Tag: philosophy

  • සෙක්ස් කියන්නෙත් නිවනක්

    සෙක්ස් කියන්නෙත් නිවනක්

    අද වප් පෝය දවස. පෝය කියන්නෙ හරි ලස්සන දවසක්. ඒ දවස වෙන්වෙලා තියෙන්නෙ ආධ්‍යාත්මික දේවල් ගැන හිතන්න. විශේෂයෙන්ම බෞද්ධාගමේ පෝය කියන්නෙ ශීලයෙන් සමාදන් වෙන දවස.

    මේ ආධ්‍යාත්මික හැඟීම අපි දෙන්න පුරුදු වෙලා තියෙන්නෙ සෙක්ස්වලින් වැළකීම මත. ඒ දවසෙ ඉන්ද්‍රිය පිනවීම පාලනය කරන එක තමයි ශීලයේ මූලික අදහස. බුද්ධාගමේ අද දකින්න තිබුනට ඇත්තටම මේක ක්‍රිස්තියානි අදහසක්.
    ශාන්ත පාවුළු කියනවා මෙහෙම.

    ‘ශරීරය ආශා කරන දේ ආධ්‍යාත්මයට විරුද්ධයි. ආධ්‍යාත්මය ආශා කරන දේ ශරීරයට විරුද්ධයි’

    මේක තමයි බෞද්ධ ක්‍රිස්තියානි ශීලයේ පදනම. ශරීරයේ ආශාව පාලනය කිරීම හරහා ආධ්‍යාත්මයට ළංවීම. ඒත් මීට පටහැණි තන්ත්‍ර වගේ බෞද්ධ සම්ප්‍රදායන් තියෙනවා. ඉන්ද්‍රිය පිනවීම හරහා මෝක්ෂය ලැබීම තන්ත්‍රවල කතා කරනවා. මේ වෙද්දි ඒක විද්‍යාත්මකව සනාථ වෙලා තියෙනවා.

    සෙක්ස් කරද්දි නිර්වාණය අවබෝධ වුනා වගේ, නැත්නම් ස්වර්ගය මොහොතකට දැකබලාගත්තා වගේ හැඟීමක් සෙක්ස් කරපු ඕනම කෙනෙකුට දැනිලා තියෙනවා. අපි මේක නිවන කියල කියන්නෙ නෑ. ඒත් ඒ ආශ්චර්යමත් මොහොතෙදි අපි මෙහෙම කියනවා.

    ‘ohh god!!’
    ‘Jesus Christ’

    අපි මේ අසිරිමත් ආස්වාදය විඳින්නෙ අපේ හෝමෝනවලට පිංසිද්ද වෙන්න.

    මේ විමුක්තිදායක හැඟීම ගැන ඩියුක් සරසවියෙන් පරීක්ෂණයක් කළා. ඒ අය මේ පර්යේෂණයෙන් හොයාගත්තා සෙක්ස් කිරීමෙදි අත්විඳින මේ ගැඹුරු තෘප්තිය ආගමික අත්දැකීමකට සමානයි කියල. ඒ කියන්නෙ අපි ධ්‍යාන, ඵල, මෝක්ෂ, විමුක්ති, ස්වර්ග කියන ස්වරූපයේ අත්දැකීමක්ම තමයි සෙක්ස්වලින් ලැබෙන්නෙත් කියන එක. සෙක්ස් කියන්නෙ ආධ්‍යාත්මික මාර්ගයක් කියන එක.

    මේකට හේතුවෙන්නෙ අපේ ශරීර‍යේ ඔක්සි‍ටොසින් කියන හෝමෝනය. හොඳ සංවාසයකට පස්සෙ ඇතිවෙන පාවෙනසුලු ගතිය ඇතිකරන්නෙ මේකෙන්. ඒකට කියනවා ලව් හෝමෝනය කියලත්. මේ හෝමෝනයට පුළුවන් අපිට සෙක්ස්වලට පස්සෙ ගැඹුරු ආගමික හැඟීමක් ඇතිකරන්න.

    අපිව දෙවියන්ට සමීප කරන්න.

    කවුරු හරි ඔයාගෙ ශිෂ්නය උඩින් වාඩිවෙලා, ඒක ප්‍රාණවත් වෙලා ඔක්සිටොසින් හොඳින් ශ්‍රාවය වුනොත් ඔයාට,

    Ohh God!!

    කියල කියවෙන තෘප්තිමත් හැඟීම ඇතිවෙන්නෙ මෙහෙමයි. මේ ගැන කරපු පර්යේෂණයෙදි එක කණ්ඩායමකට ඔක්සිටොසින් ලබාදුන්නු අතර අනෙක් කණ්ඩායමට ප්ලෙසිබො (ව්‍යාජයක්) ලබාදුන්නා. ඔක්සිටොසින් ලබාදුන් පිරිස අධ්‍යාත්මික ගැඹුරු දේවල් ගැන කතා කරන්න පටන් ගත්තා. භාවනා කරද්දි සිද්ද වෙන්නෙත් මේ ඔක්සිටොසින් නිදහස් කරන එක. සෙක්ස් කරද්දි සිද්ද වෙන්නෙත් ඒකමයි.

    ආධ්‍යාත්මිකත්වය සහ භාවනාව නිරෝගී ජීවිතයකට උදව්වෙනවා කියන එක පර්යේෂණ මගින් ඔප්පු වුනු දෙයක්. ඩියුක් සරසවිය මේ පර්යේෂණය කළේ ආධ්‍යාත්මික අත්දැකීම් ලබාදෙන්න උදව්වෙන අපේ ශාරීරික පාර්ශ්වය ගැන හොයලා බලන්න. ශරීරය බැහැර කිරීම හා සමානවම ශරීරය තෘප්තිමත් කිරීමෙනුත් සමාන විමුක්තියක් ලැබිය හැකිබව පෙනී ගියේ මෙතනදි.

    ඉතින් පෝයට පන්සල් යන්න බැරි අයට පුළුවන් ඇඳ පන්සලක් කරගන්න. ඉඳුරන් වන්දනාවක යෙදෙන්න. පංචේන්ද්‍රියන් විකසිත කරන්න. ආදරයෙන් අනුරාගයෙන් වෙලෙන්න. ඒ ගින්නෙන් ආත්මාර්ථය දවන්න. ඔක්සිටොසින් වැස්සක නැහැවෙන්න.

    ඒ දිව්‍යමය මොහොතේ සමවත් සුවය විඳින්න. පෝය කියන්නෙ ආධ්‍යාත්මික දවසක්.

  • අදහන ආගමෙන් හෙලිවන සෙක්ස් රහස

    අදහන ආගමෙන් හෙලිවන සෙක්ස් රහස

    මේ දවස්වල ආයිමත් මහමෙව්නාවෙ උන්නාන්සෙ කෙනෙක් නළුනිළියො අපාගත වෙනවා කියල බණක් දේසනා කරනවා. ඒක බුදුන් දේසනා කරලා තියෙන්නෙ තාලපුට සුත්‍රයෙලු. යෝධාජීව කියල තවත් සූත්‍රයක බුදුන් කියනවා රණවිරුවො ඔක්කොම අපාගත වෙනවා කියල. ඔය වගේ තව විකාරසහගත ගොඩක් කතන්දර සුත්‍ර පිටකෙ එනවා. ඒ හින්ද බුදුන් කිව්වා කියල වුනත් දෙයක් පිළිගන්න එක බුද්ධ දේසනාවට එකඟ නෑ. බුදුන් කිව්වත් අපිටත් හිතලා බලන්න වෙනවා.

    බුදුන් මේ දේවල් කිව්වා වෙන්න පුළුවන්, බුදුන් කිව්වා වගේ ආනන්දට ඇහුනා වෙන්න පුළුවන්, එක එක අය අතින් එකතුවුනා වෙන්න පුළුවන්, එහෙම නැත්තං අපේ අද කාලෙ තේරුම් ගැනීමට ඒක අහුනොවෙනවා වෙන්න පුළුවන්. කොහොම හරි අනිත් හැම ආගමකම වගේ බැහැර කළ යුතු විහිලුසහගත කරුණු බුද්ධාගමෙත් තියෙනවා.

    බුදුන්ගේ දහම කියන්නෙ කොහොමත් සසරින් මිදීම, ලෞකික ජීවිතයෙන් ගැලවීම වෙනුවෙන් දේශනා කරන දහමක්. බුදුන් තමන්ගේ දරුවා බිරිඳ සහ රාජ්‍ය වගකීම අත්හැර යනවා. සියල්ල නැති කිරීමෙන් ලබන නිර්වාණයක් දේශනා කරනවා.

    ලංකාවෙ ගැමියා විසින් බුදුදහම තමන්ගේ ප්‍රායෝගික ජීවිතේට හරියන්න නිර්මාණය කරගත්තා. බුදුදහම ඇදහිල්ලක් බවට පත් කරගත්තා. යන්ත්‍ර මන්ත්‍රවලට පාවිච්චි කළා. බුදුන්ගේ නිවන ලබාගත නොහැකි තරම් ඈතකට තල්ලු කළා. බණටත් ඒ දවස්වල කියන්නෙ දෙව්මිනිස් සැප කෙළවර අමා මහ නිවන් සැප ලබන්න කියල. ඒකත් සැපක්. හැබැයි ඒක විඳින්න තියෙන්නෙ අනිත් සැප ඔක්කොම ලබලා පස්සෙ කරන්නම දෙයක් නැති තැනදි. ඒ වගන්තියට තමයි ලංකාවෙ ‍බෞද්ධයො සාදුකාර දුන්නෙ.

    ඒත් අලුතෙන් එන මූලධර්මවාදී කල්ලි සූත්‍ර පිටකයෙ එක එක යටගිය කොටස් ඉස්සරහට අරන් එන්න ගන්නවා. නිවන මේ ආත්මෙම ලබන්න දායකයන්ව පොළඹවනවා. ඒ අයගෙ ගිහි ජීවිත දැඩිව හික්මවන්න ගන්නවා. බෞද්ධ කල්ට් ඇතිවෙන්නෙ එහෙම.

    ආගමක් කියන්නෙ කලාවක්. ඉතින් ආගමයි කලාවයි අතර තියෙන්නෙ එකිනෙක අතර තරගයක්. කලාව වාරණය කිරීම උඩයි ආගම පවතින්නෙ. මෙතනදි කලාව කියන වචනෙට වඩා සුදුසු වෙන්නෙ ඉන්ද්‍රිය පිනවීම කියන එක. ආගම කියන්නෙ ඉන්ද්‍රිය පිනවීමට තහංචි පැනවීම. ඒකත් ආස්වාදය ලබන විදිහක්. සරලවම කිව්වොත් ආගම පවතින්නෙ සෙක්ස් තහනම් කිරීම උඩ. කලාව පවතින්නෙ සෙක්ස් නිදහස් කිරීම උඩ.

    මේක ඕනම ආගමකට පොදු යතාර්ථයක්.

    අපි ‍මෙච්චර කල් විශ්වාස කළේ ආගම් විසින් මනුස්සයාගෙ ලිංගිකත්වය වාරණය කරනවා කියල. ආගමික පූජකවරුන් තමන්ගේ දේශනාවලදි නිරය ගැන දේවල් කියල බයවැද්දීමෙන් මිනිස්සුන්ගෙ ලිංගික ආශාවන් බලහත්කාරී විදිහට යටපත් කරනවා කියල. සංස්කෘතික කාරණයක් විදිහට ඒක එහෙම වෙනවා. පවුල්වල දැඩි ආගමිකත්වය දරුවන් තුල ලිංගික දේ ගැන වරදකාරීත්වයක් සහ යටපත් කිරීමක් ඇති කරනවා. ඒක ඇත්ත.

    ඒත් ඇරිසෝනා විශ්ව විද්‍යාලයේ සමාජ පර්යේෂකයෙක් වන ජෝර්ඩන් ඩබ් මූන් කරපු පර්යේෂණ අනුව පේන්නෙ ලිංගික වශයෙන් අඩු උවමනාවක් දක්වන අය විසින් ආගම් දැඩිව වැළඳගන්නවා කියන එක. ඒ කියන්නෙ ඇත්තටම ආගම කියන්නෙත් ලිංගික තෝරාගැනීමක් කියන එක. තව විදිහකට කිව්වොත් ආගම කියන්නෙත් ප්‍රජනන උපායමාර්ගයක්, ස්ට්‍රැටජියක්.

    මෙතනදි අපිට තේරුම් ගන්න වෙනවා සෝෂියොසෙක්ෂුවලිටි කියන අදහස. මේ කියන්නෙ කවුරුන් හෝ කැපවුනු එක් සම්බන්ධතාවයක් වෙනුවට විවිධ ලිංගික සම්බන්ධතා පැවැත්වීමට ඇති නැඹුරුව. මේ නැඹුරුව නැත්නම් ආශාව අඩු අය, ඒ සම්බන්ධ සීමාවන් ඇති අය වඩාත් ආගම්වලට නැඹුරු වෙනවා. ඒ කියන්නෙ ලිංගික ආස්වාදය වැඩියෙන් ලබනු රිසි අය වෙතින් ආගම් ප්‍රති‍ක්ෂේප වෙනවා. ඒ ආශාව අඩු, හැකියාව අඩු අය විසින් ආගම් බදාගන්නවා. මෙතනදි වැදගත් දේ ආගම් විසින් මිනිස්සුන්ව එහෙම කරනවා නෙමෙයි, එහෙම මිනිස්සු විසින් ආගම් තෝරගන්නවා කියන එක අනාවරණය වීම.

    විවාහය හරහා තමන්ගේ දරු පරපුරක් හදාගැනීම ගැන දැඩිව හිතන අය ආගම්වලට වඩා නැඹුරු වෙනවා. ඒකට හේතුව ආගම් විසින් විවාහයේ ලිංගික සීමා අවධාරණය කරන එක. මේ නිසා තමන්ගේ බිරිඳ අන් අයෙකු සමග යහන්ගතවීමෙන් තමන්ගේ නොවන දරුවන් ලැබීමේ බය අවම කරනවා. ඕනම ආගමක කාන්තාවට විශේෂයෙන් ලිංගික සීමා පැනවෙනවා. දරුවන් හැදීම සම්බන්ධයෙන් ගත්තම දීර්ඝ කාලීන කැපවුනු සම්බන්ධයක් කාන්තාවකගේ පැත්තෙනුත් බලාපොරොත්තු වෙනවා. මේ නිසා ඇයත් පිරිමියාගේ අයාලේ යාම සීමා කිරීම පැත්තෙන් කල්පනා කරලා මේ ඇදහිල්ලට එකතුවෙනවා. ආගම හරහා නොදැනීම දෙන්නාටම ආරක්ෂාකාරී හැඟීමක් ඇති කරනවා. තමන්ට කියාගන්න බැරි දේ පූජකයා විසින් කියනවා. ඒ ආචාර ධර්මය රකින ප්‍රජාවක් මුනගැහෙනවා. ආගමික ප්‍රජනනය නැත්නම් රිප්‍රොඩක්ටිව් රිලි‍ජියොසිටි කියන්නෙ මේකට. අනාගත පරපුර බිහිකිරීම වෙනුවෙන් ආගමික වෙන එක. මෙතනදි වැදගත්ම දේ වෙන්නෙ අනෙකාව තමන්ට අවශ්‍ය විදිහට පාලනය කරගන්න පුළුවන් උපක්‍රමයක් ආගම තුලින් සැපයෙන එක. ඉතින් තාත්තෙක් හෝ අම්මෙක් විදිහට අනෙකාගේ ලිංගිකත්වය සීමා කිරීමේ උවමනාව ඇති අයගෙ තෝරාගැනීමක් ආගම කියන්නෙ.

    මේ ප්‍රජනන උවමනාව නැත්නම් තමන්ගේ පරපුරක් බිහිකිරීමේ ආශාව අඩු අය තමයි වඩාත් නිර්මාණශීලී, තමන්ගේ අභ්‍යන්තරය ගවේශණය කරන ආකාරයේ ජීවිත ගතකරන්නෙ කියන එකත් මේ පර්යේෂණයෙදි ජෝර්ඩන් මූන්ගෙ කණ්ඩායම සොයාගත්ත දත්තවලින් කියවෙනවා. අනිත් පිරිස ආගමික වීම ඇතුලෙ තමන්ව කැපකරනවා.

    ඉරොටොෆෝබියා හෙවත් ශෘංගාරභීතිකාවෙන් පෙළෙන අයත් දැඩිව ආගම් වැළඳගන්නවා. මේ ශෘංගාරභීතිය ඇතිවෙන්න විවිධාකාර දේවල් හේතුවෙන්න පුළුවන්. කුඩා අවධියේ මුහුණදුන් ලිංගික පීඩාවන්, ලිංගික කාරණා නිසා ලැජ්ජාවට පත්වීම්, ලිංගික දුර්වලතාවයන්, දැඩිලෙස විශ්වාසය පළුදුවීම් ආදිය මේ අතර තියෙන්න පුළුවන්. මේ ඉරොටොෆෝබියාවෙන් පෙළෙන අය තමයි කවුරුන් හෝ නිරුවතින් ඉන්නවා දැකපු ගමන් කලබල වෙන්නෙ. ජනාධිපතිට ලියුම් ලියන්නෙ. මේ භීතිකයනුත් දැඩිව ආගම්වල එල්ලෙනවා.

    තුන්වෙනි කාණ්ඩය තමයි ස්වපීඩකකාමීන්. මැසොකිස්ට්ලා. තමන්ව පීඩාවට පත්කිරීමෙන් ලිංගික තෘප්තියක් ලබන පිරිස්. සිංදුවක්, නර්තනයක් විඳින්න නොදී තමන්ව බැඳ තබාගැනීමෙන් ආස්වාදයක් ලබන්නෙ එහෙම අය. මැසොකිසම්වල තියෙන ප්‍රධාන ලක්ෂණ හයම ආගමික භක්තියෙ තියෙනවා. එක, ආදරයේ ප්‍රභේදයක් වීම. ආගම් ඇතුලෙ ප්‍රේමය, මෛත්‍රිය කියන නම්වලින් හඳුන්වන්නෙ මේ ලක්ෂණය. ආගම එන්නෙ ලිංගික ආදරයට විකල්පයක් විදිහට. දෙක, දඬුවම් ලැබීමේ ආශාව. පවට දඬුවම් ලැබීම, ආශාව බැඳතබා ගැනීම, අපාගතවීම ආදියෙන් කියවෙන්නෙ මේ උවමනාව. තුන, අනාගතයේ වඩා හොඳ තෘප්තියක් බුක්ති විඳීමේ ආශාව. හතර, දුර්වලයා වෙනුවෙන් සැකසුනු ක්‍රමයක් වීම. පව්කාරයො, නැත්නම් කරුම ගෙවන මිනිස්සු කියන අර්ථ හැදෙන්නෙ මේක ඇතුලෙ. පහ, ආත්මාර්ථයෙන් ගැලවීම. හය, අනුන් වෙනුවෙන් පාවිච්චි වීම හෝ කැපවීම.

    මේ කාරණා හය උඩ තමයි මැසොකිසම් නැත්නම් ස්වපීඩකකාමය පවතින්නෙ. ආගම් භක්තිය පවතින්නෙත් හරියටම ඔය කාරණා මතමයි. මේ නිසා ස්වපීඩකකාමීන් ගොඩකුත් ආගම් බදාවැළඳ ගන්නවා.

    මේ විදිහට කාණ්ඩ තුනක පිරිස් විසින් ආගම ස්ට්‍රැටජියක් විදිහට තෝරගන්නවා. ඒ අය වෙනුවෙන් ඒක පැවතිය යුතුයි. මෙතනදි නරක තත්වය වෙන්නෙ මේ අවශ්‍යතා ඇති පිරිස ඉක්මවා අනිත් අයගෙ ජීවිතයට බලපෑම් කරන මට්ටමට ආගම පිම්බෙන එකයි. තවත් එක තෝරාගැනීමක් වෙනුවට ඒක අනිවාර්යයක් දක්වා වර්ධනය වෙන එකයි.

    ඒක නිසා අපි හිතන්නෙ මහමෙව්නාව වගේ ලිංගිකත්වය සීමා කරමින් ආස්වාදය ලැබීමේ දහම් පැවතීම අවශ්‍යයි කියලයි. ඒ දහම් ඒ කල්ට් සීමාවෙන් එහාට ගමන් කිරීම අවදානම් කියලයි. එතකොට ඒ අවශ්‍යතා ඇති පිරිසට ඒ ආගම් ඇදහීමේ නැත්නම් තමන්ගේ සෙක්ෂුවල් ස්ට්‍රැටජියක් අනුව ජීවත්වීමේ නිදහස වෙනුවට ඒක අනුන් සීමා කරන බලහත්කාරයක් බවට පත්වෙනවා.

    ඒ හින්ද ආගමික පිරිස් තේරුම් ගන්න ඕන දෙයක් වෙන්නෙ, ඔබ ලබන සැප ඔබ ලබන්න. අනෙකාගේ සැපට කෙළවීමට තරම් කුහක නොවන්න යන්නයි.

  • කාමසූත්‍ර – සයවන කොටස

    කාමසූත්‍ර – සයවන කොටස

    පුරවැසියෙකුගේ ජීවිතය

    පුරුෂයෙක් මෙසේ ලබා ගත් අධ්‍යාපනයෙන් සහ ත්‍යාග වශයෙන් (බ්‍රාහ්මණයන්ට ධනය ත්‍යාග ලෙස ලැබුණි), අත්පත් කරගැනීමෙන්, ලබාගැනීමෙන්, ඉතුරු කිරීමෙන් හෝ උරුමයෙන් ලත් ධනයෙන් (මේ සියල්ල වෛශ්‍යයයන්ට ධනය ලැබුනු ආකාරයි) ගෘහපතියෙක් ව (ගෘහස්ථ) පුරවැසියෙකුගේ ජීවිතය ගත කළ යුතුය. ඔහු නගරයේ නිවසක් හෝ විශාල ගමක් හෝ යහපත් මිනිසුන් වසන ප්‍රදේශයක් හෝ බොහෝ අය පොදුවේ නිවසන නිකේතනයක් හෝ වාසයට ගත යුතුය. මේ නිවස ජල පහසුකම් වලට සමීපව පිහිටිය යුතු අතර විවිධ අවශ්‍යතා සඳහා වෙන් කළ කාමර සහිත විය යුතුය. මේ නිවස උයනකින් වටව තිබිය යුතු අතර බාහිර සහ අභ්‍යන්තර කාමර දෙකක් තිබිය යුතුය. අභ්‍යන්තර කාමරය කාන්තාවන් සඳහාය. බාහිර කාමරය හොඳින් සුවඳවත් විය යුතුය. එහි මෘදු, සිත්ගන්නාසුලු, පිරිසිදු සුදු රෙද්දෙන් වැසුනු, මැද කොටස පහත, එහි මල්මාලා සහ මල් පොකුරු ගැවසුනු, ඉහළින් වියනක් සහිත, ඉහළින් එක කොට්ටයක්ද, පහළින් තව කොට්ටයක්ද වන සේ කොට්ට දෙකක් සහිත සයනයක් තිබිය යුතුය. එහි කවිච්චියක්ද එහි හිස පෙදෙසට වන්නට ස්ටූල් එකක්ද තිබිය යුතුය. ස්ටූල් එක මත රාත්‍රිය සඳහා අවැසි සුවඳ ගැල්වුම්ය. මල්ය. නෙතෙහි ගල්වන අඳුන්ය. මුව ගල්වන සුවඳය. දෙහි ගස් දඬුය. කවිච්චිය අසල බිම පඩික්කමක් තිබිය යුතුය. ඒ අසල ආභරණ පෙට්ටියක් සහ ඇත් දළයකින් තැනූ ආධාරකයක ඇති වීනාවකි. සිත්තම් ඇඳීමට පුවරුවකි. සුවඳ පිරුණු කලසකි. පොත්ය. කහ අමරන්තා මල් වැල්ය. කවිච්චියට නුදුරින් බිම රවුම් අසුනකි. ක්‍රීඩා භාණ්ඩ කරත්තයකි. දාදු ලෑල්ලකි. මේ කාමරයට පිටතින් කුරුළු කූඩුවකි. එමෙන්ම කපු කැටීමට සහ කැටයමට බඳු දේ සඳහා වෙන් කළ තැන්ද ඇත. උයනෙහි කැරකෙන ඔන්චිල්ලාවක් සහ සාමාන්‍ය ඔන්චිල්ලාවකි. මලින් ගැවසුනු ලතා මණ්ඩපයකි. ඒ අසල හිඳගැනීමට උස්ව සකස් කළ අසුනකි.

    ගෘහපතියා උදේ පිබිදී ශරීර කෘත්‍යයන් ඉටු කළ පසුව, දත් මැද, සිරුරෙහි ආලේපන සහ සුවඳ නිසි පමණ ගල්වා, ආභරණ පැළඳ, නෙත් පියෙහි සහ නෙත් යට අඳුන් ගල්වා, දෙතොල වර්ණ ගන්වා ඔහු දෙස කැඩපතින් බැලිය යුතුය. අනතුරුව බුලත් කොලයක් සමග මුව සුවඳ කරන අනෙක් දේ සපා ඔහුගේ දවසේ ව්‍යාපාර ආරම්භ කළ යුතුය. ඔහු දිනපතා ස්නානය කළ යුතුය. දිනක් හැර දිනක් සිරුරෙහි තෙල් ගැල්විය යුතුය. දින තුනකට වරක් සබන් (හා සමාන යමක්) ගැල්විය යුතුය. දින හතරකට වරක් කෙස් රැවුල් මුඩු කළ යුතුය. දින පහකට හෝ දහයකට වරක් සිරුරේ අනෙක් රෝම මුඩු කළ යුතුය. මේ කිසිවක් අමතක නොකළ යුතු අතර කිහිලිවල දහඩියද ඉවත් කළ යුතුය. චරායනට අනුව පෙර දහවල්, පසු දහවල් සහ රාත්‍රී ආහාර ගත යුතුය. පාතරාසයට පසු ගිරවුන්ට කතා කිරීම පුහුණු කිරීමටත්, කුකුලන් සහ එළුවන් පොරයට පුහුණු කිරීමටත් කාලයයි. සීමිත කාලයක් පිතාමර්දා, විතා, විධූෂක ආදීන් සමග විනෝදවීමට ගත කළ හැකිය. අනතුරු දිවා මැද සැතපීම කළ යුතුය. අනතුරුව නැවත වස්ත්‍රාභරණයෙන් සැරසෙන ගෘහපතියා සවස් කාලයේ මිතුරන් සහ අල්ලාප සල්ලාපයේ ගත කළ යුතුය. සන්ධ්‍යා කාලයේ ගීත ගායනා වලින් අනතුරුව ගෘහපතියා අර පෙරදී සුවඳ ගල්වා සකස් කළ කුටියේ තමන්ගේ මිතුරෙක් සමග රැඳී සිටිය යුතුය. ඒ ඔහු වෙත ආකර්ශනය වූ ගැහැණිය පැමිණෙන තුරුය. නැතහොත් ඔහු කාන්තාවක් අත ඇයට පණිවුඩය යැවිය හැකිය. නොඑසේනම් ඔහුම ගොස් ඇයට කතා කළ හැකිය. ඇය සපැමිණි පසු ඔහු හා ඔහුගේ මිතුරා ඇයව පිළිගෙන ආදරණීය රසවත් සංවාදයෙන් ඇයට ආස්වාදය ලබා දිය යුතුය. දවසේ කාර්යය නිමා විය යුත්තේ එසේය.

    ඉඳහිට විනෝදාස්වාදය සඳහා කළ යුතු දේවල් පහත පරිදිය.
    1. විවිධ දේවතාවන්ට උත්සව පැවැත්වීම
    2. ස්ත්‍රී පුරුෂ සමාගමයන්
    3. මධුසාද
    4. උයන්කෙළි
    5. වෙනත් සමාජ කටයුතු

    උත්සව

    විශේෂ නැකත් දිනවල පුරවැසියන්ගේ සමුළුවක් සරස්වතී කෝවිලට කැඳවිය යුතුය. ගායනා සහ අනෙකුත් හැකියාවන් ඇති නගරයට අලුතෙන් පැමිණි කලාකරුවන්ගේ දක්ෂතා එහිදී පරීක්ෂා කළ යුතුය. එදිනම දක්ෂ අය අගයමින් ත්‍යාග ලබා දිය යුතුය. පැමිණි පුරවැසි සමූහයේ ප්‍රසාදය අනුව ඔවුන් රඳවා ගැනීම නැවත පිටත් කර හැරීම කළ හැකිය. මෙම සමුළුවෙහි පුරවැසියන් සමෘද්ධියේදී මෙන්ම ආපදා සමයේදීත් ප්‍රසංගයන්ට ක්‍රියාකාරීව සහභාගි විය යුතුය. එමෙන්ම අලුතෙන් සමුළුවට එක්වූ අයට ආගන්තුක සත්කාර දැක්වීමද මේ පුරවැසියන්ගේ වගකීමකි. මෙහි දක්වා ඇති කරුණු අනෙක් දේවතාවන් වෙනුවෙන් පවත්වන උත්සව සඳහාද මෙපරිද්දෙන්ම සිදු කළ යුතු වෙයි.

    සමාගමය

    එකම වයසක, තරාතිරමක සහ සමාන දක්ෂතා ඇති, සමාන රුචිඅරුචිකම් සහ සම මට්ටමක අධ්‍යාපනයක් ඇති පුරුෂයන් පුරඟනන් සමග එක්ව හිඳිමින් හෝ පුරවැසියන් කණ්ඩායමක් සමග හෝ ඒ කෙනෙකුගේ වාසස්ථානයක එකිනෙකා සමග සිත්ගන්නාසුලු කතාබහේ නියැලීම සමාගමයක් ලෙස හැඳින්වෙයි. මේ සංවාදයන් කෙනෙකුගේ අඩක් නිමකළ කාව්‍යයක් සම්පූර්ණ කිරීම පිළිබඳ විය හැකිය. නැතහොත් වෙනත් කලාවන් ගැන දැනුම් පරීක්ෂා කිරීම් පිළිබඳ විය හැකිය. ඉතා සුන්දර කාන්තාවන්, පුරුෂයන් කැමති දේට කැමැත්තක් දක්වන කාන්තාවන්, අනෙකුන්ගේ මනස් ඇදගැනීමේ දක්ෂ කාන්තාවන් මෙහිදී ගෞරවයට පාත්‍ර වේ.

    මධුසාද

    පුරුෂයන් සහ ස්ත්‍රීන් එකිනෙකාගේ නිවෙස්වල මධුපාන කළ යුතුය. මෙහිදී පුරුෂයන් විසින් පුරඟනන් හට පානයට අවකාශ සැලසිය යුතුය. අනතුරුව ඔවුන් පානය කළ යුතුය. මධු, ඒරෙය, සුරා, සහ ආසව ආදී තිත්ත මෙන්ම ඇඹුල් පානයනුත් විවිධ දඬු, පළතුරු සහ පත්‍ර මුසු පානයනුත් මෙහිදී භාවිතා කෙරේ.

    උයන්කෙළි

    උදෑසන පුරුෂයන් මනාව හැඳ පැළඳ පුරඟනන් සමග අසුන් පිට උද්‍යාන කරා යා යුතුය. සේවකයන්ට ඔවුන් සමග මේ ගමනට එක්වෙයි. දවසේ කටයුතු එතැන් සිට කිරීමෙන් අනතුරු, වටුවන්, කුකුළන් හෝ එළුවන් කෙටවීම වැනි සිත්ගන්නාසුලු ක්‍රීඩාවන්ගේ යෙදීමෙන් පසු සවස් යාමයේ ඔවුන් නැවත නිවෙස් කරා එන්නේ නෙලාගත් මල්පොකුරුද අතැතිවය.

    ගිම්හාන සමයේදී විසකුරු සහ අනතුරුදායක සතුන් ඉවත් කළ ආරක්ෂිත දිය පහරක ස්නානයේදීද මෙපිරිදිම කාරණා සිදුවෙයි.

    අනෙක් සමාජ ක්‍රීඩා

    දාදු ක්‍රීඩාවේ නියුතු රාත්‍රීන්. සඳ ඇති රාත්‍රීන්හි පිටත සංචාරයන්. වසන්ත සමයේ උත්සව පැවැත්වීම. අඹ කඩන්නට යාම. නෙළුම් දඬු කෑම. ළපටි ඉරිඟු කෑම. දළුලන සමයේදී වනාන්තරවල ඇවිදීම. උදකක්‍ෂවේදික හෙවත් ජලක්‍රීඩා. එකිනෙකා මලින් සැරසීම. කොහොඹ මලින් පහරදීම. ආදී තවත් නොයෙක් රටටම පොදු වූ හෝ ඒ පළාතට විශේෂ වූ ක්‍රීඩා. මෙවන් විනෝදාස්වාදයන් පුරවැසියන් විසින් පවත්වාගෙන යා යුතුය.

    පුද්ගලයෙකු වෛශ්‍යාවක් සමග සිටියදී මෙන්ම වෛශ්‍යාවක විසින් තමන්ගේ සේවිකාවන් සමග හෝ පුරවැසියන් සමග ඉහත විනෝදාස්වාදයන්හි යෙදිය හැකිය.

    විනෝදාස්වාදයන් සඳහා සම්බන්ධවන (කලින් සඳහන් කළ) චරිත පහත පරිදිය.

    පිතාමර්දා යනු ධනයක් නැති, ලෝකයේ හුදකලා වුනු, ඔහුගේ අසුන, පෙණ නගන යම් ද්‍රව්‍යයක් සහ රතු රෙදි කඩක් පමණක් සන්තකව ඇති, උසස් ප්‍රදේශයකින් පැමිණි, සියලු කලාවන්හි දක්ෂ, මේ කලාවන් උගැන්වීමෙන් පුරවැසියන්ගේ සහ පුරඟනන්ගේ ඇසුර ලබන්නෙකි.

    විතා යනු වාසනාවේ ඵලවන් අත්විඳින ලද, ඔහුගේ ප්‍රදේශයේම අය ඇසුරු කරන, ගෘහමූලිකයෙකුගේ ගුණාංගයන් සහිත, බිරිඳක් සිටින, පුරවැසි සමළුවවෙහි සහ පුරඟනන්ගේ ගෞරවය ලබමින් ඔවුන්ගෙන් යැපෙමින් ඒ තැන්හි වෙසෙන්නෙකි.

    විදූෂක නොඑසේනම් වෛහාසක යනු යම් කලාවන් ප්‍රමාණයක් පමණක් දන්නා, සියල්ලන් විසින් විශ්වාස කරන කවටයෙකි.

    මේ අය පුරවැසියන්ගේ සහ පුරඟනන්ගේ ගැටුම් සමථයට පත් කරන්නට ඉදිරිපත් වෙයි. ස්ත්‍රී යාචිකාවන්, හිසමුඩු කළ කාන්තාවන්, අනාචාරයේ හැසිරෙන කාන්තාවන් සහ විවිධ කලාවන්හි නිපුණ වයස්ගත පුරඟනන් සම්බන්ධයෙන්ද මේ කාරණය අදාල වේ.

    මෙපරිද්දෙන් තමන්ගේ ග්‍රාමයේ හෝ නගරයේ වෙසන, සියල්ලන්ගේ ගරුත්වය ලබන පුරවැසියෙක් ඔහුගේ කුලයේ හඳුනාගැනීම වටිනා අයව කැඳවිය යුතුය. ඔහු සාමූහිකව සංවාද කළ යුතු අතර ඔහුගේ මිතුරන් සතුටු කළ යුතුය. විවිධ දේ සඳහා අන් අයට සහාය වීමෙන් අන් අයටද එපරිදිම එකිනෙකාට සහාය වීමට අවස්ථා සැලසිය යුතුය.

    මේ ගැන කියවෙන ඇතැම් ශ්ලෝකයක් පහත පරිදිය

    “සංස්කෘත භාෂාවට පමණක් හෝ අනෙක් ප්‍රාදේශීය භාෂාවකට පමණක් හෝ සීමා නොවී, සමාජයේ විවිධ කාරණා ගැන කතිකා කරන පුරවැසියෙක් උසස් ගෞරවයක් ලබන්නේය. මහජනයා විසින් ප්‍රතික්‍ෂේප කරන, පාලනය වන නීතියක් නොමැති, අනෙකුන්ගේ විනාශය අරමුණු කරන සමාජයන්වල බුද්ධිමතුන් ජීවත් නොවිය යුත්තේය. ජනතාවගේ අරමුණු අනුව ක්‍රියා කරන, තෘප්තිය අරමුණු කරන සමාජයක ජීවත්වන උගත් පුරුෂයා ලෝකයේ ගෞරවයට පාත්‍ර වන්නේය.”

  • යහපත් වලත්තී (දෙවෙනි කොටස)

    යහපත් වලත්තී (දෙවෙනි කොටස)

    Ethical Slut by Jossie Eastern & Janet Hardy

    වලත්තියන්ට ගොඩක් දේවල් ඕන. වෙනස් වෙනස් ලිංගික අත්දැකීම්, වෙනස් මිනිස්සු, සමහර විට පිරිමි සහ ගැහැණු දෙකම. අපි කුතුහලයෙන් පිරිලා. මිනිස්සු හතර පස්දෙනෙකුගේ ශක්තීන් එකතුවුණු එක අනුරාගී ලිංගික අත්දැකීමක් කොයි වගේ වෙයිද? මාත් එක්ක අවුරුදු දහයක් මගේ හොඳම යාලුවා වුනු කෙනා එක්ක කායික අනුරාගී සම්බන්ධයක් කොයි වගේද? මට වඩා ගොඩක් වෙනස් මේ මනුස්සයා එක්ක ඒක කොහොම වෙයිද? අපි සමහර අය එක එක අනුරාගී සම්බන්ධතාවලදි මතුකරන අනන්‍යතා වෙනස් වෙනවා. අපේ බහු අනන්‍යතාවයන් අපිටම මුනගැහෙනවා. සමහර අය ආසයි ෆ්ලර්ට් කරන්න. ඒකෙ ආර්ට් එකට විතරක්ම. සමහර අය සෙක්ස් ආර්ට් ෆෝර්ම් එකක් කරගන්නවා. අපි හැමෝම ආසයි අලුත් දේ සොයා යන්න.

    ඩොසී කෙල්ලෙක් කාලෙදි, එයා වලත්තියක් කියල තාම දන්නෙ නැති කාලෙදි, ඇමරිකාවෙ නාගරිකව මුනගැහෙන විවිධ සංස්කෘතීන්වල අය ගැන ලොකු ඇල්මක් තිබුන. එයා එයාගෙ ලිංගික ගවේෂණය ගැන කියන්නෙ අන්තර් සංස්කෘතික මානව විද්‍යාවේ එයාටම අනන්‍ය වුනු ආකාරයක් විදිහට.

    “මම වෙනස් අලුත් මිනිස්සු මුනගැහෙන්න ආස කළා. මගේ සංස්කෘතියට වඩා හැඟීම් අතින්, ලිංගික අතින් දේවල් එලියට ප්‍රකාශ කරන වෙන සංස්කෘතීන්වල මිනිස්සුන්ගෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මම ජීවිතේ සුන්දරත්වය කිසිදාක නොසොයපු තැන්වල සුන්දරත්වය දකින මිනිස්සු මට මුණගැහුනා. මම හැදී වැඩුනෙ හරිම කුඩා ඒකාකාරී සංස්කෘතියක් පැවතුනු එංගලන්තෙ නගරෙක. හරිම තදයි, සුදුයි, උද්දච්ඡයි. අනෙකාව සොයායාම ඇතුලෙ මට මගේ ප්‍රෝග්‍රෑම් එකේ අවුල්, මගේ සංස්කෘතික බද්ධ සිතීමේ අවුල්වලට උත්තර හොයාගන්න පුළුවන් වුනා. මට වඩා ගැලපෙන අලුත් ආකාර දකින්න පුළුවන් වුනා”

    ඩොසී එයාගෙ ලිංගිකත්වයන් ගැන කරපු නිර්භීත ගවේෂණයෙදි ලොකු අවදානම්වලට මුහුණ දුන්නා. ඒත් එයාට අනුව ඒ අවදානමට වඩා අත්දැකීම වටිනවා. අපි සමහර අයට වලත්තකම කියන එක අපේ අනන්‍යතාවයෙම කොටසක්. ඒ තමයි අපේ හැටි.

    විවෘත ලිංගික ජීවිතයෙන් අපිට ඉගෙන පුළුවන් වැදගත්ම දේ තමයි අපේ ප්‍රෝග්‍රෑම් එක වෙනස් කරන්න පුළුවන් කියන එක. අපේ ලිංගිකත්වය මෙසේ විය යුතුයැයි අපිට උගන්නපු හැම දෙයක්ම ප්‍රශ්න කරමින් අපිට ඒ සියල්ල සංස්කරණය කරන්න හෝ අලුතින් ලියන්න පුළුවන්. පනවා ඇති සීමා බිඳින එකෙන් අපි නිදහස් වෙනවා වගේම තව ශක්තිමත් වෙනවා.

    ගේ -පිරිමි කියල වර්ගයක් ගැන මුලින්ම ඉගෙන ගත්ත කාලෙ කැත්රීන්ට තාම මතකයි.

    “මට අවුරුදු අටක් නවයක් විතර ඇති. හැබැයි ඒ කාලෙත් මට තේරුම් ගන්න පුළුවන් වුනා මට ඇහෙන දේවල්වල යටිපෙල කතාව. මේ මිනිස්සු මගේ සුවපහසු නාගරික පරිසරයට අයිති නැති පිරිසක්. අනික් හැමෝම ඒක වැරදියි කියද්දි මේ අය පිරිමි පිරිමි එක්ක සෙක්ස් කරනවා. ඒ ගොල්ලො කසාද බඳින්නෙ නෑ, එකම කෙනෙක් එක්ක විතරක් සෙකස් කරනවා කියල එකකුත් නෑ. ඒ ගොල්ලොන්ට ඒ ගොල්ලන්ගෙ වෙනම කණ්ඩායමක් හිටියා. ඒ ගොල්ලො තමයි එකට හිටියෙ. අනෙක් අය මේ අයට අකමැති නිසාම ඒ අය එකිනෙකා ගැන වඩා ආදරෙන් බලාගත්තා. මට එකපාරටම හිතුනෙ, මං වගේ මිනිස්සු පිරිසක් කියල. මට මං වලත්තියක් කියල තේරුම් ගන්න අවුරුදු විස්සක් ගියා. බයිසෙක්ෂුවල් කෙනෙක් කියල තේරුම් ගන්න තවත් අවුරුදු දහයක් ගියා. ඒත් ඒ හැමදෙයක්ම යටින් එක අදහසක් තිබුන. මම මගේ ගැඹුරුම තැනින් කියන දේ තේරුම් ගත්තා. ඒකට ප්‍රතිචාර දැක්වුවා”

    වලත්තියකගේ දැක්ම

    වලත්තියකගේ ඇසින් මේ හැමදෙයක්ම පේන්නෙ කොයි විදිහටද? අපි අපිව දකින්නෙ යහපත්කම් සහ වැරදි වගේම විවිධ වූ වෙනස් කම් සහිත තනි පුද්ගලයො විදිහට. අපි සෙකස් වලට කැමතියි. ඒ වගේම වෙනස් වෙනස් මිනිස්සුන්ට කැමතියි. අපි සෙක්ස්වල මලල ක්‍රීඩකයො නෙමෙයි. ඒත් අපි සාමාන්‍ය අයට වඩා සෙක්ස් කරන්න උනන්දු වෙනවා. හොඳ සෙක්ස් කියන්නෙ ලෝක වාර්තා තැබීමක් නෙමෙයි. අපිට සෙක්ස් වටින්නෙ ඒ සෙක්ස්වලින් අපිට ලැබෙන සතුටත්, ගොඩක් වෙනස් සුන්දර මිනිස්සු එක්ක අපිට ගත කරන්න ලැබෙන හොඳ කාලයත් නිසා. අපි කැමතියි ඇඩ්වෙන්චර්ස්වලට. සමහර වෙලාවට ඇඩ්වෙන්චර් කියන එකත් වරදක්. ඒකෙන් එක විදිහකට හිතෙනවා තාම පරිණත වෙලා නැති, විශ්වාස කරන්න බැරි, මොනොගමස් ජීවිතයක ස්ථාවර වෙන්න උවමනාවක් නැති කට්ටියක් කියන එක.
    මොකද්ද ඉතින් එහෙම ගවේෂනය කරන එකේ වැරැද්ද? අපිට ගවේෂනය කරන ගමන් ළමයි හදන්න බැරිද? ගෙවල් ගන්න, අපේ රස්සාවලින් ඉස්සරහට යන්න බැරිද? අනිවාර්යෙන්ම පුළුවන්. වලත්තියන්ට ලෝන් ගන්න පුළුවන් අනිත් හැමෝටම වගේ. අපි කැමතියි ජීවිතේ ටිකක් සංකීර්ණ විදිහට විඳින්න. එක පාර ගොඩක් දේවල් සිද්ද වෙන අපිව ඇදබැඳ ගන්නා ජීවිතයක ඉන්න.

    අපිට කාංසිය ඉවසන්න බෑ. අපිට තියෙන්නෙ ජීවිතයේ තියෙන හැමදෙයක්ම අත්දැකීමේ ආශාව. ඒ වගේම අපිට තියෙන දේ අනිත් අය එක්ක බෙදාගැනීමේ උවමනාව. අපි තමයි හැමෝම විඳින හොඳ අත්දැකීම් වෙන්නෙ.

  • කාම සූත්‍ර – පස්වන කොටස

    කාම සූත්‍ර – පස්වන කොටස

    සූසැට ශිල්පය

    කාම සූත්‍රය සමග පහත කලාවන් හැදෑරිය යුතුය.

    1. ගායනය
    2. වාදනය
    3. නර්තනය
    4. නර්තන ගායන සහ වාදන සංකලනය
    5. ලේඛනය සහ චිත්‍ර ඇඳීම
    6. ටැටූ
    7. සහලින් සහ මල්වලින් සැරසිලි කිරීම
    8. මල් වැවීම
    9. දත්, ඇඳුම්, කෙස්, නිය, ශරීරය වර්ණ ගැන්වීම
    10. වර්ණ ගැන්වූ වීදුරු පොලොවට ඇල්ලීම
    11. ඇඳක් සකස් කිරීම, කළාලයක් එලීම, ආසන සැකසීම.
    12. ජලය පිරවූ වීදුරු වාදනයේ හැකියාව
    13. පොකුණු කලාව
    14. රූප රාමු සැකසීමේ කලාව
    15. මාල, වළලු සැකසීම.
    16. හිස් පළඳනා සැකසීම.
    17. නාට්‍යකරණය
    18. කරාබු සැකසීම
    19. සුවඳ ගැල්වීමේ කලාව

    1. මැණික්, විසිතුරු දේවල් ඇඳුමකට නිසිලෙස ඇමිනීමේ කලාව
    2. මැජික් හෝ මන්ත්‍ර
    3. අතපය වැඩෙහි සුරුබව
    4. ඉවුම්පිහුම් කලාව
    5. විවිධ පානයන් සකස් කිරීමේ කලාව
    6. මැහුම් කලාව
    7. නූල් සහ රෙදිවලින් විවිධ විසිතුරු දේ තැනීම.
    8. ප්‍රහේලිකා විසඳීම.
    9. ගීතයෙන් ගීතය ආකාරයේ ක්‍රීඩා. කෙනෙක් නවතන තැනින් අනෙකා ආරම්භ කළ යුතු.
    10. අනුකරණයේ කලාව
    11. කියවීම. මන්ත්‍ර කීම
    12. අසීරු වාක්‍ය උච්චාරණ කලාව. මෙය ක්‍රීඩාවක් වශයෙන් පුහුණු කළ යුතුය.
    13. කඩුව, දුන්න -ඊතලය සහ රිටි පුහුණුව.
    14. තාර්කිකභාවය
    15. වඩුවැඩ
    16. ගෘහනිර්මාණකරන ශිල්පය
    17. රන් රිදී කාසි ගැන සහ මැණික් ගැන දැනුම.
    18. රසායනය සහ ඛනිජ ගැන දැනුම
    19. පබළු සහ මැණික් වර්ණගැන්වීම
    20. පතල්, කොරි පිළිබඳ දැනුම
    21. ගෙවතු වගාව

    41. කකුලන් එළුවන් පොරට යෙදීම
    42. ගිරවුන්ට කතා කරවීම
    43. සිරුරේ සුවඳ ගැල්වීම
    44. රහස් භාෂා කියවීමේ දැනුම
    45. අකුරු වචන මාරු කරමින් කතා කිරීමේ කලාව
    46. ප්‍රාදේශීය වහර ගැන දැනුම
    47. මල් බඳුන් සැකසීමේ කලාව
    48. ගුප්ත මණ්ඩල ආදී දේ සැකසීමේ කලාව
    49. මානසික අභ්‍යාස. අඩු වචන වාක්‍ය පිරවීම, උඩ යට මාරු කර ඇති ඡේදයන්ගේ අර්ථ වටහාගැනීම ආදිය.
    50. කාව්‍යකරණය
    51. වාග්කෝෂය පොහොසත් වීම.
    52. වේශ නිරූපණය
    53. කලා අධ්‍යක්‍ෂණය
    54. සූදු කෙළිය
    55. මන්ත්‍ර ආදියෙන් අන්සතු දේ අයිති කරගන්නා ක්‍රම
    56. තරුණ ක්‍රීඩා හැකියාව
    57. සමාජ චාරිත්‍ර ගැන දැනුම පුහුණුව
    58. යුද්ධය පිළිබඳ දැනුම
    59. ජිම්නාස්ටික්
    60. දේහ ලක්ෂණ විද්‍යාව
    62. ගණිත සමීකරණ
    63. කෘතිම මල් සැකසීම
    64. මැටි භාණ්ඩ ඇඹීම

    ඉතා හොඳ පිළිවෙලක් සහිත, සුන්දර මෙන්ම අනෙක් උසස් ගති ලක්ෂණවලින් යුත්, ඉහත කලාවන්ගේ නිපුණ, ප්‍රසිද්ධ ගැහැණුන්ට ගණිකා යන උසස් නාමය ලබා දෙන ලදී. ඔවුන්ට පිරිමින් හා සමව සභාවන්ගේ අසුන් පැනවිනි. ඇය රජුගේ ප්‍රසාදයටත් බුද්ධිමතුන්ගේ වර්ණනාවටත් ලක්විය. සියල්ලන් විසින් ඇගේ ඇසුර ඉල්ලා සිටින හෙයින් විශ්වීය ආකර්ශනයක් ඇති වස්තුවක් විය. රාජ කුමාරියක් වුවද , ආමත්‍ය දියණියක් වුවද මෙකී ශිල්ප උගත්තේ නම් ඔවුන්ගේ ස්වාමියන්ට වඩා ප්‍රිය වන්නේය. තව දහසක් කාන්තාවන් ඔවුන්ට සිටියද ඒ අයව නොපෙනී යන්නේය. එමෙන්ම සැමියාගෙන් වෙන්ව තනිවන කාන්තාවකට වුවද වෙනත් දේශයකදී වුවද මෙකී ශිල්පයන්ගෙන් තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගත හැකි වන්නේය. ඒ ගැන දැනීමම වුවද කාන්තාවක් වඩාත් ආකර්ශනීය කරන්නේය. මේවා පුහුණුවේ යෙදවීමට නම් ඒ උචිත අවස්ථා උදාවිය යුතුය. මෙම කලාවන් ප්‍රගුණ කළ, වාග් කෞෂල්‍යයෙන් සහ කාන්තාවන්ට ගරු කිරීමේ පිළිවෙත්වලින් හෙබි පිරිමින් කාන්තාවන්ගේ හදවත පැහැර ගන්නේය. ඔවුන් සමග ඔහු ගත කරන්නේ ඉතා කෙටි කාලයක් වුවද ඔවුන් සතුටින් ඔහුව පිළිගන්නේය.