ආයිත් මේ යන්න හදන්නෙ අවුරුදු ගානක් පස්සට.
මගෙ අවුරුදු 18ට.
මේකත් ටිකක් වෙනස් විදිහක ආදර කතාවක්.

මම ඔයත් එක්ක කලින් කියලා තියෙනවා නෙ මම ආදරේ කරපු එකම ගෑනු ළමයා ගැන.
එයා මගේ ජීවිතෙන් ටික ටික අයින් වෙන්නෙ A/L ලං වෙනකොට,
එයාට ඕනෙ වුනේ අමතර වැඩ වලින් අයින් වෙලා exams වලට focus කරන්න.
නමුත් මට එහෙම අදහසක් තිබුනෙ නැහැ,
A/L was my least priority.
තව තව ඉස්කෝලේ අමතර වැඩ කරන්නයි මට උවමනාව තිබුනෙ.
ඉස්කෝලේ කාලෙ මට තිබුන ඇබ්බැහිය, drug එක වුනේ, යාලුවො එක්ක එකට කරපු විෂය බාහිර ක්‍රියාකාරකම් සහ ආර්ට් වැඩ.
ඒ ඇබ්බැහිය වෙන්න ඇති අදටත් මම එක එක විදිවලින් හොයන්නෙ, මට හිතෙන විදිහට.

කොහොමහරි මේ කියන කාලෙ, තවත් ගෑනු ළමයෙක් එක්ක මගේ ජීවිතේ පොඩි අතුරු කතාවක් පටන් අරගෙන තිබුනා.
යාලුකමකට වඩා ඉස්සරහට ගියපු තව ගෑණු ළමයි එක්ක සම්බන්දකම් මට ඉස්කෝලේ කාලේ තිබිලා තියෙනවා,
නමුත් ඒ relationships ඔක්කොම මම අමතක කරලා දාලා තිබුනෙ.
ඒ කිසිම සම්බන්ධකමක් මම relationship කියන category එකට දාලාවත් තිබුනෙ නැහැ.
ඒ feelings මේ වෙනකන් මම මගේ ඇතුලෙන් බාරගෙන තිබුනෙ නැහැ.
කොටින්ම කිව්වොත්, relationships කිව්වම, ගෑණු ළමයි එක්ක තිබුන සම්බන්ධකම් මම relationships විදිහට සැලකුවෙ වත් නැහැ,
මම මාවම වාරණය කරගත්තා,
‘ඒක phase එකක් විතරයි’ වගේ කතා මටම කියාගත්තා.
නමුත්, ඒ phase එක ගත කලේ මම නම්,
මම කොහොමද එහෙම මාව අවලංගු කරලා දාන්නෙ කියලා මම කවදාවත් හිතලා තිබුනෙ නැහැ.
එහෙම කරන එක කොච්චර අසාධාරණ ද කියලා දැන් මම මගෙ ජීවිතේ දිහාම ආපස්සට හැරිලා බලනකොට හිතනවා.
මේ කරන්න හදන්නෙ, ඔයත් එක්ක ඒ ලස්සන චරිත ගැන කියලා ඒ සම්බන්ධකම් වලට නිසි වටිනාකම දීලා,
පරණ පවු ටිකක් හරි සමා කරගන්න.

මේ කියන්න යන කෙනා, මට වඩා වැඩිමල් අක්කා කෙනෙක්.
මම A/L කරනකොට, එයා ඉස්කෝලේන් out වෙලා, සෞන්දර්ය කලා campus එකට යනවා.
ඉස්කෝලේ කාලෙ කරපු arts වැඩ එක්ක, මම ගොඩක් දැක්කෙ, මට ආශ්‍රය කරන්න ලැබුනෙ, හරිම ලස්සන, සුන්දර මිනිස්සු.
මම ඒ ලෝකෙට පුදුම විදිහට ආදරේ වුනේ ඒ නිසයි.
ඒ මිනිස්සු අතරේ හිටපු සුන්දරම කෙනෙක් තමයි,
මේ කියන්න යන කෙනා.
ඉස්කෝලෙ අපි කරපු හැම දේකම Music පැත්ත බාරගෙන හිටියෙ එයා.
ඒ නිසා ඉස්කෝලේන් out වෙලා හිටියා වුනත්, එයාට ඉස්කෝලේත් එක්ක නිතරම ගණුදෙනු තිබුනා.

පෙනුම ගත්තොත්, එයා ටොම්බෝයි කෙනෙක්.
කොණ්ඩෙ කර්ල්, කොටට කපලා, style කරලා,
chubby, කණ්නාඩි දානවා, හිනා වෙනකොට ඇස් දෙක පේන්නෙ නැති ගානට පොඩි වෙනවා,
හරිම cute,
මම එයාගෙ ආසම එකක් ඒක.
ඒ හිනාව හරිම ළෙංගතුයි.
අඳින්නෙ t shirts නැත්නම්, අත් කොට shirts එක්ක pockets තියෙන ලොකු කලිසම්.
Side bag එකක් දාලා, එක අතක watch එකක් දාලා, අනිත් අතේ bangle එකක් හරි bracelet එකක් හරි, මොනාහරි ගෑනු ටච් එකක් තියෙන අරුමෝසමක් දානවා.
එයා ලග jewelry පෙට්ටියක් පිරෙන්න එක එක පාට, bracelets තිබුනා. එයා හරිම ලස්සනයි. ඒ ලස්සන හරිම යුනික්.

එයාට ලස්සනට සිංදු කියන්න පුළුවන්.
Piano, Guitar, Violin මම හිතන්නෙ කාලා නැති එක විතරයි.
එයා play කරන හැටි අහන්න ආසයි, ඒක භාවනාවක් වගේ.
Play කරන notes වල විදිහට එයාගෙ මූණෙ emotions වෙනස් වෙන හැටි බලන්න තමයි මම ඉස්සර ආසම.

ගතිගුණ ගත්තොත්, එයා ඔහේ ගලාගෙන යන සීතල වතුර ඇල්ලක් වගේ.
දැක්කත් ඇති සනීපයක් දැනෙන ගතියක් තියෙනවා.
හරිම ලස්සන, සියුම්, ගැහැණු ලක්ෂණ එයාගෙ ටොම්බෝයි චරිතෙ ඇතුලෙ තිබුනා.
එයා කවදාවත් එයාගෙ පැවැත්ම වසන් කලේ නැහැ, එයා එයාගෙ විදිහ ආදරෙන් බාර‍ගෙන තිබුන.
ඒ නිසා වෙන්න ඇති එයා ළග අනිත් අය වෙනුවෙන් දෙන්න ආදරේ ඕනෙ තරම් තිබුනා.

මම මේ කියන කාලෙ, එයාගෙ අම්මා හිටියෙ අසනීපෙන්, කෝමා එකක, එක දිගට අවුරුදු ගානක්ම.
නර්ස්ලා හිටියත් එයා තමයි අම්මාව වැඩිපුර බලාගත්තෙ.
උදේට කැම්පස් ගිහින්, හවසට අපිව ප්‍රැක්ටිස් කරවන්න ඉස්කෝලෙ ඇවිත්, ප්‍රයිවෙට් ක්ලාසුත් කරලා, ගෙදර ගිහින් රෑ එළි වෙනකන්ම අම්මා ළඟත් ඉන්නවා.
ඒ චක්කරේ එයා අම්මා නැති වෙනකන්ම රිපීට් කලා.
අම්මා නැති වුනාට පස්සෙ නතර වෙයි කියලා හිතුවට, ඒක නතර වුනේ නැහැ.
ඒ විදිහටම ආච්චිවත් බලාගන්න වුනා.
මම මෙහෙ ඇවිත් කාලෙකට පස්සෙ, එයාගෙ තාත්තාත් ඒ විදිහටම අසනීප වුනා,
මේ ළගක් වෙනකන්ම, තාත්තාවත් ඒ විදිහටම එයා බලාගත්තා. ඒක සමහර විට මේ මේට්‍රික්ස් එකේ කඩතොලුවක් වෙන්න ඇති. මට වෙන විදිහක් නෑ ඒක විස්තර කරන්න.

සල්ලි වලින් නම් කිසිම අඩුවක් තිබුනෙ නැහැ.
එයාගෙ තාත්තා ජීවත් වෙලා හිටපු කාලෙ ලංකාවෙ මල්ටි නැෂනල් කම්පැනි එකක ඩිරෙක්ටර් කෙනෙක්.
කොච්චර සල්ලි තිබුනා වුනත්, සල්ලි වලින් තෘප්තිමත් වෙලා ජීවත් වෙන්න තරමෙ මානසික වටපිටාවක් එයාට තිබුනෙ නැහැ.
හුස්ම විතරක් වැටෙන අම්මා කෙනෙක් ඉන්න,
අම්මා හින්දා හිත් තැවුලෙන් ඉන්න තාත්තාට හයියක් වෙන්න සිද්ධ වුන, ළමයෙක්.
එයාට තව අයියා කෙනෙක් හිටියා, ඒත් අයියා හිටියෙ රට.

මේ දේවල් හැමදේම නිසා, එයාට කිසි දවසක සල්ලි කියන එක ආඩම්බරයක් වත්, ලොකු දෙයක් වත් වුනේ නැහැ.
එයා වටිනකමක් දුන්නේ බැඳීම්වලට, මිනිස්සුන්ට, ආදරේට, විතරයි.
මං එයාට ලං වෙන එක පුදුමයක් නොවෙන්නෙත් මේ හේතු නිසා.

එයා ජීවිතේ පහු කරපු දේවල් එක්කත් වෙන්න ඇති, හරිම සරල ගති පැවතුම් තිබුනේ.
ජීවිතේ හරි ඉක්මනින් එයා මැචුවර් වුනා,
වුනා නෙමෙයි ඇත්තටම ජීවිතේ එයාව බලෙන් මැචුවර් කලා.

අපි ගොඩක් ලං වුනේ මට A/L ඔන්න මෙන්න තියලා ඉස්කෝලෙ කරපු ඉවෙන්ට් එකකදි.
ඒ දවස්වල අපි හැමදාම වගේ හම්බුනා.
රෑ වෙනකන් ප්‍රැක්ටිස් කරනවා, කනවා බොනවා හිනා වෙනවා, සින්දු කියනවා, ආයිත් පහු වෙන්දටත් ඒ ටික ඒ විදිහටම කරනවා. ඒ තමයි ජීවිතේ හොඳම දවස්.

ඉස්කෝලෙ ඇරුනම, අපි හැමෝම එකතු වෙන්නෙ කැන්ටින් එකේ, එහෙම නැත්තන් කොහෙහරි ක්ලාස්රූම් එකක.
ඉස්කෝලෙ ඉවර වෙන්න කලින් හැමදාම එයා ඉස්කෝලේට එනවා,
ගොඩක් දවස්වලට අපි එයා ඉන්න තැන හොයාගන්නෙ,
කොහෙහරි ක්ලාස්රූම් එකකින් සින්දු කියන කටහඬක් ඇහෙනකොට, ඒ හඩ පිටිපස්සෙන් ගිහින්.
එයා එතකොට ඉන්නවා කොහෙහරි අයිනක ඉඳගෙන,
එයාගෙම ලෝකෙක,
ඇස් දෙකත් පියාගෙන..

‘අසුරු සැනින් එක මොහොතකදි,
කාලය නැවතී යලි ඇරඹී,
විශ්වය අලුතින් බිහි වේවා,
ඔබේම වී මා,
මගේම වී ඔබ,
අපේම වී අපි ඉපදේවා’

සිනිඳු, නිවෙන, ඒ චරිතෙ වගේම කටහඬක් එයාට තියෙන්නෙ.
අහං ඉන්න ඉන්න, ආස හිතෙන.

මම කියලා විශේෂයක් මේ කොයි වෙලාවකවත් තිබුනෙ නැහැ, දැක්ක ගමන් අපි හැමෝම එක වගේ දුවගෙන ගිහින් එයාව බදාගන්නවා,
chubby නිසා ඒ හග්ස් තනිකර වලහෙක් තරම් උණුසුම්.
නමුත් ටික ටික, අනිත් අයත් එක්ක වඩා මගෙත් එක්ක එයා close වෙන්න ගත්තා.
අක්කා කෙනෙක්ට වඩා ලෙංගතුකමක් මට එයාගෙන් දැනෙන්න පටන් අරන් තිබුනා.
මම එයාගෙන් ලැබුන ඒ ඇ‍ටෙන්ෂන් එකට, ආදරේට, එයාගෙ ලෝකෙට හරිම ආස වුනා.

මේ වෙද්දි, මම එයාගෙ චරිතෙ ගැන ගොඩක් ආස වෙලා හිටියෙ.
එහෙම කම්පා නොවී ජීවත් වෙන්නෙ කොහොමද?
එච්චර හිත හොඳ, අහිංසක වෙන්නෙ කොහොමද?
කේන්ති යන්නෙ නැහැ, හිතන්නෙ බලන්නෙ නැතුව කතා කරන්නෙ නැහැ,
එයා ඇත්තටම මනුස්සයෙක් ද?

එයාට ලස්සනට කවි, නිසදැස් ලියන්නත් පුලුවන්.
එයා මට හැමදාම නිසදැස් ලියලා එවනවා,
මමත් ඒවට උත්තර නිසදැස් ලියලා යවනවා.
කවි තමයි එයාගෙයි මගෙයි අතරෙ, ආදරේ කියපු විදිහ වුනේ.

කලාවට නැඹුරු කෙනෙක් එක්ක ඇති වෙන සම්බන්ධකමක් කියන්නෙ,
හරිම වෙනස් එක්ස්පීරියන්ස් එකක්.
බහුතරයක් මිනිස්සු ගැටගහගෙන ඉන්න පැටලිලි එහෙම අයට නැහැ,
ඉතින් ජීවිතේ සරලයි.
සරල තැන් වල රැඳෙන්න මම ආසයි.

මම එයාගෙ ලෝකෙ කොටසක් වුනේ හරිම ආසාවෙන්.
එයාගෙ කැම්පස් එකේ යාලුවන්වත් මම දැන අඳුරගන්න පටන් ගත්තා,
එයාගෙ ගෙදර යන්න එන්න ගත්තා.
Coma එකක හිටියා වුනත් එයා අම්මාට කතා කරනවා, එදිනෙදා විස්තර කියනවා,
එයාගෙ ආදරේට සීමා නැති හැටි මාව හැමවෙලේම පුදුම කලා.
මම එයා දිහා බලාගෙන හිටියෙ හරිම ආදරෙන්.

එයත් අපේ ගෙදර එන්න යන්න පටන් ගත්තා.
අම්මයි තාත්තායිත් එයාට හරිම ආදරේ කලා.
ඒ ආදරණීයකමට ආදරේ නොකර ඉන්න හිතෙන්නෙ නැහැ.
නමුත්, එයා අපේ ගෙදර එන්න යන්න ගත්තම,
මගෙ ජීවිතේ මම කාත් එක්කවත්, විශේෂයෙන්ම ඉස්කෝලෙ කිසි කෙනෙක් එක්ක share නොකරපු පැත්තකට එයාව expose වුනා.
මගෙ ජීවිතේ ගැන, මගෙ වටපිටාව ගැන, මම එයාට නොකිව්වා වුනාට,
ඒ ගැන මට හංගන්න උවමනාවක් තිබුනෙ නැහැ.
එයා ඒ දේවල් දැනගන්න එක මට ප්‍රශ්නයක් වුනේ නැහැ, ඒක මට ඇත්තටම සහනයක් වුනා,
මට මං වෙන්න පුලුවන් space එකක් එයා ළඟ තියෙන එක ගැන මට සැනසීමක් දැනුනා.

දවසක් අපි ගායනා පුහුණුවීම් ඉවර කරලා ගෙදර යනකොට,
අම්මාත් කොහෙහරි ගිහින් ගෙදර ඇවිත් තිබුනා,
ඒ දවස්වල අම්මා යාලු වෙලා හිටපු, කමල් අංකල් එක්ක.
එදයින් පස්සෙ කීප සැරයක්ම අපේ ගෙදරදි, එයා කමල් අංකල්ව හම්බෙලා කතාබහ කරලා තියෙනවා.

ගෙදර දේවල් වලට expose වෙනවත් එක්කම, අපි දෙන්නට දෙන්නා තව තව ලං වුනා.
එයාට හැමවෙලේම ඕනෙ වුනේ මාව පරිස්සම් කරන්න, බලාගන්න.
ඒ ආදරේ හරිම මිහිරියි.
ඉස්කෝලේන් මම අවුට් වුන දවසේ, හිස් ක්ලාස්රූම් එකකදි, එයා මට පොතක් දුන්නා, සම්පූර්ණ පිටු 120ක විතර ලොකු CR පොතක්.
කවි, නිසදැස්, ලියුම්, මං ගැන එයාට හිතුන හැමදේම ලියලා.
ඉස්කෝලෙන් අවුට් වෙනවා කියන්නෙ ජීවිතේ වෙන අතකට හැරෙනවා කියන එක.
දැන් හිතනකොට ඒක හරිම නොස්ටැල්ජික් හැඟීමක්.

ඒ පොත අතට අරගෙන මම එයාගෙ lips වලට kiss එකක් දුන්නා. එයත් මාව ආපහු ඉම්බා. අපි දොර දිහා බල බල ගොඩක් වෙලා සිපගනිමින් හිටියා. ඇස් පියවෙන පියවෙන පාරට, ඇස් ඇරලා කවුරුහරි එනවද කියලා බල බල, අපි දෙන්නා kiss කලා.

එයයි මමයි trip එකකුත් එකට ගියා.
එයයි, මමයි, එයාගෙ තාත්තායි.
නුවරඑළියෙ.
අපි දෙන්නා එක room එකක හිටියා, අංකල් වෙන එකක.

ඒක වෙනමම රැයක්.
මුලු රෑම එයා කලේ මාව kiss කරපු එක, බදාගෙන මාව අතාගාපු එක,
මුලු ඇඟම.
මම නිල් පාට දණිස්ස ගාවට දිග nightdress එකක් ඇඳගෙන ඇදට ගියේ,
එයා ඒක ගලවලා අයින් කලා.
පොරවනය යට මම දැන් එයාගෙ එහා පැත්තෙ, පෑන්ටි එක පිටින්.
එයා මගෙ පෑන්ටි එක ගැලෙව්වෙ නැහැ.
එයාට බය හිතුනද, එහෙම නැත්තන් එයාට අයිති දෙයක් නෙමෙයි, ඒක වැරැද්දක් කියලා දැනුනද කියන්න මම දන්නෙ නැහැ.
කරපු දෙයක් කලේ, පෑන්ටි එක උඩින් විතරයි.

එයා ඇඳ ළග ලයිට් එක දාලා, ඒ එළියෙන් මං දිහා ටිකක් වෙලා බලාගෙන හිටියා.
මගෙ නළල kiss කරලා,
‘මම ඔයාට හරිම ආදරෙයි නංගි’ කියලා මාව බදාගත්තා.
මම එතකොට තව තව එයාට තුරුල් වුනා.
මම ඉන්නෙ මම ඉන්නම ඕනෙ තැන කියලයි මට දැනුනෙ,
ඒක හරිම ආරක්ෂිත හැඟීමක්.
මට වෙන කිසි දෙයක් ඒ වෙලාවෙ වැඩක් වුනේ නැහැ, මට ඕනෙ වුනේ එයාට තුරුල් වෙලා ඉන්න.

මම එයා ඇඳන් හිටපු, කලු පාට ටීෂර්ට් එක ගැලෙව්වා. ගලවලා එයාගෙ ලොකු පියයුරු අත් දෙකෙන්ම අත ගගා, kiss කලා.
එයා එතකොට මගෙ තොල් ආයිත් ආයිත් kiss කලා. මගෙ බෙල්ල ගාව පැය ගානක් නතර වෙලා kiss කලා.
මගෙ panty එක හොඳටම තෙත් වෙලා ගිහින්.
මුලු රෑම එයා කලේ මාව අතගගා, kiss කරපු එක.
අඩ නින්දෙ වුනත් අපි, ආයිත් ආයිත් අපිව අතගගා kiss කලා.
නිදාගන්න හිතුනෙම නැහැ, ඒ රෑ ආයිත් එයිද දන්නෙ නැති නිසා.
මුලු රෑම හීනයක් වගේ.

කවුරුත් වෙන ඉස්කෝලෙ යාලුවෝ දැනගෙන හිටියෙ නැහැ අපි මෙහෙම ගමනක් ගියා කියලා. ඒක කා එක්කවත් බෙදා ගන්නෙ නැති විශේෂ ගමනක්.
අපි දෙන්නා අතරෙ විතරක් තිබුන රහසක්.
එදයින් පස්සෙ,
එයා මාව බලන්න අපේ ගෙදර ආපු හැම වෙලාවකම, අපි kiss කලා, තුරුල් වුනා. එයාගෙ ආදරයම නිවීමක්.

ඔය විදිහට ඉවෙන්ට් එකත් ඉවර වුනා.
ඒත් එක්කම, A/L දැන් හෙට අනිද්දා වගෙ.
පැය 5න් අඩුම පැය 3ක් වත් ලියන්න දෙයක් දැනගෙන ඉන්න ඕනෙ නිසා,
එහෙම නැති වුනොත්, ගෙදරින් ගැලවෙන්න විදිහක් නැති වෙන නිසා,
මගෙ ජීවිතේ එකපාරට රියැලිටියට ආවා.
ජීවිතේ ඊට පස්සෙ හරිම කෙටි කාලෙකදි හැමදේම වෙනස් වුනා.
Exams වලින් පස්සෙ මම college යන්න පටන් ගත්තා,
රට යන්න ලෑස්ති වෙන්න වුනා,
ජීවිතේ තව දුරටත් සරල වුනේ නැහැ.

මේ කාලෙ අපි ඈත් වුනා,
අපි ඈත් වුනා කියන්නෙ,
මම තනියෙන්ම මගේ ගමන ගියා.
අපි අතරෙ තිබුන relationship එක කිසිම කතාවකින් තොරව නැවතුනා.
ගෙදරින් එලියට පැනගන්න මට තිබුන උවමනාව ඒ හැමදේකටම වඩා ප්‍රබල වෙන්න ඇති සමහරවිට.
ඒ වුනාට ඊටත් වඩා මට දැන් තේරෙනවා, ඒ සම්බන්ධකම් වලට නිසි වටිනාකම දෙන්න මට තිබුන නොතේරුම්කම කියලා.

Same sex relationship එකක ඉන්නකොට,
හරි ඉක්මනින් දැනෙන හැඟීම් යටපත් කරගන්න පුලුවන් වෙන්න ඕනෙ.
කැමැත්‍තෙන් හෝ අකමැත්තෙන්.
එහෙම බැරි අය ඉන්නවා, එහෙම අය තමයි මට හිතෙන විදිහට නම්, ඒ හැගීම් වෙනුවෙන් සටන් කරන ඇත්තම සටන්කාමීන්.
නමුත් බහුතරයක් දෙනා හැගීම් යටපත් කරන එක අතින් උපරිම තැනක ඉන්නවා.
එහෙම ඉන්න සිද්ධ වෙනවා.

දාහක් ප්‍රශ්න තිබුනත්, කොච්චර බදාගෙන kiss කරන්න හිතුනත්, කෑගහලා ආදරෙයි කියන්න හිතුනත්, තනි වුනොත් ඇරෙන්න, ඒ හැඟීම් ඔක්කොම හිතේ අයිනකට කරලා දාලා,
වෙන කෙනෙක් වෙන්න වෙනවා.
මම ඒක කැමැත්තෙන් බාර අරං හිටියා, ඒ මොහොතෙ ලැබෙන සනීපය ගැන විතරක් හිතුවා.
මේ මොහොතෙ රැඳෙන්න වගේම,
දේවල් ඉක්මනින් අත්හරින්නත් මට ඉගැන්නුවෙ ඒ අත්දැකීම් වෙන්න ඇති.
නමුත් ඒ අත්හැරීම ආදරෙන්, අවබෝධයකින්, ලස්සනට කරන්න මට maturity එකක් එදා තිබුනෙ නැහැ.
මම එයාගෙ ආදරේ එක තප්පරෙන් අත්හැරලා දැම්මා. අමතක කළා.

අනාගතයක් නැති තැන තියෙන ආදරේ තමයි අව්‍යාජම, අවංකම, සුන්දරම, කියලා මට එතකොට අඩුමගානෙ හිතිලාවත් තිබුනෙ නැහැ.
මම වෙන වෙන අය date කරන්නත් පටන් ගත්‍තා,
මම මගේම ලෝකයක් හොයාගෙන ගියා.
ඒ අය ගැනත් මම එයත් එක්ක කියනවා.
එයාට ඒ දේවල් ගැන කොහොම දැනුනද කියලාවත් මම අහලාවත් නැහැ.
ඒත් ඒ හැමවෙලාවකම මට එයාගෙන් දැනුනෙ, ආදරේම විතරයි.

මම වෙනස් වුනාට, එයාගෙ ලෝකෙ ඒ විදිහටම තිබුනා, එයත් ඒ විදිහටම හිටියා.
මම ඉඳලා හිටලා එයාට කතා කලා, මගෙ ජීවිතේ සැරින් සැරේට වෙන වෙනස්කම් ගැන updates දුන්නා.
ඒ ඇරෙන්න අපි අතරෙ වෙන සම්බන්ධකමක් ඊට පස්සෙ තිබුනෙ නැහැ.

ඇත්තටම මේ පාපොච්චාරණය ‘දැන් මම’ විසින් කරන දෙයක් මිසක්,
මේ දේවල් සිද්ධ වෙනකොට ඒ හැම දෙයක්ම ඔහේ සිද්ධ වුනා කියලයි මට දැනෙන්නෙ.

කොහොමහරි මේ මෑතකදී, එයාගෙ තාත්තාත් නැති වුනා.
ඒක ආරංචි වුනාම කාලෙකට පස්සෙ මම එයාට call කලා.
මුලු ජීවිත කාලයක්ම, ආදරණීයන් වෙනුවෙන් යුතුකම් වලටත් එහාට දේවල් කරලා,
එයා දැන් ඉන්නෙ පුදුම සැහැල්ලුවකින්, සතුටකින් කියලා මම දැනන් හිටියා.
ඒ නිසා අපිට තවත් අම්මලා තාත්තාලා ගැන කතා කරන්න දේවල් තිබුනෙ නැහැ.

‘මට හරිම සතුටුයි අක්කි, මම දන්නවා මරණයක් වුනාම සතුටුයි කියලා නෙමෙයි තමයි කියන්න ඕනෙ,
ඒත් මට සතුටුයි දැන්වත් ඔයාට ඔයාගෙ ජීවිතේ ගැන හිතන්න පුලුවන් වෙන එක ගැන’

‘මම දන්නවා ඔයා අවංකවම සතුටු වෙනවා කියලා, නංගි. මට හරිම සැහැල්ලුවක් දැනෙන්නෙ.
ඔයාව දකින්නත් ආසයි… මම කිව්වා නේද? අයියගෙ පොඩි එක්කෙනාගෙ birthday එකත් ඔයාගෙ දවසෙමයි. ඒ කෙල්ලත් ඔයා වගේමයි, ශෝක්.
ඒකෙත් හැටි හරි පුදුමයි නේද’

‘ඔව්! හරිම cute. පුදුමයි නම් තමයි.
මටත් ආසයි ඔයාව දකින්න.
ඉතින් කියන්නකො, කොහොමද ඔයාට?
දැන් මොකද කරන්න හිතන් ඉන්නෙ?’

‘හොඳයි නංගි. හිතාගෙන ඉන්නෙ නම් කොහෙහරි දුර පළාතක ළමයින්ට music උගන්නන්න එකම තමයි. තාත්තාගෙ finances ටික පිළිවෙලක් වෙනකන් ඉඳලා යනවා’

‘තාමත් ඒක වෙනස් වෙලා නැහැනෙ. මම ලංකාවට ආපු දවසක, ඔයා ඉන්න තැනකට ඇවිත් ටික දවසක් ඉඳලා යන්න එන්න ආසයි’

‘කොච්චර ශෝක්ද, අනිවාර්යයෙන්ම.
ඒක නෙමෙයි නංගි, මට අමතක වුනානෙ කියන්න.
තාත්තා හොඳින් ඉන්න කාලෙ, දවසක් අපි කන්න එලියට ගිය වෙලාවක,
කමල් අංකල් හම්බුනා නෙ!
මට එක පාරට තේරුනෙ නැහැ තාත්තාට එයාව introduce කරලා දෙන්නෙ කොහොමද කියලා.
මම ඉතින්, ‘තාත්තෙ මේ කමල් අංකල් කියලා කිව්වා ඇරෙන්න, කාගෙ කවුද මොනවත් කියන්න ගියේ නැහැ. ෂේප් වුනා’

මට හිනත් ගියා.

‘කියන්න එපැයි ex girlfriendගෙ අම්මගෙ, ex boyfriend කියලා’

මං කිව්ව කතාවට එයාටත් හොඳටම හිනා. ඔහොම හිනා වෙවී කතා කර කර ඉන්න අතරෙ, එයාගෙ tone එක ආයිත් ටිකක් serious වුනා.

‘නංගි.. මට තව වැදගත් දෙයක් කියන්න තියෙනවා ඔයාට.
මං ගැන දෙයක්’

‘ඔව්, කියන්න?’

‘ඔයාගෙන් පස්සෙ මට කිසිම කෙනෙක් ගැන කිසිම feeling එකක් ඇති වුනේ නැහැ.
කිසිම ආදරයක්, attraction එකක්, මට ඊට පස්සෙ කා ගැනවත් ඇති වෙලා නැහැ’

මට එතකොට මතක් වුනා අපිත් එක්කම හිටපු තව නංගි කෙනෙක් ගැන,
එයා ඒ නංගි එක්කත් close වෙලා හිටියා කියලා මට මතකයක් තිබුනා, මම ඇහුවා එයා ගැන.

‘නැහැ, එයා නම් මට කැමැත්තක් තිබුනා, මට එහෙම හැඟීමක් එයා ගැන තිබුනෙ නැහැ, පොඩි එකෙක් නෙ. මම කල්පනා කලා ඇයි එහෙම කියලා. මම ඒ ගැන තව තව හොයන්න ගත්තා. පස්සෙ තමයි මම තේරුම් ගත්තෙ මම Asexual කියලා. මම ගත කරපු ජීවිතේ එක්කත් වෙන්න ඇති සමහරවිට එහෙම වෙන්න ඇත්තෙ.’

මට එක පාරට අපි kiss කරපු වෙලාවල්, make out කරපු දවස්, මම එයත් එක්ක කිව්ව හැමදේම මතක් වුනා.

‘එතකොට අපි අතරේ සිද්ධ වුන දේවල්?’

‘මට හිතෙන්නෙ ඔයා ගැන තිබුන ආදරේ නිසා ඒ දේවල් එහෙම වෙන්න ඇති.’

‘අකමැත්තෙන්?’

‘නැහැ, එහෙම නෙමෙයි, ඔයාව kiss කරපු එකට මම ආස වුනා. සමහරවිට අපි දෙන්නා අතරේ තිබුන සම්බන්ධකම දිගටම තිබුනා නම්, මම මේ විදිහ නොවෙන්නත් තිබුනා,
නමුත් ඔයාව මට sexually දැනුනට වඩා, මගෙ හිතට ඔයාව ගොඩක් දැනුනා නංගි, ඒක ලොකු බැඳීමක්’

‘ඒක ඇත්ත, අදටත් මට ඔයා ගැන දැනෙන්නෙ වෙනමම බැඳීමක්’

‘අපි දිගටම එකට හිටියා නම්, එහෙම ඉඳලත් මම මේ විදිහ නම්, ඔයා ආස කෙනෙක් එක්ක sex කරලා මං ළඟට එනකන් මම බලාගෙන ඉන්න තිබුනා’

‘මට තේරෙන්නෙ නැහැ අක්කි මිනිස්සුන්ට තමන්ගෙ ජීවිත කාලෙ, ආදරේ මේ තරම් ගැඹුරට විඳින්න ලැබෙනවද කියලා.
ඔයා මගෙ ජීවිතේම වෙනස්ම කරපු කෙනෙක්. ආදරේ මට උගන්නපු කෙනෙක්’

පස්සෙ දවසක ආයිත් කතා කරන්නම් කියලා මම phone එක තිබ්බා.
ඒත් මට ඒ මතකයෙන්, ඒ අතීත හැඟීම් වලින්, එක පාරට ගැලවෙන්න පුලුවන් වුනේ නැහැ.
Phone එක තියලා මම, කෝපි එකකුත් හදාගෙන, joint එකක් ගහන ගමන්, එයා මට දීපු පොත ආයිත් මුල ඉඳලා කියෙව්වා.

ඒකෙ තිබුන එක නිසදැසක් ළඟ මගෙ හිත ටිකක් වැඩිපුර වෙලා නතර වුනා…

‘පුංචි රෝස කුසුම වෙත ලියමි,

නුඹ තවළ සුසුවඳ අතැර,
කෙසේ නම් නික්මෙන්නද,
අතීතයට නුඹ ගොදුරු කර.
නුඹටත් හොරා,
නුඹෙ දිවියට,
මොහොතක් මොහොතක් පාසා,
සුව සනසන පවනැල්ල මම,
මියෙනා තුරාවට.

ඉතින් නංගො
දන්නවද ආදරේ තරම?
ඔයා දන්නෙ නැහැ,
මම දන්නෙත් නැහැ…’