ලංකාවෙ එක ළඟ එක ලිංගික අර්බුද තුනක් ඉස්මතු වුනා. සෙක්ස් චැට් එකක බලහත්කාරය කියන උපරි ව්‍යුහයේ තැනකින් පටන් ගත්ත අසහනය ඇවිලිලා ගිහින් බදුර්දීන්ගෙ ගෙදර දැරියක් දවා පුළුස්සා මරා දැම්මා. ඒක හරිම අයිරොනිකල්. ගින්දර කියන්නෙම මනෝවිශ්ලේෂනයට අනුව සෙක්ස්. තහනම් වූ ආශාවන්. බූමිතෙල් හලාගෙන ගිනි තියාගත් ඇගේ ශරීරය ලිංගිකව අතවරයට ලක්වී තිබුන.
මුලින්ම රාත්‍රියේ තොන්ග් එක පෙන්නන තැනින්, දාර්ශනිකත්වයේ බලහත්කාරයෙන් ඇරඹුන සංවාදය ඊට පස්සෙ පහලොස් හැවිරිදි දැරියක් අපයෝජනය කළ ලැයිස්තුවකින් වැහුන. ඒ අපයෝජන ලැයිස්තුව ගිනිබත් කරමින් තවත් ඒ වයසෙම දැරියක් අතවරයට ලක්වී දිවි නසාගත්තා.
සදාචාරය සහ නීතිය පැත්තකින් තිබ්බොත් පෙර සිදුවීමේ දැරියට නිදහසක්, තෝරා ගැනීමක් තිබුන. ඇයට වෘත්තීයභාවයක් තිබුන. ආරක්ෂාවක් තිබුන. වරද තිබුනෙ නීතියෙන් තහනම් වයසක් වුනු එකයි. ඇයව ගිනි තියාගන්න තත්වයට පත් කරන්නෙ, ලෝකාපවාදයට ලක් කරන්නෙ සදාචාර නීතියේ මැදිහත්වීම විසිනුයි. ඇය සමග යහන්ගත වූ පිරිමින් ගනං කරමින් ඇයව ගල් ගසා මරාදැමීමට යෝජනා කරමින් සිටි සදාචාරවාදීන්ගේ රෙද්ද ගැලවී යන මොහොත දැන් උදාවෙලා තියෙනවා. සැබෑ අපරාධය යනු කුමක්ද යන ප්‍රශ්නය ගිනි ගත් පහලොස් හැවිරිදි දරියකගේ සිරුරක් විලාසයෙන් සදාචාරය මත්තට කඩාපැනලා තියෙනවා.
මේ දෙවෙනි දැරියට තෝරා ගැනීමක් නෑ. ඇයට නිදහසක් තිබිලා නෑ. ඇයට කිසිදු ආරක්ෂාවක් තිබිලා නෑ. ඇය කිසිදු වෘත්තීමයභාවයකින් තොරව බදුර්දීන්ගේ නිවසේ මෙහෙකාරියක් විදිහට ඉඳලා තියෙනවා. ඇයට මාසෙකට රුපියල් විසිදාහක් ගෙව්වා කියනවා. පළමු ව්‍යවස්ථාපිත දූෂනයට ලක්වූ දැරිය එක වරකට රුපියල් විසිදාහක මුදලක් අය කළ වගක් කියවුනා.
මුලින්ම මෙහෙකාර දැරියක් ගිනි තියාගත්තා කියන ප්‍රවෘත්තිය පළවුනා. ඒ ගැන කිසි කෙනෙකුට ඒ තරම් ගානක් තිබුනෙ නෑ. හරියට මෙහෙකාර දැරියන් ගිනි තියාගැනීම සාමාන්‍යයක් වගේ තත්වයක් තිබුනෙ. ඊළඟට ඇය ලිංගික අතවරයට ලක්ව සිටි වග හෙළිදරව් වුනා. ඒකෙන් ඒක ප්‍රවෘත්තියක තත්වය ලබාගත්තා. හැබැයි කලින් දැරිය වගේ මේ සිද්දිය තලුමරන්න පුළුවන්කමක් තිබුනෙ නෑ. දුප්පත්කමත්, බලහත්කාරයත්, ඒවාට ජීවිතයෙන් විරෝධය පාමින් දැවී පිළිස්සී ගිය සිරුරකුත් විතරයි ඉස්සරහ තියෙන්නෙ. ප්‍රශ්නය ඇත්තටම පවතින තැන අමුවෙන් පුළුටු ගඳ විහිදුවමින් තියෙනවා.
මේ සම වයස් දැරියන් දෙන්නාගේ කතාව පුදුමසහගත රූපකමය අර්ථයක් දරනවා. එක්කෙනෙක් සිංහල. අනෙකා දෙමළ. එක්කෙනෙක් අපේ සමාජයේ සදාචාර බහුතරය විසින් යෝජනා කරන පරිදි ඇඟ විකුණන්නෙ නැතුව ශ්‍රමය විකුණන්න බංගලාවට එනවා. මිළක් නැතුවම අවශ්‍ය විටෙක ශරීරය සම්පාදනය කරන්න ඇයට සිද්ද වෙනවා. අන්තිමට ඒ ආත්ම ගෞරවය පිළිබඳ කාලකණ්ණි සමාජ බලහත්කාරය විසින් ඇයව ගිනි තියාගෙන මැරෙන තැනකට පත් කරනවා.
අනෙක් දැරිය ඒ වෙනුවට සදාචාරයට බම්බු ගහගන්න කියල මුදලට යහන්ගත වීම තෝරගන්නවා. ඇය කිසිම අර්බුදයකින් තොරව මවගේද උදව් ඇතුව යම් ආර්ථිකයක් එයින් උපයාගන්නවා. සමාජයේ ඉහළම ස්ථරවල විවිධ අය ඇයට මුදල් ගෙවා ඇගේ පහස ලබාගන්නවා. එතනදි නීතිය ප්‍රචන්ඩ විදිහට කඩා පනිමින් ඇයව සමාජයක් ඉදිරියේ නිරුවත් කරනවා. ඇය ගිනි තියාගෙන මැරෙන්නෙ නැත්තෙ ඇයි කියල සදාචාරවාදියො ප්‍රශ්න කරනවා.
මෙතනදි සදාචාරයේ ආශීර්වාදය ලබමින් අඩු වයසින් ගෙදරක මෙහෙකාර සේවයට ගිය දැරියට වඩා සදාචාරය නොතකා හරිමින් ලිංගික ශ්‍රමිකයෙක් ලෙස මුදල් ඉපැයීම තෝරාගත් දැරිය ප්‍රගතිශීලියි. පීඩිත බවේ පතුලේ ඉඳන් සදාචාරය රකින්න යාමෙන් වෙන කෙනෙකුගේ අපචාරයේ ගොදුරක් වෙනවාට වඩා දෙයක් සිද්ද වෙන්නෙ නෑ. ඇත්තටම මේ පොදු සදාචාරයේ කාර්යය වෙන්නෙ ඒ ගොදුරු නිර්මාණය කරන එකයි. තෝරගන්න තියෙන්නෙ තමන්ගේ නිරුවතෙහි බලය තමන්ගෙ අතට ගන්නවද නැත්තං ඒක වෙන කෙනෙකුට පාවා දෙනවද කියල විතරයි.
සෙක්ස්ට් එකක්, වර්චුවල් අකුරු පෙළක් මගින් කළ හැකි බලහත්කාරය ගැන සංවාදයක් එක තැනක යද්දි ඊට යටිතලයෙ තියෙන්නෙ ගිනි තියාගෙන මැරෙන තරමෙ අපචාරී සංස්කෘතියක්. හැබැයි ඒ සෙක්ස්ට් එකේ ඉඳන් මෙතන ගිනි තියාගැනීම දක්වාම පවතින එක හේතුවක් තියෙනවා. ඒ තමයි යටපත් කළ ලිංගික ආතතිය. සදාචාරය කියල අපි කතා කරන මිත්‍යාව. ඒ ආතතිය නිදහස් කිරීමට ඇති සියලු කවුළු වසා දමමින් අපි කරන්නෙ බලහත්කාරය ආරක්ෂා කරන එකයි. රාත්‍රියේ චැට් කවුළුවකින් දාර්ශනිකයෙක් විදිහට, ගෙදරක කාමරේ දොරෙන් තාත්තා කෙනෙක් විදිහට, පන්සලේ ආවාසෙදි හාමුදුරු කෙනෙක් විදිහට, රෑක කාමරේට ගෙදර හාමු විදිහට මේ බලහත්කාරය එබිකම් කරන්න පුළුවන්.පීඩිතයන්ගේ ශරීර පුළුස්සා දමමින් ඒ යටපත් කළ බිහිසුණු ආශාව ඇවිලී යනවා. මෙතනදි ඇත්තටම ඒ ආශාවත් අපහරණයට ලක්වෙලයි තියෙන්නෙ. නිරෝගී විදිහට විවෘතව ලිංගික ආශාවන් තෘප්තිමත් කරගන්න බැරි සමාජයක අපහරණයට ලක්වූ ආශාව සදාචාර නීතිය සහ සමාජ බලය කියන දෙයාකාරයෙන්ම පාපයක් විදිහට මෝචනය වෙනවා.
මේ දැරියන් දෙදෙනාගේම ජීවිතවලට අපේ සදාචාරය වග කියන්න ඕන. දෙවෙනි දැරිය ගිනි තියාගන්නෙ ඒ සදාචාරයට මුහුණ දෙන්න බැරුව. පළවෙනි දැරියට ජීවත් වුනත් මළාක් වැනි තත්වයක් ඇති කරන්නෙත් ඒ සදාචාරයමයි. ඒ වගේම රාත්‍රී හුදකලාවෙ කෙල්ලෙක්ව බියපත් කරන බලහත්කාරී සෙක්ස්ට් එකක අනුරාගය නිර්මාණය කළෙත් ඒ සදාචාරයමයි.