Tag: rape

  • විශ්ව විද්‍යාලවල ලිංගික පීඩනය පර්යේෂණවලින් හෙලිවේ !

    විශ්ව විද්‍යාලවල ලිංගික පීඩනය පර්යේෂණවලින් හෙලිවේ !

    ලංකාවෙ නිදහස් අධ්‍යාපනයේ මුදුන් මල්කඩ කියන්නෙ විශ්ව විද්‍යාලවලටයි. රටේ අධ්‍යාපනයෙන් ඉහළම ලකුණු ලැබූ අය තමයි මෙතන ඉගෙන ගන්නෙ. මේ විශ්ව විද්‍යාල පද්ධතියේ නවක වධය සහ ලිංගිකත්වය, ස්ත්‍රී පුරුෂ සමාජ භාවය මත පදනම් ප්‍රචන්ඩත්වය පිළිබඳ සමීක්ෂණ වාර්තාවක් පහුගිය දවසක එලිදැක්වුනා.

    රාජ්‍ය විශ්ව විද්‍යාල 08ක 5000ක පිරිසක් මේ සමීක්ෂණය සඳහා සහභාගි වුනා.

    එතනදි පෙනී ගිය කාරණයක් වුනේ විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලයෙන් 46%ක් වාචික ලිංගික ප්‍රචණ්ඩත්වයන්ට ගොදුරු වෙන බවයි.මේ අයගෙන් 22%කගෙන් ලිංගික අල්ලස් ඉල්ලා තිබෙනවා. 20%ක් ශාරීරික ලිංගික ප්‍රචන්ඩත්වයන්ට ලක්වෙලා තියෙනවා.

    මෙතනදි මේ ලිංගික පීඩාවන් සිද්ද වෙන්නෙ ආචාර්ය මණ්ඩලය පැත්තෙන්ද නැත්නම් සිසුන් අතින්ද කියන කාරණය පැහැදිලි නෑ. කොහොම වුනත් වැඩි විභවයක් තියෙන්නෙ ආචාර්ය මණ්ඩලය පැත්තට. ලංකාවෙ උගත් යැයි සම්මත පිරිස අතර ශිෂ්ටබව ගැන ලොකු අර්බුදයක් මේ සමීක්ෂණය අනුව එලියට එනවා.

    මේ අතර සිසුන්ගෙන් 17%ක් වාචිකව ලිංගික හිංසනයන්ට මුහුණ දෙනවා. 1.8%ක් පීඩාකාරී නවක වධයන්ට ගොදුරු වෙනවා.

    සරසවි ශීෂ්‍යන්ගෙන් 50%ක් නවක වධයට මුහුණ දෙන බවයි දත්ත අනුව පෙනී යන්නෙ. එතනින් 34%ක පිරිසක් අප්‍රසන්න මානසික අත්දැකීම්වලට ලක්වෙනවා. 23%ක පිරිසක් කායික නවක වධයට මුහුණ දෙනවා.

    මේ වාර්තාව එලියට ආපු ගමන් විශ්ව විද්‍යාල ප්‍රජාව මේක විශ්ව විද්‍යාල පෞද්ගලීකරණ සැලසුමේ කොටසක් විදිහට දක්වමින් නිෂ්ප්‍රභා කරන්න උත්සාහ කළා. මෙවන් වාර්තාවක් පිටතට ආ සැනින් එය වගකීම්සහගතව බාරගනිමින් වහාම තත්වය පරීක්ෂා කරන්න උනන්දු වෙනවට වඩා මේ උගතුන් වෑයම් කලේම එවැන්නක් නැති බව හඟවන්නයි. ඒ උත්සාහයම මේ තත්වය යතාර්ථයක් වග සනාථ කරනවා.

    ලංකාවෙ දැවැන්ත ලිංගික අර්බුදයක් පවතින බව අපි කියන්නෙ බොහෝ කාලයක පටන්. සම්පූර්ණ අධ්‍යාපන ක්‍රමය හරහාම ලිංගිකත්වය යටපත් කරමින් මේ අසහනකාරීත්වය වැඩිදියුනු කරනවා. අධ්‍යාපන ක්‍රමය තුලම කුහකත්වය නිර්මාණය කරනවා. ස්වභාවික තත්වයක් විදිහට මේ පීඩාව තනි තනි ස්ත්‍රීන් පුරුෂයන් සහ වෙනත් ලිංගිකයන් මතින් පුපුරා යනවා. මේ වරද ඒ පුද්ගලයන්ගේ වරද පමණක් නෙමෙයි. මේක තමයි ක්‍රමයේ අර්බුදය. රටේ උගත්කම පිටුපස ඇති සැබෑ හෙළුව.

    රටේ සංස්කෘතිය ලිංගිකව වීවෘත නොවුනු තත්වයක, සියලු ආශාවන් සහ ලිංගිකත්වයන් ජාතියක් හැටියෙන් යටපත් කළ තත්වයක රටේ උසස්ම අධ්‍යාපන ආයතනවල තත්වය මෙබඳු වීම පුදුමයක් නෙමෙයි. දැන් වාර්තා හැටියට මේ දේවල් පිටතට පැමිනීම විතරයි සිද්ද වෙන්නෙ. විශ්ව විද්‍යාල තුල පවතින දැඩි ලිංගික අර්බුදය ඒ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබූ කාටවත් නම් රහසක් නෙමෙයි.

    මේ ගැන මෑත මුනගැසීමකදි කථිකාචාරය අනුරුද්ධ ප්‍රදීප් එක්ක කෙටි කතාබහක් ඇතිවුනා. එතනදි අනුරුද්ධ කිව්වෙ විශ්ව විද්‍යාල තරම් සෙක්ස් තියෙන තැනක් ලංකාවෙ නෑ කියල. එයාගෙ අදහස වුනේ විශ්ව විද්‍යාල යනු ලිංගිකව නිදහස් කලාපයක් කියන එක. ඒත් විශ්ව විද්‍යාලවල ලිංගිකත්වය පවතින්නෙ වසන් වූ රහස් දෙයක් විදිහට. දැඩි විෂම ලිංගික බලයකට යටත්ව. ලිංගිකත්වය රහසක් බවට පත්වෙනවා කියන්නෙම පීඩාකාරීත්වයක් නඩත්තු කරනවා කියන එක. සමාජයට පෙන්වන රුවට යටින් වෙනත් චරිතයක් පවත්වාගෙන යනවා කියන එක. ඒකට ලිංගික නිදහස කියල කියන්න බෑ. ඒක තමයි ඇත්තටම ලිංගිකත්වය යටපත් කළ සංස්කෘතියක මතුවන ලිංගික කුහකත්වය.

    මේ සමීක්ෂණ වාර්තාවෙන් එලියට එන්නෙ අන්න ඒ ලිංගික සිරවීමේ ප්‍රතිඵලයි. මීට අමතරව ගබ්සා ප්‍රමාණය ආදිය ගැනත් හරිනම් සොයාබලන්න ඕන. මොකද එතනින් අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා ලංකාවෙ උසස්ම අධ්‍යාපන ස්ථානවල පවතින ලිංගික අධ්‍යාපනයේ මට්ටම.

  • දැරිය දවාලූ ගින්දර කාගෙද?

    දැරිය දවාලූ ගින්දර කාගෙද?

    ලංකාවෙ එක ළඟ එක ලිංගික අර්බුද තුනක් ඉස්මතු වුනා. සෙක්ස් චැට් එකක බලහත්කාරය කියන උපරි ව්‍යුහයේ තැනකින් පටන් ගත්ත අසහනය ඇවිලිලා ගිහින් බදුර්දීන්ගෙ ගෙදර දැරියක් දවා පුළුස්සා මරා දැම්මා. ඒක හරිම අයිරොනිකල්. ගින්දර කියන්නෙම මනෝවිශ්ලේෂනයට අනුව සෙක්ස්. තහනම් වූ ආශාවන්. බූමිතෙල් හලාගෙන ගිනි තියාගත් ඇගේ ශරීරය ලිංගිකව අතවරයට ලක්වී තිබුන.

    මුලින්ම රාත්‍රියේ තොන්ග් එක පෙන්නන තැනින්, දාර්ශනිකත්වයේ බලහත්කාරයෙන් ඇරඹුන සංවාදය ඊට පස්සෙ පහලොස් හැවිරිදි දැරියක් අපයෝජනය කළ ලැයිස්තුවකින් වැහුන. ඒ අපයෝජන ලැයිස්තුව ගිනිබත් කරමින් තවත් ඒ වයසෙම දැරියක් අතවරයට ලක්වී දිවි නසාගත්තා.

    සදාචාරය සහ නීතිය පැත්තකින් තිබ්බොත් පෙර සිදුවීමේ දැරියට නිදහසක්, තෝරා ගැනීමක් තිබුන. ඇයට වෘත්තීයභාවයක් තිබුන. ආරක්ෂාවක් තිබුන. වරද තිබුනෙ නීතියෙන් තහනම් වයසක් වුනු එකයි. ඇයව ගිනි තියාගන්න තත්වයට පත් කරන්නෙ, ලෝකාපවාදයට ලක් කරන්නෙ සදාචාර නීතියේ මැදිහත්වීම විසිනුයි. ඇය සමග යහන්ගත වූ පිරිමින් ගනං කරමින් ඇයව ගල් ගසා මරාදැමීමට යෝජනා කරමින් සිටි සදාචාරවාදීන්ගේ රෙද්ද ගැලවී යන මොහොත දැන් උදාවෙලා තියෙනවා. සැබෑ අපරාධය යනු කුමක්ද යන ප්‍රශ්නය ගිනි ගත් පහලොස් හැවිරිදි දරියකගේ සිරුරක් විලාසයෙන් සදාචාරය මත්තට කඩාපැනලා තියෙනවා.

    මේ දෙවෙනි දැරියට තෝරා ගැනීමක් නෑ. ඇයට නිදහසක් තිබිලා නෑ. ඇයට කිසිදු ආරක්ෂාවක් තිබිලා නෑ. ඇය කිසිදු වෘත්තීමයභාවයකින් තොරව බදුර්දීන්ගේ නිවසේ මෙහෙකාරියක් විදිහට ඉඳලා තියෙනවා. ඇයට මාසෙකට රුපියල් විසිදාහක් ගෙව්වා කියනවා. පළමු ව්‍යවස්ථාපිත දූෂනයට ලක්වූ දැරිය එක වරකට රුපියල් විසිදාහක මුදලක් අය කළ වගක් කියවුනා.

    මුලින්ම මෙහෙකාර දැරියක් ගිනි තියාගත්තා කියන ප්‍රවෘත්තිය පළවුනා. ඒ ගැන කිසි කෙනෙකුට ඒ තරම් ගානක් තිබුනෙ නෑ. හරියට මෙහෙකාර දැරියන් ගිනි තියාගැනීම සාමාන්‍යයක් වගේ තත්වයක් තිබුනෙ. ඊළඟට ඇය ලිංගික අතවරයට ලක්ව සිටි වග හෙළිදරව් වුනා. ඒකෙන් ඒක ප්‍රවෘත්තියක තත්වය ලබාගත්තා. හැබැයි කලින් දැරිය වගේ මේ සිද්දිය තලුමරන්න පුළුවන්කමක් තිබුනෙ නෑ. දුප්පත්කමත්, බලහත්කාරයත්, ඒවාට ජීවිතයෙන් විරෝධය පාමින් දැවී පිළිස්සී ගිය සිරුරකුත් විතරයි ඉස්සරහ තියෙන්නෙ. ප්‍රශ්නය ඇත්තටම පවතින තැන අමුවෙන් පුළුටු ගඳ විහිදුවමින් තියෙනවා.

    මේ සම වයස් දැරියන් දෙන්නාගේ කතාව පුදුමසහගත රූපකමය අර්ථයක් දරනවා. එක්කෙනෙක් සිංහල. අනෙකා දෙමළ. එක්කෙනෙක් අපේ සමාජයේ සදාචාර බහුතරය විසින් යෝජනා කරන පරිදි ඇඟ විකුණන්නෙ නැතුව ශ්‍රමය විකුණන්න බංගලාවට එනවා. මිළක් නැතුවම අවශ්‍ය විටෙක ශරීරය සම්පාදනය කරන්න ඇයට සිද්ද වෙනවා. අන්තිමට ඒ ආත්ම ගෞරවය පිළිබඳ කාලකණ්ණි සමාජ බලහත්කාරය විසින් ඇයව ගිනි තියාගෙන මැරෙන තැනකට පත් කරනවා.

    අනෙක් දැරිය ඒ වෙනුවට සදාචාරයට බම්බු ගහගන්න කියල මුදලට යහන්ගත වීම තෝරගන්නවා. ඇය කිසිම අර්බුදයකින් තොරව මවගේද උදව් ඇතුව යම් ආර්ථිකයක් එයින් උපයාගන්නවා. සමාජයේ ඉහළම ස්ථරවල විවිධ අය ඇයට මුදල් ගෙවා ඇගේ පහස ලබාගන්නවා. එතනදි නීතිය ප්‍රචන්ඩ විදිහට කඩා පනිමින් ඇයව සමාජයක් ඉදිරියේ නිරුවත් කරනවා. ඇය ගිනි තියාගෙන මැරෙන්නෙ නැත්තෙ ඇයි කියල සදාචාරවාදියො ප්‍රශ්න කරනවා.

    මෙතනදි සදාචාරයේ ආශීර්වාදය ලබමින් අඩු වයසින් ගෙදරක මෙහෙකාර සේවයට ගිය දැරියට වඩා සදාචාරය නොතකා හරිමින් ලිංගික ශ්‍රමිකයෙක් ලෙස මුදල් ඉපැයීම තෝරාගත් දැරිය ප්‍රගතිශීලියි. පීඩිත බවේ පතුලේ ඉඳන් සදාචාරය රකින්න යාමෙන් වෙන කෙනෙකුගේ අපචාරයේ ගොදුරක් වෙනවාට වඩා දෙයක් සිද්ද වෙන්නෙ නෑ. ඇත්තටම මේ පොදු සදාචාරයේ කාර්යය වෙන්නෙ ඒ ගොදුරු නිර්මාණය කරන එකයි. තෝරගන්න තියෙන්නෙ තමන්ගේ නිරුවතෙහි බලය තමන්ගෙ අතට ගන්නවද නැත්තං ඒක වෙන කෙනෙකුට පාවා දෙනවද කියල විතරයි.

    සෙක්ස්ට් එකක්, වර්චුවල් අකුරු පෙළක් මගින් කළ හැකි බලහත්කාරය ගැන සංවාදයක් එක තැනක යද්දි ඊට යටිතලයෙ තියෙන්නෙ ගිනි තියාගෙන මැරෙන තරමෙ අපචාරී සංස්කෘතියක්. හැබැයි ඒ සෙක්ස්ට් එකේ ඉඳන් මෙතන ගිනි තියාගැනීම දක්වාම පවතින එක හේතුවක් තියෙනවා. ඒ තමයි යටපත් කළ ලිංගික ආතතිය. සදාචාරය කියල අපි කතා කරන මිත්‍යාව. ඒ ආතතිය නිදහස් කිරීමට ඇති සියලු කවුළු වසා දමමින් අපි කරන්නෙ බලහත්කාරය ආරක්ෂා කරන එකයි. රාත්‍රියේ චැට් කවුළුවකින් දාර්ශනිකයෙක් විදිහට, ගෙදරක කාමරේ දොරෙන් තාත්තා කෙනෙක් විදිහට, පන්සලේ ආවාසෙදි හාමුදුරු කෙනෙක් විදිහට, රෑක කාමරේට ගෙදර හාමු විදිහට මේ බලහත්කාරය එබිකම් කරන්න පුළුවන්.පීඩිතයන්ගේ ශරීර පුළුස්සා දමමින් ඒ යටපත් කළ බිහිසුණු ආශාව ඇවිලී යනවා. මෙතනදි ඇත්තටම ඒ ආශාවත් අපහරණයට ලක්වෙලයි තියෙන්නෙ. නිරෝගී විදිහට විවෘතව ලිංගික ආශාවන් තෘප්තිමත් කරගන්න බැරි සමාජයක අපහරණයට ලක්වූ ආශාව සදාචාර නීතිය සහ සමාජ බලය කියන දෙයාකාරයෙන්ම පාපයක් විදිහට මෝචනය වෙනවා.

    මේ දැරියන් දෙදෙනාගේම ජීවිතවලට අපේ සදාචාරය වග කියන්න ඕන. දෙවෙනි දැරිය ගිනි තියාගන්නෙ ඒ සදාචාරයට මුහුණ දෙන්න බැරුව. පළවෙනි දැරියට ජීවත් වුනත් මළාක් වැනි තත්වයක් ඇති කරන්නෙත් ඒ සදාචාරයමයි. ඒ වගේම රාත්‍රී හුදකලාවෙ කෙල්ලෙක්ව බියපත් කරන බලහත්කාරී සෙක්ස්ට් එකක අනුරාගය නිර්මාණය කළෙත් ඒ සදාචාරයමයි.

  • ලිස්ට් එකේ නම නැද්ද?

    ලිස්ට් එකේ නම නැද්ද?

    අවුරුදු 15 දැරිය එක්ක ලිංගිකව හිටියා කියල හතලිහකට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගත්තා. ඉලක්කම් තුනේ ගානක ලිස්ට් එකක් තියෙනවා කිව්වා. අනිවාර්යෙන්ම ඔය ලැයිස්තුවට මේ රටේ හැම වෘත්තියකම, තත්වයකම කෙනෙක් ඇතුලත් වෙනවා. සඟ වෙද ගුරු ගොවි කම්කරු හැම පාර්ශ්වයකම නියෝජනයක් ඔතන තියෙනවා.

    මේක දූෂනයක් විදිහට හඳුන්වමින් කරගෙන යන්නෙ ලිංගික අලෙවියක්. නීතිමය තත්ව යටතේ බාලවයස්කාරියක නිසා ඇගේ කැමැත්ත මත ලිංගිකව හැසිරුනත් එය දූෂනයක් හැටියෙන් සැලකීමක් තමයි මෙතන තියෙන්නෙ. බලහත්කාරී ප්‍රචණ්ඩ දූෂනයක් නෙමෙයි. ඇය කරගෙන ගිහින් තියෙන්නෙ වෘත්තියක්. ඒත් ඒක නීතියෙන් වරදක්.

    නමුත් මේ සිද්ධිය හරහා මාධ්‍ය විශාල ලිංගික පුවත් වියමනක් නිමවමින් හිටියා. එක එක සැකකරුවා බැගින් හඳුන්වාදෙමින් රටේම ජනතාවට අපචාරී ලිංගික රසයක් විකුණන්න ගත්තා. මේ සිද්ධිය පිටිපස්සෙ තිබුනු සාකච්ඡාවට ගත යුතු ආර්ථික දුෂ්කරතා , පවුල සහ විවාහය, අපේ ලිංගික ආතතිය, කුහක සදාචාරය ආදී සංකීර්ණ ප්‍රශ්න කිසි තැනක කතාවට ගැනුනෙ නෑ. මේක සෙක්සි ස්කෝර් එකක් වුනා. අපි ලොකු ගැන්ග් බැන්ග් එකක් රස විඳින්න පටන් ගත්තා. අවුරුදු පහලොවක දැරියකගේ යෝනිය ඇතුලෙ අපේ සියලු සදාචාරයන් පුපුරා ගොසින් ඕජස් ලෙස පිටතට වැගිරෙන්න ගත්තා.

    මේ නම් ලැයිස්තුව කොටුවෙ එක නමක් ළඟ ඇවිත් නැවතුනා. ජනාධිපතිට ගිය කෝල්, සාසනය බිඳ වැටීම ගැන බය සංකා ගොසිප් විදිහට ආවා. කොටුවෙ නම මේ වෙනුවෙන් නීතිය ඉදිරියට ගියා. ඔන්න ඔතනින් පස්සෙ මේ අවුරුදු 15 දැරිය සම්බන්ධ සිද්ධිය වෙනස්ම ටර්න් එකක් ගන්නවා.එකපාරට රාවණ ඇල්ලෙන් රාවණාගේ මූන මතු වෙනවා. ඒත් එක්කම කිසිම තේරුමක් නැති නම් ලැයිස්තුවක් මේ ලිංගික වරදේ චෝදනා ලැබුවන් විදිහට මුදාහරිනවා. ඒ අපචාරය සම්පූර්ණයෙන් විහිළුවක් කරනවා. පණිවුඩය ඩිස්ටෝර්ට් කරනවා.

    මේකෙ අරමුණ වෙන්නෙ මේ සම්බන්ධයෙන් චෝදනා ලබන, ඊළඟට ඉන්න ඇත්ත නාමයන්ගේ අපවාදය හෑල්ලු කිරීම වෙන්න පුළුවන්. හැමෝටම චෝදනා එල්ල වුනාම ඒ චෝදනාව ජෝක් වෙනවා. සමහර විට ඊටත් වඩා දුර ගිහින් මේ සම්පූර්ණ නඩු සිද්ධියම වසා දැමීමක් වෙන්නත් පුළුවන්.

    ඒ දෙකෙන් මොකක් වුනත් අපි කැමතියි. මේ දැරියව දිගින් දිගටම අපචාරී විදිහට කෙලෙසීම හැරුනු කොට එයින් සමාජයට යහපතක් අත්වෙමින් තිබුනෙ නෑ. සදාචාරවාදියො තමන්ගේ සදාචාරය තවත් පුම්බාගනිමින් කුණු රස විඳිමින් ස්වයං වින්දනයෙ යෙදුනා. ලිංගික සතුට අහිමිව පීඩා විඳින කාන්තාවන්ගෙ කණස්සල්ල දැරිය එල්ලා මරන්න යෝජනා කරන තරමට ප්‍රචණ්ඩ වුනා. ළමා අපචාර, දූෂන සම්බන්ධව රටේ බරපතල තත්වය නම් ලැයිස්තුවක විනෝදයක් වුනා. ඊළඟට ලිස්ට් එකේ ඉන්නෙ කවුද කියන එක මිස ප්‍රශ්නය තියෙන තැන අමතක වුනා.

    හැබැයි මේ ප්‍රශ්න යට ගැසීමේ මාධ්‍ය ප්‍රවණතාව හරි ඉන්ටරෙස්ටින් එකක්. එක්ස්ප්‍රස් පර්ල් නැව ඇවිලිලා යද්දි පියුමිව උස්සලා ගන්නවා. නැව ගැන කතාව සම්පූර්ණයෙන්ම අවතැන් කරනවා. එතනදි නැවක් වහන්න ලිංගිකත්වය පාවිච්චි කරනවා. රටක් ඉස්සරහ ඇවිලෙන මහා නැවක් නොපෙනී යන තරමට අපේ යටපත් ලිංගික ආශාවන්ගේ ආතතිය විශාල වෙනවා. කතා කළේ පියුමි ගැන. කතා නොකර මගහැරියෙ අපි සෙක්ස්වලින් කොයිතරම් දුප්පත් තැනකද ඉන්නෙ කියන එක ගැන.

    මෙතනදි ප්‍රශ්නෙ ආවෙම දරුණු ලිංගික අපචාර රසයක් එක්ක. ඒ ලිංගික අපචාරීබව සමාජය පුරා උඩුදුවපු පිළිකාවක් වගේ නිරාවරණය වුනා. දවසින් දවස ප්‍රතිරූපයෙන් ප්‍රතිරූපය සමාජය ඉස්සරහ නිරුවත් වෙන්න පටන් ගත්තා. එක් දැරියකගේ යෝනියක් නිරුවත් වීමෙන් මොහොතකින් රටේ ඉහල සිට පහලටම රෙදි ගැලවුනා. 2500ක අතීතයේ හිලක් පේන්න ගත්තා. ප්‍රශ්නෙ කොටුවට යනකල් ආවා. ඊට පස්සෙ බෝගහේ හැපුනා.

    මෙතනදි මේ ලිංගික පුවත වහන්න තරමෙ පුවතක් හොයාගන්න පුළුවන්කමක් නෑ. පියුමි නෙමෙයි කාව දැම්මත් මේ අපචාරී රසය එක්ක කරටකර හැප්පෙන්න බෑ. ඉතින් කරන්න තියෙන එකම විදිහ වෙන්නෙ හැමෝම අපචාර ලැයිස්තුවට දාන එක. වෙන විදිහකින් කිව්වොත් තමන්ගේ ප්‍රතිවාදියාත් ඇතුලත් කරන එක. එතකොට මේ අපචාරය තමන් දරන මතවාදය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. තමන්ගේ ලිංගික කුහකත්වය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. අනිත් පැත්තෙන් මේ අවුරුදු පහලොවේ දැරිය එක්ක යහන්ගත වීම මුලු රටම කරපු දෙයක් බවට පත්වෙනවා. මේ අලුත් ලැයිස්තුවෙ ලිංගිකත්වය ගැන විවෘත අදහස් දරන ප්‍රගතිශීලී පිරිස් පවා මේ මඩේ ගිල්වීමේ උවමනාව පැහැදිලිව පේනවා.

    ඒක හරියටම ගැලපෙන ස්ට්‍රැටජියක්. ලිංගික ප්‍රවෘත්තියක යටපත් කළ නොහැකි බලය ගැන දැනීමෙන්ම කරපු වැඩක්. සංකේතාත්මකව කිව්වොත් අවුරුදු පහලොවේ දැරිය අපහරණය කිරීමේ වගකීම එය කළ නොකළ හැමෝටම බාරගන්න වෙනවා.

    නමුත් මේ බොරු ලැයිස්තුව වෙනුවට නිවැරදි ලැයිස්තුව හරියට පරීක්ෂා කළොත් අපේ රටේ සමාජ මනෝවිද්‍යාත්මක කාරණා සමූහයක් තේරුම් ගන්න පුළුවන්. දැනටමත් නඩු විස්තරවල කියවෙන හැටියට මේ හැම දුරකථන ඇමතුමක්ම නිමා වෙන්නෙ බුදු සරණයි කියන වචනෙන්.මීට සම්බන්ධ පුද්ගලයන් හැමෝම වගේ ලිංගිකව සහ සංස්කෘතිකව ඉතාම පටු සීමාවන්ගේ පිහිටන අය. දැනට හෙලිදරව් වෙන හාමුදුරු, පොලිසි, වෛද්‍ය සහ දේශපාලන චරිත රටේ ගණිකා වෘත්තිය, සමලිංගික අයිතිය, ලිංගික අධ්‍යාපනය, ගබ්සාව ආදිය ගැන පෙනී සිටින තැන් අපි අත්දැකීමෙන් දන්නවා. මේ ලිංගිකත්වය සහ සංස්කෘතිය වාරණය කිරීම තහනම් කිරීම පිළිගන්නා පිරිස්ම තමයි අපචාරී ලිංගික ක්‍රියාවන්ගෙන් වැඩියෙන්ම තෘප්තිමත් වෙන්නෙත්. ඒ අයගේ අපචාරය තෘප්තිමත් කරන්න සදාචාරය පවතින්න ඕන වෙනවා. සෙක්ස් එලිපිට කතා කරන්න ඕන දෙයක් නෙමෙයි කියන යෝජනාව පිටිපස්සෙ තියෙන ඇත්ත කතාව ඒක.

    යම් තැනක තමන්ගේ දෙබිඩිකම ප්‍රශ්නයට මැදිවෙද්දි ඒ අය වහාම ලිංගිකව විවෘත ප්‍රගතිශීලී අදහස් දරන අයටත් චෝදනා කරන්න පටන් ගන්නවා. ඒක මතුපිටින් හුදු ගැලවීමේ ප්‍රයෝගයක් වුනත් ඊට යටින් තමන් පෙළෙන ලිංගික අසහනය වසන් කිරීමේ උවමනාවක්. වෙන විදිහකින් කිව්වොත් තමන්ගේ කුහක, බෙදුනු පැවැත්ම ආරක්ෂා කරගැනීමේ යාන්ත්‍රණයක්. තමන්ගේ ලිංගික තෘප්තිය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් කරන ආවරණයක්. ඒ දෙබිඩිබව එලිවීම කියන්නෙ තෘප්තිය අහිමි වීම.

    මේ අලුතෙන් නිර්මාණය කරන ලැයිස්තු හරහා සිද්ද වෙන්නෙ මේ රටේ ලිංගික අපචාරයන්ට සදාචාරයේ සහ සංස්කෘතියේ පටු සීමාවන් එක්ක ඇති ඍජු සම්බන්ධය වසන් කිරීමයි. අන්න ඒකට අපි විරුද්ධයි.

    අපචාරය අපහරණය කියන්නෙම අපේ සදාචාරයේ නිර්මාණයක්.

  • පක්ෂ ලකුණයි ආස විදිහයි

    පක්ෂ ලකුණයි ආස විදිහයි

    අපි දරන දේශපාලන මතවාද දිහා බලලා අපේ ලිංගික නැඹුරුව ගැන දේවල් කියන්න පුළුවන් වුනොත් කොහොමද? ඇත්තටම මේ ගැන පර්යේෂණ සිද්ද වෙලා තියෙනවා. අපේ දේශපාලනය සහ අපේ සෙක්ස් අතර සම්බන්ධයක් තියෙනවා. ඒත් ඒක අපි හිතන තරම් කෙලින් එකක් නෙමෙයි.

    මැල්කම් සහ සිමොන් කොලින්ස් කියන දෙන්නා මේ ගැන පර්යේෂණයක් කරනවා. ප්‍රැග්මටිසට් ගයිඩ් ටු සෙක්ෂුයැලිටි කියල ඒ ගැන පොතක් ලියනවා. මේ පොත ලියන්න යද්දි ඒ අය හිතුවෙ කන්සවටිව් නැත්තං සාම්ප්‍රදායික අදහස් දරන අය සෙක්ස්වලදිත් සාම්ප්‍රදායික ඇති කියලයි.

    මේ කන්සවටිව් කියන්නෙ ඇමරිකාවෙ 1940-50 කාලෙදි ලිංගිකත්වය සම්බන්ධයෙන් සුවිශේෂ දේශපාලන මතවාද දරපු පිරිසක්. මේ අදහස් රාමුව දිහා බැලුවම අපිට හිතාගන්න පුළුවන් ලංකාවෙදි මේ කොයිවගේ පිරිසක්ද කියන එක.

    කන්සවටිව් දේශපාලනය ඇතුලෙ ගබ්සාවට ඒ ගොල්ලො විරුද්ධයි. සමලිංගික සම්බන්ධතාවලට විරුද්ධයි. කසාදෙට කලින් සෙක්ස් කරන එකට, ලිංගික අධ්‍යාපනයට, උපත්පාලනයට මේ අය දරුණුවට විරුද්ධයි. මේ වගේ දේවල්වලින් ජාතිය විනාශ කරනවා කියලයි ඒ ගොල්ලො කියන්නෙ. ලංකාවෙත් හැම පක්ෂෙකම වගේ කන්සවටිව් මතවාද දරන අය ඉන්නවා. හැබැයි ඒ මතවාදය තමන්ගේ ප්‍රධාන බලවේගය කරගත්ත පක්ෂය තමයි පොහොට්ටුව.

    කොලින්ස්ලගෙ පර්යේෂණයෙදි ඒ ගොල්ලො දැක්කා මේ කන්සවටිව් පිරිස්වල ලිංගික ආශාව ලිබරල් අයට වඩා වැඩියි කියල. 2020දි මේ අයගෙ පර්යේෂණය අනුව ලිබරල් මතවාද දරන පිරිස වගේ දෙගුණයක් කන්සවටිව් මතධාරීන් හුස්ම හිරකිරීමෙන්, පහරදීමෙන් ලිංගික ප්‍රාණවත්වීම ලබනවා. ලිබරල් පිරිස් වැඩිපුර නැඹුරුවක් දැක්වුවෙ මේ පීඩාවට ලක්වන පාර්ශ්වය වෙන්නයි. කන්සවටිව් මතධාරී කාන්තාවන්ද ලිබරල් කාන්තාවන්ගේ ප්‍රමාණයෙන් දෙගුණයක් තමන්ගේ හුස්ම හිරකිරීමෙන් වගේම සහකරුවාට පහරදීමෙනුත් තෘප්තිය ලැබුවා. (මේකෙ අදහස එයින් තෘප්තිය ලැබු ලිබරල් කාන්තාවන් වගේ දෙගුණයක කන්සවටිව් කාන්තා පිරිසක් මේ තෘප්තිය ප්‍රිය කළා කියන එක)

    කන්සවටිව් පිරිමි ගැහැණු දෙපිරිසම වැඩිපුර කින්ක්, ස්නෆ්, නෙක්‍රොෆීලියා, සපාකෑම්, ඇබ්සෝප්ෂන් හෙවත් ලිංගික ක්‍රියාව අතරදී ට්‍රාන්ස් එකකට යාම වගේ දේවල්වලට නැඹුරු බව පෙනුනා. මේක 2017දි neuropsychiatry and clinical neurosciences ජරනල් එකේ පළවුනු දේශපාලනයේ සාම්ප්‍රදායික අදහස් දරන අය වැඩි පිරිසක් පීඩාකාරී දෙයින් ලිංගික උද්දීපනය ලබනවා කියන සොයාගැනීම හා සමපාත වෙනවා.

    රේප් ෆැන්ටසිවලිනුත් කන්සවටිව් අය ඉතා ඉහළ ප්‍රතිශතයක කැමැත්තක් පෙන්නුවා. ලිබරල් පිරිමි 8ට කන්සවටිව් පිරිමි 38ක් රේප් ෆැන්ටසිවලට ආශක්ත වුනා. ඒක ගැහැණු පාර්ශ්වයෙන් ලිබරල් 16ට කන්සවටිව් 38ක් වුනා.

    ඇත්ත රේප් එකක් ගැන අදහසකින් උත්තේජනය ලැබීම කියන කාරණයෙදිත් කන්සවටිව් මතධාරීන් මාර ඉදිරියෙන් හිටියා. පිරිමි ලිබරල් 2ට කන්සවටිව් 25ක්. කාන්තා ලිබරල් 5ට කන්සවටිව් 23ක්. ආචාර්ය ලෝගන් ලෙව්කොෆ් කියන ලිංගික අධ්‍යාපනවේදියා පැහැදිලි කරන විදිහට කෙනෙකුගේ ප්‍රසිද්ධ දේශපාලනය එක්ක එයාගෙ නිදන කාමරයේ චර්යාව හරියට සමපාත වෙන්නෙ නෑ.

    කසාදය සහ ලිංගිකත්වය ගැන සදාචාරවාදී දේශපාලන කතා ප්‍රසිද්ධියෙ කියන අය පුද්ගලික රහස්‍ය ජීවිතේදි වැඩිපුරම පිහිටන්නෙ ඊට ප්‍රතිවිරුද්ධ පැත්තෙ. ජස්ටින් ලෙ(හ්)මිලර් කියන කින්සි ඉන්ස්ටිටියුට් එකේ සමාජ මනෝවිද්‍යාඥයා කියන විදිහට අපිව ලිංගිකව වඩාත් උද්දීපනය කරන්නෙ අපි ප්‍රසිද්ධියෙ දේශපාලනිකව පෙනී සිටින දේහි අනිත් පැත්ත විසින්. එයා මේ ගැන පොතක් ලියනවා Tell Me What You Want කියල.

    අපි විරුද්ධව පෙනී සිටින දේ අපි හුදකලාවන මොහොතේදී අපිට විරුද්ධව නැගී සිටිනවා. අපි යටපත් කරන හැඟීම් රහසින් අපි වඩාත් ආශා කරන හැඟීම් වෙනවා. දෙයක් නොහිතා ඉන්න උත්සාහ කරද්දි ඒ දේ වැඩියෙන් අපිට හිතෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ වරද කෙරෙනවා.

    දැඩි විනය ගැන කියන කන්සවටිව් මතධාරියෙක් මේක මාස්ටර්බේට් කරලා පාලනය කරන්න උත්සාහ කරන්න පුළුවන්. ඒ වගේම එතනින් එහාට ගිහින් සමලිංගික ආශාවන්ට, අනියම් ලිංගික ඇසුරන්ට හෝ සාම්ප්‍රදායික වටිනාකම් කෙළෙසන වෙනත් අපචාරී චර්යාවන්ට ගොදුරු වෙන්නත් පුළුවන්. ඔයා ආශා කරන, ඒ නිසාම විරුද්ධ වෙන දේට පුළුවන් ඔයාව ඕනම වෙලාවක අවදානමේ දාන්න.

    කන්සවටිව් අය ලිබරල් අයට වඩා පෝර්න් බලනවත් වැඩියි. 2020 මේ ගැන කරපු පර්යේෂණයකින් හෙලිවුනා ඇමරිකාවෙ දැඩි කන්සවටිව් මතධාරී ප්‍රාන්තවල ඉවැන්ජලික් ප්‍රොතෙස්තන්ත පිරිස් අතර පෝර්න් පරිභෝජනය ඉතා ඉහළ බව.

    මේ ටැබූමය ගතිය විසින් කන්සවටිව් මතධාරීන්ව අවුස්සනවා. ගොඩක් වෙලාවට ඒකයි සෙක්ස් කියන දේ ප්‍රසිද්ධියෙ කතා නොකළ යුතුයි කියල මේ අය කියන්නෙ. ඒක රහසක් වුනාමයි රහ තියෙන්නෙ කියල පිළිගන්නෙ. සෙක්ස් ගැන දැඩි සීමා පනවාගෙන ඉන්න ඇමරිකානු රිපබ්ලකන් පාක්ෂිකයන්ට මොනොගමි සම්බන්ධයක් කැඩීම වඩාත් අනුරාගී වෙනවා. මේ අයගෙ BDSM ලැදියාව ගත්තොත් ඒක ජීවිතේ ගැඹුරෙ තියෙන වේදනාවට ඇති බැඳීයාව එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැතුව පුරුදු වෙලා අභ්‍යාසයක් විදිහට BDSM කරන අයත් ඉන්නවා.

    කන්සවටිව් අය BDSMවලදි ඩොමිනන්ට් චරිතයට වැඩිපුර ආශා කරන බව පෙනුනා. අනෙකාව පාලනය කිරීමෙන් ඒ අය තෘප්තියක් ලැබුවා. ලිබරල් අය වඩා නම්‍යශීලී, විවෘත ලිංගික ආශ්‍රයන්ට කැමති වුනා. මේ අය ගොඩක් වෙලාවට සබ්මිසිව් චරිතයට ආශා කළා. 2017දි මේ ගැන political ideology and personality කියල පර්යේෂණයක් කෙරුනා.

    කෙනෙකුගේ දේශපාලන මතවාදයයි ලිංගික නැඹුරුවයි දෙකම එකම කාරණයකින් නිර්මාණය වෙලා තිබුනත් මේ අතර පැහැදිලි සම්බන්දයක් ගොඩනැගීම සංකීර්ණයි කියලා ලෙව්කොෆ් කියනවා. ඒක සම්බන්දයෙන් සම්බන්දයට සහකරුවන් අනුව වගේම අපේ ජීවිත පරිච්ඡේදය අනුවත් වෙනස් වෙන්න පුළුවන්. එකම දේ කෙනෙක් ප්‍රසිද්දියෙ පෙනී ඉන්න දේශපාලනය නෙමෙයි එයාගෙ ලිංගික දේශපාලනය කියන එකයි.

    හැබැයි ඔයා චන්දෙ දෙන කෙනා අනුව ඔයා ඇඳේ ඉන්න විදිහ ගැන යම් අදහසක් ඇති කරගන්න කෙනෙකුට පුළුවන්.