Ethical Slut by Jossie Eastern & Janet Hardy

වලත්තියන්ට ගොඩක් දේවල් ඕන. වෙනස් වෙනස් ලිංගික අත්දැකීම්, වෙනස් මිනිස්සු, සමහර විට පිරිමි සහ ගැහැණු දෙකම. අපි කුතුහලයෙන් පිරිලා. මිනිස්සු හතර පස්දෙනෙකුගේ ශක්තීන් එකතුවුණු එක අනුරාගී ලිංගික අත්දැකීමක් කොයි වගේ වෙයිද? මාත් එක්ක අවුරුදු දහයක් මගේ හොඳම යාලුවා වුනු කෙනා එක්ක කායික අනුරාගී සම්බන්ධයක් කොයි වගේද? මට වඩා ගොඩක් වෙනස් මේ මනුස්සයා එක්ක ඒක කොහොම වෙයිද? අපි සමහර අය එක එක අනුරාගී සම්බන්ධතාවලදි මතුකරන අනන්‍යතා වෙනස් වෙනවා. අපේ බහු අනන්‍යතාවයන් අපිටම මුනගැහෙනවා. සමහර අය ආසයි ෆ්ලර්ට් කරන්න. ඒකෙ ආර්ට් එකට විතරක්ම. සමහර අය සෙක්ස් ආර්ට් ෆෝර්ම් එකක් කරගන්නවා. අපි හැමෝම ආසයි අලුත් දේ සොයා යන්න.

ඩොසී කෙල්ලෙක් කාලෙදි, එයා වලත්තියක් කියල තාම දන්නෙ නැති කාලෙදි, ඇමරිකාවෙ නාගරිකව මුනගැහෙන විවිධ සංස්කෘතීන්වල අය ගැන ලොකු ඇල්මක් තිබුන. එයා එයාගෙ ලිංගික ගවේෂණය ගැන කියන්නෙ අන්තර් සංස්කෘතික මානව විද්‍යාවේ එයාටම අනන්‍ය වුනු ආකාරයක් විදිහට.

“මම වෙනස් අලුත් මිනිස්සු මුනගැහෙන්න ආස කළා. මගේ සංස්කෘතියට වඩා හැඟීම් අතින්, ලිංගික අතින් දේවල් එලියට ප්‍රකාශ කරන වෙන සංස්කෘතීන්වල මිනිස්සුන්ගෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මම ජීවිතේ සුන්දරත්වය කිසිදාක නොසොයපු තැන්වල සුන්දරත්වය දකින මිනිස්සු මට මුණගැහුනා. මම හැදී වැඩුනෙ හරිම කුඩා ඒකාකාරී සංස්කෘතියක් පැවතුනු එංගලන්තෙ නගරෙක. හරිම තදයි, සුදුයි, උද්දච්ඡයි. අනෙකාව සොයායාම ඇතුලෙ මට මගේ ප්‍රෝග්‍රෑම් එකේ අවුල්, මගේ සංස්කෘතික බද්ධ සිතීමේ අවුල්වලට උත්තර හොයාගන්න පුළුවන් වුනා. මට වඩා ගැලපෙන අලුත් ආකාර දකින්න පුළුවන් වුනා”

ඩොසී එයාගෙ ලිංගිකත්වයන් ගැන කරපු නිර්භීත ගවේෂණයෙදි ලොකු අවදානම්වලට මුහුණ දුන්නා. ඒත් එයාට අනුව ඒ අවදානමට වඩා අත්දැකීම වටිනවා. අපි සමහර අයට වලත්තකම කියන එක අපේ අනන්‍යතාවයෙම කොටසක්. ඒ තමයි අපේ හැටි.

විවෘත ලිංගික ජීවිතයෙන් අපිට ඉගෙන පුළුවන් වැදගත්ම දේ තමයි අපේ ප්‍රෝග්‍රෑම් එක වෙනස් කරන්න පුළුවන් කියන එක. අපේ ලිංගිකත්වය මෙසේ විය යුතුයැයි අපිට උගන්නපු හැම දෙයක්ම ප්‍රශ්න කරමින් අපිට ඒ සියල්ල සංස්කරණය කරන්න හෝ අලුතින් ලියන්න පුළුවන්. පනවා ඇති සීමා බිඳින එකෙන් අපි නිදහස් වෙනවා වගේම තව ශක්තිමත් වෙනවා.

ගේ -පිරිමි කියල වර්ගයක් ගැන මුලින්ම ඉගෙන ගත්ත කාලෙ කැත්රීන්ට තාම මතකයි.

“මට අවුරුදු අටක් නවයක් විතර ඇති. හැබැයි ඒ කාලෙත් මට තේරුම් ගන්න පුළුවන් වුනා මට ඇහෙන දේවල්වල යටිපෙල කතාව. මේ මිනිස්සු මගේ සුවපහසු නාගරික පරිසරයට අයිති නැති පිරිසක්. අනික් හැමෝම ඒක වැරදියි කියද්දි මේ අය පිරිමි පිරිමි එක්ක සෙක්ස් කරනවා. ඒ ගොල්ලො කසාද බඳින්නෙ නෑ, එකම කෙනෙක් එක්ක විතරක් සෙකස් කරනවා කියල එකකුත් නෑ. ඒ ගොල්ලොන්ට ඒ ගොල්ලන්ගෙ වෙනම කණ්ඩායමක් හිටියා. ඒ ගොල්ලො තමයි එකට හිටියෙ. අනෙක් අය මේ අයට අකමැති නිසාම ඒ අය එකිනෙකා ගැන වඩා ආදරෙන් බලාගත්තා. මට එකපාරටම හිතුනෙ, මං වගේ මිනිස්සු පිරිසක් කියල. මට මං වලත්තියක් කියල තේරුම් ගන්න අවුරුදු විස්සක් ගියා. බයිසෙක්ෂුවල් කෙනෙක් කියල තේරුම් ගන්න තවත් අවුරුදු දහයක් ගියා. ඒත් ඒ හැමදෙයක්ම යටින් එක අදහසක් තිබුන. මම මගේ ගැඹුරුම තැනින් කියන දේ තේරුම් ගත්තා. ඒකට ප්‍රතිචාර දැක්වුවා”

වලත්තියකගේ දැක්ම

වලත්තියකගේ ඇසින් මේ හැමදෙයක්ම පේන්නෙ කොයි විදිහටද? අපි අපිව දකින්නෙ යහපත්කම් සහ වැරදි වගේම විවිධ වූ වෙනස් කම් සහිත තනි පුද්ගලයො විදිහට. අපි සෙකස් වලට කැමතියි. ඒ වගේම වෙනස් වෙනස් මිනිස්සුන්ට කැමතියි. අපි සෙක්ස්වල මලල ක්‍රීඩකයො නෙමෙයි. ඒත් අපි සාමාන්‍ය අයට වඩා සෙක්ස් කරන්න උනන්දු වෙනවා. හොඳ සෙක්ස් කියන්නෙ ලෝක වාර්තා තැබීමක් නෙමෙයි. අපිට සෙක්ස් වටින්නෙ ඒ සෙක්ස්වලින් අපිට ලැබෙන සතුටත්, ගොඩක් වෙනස් සුන්දර මිනිස්සු එක්ක අපිට ගත කරන්න ලැබෙන හොඳ කාලයත් නිසා. අපි කැමතියි ඇඩ්වෙන්චර්ස්වලට. සමහර වෙලාවට ඇඩ්වෙන්චර් කියන එකත් වරදක්. ඒකෙන් එක විදිහකට හිතෙනවා තාම පරිණත වෙලා නැති, විශ්වාස කරන්න බැරි, මොනොගමස් ජීවිතයක ස්ථාවර වෙන්න උවමනාවක් නැති කට්ටියක් කියන එක.
මොකද්ද ඉතින් එහෙම ගවේෂනය කරන එකේ වැරැද්ද? අපිට ගවේෂනය කරන ගමන් ළමයි හදන්න බැරිද? ගෙවල් ගන්න, අපේ රස්සාවලින් ඉස්සරහට යන්න බැරිද? අනිවාර්යෙන්ම පුළුවන්. වලත්තියන්ට ලෝන් ගන්න පුළුවන් අනිත් හැමෝටම වගේ. අපි කැමතියි ජීවිතේ ටිකක් සංකීර්ණ විදිහට විඳින්න. එක පාර ගොඩක් දේවල් සිද්ද වෙන අපිව ඇදබැඳ ගන්නා ජීවිතයක ඉන්න.

අපිට කාංසිය ඉවසන්න බෑ. අපිට තියෙන්නෙ ජීවිතයේ තියෙන හැමදෙයක්ම අත්දැකීමේ ආශාව. ඒ වගේම අපිට තියෙන දේ අනිත් අය එක්ක බෙදාගැනීමේ උවමනාව. අපි තමයි හැමෝම විඳින හොඳ අත්දැකීම් වෙන්නෙ.