අපේ ජීවිතේ කියන්නෙ අපේ ඩිසයින් එක. ඒක තමයි අපේ අල්ටිමේට් මාස්ටර්පීස් එක වෙන්නෙ. කෙනෙකුගෙ ජීවිතේ දිහා බැලූවම එයාගෙ සෞන්දර්යවේදයන් නැත්තං ඊස්තටික්ස් ලේසියෙන් අඳුරගන්න පුළුවන්. අපි හැම මොහොතකම අපේ ඩිසයින් එක ඞීටේල් කරනවා. රීස්ට‍්‍රක්චර් කරනවා. ඒත් සමහරු කාලයක් තිස්සෙ එකම ආකෘතියක ඉන්නවා. එකම වර්ණ, එකම තේමාව, එක දිගට අරන් යන අය ඉන්නවා. ඒත් අපිට පුළුවන් නම් නැවත නැවත අපේ ඩිසයින් එක අලූත් කරන්න.. එතකොට අපේ ලෝකෙ වෙනස් වෙනවා.
සමහරු හිතන්නෙ අපේ ජීවිතේ කියන්නෙ සමාජය විසින් කරපු නිර්මාණයක් කියල. අපි කියන්නෙ සමාජය කියන අපෙන් බාහිර සමස්තයක ඇනයක් හෝ මුරුච්චියක් කියල. එතකොට ඇත්තටම වෙන්නෙ අපි වෙන කාගෙ හරි ඩිසයින් එකක කොටසක් වෙන එක.
අපේ පුංචි ක‍්‍රියේටිවිටි එකකට පුළුවන් අපි දකින ලෝකය වෙනස් කරන්න. ඒක මූල්‍ය ආර්තිකය ගැන කාරණාවක් නෙමෙයි. නිර්මාණ ආර්තිකය ගැන කාරණාවක්. සමහර වෙලාවට ගෙදරකින් එලියට ඇහෙන රේඩියෝ චැනල් එකට පුළුවන් වෙනවා ඒ ගෙදර ගැන ඇති කරන අදහස සම්පූර්ණයෙන් වෙනස් කරන්න.
කෙනෙක් දේවල් දකින ගැඹුර තේරුම් ගන්න එයා කතා කරන දේවල්, කරන නිර්මාණ හෝ දාර්ශනික මතවාද ඕන වෙන්නෙ නෑ. සමහර විට එයා ඇසුරු කරන බ‍්‍රෑන්ඞ්ස් ටිකකින් ඒක තේරුම් ගන්න පුළුවන් වෙනවා. බ‍්‍රෑන්ඞ්ස් කියන්නෙ ඔයා පාවිච්චි කරන පර්ෆියුම් එක ඩියෝද, බ්ලැක් නයිට්ද කියන එක විතරක් නෙමෙයි. ඔයා පාවිච්චි කරන දත් බුරුසුව, කිරි පැකට් එක, කන්නෙ නිපුන හාල්ද අරලිය හාල්ද, යන්නෙ ප‍්‍රයිවෙට්ද ලංගමද කියන එක පවා අදාල ලොකු පරාසයක්.
ගොඩක් වෙලාවට අපි එලියෙ අපිට බාහිර ලොකු එකක් වෙනස් කරන්න (පොලිටික්ස්) අපේ ලයිෆ් එකේ ඊස්තටික්ස් ගොඩක් කැප කරනවා. ඒත් ඒ වෙනුවට ඒ ඊස්තටික්ස් එකිනෙකා එක්ක බෙදාගන්න පුළුවන් නම් ඒක අපේ පැවැත්ම යම් තරමකට උස්සලා තියනවා.
දුප්පත්කම වගේ කාරණා වුනත් ගොඩක් දුරට බැඳිලා තියෙන්නෙ මේ ක‍්‍රියේටිව් නැතිකමත් එක්ක. තමන්ගේ ජීවිතය කියන්නෙ තමන්ගේ නිර්මාණය කියල නොදැනීමත් එක්ක. ඇත්තටම දුප්පත්කම කියන්නෙ ඒකට. බාහිර සාදක උඩ, අනුන්ගේ ඩිසයින් එකක තීරණය වෙනවා වෙනුවට දකින ඈන්ගල් එක මාරු කරගන්න තරමට නිර්මාණශීලී නැතිකම.
හැමදේකම තියෙන්නෙ අපි දකින විදිහෙ ප‍්‍රශ්නයක්. මොකක් හරි ප‍්‍රශ්නයක් සෑහෙන කාලයක් තිස්සෙ පිළිතුරක් නැති අර්බුදයක් වෙමින් තියෙනවා නම් අපි ක‍්‍රියේටිව් වෙන්න ඕන ප‍්‍රශ්නෙ මාරු කරන්න. මොකද ගොඩක් වෙලාවට ඒ වගේ අර්බුද වෙන්නෙ අපි ප‍්‍රශ්නෙ අහන විදිහෙ වැරැුද්දෙන්. ලංකාවෙ වම අහන ගොඩක් ප‍්‍රශ්න වලින් ඒ අයගෙ නිර්මාණාත්මක බවේ අඩුවක් පලවෙනවා කියන්නෙ ඒකයි. ඒ අය ප‍්‍රශ්න මාරු කරන්නෙ නෑ. ඒ වෙනුවට නිශ්චිත උත්තර බලාපොරොත්තු වෙනවා.
ඩිසයින් එකකට පුළුවන් ගොඩක් දේවල් කරන්න. සමාන්තර විශ්වයන් නිර්මාණය කරන්න. උදා විදිහට මගේ ජීවිතේ නිර්මාණය කරන ඊස්තටික්ස් මට පුළුවන් මගේ යාලූවන්ගෙ ඒවත් එක්ක සම්බන්ද කරන්න. ඒ විදිහෙන් අලූත් රියැලිටි ගොඩනගන්න.
යතාර්තය කියන්නෙ එකක් නෙමෙයි. අපිට අන්නත ගානක ක‍්‍රමවේදයන් තියෙනවා යතාර්තයක් වෙනස් කරන්න. ඒත් ඒක කරන්නම වෙන්නෙ ඉන්ඩිවිජුවල් පර්සෙප්ෂන් චේන්ජ් එකක් ඇතුලෙන්.
මේ මහ පොලොව කියල එකම රියැලිටි එකක් බදාගෙන ජීවත්වෙන බෝරිං විදිහෙන් ගැලවෙන්න සයිකඩෙලික්ස් කියන්නෙ හොඳ ක‍්‍රමයක්. අපි අපේ ඔරලෝසු ජීවිතේට ඇබ්බැහි වෙලා තියෙන විදිහට හරි අමාරුයි එතනින් ගැලවෙන්න. ඒත් කෙමිකල්ස්වලින් අපිට පොඩි ගැප් එකක් හදලා දෙනවා. සමාජය හෝ දේශපාලනය හෝ විද්‍යාව හෝ කිසි දෙයක් නොපවතින එක එක විශ්වයන් අත්විඳින්න.
ඒ විශ්වයන් මායාව හෝ මනෝබූත හෝ මොනවා හෝ වෙන්න පුළුවන් වුනත් ඒ ටි‍්‍රප් ඇතුලෙන් අපි මේ යතාර්තවාදය එක්ක තියෙන ගැටේ බුරුල් කරනවා. මතුපිට තලයෙ භාෂා ගැටුම් වලට යටින් ජීවිතේ කියන්නෙ මැජිකල් අත්දැකීමක් කියල ෆීල් වෙනවා.
එතකොට තියෙන එකම ප‍්‍රශ්නෙ අපි කොහොමද තව තවත් අපේ විඳීම් පරාසයන් පළල් කරගන්නෙ කියන එක. අපේ තාර්කික බුද්දියේ සීමාවන්ගෙන් ආතල් ගන්න ගමන් කෙහොමද ඉන් එහා මුහුදේ කිමිදෙන්නෙ කියන එක. අපි කොහොමද ගොඩක් හයිබි‍්‍රඞ් විදිහට අපේ ජීවිතේ ඩිසයින් කරගන්නෙ කියන එක.
මගේ යතාර්තය විසින් කියන්නෙ මගේ ජීවිතේ නිර්මාණාත්මක බවේ දිග පළල.