Tag: lesbian

  • Sri Lankan Sex Party – ශ්‍රී ලංකා සෙක්ස් පක්ෂය

    Sri Lankan Sex Party – ශ්‍රී ලංකා සෙක්ස් පක්ෂය

    ලිංගිකත්වය ධනාත්මක බාරගන්නා වඩා නිදහස් සමාජයක් වෙනුවෙන් ශ්‍රී ලංකා සෙක්ස් පක්ෂය ආරම්භ කිරීමට අදහස් කෙරේ. රටේ බොහෝ දේශපාලන කාරණා පිටුපස පවතින ලිංගික දේශපාලනය සාකච්ඡාවට ගැනීමත්, ලිංගික නිදහස සහ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමත් මෙහි මූලික කාරණා වනු ඇත. තවත් කෙනෙකුට හානියක් නොකර මිනි‍සෙක් තමන්ගේ පංචේන්ද්‍රියන් සහ මනස පිනවීමට කරන්නාවූ කවර හෝ ක්‍රියාවකට වුවද නිදහස පැවතිය යුතු යැයි සෙක්ස් පක්ෂය විශ්වාස කරයි. රට පු‍රා උඩුදුවා ඇති තුවාලයක් වන ජාතිවාදය ආගම්වාදය මෙන්ම ප්‍රචන්ඩත්වය පිටුපස පවතින්නේ සංස්කෘතිය විසින් දැඩි පීඩනයකට ලක් කළ ලිංගික ආශාවන් බව සෙක්ස් පක්ෂයේ කියවීමයි.

    එම පක්ෂයේ මූලික පෙනී සිටීම් මේවායි.

    1. කිසිදු වෙනස්කොට සැලකීමකින් තොරව තමන්ගේ ලිංගිකත්වය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය ගවේෂණයට, තේරුම් ගැනීමට සහ භාරගැනීමට ඇති පූර්ණ අයිතිය.
    2. ගැහැණියකට තමන්ගේ ශරීරය පිළිබඳව තීරණ ගැනීමටත් අවශ්‍ය විටෙක ගබ්සාවකට අවශ්‍ය පහසුකම් නීතිමය හෝ සමාජ බාධාවකින් තොරව ලබාගැනීමටත් ඇති අයිතිය.
    3. ලිංගික ශ්‍රමිකයෙකු ලෙස රැකියාව කිරීමට සහ අවශ්‍ය සෞඛ්‍යමය මෙන්ම නීතිමය රැකවරණය ලැබීමට ඇති අයිතිය.
    4. සියලු ලිංගිකත්වයන්ට අයත් පුද්ගලයන්ට ආබාධිත නිර්බාධිත භේදයකින් තොරව සමාන අවස්ථාවන් ලබාගැනීමට ඇති අයිතිය. (ලිංගික තෘප්තිය ලැබීමේ අයිතියද මීට ඇතුලත්ය)
    5. සමලිංගික විවාහවලට සහ බහුවිවාහ වලට ඇති අයිතිය.
    6. නිවැරදි ලිංගික අධ්‍යාපනයක් ලැබීමේ අයිතිය
    7.  කැමති ආකාරයකින් තමන්ගේ තෘප්තිය සොයා යාමේ අයිතිය.
    8. වාරණයකින් හෝ බියකින් තොරව අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය.
    9. ආගමික මතවාදයන්ගේ බලපෑමකින් තොරව ජීවත් වීමේ අයිතිය.
    10. මත්ද්‍රව්‍ය අපරාධහරණය කිරීම සහ පාලනය. තමන් කැමති මත්ද්‍රව්‍යයක් නීතියේ බාධාවකින් තොරව ගුණාත්මක තත්වයකින් යුතුව ලබාගැනීමේ අයිතිය පුද්ගලයෙක් සතුය.
    11. ජීවිතය පිළිබඳ තවදුරටත් තෘප්තිමත් නොවන අවස්ථාවකදී සුවදායක මරණයක් ලබාගැනීමේ අයිතිය. (යුතනේෂියා)
    12. සර්ව සම්පූර්ණ ලිංගික සහ ප්‍රජනක සෞඛ්‍ය සේවා ලබාගැනීමේ අයිතිය.
    13. ලිංගික ප්‍රචන්ඩත්වයෙන් තොරව ජීවත් වී‍මේ අයිතිය.
    14. තමන්ගේ ජීවිතයේ අරමුණු සහ සතුට සොයා යාමේ අයිතිය.
    15. ජාතිවාදයෙන් ආගම්වාදයෙන් තොරව ජීවත්වීමේ අයිතිය.
    16. මුදල් ඉපැයීම සහ ව්‍යාපාර දිරිගැන්වීම කරන අතර එමගින් සමාජයට ලැබෙන ප්‍රතිලාභ උපරිම කිරීමටද වෑයම් කෙරේ.

    මේ කාරණා විශ්වාස කරන, මේ පක්ෂය ගොඩනැගීම සඳහා එක්වීමට කැමති අය ඊමේල් මගින් අප හා සම්බන්ධ වන්න. [email protected]

  • ලෙස්බියන් ආදරේ මිහිරයි ජීවිතේ

    ලෙස්බියන් ආදරේ මිහිරයි ජීවිතේ

    සුලුතර ලිංගික ප්‍රජාව මුහුණ දෙන ගැටලු, අසාධාරණකම්, stereotypes, නිතර ඇහෙන, දකින, කතා කරන මාතෘකාවක්.
    මමම පවා විටින් විට ඒ ගැන ලියලා තියෙනවා.
    නමුත්, lesbian කෙනෙක් වෙන එකේ positive පැත්ත ගැන කතා කෙරෙන්නෙම නැති තරම් නිසා,
    pride month එක වෙනුවෙන් ඒ ගැන පොඩි සටහනක් තියන්න හිතුවා.
    Lesbian කෙනෙක් හෝ queer පවුලෙ ඕනම කෙනෙක් victimize කරලා කතා කරන්නෙ, සමාජයෙන් ලැබෙන පීඩනය නිසා විතරයි.
    එහෙම ඇරෙන්න, lesbian relationships, heterosexual සම්බන්ධකම් වලට වඩා ගොඩක් සාර්ථක බව forbes සඟරාව විසින් කරපු සමීක්ෂණයක් මඟින් ඔප්පු වෙලා තියෙනවා.
    ලෝකය සීග්‍රයෙන් වෙනස් වෙමින් පවතිනවා. ලෝකෙ පුරාම, සුලුතර ලිංගික අයිතිවාසිකම් තහවුරු කරමින් තියෙනවා. එහෙම තියෙද්දි, ලෝකෙන්ම දුප්පත් රටවල් වලින් එකක් වන පුංචි දූපතක ජීවත් වෙන මිනිස්සු ටිකකින් එල්ල වෙන ප්‍රිතිවිරෝධ, මඩ, අවලාද, සත පහකට ගනන් ගත යුතු නැහැ කියන එකයි මගෙ අදහස.
    අපි ඉස්කෝලෙ යන කාලෙ, heterosexual නෙමෙයි කියලා realize කරපු මගෙ යාලුවෝ මුහුණ දීපු අසීරුතා, අද ඉන්න ළමයි කිසිසේත්ම මුහුණ දෙන්න අවශ්‍ය නැත්තෙ ඒ නිසයි.අම්මා තාත්තාට, ගුරුවරුන්ට, යාලු මිත්‍ර නෑදෑයො සියලු දෙනාටම, සම්ප්‍රදායික සම්බන්ධකමක ඉන්නවා කියන එක අමුතු උසස්බවක් ලබන්න සුදුසුකමක් නෙමෙයි කියල මතක් කරන්න වෙනවා. දුවක්, සහෝදරියක් වුනත් එයාගෙ ලිංගිකත්වය බාරගන්නවා මිස ඒක වෙනස් කරන්න, ඒකට විරුද්ධ වෙන්න අයිතියක් නැති බවත් මතක තියාගන්න ඕන.
    Lesbian කෙනෙක් විදිහට උස් මහත් වෙන කෙනෙක්ට, වටේම ඉන්න මිනිස්සු තමන් සාමාන්‍යය නැහැ කිය කිය මතුරනකොට,
    ඒ සියල්ලම මැද්දෙ, තමන්ගෙ හෘද සාක්ෂියට පමණක් ඇහුම්කන් දීලා තමන්ව accept කලාම,
    කාලෙත් එක්ක, තමන්ගෙ role model වෙන්නෙ තමන්ම බව වැටහෙන්න ගන්නවා.
    ඒ හරහා ඒ අය තුල ඇති වෙන confidence එක ලේසියෙන් කාටවත් නැති කරන්න පුලුවන් එකක් නෙමෙයි.
    Social standards, norms, සමාජයෙ අනිත් අය ඉන්න ඕනෙ කියලා බලාපොරොත්තු වෙන frame එක ඇතුලෙ හිරවෙන්න, include වෙන්න, උවමනාවක් නැති බව ලෙස්බියන් කෙනෙකුට තේරෙන්න ගන්නවා.
    ඒ හරහා, lesbian/gay අය අත්පත් කරගන්න නිදහස සුළුපටු නැහැ. ඇත්තටම ඒ ගොල්ලො උපතින්ම අරගලකරුවො. මේ විදිහට, වැඩිහිටියෙක් දක්වාම දුර ගියාම,
    තමන් වගේම identity එක තහවුරු කරගන්න struggle කරන දස දහසක් ළමයින්ට, මිනිස්සුන්ට ඒ අය role model කෙනෙක් වෙනවා.
    ඒ courage එක, ඒ energy එක, තමන්ගෙ සෙක්ෂුවලිටි එක තෝරගන්න තමන් තුල තියෙන ධෛර්යය එක, සියලු දෙනාටම ආදර්ශයක් වෙනවා.
    එතනින් එහාට, ඒ මිනිස්සු unstoppable.
    වැදගත්ම කාරණාව වෙන්නෙ, තමන්ටම ආවේණික වූ අනන්‍යතාවයක් මේ හරහා ගොඩනගාගන්න ලැබෙන එක.
    Lesbian කෙනෙක් වෙන එක taboo එකක් වුන සමාජයක,
    තමන් lesbian කෙනෙක් නම්,
    අනිත් මිනිස්සුන්ව සත පහකට ගණන් නොගෙන,
    තමන්ව accept කරලා ජීවත් වෙන්න පටන් ගත්තට පස්සෙ,
    කිසි කෙනෙක්ගෙ checklist එකකට අනුව හැඩගැහෙන්න එයා සූදානම් නැහැ.
    ඒ නිසාම මම හිතනවා, සම්ප්‍රදායික සම්බන්ධකම් ඇතුලේ හිර වෙලා ඉන්න බහුතරයක් මිනිස්සුන්ට වඩා සුලුතර ලිංගික ප්‍රජාව, නිදහස් කියලා.Lesbian කෙනෙක් වීමේ වාසි ඇත්තටම වැඩියි.
    තමන්ගෙ ශරීරයම තමන්ගෙ partnerටත් තිබීම ඒ අතරින් ප්‍රධාන එකක්.
    ගැහැණියකගෙ ශරීරය ගැන හොඳටම දන්නෙ තවත් ගැහැණියක්. පිරිමියෙකුට ක්ලිට් එක හොයාගන්නත් සෑහෙන කාලයක් ගතවෙන්න ඉඩතියෙනවා. අනිත් අතට පිරිමි හිතන්නෙ dick එක දාලා එහා මෙහා කිරීමෙන් සියල්ල සම්පූර්ණ වෙනවා කියල. ඒත් ගැහැණියක් තවත් ගැහැණියකගේ
    pleasure points හොඳින් හඳුනනවා.
    මේ හින්දම වඩා පොහොසත්, තේරුම්ගැනීමක් සහිත සෙක්ස් ලයිෆ් එකක් ලෙස්බියන් කෙනෙකුට හිමිකරගන්න පුළුවන් වෙනවා.
    ඕන තැනක make-out කරන්න පුලුවන් වෙන එකත් ලොකු වාසියක්.
    Public bathroom එකක් වෙන්න පුලුවන්, park එකක, ඉස්කෝලෙ, මේ ඕන තැනක.
    කෙල්ලෙක් කොල්ලෙක් එක්ක නිකන් කතා කලත් ප්‍රශ්නයක් කරගන්න සමාජයක,
    කෙල්ලො දෙන්නෙක් එකට හිටියා කියල කවුරුවත් මොනාවත් හිතන්නෙ නෑ.
    මිනිස්සු අතරේ lesbian couple එකක් ගොඩක් වෙලාවට, invisible.
    තව වාසි ගැන කතා කලොත්, එකිනෙකාගෙ ඇඳුම් share කරගන්න පුලුවන් වෙනවා, makeup, pads/tampons මේ හැම දෙයක්ම.
    Single නම්, ඕන තරම් කෙල්ලො තමන් වටේ ඉන්නවා, dating options ඕනවටත් වඩා.
    Lesbian කෙනෙක් වෙන එකේ, ලොකුම වාසිය විදිහට මම සලකන්නෙ,
    pregnant වෙයි කියලා බය වෙන්න දෙයක් නැති එක.Birth control pills, condoms මේ කිසි දේක අවශ්‍යතාවයක් නැති එක.
    Heterosexual relationship එකක ඉන්නවා කියන්නෙ, unnecessary pregnancies avoid කරන්න ඕනෙ නම්, ඒ වෙනුවෙන් සැලකියයුතු ශ්‍රමයක් වැය කරන්න සිද්ධ වෙනවා. එහෙම නැති වුනොත් පපුවෙ බිත්තර තම්බන්න වෙනවා. ඒ risk එක, ඒ pressure එක, lesbian කෙනෙක්ට ඇත්තෙම නැහැ.
    තවත් එකක් තමයි කසාදය අදාල නැති වීම. කසාදය කියන්නෙ විෂම ලිංගිකයන් ඔවුන්ටම අටවගත්ත උගුලක්. ඒක සතුටට වඩා දුක උපදවන නිල රාජ්‍ය ආයතනයක්. ලෙස්බියන් කෙනෙකුට marriage එක වැඩක්ම නෑ. කැමති නම් බඳින්න පුළුවන් නැත්තං නොබැඳ ආදරය කරන්න පුළුවන්. කසාදයක් ඇතුලෙ ගෑනි- මිනිහා සම්බන්ධතාවයෙන් ගැලවෙනවා කියන්නෙම ජීවිතේ ලොකු නිදහසක්, අයිතියක් බුක්ති විඳිනවා කියන එක.
    මම කියවපු article එකක lesbians ලා ගැන ලස්සන quote එකක් තිබුනා,
    ‘It not a matter of choosing girls over boys, it’s about choosing happiness over society’ – ඔයා තෝරගන්නෙ කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියන එක නෙමෙයි වැදගත්. සමාජය කියන දේ වෙනුවට ඔයා සතුටු වෙන දේ තෝරගන්න එකයි.

    Happy Pride! 🏳️‍🌈


    ශේනි විජයසුරේන්ද්‍ර

  • අප්පච්චි මළා

    අප්පච්චි මළා

    ලංකාවට මහින්ද වගේ පිරිමියෙක් හරි සිරිමාවෝ වගේ ගැහැණියක් හරි ඕන වගේ අදහසක් නිර්මාල් පෝස්ට් කරලා තිබුන. ඒ සඳහා කිසි කෙනෙක් නෑ කියල එයා සලකුණු කරලා තිබුන.

    ලංකාවෙ ඊළඟ නායකත්වය ගන්නෙ බොහෝවිට ගැහැණියක් නැත්නම් සමරිසි පිරිමියෙක් කියලයි මගේ අනාවැකිය. ඒ දක්වා විෂම ලිංගික පිරිමි නායකත්වයන් ජෝක් වෙලා ඉවර වෙනවා. සිරිසේනට හිනාවෙලා ආතල් ගනිද්දි ලංකාවෙ මීට පස්සෙ සිරිිසේනට වඩා ඉහල ජනාධිපති කෙනෙක් බිහිවෙන්නෙ නෑ කියල මං කාලෙකට කලින් කිව්වා. ඒ කියන්නෙ මං අනාවැකි කියන්න දන්නවා කියන එක නෙමෙයි. ඒක මං සළකුනු කරන්නෙ සමාජ ලිංගිකත්වය පිළිබඳ සංස්කෘතික තත්වවලට සාපේක්ෂව.

    මහින්ද කියන්නෙ ලංකාවෙ විෂම ලිංගික පිරිමියාගේ සංකල්පයේ සුරතාන්තය. ඒ තමයි අප්පච්චි. අප්පච්චිගෙ විදිහ තමයි පාලනය කියන එක. ආධිපත්‍යය. බලය. ඒකත් එක්කම මහින්ද යක්ෂයාගේ පැතිකඩත් අපිට පෙන්නුවා. ඒ තරම් පරිපූර්ණ තාත්තෙක් ජාතියකට හම්බුවෙන්නෙ නෑ.

    ඒ අප්පච්චිගෙ බලයේ යුගය අවසානයි. සියලු තාක්ෂණයන්, සියලු නිෂ්පාදන සම්බන්ධතා විෂම ලිංගික මානයෙන් මෙට්‍රො තැනකට මාරුවෙනවා. සියලු දැනුම් පද්ධතීන් මාරු වෙනවා. නෙට්ෆ්ලික්ස් එකේ පවා සියලු වීරයො ගැහැණු වෙනවා. ලෝකය විෂම ලිංගික පිරිමියාව අත්හැර දමමින් ඉන්නවා. එකම සම්බන්ධතා ස්වරූපය පිරිමියා සහ ගැහැණිය නෙමෙයි කියන බාරගැනීමත් එක්ක ලෝකය විස්තාරණය වෙන ප්‍රමාණයට අප්පච්චිලා බ්ලැක්හෝල්වලට අහුවුනා වගේ වෙනවා.

    සිරිමාවො ගැහැණියක් වුනත් එයා ගැහැණු ශරීරයක හිටපු පිරිමියෙක් කියලයි මං හිතන්නෙ. එයා ගැහැණු ආකෘතියක් ගෙනාවෙ නෑ. පිරිමි ආකෘතිය පිරිමියෙකුට වඩා හොඳට කරගෙන ගියා විතරයි. මෙතනදි අඳුරගන්න ඕන ජීව විද්‍යාත්මක ශරීරය නෙමෙයි පිරිමි ගැහැණු බව තීරණය කරන්නෙ. අපි ජීවත්වෙන සංස්කෘතිය.

    බලය විෂම ලිංගික පිරිමියාගෙන් විතැන් කරන එක ලෝක මතවාදී ව්‍යාපෘතියක්. මං කියන්නෙ මේක කවුරු හරි සැලසුම් කරලා සල්ලි දාලා කරනවා වගේ කතාවක් නෙමෙයි. විෂම ලිංගික ලෝකය එහි අවසානය කරා ගමන් කරමින් තියෙනවා. තව ගොඩක් සම්බන්ධතා ස්වරූපවල කතන්දර කියවාගත නොහැකිව හිරවෙලා තියෙනවා. ඒ සංස්කෘතික නිෂ්පාදන කලාප ඉතිහාසයක් පුරා ඇහිරිලා තියෙනවා. මහා පුරුෂ ලිංගයේ බලය අඩපණ වෙනවා.

    ලංකාවෙ දේශපාලනයේ අසමත් වීම හුදකලා අහම්බයක් නෙමෙයි. මහා පිරිමියාගේ අවසානය දිහා අපි බලාගෙන ඉන්නවා. ඊට වඩා පිරිමියෙක් නැවත බිහිවෙන්නෙ නෑ. නැවත අමාරුවෙන් ප්‍රාණවත් කරන කුඩා පුරුෂ ලිංගයන් විහිලු බවට පත්වෙමින් කඩන් වැටෙනවා. බලය, පාලනය, අනුහස, කේන්ද්‍රගතබව තවදුරටත් ප්‍රජාපාලනයෙදි වැඩ කරන්නෙ නෑ. ඒ වෙනුවට වඩා විමධ්‍යගත, ඇහුම්කන්දෙනසුලු, බාරගන්නාසුලු නායකත්වයක් ඕන කරනවා. අපි හතරගාතෙන් ලෝකෙ ඉස්සරහ වැටිලා ඉන්නකොට ගෝරිල්ලො වගේ පිරිමින්ට කරන්න පුළුවන් බිබික්කමක් නෑ.

    මේ ලිංගික දේශපාලන ආකෘතික වෙනස ඉස්සරහයි ලංකාව ඉන්නෙ. මීට කලින් අපිට සමරිසි නායකයන් ඉඳලා තියෙනවා. මංගල ඇරුනම ඒ හැම කෙනෙක්ම වගේ තමන් සමරිසිබව හංගන්නයි දේශපාලනයෙදි වෑයම් කළේ. ඒත් අපිට ඒ ‍අනාගත මෙට්‍රො ලෝකය දරාගන්න පුළුවන්, ඒ සංස්කෘතික භාෂාව වැටහෙන නායකයෙක් අවශ්‍ය වෙනවා. ඒක අනිවාර්යෙන්ම ගැහැණු හෝ සමරිසි පිරිමි තැනකින් විතරයි පිරවෙන්නෙ.

    තාම ජාතිවාදී ආගම්වාදී පුරුෂවාදී ග්‍රාමීය සුලුතරයක් ගැන ලොකුවට මවාගත්ත අදහසක් ඇතුවයි තාමත් ගොඩක් අය ලංකාව දිහා බලන්නෙ. ඒ බලය තමයි අප්පච්චිගෙ බලය. ඒක ජෝක් වෙලා අවසන් වෙනකල් ඉවසන්න සිද්ද වෙනවා. ඊට පස්සෙ තමයි අලුත් ලංකාව පටන් ගන්නෙ. ඒකෙ දේශපාලන සංස්කෘතිය වෙනස් එකක්.

    රාජපක්ෂ කියන්නෙ ලංකාවෙ ඇල්ෆාමේල් විෂමලිංගික පිරිමි සංස්කෘතියෙ අවසානය සලකුණු කරන රූපකය.

    කාලෙකට කලින් විජිත් විජිතමුනි මේ කතාව ඓතිහාසික විදිහට කිව්වා.

    අප්පච්චි මළා. දැන් මිනිය කරගහන් ගිහින් වැඩක් නෑ.

    අපි එදා ඉඳන් තාමත් ට්‍රයි කරන්නෙ ඒ මිනිය කරේ තියාගෙන යන්න. මං හිතන්නෙ දැන් අපි කනත්ත ළඟටම ඇවිත්.


    චින්තන ධර්මදාස

  • සමලිංගික ප්‍රජාව ඉස්ලාමය වැළඳගනී

    සමලිංගික ප්‍රජාව ඉස්ලාමය වැළඳගනී

    (‍ඉකොනොමිස්ට් සඟරාව)

    ලංකාවෙ අශ්ශීල දේවල් තහනම් කරන්න අලුතෙන් නීති ගේන්න හදනවා. අලුතෙන් සදාචාරය රකින්න හදනවා. ඒත් මේ වෙද්දි අරාබියෙ ඒ නීති වෙනස් කරන්න අරගල කරනවා. ඒ කියන අශ්ශීලත්වය ඉතිහාසයේ උරුමයක් විදිහට නැවත කියවනවා. සදාචාරවාදී රෙජීම පාලනයන්ට විරුද්ධව ලිංගික කැරලි ක්‍රියාත්මක වෙනවා.

    අපි පස්සට යද්දි අරාබියත් ඉස්සරහට යනවා.

    දශක ගානක් තිස්සෙ මැදපෙරදිග රෙජීම් විසින් කිව්වෙ සමලිංගිකත්වය බටහිර දෙයක් කියල. ඒක සදාචාර විරෝධීයි කියල. අද වෙනකොට මේ ගැන සමලිංගික සමාජ ක්‍රියාකාරීන් තමන්ගේ විරෝධය පලකරනවා. හොමෝෆෝබියා හෙවත් සමලිංගික විරෝධයයි ඇත්තටම බටහිරින් ආපු සංකල්පයක් වෙන්නෙ. ඒක එන්නෙ පියුරිටන්වාදී යුරෝපීයන්ගෙන්. ඒක හින්දයි ටියුනිසියානු සමාජ අරගලකරුවන් යටත්විජිතවාදී නීති අකුලන්න කියල සටන් කරන්නෙ. ප්‍රංශ ජාතිකයන් විසින් අවුරුදු සීයකට කලින් තමයි සමලිංගිකත්වය තහනම් කරන නීති මැදපෙරදිගට හඳුන්වා දුන්නෙ කියල ඒ අය පෙන්වා දෙනවා. ඉස්ලාම් ශිෂ්ටාචාරයේ තිබුණු විවෘතබව නැති කළේ ඔවුන් කියල රාමි කූලි කියන ටියුනිසීයානු සමාජ ක්‍රියාධරයා කියනවා.

    ඉතිහාසය කියන්නෙ සංකීර්ණ ක්‍රියාවලියක්. හැමකාලයකම වගේ විවිධාකාරයෙන් අන්තගාමීත්වය පැවතුනා. නමුත් ඉතිහාසයේ අරාබි පාලකයන් විසින් සෙක්ස් සම්බන්ධ වඩා ලිබරල් පිළිවෙත් පවත්වාගෙන ගිය යුගයන් මේ ක්‍රියාකාරීන් විසින් සළකුනු කරලා පෙන්නනවා. උදා විදිහට කාලිෆ් අමීන් නැමැති 19වන සියවසේ බැග්ඩෑඩයේ පාලකයාට සිටි පිරිමි පෙම්වතා ගැනත් ඒ කාලයේ සමලිංගික කවීන් උත්කර්ෂයට නංවා ඇති අන්දමත් ඔවුන් පෙන්වා දෙනවා. ඒ වගේම ‘මුජුන්’ නැමැති කාමලෝලී කුනුහරුප විදිහට හඳුන්වන කවි සම්ප්‍රදායකින් ඔවුන් කවි උපුටාගනිමින් ගායනා කරනවා. 19 වෙනි සියවසේ මැදපෙරදිගින් වැඩි කොටසක් පාලනය කළ ඔටෝමන් අධිරාජයා ඇමරිකාවට සහ බ්‍රිතාන්‍යයට පෙර සමලිංගිකත්වය නීතියෙන් වරදක් නොවන වග ප්‍රකාශ කළ බවත් මේ අය පෙන්නලා දෙනවා.

    ‘ඒ කාලෙ ඔයාට ඕන නම් ගැහැණියක් සමග නැත්නම් පිරිමියෙක් සමග ලිංගිකව හැසිරීමේ නිදහස තිබුන’

    අප්‍රිකානු පළමු සමලිංගික සංවිධානය වන අබු නවාස් ආයතනයේ සංක්‍රාන්ති ලිංගික නිර්මාර්තෘ කියනවා. මේ සංවිධානයේ නම පවා ප්‍රකට අරාබි සමලිංගික කවියෙකුගේ නමකින් ගත්තක්.

    ‘ඒ කාලෙ පිරිමි හිටියා ගැහැණු වගේ අඳින පළඳින සහ ජීවත් වෙන. අද වගේ කාටවත් ඒක ප්‍රශ්නයක් වුනේ නෑ’

    මේ අතර 13 වෙනි සියවසේ අහමඩ් අල්-ටිෆාෂි කියන අරාබි සෙක්සොලොජිස්ට් කරපු කතා සහ කවි එකතුවට බේරූට් පුස්තකාලවල ඉල්ලුම වැඩිවෙමින් යනවා. ඔහු කියන විදිහට ශිෂ්නය යෝනියකට වඩා ගුද සංසර්ගය පිනිස නිර්මාණය වුනු හැඩයක්. සම්භාව්‍ය සහ ඔටෝමන් යුගයේ කවිවල පිරිමි පිරිමි ආදරවන්තයන් ගැන බොහෝ තැන්වල සඳහන්වන අතර මේ සමලිංගික කණ්ඩායම් විසින් දැන් ගැහැණු ගැහැණු ප්‍රේමයන් පිළිබඳ කවිත් අතීතයෙන් අරන් ඉස්මතු කරන්න පටන් අරගෙන තියෙනවා.

    ‘අනූවක් වන්දනා අතර අපි කෙතරම් ඇතිල්ලෙන්න ඇත්ද සොයුරිය
    ශිෂ්න මුණ්ඩයක් ඇතුල්වනවාට වඩා ඒ කෙතරම් ප්‍රීතීමත්ද අදෘෂ්‍යමානද?’
    එක කවියක එහෙම තියෙනවා.

    ‍සමලිංගික කවි විතරක් නෙමෙයි මේ පුනරුදයට ලක්වෙමින් තියෙන්නෙ. මුහම්මද් ඉසායි කියන ‘කුයර්’ නර්තන ශිල්පියා මේ වෙද්දි කයිරෝ සහ බේරුට්වල කලක ප්‍රකටව තිබුනු පිරිමි බෙලි ඩාන්ස් සම්ප්‍රදායන් නැවත අවදි කරනවා. පිහාටු මාල සහ යට ඇඳුම් පිටින් එයා මේ නැටුම් ටියුනිසියාවෙ ක්ලබ් වල නටනවා.

    ‘පිරිමින්ට තමන්ගේ කාන්තා අර්ධය ප්‍රදර්ශනය කරන එක සාමාන්‍යයක් වෙලයි තිබුනෙ. ඒක සතුටක් වගේම කලාවක්’ එයා කියනවා.මේ අතර සමහර ක්‍රියාකාරිකයන් නීතිය පැත්තෙන් අධ්‍යනය කරනවා. එතනදි පැරණි නීති ක්‍රමවල විශාල පරස්පරයන් හඳුනාගෙන තියෙනවා. සම්භාව්‍ය ජූරිය විසින් අනිවාර්යෙන්ම කුරානයේ පැහැදිලිව දක්වා ඇති ගුද සහ මුඛ සංසර්ග තහනම පෙන්වා දෙනවා. ඒත් මේක අදාල වෙන්නෙ කොයිතරම් ගැඹුරකට ශිෂ්නය ගියොත්ද කියන එක ගැන විවාද පැවතිලා තියෙනවා. ෂියා මුස්ලිම් ග්‍රන්ථවලට අනුව චර්මඡේදනය කළ සීමාව පහුවුනොත් තමයි මේක පාපයක් වෙන්නෙ. ඒත් ජිහාඩ්වාදීන් මේ වෙද්දි නබිතුමා විසින් කියා ඇති පරිදි කියල සමලිංගිකයන්ව වහලවල් උඩින් බිමට අතාරිනවා. ඒත් ඉතිහාසෙ කිසිම තැනක මේ විදිහට ඒ වගන්තිය මතුපිට අර්ථයෙන් ක්‍රියාත්මක වෙලා නෑ.

    මේ විදිහට සමලිංගික ප්‍රජාව නැවත ඉස්ලාමය වැළඳගැනීම ගැන විවේචන තියෙනවා.

    බොහොමයක් ස්ත්‍රීවාදින් නිරාගමිකයන්. මුස්ලිම් පූජකයන් පුරුෂාධිපත්‍යයේ සංකේත විදිහටයි ඒ අය දකින්නෙ. නමුත් අරාබි පාලකයන් අතින් අත්අඩංගුවට පත්වෙන, වධ හිංසාවට සහ වාරණයට ලක්වෙන සමලිංගිකයන් වෙනුවෙන් ඒ අය සහයෝගය දක්වන්න, ඉදිරිපත් වෙන්න මේ පිරිස් කොයිවෙලාවකවත් මැලිවෙන්නෙ නෑ.

    ‘ඉස්ලාම් දහම නෙමෙයි ප්‍රශ්නය. ඒ දහමේ නාමයෙන් අපිවත් මැදපෙරදිගත් පාලනය කරන්න එන පීඩක රෙජීමයන් තමයි ඇත්ත ප්‍රශ්නය’

    ලෙබනනයේ මානව අයිතිවාසිකම් පිළිබඳ පර්යේෂිකාවක් වන රාෂා යූන්ස් ප්‍රකාශ කරනවා.
    ඉස්ලාමය එහෙම නම් බුද්ධාගම කොහොම ඇද්ද?

  • අමාගේ සමරිසි විරෝදේ

    අමාගේ සමරිසි විරෝදේ

    අමා දිසානායක කියල ගෑනු කෙනෙක් මනෝ උපදේශිකාවක් විදිහට නුවර පොලිසියට කරන වැඩසටහනක වීඩියෝවක් සංසරණය වෙනවා. මේක නිකං යූටියුබ් වීඩියෝවක් වුනානං කතා කරන්න වටිනකමක් ඇති දෙයක් නෙමෙයි. ඒත් අමා මෙතනදි ගිහින් උපදෙස් දෙන්නෙ පොලිසියට. ඒ නිලධාරීන් ලවා කෑගහලා ප්‍රතිඥා ගන්නවා තමන් සමලිංගිකත්වයට විරුද්ධයි කියල. මං දන්නෙ නෑ ලිංගිකත්වය මත වෙනස්කොට සැලකීම පුහුණු කරවන මේ වගේ වැඩසටහන්වලට රාජ්‍ය ආයතනවල ඉඩදෙන්නෙ මොන ප්‍රතිපාදන යටතෙද කියල.

    මේ ගැන මංගල සමරවීරත් දෙරණෙදි ප්‍රශ්න කරනවා.

    අමා දිසානායක මේ විදිහට පොලිසිය තුල සමලිංගික විරෝධය වර්ධනය කරන්න උත්සාහ කරන්නෙ පොලිස්පති තුමාගේ අනුදැනුම ඇතුවද කියල මංගල එතනදි අහනවා.පොලිසිය කියන්නෙ ලිංගිකත්වය සම්බන්ධ කාරණාවලදි කොහොමත් අන්තිම ග්‍රාම්‍ය තැනක පවතින ආයතනයක්. වෙරලක ඉන්න පෙම්වතුන් අල්ලාගෙන යාමත් සදාචාරය රකින මෙහෙවරක් හැටියෙන් සළකන පොලිසිය අතින් වෙනස් ලිංගිකත්වයන් ඇති පිරිස් නිතර අතවර, අපහාස සහ අපහරණයන්ට ලක්වෙනවා. පොලිසියට ඒ දේවල් උගන්නන්නෙ, ඒ පිරිහුනු මතවාදයන් සනාථ කරන්නෙ, ඔවුන්ට ඒවා සමාදන් කරවන්නෙ අමා දිසානායක වගේ කට්ටිය.

    සමරිසිභාවය කියන දේ මානව චර්යාවට විරුද්ධයි කියල අමා කෑ ගහලා කියනවා. මානව ඉතිහාසය ලියවෙන්න ගත්ත දවසෙ ඉඳන්මත් පවතින සමලිංගිකත්වය මානව චර්යාවට විරුද්ධ වෙන්නෙ කොහොමද කියල මට තේරෙන්නෙ නෑ. අනිත් පැත්තෙන් සමලිංගිකත්වය මානව චර්යාවක් නෙමෙයිද එතකොට?

    හැමෝම සමලිංගිකයන් වුනොත් ළමයි හදන්න බෑ කියල තමයි අමා මානව වර්ගයා රැකගන්න ඉස්සරහට එන්නෙ. ඉතින් හැමෝම සමලිංගික වෙන්නෙ මොකටද? එහෙම වෙන්නෙ කොහොමද? මේවා දැවෙන ප්‍රශ්න. අනිත් අතට අමා හිතන් ඉන්නෙ ලෝකෙ මිනිස් ජනගහනය අඩුවෙමින් යනවා කියලද? අඩුගානෙ ලංකාවෙවත් ඒක එහෙමද? අමා කියන විදිහට හැමෝම අනිවාර්යෙන් ළමයි හදන්නම ඕනද? සෙක්ස් කරන්න අවසර තියෙන්නෙ ළමයි හදනවා නම් විතරද?

    දරුවන් හැදීම කියන කාරණයට බැහැරින් සෙක්ස් නොකළ යුතුයි කියල කිව්වෙ ක්‍රිස්තියානි පල්ලිය. මේ වෙද්දි අපි සෙක්ස් කරද්දි වැඩියෙන් මහන්සි වෙන්නෙ ළමයි නොහදා ඒක කරගන්නෙ කොහොමද කියන එකට. කොන්ඩම්, උපත් පාලන පෙති, ගබ්සා මේ හැම විප්ලවයක්ම සිද්ද වෙන්නෙ ළමයි හැදීම අඩු කරගැනීමේ උවමනාව ඒ තරම් දරුණු හින්ද. මිනිස්සු සෙක්ස් කරන්නෙ ආස්වාදයට. තෘප්තියට. දරුවන් හැදීම සහ සෙක්ස් කිරීම අතර සම්බන්ධය බිඳිලා දැන් සියවස් ගානක් වෙනවා. අමා තාම අපේ පොලිසියට උගන්නන්නෙ ඒ කුණුබක්කියට වැටුනු අදහස්. ඊට පස්සෙ පොලිසිය ඒ කුණු ගෙනැත් අපේ ඇඟේ හලනවා.

    මෙතනදි අමා දිසානායක සමලිංගිකත්වය ගැනත් කිසි දෙයක් නොදන්නා වග ලැජ්ජාවකින් තොරවම හෙලි කරනවා. තමන්ගේ දරුවා සමලිංගිකයෙකුගේ ගොදුරක් වෙනවට කැමතිද කියල අමා අහනවා. ඒ බයටම මිනිස්සු සමලිංගිකයන්ට විරුද්ධ වෙන්න ඕන කියලයි එයා කියන්නෙ.

    ළමා අපචාර සහ සමලිංගිකත්වය කියන්නෙ එකක් විදිහටයි අමාට තේරෙන්නෙ. පහුගිය කාලයක් පුරාම අපේ දැරියන් අතවරයට ලක්වුනේ සමලිංගිකයන් අතින් නෙමෙයි. විෂම ලිංගික චීවරධාරී, පොලිසි, නීති, වෛද්‍ය, මැති ඇමති ආදී පිරිස් අතින්. සමලිංගිකත්වය සහ ළමා අපචාර අතර සම්බන්ධය මේ මනෝ උපදේශකවරිය කොහොම ගොඩනගනවද කියන එක දන්නෙ නාථ දෙයියොම විතරයි. ළමා අපචාරවලට හේතුවෙන කාමුකත්වය කියන්නෙ පීඩොෆීලියාව. ඒක සමරිසි හෝ විෂම හෝ වෙනත් ඕනෑම ලිංගිකත්වයක් දරන කෙනෙක් අතින් වෙන්න පුළුවන්. සමලිංගිකයන් ළමා අපචාරිකයන් හැටියට පොලිසියට ඉගැන්වීම කොයිතරම් භයානකද?

    එහෙම නැත්නම් එයා සමලිංගිකත්වය යනු බෝවෙන තත්වයක් කියලා හිතුවද දන්නෙත් නෑ. සමලිංගිකයෙක් හා ඇසුරු කිරීමෙන් ඔබේ දරුවා සමලිංගිකයෙක් විය හැකිය වගේ ලෝකෙ පළමු වරට යම් මනෝ විද්‍යාත්මක හෙලිදරව් කිරීමක් අමා කරනවා වෙන්නත් පුළුවන්. ලංකාවෙ මෑතක ඉඳන් ගොඩක් විද්‍යාව සම්බන්ධ කලාපවල අපි ලෝකය හෙල්ලුම් කන වර්ගයේ හෙලිදරව් කිරීම් කරනවා.

    ඊට පස්සෙ අමා දිසානායක සම්පූර්ණයෙන්ම නිරුවත් වෙනවා. එයා කියනවා පහුගිය කාලෙ මේ සමරිසි පිරිස් එකතු වෙලා ආණ්ඩුව පෙරලුවා කියල. නැවත ඒ වගේ දෙයක් වෙයි කියල අනතුරු අඟවනවා. මේක පොහොට්ටුවෙන් ගෙනාපු සමනළ විරෝධයත් එක්ක හරියටම එක මත එක පිහිටනවා. ප්‍රොපගැන්ඩාව එලිවෙනවා. මේ සමරිසි විරෝධය පිටිපස්සෙ තියෙන්නෙ ජාතිවාදී ආගම්වාදී රාජපක්ෂ දේශපාලනයේ ජනප්‍රිය මතවාදයමයි. පැණියෙ ඉඳන් සමරිසිභාවය දක්වාම විද්‍යාව සපයන්නෙ එකම අධිකාරියක්.

    දැන් අපි අමාව පැත්තකින් තියලා මේ කතාවෙ ඇත්ත පැත්ත ගැන බලමු. අමා දිසානායක කරපු පර්යේෂණයන් අනුව කොහොම වුනත් ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විදිහට සමලිංගිකත්වය කියන්නෙ කිසිසේත්ම මානසික ව්‍යාධියක් නෙමෙයි. විකෘතියක් නෙමෙයි. පූර්ණ නිරෝගී මනුස්සයෙකුගේ ලිංගික පිහිටීම සමලිංගික වෙන්න පුළුවන්. ඒක තමයි ලෝකය පිළිගන්නා විද්‍යාත්මක මතය වෙන්නෙ.

    ස්ත්‍රී හෝ පුරුෂ සමලිංගිකභාවය, බයිසෙක්ෂුවල් නැත්තං ද්විත්ව ලිංගිකභාවය, සංක්‍රාන්ති හෝ අන්තර් ලිංගිකභාවය යන කිසිවක් රෝගී, විකෘති තත්වයන් නොව ඒවා මානව ලිංගිකත්වයේ විවිධත්වයන් හැටියෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගන්නවා.

    ඒ ගොල්ලොන්ගෙ තියෙනවා ICD- International Classification of Diseases කියල අන්තර්ජාතික රෝග වර්ගීකරණයක්. 1977 වෙනකල් ඒකෙ සමලිංගිකත්වය රෝගයක් වශයෙන් දක්වලා තිබුන. ඒත් 1990 වෙද්දි ලෝක සෞඛ්‍ය සංවිධානය ඒක ඉවත් කරලා සමලිංගිකත්වය නිරෝගී ලිංගික තෝරාගැනීමක් හැටියෙන් අවධාරණය කළා.

    නමුත් මේ අමා දිසානායක වගේ අය විසින් නිර්මාණය කරන හෝමොෆෝබියා කියන තත්වය, ඒ කියන්නෙ සමලිංගික භීතිකාව මානසික රෝගී ලක්ෂණ දරන්න පුළුවන් කියල ලිංගික වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජර්නලයේ පළවෙන පර්යේෂණයකින් එලිවෙනවා. හෝමොෆෝබියාව ඇති අයගෙ සයිකොටිසිසම් පෞර්ෂයක්, ඒ කියන්නෙ ප්‍රකෝපකාරී, අනෙකා කෙරෙහි වෛරය මුසු, ආවේගකාරී, සමාජ විරෝධී හැසිරීම් සහ අපරිණත ආරක්ෂන යාන්ත්‍රණ (ඩිෆෙන්ස් මිකැනිසම්) දරන පෞර්ෂයක් දකින්න ලැබෙනවා කියල ඒ පර්යේෂකයන් කියනවා. මේ පෞර්ෂය ඇති අය මනෝව්‍යාධිමය තත්වයට පත්වීමේ අවදානමක් දරනවා.

    අනිත් පැත්තෙන් මේ හොමෝෆෝබියාව නිසා සමාජයේ සමලිංගික දරුවන්ට ආතතිකර තත්වයක් ඇති කරනවා. ඒ අයට මානසික කායික පීඩා ඇතිවිය හැකි වාතාවරණයක් නිර්මාණය කරනවා. ඒකෙන් ඒ දරුවන් තුල ඩිප්‍රෙෂන් වගේ රෝගී තත්වයන් ඇති කරන්න පුළුවන්. මේ නරක ප්‍රතිඵලත් අවසානයේ දරන්න සිද්ද වෙන්නෙ සමාජයටයි. විවෘතව ලිංගිකත්වයන් බාරගන්නා සමාජයක පුරවැසියන්ගේ මානසික තත්වය වඩා යහපත් සහ නිරෝගී බව පර්යේෂණවලින් ඔප්පු වෙලා තියෙනවා.

    සමලිංගික සහ අනෙක් ලිංගිකත්වයන් ප්‍රතික්‍ෂේප කරන ලෝකයේ එක කඳවුරක් තියෙනවා. අරාබිය, ඉරානය, උගන්ඩාව, රුසියාව වගේ රටවල සමලිංගිකත්වය පීඩාවට ලක්කරන නීති තියෙනවා. අපේ පොලිසිය ආදියට මේ ලබා දෙන උපදේශකත්වයන් හරහා අපේ රාජ්‍ය මතවාදය පිහිටන තැනත් සළකුණු වෙනවා. අපි නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වෙතින් මේ ප්‍රතිගාමී ඒකාධිපති රටවල් පැත්තට ගමන් කරමින් ඉන්නවා.

    සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මේ හොමොෆෝබියා හෙවත් සමරිසිභීතිකාව තේරුම් ගන්න හොඳ පැහැදිලි කිරීමක් ගේනවා. කෙනෙක් විෂම ලිංගික වෙන්නෙ ජීව විද්‍යාත්මක කාරණා නිසා පමණක් නෙමෙයි කියල ෆ්‍රොයිඩ් කියනවා. මේ දැඩි විෂම ලිංගිකත්වය පිටිපස්සෙ තියෙන්නෙ දෙමව්පියන්ගෙන් සහ සමාජයෙන් ලැබෙන සමරිසි විරෝධය බව එයා කියනවා. ඒ කියන්නෙ අපි විෂම ලිංගික වෙන්නෙ සමලිංගිකත්වයට ඇති බය නිසා.

    ෆ්‍රොයිඩ් කියන විදිහට හැම දරුවෙකුටම තමන්ගේ සමාන ලිංගික මව හෝ පියා ගැන ආකර්ශනයක් පවතිනවා. මේක විසඳෙන්නෙ ඊඩිපස් සංකීර්ණයෙදි. ඒත් සමහර අයගෙ මේක හරියට විසඳෙන්නෙ නෑ. ෆ්‍රොයිඩ්ගෙ අදහස් තවත් ඉස්සරහට අරගෙන ගිහින් සැන්ඩර් ෆෙරන්චි කියන හංගේරියානු මනෝවිශ්ලේෂකයා මේ සමරිසිභීතිකාව ගැන තවදුරටත් හොයනවා. මේ භීතිකාව පිටිපස්සෙ තියෙන්නෙ තමන්ගේ යටපත් කළ ආශාව කියලා ෆෙරන්චි කියනවා. සමරිසිභාවය ගැන තියෙන බය, පිළිකුල, විරෝධය තමන් තුලම ඒ ගැන පවතින කැමැත්තට ප්‍රතිවිරෝධයක් හැටියෙන් ඇතිවෙන තත්වයක් කියල ෆෙරන්චි විස්තර කරනවා.මේ සමරිසිභීතිය පිටිපස්සෙ තියෙන තව කාරණයක් තමයි සිම්බොලික් රේසිසම් නැත්තං සංකේතමය වර්ගවාදය කියන එක. කලුසුදු භේදය, දෙමළ සිංහල භේදය ආදී විදිහට අපි හදාගත්ත අපේ කල්පිත වටිනාකම් පද්ධතියක් වඩා උසස් සහ මාරයි කියන හැඟීම මේ ලිංගික ප්‍රශ්නෙදිත් තියෙනවා. සමරිසිභාවය එක්ක අපි ස්වභාවිකයි කියල පිළිගන්න පවුල, ලිංගිකත්වය, අපේ ලිංගික තත්වය වගේ සංකේතීය කාරණා අර්බුදයට යනවා. අපේ ආගම්වලින් ගොඩනගපු ගතානුගතික විශ්වාස අවුලට යනවා. එතකොට අපිට අනාරක්ෂිත තත්වයක් ඇතිවෙනවා. අපි බය වෙනවා. ප්‍රචන්ඩ විදිහට ඒක යටපත් කරන්න හදනවා. සමරිසි විරෝධය පිටිපස්සෙ තියෙන්නෙත් ජාතිවාදය ආගම්වාදය පිටිපස්සෙ තියෙන වර්ගවාදයම තමයි. එක විදිහක වෙනස් කොට සැලකීමක් තියෙන කෙනෙක් ළඟ අනිත් සියල්ලත් අඩුවැඩි වශයෙන් තියෙන්නෙ ඒකයි. උදා විදිහට ජාතිවාදියෙක් නම් බොහෝවිට එයා සමරිසි විරෝධියෙක්. මේ හෝමොෆෝබියාව රාජපක්ෂ මතවාදය එක්ක ඉබේටම ගැටගැහෙන්නෙ මෙතනදි. ඇත්තටම මේ ලිංගිකත්වය පිළිබඳ අර්බුදය තමයි ජාතිය ආගම රකින්න කියල සිංහ වෙස් අරගෙන හපන්න පනින්නෙ.


    Chinthana Dharmadasa