ආදරේ කියන්නෙ මහ පුදුම දෙයක් කියලා මට නිතර හිතෙනවා.
මනුස්සයෙක්ට ජීවිත කාලෙ එකම එක වතාවක් හරි ඇට මිදුලු වලටම දැනෙන ආදරයක් තියෙන්න ඕනෙ.
අපිට අපි කවුද කියලා හරියටම දැනෙන්න, ජීවිතේ කොච්චර නපුරුද වගේම ලස්සනද දැනෙන්න,
හිත ආදරයක් නිසා විනාස වෙලා හැදෙන්නම ඕනෙ.

මම ඔයාව මුලින්ම හම්බවෙන්න ආපු දවසෙ ආවෙ,
අවුරුදු 6ක ආදර කතාවක අවසානයට පස්සෙ,
Brown Alice විදිහට.
ඒ අවසාන වුන ආදර කතාවෙ කතා නායකයා ගැන,
තව ටිකක් දුරට කියන්න හිතුනා ඔයත් එක්ක අද..

එයයි මමයි යාලු වුන විදිහ මම ගොඩක් කලින් දවසක ඔයත් එක්ක කියලා තියෙනවා,
අපි හම්බවුනේ, ආශ්‍රය කලේ, ඇමෙරිකාවේ එන්න කලින් ලංකාවෙදි ගිය college එකකදි.
අපි හොඳම යාලුවෝ වුනා,
ඒ යාලුකම දුර දිග ගියා විතරයි ඇත්තටම.

අපි ආශ්‍රය කරන්න පටන් ගන්නකොට, එයාට ඉස්කෝලේ කාලෙ ඉඳලා යාලු වෙලා හිටිය girlfriend කෙනෙක් හිටියා, මටත් boyfriend කෙනෙක් හිටියා,
මට නම් තිබුනෙ එහෙම serious සම්බන්ධකමක් නෙමෙයි,
ඒක break up වුනාට පස්සෙ, තව තව පොඩි පොඩි සම්බන්ධකම් මට තිබුනා.
ඒ හැමදෙයක්ම මගෙ ජීවිතේ වෙනකොට, එයාට හිටියෙ ඒ girlfriendම විතරයි.
එයයි, මමයි, හරිම ආදරණීය යාලුවෝ වුනා විතරයි.

එයාගෙ රට යන්න ලෑස්ති වෙන වැඩ හැමදේමත් එක්ක, ජීවිතේ ටික ටික වෙනස් වෙනස් ගත්තා.
ඉක්මනින් ඉක්මනින් වෙනස් වෙන ජීවිත එක්ක,
පොඩි කාලෙ පටන් ගත්ත ආදර කතා වලට බර දැනුනා වැඩි වෙන්න ඇති.
ඒ දෙන්නා break up වුනා.
රට යන්න ඉන්න අස්සෙ, හිත කඩාගෙන බැරි වුනත්, එයාට වෙන කරන්න දෙයක් තිබුනෙ නැහැ.
මට තාම මතකයි, college එකට ඇතුල් වෙන තැන පඩිපෙල උඩ ඉඳගෙන එයා මගෙත් එක්ක අඬපු හැටි.
මට හරිම දුක හිතුනා.
ආදරේ නිසා අඬන කොල්ලෙක් දැක්කම, වෙන මොනා හිතෙන්නද?

අඩන්න, බනින්න, හිතේ තියෙන දේවල් ඔහේ පිට කරන්න,
මගෙ ජීවිතේ එයාට මම හරිම සැප පහසු තැනක් දීලා තිබුනා.
හරිම නිදහසේ එයාගෙ හැඟීම් එතන එයා පිට කලා,
අපි එන්න එන්නම ලං වුනා.

අපිට නොදැනීම අපි ආදරේ කරන්න පටන් අරන් තිබුනා,
කොහොම කවදා උනාද කියන්න මම දන්නෙ නැහැ,
දවසක් අපි kiss කලා.
ආත්ම ගානක ඉඳලා අපි kiss කරනවා කියලා දැනෙන තරමට ඒ තොල් හුරුපුරුදු වුනා.

එයා රට යන්න හිටියෙ මට කලින්.
තව ටික කාලෙකින් එයා මගෙන් ඈත් වෙනවා කියලා හිත දන්න නිසාද මන්දා,
දවස් යන්න යන්න අපි තව තව බැඳුනා.
මට එයාව නැතුව බැරි වුනා.
එයාව kiss නොකර බැරි වුනා.
මට හැමදාම එයාව දකිනකන් ඉවසිල්ලක් නැති වුනා.
ඒ වෙනකන් මම date කරපු වෙන කිසි කෙනෙක් එයා තරමට තදින් මට දැනිලා තිබුනෙ නැහැ.
මේ ගැන මගෙ යාලුවෝ සාක්ශි දරයි, මම ජීවත් වුනේ වෙනමම ලෝකෙක,
මටවත් හිතාගන්න බැරි තරමට මම එයාට ආදරේ කලා.

එයයි මමයි ගැලපුන තැන් ගොඩක් තිබුනා වගේම මම එයාගෙ ආකර්ශනය වුන හරිම සියුම්, ඉඳලා හිටලා මිනිස්සුන්ට පිහිටන ජාතියෙ ගතිගුණ එයාගෙ චරිතෙ තිබුනා.
මගෙ ජීවිතේ කිසිම දෙයක් එයා judge කලේ නැහැ,
මගෙ රහස් එයා ළඟ හරි පරිස්සමට තිබුනා.
එයා එන්නෙ මම එන ජාතියේ පවුලකින් නෙමෙයි වුනත්,
එයා මම එන වටපිටාව තේරුම් ගන්න හැමවෙලේම උත්සහ කලා.

අපි ලංකාවෙ යාලු වෙලා හිටියෙ කාලෙ පොඩි කාලයක් වුනත්, ඒක හරිම සුන්දර කාලයක්.
එයාගෙ තිබුනා හම්බෙන හැම දවසකම මොනාහරි මට දෙන පුරුද්දක්,
මහ ලොකු තෑගි නෙමෙයි, එක්කො පොඩි key tag එකක්, chocolate එකක්, මොනාහරි පොඩි දෙයක්.
සමහර දවසට දෙන්න දෙයක් නැත්තන්, bus ticket එකේ මොනාහරි ලියලා හරි දෙනවා.
මගෙ ළඟ තාමත් memory box එකක් පිරෙන්න එයා දීපු අනං මනං පොඩි පොඩි මතක තියෙනවා.

එයාට හොඳ fashion sense එකක් තියෙනවා.
එයත් ලස්සනට අඳිනවා වගේම, මටත් වඩා මට ලස්සනට ඇඳුම් තෝරන්න එයාට පුලුවන්.
මම ගවුම් අඳිනවට තමයි ආසම,
ඒ නිසා අරන් දීලා තියෙන්නෙම ගවුම් විතරයි.

එයා මාව ඒ දවස්වල හැම සයිවර් කඩේකටම කන්න එක්කක් ගිහින් ඇති.
කොටුවෙ මුලින්ම කඩවල් ගානෙ මාව ඇවිදින්න එක්කන් ගියෙත් එයා.
ලංකාවෙ ඉන්න කාලෙ අපි දෙන්නා ගිය dates අදටත් ජීවිතේ මම ගතකරපු ආසම දවස්.
මම පළවෙනි පාරට කෝච්චියක ගියෙත් එයත් එක්ක.
පළවෙනි පාරට කරපු ගොඩක් දේවල් මම කලෙ එයත් එක්ක.
පළවෙනි පාරට sex කලෙත්!
ඒ ගැන කියන්නම් වෙනමම දවසක..
ඒ විතරක් නෙමෙයි,
මගෙ මුලු ජීවිතේම වෙනස් කරපු weed වලට මාව මුණගස්සන්නෙත්, එයා.
එයාගෙ අතින් මාව හැඩවුන වුන තරම් මෙච්චරයි කියලා කියන්න බැහැ.

අපි ඒ දවස්වල ලංකාවෙ නිතරම වගේ ගිය තැනක් තිබුනා beach එක අයිනෙ, පැය ගානට කාමර දෙන.
පැය 4කට රුපියල් 3000ක් වගේ ගානක් වුනේ එතකොට මට මතක හැටියට.
පොඩි ඇඳක් තියෙනවා, A/C කරලා, tv එකක් තියෙනවා.
එහෙම තනි වුන වෙලාවල් වල,
එයා මාව kiss කරපු හැම පාරකම,
මාව අතගාපු, අල්ලපු, හැම සැරයක් ගානෙම,
මගෙ මුලු ආත්මයටම පණ එන්න ඇති,
ඇඟේ හැම නහරකටම අලුතෙන් ජීවිතේ දැනෙන්න පටන්ගන්න ඇති,
මට එයාව, ඒ ආදරේ, දැනුන හැටි ඊට වඩා කොහොම ඔයාට විස්තර කරන්නද කියලා තේරෙන්නෙ නැහැ.

එයා හරිම sexy විදිහට හුස්ම ගන්නවා horny වුනාම.
ඉවසන්නම බැරි වුනාම, ගොරවනවා, ගොදුරක් ලැබුන ගමන් සතෙක් වගේ.
මම එයාගෙ අනිත් ආසම දේ තමයි, ඒ අත් දෙක,
අත් දෙකේ නහර පේන එකට.
dick එකේ වගේම.
එයාගෙ හැඩරුවත් මාව පිස්සු වට්ටලා තිබුනෙ.
ඒ රැවුල, ඇස් දෙක, හිනාව ඉඳලා හැමදෙයක්ම.

එයා හරිම කලබලයි, මාව විඳින්න කලබලයි.
අපිට මහ ලොකු වෙලාවක් නැති නිසා,
පොඩි වෙලාවකින් උපරිම විඳින්න හදන නිසා වෙන්න ඇති,
මාව කවුරුහරි අරන් යයි වගේ එයා කලබලයි.
ඒ නොඉවසිලිමත් කමට මම පුදුම විදිහට ආස වුනා.
ආස වුනා විතරක් නෙමෙයි, ඇබ්බැහි වුනා.
මම එයාට ආදරේ කරපු තරමට, එයා ආදරේ කරන විදිහ කොයි විදිහ වුනත්,
මම ඒකට අනිවාර්යයෙන්ම අවනත වෙනවා.
මම හිතන්නෙ නැහැ එයත් එක්ක මට කිසිම සීමාවක් තියෙයි කියලා,
එයා කැමති Bondage sex වුනත්, cuckold වුනත්, මොන විදිහක sex වුනත්,
මම ඒකට කැමති වෙයි.
එයා සතුටු වෙන හැටි බලලා මම උපරිම සතුටක් ලබයි, එයාගෙ සතුට මගෙ කරගෙන මම විඳියි.

එයාට මාව ඕනෙ වෙන හැටි බලන එක තරම් මාව turn on කරන හැඟීමක් ඒ වෙද්දි මට දැනිලා තිබුනෙ නැහැ.
රතු වෙනකන්, ඉවරයක් නැතුව මාව kiss කරනවා.
බෙල්ලෙ ඉඳන් මුලු පපුවම, boobs උඩ හැමතැනම රතු වෙනකන් ඉඹිනවා.
කන්න පුලුවන් වුනා නම් මාව කන තරමට එයා horny වෙනවා.
පැය ගනන් මාව ලෙවකනවා.
අදටත්, sex වලදි, මම ආසම ඇඟවල් එකට අඳුරගන්න ඒ කාලයට,
Foreplay එකට.
හරියට මැජික් එකක් වගේ.
Sex කරන්න ඕනෙ, වෙන කරන්නම දෙයක් නැති තැන,
දැන් නම් ඇතුලට එන්න එන්න කියලා ඇඟ බැගෑපත් වෙවී ඉල්ලනකොට විතරමයි!

මේ කියන කාලෙ, Sex කලේ නැහැ අපි,
එයාට ඕනෙ වුනා නම්, sex කරන්නත් තිබුනා.
නමුත්, ඒකට මම ඉස්සර වුනේ නැති නිසා, එයා වුනෙත් නැහැ.
මම virgin කෙනෙක් වුන නිසා වෙන්න ඇති, මුලින්ම sex කරන එක මගෙ තීරණයක් කියලා එයාට හිතෙන්න ඇති.
හම්බුන හැම දවසකම, එයාගෙ dick එක මගෙ ඇඟ ඇතුලෙ උණුහුම වින්ඳෙ නැති වුනාට, ඒ ඇරෙන්න අනිත් හැමදේම අපි කලා,
Best foreplay ever.
එයා කලේම මගෙ මුලු ඇඟම අතගගා kiss කරපු එක.
කකුල් තමයි වැඩිපුරම.
අපි උපරිමේටම අපිව වින්දා.

මෙහෙම අතීතය මතක් කරනකොට තේරෙන දෙයක් තමයි,
කෙනෙක්ගෙ ඇඟක් එක්ක බැඳෙනකොට, තමන්ගෙ ඇඟ තව කෙනෙක්ගෙ පහසට, ස්පර්ශයට හුරු වෙනකොට ඒක ඇබ්බැහියක් වෙන හැටි.
ඒකෙන් ගැලවෙන එක ඊට පස්සෙ ලේසි දෙයක් වෙන්නෙ නැති හැටි.

අපිව විඳලා ඉවර වුනාට පස්සෙ, හවස් වෙනකන් අපි මුහුද අයිනෙ ඔහේ කතා කර කර ඇවිදිනවා.
එයා කියන විස්තර අහන් ඉන්න මම ආසයි.
අපේ dates කිසිම විදිහකින් මහ ලොකු වියදම් ගිය ඒවා නෙමෙයි.
හරිම සරල වුනත්, හිත පතුලටම දැනුන සුන්දර දවස්.
මම ආදරේ කියලා දැක්කෙම අපි අපිට කැමති වුන එක විතරයි,
මම එයාගෙ පැවැත්මට ආස කලා, එයාගෙ ජීවිතේට ආස කලා, එයාගෙ දඟකාර කමට, කියාගන්න බැරි තරම් ආදරේ කලා.

College එකේදි මට එක එක හේතු වලට රට යන්න ඉන්න අය මුණගැහුනා.
ඒ අතරෙ, එයා යන්න හිටියෙ, එයාගෙ බාෂාවෙන් කියනවා නම්, ගේමක් ගහන්න.
මට රට යන්න ඕනෙ වුනේ එහෙම කිසි දේකට නෙමෙයි,
මානසික නිදහසක් ලබන්න,
මගෙ පාඩුවෙ ජීවත් වෙන්න.
ඒත් එයාගෙ ජීවිතේ ඒ තරම් සරල වුනේ නැහැ, එයාට තිබුනා කොහොමහරි ගොඩ ඇවිත් අම්මලට සලකන්න ඕනෙ, ඒගොල්ලොන්ට ගෙවල් දොරවල් හදලා දෙන්න ඕනෙ, යුතුකම් කරන්න ඕනෙ වගේ දේවල්.
එයාගෙ අම්මාට එයා ඇරෙන්න වෙන ලෝකයක් තිබුනෙ නැහැ.

අපි දෙන්නගෙ මේ හැම දෙයක්ම පරස්පර වුනාට,
ආදරේ දැනුන විදිහ විතරක් එක විදිහ වුනා.
මම ඒ නිසා හිතුවා වෙන කිසි දෙයක් අපිට වැඩක් වෙන්නෙ නැති වෙයි කියලා.
පොඩි ගෑනු ළමයෙක්, ආදරේ ගැන හිතන විදිහ කොයිතරම් නම් සුන්දරද, නේද?

කොහොමහරි, එයා රට යන්න ඉන්න දවසුත් ටික ටික ලං වුනා.
Visa interview එක දවසෙ,
එයා ඉවර වෙලා එනකන් මම embassy එකෙන් එළියට වෙලා බලාගෙන හිටියා.
එළියට ආපු ගමන් එයා කලේ මාව බදාගත්ත එක.
පුදුම සතුටකින් එයා හිටියෙ.
කිසිම වචනයක් කිව්වෙ නැති වුනාට, එයාගෙ සතුට මාව බදාගත්ත විදිහෙන් මට දැනුනා.

‘මම දන්නවා ඔයාට කවදාවත් වරදින්නෙ නැහැ කියලා, Congratulations!’
මම එයාව kiss කලා.

අපි අත් අල්ලගෙන ඇවිදගෙන ගියා ගෝල්ෆේස් එක පැත්තට.
ටිකක් වෙලා කතා කර කර ඉඳලා එන්න.
මගෙ ළඟ තාම තියෙනවා මම එදා ගත්‍ත එයාගෙ ආසම photo එකක්.
Interview ඇඳන් ගිය සුදු shirt එකයි, එයාගෙ nerdy කණ්නාඩි දෙකයි පිටින්,
ඉස්සෝ වඩේ කන හැටි.

වීසා ලැබුන වෙලාවෙ ඉඳලා කැඩිච්ච රෙකෝඩර් එකක් වගේ එයා මගෙන් ඇහුවෙ එකම දෙයයි.

‘කියන්න, එනවා නේද මම යන දිහාවටම?’

‘අම්මයි තාත්තායි යවන්න ඉන්නෙ නැන්දා ළඟට නෙ. කොහොමද මම කියන්නෙ එහෙ යන්නෙ නැතුව ඔයා යන තැනට යන්න ඕනෙ කියලා. යාලුයි කිව්වොත් යන්න දෙන්නෙම නැති වෙයි’

‘මම ඒවා දන්නෑ, මොනාහරි කියන්න. මට ඔයාව ඕනෙ’

මට හිනත් යනවා එයා කියන විදිහට.
ඒ හිතුවක්කාර කමට තමයි මම එයාගෙ ආසම.

එයා අන්තිමේදී යන දවසත් ආවා.
එදා තමයි මුලින්ම මම smart phone එකක් ගත්ත දවස.
එයා ගියාට පස්සෙ, තනියෙන් දවස් ගෙවලා දාන එක මට එන්න එන්නම අමාරු වුනා.
Phone එකෙන් විතරක් එයාව දකින එක ඉවසගන්න බැරි වුනා.
එයාව miss වෙන එක දරාගන්නම බැරි වෙනකොට,
එයා ගිය තැනට යනවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් තේරුනෙ නැහැ.

‘හිරු මල් දෑතේ සඟවා
වලා රොදක නැගිලා
සත් සමුදුරුම කළඹාලා
ඔබ වෙතට එනවා…!’

ම්ම්ම්..
කලුවරත් වෙලා නේද?
ඔයාට යන්නත් පරක්කු වෙනවා ඇති.
පේනවානෙ එයා ගැන කතා කරන්න ගත්තම ඉවරයක් නැති හැටි.
එදත් එහෙමයි, අදත් එහෙමයි.
ඉතින් හිතෙන්නෙම මට,
පුදුම නැද්ද ආදරේ?