අපි නිතරම අහන කතාවක් තමයි දැන් අපි ඉන්නෙ ලිංගිකව මාර දැනුවත් සහ නිදහස් යුගයක කියන එක. කොටින්ම සෙක්ස් ගැන තව කතාකරන්නවත් දෙයක් නෑ කියල තමයි කියන්නෙ. ඒ කියන විදිහට අපි මේ වෙද්දි සෙක්ස් කියන එක කිසි අමුත්තක් නැතුව බාරගන්න ඕන. ඒ වචනෙ ඇහුන ගමන් අමුතු කිචියක් දැනෙන්න බෑ. සෙක්ස් ඉස්සරහ අපි වික්ටෝරියානු ගති හෝ ලැජ්ජාශීලී ගති පාන්න බෑ.

අපි මේ ලැබුවා කියන නිදහස ගැන සම්මත කතාන්දරය මෙහෙමයි. ලෝකය පුරාම අවුරුදු දහස් ගානක් ආගම සහ සම්ප්‍රදාය කියන දරුණුම එකතුව විසින් සෙක්ස් කියන දේ වටේට වරදකාරීත්වයක් සහ අවුලක් නිර්මාණය කරලා තියෙනවා. මාස්ටර්බේට් කළොත් ඒ අත ගැලවිලා වැටෙයි කියල හිතුවා. කෙල්ලෙකුගෙ කකුලක් දිහා බලපු පවට ඒ අයව තෙල් කටාරමක පැහෙයි කියල විශ්වාස කළා. ක්ලිටෝරිස් එක හෝ ලිංගික ප්‍රාණවත් වීම ගැන කිසි දෙයක් ඒ කාලෙ දැනගෙන හිටියෙ නෑ. ඒ පැවැත්මම විහිළුවක්.

ඔන්න පළවෙනි ලෝක යුද්ධය සහ ස්පුට්නික් 1 ගුවන්ගත කරන කාලය අතරතුර දේවල් තරමක් හොඳ අතට හැරුනා. බිකිනි අඳින්න පටන් ගත්තා. මාස්ටර්බේෂන් කියන එක පිලිගත්තා. සමාජයේ එලිමහනෙ මුඛ සංසර්ගය ගැන කතා කරන්න පුළුවන් වුනා. පෝර්න් බලන්න පටන් ගත්තා. මානව ඉතිහාසෙ පුරාම කිසි හේතුවක් නැතුව අවුලකට අර්බුදයකට හේතු වුනු සෙක්ස් කියන මාතෘකාව ගැන මිනිස්සු ටිකක් සුවපහසු වුනා. සෙක්ස් කියන එක ප්‍රයෝජනවත්, ශාරීරිකව යහපත්, හරියට ටෙනිස් සෙල්ලං කරනවා වගේ දෙයක් වුනා. ළමයි නින්දට ගියාට පස්සෙ බුර්ෂුවා පවුල් ඇතුලට ලැජ්ජාවක් නැතුව සෙක්ස් ඇතුල්වුනා.

මේ කියන නැරටිව් එක බැලුබැල්මට ආස්වාදනීය වුනාට ඒකෙන් ඇත්ත කාරණය යටපත් කරනවා. අපි තාමත් සෙක්ස් ගැන හොඳටම අවුල්, ලැජ්ජාවෙන, අමුතු විදිහට බලන ජීවිත කියන එක. කොයිතරම් සරල දෙයක් වෙන්න නියමිතව තිබුනත් සෙක්ස් කවදාවත් ආදරය වගේ හැමෝම විවෘතව බාරගන්නා දෙයක් වුනේ නෑ. ඒක හැමදාම සංකීර්ණ, යටපත් කරන විෂයක් වුනා.

ඇත්තට කතා කළොත් අපි කවුරුවත් සෙක්ස් දිහා සෙක්ස් විදිහට බලන්නෙ නෑ. ඉතාම ප්‍රීතිමත් ක්‍රීඩාවක් විදිහට, කිසි වරදක් නැති පිරිසිදු සුන්දර දෙයක් විදිහට අපි අවංකව ඒක බාරගන්නෙ නෑ. අපි විශ්වීය විදිහටම සෙක්ස් ගැන අමුත්තකින් ඉන්නෙ. මොකද අපිට සාමාන්‍ය කියල දෙයක් ගැන විකාරරූපී අදහසක් තියෙනවා. අපි ගැන හොඳ විදිහට හිතන්න ඕන කියල අපි බලාපොරොත්තු වෙන කිසි කෙනෙක් එක්ක අපි සෙක්ස් ගැන කතා කරන්නෙ නෑ. පෙම්වතුන් පවා උවමනාවෙන්ම සෙක්ස් හංගගන්න උත්සාහ කරනවා. තමන්ගේ ආශාවන් ගැන නිදහසේ කියන්න බය වෙනවා. අනෙකා විසින් තමන්ව ප්‍රතික්‍ෂේප කරයි කියල හිතනවා. ආදරය හෝ අවංකකම කියන දෙකෙන් අපි වැඩිදෙනෙක් ආදරය තෝරගන්නවා. ඒ හින්දම අපි යටපත් කරන අපේ ලිංගිකත්වය අපේ ජීවිතේ හැමදාම හොල්මන් කරන්න ගන්නවා. ඒත් අපි මැරෙනකල් සමහර දේවල් කතා නොකර හිරකරගෙන ඉන්නවා.

කරන්න සිද්ද වෙන දේ පැහැදිලියි. අපි අපේ ඇත්ත, අපි ආදරය කරන අයට කියන්න විදිහක් හොයාගන්න ඕන. ඒ අයව තිගස්සන්නෙ, බයකරන්නෙ නැතුව. අපි සෙක්ස් කියල විඳින්න කැමති මොනවද කියන එක අනිත් කෙනා එක්ක බෙදාගන්න ඕන. සමහර විට ඒක වෙන කෙනෙක් එක්ක සෙක්ස් කිරීමක් වෙන්න පුළුවන්, සමහර විට ගෝල්ඩන් ෂවර් නැත්තං උණුසුම් මුත්‍රාවලින් නැහැවීම වෙන්න පුළුවන්, අපි ඒ දේ අපේ ආදරය ඇතුලට ගේන්න භාෂාවක් නිර්මාණය කරන්න ඕන.

මෙතන තියෙන අර්බුදය තමයි අපි සාමාන්‍ය විදිහට පෙනී සිටින අතරෙ අපේ අවංක ලිංගික ආශාවන් අත්පත් කරගැනීම කියන එක. මේ දෙක එකිනෙකට ගැටෙනවා. මේ සාමාන්‍ය විදිහට ඉන්න අවශ්‍යකම විසින් අපිව දැඩි විදිහට පෙලනවා. මේ සාමාන්‍ය කියන්නෙ නිරන්තරයෙන් ඉවසනසුලු, සැලකිලිමත්, ප්‍රජාතාන්ත්‍රික, බුද්ධිමත්, හැමෝටම ගෞරවනීය විදිහට සලකන, විශ්වාසනීය චරිතයක් විදිහට පැවතීම. ඒත් අපේ සෙක්ස් ලෑස්ති නෑ ඒ සාමාන්‍යයට අවනත වෙන්න.

රොමාන්තිකවාදයෙන් අපිට උගන්නපු සම්බන්ධතා ස්වරූපය එක්ක මේ බෙදීම දිගටම පවත්වාගෙන යන්න අපිට සිද්ද වෙලා තියෙනවා. රොමැන්තිකවාදයෙන් කියන්නෙ සෙක්ස් ලස්සන, පිරිසිදු, ස්වභාවික දෙයක් විදිහට ආදරය යටතේ පවත්වාගන්න පුළුවන් කියල. එකම කෙනෙක් එක්ක සෙක්ස් කරමින් ජීවිත කාලයක් ගත කරන්න පුළුවන් කියල. ඒක අහන් ඉන්නකොට ලස්සනයි. අතනින් මෙතනින් එහෙම කීප දෙනෙක් ඉන්නත් පුළුවන්. ඒත් සෙක්ස්වල සාමාන්‍යය ඒක නෙමෙයි. ඒක නිසා අපිට අපි ආස දේ ගැන ලැජ්ජාවෙන් ජීවත් වෙන්න වෙලා තියෙනවා.

මේ අපේ මනස කැළඹෙන ඇත්ත ලැයිස්තුවකින් කීපයක්.

1. අවුරුදු කීපයකට වඩා එකම කෙනෙක් ගැන ලිංගික ආකර්ශනයක් ඇතිවීම අස්වාභාවිකයි. කොයිතරම් ආදරය වුනත් ලිංගික ආකර්ශනය අඩුවෙන එකයි ස්වාභාවික වෙන්නෙ. (මෙතනදි ස්වභාවිකයි කියන්නෙ බහුතරයක සාමාන්‍ය තත්වය කියන එක)

2. එක කෙනෙකුට හදවතින් ආදරය කරන අතර වෙන කෙනෙක් සමග ලිංගිකව හැසිරීමට ආශා කිරීම ඉතා සරල බහුතර ඇත්තක්.

3. කෙනෙක් ඉතා වැදගත්, නිවුනු, ප්‍රජාතන්ත්‍රවාදී සමාජ පෞර්ෂයක් දරන අතර ලිංගික ජීවිතයේදී රිදවනසුලු, පරපීඩාකාරී, හෝ අවමන් ලබන පීඩිත පෞර්ෂයකින් තෘප්තිමත් වෙනවා විය හැකියි.

4. ස්ත්‍රී පුරුෂ ලිංගික පාර්ශ්ව දෙකම ගැනත් පවුලේ අය අතර ව්‍යභිචාරයන් ගැනත් සෙක්ස් ෆැන්ටසීස් පැවතීම ඉතාම සාමාන්‍යයි. ඒ වගේම නීතියෙන් සම්මතයෙන් පිට, තහනම් ඇසුරන් ගවේෂණයට පෙළඹීමත් කොහෙත්ම ආසාමාන්‍ය චර්යාවක් නෙමෙයි.

5. අකමැතිම අයගෙන් ලිංගිකව උත්කර්ෂය ලැබීම පහසුවෙන්න පුළුවන්. ඒ වගේම ආදරය කරන අයගෙන් අසීරු වෙන්නත් පුළුවන්.

මේවා නිකං අඩමානෙට කියන කතා නෙමෙයි. මේ තමයි ඇත්ත මනුස්ස ස්වභාවය. සමාජය විසින් සාමාන්‍ය මනුස්සයා කියලා මවාපාන බොරුවට බාහිර පැවැත්ම. සුරතාන්තයට පත්වුනු ගමන් ගොඩක් වැදගත්බව නඩත්තු කරන මහත්වරුන් කලබල වෙනවා නැවත මොහොතකින් තමන්ගෙ සමාජ ප්‍රතිරූපයට මාරුවෙන්න හදිස්සියට. තමන්ගේ ගෞරවය සහ පිළිගැනීම සමග ආශා ජීවිතය ගලපාගන්න බැරිවීමේ භීතියෙන් සමාජයේ බොහෝ දෙනෙක් දුක්විඳිනවා.

සෙක්ස් කියන එක ලස්සන කරලා වැදගත් විදිහට ඉදිරිපත් කරන්න හදන උත්සාහය සාර්ථක වෙන එකක් නෙමෙයි. ඒක හැමතිස්සෙම කාරුණික, ප්‍රජාතන්ත්‍රවාදී එකක් නෙමෙයි. පාවාදීම්, කුරිරුකම්, අපචාරී හැසිරීම්, අපවාදී ශෘංගාරයන් සෙක්ස්වල තියෙනවා. සෙක්ස් කැමති වෙන්නෙ නෑ ආදරයට එහා පැත්තෙන් අසුන් අරගෙන විනීතව ඉන්න. අපි කොයිතරම් දමනය කරන්න හැදුවත් අපේ ආශාවන් අපිට හිතාගන්න බැරිතරම් විපරීතයි, ප්‍රතිවිරෝධයි, අපේ වටිනාකම් පාවාදෙනසුලුයි.

මේ හින්ද අපි තේරුම් ගන්න ඕන දේ තමයි නිකං වචනවලින් කිව්වට ලිංගික නිදහස කියන එක එහෙම ලේසියෙන් අත්පත් කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. බිකිනියක් අඳින්න හරි හෙළුවෙන් යන්න හරි තියෙන නිදහසට වඩා ලොකු පරාසයක් එතන තියෙනවා. අපි තාම ලැජ්ජාවෙන් කූඩුවෙලා සීමාවෙලයි ඉන්නෙ. අපි ආදරය කියල බොරු ගොඩක් කරන අතරෙ ඉන්නෙ. ඇත්ත ලිංගික නිදහස කියන්නෙ අපේ ඇතුලෙම අපිට අභියෝගයක්. අපිට තියෙනවද අපේ ඇත්ත ආශාවන් විවෘතව බාරගන්න පුළුවන් තරමෙ නිදහස් පෞර්ෂයක්? නිදහස් මිනිස් සම්බන්ධතා ? අපේ හිතේ පතුලෙ තියෙන දේ ගැන අවංක වෙන තැනින් ඕන මේ වැඩේ පටන් ගන්න. සමහර විට අද රෑට.