Tag: sex

  • සුවඳ දැනී දැනී දැනෙනවා….

    සුවඳ දැනී දැනී දැනෙනවා….

    මේ මෑතක මගේ පිටරටක ඉන්න යාලුවෙක් කතාවක් මැද මාර කතාවක් කිව්වා.

    ‘ඔය මචං මාර්කටින් වලින් අටවපු උගුල්නෙ අපි බදාගෙන ඉන්නෙ. දැන් බලපං අපි ගඳයි කියල උන් අපිට සුවඳ ගහන්න කියල දුන්නා. දැන් අපි පර්ෆියුම් ගානවා, ඩියොඩ්‍රන්ට් ගානවා. අපිට අපිව ගඳයි. තනිකර උගුලක් ඕක’

    මීට කලිනුත් ලංකාවෙ කීපතැනක මං මේ කතාව අහලා තියෙනවා. අපිව සුවඳ කරවීම වෙළඳපොලේ බලහත්කාරයක් හැටියෙන්. මට ඒ කතාව ගැන පුදුමයි.

    මේ සුවඳ කිරීමේ නිර්මාණශීලී පුරුද්ද නිසා අපේ ශෘංගාරයේ දියුණු වෙන ඉසියුම් වෙන තැන් ගැන කියල නිමකරන්න බෑ. ඒ විඳීම, ආඝ්‍රාණය නිසාම අපිට ෆැන්ටසීන්වල පීනන්න පුළුවන්. පෙම්වතිය හෝ පෙම්වතා ඇතුලෙන් හැඟීමක් ඉඹින්න පුළුවන්. ඒ සුවඳත් ශරීර සුවඳත් අතර කැලතිල්ලෙ නැලවෙන්න පුළුවන්. පර්ෆියුම් එකක් කියන්නෙ සෙක්ස්වලදි මැජික් එකක්.

    අපි අපේ ශරීරයේ සුවඳ කියන එක නිර්මාණ කලාපයක් විදිහට බාරගැනීමක්. ඒ ඇසුරෙන් විවිධ අත්දැකීම් මවන්න අපිට පුළුවන්. සුවඳට පුළුවන් හැමදෙයක්ම වෙනස් විදිහකින් දනවන්න. ඒක අපිට හසුනොවෙන තරම් සියුම් තැනක්.

    ඒ මානව සංවේදිතාවයන් දියුණු තියුණු කරපු එක මාර්කටින්වලට පවරන්න පුළුවන්ද? ඒක අපේ සවිඥානකත්වයේ දියුණුවක්. අපේ රස කලාපයන්ගේ විස්තීර්ණවීමක්.

    මෙතනදි වැදගත් කාරණයක් වෙන්නෙ අපේ සාමාන්‍ය ශරීරයෙ සුවඳ හෝ ගඳ ගැන ලැජ්ජාවකින් පෙලෙන්න දෙයක් නෑ කියන එක. ඒ පියවි සුවඳට අමතරව තව සුවඳ ෆැන්ටසිවල අපිට රමණය කරන්න පුළුවන්. අපේ එකිනෙකාගෙ දහඩිය සුවඳ කියන එක සෙක්ස්වලදි දැනෙන මූලිකම කාම උද්දීපකයක්. ඒ ප්‍රාථමිකයෙ ඉඳන් අපිට පුළුවන් තවත් අනේක සුවඳ දෙව්ලොව මවන්න.

    “සුවඳ කියන්නෙ ශෘංගාරයේ ප්‍රාථමිකම කොටස. ඒක ගැන අපි උවමනාවෙන් බැලුවත් නැතත්. සුවඳ කියන්නෙ අපේ ආදරවන්තයාගෙ ශරීරය විනිවිදීමක්. ගොඩක් අය විශ්වාස කරනවා ආදරවන්තයන්ගෙන් කෙනෙක් ඇත්තටම අනුරාගීව උද්දීපනය වෙන්න නම් එයා අනෙකාගේ ස්වභාවික සුවඳට ඇළුම් කරන්න ඕන කියල. ඒත් ඔයාට පුළුවන් හිතාමතාම සුවඳ පාවිච්චි කරලා ඔයාගෙ ශෘංගාර ජීවිතේ වඩා රසවත් කරන්න. සෙක්ස් කරද්දි විතරක් විශේෂ සුවඳක් ගල්වන්න. ඒ සුවඳත් එක්ක මතකයක් නිර්මාණය කරන්න. කාලයක් යද්දි ඒ සුවඳ කියන්නෙ ඔය දෙන්නගෙ සුන්දරම මතක මිටියාවතක් වෙනවා. ඒ සුවඳ දැනෙන ඕනම තැනක ශෘංගාරය අවදි වෙනවා.

    අපේ ප්‍රකෘතිම සුවඳ වෙන සෙක්ස් සහ දහඩිය සුවඳ ගැන ගොඩක් අය ලැජ්ජ වෙනවා. ඒ ලැජ්ජාව හින්ද ඒ අයගෙ සෙක්ස්වලට පවා බාධා වෙනවා. සමහර කාන්තාවෙ මේ ලැජ්ජාව නිසා ඕරල් සෙක්ස් කරන්නෙ පවා නෑ. ඒත් ඒ අය දන්නෙ නෑ ඒ අයගෙ පෙම්වතුන් මේ සුවඳට කොයිතරම් ආසද කියන එක. ඔයාට පුළුවන් නම් ඔයාගෙ ආදරවන්තයා ඔයාගෙ නිරුවත් ශරීරයේ සුවඳත් රසයත් නිසා අනුරාගයෙන් මත්වෙන හැටි තේරුම් ගන්න ඔයාට තව තවත් ගැඹුරට ආස්වාද කලාපයන් තරණය කරන්න පුළුවන් වෙනවා’


    ක්‍රිස් මැක්ස්වෙල් රෝස්

  • කෙල්ලනි, මෙන්න සෙක්ස් කරද්දි දස නරක කතා

    කෙල්ලනි, මෙන්න සෙක්ස් කරද්දි දස නරක කතා

    1. හරියට කෙලින්වෙලා නෑ

    හරි හැටි ප්‍රාණවත් වෙලා නැති නිසා ඇතුල්කරගන්න අපහසු වෙලාවට මේ වගේ කතාවක් කියන්නම එපා. ඉතුරු ටිකත් ඉවරයි. පොඩි බොරුවකින් පුළුවන් කාටවත් රිද්දන්නෙ නැතුව වැඩේ හරි අතට ගන්න.

    2. ඔයාට යන්නෙ නැද්ද?

    සමහර විට ඔයාගෙ ‘බිග් ඕ’ එක ඒ කියන්නෙ සුරතාන්තයේ උපරිමය පහුවෙලා වෙන්න පුළුවන්. ඔයාට බඩගින්නක්, නැත්තං කම්මැලිකමක් වගේ දැනෙනවා වෙන්නත් පුළුවන්. ඒත් ඒක මෙහෙම කියන්න එපා. එක්කො ඉරියව්ව ඔයාට පහසු විදිහට මාරු කරගන්න, නැත්තං ‘මං මොනාද ඔයාට කරන්න ඕන..’ කියල අහලා අනුරාගය උපරිම කරන්න.

    3. ආ, ඒක ෆාර්ට් එකක් නෙමෙයි.

    සෙක්ස් කරද්දි එක එක විදිහෙ සද්ද එනවා. ඒ හැම එකක් ගැනම කතා කරන්න යන්න ඕන නෑ. හිනාවකින් ඒක සමනය කරලා වැඩේ කරගෙන යන්න. ඒක පැහැදිලි කරන්න යන්න එපා.

    4. බුදු අම්මෝ

    සෙක්ස්වලදි අපි එක එක වචන කියනවා. ‘ඕ බේබි’, ‘ඔහ් ගෝඩ්’ ‘ජීසස් ක්‍රයිස්ට්’.. ඔය වගේ එක එක එක්ස්ප්‍රෙෂන්. හැබැයි ඒ මැද්දට බුදු අම්මෝ වගේ වචනයක් ආවොත් සම්පූර්ණ වැඩේම ඇනහිටින්න පුළුවන්. ‘ජයවේවා’ වගේ වචනයක් වුනත් එහෙමයි.  ඒ එක්ස්ප්‍රෙෂන් එක මොකක් වුනත් ඒක අනුරාගී එකක් කරන්න.

    5. කොහොමද ඔයාගෙ පවුලෙ අය?

    එකිනෙකාගෙ විස්තර අහන එක නරක දෙයක් නෙමෙයි. ඒත් සෙක්ස් කරන වෙලාව ඒකට හරියන වෙලාව නෙමෙයි. අම්මලගෙ විස්තර, දරුවන්ගෙ විස්තර වගේ දේවල් අනුරාගනාශක. ඒවා වෙන වෙලාවක කතා කරන්න. සෙක්ස්වලදි වගකීම් දරන ඒ භූමිකාවෙන් නිදහස් වෙන්න ඉඩක් දෙන්න.

    6. සොරි

    වරදක් වුනාම සොරි කියන එක හොඳයි. ඒත් සෙක්ස් කරද්දි සොරි නෑ. ඒ බි්‍රතාන්‍ය සංස්කෘතිය ඇඳ උඩට ගේන්න එපා. ඔයා කරන දේ ඔයා විශ්වාසෙන් කරන්න.

    7. ඔයාට ඕන නං කරන්න.

    සෙක්ස් කරද්දි තමන්ගේ උවමනාව පාවාදෙනවා කියන එක සෙක්සි නෑ. කරන ඕන දෙයක් එකපයින් උනන්දුවෙන් කරන්න ඕන. ඔයා අකමැති දෙයක් කරන්න යනවා නම් පැහැදිලිව ඒක කියන්න. ඔයාට ඕන නං කරන්න වගේ බයාදු තැනකට වැටෙන්න එපා.

    8. ඔයා කී දෙනෙක් එක්ක සෙක්ස් කරල තියෙනවද?

    සෙක්ස් කරන්න කලින් ප්‍රොටෙක්ෂන් ගැන හිතන එක හොඳයි. ඒකට අනිත් කෙනාගෙ චර්යාව ගැන දැනගන්න එකත් වැදගත්. හැබැයි ඒක සෙක්ස් කරන වෙලාවට අහන්න ඕන දෙයක් නෙමෙයි. ඇඳට යන්න තීරණය කරන්න කලින් කතා කරලා ඒවා ගැන සැකසංකා නැති කරගන්න. කලින් සෙක්ස් කරපු අය ගැන අහන එක ගොඩක් අයට ඒ තරම් අනුරාගී දෙයක් නෙමෙයි.

    9. අනා කියුට්

    කියුට්, ස්වීට් වගේ වචන පාවිච්චි කරන්න ඕන ඇඳුම් ඇඳගෙන ඉන්න වෙලාවට විතරයි. නිරුවත් ශිෂ්නයක් දිහා බලාගෙන කියන්න හොඳ වචන නෙමෙයි.

    10. මං ආසයි සෝමෙටත් කතා කරන් ත්‍රීසම් එකක් දාන්න

    සෙක්ස් ෆැන්ටසි ගැන කතා කරන එක ඉතාම හොඳ දෙයක්. ඒකෙන් සංසර්ගය වඩාත් උත්කර්ෂවත් කරන්න පුළුවන්. ඒත් ඒක කරන්න කලින් අනිත් මනුස්සයාගෙ විදිහ තේරුම් අරන් ඉන්න ඕන. එයා ඒ වගේ ෆැන්ටසියකට කැමතිද, සෝමෙ ගැන එයාට හිතෙන්නෙ කොහොමද වගේ දේවල් දන්නෙ නැතුව එකපාරට අතාරින්න එපා. මේ ෆැන්ටසිය විතරක් නෙමෙයි ඕනම ෆැන්ටසියක් බෙදාගන්න කලින් අනිත් කෙනාව දැනං ඉන්න.

  • කොවිඩ් සෙක්ස් ගැන ස්ලැවොයි ජිජැක්

    කොවිඩ් සෙක්ස් ගැන ස්ලැවොයි ජිජැක්

    කොවිඩ් අපිට කියන්නෙ ආධ්‍යාත්මික මාධ්‍යයක් හැටියට සෙක්ස්වල වැදගත්කමද?

    කොවිඩ් 19 නිසා අනිවාර්යෙන්ම ඩිජිටල් සෙක්ස් ගේම්වල වැඩිවීමක් සිද්ද වෙයි. හැබැයි ඒ වගේම අපේ ශාරීරික සමීපතාවයේ වටිනාකම අගය කරන්නත්, දෙන්නෙක් අතර සෙක්ස් කියන එක ආධ්‍යාත්මික මාවතක් හැටියෙන් තේරුම්ගන්නත් කොවිඩ් අපිව පොළඹවයි.

    අයිරිෂ් සෞඛ්‍ය බලධාරීන් විසින් කොවිඩ්වලදි සෙක්ස් කළ යුතු ආකාරය ගැන නිර්දේශ වගයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒකෙ තියෙන ප්‍රධානම නිර්දේශ දෙකක් තියෙනවා.

    එකක් ශාරීරික සහ මුහුණට මුහුණ සම්බන්ධතාවලින් ඈත් වෙලා ඉන්න එක සලකා බැලීම වැදගත් කියන එක, විශේෂයෙන් සෙක්ස් ආශ්‍රිත රැකියා කරන අයට වීඩියෝ ඩේට්ස්, චැට් රූම්ස්, සෙක්ස්ටින් වගේ දේවල් පාවිච්චි කරන්න සලකා බලන්න කියල උපදෙස් දෙනවා. අනිත් අය එක්ක කීබෝර්ඩ් එක බෙදාගන්නවා නම් පාවිච්චි කරන්න කලින් ඒක විශබීජහරණය කරන්නත් ඕන. අනිත් කාරණය තමයි ස්වයං වින්දනයෙන් කොරොනා වයිරසට බෝනොවෙන බව. විශේෂයෙන්ම ස්වයං වින්දනයට  තත් 20ට කලින් ඔබේ අත් සහ සෙක්ස් ටෝයිස් සබන් යොදා පිරිසිදු කරගත්තොත් එය ආරක්ෂිතයි කියල කියනවා.

    මේවා ශරීරයෙන් ශරිරයට බෝවෙන වසංගතයක් ඇති කාලෙක සාමාන්‍ය කාරණා. හැබැයි කෙනෙකුට පේන්න ඕන මේ නිර්දේශයන්ගෙන් ඇත්තටම කරන්නෙ දැනටමත් අපේ ජීවිතේ සිද්ද වෙමින් යන ඩිජිටල්කරනය වඩා හොඳින් ස්ථාපිත කරන එකයි කියල. සංඛ්‍යා දත්ත වලින් පේනවා මේ වෙද්දි නව යෞවනයෙක් තමන්ගේ ලිංගිකත්වය හොයාගෙන යාමට යොදවන කාලය එයා වෙබ් එකේ ගත කරන කාලයට සාපේක්ෂව ඉතාම අඩු ප්‍රමානයක් කියල.

    ඒ ගොල්ලො සෙක්ස් කළත් ඒක කරන්නෙත් ඩිජිටල් ස්පේස් එකක. සමහර විට පෝර්න් එක්ක. ඒක ලේසියි වගේම ඉක්මන් තෘප්තියක්.

    මේ හේතුව නිසාම HBO එකෙන් හයිස්කූල් ශිෂ්‍ය පිරිසක්  ඩ්‍රග්ස්, සෙක්ස් සමග අනන්‍යතා, ඛේදවාචක, සෝෂල් මීඩියා, ආදරය සහ යාලුකම් අතර යන ගමනක් කියල යුෆෝරියා සීසන් එක ගෙනෙද්දි ඒ ගොල්ලො ගේන්නෙ දැන් යෞවනයේ නැතිම දේ. ඒක මේ කාලෙ නව යෞවනය නෙමෙයි. ඒ හින්ද ඒක අදාල නැති කාලයක කතාවක් වගේම දැන් මැදිවියේ කාගෙ හරි නොස්තැල්ජියාවක් වගේ වෙනවා.

    හැබැයි අපි මෙතනින් අඩියක් ඉස්සරහට ගිහින් ඇහුවොත්, ඇත්තටම කවදාවත් එහෙම රියල් සෙක්ස් කියල දෙයක් තිබුනද? ෆැන්ටසියකින් තොරව පැවතුනු රියල් එකක් ඉතිහාසෙවත් තිබුනද? ස්වයං වින්දනය කියන එකම සාමාන්‍ය අර්තයෙන් ගත්තොත් වෙන අයව මවාගනිමින් තමන් විසින් කරගැනීම. රියල් සෙක්ස් කියන්නෙ කොහොමත් තව කෙනෙක් එක්ක කරන මාස්ටර්බේෂන් එකක් කියල කිව්වොත්?  මොකක්ද මං ඒකෙන් අදහස් කරන්නෙ? ගාඩියන් එකේ කමෙන්ට් එකක් විදිහට ඊවා වයිස්මන් විසින් ජොන් රොන්සන්ගෙ ඉන්ටර්නෙට් පෝර්න් කම්පනය ගැන කරපු බටර්ෆ්ලයි අෆෙක්ට් කියන පොඩ් කාස්ට් සීරීස් එක මතක් කරනවා. පෝර්න් සෙට් එකක නළුවාට මගදි බහිනවා. ඒක ආපහු නග්ගගන්න නළුවා කරන්නෙ නිළියගෙන් අනිත් පැත්තට හැරිලා ෆෝන් එකෙන් පෝර්න් හබ් බලබල ස්වයං වින්දනයෙ යෙදෙන එක. නිරුවත් ගෑනියෙක් එයාගෙ කකුල් දෙක ළඟ ඉන්නවා. මේ සිද්දිය ඇයව කම්පනය කළා කියල ඊවා කියනවා.

    ‘සෙක්ස් කියන දේ මොකක් හරි නරක් වෙලා’ ඊවා අවසන් කරන්නෙ එහෙම.

    මං එකඟයි. ඒත් මං මේකට සයිකොඇනලසිස් පාඩමක් එකතු කරනවා. සෙක්ස් කියන එකේ කොහොමත් ස්වභාවයෙන්ම නරක් වෙලා තමයි තිබුනෙ. මානව ලිංගිකත්වය කොහොමත් විපරීතයි. සැඩොමැසිකිස්ට් දේවල්වලට විවෘතයි. විශේෂයෙන්ම ඒක රියැලිටියෙ සහ ෆැන්ටසියෙ මිශ්‍රණයක්. මං මගේ සහකරුවා හෝ සහකාරිය සමග ඉඳිද්දී පවා ඔහු/ඇය සමග මගේ සම්බන්ධය මගේ ෆැන්ටසි එක්ක ගැටගැහිලයි තියෙන්නෙ. හැම ලිංගික සම්බන්ධයක්ම ගොඩනැගිලා තියෙන්නෙ ඇත්ත සහකරුවෙක් එක්ක ස්වයං වින්දනය කිරීමක් විදිහට. මං මගේ සහකරුවාගේ මාංශය, ශරීරය පාවිච්චි කරන මගේ ෆැන්ටසිය අත්පත් කරගන්න මෙවලමක් විදිහට.

    අපිට මේ සහකරුවකුගේ ශරීරමය යතාර්ථය සහ ෆැන්ටසි විශ්වය අතර පරතරය පීතෘමූලික සහ සමාජ ආධිපත්‍යයික ස්වරූපය නිසා හෝ සූරාකෑම නිසා ඇතිවුනු තත්වයක් විදිහට ලඝු කරන්න බෑ. මේක ආරම්භයේ ඉඳන්ම මෙහෙමයි. ඒ හින්ද මට හොඳටම තේරෙනවා නැවත ප්‍රානවත් වෙන්න පෝර්න් හබ් බලන නළුවාගෙ තත්වය. එයා හොයන්නෙ එයාගෙ පර්ෆෝමන්ස් එකට ෆැන්ටැස්මික උදව්වක්. සෙක්ස් කරද්දි කෙනෙක් අනෙකාට මොනවා හරි කියන්න, ගොඩක් වෙලාවට වල් දේවල් කියන්න කියන්නෙත් මේ හේතුවටමයි. අපි අපේ අත්වලින් ඒ දේ, අපේ සහකරුවාගේ ශරීරය අල්ලගෙන හිටියත් අපි ඉල්ලනවා ෆැන්ටසියක උදව්ව.

    මේක අර නළුවට හරියටම වැඩකරනවා. මොකද එයා ඒ නිළිය එක්ක ආදර සම්බන්දයක ඉන්නවා නෙමෙයි. ඇගේ ශරීරය එයාට පන තියෙන සෙක්ස්බොට් කෙනෙක් විතරයි. ඔන්න ඒ නළුවා ඇය සමග අනුරාගී ආදරයකින් පසුවුනා නම් ඒ ශරීරය එයාට දැනෙන්න තිබුන. මොකද එහෙම වුනා නම් ඔහුගේ හැම ස්පර්ශකින්ම ඇගේ ආත්මයේ අරටුව කම්පනය කරන හින්ද. කෙනෙක් තමන් ආදරය කරන කෙනෙක් සමග සංවාසයේදී ඒ සහකරුවාගේ ශරීරය ස්පර්ශ කිරීම හරිම වැදගත් දෙයක්. ඒ හින්ද අපිට සිද්ද වෙනවා ලිංගික අනුරාගය ශාරීරිකයි -ආදරය ආධ්‍යාත්මිකයි කියන සාමාන්‍ය පිලිගැනීම වෙනස් කරන්න. ලිංගික ආදරය ශාරීරීකයි, දැනෙනසුලුයි, ආදරයෙන් තොර ලිංගිකයට වඩා. තවත් විදිහකින් කිව්වොත් ආදරයත් එක්ක සෙක්ස් දැනෙනවා වැඩියි, ආදරයක් නැති සෙක්ස්වලට වඩා.

    එහෙම නං මේ වසංගතය නිසා ලිංගිකත්වය සීමා වෙලා ආදරය පැතිරෙන්න පටන් ගනීද? ස්පර්ශ කළ නොහැකි දුරින් සිටින ආදරවන්තයා ගැන වර්ණනාත්මක හැඟීම් විකසිත වෙයිද? වසංගතය නිසැකවම ඩිජිටල් සෙක්ස් ගේම්වලට නම් ලොකු තල්ලුවක් දේවි.

    ඒ වගේම ලිංගික අනුරාගය ගැන සමීපත්වය ගැන අලුත් විදිහක වටිනාකමක් වසංගතය නිසා මිනිස්සු තේරුම් ගනීවි කියලත් බලාපොරොත්තු වෙන්න පුළුවන්.

    මෙතනදි ආන්ද්‍රෙයි තර්කොව්ස්කිගෙ පාඩමක් මතක් කරන එක හොඳයි. තර්කොව්ස්කිට පොලොව කියන්නෙ ඒ පොලොව ඇතුලෙ තියෙන තෙත සහිත බවත් එක්ක, ආධ්‍යාත්මිකබවට විරුද්ධ යමක් නෙමෙයි. පොලොව කියන්නෙ ආධ්‍යාත්මිකත්වයේ මාධ්‍යයමයි. තර්කොව්ස්කිගෙ මාස්ටර්පීස් එකක් වුනු මිරර් ෆිල්ම් එකේ එයාගෙ තාත්තා අර්සෙනි තර්කොව්ස්කි මේ වචන කියනවා. ‘ශරීරයක් නැති ආත්මය පව්කාරයි. හරියටම ඇඳුම් නැති ශරීරයක් වගෙයි’

    පෝර්න් බලාගෙන මාස්ටර්බේට් කරන එක පව්කාරයි. ශරීරයෙන් ශරීරය ස්පර්ශය ආධ්‍යාත්මිකයට මාර්ගයයි.

  • කංසා එක්ක සෙක්ස් – Cannasexual

    කංසා එක්ක සෙක්ස් – Cannasexual

    කැනබිස් නැත්තං කංසා එක්ක සෙක්ස් කොහොමද කියන එක ගැන ගොඩක් සාකච්ඡා පර්යේෂණ සිද්ද වෙලා තියෙනවා. පළමු කාන්ඩයේ මත්ද්‍රව්‍යයක් විදිහට පිටුවහල් කරලා තියෙද්දි පවා තමන් සතු සීමිත හැකියාව පාවිච්චි කරලා පර්යේෂකයො කංසා ගැන නිර්මාණය කරපු මිත්‍යා බිඳින සොයාගැනීම් කළා. අවුරුදු දහස් ගානක් තිස්සෙ කංසා කියන්නෙ මිනිස්සු පාවිච්චි කරපු ඇෆ්‍රොඩිසියැක් එකක්. ඒ කියන්නෙ වාජීකරණ නැත්තං ලිංගික උත්තේජනය ඇති කරන ඖෂධයක්.

    ක්‍රි.ව 7 සියවසේ විතර ඉන්දියාවෙ තාන්ත්‍රික සෙක්ස් එක්ක කංසා පාවිච්චි කරපු වාර්තා තියෙනවා. කංසා පාවිච්චි කරන ගොඩක් අය කියන්නෙ ඒක තමන්ගේ ලිංගික ජීවිතය වඩා තෘප්තිකර එකක් කරනවා කියල. සමහරු කියනවා ඒකෙන් නෙගටිව් ප්‍රතිඵල තියෙනවා කියලත්.

    පර්යේෂණවලින් පේන්නෙ මොකක්ද? කංසා පැලයට ඔයාගෙ ලිංගික ජීවිතය තවත් රසවත් කරන්න පුළුවන් කියන එකට සාක්ෂි ඕනතරම් තියෙනවා.

    1. කංසා පාවිච්චි කිරීමෙන් කාන්තාවන් වඩා හොඳ සුරතාන්තයන් ලබනවා.

    2019 පර්යේෂණයක් කරනවා කංසා සහ කාන්තාවන්ගේ සුරතාන්තය අතර සම්බන්ධය ගැන. මේකට කාන්තාවන් 373 දෙනෙක් යොදාගන්නවා. මෙතනින් සෙක්ස්වලට කලින් කංසා පාවිච්චි කරපු 127 දෙනෙක් අනිත් අයට වඩා තෘප්තිදායක සුරතාන්තයන්ට ළඟා වෙනවා. කැනබිස් පාවිච්චි කිරීමෙන් පාවිච්චි නොකරන්නියකට වඩා 2.13 ගුණයක් වඩා හොඳ සුරතාන්තයක් ලැබීමේ අවස්ථාව තියෙනවා. ඒ වගේම නිතර කංසා පාවිච්චි කරන්නියක් ඉඳහිට කංසා පාවිච්චි කරන්නියකට වඩා 2.10 ගුණයක් තෘප්තිකර සුරතාන්තයක අවස්ථාව ලබනවා.

    2. කංසා පාවිච්චි කරන අය වැඩියෙන් සෙක්ස් කරනවා

    2017 පර්යේෂණයක් කරලා තියෙනවා කංසා සහ සෙක්ස් කිරීම අතර සම්බන්ධය ගැන හොයන්න. පිරිමි ගැහැණු 50000ක් මේ පර්යේෂණයට සහභාගි වෙලා තියෙනවා. මෙතනදි ඉතාම පැහැදිලි සම්බන්ධයක් මතුවෙනවා. කංසා පාවිච්චි කරන අය අනිත් අයට වඩා වැඩිපුර සෙක්ස් කරන්න නැඹුරුවෙනවා. මේකෙ ගැහැණු පිරිමි භේදයක් නෑ. ඒ වගේම කංසාවලින් ලිංගික ආබාධයන් ඇති නොකරන බවත් මේ පර්යේෂනයෙදි පැහැදිලි වෙන කාරණයක්.

    3. කංසාවලින් කාන්තාවන්ගේ ලිංගික සෞඛ්‍යය යහපත් කරනවා

    2020දි කාන්තාවන් 452ක් යොදාගෙන පර්යේෂණයක් කරනවා කංසා සහ කාන්තාවන්ගේ ලිංගික සෞඛ්‍යය අතර සම්බන්ධය තේරුම් ගන්න. මෙතනදි ඒ අයගේ ආශාව, සුරතාන්තය, උත්තේජනය, තෙත්වීම, තෘප්තිය, වේදනාව වගේ කාරණා ගැන ප්‍රශ්න කළා. නිතර කංසා පාවිච්චි කරන කාන්තාවන් ආශාව, උත්තේජනය, සුරතාන්තය, තෘප්තිය ආදී කාරණාවලින් කංසා පාවිච්චි නොකරන අයට වඩා ඉහළ ලකුණු ලබාගත්තා. කංසා පාව්චිචි කරන ආකාරය හෝ පාවිච්චි කරන කංසා වර්ගය මෙතනදි බලපෑමක් වුනේ නෑ.

    4. කංසා පාවිච්චියෙන් කාන්තාවන්ට වැඩි ලිංගික උත්තේජනයක් සහ අඩු වේදනාවක්

    2017 කළ පර්යේෂණයකින් එලිවුනේ කංසා පාව්චිචි කරන කාන්තාවන්ගේ ලිංගික පෙළඹවීම වඩා වැඩියි කියල. ඒ වගේම සෙක්ස්වලදි ඔවුන් ලබන වේදනාවත් කංසා නිසා අඩුවුනා.

    මේ පර්යේෂනය කලේ කාන්තාවන් 289ක් යොදාගෙන. සෙක්ස්වලට පෙර කංසා පාවිච්චියෙන් ඔවුන්ගේ ලිංගික අත්දැකීම පැහැදිලි වෙනසකට බඳුන් කළා. 60%ක් කිව්වා ඔවුන්ගේ ලිංගික පෙළඹවීම සහ ආශාව මේ නිසා වැඩිවුනා කියල. ඒ වගේම සෙක්ස්වලදි වේදනාවක් අත්විඳිනවා කියපු අයගෙන් 77%ක් කිව්වා තමන්ගේ වේදනාව ඉතාම අඩු මට්ටමක තිබුන කියල. අනිත් පෙරකී පර්යේෂණ දෙක වගේම මෙයිනුත් සනාථ වුනේ කංසා මගින් සුරතාන්තය වඩාත් තෘප්තිමත් එකක් කරනවා කියල.

    5. කංසාවලින් පුරුෂ ලිංගේන්ද්‍රිය ප්‍රානවත් වීම වැඩි කරන්න පුළුවන්. තව පර්යේෂණ කරන්න අවශ්‍යයි.

    කංසා සහ කාන්තා ලිංගිකත්වය ගැන කෙරුනු තරම් පර්යේෂණ කංසා සහ පිරිමි ලිංගිකත්වය ගැන කරලා නෑ. සමහර පර්යේෂකයන් පෙන්නා දෙන විදිහට කංසාවලින් පිරිමි සුරතාන්තයට පත්වීම අසීරු කරනවා. ඒත් හැම පර්යේෂණයක්ම ඒ තත්වය සනාථ කරලා නෑ.

    2011 කරපු පර්යේෂණයකට අනුව කංසාවලින් පිරිමින් සුරතාන්තයට පත්වීම ප්‍රමාද හෝ අසීරු කරන බවට කරුණු ගේනවා. ඒ වගේම පිරිමි ලිංගිකත්වය පැත්තෙන් ධනාත්මක කාරණාත් මේ පර්යේෂණයෙදි එලිදරව් වෙලා තියෙනවා. කොහොම වුනත් මේ පර්යේෂකයන්ගේ අදහස සමස්තයක් හැටියට කංසා නිසා පිරිමින්ගේ ලිංගික ක්‍රියාව වඩා යහපත් කරන බවයි.

    ඒත් මේ ගැන දෙපාර්ශ්වයකින් දෙවිදියක අදහස් පළවෙන නිසා තවදුරටත් පර්යේෂණ කරන්න සිද්ද වෙනවා.

    කැනබිස් නැත්තං කංසා පාවිච්චි කරමින් සෙක්ස් කරන අයට කියනවා කැනාසෙක්ෂුවල් කියල. මේක පුහුණුවක් විදිහට කරන අයත් ඉන්නවා. මෙතනදි පාවිච්චි කරන කංසා වර්ගය, මාත්‍රාව, දැනෙන වෙනස ආදිය ගැන වාර්තා තබාගැනීමෙන් වඩා හොඳ ප්‍රතිඵල කරා යන්න පුළුවන්. විශේෂයෙන් සමහර කාන්තාවන්ට කංසා නිසා මනෝභ්‍රාන්ති වගේ තත්වයන් ඇතිවෙන්න පුළුවන්. ඒ අයට කැනබිස් ඔයිල් යෝනියේ ආලේප කිරීම ආදිය මගින් වඩා හොඳ තෘප්තියක් ආස්වාදයක් ලබන්න හැකියාව තියෙනවා.

    මේ විදිහට කංසා එක්ක සෙක්ස් කිරීමේ විවිධ ආකාර ප්‍රභේද තියෙනවා. තමන් කැමති තමන්ට ගැලපෙන භාවිතය හොයාගන්න එක අපේ වැඩක් වෙනවා.

  • ජොකා නැතුව ලබ්බ බහීද?

    ජොකා නැතුව ලබ්බ බහීද?

    අද උදෙත් ජිම් එකේදි යාලුවෙක් සෑහෙන වොරි වෙවී හිටියා ඌ සපෝර්ටර් එක ගහලා ආවෙ නෑ කියල. ලබ්බ බහී කියල බයකින් පුළුවන් තරම් බර අඩුවෙන් ඌ එක්සර්සයිස් කර කර හිටියා. මේක ඇත්තක්ද? ජොකා නොගහා බර ඉස්සුවොත් ලබ්බ බහිනවද?

    නෑ. මේක පචයක්. කාලයක් තිස්සෙ එන මිත්‍යාවක්. පිරිමි හැමෝම වගේ හිතනවා ජොකා නැතුව බර ඉස්සුවොත් ඇටදෙක පාත් වෙනවා කියල.

    ඇත්තටම සපෝර්ටර්ස් නෙමෙයි ජොකෙක් නැතුවමත් වුනත් බර උස්සන්න පුළුවන්. ඒකෙන් හර්නියා හැදෙන්නෙ නෑ. එකම දේ ඇටදෙක එහෙමෙහෙ යද්දි වැඩේ කරගෙන යන්න අමාරු වෙන එක.

    හර්නියා ගැන දැනගන්න ඕන නම් ගූගල් කරලා බලන්න. ඔයාට දුර්වල මාංශපේශීන් තියෙනවා නම් ඔයාට හර්නියා හැදෙන්න ඉඩකඩ වැඩියි. මාංශපේශීන් වර්ග තුනක් තියෙනවා. අස්ථිමය මාංශපේශී, හෘදමය මාංශපේශී සහ මෘදු මාංශපේශී කියල. අස්ථීන්වල චලනයට අස්ථිමය මාංශපේශීනුත්, හදවතේ රුධිර සැපයුමට හෘදමය මාංශපේශීනුත් ක්‍රියාකරන අතරෙ උදරය බඩවැල් ආදිය නිර්මාණය වෙන්නෙ මෘදු මාංශපේශීන්වලින්. උදර සහ යටිබඩ ප්‍රදේශයේ මේ මෘදු මාංශපේශීන් දුර්වල නම් ඔයාට හර්නියා හැදෙන්න ඉඩක් තියෙනවා.. මේ මධ්‍ය ප්‍රදේශයට කරන ව්‍යායාම වලින් බඩ සහ යටිබඩ ප්‍රදේශයේ මාංශපේශීන් ශක්තිමත් කරගන්න එක හර්නියා වළක්වාගන්න උදව්වක් වේවි.

    හර්නියා වලක්වාගන්න ඕන නම් ජොකා තදට ඇදලා හරියන එකක් නම් නෑ. ඒත් මේ පියවර හතරෙන් ඒ හැදෙන්න තියෙන සම්භාවිතාව අඩු කරගන්න පුළුවන්.

    1. හරි බර පංතියෙ ඉන්න. ඔයාගෙ උසට අදාල බර පිළිබඳ දර්ශකයට අනුව ඔයාගෙ ඇඟේ බර පවත්වාගන්න එක වැදගත්.
    2. ශරීරයේ මැද කොටස ශක්තිමත් කරගන්න. නිතරම නිවැරදි ඉරියව්වෙන් ශරීරය පවත්වාගන්න. ශරීරයේ මධ්‍ය කොටස ශක්තිමත් කරන ප්ලැන්ක්ස් වගේ ව්‍යායාම කරන්න.
    3. ව්‍යායාම කරන්න කලින් මාංශපේශීන් උත්තේජනය කරන්න. උදා විදිහට ස්කොට්ස් කරන්න කලින් ග්ලූට්ස් (තට්ටමේ විශාලම මාංශපේශීය) සංකෝචනය කරන එක, උදර ප්‍රදේශයේ මාංශපේශීන් සංකෝචනය කරන එක අවශ්‍යයි.
    4. හරි ආහාර ගන්න. ඇසිඩික් කෑම අඩු කරන්න. ඒවායින් ඇති කරන ආසාදන නිසා ඔබේ උදර බිත්ති දුර්වල වෙන්න පුළුවන්.

    ඉතිං බර උස්සද්දි ජොකා අඳින්නෙ වල්ල එක තැන තියාගැනීමේ පහසුවට මිස ලබ්බ බහිනවට නෙමෙයි.

  • ලිංගික ආශාවෙ සම්භවය

    ලිංගික ආශාවෙ සම්භවය

    කොලින් විල්සන් 3 වන කොටස

    මේ හැම දේකින්ම දැඩි උනන්දුභාවයක් වගේම ඇතිවිය හැකි නොයෙක් බලපෑම් ගැන ප්‍රශ්න මතු කරනවා. ස්ටඩි ඔෆ් මර්ඩර් පොතේ මම යෝජනා කළා පොඩි දරුවන්ගෙ ලිංගික ආශාව නොවැඩුනු එකක් කියල. ඒක හරියටම කෑම ගැන ඇතිවන ආශාව වගේම සරලයි. තමන්ගේ ලිංගික අවයවය උත්තේජනය කිරීමේ උවමනාවක් විතරයි. මේ මුල් වයසෙදි මේ ආශාව යම් කිසි වස්තුවක් එක්ක මෝහනීය ලෙස බැඳුනොත් කෙනෙකුගෙ ලිංගික තෘප්තිය ඒ වස්තුව එක්කම සම්බන්ද වෙනවා. මේක නයිට් කැප් එකක්, ඒප්‍රන් එකක්, හැරමිටියක්, එහෙම නැත්තං ඒ ළමයාගේම ලිංගික කලාපයක් හෝ වෙන ළමයෙකුගෙ ලිංගික කලාපයක් වෙන්න පුළුවන්. වාසනාවට ගොඩක් පිරිමි මේ විදිහට මෝහනය වෙන වස්තුව අයිති වෙන්නෙ විරුද්ධ ලිංගිකයෙකුට.

    එක මූලික දෙයක් මෙතනදි කියන්න වෙනවා. ලිංගික ආශාව සරලම අර්ථයෙන් ගත්තොත් ලිංගික ඉන්ද්‍රියෙහි ඉල්ලා සිටීමක් වෙනවා. ඒක හරියට චුම්බකත්වය කියන්නෙ චුම්බකය හා බැඳුනු දෙයක් වගේමයි. වෙනස තියෙන්නෙ ලිංගික ඉන්ද්‍රිය හරියට ඉලෙක්ට්‍රො මැග්නට් එකක් නැත්තං විද්‍යුත් චුම්බකයක් වගේ වෙන එකයි. ඒක එක්කො සම්පූර්ණයෙන්ම නිරුද්ධයි. නැත්තං සම්පූර්ණයෙන්ම ආරෝපිතයි. ඒක ලිංගික ඉන්ද්‍රියේ ඇතිවන ස්ථිති විද්‍යුතයක්. කොයි විදිහෙන් හරි මෝචනය වෙන්නයි අවශ්‍ය. අපි මේ ලිංගික විද්‍යුතය උත්පාදනය කරන ඩයිනමෝව ගැන දන්නෙ බොහොම සුළුවෙන් නමුත් මේ විද්‍යුතය කොහෙත්ම නොසලකා හැරිය හැකි එකක් නෙමෙයි. ලිංගිකත්වයෙදි පරිකල්පනය විසින් ඉටු කරන කොටස ගැන සාකච්ඡා කරද්දි අපි කොහොමවත් නියම ශාරීරික අවයවයේ පැවැත්ම අමතක නොකල යුතුයි. සමහර විට වෙන බොහෝ දුරබැහැර දෙයක් ගැන කල්පනා කරමින් සිටින පිරිමියෙක් එයාගෙ යටිකය යමකට තෙරපුනාම දැනෙන කිතිකැවෙන කරන්ට් එක එයාව  පුදුම කරන්න පුළුවන්.

    මේ තැනදි අපිට ලිංගික ආශාව ගැන පැහැදිලිව කියන්න පුළුවන් එකම එක පොදු කාරණයක් විතරයි. ඒ මේ ආශාව අනෙක් මානව ආවේගයන්ට වඩා ගැඹුරු තලයක ක්‍රියාත්මක වෙන බවයි. සමහර විට ආත්මාරක්‍ෂාවටත් වඩා. සමස්තයක් විදිහට මිනිසාට පුළුවන් ඔහුගේ රසයන් සහ ආශාවන් තේරුම් ගන්න. ඔහුට උවමනා  මුදල්, සමාජ තත්වය, හෝ ප්‍රසිද්ධිය, නැත්තං ඔහුගේ අධිපති ආශාව තියෙන්නෙ චිත්‍ර හෝ පරණ පොත් එකතු කරන්න වුනත් ඔහුට පුළුවන් ඒ ආශාව දිගේ ආපස්සට ගිහින් එහි මූලය හොයාගන්න. එය ඔහුගේ වටිනාකම් ලැයිස්තුවේ ඉස්සරහට ආපු හැටි තේරුම් ගන්න පුළුවන්. සවිඥානක වෙන්න අමාරුම ආවේගය තමයි ලිංගික ආවේගය. කෙනෙකුට හිතන්න පුළුවන් එයාට නම් ඒක තේරුම් ගන්න පුළුවන් කියල. ඒත් එකවරම ඒ ආශාවෙන් ඒ මනුස්සයටම හිතාගන්න බැරි කෙලවරකට එයාව අරන් යන බව නිසැකයි. ෂෝ ගේ මෑන් ඇන්ඩ් සුපර්මෑන් නාට්‍යයෙ තියෙනවා ලෝකෙ වෙනස් කිරීමේ මහා උවමනාවෙන් පෙලෙන කෙනෙක් වුනත්, එයාගෙ ඉතාම නිවැරදි ගනංබැලීම් සියල්ල බිඳහෙලමින්, තමන් යන්තමින් හෝ ගරු කරන ගැහැනියක සමග ලිංගිකව එක්වීම සඳහා පෙළඹෙන්න පුළුවන් කියන එක. එයා ඈන්ව බදාගන්න ගමන් මෙහෙම කියනවා.

    “ජීවිතානුරාගය විසින් මාව අමන්දානන්දයට පත් කරනවා. ඔයා මගේ අත්දෙක මැද්දෙ ඉන්න කොට මට මුලු ලෝකෙම තියෙනවා වගෙයි. ඒ ජීවිතය ගැව අනුරාගය විසින් මාව සම්පූර්ණයෙන්ම නතු කරගෙන ඉවරයි”.

    රොමේන් රෝලන්ඩ් එයාගෙ ජින් ක්‍රිස්ටොෆර් කතාවෙත් මේ දේම කියනවා. එයා ක්‍රිස්ටොෆර්ගෙ අම්මයි තාත්තයි අතර කිසිදු සමානකමක් හෝ සම නැඹුරුවක් නෑ කියල කියද්දි එයා කියනවා, “තාත්තාට කිසිම අදහසක් තිබුනෙ නෑ මොන එකක් හින්දද එයා ඒ තරම් හොඳ රස්සාවක් අතෑරලා මේ වැඩකාර කෙල්ලෙක් බඳින්න යන්නෙ කියල. ඒත්  ඔහුව මේ කුඩා තඹ කෙස් ඇති වැඩකාර කෙල්ල ළඟට ඇදලා දාපු නොදන්නා බලවේගයට ඒක අදාලම නෑ. එයා එයාගෙ කොටස කළා”