Tag: magazine

  • හැට වසරක ප්ලේබෝයි උපදේශන සේවයෙ අපූරු මතක සටහන්

    හැට වසරක ප්ලේබෝයි උපදේශන සේවයෙ අපූරු මතක සටහන්

    මේ ඉතා කෙටි ලිපිය නම් ලියැවෙන්නේ ස්වීඩනයේ ප්ලේබෝයි සඟරාවේ මේ වසරේ 2021 නොවැම්බර් කලාපයේ පළ වූ ලිපියක් ඇසුරෙන්. ලිපිය ටිකක් දිගට තිබුනත් අප සිත්ගත් එක පාඨක ප්‍රශ්නයක අනුවර්තනයක් පමණක් මෙහි ඇත.

    මේ අකෘතියේ ප්‍රශ්න සහ පිළිතුරු ලංකාවේ අපට ද අරුමයක් නොවේ.
    අසූ ගණන්වල සිරිකත තරුණයා වැනි පුවත්පත්වල ද මෙවැනි විශේෂාංග ජනප්‍රියව පැවතුණි.

    මේ ඇත්තේ ද එවැනිම අසූ ගණන්වලත් ප්‍රචලිතව තිබූ ප්‍රසිද්ධ සඟරාවල පවත්වා ගෙන ආ පාඨක ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීම හරහා සිදුකළ ලිංගිකත්වය පිළිබඳ පැහැදිලි කිරීම් සහ දැනුවත්භාවය වර්ධනය කිරීමේ වැඩපිලිවෙලක් යැයි සිතිය හැකි විශේෂාංගයකි‍න් උපුටා ගත්තකි. මේ අයුරු වූ විශේෂාංග ඔස්සේ ඇමතු විශය පථය වන යම් ආකාරයේ සැඟව පැවති ලිංගිකත්වය පිළිබඳ රසාලිප්ත ගැටළු පුවත්පත හෝ සඟරාව වඩාත් තරුණ අය අතර ජනප්‍රිය කරවීමට යෙදු උපක්‍රමයකි. කාලයාගේ ඇවෑමෙන් මේවා සංස්කරණය හා නිර්මාණය කිරීමෙහිලා යෙදුනු අය එළිදරව් කර ඇත්තේ මේසයක් වටා වාඩි වී සේරම ප්‍රශ්නත් පිළිතුරුත් පිළිසඳරේ යෙදෙමින් ලියා පළ කළ බවකි. එනම් කිසිදු පාඨකයෙකු සිය අවංක ප්‍රශ්නයක් ලියා කවදාවත් පුවත්පත වෙතට තැපැල් කොට නැති බවය.

    පසුකාලීනව ගුවන්විදුලිය සහ දුරකතනය එකට මුහුවීමේ තාක්ෂණික කඩඉම පැනීමත් සමගම මෙවැනිම විපර්යාසයක් සිදු විය.

    සමහර රේඩියෝ ද අසන්නන් යැයි දැනෙන සේ මුදල් ගෙවා හොඳින් නිරවුල්ව පොයින්ට් එකට කතා කළ හැකි අය ලව්වා ස්වාභාවික ලෙස තම රේඩියෝවට කතා කරන අය සේ ඇඟවෙන සේ නොයෙකුත් වැඩසටහන් මැද්දේ රැඩිකල් අදහස් දක්වන්නට ඉඩකඩ සැලැස් වූ බව නොරහසකි. පොදුවේ අසන්නන් මේවා දන්නේ නැත‍.

    ලංකාවේ එසේ විය හැකි වුවත් ස්වීඩනයේ එසේ විය නොහැකියැයි අපට සිතිය හැකිය.

    මේවා කවුරුන් හෝ ඇත්තටම පුවත්පතේ සංස්කාරකවරු වෙත එවා අසන්නට ඇතැයි අපි සිතමු. මේ තෝරාගත් ප්‍රශ්න සහ පිළිතුරු ප්ලේබෝයි ස්වීඩන් සගරාවේ සංස්කාරකවරු පවා විමතියටත් විනෝදයටත් පත් කළේ යැයි සඳහන් බැවින් අවධානය යොමු කිරීමට වැදගත් යැයි සිතේ.

    මුල් ලිපියේ අන්තර්ගත ප්‍රශ්න බොහොමයක් ලංකාවේ අපට අදාළත්වය ඉතා අඩු බැවින් ඒවා අතැර දමා මදක් රසවත් කොටසක් පමණක් තෝරා ගන්නට සිතුවෙමු.

    මේ ප්‍රශ්නය දෙදාස්ගණන්වල යොමු වූවකි. සඳ පිළිබඳ ඇති වූ කුතුහලමය ප්‍රහේලිකාවකි. රසවත්ය.

    මේ පිළිතුරු සම්පාදනය කරන උපදේශක තුමා වඩාත් ප්‍රසිද්ධ ඕනෑම ගැටළුවකට සීරියස් පිළිතුරු දෙන්නකු ලෙසය. එමෙන්ම සෑම ගැටළුවකටම ගෞරවාන්විතව සැළකූ අයෙකු ලෙසය. එබැවිනි මේ මතුපිටින් විකාරසහගත බවක් පෙනෙන මේ ගැටළුවටත් අවධානය යොමුවී ඇත්තේ.

    ප්‍රශ්නය

    මගේ බිරිඳ පවසන්නේ පුර පෝය සඳ පෑයු දවස්වල මගේ ප්‍රාණවත් වූ ශිශ්ණය වඩාත් විශාලව පේන බවය. නමුත් ඇය කී දේ මා විශ්වාස කරන්නේ නැති බැවින් ඇය සෑම රාත්‍රියකම මගේ ප්‍රාණවත් වූ ශිශ්ණය පුරා මාස දෙකක් තිස්සේ මැන වාර්තාවක් සකස් කරන්නට ගත්තාය. ඇත්තටම පුර පෝයට කලින් සහ ඒ දිනයේ මෙන්ම පසුදිනත් මගේ ප්‍රාණවත් ශිශ්ණය අඟල් බාගයක් අනෙකුත් දිනවලට වඩා දිගින් වැඩි බැව් නිරීක්ෂණය විය. මේ ගැන ඔබ මීට පෙර අසා ඇත් ද? මේ සංසිද්ධියට ස‌ඳේ ගුරුත්වාකර්ෂණ බලයේ බලපෑමක් තිබේ ද?
    -ආර් ජේ නිව්යෝක්‍

    පිළිතුර

    ඒ්ක නම් හරිම අලුත් දෙයක්. ඔබගේ ලිංගික පෙදෙස ආශ්‍රිත රෝමවලත් ඝණකම වැඩිව දැනෙනව ද ඒ කාලයේ? අපට සැකයක් නෑ ඔබගේ ශිශ්ණය වර්ධනය වන වගට නමුත් ඒ සඳහා බලපාන එකම සඳ නම් ඔබගේ බිරිඳගේ තට්ටම්වල ප්‍රමාණය බව නම් නිසැකය. ඔබ දෙපළම එය සඳ එලියේ දී විශාලව පෙනෙන බවට සිතමින් ඔබ සහ බිරිඳ ඒ මිනුම ගැනීමට පෙළඹෙන ක්‍රියාවලිය තුළ සිදුවන පිබිදීම හෙයිනි ඒ විශාල බව නිරීක්ෂණය වන්නට ඇත්තේ යැයි අපට සිතේ. අන්න ඒ පිබිදීම නිසා ඇති වූ ප්‍රතිඵලයක් ලෙස අර වැඩි වූ අඟල් බාගය මිනුමට හසු වන්නට ඇතිය කියා අපි සිතමු. නැත්නම් සාමාන්‍ය තත්වයන් යටතේ එවැන්නක් බලාපොරොත්තු විය නොහැකිය. සඳට ඔබගේ සිරුරේ රුධිරය හෝ දියර චලනය කිරීමට හැකියාවක් නොමැති මුත් මහ සයුරේ වඩදිය සහ බාදිය නිර්මාණය කිරීමේ හැකියාවක් නම් ඇත. අනික් අතට ගුරුත්වාකර්ෂණ බලය රඳා පවතින්නේ සඳ සහ පෘථිවිය අතර ඇති දුර ට ඇති සම්බන්ධයකිනි‍ නොඑසේ නම් කාලයේ රටාවකට නොවේ. කොහෙම වුණත් ඔබගේ බිරිඳ දෛනිකව ඔබගේ ශිශ්ණය ප්‍රාණවත් කර පරීක්ෂාවට ලක් කිරීම දිගට ම කරගෙන යාම ඉතා හොඳය.


    අනුවර්තක අඥාතයි

  • 1954 පළවූ විවාහකයන්ගේ සඟරාව

    1954 පළවූ විවාහකයන්ගේ සඟරාව

    1948 පළවූ ගිහිගේ වැඩිහිටි සඟරාවට වඩා ලොකු වෙනසක් 1954 පළවෙන විවාහකයන්ගේ සඟරාවෙ තියෙනවා. ගිහිගේ සඟරාව බෞද්ධ සහ වෙනත් ඇදහිලි මිත්‍යා සමග පවත්වන සම්බන්ධය විවාහකයන්ගේ සඟරාවේදි අපිට මුනගැහෙන්නෙ නෑ. ඒ වෙනුවට ඒ කාලෙ හිතාගැනීමට පවා අපහසු විද්‍යාත්මක කාරණා ස්පර්ශ කිරීමේ උනන්දුවක් මේකෙ තියෙනවා. නුගේගොඩ මොඩර්න් පොත් සමාගම ලිංගික විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා විශාල මෙහෙවරක් කරලා තියෙනවා.

    “අප සමාජය පුරුදු කර ඇති ව්‍යාජ ලැජ්ජාශීලී ගතිය මෙම අවශ්‍ය දැනුම ලබාගැනීම බාධා කරන තිරයකි. එයට අප වහල්විය යුතු නොවේ. කාමය උල්පන අවිනීත කුණුසරුපයෙන් නොව අවශ්‍ය ලිංගිකත්වය සම්බන්ධයෙන් ශාස්ත්‍රීය දැනුමක් ලබාගැනීමට උපකාරවන අන්දමින් මෙම සඟරාවේ මංගල කළඹ ඔබ අත තබනෙමු”

    1922 පළවෙන ෆ්‍රැන්සිස් මාර්ෂල්ගෙ ෆිසියොලොජි ඔෆ් රිප්‍රොඩක්ෂන් වගේ පොත්වලින් උපුටාගැනීම් පළකරමින්, බ්‍රිතාන්‍ය ආදී රටවල ලිංගික සංස්කෘතිය ගැන විස්තර කරමින් විවාහකයින්ගේ සඟරාව විසින් ලංකාවට සම්පාදනය කරන දැනුම ප්‍රශස්ත මට්ටමක තියෙනවා. ඒ වගේම ඒ කාලෙ පාවිච්චි වෙන වචන පවා වෙනස්. උදා විදිහට කන්‍යාසිවිය වෙනුවට ප්‍රශස්ත රජ්ජුව කියල යොදනවා. ප්‍රශස්ත රජ්ජුව විවර නොවී තිබියදීත් ගැබ් ගැනීමට ඇති හැකියාව ගැන සාකච්ඡා කරනවා.

    කාලයක් පුරා විවාහයේ ර‍සය පවත්වාගන්න කායික අනුරාගයේ ඇති වැදගත්කමත් රති ඉරියව් ගැනත් කතා කරනවා. උපත් පාලනයේ වැදගත්කම අවධාරණය කරනවා. ඒ කාලෙදි උපත් පාලනයත් පවක් හැටියෙන් සළකන ලද වගක් තමයි පේන්න තියෙන්නෙ. විවාහකයන්ගේ සඟරාව විසින් ගබ්සාව පාපයක් වන අතර ගැබ්ගැනීම වැළැක්වීම පාපයක් නොවෙන හැටි පැහැදිලි කරනවා. ගබ්සාව විෂයෙහි පසුගාමී අදහසක් වුනත් ඒ කාලය සම්බන්ධයෙන් වඩා ප්‍රගතිශීලී තැනක මේ සඟරාව වැඩ කරමින් තිබුණු වගක් පේනවා.

    වැදගත්ම දෙයක් තමයි සිරුර සුවඳවත් කරන ආකාරයන් ගැන දැනුම ලබාදීම. ඒ කාලෙ ඩියොඩ්‍රන්ට් වර්ග තිබුනෙ නෑ. ඩියොඩ්‍රන්ට් තියෙන අද කාලෙත් ස්වභාවික ගැමි සුවඳ ගැන වර්ණනා ලියන හෙළයො බොහොමයි. ඒත් මේ සඟරාව සිරුරේ එක් එක් ප්‍රදේශ සුවඳවත් කරන පිළිවෙත් කියා දෙනවා. සම්භෝගයේදි සුගන්ධවත්බවහෙි වැදගත්කම අවධාරණය කරනවා.

    ප්‍රසුතියකින් පසු ලිංගික කාර්යයේ යෙදිය යුතු අන්දම, සැබෑ නිවුන් සහ ව්‍යාජ නිවුන් දරුවන් අතර වෙනස, නපුංසකයන්, ඌන සහ අධිවෘද්ධි ලිංගිකයන් ආදී තත්වයන් ගැන තොරතුරු කියනවා. වැදගත්ම ලිපියක් විදිහට ආගම සහ ලිංගිකත්වය ගැන සාකච්ඡාවක් පළවෙනවා.

    ‘රති කලාවො දුරාතීතයේ නම් ප්‍රමුඛ ආගමික ලක්ෂණයක් විය. පියවි මිනිසුන් බොහෝ සෙයින් මෙම ස්වභාවික රස වරප්‍රසාදය ආගම හා සම්බන්ධ කොට සිරිත් විරිිත් තනාගත් බව පෙනේ. බැබිලොනිය, ග්‍රීසිය, ඉන්දියාව වැනි දේශයන්හිද සමෘද්ධිමත් කාලයන්හි පවා රති පූජාව ආගමික චාරිත්‍රයක්ව පැවතිනි. ශිව ලිංගිය ශුක්‍රයෙන් පූජා කිරීම මෑතක් වන තුරු දකුණු ඉන්දියාවෙ සිරිතක් විය.’

    සියලු පැරණි ආගම් ලිංගිකත්වය බාරගනිද්දී ‍බුද්ධාගම, ජෛන ආගම, ඉස්ලාමය සහ ක්‍රිස්තියානිය විසින් ලිංගිකත්වය බැහැර කරන ආකාරය මේ ලිපිය පෙන්වා දෙනවා. විනය පිටකයෙ පාරාජිකා පාලියෙන් උදාහරණයක් ගෙනෙමින් භික්ෂුවක් විසින් ස්ත්‍රියකගේ ස්ථානත්‍රයක් සංසර්ගයෙන් සේවනය කළහොත් එය පාරාජිකාවක් වන හැටි කියනවා. ඒ තුන වෙන්නෙ මුඛ මාර්ගය, ගුද මාර්ගය සහ යෝනි මාර්ගය යන තුනයි. ඒ කාලෙ පටන්ම මේ බහු ආකාර සංසර්ග විධි පැවතුනත් අසූගනංවලත් බ්ලෝජොබ් එකක් දෙන්න ලංකාවෙ ගෑනු දැනගෙන හිටියෙ නැති එක පුදුමයක්. බ්ලූ ෆිල්ම්වලට පිං සිද්ද වෙන්න දැන් නම් ඒ අර්බුදය අවසන්.

    විවාහකයන්ගේ සඟරාව වඩාත් නාගරික, ඒ වගේම බටහිර විද්‍යාත්මක දැනුමට නැඹුරු වුණු සඟරාවක් බව පේනවා. මේ දැනුම පරිශීලනය කරපු පිරිස් ගැන යම් වටහා ගැනීමක් ගන්න තිබුණා නම් ඉතා වැදගත් කියල හිතෙනවා. මොනවා වුනත් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව වෙමින් ලිංගිකත්වය කුණුහරුපයක් බවට පත්වෙන්න පෙර කාල‍යේදී,  54දි මේ වගේ සඟරාවක් කරන්න මොඩර්න් පොත් සමාගම පෙළඹීම අගය කළ යුතුයි.

    (මේ ස්කෑන් පිටපත් ලබාදීම වෙනුවෙන් නන්දිත බැද්දේගමට අපගේ ස්තුතිය)