Tag: human

  • වික්ටිමයිසේෂන්වලට එරෙහිව අතීතයක අයිතිය

    වික්ටිමයිසේෂන්වලට එරෙහිව අතීතයක අයිතිය

    ලංකාවෙ අවුරුදු 16ක කොල්ලෙක් අවුරුදු තිස් ගාණක ගුරුවරියක් එක්ක සම්බන්ධයක් පවත්වලා. ඒ ගුරුවරිය එක්ක වාර ගණනාවක් හෝටල්වලට ගිහින්. දැන් ඒ කොල්ලට අවුරුදු 20ක්. වෙනත් ප්‍රේම සම්බන්ධයකුත් පවත්වගෙන යනවලු. මේ කොල්ලා අර ටීචර් තමන්ව අපහරණය කළා කියල නඩුවක් දානවා. ඔය ප්‍රවෘත්තිය නිව්ස් සයිට්වල පලවෙනවා.

    මෙතනදි වැදගත් කාරණයක් තමයි අවුරුදු 16 කියන්නෙ ලිංගික සම්බන්ධතා පැවැත්විය හැකි වයසක් කියන එක. අනික ලංකාවෙ ජීවත් වුනු තරුණයො බහුතරයක් පිලිගන්නවා මේක තමන්ගේ ෆැන්ටසියක් බව. ඒ කියන්නෙ යම් කෙනෙකුට බලහත්කාරයක් සිදුවෙන්න බෑ කියන එක නෙමෙයි. නමුත් සමාජ සංස්කෘතික බලය තියෙන්නෙ ඒක විඳින්න බලාගෙන ඉන්න ෆැන්ටසියක් කියන එකට.

    එතනදි අපහරණයක් හෝ බලහත්කාරයක් සිදුවුනත් අවුරුදු හතරකට පස්සෙ නැවත හැරිලා මේ විදිහට නඩු පැවරීම අර ඇමරිකාවෙ ජනප්‍රිය වුනු මීටූ රැල්ලෙන් ආපු ලෙඩක්. යම් කාරණයක් ගැන තමන්ට අවුරුදු ගානක් ගතවෙලා හිතෙන දෙයින් අර අතීතයට වරදකාරීත්වයක් පවරන්න බෑ. ඒක ඒ මොහොතෙ දෙන්නෙක් අතර සිදුවුනු ගනුදෙනුවට සහ ඒ කාලයට සාපේක්ෂයි. මෙතනදි සම්බන්ධතාවය වදයක් වීම නිසා හෝ වෙනත් කාරණයක් නිසා මේ තරුණයා පලිගන්න යනවා කියන එකටයි වැඩි සම්භාවිතාවක් තියෙන්නෙ.

    මේ ගැන පෝස්ට් එකක් ලියද්දි මං ඒක ටිකක් සැරට ලිව්වා. ඒකට හේතුවමත් සංස්කෘතිකව අධිපති කතිකාව තේරුම් ගන්නෙ නැතුව ළදරු මානසිකත්වයක් මවාපෑම ගැන තියෙන විරෝධය. වෙන විදිහකට කිව්වොත් කෙල්ලෙක් වැඩිහිටි පිරිමියෙක් අතින් අතවරයට ලක්වීම සහ කොල්ලෙක් වැඩිහිටි කාන්තාවක් අතින් අතවරයට ලක්වීම කියන්නෙ එකම සංස්කෘතික කතිකාවක් නෙමෙයි. කොල්ලා සහ කාන්තාව අතර සම්බන්ධයේදී කොල්ලාව වික්ටිම් කෙනෙක් නැත්තං පීඩිතයෙක් හැටියට හඳුනාගැනෙන සමාජ මානසිකත්වයක් නෑ. ඒක හොඳ තත්වයක් විදිහටයි මං දකින්නෙ. අපි හැම තැනකම වික්ටිම් මෙන්ටැලිටියක් ක්‍රි‍යේට් කිරීම නෙමෙයි කළ යුත්තෙ. වික්ටිම් මෙන්ටැලිටි එක සංස්කෘතිකව පවතින තැනත් වෙනත් ආකාරයකට පරිවර්තනය කිරීමයි විය යුත්තෙ. අද පොලිටිකලි කරෙක්ට් සදාචාරවාදීන්ගේ උවමනාව වෙන්නෙ සමාජයේ හැම තැනකම වික්ටිම්ස්ලා නිර්මාණය කිරීම. ඒක හානිකර තත්වයක්.

    මෙතනට අදාලව මං මගේ අතීතයේ සිදුවීමක් සිහිපත් කළා. පහේ පංතියෙදි මම අපේ පංතියෙ ළමයින්ට කසාද බැන්දට පස්සෙ කරන දේ කියල දෙන්න යනවා. ගලපටලය යනුවෙන් ඇති යමක් පුරුෂ ලිංගය ඇතුල් කිරීම නිසා සිඳී යනවා කියල මම උන්ට කියලා දෙනවා. මෙතන හිටපු නාහෙට නාහන එකෙක් මේ ගැන පංතියේ ටීචර්ගෙන් විමසනවා. ටීචර් මාව කැඳවනවා. ඊට පස්සෙ අම්මලටත් එන්න කියනවා. මගේ ආශ්‍රයන් ගැන හොයලා බලන්න කියනවා. කවුන්සලර් කෙනෙකුට පෙන්නන්න කියනවා. එතකල් සති අන්තෙ ටීචර්ගෙ ගෙදර එන්න කියනවා.

    මේ සති අන්තය අමුතු එකක් වෙනවා. ටීචර් මාව නොයෙක් විදිහට ස්පර්ශ කරන්න ගන්න අතර ඇගේ නිරුවත් ප්‍රදේශ මට ස්පර්ශ කරන්නත් ඉඩ දෙනවා. ඉතාම කුලෑටියෙක් වුනු මං මේකෙන් බය වෙනවා. නමුත් ටීචර් කොහෙත්ම බලහත්කාරයක් විදිහට මාව පීඩාවට ලක්කිරීමක් සිදු කරන්නෙ නෑ.

    මං මේ ගැන ඉස්කෝලෙ යාළුවන්ට කියනවා. ඒ වෙද්දි මගේ යාළුවන්ට මීට වඩා රසවත් අත්දැකීම් උන්ගෙ ගෙවල්වල තිබුන. මං තමයි තරමක් පිටිපස්සෙන් හිටියෙ. මේ කතාව අහන උන් මාව නෝන්ඩි කරනවා. ඒ අවස්ථාව ගැන උද්දාමයට පත්වෙනවා. මේ දිරිගැන්වීමත් එක්ක මං තව සති අන්ත කීපයක් ටීචර්ලගෙ ගෙදර යනවා. ඊට පස්සෙ මට මේක ඇතිවෙනවා. මං ගෙදරට ටීචර් හරි අමුතුයි කියල කියනවා. ගෙදර අය ඊට පස්සෙ මාව යවන්නෙ නෑ. ටීචරුත් ආපහු කවදාවත් මගෙන් මොකුත් අහන්නෙ නෑ. ඔය අතරෙ අපේ පංති මාරු වෙනවා.

    මේ අත්දැකීම සමහර විට පහේ පංතියෙ කෙනෙකුට ලොකු බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඒත් මට මේක රෙජිස්ටර් වෙලා තියෙන්නෙ ඉතාම සුන්දර අත්දැකීමක් විදිහට. ඒකට බලපාන්නෙ සංස්කෘතිය කියලයි මං හිතන්නෙ. මේ සිදුවීම මහා භයානක දෙයක් නෙමෙයි විදිහට බාරගන්න වටපිටාවක් මට තිබුන. කොල්ලෙක් සහ ටීචර් කෙනෙක් අතර ෆැන්ටසිය මට තිබුන. ඒ හින්ද වික්ටිම් කෙනෙක් වෙනුවට මට ලැබුනෙ ජයග්‍රාහී ස්වභාවයක අත්දැකීමක්.

    මං ඕක පෝස්ට් එකක සටහන් කරන්නෙ මේ වික්ටිම් මෙන්ටැලිටියට විරුද්ධව. නීතිය සහ සදාචාරය පවතින්නෙ මං මේ කියන දේට පිටින් සහ එය අභියෝග කරමින්. ඒත් මිනිහෙකුට තමන්ගේ ජීවිතය නීතියෙන් සහ සදාචා‍රයෙන් ඔබ්බට දකින්න හැකියාවක් තියෙන්න ඕන. ඩෙනිස් පෙරේරා මේකට කියන්නෙ ආචාර ධාර්මික තලයෙන් දැකීමේ හැකියාවක් පැවතිය යුතුයි කියල.

    නීතිය සහ සදාචාරය කියන්නෙ මේ කාලයට අනුරූප දෙයක් විතරයි. ඒක මිනිස් පැවැත්ම එක්ක සම්බන්ධ කාරණයක් නෙමෙයි. අපි යම් සිදුවීමක් දිහා ඊට අදාල අයගෙ පුද්ගලික වපසරිය තුලින් තේරුම් ගැනීමක් කරද්දි අපිට මේ පැවැත්ම ගැන සාධකය මුනගැහෙනවා. එතකොට අපි බ්ලැන්කට් විදිහට අපචාර, අපහරණ චෝදනා ඇතුලෙන් ඒක බලනවා වෙනුවට ඇත්ත පවතින සංස්කෘතික සාධකවලට සාපේක්ෂව ඒ දිහා බලනවා. අපේ සියල්ල නිවැරදි කිරීමේ බයස් එක හෙවත් අන්තගාමීබව වෙනුවට අපි ඒක මනුස්ස ගනුදෙනුවක් හැටියට දකින්න උත්සාහ කරනවා. එතනදි යමෙකුට හානියක් බලහත්කාරයක් සිද්ද වෙලා තියෙන්නත් පුළුවන්, නොතිබෙන්නත් පුළුවන්. ඒත් බ්ලැන්කට් අර්ථකතන නැතුව අපි ඒ සිද්ධිය විශේෂව හඳුනාගෙන ජීවිතය ඇතුලෙන් ඒක කියවන්න උත්සාහ ගන්නවා.

    ඒ වෙනුවට දැන් කරන්නෙ අපි ළඟ තියෙන අර්ථකතනවලින් ජීවිතවලට දමාගැසීමයි. ජීවිත වාරණය කිරීමයි. සංස්කෘතික තහංචි පැනවීමයි. ඇත්තට පවතින සංස්කෘතික සමාජ කාරණා නොතකා හරමින් වෙන රටකින් ආනයනය කළ මිනුම් දඩුවලින් අපේ මිනිස් සම්බන්ධතාවලට සීමා නිර්ණය කිරීමයි.

    මේ සියල්ල පිටුපස ඇති බරපතල කාරණය ලිංගිකත්වය ගැන රිග්‍රෙසිව් ආකල්පයයි. ලිංගිකත්වය පොසිටිව් දෙයක් විදිහට බාරගැනීමෙන් මේ අර්බුද ගණනාවකට ලැබිය හැකි පිළියමට බාධා කිරීමයි. ලිංගිකත්වය හොඳ සතුටු දෙයක් හැටියෙන් බාරගන්නා සමාජයක අතවරයකට ලක්වෙන දරුවෙකුට දැනෙන පීඩාව අඩුයි. මේ ගැන මං කාලයකට කලින් අපේ වෙරල තීරයේ දරුවන් එක්ක පර්යේෂණයක් පවා කළා. අපි විසින් අතවරය යැයි හඳුන්වන දේ ඒ අයගෙ ජීවිතවල එහෙම ඛේදනීය අත්දැකීම් වුනේ නෑ. මෙතනදි අවධාරණය කරන්න ඕන මේ කතා කරන්නෙ කොල්ලන්ගේ ජීවිත ගැන විතරයි කියන එක. ඒකට හේතුව කෙල්ලෙකුගේ ජීවිතය ගැන සංස්කෘතික කතිකාව ඉතාම පසුගාමී එකක්. ඕනෑම දේකින් අතවරයට අපහරණයට ලක්විය හැකි පෙති සිඳී යා හැකි මලක් හැටියටයි කෙල්ලෙක් ගැන ප්‍රතිරූපය නිර්මාණය වෙලා තියෙන්නෙ. ඒක ඉතාම හානිකර තත්වයක්.

    ඒ වගේම මෙතනදි අදහස් කරන්නෙ නෑ හැම කෙනෙකුටම මේක හොඳ විදිහට බලපානවා කියල. ඒ ඒ පුද්ගලයා අනුව මේ බලපෑම වෙනස් වෙනවා. නීතිය හෝ සදාචාරය වෙනස් කිරීමේ උවමනාවක් මට කොහෙත්ම නෑ. නමුත් ඒ ඇතුලෙ සිදුවෙමින් පවතින විකාරයට විවේචනයක් මට තියෙනවා.


    චින්තන ධර්මදාස

  • ට්‍රිප් එකක් යන්න එනවද ?

    ට්‍රිප් එකක් යන්න එනවද ?

    මිනිසාගේ පැවැත්මේ තේරුම මොකක්ද, ඒකෙන් කාට හෝ තියෙන ප්‍රයෝජනය මොකක්ද කියල අචල සොලමන්ස් පෝස්ට් එකක් දාලා විමසලා තිබුන. මේක ඉතිං අතිදාර්ශනික ප්‍රශ්නයක්නෙ. එක්කො දර්ශනයෙන් නැත්තං ආගමෙන් මිනිස්සු මේ ප්‍රශ්නෙට උත්තර හොයනවා. ඒ ගැන චන්දන ප්‍රසන්න මෙහෙම අදහසක් ලියලා තිබුන.

    “තේරුම” කියන්නෙත් මිනිස්සු විදියට අපි හදාගත්ත සංකල්පයක් නිසා අපෙන් බාහිර ව “තේරුමක්” කියල එකක් (අඩු තරමේ අපි මේ “තේරුම” කියල හිතන ජාතියෙ තේරුමක්) හොයන එක තේරුමක් නෑ, මම හිතන්නෙ.

    හැබැයි අපි දැනට දන්න විදියට මෙහෙම “තේරුමක්” ගැන හිතන්න පුළුවන් එකම සත්ත්ව වර්ගය අපි නිසා, එහෙම හිතන්න බැරි අනිත් සත්ත්ව වර්ග ජීවත්වෙන එකේ තේරුම මොකක්ද කියල බලන එකෙන් පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්.

    පේන විදියට උන්ගෙ පැවැත්⁣මෙ එකම “තේරුම” පැවැත්ම ම තමයි: ජීවයක් විදියට නොනැසී පැවතීම සහ තමන්ගෙන් පස්සෙ ඒ ජීවය තවදුරට ගෙනියන්න පුළුවන් ජීවියෙක් බිහිකිරීම. Survival and breeding.

    හැබැයි උන්ට ඒ ක්‍රියාවලිය ප්‍රශ්නකරන්න බෑ. ස්වභාවික ඉවකින් ඒක කරගෙන යනව විතරයි.

    හැබැයි අපි මිනිස්සු විදියට භාෂා ලෝකයක් හදාගෙන තියෙන නිසා අපට පුළුවන් මේවා වියුක්ත සංකල්ප විදියට අරන් මේ විදියට කතාකරන්න. ඒ වගේ ම ඕන නම් අර ස්වභාවික ඉවෙන් කියන දේට වෙනස් දෙයක් කරනව කියල තීරණය කරන්න.

    දැනට අපි දන්න විදිය⁣ට මේ වගේ ඇබ්ස්ට්‍රැක් කන්සෙප්ට් හිතන්න පුළුවන් ගාණට භාෂාවක් හැදෙන්නෙ දැනට අවුරුදු ලක්ෂෙකට විතර කලින්. ඒ කියන්නෙ පරිණාමික ඉතිහාසයත් එක්ක ගත්තොත් අපි තාම “ඇටෙන් පොත්තෙන් එළියට ආවා” විතරයි. පොඩි ළමයෙක් මුලින් ම වචන කීපයක් ඉගෙනගත්තම වගේ අපි මේ විදිය⁣ට ඒ සංකල්ප එක එක විදියට පාවිච්චි කරන්න ට්‍රයි කරමින් ඉන්නවා.

    ඉතිං මම හිතන්⁣නෙ “ඇටෙන් පොත්තෙන් එළිය⁣ට ආපු ගමන්” නිසා අපට තාම මේකේ තේරුම මොකක්ද වගේ දේවල් තේරුම්ගන්න අමාරු නම්, තියෙන සේෆ් ම ඔප්ෂන් එක තමයි අපි මීට කලින් පැවතුණු විදිය, එහෙම නැත්තම් අනිත් සත්තු දැනටත් පවතින විදිය ගයිඩ්ලයින් එකක් විදියට තියාගෙන හෙමීට ඉස්සරහට යන එක. මිනිස්සු විදියට (කවද හරි, පුළුවන් වුණොත් ) අපට මේක ගැන මීට වඩා ස්ථිරසාර අදහසක් නිර්මාණය කරගන්න පුළුවන් කාලයක් එනකල්. මොකද පැවැත්ම ගැන, පැවැත්මේ තේරුම ගැන කතාකරන්න නම් ඔක්කොටම කලින් අපි පවතින්න එපායැ.

    ඒ කියන්නෙ අපට පේන විදිය⁣ට අනිත් හැම සතෙකුගෙ ම පැවැත්මේ “තේරුම” ඒ සත්ත්ව වර්ගයේ, එහෙම නැත්නම් ජීවයේ අඛණ්ඩ පැවැත්ම නිසා, මිනිස්සු කියන සත්ත්ව වර්ගයේ සහ සමස්තයක් විදියට ජීවයේ අඛණ්ඩ පැවැත්ම තහවුරු කරන එක තමයි අපේ පැවැත්මේ අල්ටිමේට් “තේරුම” කියල අපට හිතන්න පුළුවන්. අඩු තරමේ ඊට වඩා සෑහීමකට පත්වෙන්න පුළුවන් “තේරුමක්” හොයාගන්නකල්.

    චන්දනගෙ අදහස හරිම මැදිහත් උද්දච්ඡ නැති එකක්. පැවැත්මේ තේරුම හොයන්න යනවා වෙනුවට පැවැත්ම තුලින් පැවැත්මට තේරුම් තනා ගැනීම. ඒ තේරුම් සමග පරිණාමය වීම. මට හිතන්නෙ පැවැත්ම යනු කුමක්ද කියන ප්‍රශ්නය අහන නැරටිව් එකේ අර්බුදයක් තියෙනවා කියල. ආර්ට් යනු කුමක්ද කියල අහන කතිකාවෙම දිගුවක් ඒක. ආර්ට් එකක් කුමක්ද යන අදහසක් දෙන්න බෑ. ඒක අර පණිවුඩ දෙන කලාව. ආර්ට් එකක් කියන්නෙ ආත්මීය විඳීමක්. ඒ විඳීම ඇසුරෙන් අපිට විවිධ සංකල්ප නිර්මාණය කරගන්න පුළුවන් . ඒත් ඒකෙන් ඒ ආර්ට් එක විස්තර වෙන්නෙ නෑ. ඒක විඳීමක්. ඒ විඳීම බෙදාගන්න පුළුවන් . ඒත් කුමක්ද වර්ගයේ භාෂාත්මක මැදිහත් වීමකින් ඒකට කිසි දෙයක් කරන්න බෑ, දේශපාලන මුහුණුවරක් දෙනවා ඇරුනම.

    එහෙම කරන එකේ කිසි වරදක් නෑ. ඒත් ඒක පැවැත්මේ ස්වභාවය කියන දාර්ශනික ප්‍රශ්නයේ පැවැත්ම පවත්වාගෙන යන්න කරන දායක වීමක් විතරයි. අපි හොයන්නෙ අර්ථයක් නම් ඒ අර්ථය අපිට නිපදවා ගන්න පුළුවන් . ජාතිය ගොඩනැගීම, පරපුර රැකගැනීම , නිවන් අවබෝධ කරගැනීම මේ ඕන තේරුමක් අපිට නිර්මාණය කරන්න පුළුවන් . ඒ නිර්මාණය ඇතුලෙ අපිට නිර්මාණාත්මක පැවැත්මක් ගොඩනගන්න පුළුවන් . ඒ වගේ පැවැත්මන් අනන්ත සංඛ්‍යාවක් එකවිට අතිපිහිත වෙමින් පවතිනවා. අපි ඒකට ජීවිතය කියල කියනවා. ඒ ජීවිතය විඳලා ඉවර කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක ට්‍රිප් එකක්.

    ට්‍රිප් එකක තේරුම මොකක්ද ? එහෙම එකක් අහන්නෙ කවුද ?

  • කින්සිගේ විප්ලවය

    කින්සිගේ විප්ලවය

    Sexual Behavior in the Human Male

    ඇල්ෆ්‍රඩ් කින්සි කියන්නෙ සෙක්ස් කියන විෂයෙ මහා පිපිරුම. ෆ්‍රොයිඩ් එක පැත්තකින් ලිංගිකත්වය සම්බන්ධ මානසික කලාපය එලිපෙහෙලි කරගෙන එද්දි කින්සි සමාජ විද්‍යා ක්ෂේත්‍රයෙ මේ පුපුරුවා හැරීම කරනවා. ඒක වෙන්නෙ 1948 කින්සි විසින් ලියන සෙක්ෂුවල් බිහේවියර් ඉන් ද හියුමන් මේල් කියන පොතත් එක්ක. අද අපි ගත කරන ඉන්ටරේනෙට් සහ පෝර්න් යුගයෙ ඉඳන් බලද්දි මේ පොත කිසිම කම්පනයක් ඇති කරන එකක් නෙමෙයි. ඒත් 1940 ගණන්වල ඇමරිකානු සමාජයට ඒ ප්‍රකාශනයෙ කම්පනය බරපතල එකක් වුනා. ඒ කාලෙ ඇමරිකාව තිබුනෙ අද ලංකාව යන්න උත්සාහ කරන තැන. තනිකරම වික්ටෝරියානු සදාචාරය සමාජය රෝගී කරමින් තිබුන. ඒ කාලෙ ෆිල්ම් එකකවත් නිදන කාමරයක් පෙන්නන්න පුළුවන් වුනේ නෑ. ඒ නිදන කාමර දර්ශනවලදි හැමතිස්සෙම ඇඳන් දෙකක් තිබුන. එක ඇඳක නිදාගැනීම සංඥා කිරීම පවා අශ්ලීල වුනා. සිපගැනීමේ දර්ශනයක් චිත්‍රපටියක පෙන්නනවා නම් එක කකුලක් පොලොව ස්පර්ශ කරමින් තිබීම අනිවාර්ය වුනා. ඒක තමයි ශිෂ්ටත්වයේ මායිම. ෆිල්ම්වල සෙක්ස් පෙන්නුවෙම නෑ. ඒ වෙනුවට වැසි කුණාටු අකුණු වගේ ඒවා තමයි රූපවල තිබුනෙ.

    ඒ කාලෙ තිබුන සෙක්ස් සම්බන්ධයෙන් ලියවුනු ජනප්‍රිය පොතක්. ඒකෙ නම ද අයිඩියල් මැරේජ්. ඒ කියන්නෙ පරමාදර්ශී විවාහය කියන එක. ඒක ලියන්නෙ තියඩෝර් වෙල්ඩික් හෙන්ද්‍රික් වැන්දිවොල්ට් කියන ඕලන්ද ජාතික ගයිනොකොලොජිස්ට් කෙනෙක්. මේක ලියන්නෙ 1926දි. මෙන්න මේ පොතත් එක්ක සංසන්දනය කරද්දි අපිට තේරුම් ගන්න පුළුවන් කින්සිගේ වැඩේ තියෙන විප්ලවකාරීබවේ තරම.

    මුලින්ම මේ පොතේ නමම අයිඩියල් කසාදයක් කියන එක. ඒ කියන්නෙ එහෙම කසාදයක් තියෙනවා කියල පොතේ මුල් පිටුවෙන්ම අපි පිලිගන්නවා. ඒක තනිකරම ක්‍රිස්තියානි ආගමික දෘෂ්ටිවාදයක්. සැමියෙකුගේ සහ බිරිඳකගේ යුතුකම් ඒකෙ පරිච්ඡේද විදිහට බෙදා දැක්වෙනවා. හරියට අපේ සිඟා‍ලෝවාදෙ වගේ. අවසානයේ මේ පිලිවෙත් පිලිපැදීමෙන් ලබන සතුටුදායක කසාද ජීවිතයක් පිළිබඳ සිහිනය ඒකෙ තියෙනවා.

    කින්සි එයාගෙ පිරිමියෙකුගේ ලිංගික චර්යාව පොත අතාරින්නෙ මේ පසුබිම උඩට. එයාගෙ පොතේදි එයා කිසිම සදාචාරමය ආස්ථානයක් ගන්නෙ නෑ. ඒක විද්‍යාත්මක එළඹුමක් වෙන්නෙම මේ හින්ද. අද ලංකාවෙ දොස්තර කෙනෙක් මොකක් හරි දෙයක් ගැන කතා කරත් ඒක කරන්නෙ සදාචාර එළඹුමකින්. හොඳ නරක කියල බෙදා වෙන්කිරීමකින්. ඒක විද්‍යාව නෙමෙයි. විද්‍යාවෙ කිසිම දෙයක් හොඳ හෝ නරක වෙන්න බෑ. සභ්‍ය හෝ අසභ්‍ය වෙන්න බෑ. ප්‍රකෘති හෝ විකෘති වෙන්න බෑ. ඒ විදිහෙ අර්ථකතනයක් එනවා කියන්නෙම ඒක විද්‍යාත්මක නෑ කියන එක. අර අයිඩියල් මැරේජ් එකේ තිබුණු ආගමික ආස්ථානය ගන්නවා කියන එක.

    කින්සි ඒ වෙනුවට ඒ මිනිස්සුන්ගෙ ඇත්ත ලිංගික ඉතිහාසයන් එකතු කරන්න ගන්නවා. කිසිම විනිශ්චයකින් තොරව සියල්ල වාර්තා කරනවා. ඒක පිටු 850ක දැවැන්ත පොතක්. ඒ පොතේ මිනිස්සු 6300ක ලිංගික ඉතිහාස කතාවන් අඩංගු වෙනවා. විවිධාකාරයේ අයගෙන් කින්සි දත්ත එකතු කරනවා. පිම්පියන්, හිරගෙවල්වල ඉන්න මිනිසුන්, සමලිංගිකයන්, ද්විලිංගිකයන්, පීඩ‍ොෆයිල් අය එක්ක පවා එයා සාකච්ඡා කරනවා.

    ඒ අයගෙ මාස්ටර්බේෂන්, කසාදයට පෙර ලිංගික සම්බන්ධතා, කසාදයේ ලිංගික සම්බන්ධතා, කසාදයෙන් බැහැර ලිංගික සම්බන්ධතා, විකල්ප ලිංගික සම්බන්ධතා, අසාමාන්‍ය චර්යා ආදී සියල්ල ගැන තොරතුරු ලබාගන්නවා. මෙතනදි සිද්ද වුනු වැදගත්ම දෙයක් තමයි අර අයිඩියල් මැරේජ් කියන පොත ලියන විට උපකල්පනය කළ සමාජය යතාර්ථයක් වශයෙන් නොපවතින බව ඔප්පු වුනු එක. එක එක අයගේ විවිධාකාර ලිංගික චර්යාවන් සහ ආශාවන් හෙලිදරව් වුනා. තමන්ගේ වෙනස්කම තමන්ට පමණක්ම ඇති දෙයක් නෙමෙයි ඒ හා සමාන තවත් මිනිසුන් ඉන්න වග මිනිස්සුන්ට තේරුනා. ආගමෙන් සදාචාරයෙන් මවා පාන සමාජය ඇත්තක් නෙමෙයි කියන එක පැහැදිලි වුනා.

    ලිංගිකත්වයේ ඇති විචිත්‍රත්වය සහ අප්‍රමාණ විවිධත්වය කින්සිගෙ පොතෙන් විදහා පෑවා. ඒ තමයි පළවෙනි වතාවට මිනිස්සුන්ගේ ලිංගික ජීවිතය සමාජයක් ඉදිරියේ වාස්තවික දත්ත හැටියෙන් නිරුවත් වුනු මොහොත. කින්සි තමන්ගේ වාර්තාවෙ කිසි තැනක ප්‍රකෘති විකෘති වගේ බෙදා දැක්වීම් කළේ නෑ. ඒ වෙනුවට ටිපිකල්, ඒටිපිකල් ‍වගේ යෙදුම් වලින්, ඒ කියන්නෙ ආකෘතික සහ ආකෘතියෙන් පිට වැනි වචන යොදාගෙනයි එයා මේ සමාජ වර්ගීකරණය ‍කළේ. කිසිම විදිහකින් ආචාර් ධර්මීය විනිශ්චයක් තමන්ගේ වාර්තාව ඇතුලට එන්න එයා ඉඩ තිබ්බෙ නෑ.

    1960 ගණන් වලදි බිහිවෙන මාස්ටර්ස් සහ ජොන්සන් දෙවෙනි ලිංගික කැරැල්ලට පදනම වෙන්නෙ කින්සිගෙ මේ වාර්තා. මාස්ටර්ස්ලා සෙක්ස්වල තියෙන ජීව විද්‍යාත්මක අර්ධය පරීක්ෂා කළා. සුරතාන්තයකදි නිශ්චිතවම සිද්ද වෙන ශාරීරික වෙනස්කම් ආදිය උපකරණ භාවිතා කරමින් අධ්‍යනය කළා. කින්සි තමන්ගේ අධ්‍යනය අරගෙන ගියේ සමාජ විද්‍යාව පැත්තට.

    එයා සත්ත්ව විද්‍යාඥයෙක්. දෙබරු ගැන පර්යේෂන කරපු කෙනෙක්. එයා මිනිස් ලිංගික චර්යාව අධ්‍යනය කරන්නත් මේ ක්‍රමවේදයන්ම පාවිච්චි කළා.

    ඔය දැන් ලංකාවෙ ආණ්ඩුවට තියෙන අමාරුව ඒ කාලෙ ඇමරිකානු ආණ්ඩුවටත් තිබුන. මිනිස්සුන්ගෙ ජීවිතය ව්‍යවස්තාවලට අනුව පාලනය කරන්න උත්සාහ කළා. ඒ අයගේ පුද්ගලික ලිංගික චර්යාවන් සභ්‍ය අසභ්‍ය විදිහට හැඳින්නුවා. සමලිංගික චර්යාවන් වරදකාරී කළා. මේ තත්වයන් වෙනස් වෙන්න ගන්නෙ 1960 ආරම්භ වෙන හිපි විප්ලවයත් එක්ක. එක පැත්තකින් උපත්පාලන පෙති නිපදවෙනවා, ගෑනු රස්සාවලට යන්න පටන් ගන්නවා, දික්කසාද වීම් වැඩි වෙනවා, සමලිංගික සම්බන්ධතා විවෘත වෙනවා, කලු-සුදු විවාහයන් නීතිගත වෙන්නෙ පවා මේ කාලෙදි. මේ සියල්ලට කින්සිගේ වාර්තා බලපානවා.

    1953දි කින්සි දෙවෙනි බෝම්බෙත් අතාරිනවා. ඒ තමයි සෙක්ෂුවල් බිහේවියර් ඉන් දි හියුමන් ෆීමේල්. මේකෙන් සිද්ද වුනු වැදගත්ම දේ තමයි ගැහැණිය යනුද ලිංගික සත්වයෙකි කියන එක මහ හඬින් ප්‍රකාශ වුනු එක. ඒක සදාචාරයේ කටු කඩලා යන තරමෙ එකක් වුනා.

    මේ කින්සිගෙ බලකාය ඒ කාලෙ සියලු අසංස්කෘතික යැයි සැලකෙන ක්‍රියාවල යෙදුනා. කින්සි එයාගෙ ශිෂ්‍ය ශිෂ්‍යාවන් එක්ක ලිංගික ඇසුරන් පවත්වාගෙන ගියා. ඒ වගේම එයා බයිසෙක්ෂුවල් කෙනෙක්. ඇත්තටම කින්සිට මේ ලිංගික විෂය ඇතුලට යාමේ දරුණු අභියෝගය බාරගන්න හේතුවත් එයා ගැනම තිබුනු ලිංගික කුතුහලය කියන්න පුළුවන්.

    එයාගේ වාර්තා අනුව වයස, කාලය, පරිසරය, සමාජය සහ දැන උගත්කම අනුව එක් එක් පුද්ගලයාගේ ලිංගිකත්වය පිළිබඳ දැනීම විඳීම වෙනස්වන ආකාරය පැහැදිලි කෙරුනා.

    කින්සි සහ පිරිස විවිධාකාරයේ මිනිසුන් ලිංගික ක්‍රියාවල යෙදෙන හැටි රූපගත කළා. සෙක්ස් ෆෙටිෂ් ගැන චිත්‍රපටි හැදුවා. මේ හැම දෙයක්ම දත්ත විදිහට පමණක් එකතු කරන්න වගබලා ගත්තා. ඇතැම් විකෘති යැයි සලකන ලිංගික චර්යා ඇති අය සමග කළ සාකච්ඡාවන් හෙලිදරව් නොකිරීම ගැන නීතිමය ප්‍රශ්නවලට පවා කින්සි මැදි වුනා. මේ ආන්දෝලනාත්මක හෙලිදරව් කිරීම් නිසාම එයාට පර්යේෂණවලට ලැබුනු අරමුදල් පවා නැති වුනා.

    ඒත් කින්සි අවසාන මොහොත වෙනකල්ම තමන්ගේ ලිංගික අරගලයේ හිටියා.