දෙවෙනි පරිච්ඡේදය විදිහට අපි ගැහැණු ප්‍රජනන පද්ධතිය තේරුම් ගන්න උත්සාහ කරමු. මේ අපි කතා කරන්නෙ සෙක්ස්වල බයොලොජි පැත්ත. අපේ ලිංගික ඉන්ද්‍රියයන් කොහොමද සකස් වෙලා තියෙන්නෙ කියන එක ගැන සර්ව සම්පූර්ණ නැතත් දළ අදහසක් අපිට තියෙන එක වැදගත්. මේ තරම් අපේ අනුරාගය වඩවන ස්ත්‍රී ශරීරයේ ආශාව නිර්මාණය වෙලා තියෙන හැටි ඇගේ සිරුරේ බාහිර පෙනුම වගේම සෞන්දර්යාත්මකයි.
ගැහැණු ප්‍රජනන පද්ධතිය බාහිර සහ අභ්‍යන්තර විදිහට කොටස් දෙකකින් කියවන්න පුළුවන්. ඇගේ ප්‍රජනනයට සහ ලිංගිකත්වයට අදාල සිරුරේ බාහිරයේ, යෝනි ප්‍රදේශයේ අංග පහක් අඳුරගන්න තියෙනවා. පළවෙනි එක තමයි පියුබිස් කියන යෝනි අස්ථිය වසාගෙන ඇති මාංශමය ප්‍රදේශය. මේක රෝමවලින් යුත් පැතිරුනු කලාපයක්. ගැහැණියක් ළඟින් වැතිරිලා ඔලුව තියාගෙන ඕන වෙලාවක් ඉන්න පුළුවන් තැනක්.
ඊළඟට ලෙබියා මැජොරා (ලෙබියම් මේජුස්) කියන කොටස. වල්වා කියල ඉංග්‍රීසියෙන් හඳුන්වනවා. යෝනියේ බාහිර තොල් කියලත් අපිට කියන්න පුළුවන්. ඇගේ පිටතට පෙනෙන දෙකට බෙදුනු අධෝමාර්ගය දක්වා දිවෙන කොටස තමයි මේකට අයිති වෙන්නෙ. මේකෙ තියෙනවා ඔයිල් නිපදවන ග්‍රන්ථි, රෝම ආදිය. මේ තමයි යෝනි මාර්ගයට බාහිර දොරටුව. මේ බාහිර තොල් හරිම සංවේදීයි. ඒවායේ ස්නායු කෙලවරවල් පිහිටලා තියෙනවා. ඒ කියන්නෙ හොඳට ස්පර්ශයන් දැනෙනවා.
ඊළඟට තියෙන්නෙ ලෙබියා මයිනෝරා (ලෙබියම් මයිනුස්) . මේ තමයි ඇතුළත තොල්. මේවා එකිනෙකාගේ එක එක හැඩවලින් පිහිටනවා. හරිම මෘදු ස්පොන්ජිමය පේශීන්. මේ ලෙබියා මයිනෝරා උඩු කෙලවරෙන් ක්ලිටොරිසය පිහිටනවා. මේක හරියට ක්ලිටෝරිස් එකට උඩුහමක් විදිහටත් වැඩකරනවා. ස්නායු අන්ත බහුල නිසා සංවේදනය උපරිමයි. දිවක මෙන් තෙත් සුමුදු ස්පර්ශයකටමයි සුදුසු.
මේ යෝනි තොල්වල හැඩය ගැන ගොඩක් අය වද වෙනවා. මේවායෙ ප්‍රමාණය හැඩය වෙනස් කරගන්න ප්ලාස්ටික් සර්ජරි කරනවා. ඒත් අපි අපේ ශරීරය ඒ තියෙන හැටියෙන් බාරගන්න එකයි වැදගත්. අපේ ශරීරය ගැන ලැජ්ජාවෙන් පසුතැවීම කියන්නෙ මානසික පීඩාවක්. මේ හින්ද යෝනි තොල්වල විතරක් නෙමෙයි ඕනම තැනක රූපලාවන්‍ය පිණිස කරන ප්ලාස්ටික් සර්ජරියකට කලින් සයිකොලොජිස්ට් කෙනෙක් මුනගැහෙන එක වැදගත්. ඒත් ඇත්තටම විද්‍යාත්මකව බලන, මධ්‍යස්ථව හිතන, මිනිස් පැවැත්මේ ගැඹුරු හැඩයන් තේරුම් ගන්න පුළුවන් එහෙම අය ලංකාවෙ ඉන්නවද කියන එක සැකයක්.

ඒ කොහොම වුනත් යෝනිතොල්වල දැනෙන අධික වේදනාකාරී තත්වයන් නිසා, ලිංගිකව හැසිරීමේදී වගේම සමහර විට යට ඇඳුමක් හෝ අඳින්න බැරි තත්වයක වේදනාව නිසා වෛද්‍ය උපදෙස් පරිදි සමහරු මේ ප්‍රදේශයේ සැත්කම් කරනවා.
ක්ලිටෝරිසය. ස්ත්‍රී යෝනියේ සංවේදීම කොටස. මේක ඇත්තටම ස්පොන්ජ් ටිෂූ දෙකක් විදිහට කවාකාරව වැජයිනාව වටේට පිහිටන තරමක් විශාල ප්‍රදේශයක්. අපි මෑ ඇටය කියන්නෙ මේකෙ ඉදිරි කොටසට විතරයි. පස්සෙ තමයි තේරුම් ගත්තෙ ක්ලිටොරිසය අපි හිතුවට වඩා ලොකුයි කියල. මුත්‍රා මාර්ගයට ඉහළින් තමයි මේක පිහිටලා තියෙන්නෙ.
ක්ලිටෝරිසයෙන් මුත්‍රා කිරීමට හෝ දරුවන් බිහිකිරීමට අදාල කිසිඳු කාර්යයක් කරන්නෙ නෑ. ඒක දැනට හොයාගෙන තියෙන්නෙ තෘප්තිය වෙනුවෙන් පමණක්ම පිහිටියා වූ එකක් කියල. කළල කාලෙදි පුරුෂ ලිංගයයි ක්ලිටෝරිසයයි දෙකම නිර්මාණය වෙන්නෙ එකම පටකවලින්. ඒත් පුරුෂ ලිංගය දරුවන් බිහිකරන්න වගේම මුත්‍රා කරන්නත් පාවිච්චි වෙනවා. ක්ලිටෝරිසය එහෙම නෑ.
ස්ත්‍රීන් වඩා ගැඹුරු සුරතාන්තයක් ලබන්නේ ක්ලිටෝරිසය ස්පර්ශ කිරීමෙන්ද නැත්තං වැජයිනා පිවිසුමකින්ද කියන සංවාදය ෆ්‍රොයිඩ්ගෙ කාලෙ ඉඳන් තියෙනවා. ස්ථාපිත මතය වුනේ වැජයිනා සුරතාන්තයක් වඩා ගැඹුරුයි කියන එක. නමුත් මෑත කාලෙ කරපු පර්යේෂණවලින් ඔප්පු වෙනවා මේ සුරතාන්ත දෙක අතරම කිසිම වෙනසක් නැති වග. ක්ලිටොරිසයෙන් වුනත් යෝනි මාර්ගයෙන් වුනත් ස්ත්‍රීන් ලබන සුරතාන්තය එකක්.
දැන් අපිට බලන්න පුළුවන් ලිංගික කාර්යයට සම්බන්ධ අභ්‍යන්තර අවයව සහ ප්‍රදේශ මොනවද කියල. යෝනි මාර්ගය, කන්‍යාසිවිය, ගැබ්ගෙල කියල හඳුන්වන ඉංග්‍රීසියෙන් සර්වික්ස් කියන ප්‍රදේශය, ගර්භාෂය, පැලෝපීය නාල සහ ඩිම්බකෝෂ. මේ දේවල් තමයි එයාගෙ ඇතුලතින් අපිව පිළිගන්න බලාගෙන ඉන්නෙ.

මේ කන්‍යාභාවය කියන එක මොකකට තියෙනවද කියලවත් තාම හොයාගෙන නැති වුනත් එක එක සම්ප්‍රදායන්ගේ එක එක විශ්වාස ඇදහිළි පිළිවෙත් තහංචි මේ සිවිය වටේ නිර්මාණය වෙලා තියෙනවා. මේක යෝනිදොරටුව ආසන්නයේම පිහිටන තුනී මාංශමය බිත්තියක්. කන්‍යා සිවිය කියන්නෙ සිදුරු සහිත එකක්. ආර්තවයෙදි ඇතුලත රුධිරය පිටවෙන්නෙ ඒ සිදුරුවලින්. කිසිම ගයිනොකොලොජිස්ට් කෙනෙකුට පුළුවන්කමක් නෑ කන්‍යා සිවියක් පරීක්ෂා කිරීමෙන් ඒක උපතින්ම පිහිටි ආකාරයක්ද නැත්නම් යමක් නිසා බිඳී ගිය එකක්ද කියල කියන්න. සමහර අයගේ අර්ධ වශයෙන් මේක පිහිටන අතර තව සමහර අයගෙ මේක පිහිටන්නෙම නෑ. පිහිටලා තියෙනවා නම් ඒක ලිංගික සංසර්ගයකදී, යමක් යෝනි මාර්ගයට ඇතුල් කිරීමේදී මේක බිඳී යනවා. ඒ වගේම සුළු ප්ලාස්ටික් සැත්කමකින් නැවත සකස් කරන්නත් පුළුවන්.
යෝනි මාර්ගය කියන්නෙ එකමත එක වෙළුනු මාංශමය පේශීන්ගෙන් හැදුනු ගර්භාෂයට අංශක 45ක ආනතියකින් පිහිටන මාර්ගයක්. සෙක්ස් නොකරන වෙලාවට මේක ඇකිලිලයි තියෙන්නෙ. ලිංගික උත්තේජනය ඇතිවෙද්දි මේ මාර්ගයේ මාංශපේශීන් ඉහිල්වෙනවා. ලිහිසි වෙනවා. ඒක නිසයි පුරුෂ ලිංගයක් ඇතුල් කරන්න කලින් ෆෝර්ප්ලේ කියන පූර්ව අනුරාග ඇළුම්වෙළුම් වැදගත්. යෝනි මාර්ගයේ ඉදිරි බිත්තිය සෙමි 8කුත් පිටුපස බිත්තිය සෙමි 6කුත් විතර දික්වෙනවා. මේ මාර්ගයේ ග්‍රන්ථි කිසිවක් නෑ. තනිකරම රුධිර නාලවලින් පිරිලා තියෙන්නෙ. ලිංගික උත්තේජනයකදි මේ මාර්ගය තෙත් කරන්නේ බාර්තොලින් ග්‍රන්ථිය විදිහට හඳුන්වන යෝනි මාර්ග පිවිසුමේ පිහිටන ග්‍රන්ථි දෙකකින්.
මේ මාර්ගයේ ස්නායු අන්ත පිහිටීමකුත් නෑ. යෝනි මාර්ගයේ ඉදිරිපස කොටසට වෙන්න විතරයි ස්නායු අග්‍ර පිහිටීමක් තියෙන්නෙ. තුනෙන් දෙකක විතර නර්ව් ෆයිබර්ස් නෑ. ඒ නිසා තමයි ශිෂ්නයේ දිග වැඩිවීම ආස්වාදයට බලපාන්නෙ නෑ කියන්නෙ. ඒක මානසික හේතුවක් මිස ඒක පැහැදිලි කරන විද්‍යාත්මක හේතුවක් නෑ.
ඊළඟට තියෙන්නෙ ගැබ්ගෙල පෙදෙස. මේක හරි හීනි ටියුබ් එකක්. පිටවෙන ආර්තව රුධිරය සහ ඇතුල්වන ශුක්‍රානු ගමන් කරන්නෙ මේක හරහායි. මේ ගැබ්ගෙල නැත්තං සර්වික්ස් කියන ප්‍රදේශයේ ග්‍රන්ථිවලින් ශ්ලේෂ්මලයක් නිපදවෙනවා. මේක ආර්තවය එක්ක සාන්ද්‍රණය වෙනස් වෙන එකක්. ඩිම්බයක් මුදා හරින්නෙ නැති කාලෙට සාමාන්‍යයෙන් මේ ශ්ලේෂ්මලය ගනකම්. ශුක්‍රාණුවලට ඒ හරහා යන්න බෑ. ඩිම්බයක් මුදාහැරීමට ආසන්න වෙද්දි මේක ඉතාම තුනී පැහැදිලි දියරයක් බවට හැරෙනවා.

මේ ගර්භාෂ පිවිසුම් මාර්ගයට පස්සෙ තියෙන්නෙ අපි ගර්භාෂය කියන මාංශමය මල්ල. ඒක දිගෙන් සෙ.මි 7.5ක් පළලින් සෙ.මි 5ක් විතර වෙන එකක්. මේක හරියටම මිට මොලවපු අතක් විතර ඇති. ගර්භාෂයේ තියෙනවා එන්ඩ්‍රොමෙටි්‍රයම් සහ මයොමෙටි්‍රයම් කියල පටක ලේයර් දෙකක්. එන්ඩොමෙටි්‍රයම් කියන්නෙ ගර්භාෂයේ ඇතුලත ලයනින් එක. මයිමෙටි්‍රයම් කියන්නෙ මැද ලේයර් එක. මේ මැද මෘදු මාංශමය තට්ටුව නිසා තමයි ගර්භාෂය අවශ්‍ය තරමට විශාලවෙන්න ඇකිලෙන්න පුළුවන් වෙන්නෙ. අපි ලේසියට ගර්භාෂයේ ඇතුලත ලේයරය සහ මැද ලේයරය කියමු.
මේ ඇතුලත ලේයරය ගැබ් ගැනීමේදි වගේම ආර්තවයේදී වැදගත් කාර්ය කොටසක් කරනවා. සංසේචනය වුනු බීජය ඇවිත් ගර්භාෂයේ තැන්පත්වෙන්නෙ මේ ලේයරය මතයි. ඒ වගේම හැම මාසයකදිම ඔසප් වීමත් එක්ක ඒ සරුබීජය බාරගන්න ගර්භාෂය ඇතුලත සකස්වෙන මේ ඇතුලත බිත්ති ගැලවිලා රුධිරය එක්ක පිටවෙනවා. ආයිමත් ඊළඟ මාසෙදි සංසේචනය වුනු ඩිම්බයක් බාරගැනීමේ බලාපොරොත්තුවෙන් අලුතෙන් හැදෙනවා.
ගර්භාෂයේ ඉඳන් පිටතට විහිදී යන පැලෝපීය නාල දෙකක් තියෙනවා. මේවා සෙ.මි 10ක් විතර දිගයි. මේ නාලවල අනෙක් කෙලවර හැදිලා තියෙන්නෙ පුනීලයක් වගේ. ඒවා ඩිම්බකෝෂ පැත්තට හැරිලයි තියෙන්නෙ. ඒ කෙලවරෙන් ඇඟිලි වගේ ව්‍යුහයන් ඩිම්බකෝෂය දිහාවට දික්වෙනවා. මේ ඩිම්බකෝෂයකින් පිටවෙන ඩිම්බයක් අර පුනීලයක් ඇතුලෙන් පැලෝපීය නාලයට ඇතුල්වෙනවා. ශුක්‍රානුවක් සහ ඩිම්බයක් මුනගැහෙන ලව්ලේන් එක වෙන්නෙ පැලෝපීය නාල. මේ ආදර මාවතේ ඩිම්බයක් ශුක්‍රාණුවක් බලාපොරොත්තුවෙන් දවස් හතක් ඇවිදන් එනවා.
ඊළඟට අපි එනවා ඩිම්බකෝෂ වලට. මේ ඩිම්බකෝෂ වලින් තමයි ගැහැණු ශරීරයේ ලිංගික හෝමෝන වන ටෙස්ටස්ටරොන් සහ ඊස්ට්‍රජන් හෝමෝන නිපදවීම කරන්නෙ. ටෙස්ටස්ටරොන් කියන්නෙ පිරිමි හෝමෝනයක් කියලනෙ ගොඩක් අහලා පුරුදු. නෑ, ලිංගික ආශාව වැඩි කරන්න, නිරෝගී අස්ථි සහ මාංශ පවත්වාගෙන යන්න ගැහැණුන්ටත් ටෙස්ටෙස්ටරොන් ඕන වෙනවා. වැඩිහිටි පිරිමියෙක් වැඩිහිටි ගැහැණියකට වඩා දහගුණයක් විතරක් මේ හෝමෝනය නිපදනවා. නමුත් ගැහැණු ශරීරය මේකට වඩා සංවේදීයි. වැඩි ප්‍රමාණයක් ඊස්ට්‍රජන් හෝමෝනය නිෂ්පාදනය කළත් නිරෝගී පැවැත්මට මේ හෝමෝන දෙකම අවශ්‍ය වෙනවා. ඒ වගේම පිරිමි ශරීරවලත් ඊස්ට්‍රොජන් තියෙනවා.
කෙල්ලෙක් වැඩිවිය පත්වෙද්දි ඩිම්බකෝෂයක පරිණත නොවූ ඩිම්බ 400,000ක් තියෙනවා කියලයි කියන්නෙ. ආර්තවය ළංවෙද්දි මේ ඩිම්බ සෛල බෙදෙන්න පටන් ගන්නවා.
මේ අපරිණත ඩිම්බ නැත්නම් ෆොලිකල් කියල කියන සෛල දාහක් විතර ආර්තව සමයක් ළංවෙද්දි ඩිම්බයක් නිර්මාණය කරන්න මහන්සි වෙනවා. ඒත් එක ඩිම්බයක් විතරයි කෝෂයේ මතුපිටට ළඟාවෙන්න සමත් වෙන්නෙ. ඉතුරු ඔක්කොම අහක යනවා.
මේ ප්‍රජනන පද්ධතියට සම්බන්ධ කොටසක් නොවුනත් ලිංගික පද්ධතියට සම්බන්ධ කොටසක් තමයි පියයුරු කියන්නෙ. ස්තන ග්‍රන්ථි පිහිටලා තියෙන්නෙ මේවා ඇතුලෙ. ඇත්තටම පියයුරු කියන්නෙ ඒ ස්තන ග්‍රන්ථි ආවරණය කරන මාංශමය කොටසට. මාස්ටර්ස් සහ ජොන්සන්ගෙ කාලෙ වෙනකල්ම මිනිස්සු විශ්වාස කළා මේ පියයුරුවල ප්‍රමාණය ලිංගික සතුටට බලපානවා කියල. ඒත් මාස්ටර්ස්ලා ඔප්පු කළා ඒ දෙක අතර කිසි සම්බන්ධයක් නැති වග. සමහර කෙනෙක් පියයුරු අල්ලනවට කැමති වෙන්න පුළුවන්, තව කෙනෙක් අකමැති වෙන්න පුළුවන්. ඒක ආස්වාදය ගැන පුද්ගලික රුචිඅරුචිකමකට වැඩි දෙයක් නෙමෙයි. ඇත්තටම පියයුරු මිරිකීමේදී බහුතරයක් ගැහැණුන්ට දැනෙන්නෙ යාන්තම් උත්තේජනයක් විතරයි.

මේ එක පියයුරක් ඇතුළත 15ක් 20ක් අතර ප්‍රමාණයක් ඛණ්ඩිකා නැත්තං පෙතිවගේ ව්‍යූහයන් පිහිටනවා. මේවා ඇතුලෙ දරුවෙකුට අවශ්‍ය කිරි නිෂ්පාදනය වෙන ග්‍රන්ථි තියෙනවා. ඩේසි මලක පෙති වගේ තියෙන මේ ඛණ්ඩිකා විවෘත වෙන්නෙ පියයුරු තුඩ, නිපල් එක දිහාවට. මේ සියල්ල මේද ස්ථරයකින් ආවරණය වෙනවා. අපි බලන්න අල්ලන්න ආස මෙන්න මේ පිරුනු මේදමය පටකය. ඒකට තමයි තනේ කියන්නෙ.
නිපල් එක නැත්තං ගැහැණියකගේ තනපුඩුව කියන්නෙ කිරි දෙන්න පුළුවන් විදිහට උල්වෙලා සකස්වුනු පටකමය ප්‍රදේශයකට. ඒ වටේට තියෙනවා අරියෝලා කියන තවත් ලස්සන වටරවුමක්. සාමාන්‍ය සමට වඩා තද පාට තුඩට වඩා ළාපාට රවුමක්. ලිංගිකව උත්තේජනය වෙද්දි මේ තනපුඩු උඩට ඉස්සෙනවා. ඒවා දරදඬු වෙනවා. පිරිමියෙකුගෙ වුනත් තනපුඩු හුරතල් කලොත් ඒවා මේ විදිහට ප්‍රතික්‍රියා කරනවා. ස්නායු අන්ත ගොඩක් ඒකරාශී වෙලා තියෙන නිසා තනපුඩු ඉතාම සංවේදීයි. සමහර විට සුරතාන්තයක් පවා ලබාදෙන්න පුළුවන් තරම් ප්‍රබලයි. මේ නිසා දරුවෙකුට කිරිදෙන අතරෙ සුරතාන්තය ලබන ගැහැණු ඉන්නවා.
ඔන්න ඔය විදිහට අපිට සරලව ගැහැණු ලිංගිකත්වය සම්බන්ධ බයොලොජිය තේරුම් ගන්න පුළුවන්. ඊළඟ කොටසින් පිරිමි බයොලොජිය ගැන කතා කරමු.








මේ ක්‍රීම් එක දවසට එකපාරයි පාවිච්චි කිරීම සුදුසු. මේක නිෂ්පාදනය කරලා තියෙන්නෙ 100% ස්වභාවික ද්‍රව්‍යවලින් කියල කියනවා. ඒ වගේම මේකෙන් ස්වභාවික ආකාරයේ ශිෂ්න වර්ධනයක් ඇති කරනවා මිස කෘතිම විශාලනයක් සිද්ද කරන්නෙ නෑ. පැය තුනක් දක්වා කාලයක් සෙක්ස් කරන්න පුළුවන් හැකියාවක් ලාර්ගෝ ලබාදෙනවා කියල පොරොන්දු වෙනවා. ඒ වගේම පෝර්න් ස්ටාර්ස්ලා වැඩිදෙනෙක් පාවිච්චි කරන මේ ආලේපනය ශිෂ්නය දැඩි විදිහට ප්‍රාණවත් කරනවා.

මිනිස්සු දශක ගණනාවක් තිස්සේ නිහඬව වැඩි හාහෝවක් නැතිව නිදහස් ආදරයන් සාර්ථකව කරගෙන ගිහින් තියෙනවා. අපි මේ පොතෙන් කරන්නෙ ඔවුන්ගේ සාර්ථකත්වයට හේතු වුන තාක්‍ෂණයන්, කුසලතා සහ පරමාදර්ශයන් බෙදා ගැනීමයි.





සෙක්ස් ගැන කතා කරද්දි ඒකෙ අංශයන් දෙකක් නැත්තං කලාපයන් දෙකක් ගැන අපිට දැනුමක් ඕන වෙනවා. එකක් සෙක්ස් සම්බන්ධ ජීව විද්‍යාත්මක ඒ කියන්නෙ අපේ ශරීරයේ බයොලොජිය පැත්තෙන් කතාව. අනිත් පැත්තෙන් සෙක්ස් සම්බන්ධ මනෝ විද්‍යාව, සයිකොලොජි පැත්තෙන් කතාව. සෙක්ස් කියන්නෙ ශරීරයයි මනසයි දෙකම එකක් වෙන තැනක්. මනස ශරීරයට බලපාන අතර ශරීරය මනසට බලපානවා. වෙන් කරලා කතා කළාට පවතින්නෙ තනි සමස්තයක් විදිහට. ඒක සිස්ටම් එකක් කියල අපිට කියන්න පුළුවන්.
ඒ පාර ෆිෂර් මොළේ අනිත් පැත්තට ටෙස්ටෙස්ටරොන් විදිනවා. එතකොට මීයා ප්‍රචණ්ඩ වෙනවා. ලිංගික ආවේගයෙන් හැසිරෙන්න ගන්නවා.
පොඩි කාලෙම අපි දරුවන්ට ලිංගික අවයව වසන් කිරීම උගන්නනවා. හෙළුවෙන් ඉන්න එක වරදක් කරනවා. ඒ වගේම ලිංගේන්ද්‍රියන් අතපත ගෑම නරක දෙයක් බවට පත් කරනවා. ඒවට කියන වචනයක්වත් හරියට කියලා දෙන්නෙ නෑ. චූටි කුරුල්ලා, චූවා වගේ විකාර නම් තමයි පොඩිකාලෙ ඒවා හඳුන්වන්නෙ.

දිනිතිගෙ බෝයිෆ්‍රෙන්ඩ්ගෙ නම සමීර. එයාව එක්කගෙන දිනිති අපේ ගෙදර එන්නයි සැලසුම. ගෙදර පැත්තෙන් තියෙන කරදර නිරවුල් කරන එක මගේ වගකීම. ඒක ඒ තරම් ලොකු දෙයක් නෙමෙයි. ඒත් ඉවසන්නම බැරි හිතේ කැළඹිල්ල.

අපි ස්වභාව ධර්මයට ඉහළින් ඉන්නවා කියන කතාව හරියට කකුල් වෙවුලන සර්ෆර් කෙනෙක් මුහුදට ඉහළින් ඉන්නවා වගේ එකක්. අපි ලිස්සලා වැටුනෙ නැතත් ( ඒක හැමෝටම වෙනවා) අපේ අභ්‍යන්තර ස්වභාවය විසින් ඕනම වෙලාවක අපිව ඇතුලට ඇදලා ගන්න පුළුවන්. බටහිර හැදුනු අය විශ්වාස කළා මිනිසා හරි සුවිශේෂයි කියල. අනිත් හැම ජීවත්වෙන දේකටම වඩා වෙනස් කියල. ලෝකයට වඩා ඉහලින් ඉන්නෙ කියල. සත්ව ජීවිතය සලකුණු කරන පහත් අවමන් තත්වයන්ගෙන් නිදහස් කියල. අපිට පහතින් අපිට යාබදවම තියෙන ස්වභාවික ලෝකය කියන්නෙ ලැජ්ජාවට හේතුවක්, පිළිකුල්කටයුතු, අවධානයෙන් සිටිය යුතු, ගඳ ගහන, අවුල්සහගත, වසා දොරගුළු ලා සඟවා තබාගත යුතු තත්වයක් කියල. එහෙම නැත්තං අපි ඒක ඕනවටත් වඩා ඉහළින් තබමින් පාවෙන, දිව්‍යමය, අවිහිංසක, උසස්, සමතුලිත, ප්‍රඥාවන්ත දෙයක් විදිහට සලකන්න ගත්තා.







