අද ලෝක යෝග දිනය. යෝග කියන්නෙ සම්බන්ධ වීම, ඒකත්වය කියන තේරුම. යෝග කිව්වම අපිට මුලින්ම මතක් වෙන හථයෝග වුනත් කර්ම යෝග, ඥාන යෝග, රාජ යෝග ආදී තවත් යෝග සම්ප්‍රදායන් තියෙනවා. ඒ වගේම තන්ත්‍ර පැත්තෙන් තන්ත්‍ර යෝග විදිහට හඳුන්වන විශ්වය සමග අපේ ඒකාත්මිකත්වය ඇති කරන පුහුණුවීම් තියෙනවා. හථ යෝග වලදි අපි ගොඩක් වෙලාවට එක ඉරියව්වක ආසනයක බොහෝ වේලාවක් හිඳීම පුහුණු කරන අතර තන්ත්‍රවලදි එක ඉරියව්වකින් අනෙකට චලනය ගැන අවධානය යොදනවා. ඒ වගේම භාවනා, මන්ත්‍ර, ප්‍රාණයාම ආදී සියල්ලත් මේ ශාරීරික පුහුණුව ඇතුලට ගේනවා.
අපි තන්ත්‍ර යෝග කියපු ගමන් හිතන්න පෙළඹෙන්නෙ ලිංගික විලාසයන් ගැන. ඒ බටහිර ගොඩක් ජනප්‍රිය වුනු තන්ත්‍රවල කුඩා කොටසක්. ඒකට කියන්නෙ රක්ත තන්ත්‍ර කියල. තමන්ගේ ප්‍රේමය සමග කයින් එකතු වීමෙන් ඒ ආස්වාදය තුලින් ශාරීරික සීමාවන්ගෙන් ඔබ්බෙහි වූ ඒකත්වයක් සොයායාමේ සාධනාව. අනෙක් කොටසට කියනවා ශ්වේත තන්ත්‍ර කියල. ඒ පුහුණුව තියෙන්නෙ තනිවම. තමන් තුලින් තමන්ව සොයාගෙන යාමෙන් විශ්වය සමග ඇති ඒකත්වය අවබෝධ කරගැනීමේ සාධනාව. තමන් තුල මේ සෙවීම ප්‍රගුණ කළ කෙනෙකුටයි ප්‍රේමාන්විතයා සමග සම්භෝග සමාධියට යන්න පුළුවන් වෙන්නෙ. ශ්වේත යෝග කියන්නෙ තමන්ට ප්‍රේම කිරීමේ අභ්‍යාසයක් විදිහටත් දකින්න පුළුවන්.
තන්ත්‍ර යෝග ගැන ගොඩක් කතන්දර සම්බන්ධ වෙන්නෙ පරිපූර්ණ විඥානය මූර්තිමත් කරන ශිවට. තන්ත්‍රවල බොහෝ පුහුණුවීම් සහ උපදෙස් ලැබෙන්නෙ ශිවගෙන් පාර්වතීට. පාර්වතී අහන ප්‍රශ්නයකට උත්තරයක් විදිහට. ඒවා ආදර සංවාද.
ශිව පාර්වතී ආදරය ගැන කතාවත් හරිම ගැඹුරු තේමාවන් ස්පර්ශ කරන එකක්. ඒක පටන් ගන්නෙ මෙහෙම.
ශිව ගැඹුරු ධ්‍යානයකට සමවැදිලා බොහෝ කාලයක් එකම ඉරියව්වෙන් භාවනාවේ ඉන්නවා. ඒත් ශිව කියන්නෙ මේ විශ්වයේ එක්තරා විශේෂ කාර්යයක් භාර කෙනෙක්. ලෝකයට අවශ්‍ය නොවෙන දේවල් ඉවත් කිරීම, විනාශ කිරීම සිදු කරන්නෙ ශිව. එතකොට ශිව මේ විදිහෙ උග්‍ර භාවනාවලට ගියාම ලෝකයේ සමතුලිතබව නැති වෙනවා. හැමදේකම පාලනයක් නැති වෙනවා. ඉතින් දෙවිවරු කලබල වෙනවා.
ඒ අයට ඕන වෙනවා ශිවගේ දැහැන බිඳින්න. ඒක කරන්න පුළුවන් එක විදිහයි තියෙන්නෙ. ඒ තමයි ශිව ආදරයෙන් මුසපත් කරන එක.
මේක කරන්න පුළුවන් එක්කෙනයි දෙවිවරු දන්නෙ. ඒ තමයි මහා මාතාව ශක්ති. එයා ඉන්නෙ එයාගෙ කඳුවැටියක. දෙවිවරු ගෞරව සම්ප්‍රයුක්තව ඉල්ලා සිටිනවා ශක්තිගෙන් ශිවගේ මනුෂ්‍ය පෙම්වතිය වෙන්න කියල.
ඇය කියනවා මගේ පෙම්වතා වෙන්නෙ ශිව නම් මම ඔහු වෙනුවෙන් කාලය සහ අවකාශය අතරට යන්නම්. මම ඔහුගේ සදාතනික පෙම්වතිය වෙන්නෙම්, කියල.
ඇය කඳුකර රජෙකුගේ දියණියක් විදිහට මනුස්ස රූපයකින් ඉපදෙනවා. කඳුකර දියණිය කියන අදහස ඇතුව ඇයට පාර්වතී නම ලැබෙනවා. අවුරුදු දාසයක් ගතවුනු තැන පාර්වතී ශිව භාවනා කරන අසපුවට යන්න ගන්නවා. එතන වතාවත් කරනවා. භාවනා කරනවා. වැඩිවෙලාවක් ශිව දෙස බලාගෙනම ඉන්නවා. ඒත් ශිව නෙමෙයි එකවරක්වත් දෑස් විවර කර බලන්නෙ.
මේක දකින දෙවිවරු කලබල වෙනවා. මේ ආදරයට ජම්ප් ස්ටාර්ට් එකක් දෙන්න කල්පනා කරනවා. ඒ ගොල්ලො ආශාවට අධිපති කාම කැඳවනවා. කාම ළඟ තියෙනවා උක්දඬුවලින් හදපු මල් හී පහක්. ආශාව ඇති කිරීම, සිත වියවුල් කිරීම, ආශාවෙන් ඇවිලීම, පිපාසය සහ විනාශය කැඳවීම කියන්නෙ ඒ හී පහට කරන්න පුළුවන් වැඩ. එයා දෙවියන්ගේ ඉල්ලීම අනුව ශිවගේ හදවතට මල් හීයක් විදිනවා.
ඒ හීයෙන් ශිව ආශාවෙන් පිරී යනවා. කාම ගින්නෙන් දැල්වෙනවා. එයා ඇස් ඇරලා බලද්දි සුන්දර පාර්වතී එයාගෙ ඇස් දිහා බලාගෙන ඉන්නවා.
ඒත් මේ නිකම්ම අන්ධ වෙන පෙම්වතෙක් නෙමෙයි. ශිවට සැක හිතෙනවා මේ හැඟීම ගැන. මේක සැලසුමක් කියල හිතනවා. එතකොට එයා කාම දකිනවා.
මුගෙ අම්මට… කියල තුන්වෙනි ඇස විවර කරන සැනින් කාම එතනම අළුවෙලා වැටෙනවා. ශිව ආපහු දැහැනට සමවදිනවා. ආදරය අමතක කරනවා.
පාර්වතී දැනගන්නවා තමන්ට තිබුණු අවස්ථාව ගිලිහුනු බව. එයා යෝගිනියක් වෙනවා. උග්‍ර ව්‍රතයන් පුරන්න පටන් ගන්නවා. තනි පයින් සීත හිම මත අවුරුදු ගණන් හිටගෙන මන්ත්‍ර කියනවා.
ඕම් නමහ් ශිවාය ශිවාය නම ඕම්..
මේ ව්‍රතයේ බලයෙන් මුලු පරිසරයම උණුසුම් වෙන්න ගන්නවා. ශිවට තමන්ගේ දැහැනේ ඉන්න බැරි තරමට උණුසුම දැඩි වෙනවා. ශිව එයාගෙ ඇස් ඇරලා බලනවා. මේ උණුසුමට හේතුව පාර්වතී බව දකිනවා. ඒ ඇගේ ආදරයේ අරගලය බව තේරුම් ගන්නවා. ඇගේ හිත තවත් පරීක්ෂා කරන්න ශිවට ඕන වෙනවා.
එයා රාජ කුමාරයෙකුගේ වෙස් අරගෙන පාර්වතී මුනගැහෙන්න යනවා. පාර්වතී දුටු ගමන් ඇගේ රුව වර්ණනා කරනවා. ඇගේ හදවත පැහැර ගත් පෙම්වතා කවුද කියල විමසනවා.
ඇය ශිවගේ නම කියනවා.
අයියෝ, ඔයාට අර කන්දක් උඩ ඉන්න මිනිහද? එයාට පවුලක් ගැන හැඟීමක්වත් නෑ. කොච්චර කාලයක් තිස්සෙ තනියම ඔහොම ඉන්නවද. ගොඩක් වෙලාවට හෙළුවෙනුත් ඇවිදිනවා. ඔයාට පුළුවන් නෙ විෂ්නු වගේ ඔයාව සැපෙන් සුවෙන් තියන්න පුළුවන් කෙනෙකුගෙ පෙම්වතිය වෙන්න. මේ පිස්සු හිඟන්නෙක් පස්සෙ යන්නෙ නැතුව.
රාජ කුමාරයා කියනවා. මේකට පාර්වතීට හොඳටම තරහ යනවා. ඇගේ ඇස්වලින් ගිනි පිටවෙනවා.
ශිවට පවුලක් නැත්තෙ ශිව සම්මතය සහ ආකෘතිය ඉක්මවා පවතින නිසයි. ශිව නිරුවතින් ඉන්නෙ ඔහු පිරිසිදු විඥානයම හැර අන් කිසිවක් නොවන නිසයි. මම ආදරය කරන්නේ ඒ කන්ද උඩ ඉන්න පිස්සාටම විතරයි.
මෙයින් ශිවගේ ආදරය ගැන සැක හැරෙනවා. ඔවුන් පෙම්වතුන් වෙනවා. කෛලාශ කූටය ඔවුන්ගේ ප්‍රේමයේ අසපුව වෙනවා. අවුරුදු 33000ක් එක දිගට ශිව සහ පාර්වතී රමණය කරනවා. ඒ රමණය අතර තුර විරාමයේදී ඔවුන් සත්‍යය ගැන සංවාද කරනවා. තන්ත්‍ර කියන්නෙ ඒ රමණ අතර සත්‍යය සොයන සංවාදයට.
හරියටම කිව්වොත් තන්ත්‍ර කියන්නෙ පාර්වතීගේ කොට්ටෙ උඩ වැතිරිලා මහායෝගී ශිව කියන විශ්වයේ ඒකාත්මිකතාවය ගැන කතන්දර.
තන්ත්‍ර යෝග බිහිවුනේ අන්න එතනදි කියලයි මිත්‍යා කතාවල කියන්නෙ.