අද උදෙත් ජිම් එකේදි යාලුවෙක් සෑහෙන වොරි වෙවී හිටියා ඌ සපෝර්ටර් එක ගහලා ආවෙ නෑ කියල. ලබ්බ බහී කියල බයකින් පුළුවන් තරම් බර අඩුවෙන් ඌ එක්සර්සයිස් කර කර හිටියා. මේක ඇත්තක්ද? ජොකා නොගහා බර ඉස්සුවොත් ලබ්බ බහිනවද?

නෑ. මේක පචයක්. කාලයක් තිස්සෙ එන මිත්‍යාවක්. පිරිමි හැමෝම වගේ හිතනවා ජොකා නැතුව බර ඉස්සුවොත් ඇටදෙක පාත් වෙනවා කියල.

ඇත්තටම සපෝර්ටර්ස් නෙමෙයි ජොකෙක් නැතුවමත් වුනත් බර උස්සන්න පුළුවන්. ඒකෙන් හර්නියා හැදෙන්නෙ නෑ. එකම දේ ඇටදෙක එහෙමෙහෙ යද්දි වැඩේ කරගෙන යන්න අමාරු වෙන එක.

හර්නියා ගැන දැනගන්න ඕන නම් ගූගල් කරලා බලන්න. ඔයාට දුර්වල මාංශපේශීන් තියෙනවා නම් ඔයාට හර්නියා හැදෙන්න ඉඩකඩ වැඩියි. මාංශපේශීන් වර්ග තුනක් තියෙනවා. අස්ථිමය මාංශපේශී, හෘදමය මාංශපේශී සහ මෘදු මාංශපේශී කියල. අස්ථීන්වල චලනයට අස්ථිමය මාංශපේශීනුත්, හදවතේ රුධිර සැපයුමට හෘදමය මාංශපේශීනුත් ක්‍රියාකරන අතරෙ උදරය බඩවැල් ආදිය නිර්මාණය වෙන්නෙ මෘදු මාංශපේශීන්වලින්. උදර සහ යටිබඩ ප්‍රදේශයේ මේ මෘදු මාංශපේශීන් දුර්වල නම් ඔයාට හර්නියා හැදෙන්න ඉඩක් තියෙනවා.. මේ මධ්‍ය ප්‍රදේශයට කරන ව්‍යායාම වලින් බඩ සහ යටිබඩ ප්‍රදේශයේ මාංශපේශීන් ශක්තිමත් කරගන්න එක හර්නියා වළක්වාගන්න උදව්වක් වේවි.

හර්නියා වලක්වාගන්න ඕන නම් ජොකා තදට ඇදලා හරියන එකක් නම් නෑ. ඒත් මේ පියවර හතරෙන් ඒ හැදෙන්න තියෙන සම්භාවිතාව අඩු කරගන්න පුළුවන්.

1. හරි බර පංතියෙ ඉන්න. ඔයාගෙ උසට අදාල බර පිළිබඳ දර්ශකයට අනුව ඔයාගෙ ඇඟේ බර පවත්වාගන්න එක වැදගත්.
2. ශරීරයේ මැද කොටස ශක්තිමත් කරගන්න. නිතරම නිවැරදි ඉරියව්වෙන් ශරීරය පවත්වාගන්න. ශරීරයේ මධ්‍ය කොටස ශක්තිමත් කරන ප්ලැන්ක්ස් වගේ ව්‍යායාම කරන්න.
3. ව්‍යායාම කරන්න කලින් මාංශපේශීන් උත්තේජනය කරන්න. උදා විදිහට ස්කොට්ස් කරන්න කලින් ග්ලූට්ස් (තට්ටමේ විශාලම මාංශපේශීය) සංකෝචනය කරන එක, උදර ප්‍රදේශයේ මාංශපේශීන් සංකෝචනය කරන එක අවශ්‍යයි.
4. හරි ආහාර ගන්න. ඇසිඩික් කෑම අඩු කරන්න. ඒවායින් ඇති කරන ආසාදන නිසා ඔබේ උදර බිත්ති දුර්වල වෙන්න පුළුවන්.

ඉතිං බර උස්සද්දි ජොකා අඳින්නෙ වල්ල එක තැන තියාගැනීමේ පහසුවට මිස ලබ්බ බහිනවට නෙමෙයි.