල් වෙන එකක.

    ඒක වෙනමම රැයක්.
    මුලු රෑම එයා කලේ මාව kiss කරපු එක, බදාගෙන මාව අතාගාපු එක,
    මුලු ඇඟම.
    මම නිල් පාට දණිස්ස ගාවට දිග nightdress එකක් ඇඳගෙන ඇදට ගියේ,
    එයා ඒක ගලවලා අයින් කලා.
    පොරවනය යට මම දැන් එයාගෙ එහා පැත්තෙ, පෑන්ටි එක පිටින්.
    එයා මගෙ පෑන්ටි එක ගැලෙව්වෙ නැහැ.
    එයාට බය හිතුනද, එහෙම නැත්තන් එයාට අයිති දෙයක් නෙමෙයි, ඒක වැරැද්දක් කියලා දැනුනද කියන්න මම දන්නෙ නැහැ.
    කරපු දෙයක් කලේ, පෑන්ටි එක උඩින් විතරයි.

    එයා ඇඳ ළග ලයිට් එක දාලා, ඒ එළියෙන් මං දිහා ටිකක් වෙලා බලාගෙන හිටියා.
    මගෙ නළල kiss කරලා,
    ‘මම ඔයාට හරිම ආදරෙයි නංගි’ කියලා මාව බදාගත්තා.
    මම එතකොට තව තව එයාට තුරුල් වුනා.
    මම ඉන්නෙ මම ඉන්නම ඕනෙ තැන කියලයි මට දැනුනෙ,
    ඒක හරිම ආරක්ෂිත හැඟීමක්.
    මට වෙන කිසි දෙයක් ඒ වෙලාවෙ වැඩක් වුනේ නැහැ, මට ඕනෙ වුනේ එයාට තුරුල් වෙලා ඉන්න.

    මම එයා ඇඳන් හිටපු, කලු පාට ටීෂර්ට් එක ගැලෙව්වා. ගලවලා එයාගෙ ලොකු පියයුරු අත් දෙකෙන්ම අත ගගා, kiss කලා.
    එයා එතකොට මගෙ තොල් ආයිත් ආයිත් kiss කලා. මගෙ බෙල්ල ගාව පැය ගානක් නතර වෙලා kiss කලා.
    මගෙ panty එක හොඳටම තෙත් වෙලා ගිහින්.
    මුලු රෑම එයා කලේ මාව අතගගා, kiss කරපු එක.
    අඩ නින්දෙ වුනත් අපි, ආයිත් ආයිත් අපිව අතගගා kiss කලා.
    නිදාගන්න හිතුනෙම නැහැ, ඒ රෑ ආයිත් එයිද දන්නෙ නැති නිසා.
    මුලු රෑම හීනයක් වගේ.

    කවුරුත් වෙන ඉස්කෝලෙ යාලුවෝ දැනගෙන හිටියෙ නැහැ අපි මෙහෙම ගමනක් ගියා කියලා. ඒක කා එක්කවත් බෙදා ගන්නෙ නැති විශේෂ ගමනක්.
    අපි දෙන්නා අතරෙ විතරක් තිබුන රහසක්.
    එදයින් පස්සෙ,
    එයා මාව බලන්න අපේ ගෙදර ආපු හැම වෙලාවකම, අපි kiss කලා, තුරුල් වුනා. එයාගෙ ආදරයම නිවීමක්.

    ඔය විදිහට ඉවෙන්ට් එකත් ඉවර වුනා.
    ඒත් එක්කම, A/L දැන් හෙට අනිද්දා වගෙ.
    පැය 5න් අඩුම පැය 3ක් වත් ලියන්න දෙයක් දැනගෙන ඉන්න ඕනෙ නිසා,
    එහෙම නැති වුනොත්, ගෙදරින් ගැලවෙන්න විදිහක් නැති වෙන නිසා,
    මගෙ ජීවිතේ එකපාරට රියැලිටියට ආවා.
    ජීවිතේ ඊට පස්සෙ හරිම කෙටි කාලෙකදි හැමදේම වෙනස් වුනා.
    Exams වලින් පස්සෙ මම college යන්න පටන් ගත්තා,
    රට යන්න ලෑස්ති වෙන්න වුනා,
    ජීවිතේ තව දුරටත් සරල වුනේ නැහැ.

    මේ කාලෙ අපි ඈත් වුනා,
    අපි ඈත් වුනා කියන්නෙ,
    මම තනියෙන්ම මගේ ගමන ගියා.
    අපි අතරෙ තිබුන relationship එක කිසිම කතාවකින් තොරව නැවතුනා.
    ගෙදරින් එලියට පැනගන්න මට තිබුන උවමනාව ඒ හැමදේකටම වඩා ප්‍රබල වෙන්න ඇති සමහරවිට.
    ඒ වුනාට ඊටත් වඩා මට දැන් තේරෙනවා, ඒ සම්බන්ධකම් වලට නිසි වටිනාකම දෙන්න මට තිබුන නොතේරුම්කම කියලා.

    Same sex relationship එකක ඉන්නකොට,
    හරි ඉක්මනින් දැනෙන හැඟීම් යටපත් කරගන්න පුලුවන් වෙන්න ඕනෙ.
    කැමැත්‍තෙන් හෝ අකමැත්තෙන්.
    එහෙම බැරි අය ඉන්නවා, එහෙම අය තමයි මට හිතෙන විදිහට නම්, ඒ හැගීම් වෙනුවෙන් සටන් කරන ඇත්තම සටන්කාමීන්.
    නමුත් බහුතරයක් දෙනා හැගීම් යටපත් කරන එක අතින් උපරිම තැනක ඉන්නවා.
    එහෙම ඉන්න සිද්ධ වෙනවා.

    දාහක් ප්‍රශ්න තිබුනත්, කොච්චර බදාගෙන kiss කරන්න හිතුනත්, කෑගහලා ආදරෙයි කියන්න හිතුනත්, තනි වුනොත් ඇරෙන්න, ඒ හැඟීම් ඔක්කොම හිතේ අයිනකට කරලා දාලා,
    වෙන කෙනෙක් වෙන්න වෙනවා.
    මම ඒක කැමැත්තෙන් බාර අරං හිටියා, ඒ මොහොතෙ ලැබෙන සනීපය ගැන විතරක් හිතුවා.
    මේ මොහොතෙ රැඳෙන්න වගේම,
    දේවල් ඉක්මනින් අත්හරින්නත් මට ඉගැන්නුවෙ ඒ අත්දැකීම් වෙන්න ඇති.
    නමුත් ඒ අත්හැරීම ආදරෙන්, අවබෝධයකින්, ලස්සනට කරන්න මට maturity එකක් එදා තිබුනෙ නැහැ.
    මම එයාගෙ ආදරේ එක තප්පරෙන් අත්හැරලා දැම්මා. අමතක කළා.

    අනාගතයක් නැති තැන තියෙන ආදරේ තමයි අව්‍යාජම, අවංකම, සුන්දරම, කියලා මට එතකොට අඩුමගානෙ හිතිලාවත් තිබුනෙ නැහැ.
    මම වෙන වෙන අය date කරන්නත් පටන් ගත්‍තා,
    මම මගේම ලෝකයක් හොයාගෙන ගියා.
    ඒ අය ගැනත් මම එයත් එක්ක කියනවා.
    එයාට ඒ දේවල් ගැන කොහොම දැනුනද කියලාවත් මම අහලාවත් නැහැ.
    ඒත් ඒ හැමවෙලාවකම මට එයාගෙන් දැනුනෙ, ආදරේම විතරයි.

    මම වෙනස් වුනාට, එයාගෙ ලෝකෙ ඒ විදිහටම තිබුනා, එයත් ඒ විදිහටම හිටියා.
    මම ඉඳලා හිටලා එයාට කතා කලා, මගෙ ජීවිතේ සැරින් සැරේට වෙන වෙනස්කම් ගැන updates දුන්නා.
    ඒ ඇරෙන්න අපි අතරෙ වෙන සම්බන්ධකමක් ඊට පස්සෙ තිබුනෙ නැහැ.

    ඇත්තටම මේ පාපොච්චාරණය ‘දැන් මම’ විසින් කරන දෙයක් මිසක්,
    මේ දේවල් සිද්ධ වෙනකොට ඒ හැම දෙයක්ම ඔහේ සිද්ධ වුනා කියලයි මට දැනෙන්නෙ.

    කොහොමහරි මේ මෑතකදී, එයාගෙ තාත්තාත් නැති වුනා.
    ඒක ආරංචි වුනාම කාලෙකට පස්සෙ මම එයාට call කලා.
    මුලු ජීවිත කාලයක්ම, ආදරණීයන් වෙනුවෙන් යුතුකම් වලටත් එහාට දේවල් කරලා,
    එයා දැන් ඉන්නෙ පුදුම සැහැල්ලුවකින්, සතුටකින් කියලා මම දැනන් හිටියා.
    ඒ නිසා අපිට තවත් අම්මලා තාත්තාලා ගැන කතා කරන්න දේවල් තිබුනෙ නැහැ.

    ‘මට හරිම සතුටුයි අක්කි, මම දන්නවා මරණයක් වුනාම සතුටුයි කියලා නෙමෙයි තමයි කියන්න ඕනෙ,
    ඒත් මට සතුටුයි දැන්වත් ඔයාට ඔයාගෙ ජීවිතේ ගැන හිතන්න පුලුවන් වෙන එක ගැන’

    ‘මම දන්නවා ඔයා අවංකවම සතුටු වෙනවා කියලා, නංගි. මට හරිම සැහැල්ලුවක් දැනෙන්නෙ.
    ඔයාව දකින්නත් ආසයි… මම කිව්වා නේද? අයියගෙ පොඩි එක්කෙනාගෙ birthday එකත් ඔයාගෙ දවසෙමයි. ඒ කෙල්ලත් ඔයා වගේමයි, ශෝක්.
    ඒකෙත් හැටි හරි පුදුමයි නේද’

    ‘ඔව්! හරිම cute. පුදුමයි නම් තමයි.
    මටත් ආසයි ඔයාව දකින්න.
    ඉතින් කියන්නකො, කොහොමද ඔයාට?
    දැන් මොකද කරන්න හිතන් ඉන්නෙ?’

    ‘හොඳයි නංගි. හිතාගෙන ඉන්නෙ නම් කොහෙහරි දුර පළාතක ළමයින්ට music උගන්නන්න එකම තමයි. තාත්තාගෙ finances ටික පිළිවෙලක් වෙනකන් ඉඳලා යනවා’

    ‘තාමත් ඒක වෙනස් වෙලා නැහැනෙ. මම ලංකාවට ආපු දවසක, ඔයා ඉන්න තැනකට ඇවිත් ටික දවසක් ඉඳලා යන්න එන්න ආසයි’

    ‘කොච්චර ශෝක්ද, අනිවාර්යයෙන්ම.
    ඒක නෙමෙයි නංගි, මට අමතක වුනානෙ කියන්න.
    තාත්තා හොඳින් ඉන්න කාලෙ, දවසක් අපි කන්න එලියට ගිය වෙලාවක,
    කමල් අංකල් හම්බුනා නෙ!
    මට එක පාරට තේරුනෙ නැහැ තාත්තාට එයාව introduce කරලා දෙන්නෙ කොහොමද කියලා.
    මම ඉතින්, ‘තාත්තෙ මේ කමල් අංකල් කියලා කිව්වා ඇරෙන්න, කාගෙ කවුද මොනවත් කියන්න ගියේ නැහැ. ෂේප් වුනා’

    මට හිනත් ගියා.

    ‘කියන්න එපැයි ex girlfriendගෙ අම්මගෙ, ex boyfriend කියලා’

    මං කිව්ව කතාවට එයාටත් හොඳටම හිනා. ඔහොම හිනා වෙවී කතා කර කර ඉන්න අතරෙ, එයාගෙ tone එක ආයිත් ටිකක් serious වුනා.

    ‘නංගි.. මට තව වැදගත් දෙයක් කියන්න තියෙනවා ඔයාට.
    මං ගැන දෙයක්’

    ‘ඔව්, කියන්න?’

    ‘ඔයාගෙන් පස්සෙ මට කිසිම කෙනෙක් ගැන කිසිම feeling එකක් ඇති වුනේ නැහැ.
    කිසිම ආදරයක්, attraction එකක්, මට ඊට පස්සෙ කා ගැනවත් ඇති වෙලා නැහැ’

    මට එතකොට මතක් වුනා අපිත් එක්කම හිටපු තව නංගි කෙනෙක් ගැන,
    එයා ඒ නංගි එක්කත් close වෙලා හිටියා කියලා මට මතකයක් තිබුනා, මම ඇහුවා එයා ගැන.

    ‘නැහැ, එයා නම් මට කැමැත්තක් තිබුනා, මට එහෙම හැඟීමක් එයා ගැන තිබුනෙ නැහැ, පොඩි එකෙක් නෙ. මම කල්පනා කලා ඇයි එහෙම කියලා. මම ඒ ගැන තව තව හොයන්න ගත්තා. පස්සෙ තමයි මම තේරුම් ගත්තෙ මම Asexual කියලා. මම ගත කරපු ජීවිතේ එක්කත් වෙන්න ඇති සමහරවිට එහෙම වෙන්න ඇත්තෙ.’

    මට එක පාරට අපි kiss කරපු වෙලාවල්, make out කරපු දවස්, මම එයත් එක්ක කිව්ව හැමදේම මතක් වුනා.

    ‘එතකොට අපි අතරේ සිද්ධ වුන දේවල්?’

    ‘මට හිතෙන්නෙ ඔයා ගැන තිබුන ආදරේ නිසා ඒ දේවල් එහෙම වෙන්න ඇති.’

    ‘අකමැත්තෙන්?’

    ‘නැහැ, එහෙම නෙමෙයි, ඔයාව kiss කරපු එකට මම ආස වුනා. සමහරවිට අපි දෙන්නා අතරේ තිබුන සම්බන්ධකම දිගටම තිබුනා නම්, මම මේ විදිහ නොවෙන්නත් තිබුනා,
    නමුත් ඔයාව මට sexually දැනුනට වඩා, මගෙ හිතට ඔයාව ගොඩක් දැනුනා නංගි, ඒක ලොකු බැඳීමක්’

    ‘ඒක ඇත්ත, අදටත් මට ඔයා ගැන දැනෙන්නෙ වෙනමම බැඳීමක්’

    ‘අපි දිගටම එකට හිටියා නම්, එහෙම ඉඳලත් මම මේ විදිහ නම්, ඔයා ආස කෙනෙක් එක්ක sex කරලා මං ළඟට එනකන් මම බලාගෙන ඉන්න තිබුනා’

    ‘මට තේරෙන්නෙ නැහැ අක්කි මිනිස්සුන්ට තමන්ගෙ ජීවිත කාලෙ, ආදරේ මේ තරම් ගැඹුරට විඳින්න ලැබෙනවද කියලා.
    ඔයා මගෙ ජීවිතේම වෙනස්ම කරපු කෙනෙක්. ආදරේ මට උගන්නපු කෙනෙක්’

    පස්සෙ දවසක ආයිත් කතා කරන්නම් කියලා මම phone එක තිබ්බා.
    ඒත් මට ඒ මතකයෙන්, ඒ අතීත හැඟීම් වලින්, එක පාරට ගැලවෙන්න පුලුවන් වුනේ නැහැ.
    Phone එක තියලා මම, කෝපි එකකුත් හදාගෙන, joint එකක් ගහන ගමන්, එයා මට දීපු පොත ආයිත් මුල ඉඳලා කියෙව්වා.

    ඒකෙ තිබුන එක නිසදැසක් ළඟ මගෙ හිත ටිකක් වැඩිපුර වෙලා නතර වුනා…

    ‘පුංචි රෝස කුසුම වෙත ලියමි,

    නුඹ තවළ සුසුවඳ අතැර,
    කෙසේ නම් නික්මෙන්නද,
    අතීතයට නුඹ ගොදුරු කර.
    නුඹටත් හොරා,
    නුඹෙ දිවියට,
    මොහොතක් මොහොතක් පාසා,
    සුව සනසන පවනැල්ල මම,
    මියෙනා තුරාවට.

    ඉතින් නංගො
    දන්නවද ආදරේ තරම?
    ඔයා දන්නෙ නැහැ,
    මම දන්නෙත් නැහැ…’