මට වැඩිපුරම ඉල්ලීම් එන්නෙ කකෝල්ඩින්ග් ගැන ලියන්න කියල. ඒක අපි හිතනවට වඩා ගොඩක් සුලබ ෆැන්ටසියක්. අපි ඒ ෆැන්ටසියෙ එක එක තැන්වල ඉන්න පුළුවන්. ‘කක්‘ කියන වචනය අපහාසාත්මක අදහසකින් පාවිච්චි කරන එක ඇත්තටම සෙක්ස් ගැන නොදන්නාකම ප්‍රදර්ශනය කිරීමක්. කකෝල්ඩින්ග් කියන්නෙ ලස්සන ෆැන්ටසියක්. ඒක ගැන ලියන්න කියලා ඉල්ලන විවෘත ඉල්ලීම් වුනත් ලස්සනයි.
ලෝකෙ ප්‍රසිද්ද මනෝ වෛද්‍යවරයෙක් වන ඩේවිඩ් ලේ, ජස්ටින් ලේමිලර් සහ සෙක්ස් රයිටර් කෙනෙක් වුනු ඩෑන් සැවේජ් කකෝල්ඩින් ගැන පර්යේෂණ කළා. එතනදි ඒ ගොල්ලො ආපු නිගමනය වුනේ ඒක දෙන්නෙක් අතර සම්බන්ධතාවයට ධනාත්මක විදිහට වැඩකරනවා කියන එකත් කිසිම විදිහකින් ඒක දුර්වලතාවයක් විදිහට දකින්න බෑ කියන එකත්.
13 වෙනි සියවසේ ඉඳන් විතර සාහිත්‍යයේ මේ කකෝල්ඩ් ස්වරූපයේ චරිත දකින්න තියෙනවා. මුලින් ඒවා මුනගැහෙන්නෙ වෙන පිරිමියෙකුගෙන් තමන්ගේ බිරිඳට දරුවෙක් ලැබෙයි කියල බයෙන් ඉන්න සැමියෙක් විදිහට. ඒත් අද කකෝල්ඩින්ග් කියන එක නිර්මාණශීලීව සහ ශක්තිමත්ව ගොඩනැගුනු සංස්කෘතියක් වෙලා තියෙනවා. මේ වෙද්දි කකෝල්ඩ් කෙනෙක් කියන්නෙ තමන්ගේ පෙම්වතිය වෙන කෙනෙකු සමග ලිංගිකව එක්වීම කියන අදහසින් ප්‍රාණවත් වෙන පිරිමියෙකුට. අතෘප්තිය අසහනය වෙනුවට අසමාන තෘප්තියක් ලබන්නෙකුට. මේ ෆැන්ටසිය බෙදාගන්නා ගැහැණුත් ඉන්නවා. හැබැයි ප්‍රතිශතයක් විදිහට පිරිමින්ට වඩා අඩුයි.
කකෝල්ඩින් කියන ෆැන්ටසිය කසාදය තරම්ම පරණයි කියල ඩේවිඩ් ලේ කියනවා. සමහර විට මේක ඊටත් වඩා එහාට යන්න පුළුවන්. එයා මේ විදිහෙ කකෝල්ඩින්ග් ෆැන්ටසිය ඇති ජෝඩු වෙනුවෙන් පොතක් ලිව්වා. ඒකෙ නම ‘ඉන්සැටයබල් වයිව්ස්’. ඒ කියන්නෙ තෘප්තිමත් කළ නොහැකි බිරින්දෑවරුන් කියන එක. ඩේවිඩ් කියන විදිහට වර්තමානයේදි වැඩිවැඩියෙන් පෙම්වතුන් මේ ෆැන්ටසීන් අත්හදා බලනවා. ඒ ගොල්ලො පවතින සම්මත ටැබූ ගනං ගන්නෙ නෑ.
සංඛ්‍යාත්මකව ගත්තම කකෝල්ඩින් කියන එක අපි හිතනවට වඩා සමාජයේ ගොඩක් සුලබ දෙයක් කියල ලේමිලර් කියනවා. ‘ටෙල් මී වට් යූ වොන්ට්’ කියන නමින් ලිංගික ආශාවේ විද්‍යාව ගැන පොතක් ලියන ලේමිලර් එතනදි දහස් ගාණක් ඇමරිකානුවන් පර්යේෂණයට යොදා ගන්නවා. 58%ක් පිරිමි මේ ෆැන්ටසියෙන් වින්දනය ලබනවා කියලත් ගැහැණුන්ගෙන් තුනෙන් එකක් පමණ මේක බෙදාගන්නවා කියලත් ලේමිලර් පෙන්වා දෙනවා. එයා කියන්නෙ ගැහැණුන්ගෙ කකෝල්ඩින්ග් ආශාවන් ගැන වැඩිදුර පර්යේෂණයන්ට යොමුවීම අවශ්‍යයි කියල.
ඩෑන් සැවේජ් කියන විදිහට මේක මුලින් තිබුනෙ විෂම ලිංගික දෙයක් හැටියට.
‘මට ගොඩක් ලියුම් ලැබෙනවා හෙට්‍රොසෙක්ෂුවල් ජෝඩුවලින් ඒ අයගෙ කකෝල්ඩින් අත්දැකීම් ගැන. ගොඩක් වෙලාවට මේක හඳුන්වාදෙන්නෙ සැමියා විසින්. සමලිංගික විවාහ අයිතිය දිනාගන්න කල් මට සමලිංගික පෙම්වතුන්ගෙන් මේ ගැන අහන්න ලැබුනෙ නෑ. ඒත් විවාහයත් එක්ක දැන් ඒ අය අතරත් මේක කතාබහට ලක්වෙනවා’ – ඩෑන් සැවේජ්
එයා ලේමිලර් සහ ඩේවිඩ් එක්ක සමලිංගික පිරිමි 580කගේ කකෝල්ඩින් ෆැන්ටසි සමීක්ෂණය කරන්න එකතු වුනා.
සමලිංගික පිරිමි සහ විෂම ලිංගික පිරිමි අතර මේ ෆැන්ටසියෙ සමානතා තිබුනත් ඒ වගේම පැහැදිලි වෙනස්කම් තියෙනවා කියල ඩේවිඩ් ලේ කියනවා. විෂම ලිංගික කකෝල්ඩින්වල සුලබව මුනගැහෙන ඉන්ටරේෂල් (අන්තර්වාර්ගික) සහ බීඩීඑස්එම් තේමාවන් සමලිංගික සම්බන්ධතාවලදි දකින්න ලැබෙන්නෙ ගොඩක් අඩුවෙන්. ඒ වගේම මූලිකව මේ ෆැන්ටසියට ඇති පෙළඹවීමත් මේ පාර්ශ්ව දෙක අතර වෙනස්.
විෂම ලිංගිකයන්ට කකෝල්ඩින්වල තියෙන ලොකුම රසය ඒක මොනොගමික පවුල් සම්ප්‍රදායේ තහංචියක් වුන එක. මොනොගමිය ඇතුලෙ විඳින්න පුළුවන් තහනම් රසයක් විදිහටයි මේක වර්ධනය වෙන්නෙ. ඒත් සමලිංගික පවුල් සම්බන්ධතාවයට මොනොගමික අදහස ඒ තරම් බලපෑමක් ඇති කරන්නෙ නෑ.
හැබැයි ලේමිලර් පෙන්වා දෙන විදිහට ඒ අයට මේක වෙනත් ආකාරවලින් ආකර්ශනීය වෙනවා. උදා විදිහට වොයරිසම් සහ ගෲප් සෙක්ස් වගේ දේවල් කකෝල්ඩින් එක්ක සම්බන්ධ වෙනවා. ඒක මේ ෆැන්ටසියෙ තියෙන තියෙන විශේෂත්වයක් විදිහට එයා දකිනවා. ඒක ටැබූ එකක්, නව්‍යතාවයක්, වොයරිසම් හෙවත් නැරඹුම්කාමයක් මේ ඕනම ආකාරයක් විදිහට පරිවර්තනය වෙන්න පුළුවන්.
ඩෑන් සැවේජ් කියන විදිහට තමන්ගේ පෙම්වතිය වෙන කෙනෙකු සමග ඉන්නවා දැකීමෙන් කෙනෙකුට විශාල ලිංගික උත්තේජනයක් ඇති වෙනවා. කකෝල්ඩින්වල තියෙන අනිවාර්ය දෙයක් තමයි හියුමිලියේෂන් කියන එක. අපේ ශෘංගාර පරිකල්පනයට පුළුවන් මේ ලැජ්ජාවේ දෙහි ගෙඩිවලින් සුමිහිරි කින්කි ලෙමනේඩ් හදන්න.
මේ පර්යේෂණයෙන් දකින්න ලැබුනෙ බලාපොරොත්තු වුනාට වඩා වෙනස් ප්‍රතිඵලයක්. කකෝල්ඩින් නිසා පවුල්වලට ඇතිවිය හැකි නෙගටිව් බලපෑම වෙනුවට ඉතාම ධනාත්මක ප්‍රතිඵල මේ අයට දකින්න ලැබුනා.
‘කකෝල්ඩින් කියන්නෙ බාධාවක් හෝ අහිතකර විදිහෙ සම්බන්ධයක් හෝ තමන්ගේ පෙම්වතාව නොකතා හැරීමක් හෝ කියන්න කිසිම විදිහක සාක්ෂියක් අපිට හම්බුනේ නෑ. හැබැයි කකෝල්ඩින් ෆැන්ටසියක් වඩාත් හොඳින් විඳින්න පුළුවන් පෞර්ෂමය සාධක වගයක් අපිට තේරුම් ගන්න පුළුවන් වුනා. සම්බන්ධතා ගැන බොහෝ බයෙන් සැකෙන් පසුවන, ඒවා බිඳීයාම ගැන සිතමින් තැවෙන, සමීප ඇසුරෙහි සහ සන්නිවේදනයේ දුර්වල, අප්‍රවේශම්කාරී, තදින් සැලසුම් කළ ජීවිතයක් ගෙවන අයට මේ විදිහෙ අන්‍යොන්‍ය අවසරය ලත් -මොනොගමික නොවන ෆැන්ටසියක් නෙගටිව් අත්දැකීමක් වෙන්න පුළුවන්. වෙන විදිහකින් කිව්වොත් කකෝල්ඩින් ෆැන්ටසියක් තිබුනු පලියටම හැමෝම ඒක ඇත්තට අත්විඳින්න යාම සුදුසු වෙන්නෙ නෑ’ – ඩේවිඩ් ලේ
සමහර විට ඒ ගැන අදහස් හුවමාරුව විතරක්ම වුනත් හැඟීම් අවදිකරනසුලු වෙන්න පුළුවන්. මුලු ගමනම යාමට ඔයා තාම පරිණත නැතිවෙන්න පුළුවන්. එහෙම ෆැන්ටසිය ඇත්තක් කරන උවමනාවක් තියෙනවා නම් අඩියක් පස්සට අරගෙන මැදිහත්ව බලන්න. ඔයාගෙ සම්බන්ධතාවය හොඳ තැනක තියෙනවද, ඔයාගෙ ලිංගික දේවල් ගැන සන්නිවේදනය කිරීමේ හැකියාව කොයිතරම් දියුණුද, මේ දේවල් මතයි ඒ අත්දැකීමේ සාර්ථකත්වය තීරණය වෙන්නෙ.
කකෝල්ඩින් කියන්නෙ අවංකත්වය, විශ්වාසය, සන්නිවේදනය සහ අන්‍යොන්‍යව පිලිගන්නා වටිනාකම් කියන දේවල් හොඳින්ම පවතින්න ඕන කලාපයක්. ගොඩක් අය උත්සාහ කරනවා තමන්ගේ බිරිඳව රැවටීමකින් මේකට පොළඹවා ගන්න. කිසිම වෙලාවක ඒකෙන් හොඳ ප්‍රතිඵලයක් අත්වෙන්නෙ නෑ. ෆැන්ටසිය විනාශයකින් කෙලවර වෙනවා විතරයි.
මේක කරන්න ඉදිරිපත් වෙන අය වුනත් පියවරෙන් පියවර හෙමින් යන්න කියලයි මේ විශේෂඥයන් උපදෙස් දෙන්නෙ. තමන්ගේ පෙම්වතිය තව කෙනෙක් සමග රමණය කිරීම බලා සිටීම හෝ ඒ ගැන දැනුවත්ව සිටීම කියන එක දරන්න පහසු අත්දැකීමක් නෙමෙයි. අපි කිසිදවසක නොදුටු, බලාපොරොත්තු නොවුනු බලවත් හැඟීම් මතුවෙලා අපේ සම්බන්ධතා පළුදු කරන්න පුළුවන්. මේ හින්ද ටිකෙන් ටික ඉතාම හොඳ කතාබහක් සහ සන්නිවේදනයක් ඇතුව කළ යුතු පුහුණුවක් මේක.
ඩෑන් සැවේජ් කියන විදිහට එහෙම සාර්ථකව ගියොත් කකෝල්ඩින් කියන්නෙ දෙන්නෙක් අතර සම්බන්ධතා වඩා සුන්දර කරන බැඳීම් ශක්තිමත් කරන සෙක්ස් මැජික් එකක් වෙනවා.


2019 කැනඩාවෙ මේ ගැන කරපු පර්යේෂණයක් අනුව කෙනෙක් මේ විදිහෙ බලහත්කාරී ලිංගික පණිවුඩ යවන්න කාරණා දෙකක් මුල්වෙනවා. එකක් නාසිසිසම් අනෙක සෙක්සිසම්. ඒ කියන්නෙ තමන් ගැන තියෙන ඕනවට වඩා ඇති ආත්මරාගය සහ අනෙක් ලිංගිකයා පහත් හෝ දුර්වල ලෙස දැකීමේ පෙළඹවීම. ඩිජිටල් අවකාශයේ මේ කෙරෙන බලහත්කාරයන්ට කියනවා ඩිජිටල් සෙක්සිසම් කියල.
ඒ අයට ගැහැණියගේ කලබලය, කේන්තිය ආදිය අනුරාගී විදිහට දැනෙනවා. ඒ අනුරාගය වෙනුවෙන් තමන්ගේ සිවිල් සමාජයේ සියලු පිලිගැනීම් සහ වටිනාකම් පරදුවට තියනවා. එහෙම තමන්ටත් අනුන්ටත් හානිකර තැනකට මේ තත්වය පත්වෙද්දි ඒක ප්‍රතිකාර ගත යුතු තත්වයක් හැටියෙන් තේරුම් ගන්න වෙනවා.






ඉඳහිට විනෝදාස්වාදය සඳහා කළ යුතු දේවල් පහත පරිදිය.



ඔයා කල්පනා කරලා හරියට කියන්න.
මචං බර්ත්ඩේ දවස බලලා ඒකිගෙ එක්ස්ව තෑග්ගට දියං. ඒ තරං පුදුම කරන්න හම්බුවෙන්නෙ නෑ වෙන මොකකින්වත්.


මේ කමෙන්ට්වල වැඩිහරියක් උපහාසයට නගන්නෙ මේ අසූ වියැති පෙම්වතා සමග මේ කාන්තාවගේ සංවාස අභ්‍යාසයි. මෙතනදි මෙවන් තරුණියකගේ පහස ලැබීමේ වාසනාව ගැනත් කතා වෙනවා. ප්‍රශංසාත්මකව හෝ ආස්වාදනීය ආකාරයකින් නෙමෙයි. හියුමිලියේෂන් ආස්වාදයකට.
සමහර විට ඇය සමලිංගික වෙන්නත් පුළුවන්. සමලිංගික විවාහයකට අවසර නැති රටක ඇයට ඇති වඩා තේරුම් ගන්නාසුලු, පහසු මාර්ගය මේ විවාහය වෙන්න පුළුවන්. ඒ විවාහය ඇතුලෙ ඇගේ සමලිංගික ප්‍රේමයකට අවසර තියෙන්න පුළුවන්. එය ඉතාම ඉහලින් අගය කළ යුතු මානුෂීය සම්බන්ධතාවයක් වෙන්න පුළුවන්.




ඔයාට මාරි කියුරි ගැන හිතලා මාස්ටර්බේට් කරන්න පුළුවන් නම්, සිමොන්දි බොවා හීනෙන් දැකලා ප්‍රාණවත් වෙනවා නම්, ප්ලේටො මතක් කරද්දි වෙට් වෙනවා නම්, සෙක්සිම කෙනා කාන්ට් නම්, ජිජැක්, ග්‍රාමිස්චි, මෙයසු වගේ නම් ඇහෙද්දි ඉන්න බැරි නම්, ඔන්න ඔයාගෙ සේපියොසෙක්ෂුවල් ගතිලක්ෂණ පේනවා.
මේ වචනෙ පාවිච්චියට එන්නෙ 1998දි. ලයිව්ජර්නල් කියන වෙබ් අඩවියෙ වුලිෆිබෝයි කියල කෙනෙක් තමයි මුලින්ම මේ වචනෙ එලියට දාන්නෙ. එයා කියන කතාව ටිකක් ඩිස්ක්‍රිමිනේටිව් එකක්.
ඕනම කෙනෙක් සාමාන්‍යයෙන් බුද්ධිමත්භාවයට ආශා කරනවා. පොදුවෙ බුද්ධිමත්බව සතු ආකර්ශනයක් තියෙනවා. ඒ වගේම මෝඩකම් රසවිඳින්න දන්න, ඒවායේ ගැඹුරක් දකින බුද්ධිමත් අයත් ඉන්නවා. බුද්ධිමත් බව ගැන මොකක් හරි අපැහැදිලි නිර්ණායකයක් මත පදනම් වෙලා සේපියොසෙක්ෂුවල් කියල තමන්ව හඳුන්වාගන්නා අයත් නැවත ගේ, ස්ටේ්‍රට්, බයි, හෝ ඒසෙක්ෂුවල් කියන කාණ්ඩයකට අයිති වෙනවා.
මේ විදිහට විවිධ ලේබල් නිර්මාණය කරන එකෙන් සිද්ද වෙන වටිනා දේවලුත් තියෙනවා. එකක් තමයි ඒ ලිංගික ආකර්ශනය පිළිබඳ සොයන්න පෙළඹෙන එක. භාෂාව කියන්නෙ හරි අමුතු උපකරණයක්. ඒක ඇතුලෙ වචනයක් නිර්මාණය වෙනවා කියන්නෙ ඒ විදිහෙ යතාර්ථයක් පවතින්න පටන් ගන්නවා කියන එක. ඉතින් මේ අලුත් වර්ගකිරීම් වලින් අපි ලිංගිකත්වය කියල දකින පරාසය විශාල වෙනවා. අලුත් සංකල්ප සහ චර්යාවන් නිර්මාණය වෙනවා.
