ජාතිවාදය කියන්නෙ ඉහල සිට පහලට තල්ලූ කරන දෙයක්. පහලම පංතිවල මිනිස්සු ජාතිවාදී නෑ. වෙන විදිහකට කිව්වොත් ජාතිවාදය වගේ දෙයක් අෆෝර්ඞ් කරන්න තරම් ඒ පංතිවල මිනිස්සුන්ට පුළුවන්කමක් නෑ. ඉහලම පංතියෙ මිනිස්සුන්ටත් ජාතිවාදයෙන් ඇති වැඩක් නෑ. ඒ අය මේ ජාතික සීමාවලට එහායින් තමයි ජීවත්වෙමින් ඉන්නෙ. ජාතිවාදය කියන්නෙ ලංකාවෙ අලූත් මිඞ්ල් ක්ලාස් උන්ගෙ ගේම් එකක්. මේක ග‍්‍රාමීය එකක් නෙමෙයි. මේක හොඳටම නාගරික එකක්. මේ මිඞ්ල් ක්ලාස් එක එන්න එන්නම ලොකුවෙද්දි ජාතිවාදයත් ලොකුවෙනවා.  පහල පංතිවල මිනිස්සු කරන්නෙ  කඬේ යන එක විතරයි.
 
බැලූබැල්මට අපිට පේන්නෙ රටේ නූගත්, කර කියාගන්න දෙයක් නැති, නන්නත්තාර පිරිස් ජාතිවාදය අවුලනවා වගේ. ඒත් ඇත්ත කතාව වෙනස්. ජාතිවාදය ඇත්තටම තියෙන්නෙ ඉංග‍්‍රීසි කතා කරන, ලොකු ලොකු ඉස්කෝලවලට ගිය, අපි උගත් බුද්දිමත් කියල රැුවටෙන මිනිස්සු ළ`ගමයි.
 
ජාතිවාදය හැමතිස්සෙම ඇවිලෙන්නෙ බිස්නස් අරමුණක් වෙනුවෙන්. එදා අනගාරික ධර්මපාල පවා ජාතිවාදය ඇදලා ගත්තෙ සිංහල බිස්නස් ප‍්‍රජාවගෙ උවමනාවට. අද මුස්ලිම් අයට විරුද්ද ජාතිවාදය ඇවිලෙන්නෙත් ඒ උවමනාවටමයි. මුස්ලිම් ව්‍යාපාර අස්තාවර කිරීම හරහා තමන්ගෙ ව්‍යාපාරික බලය වැඩි කරගන්න ද`ගලන සිංහල මුදලාලිලා ටිකක් තමයි මේ ජාතිවාදය අවුලන ඇත්ත පෙට‍්‍රල් සප්ලයි කරන්නෙ.  කෘතිමව ඇතිකරන කලබල ඇතුලෙ කඩසාප්පුම ගිනි තිය තිය ඇවිදින්න හේතුව ඒකයි.
 
ජාතිවාදයෙ ලොකුවම පත්තුවෙන සිංහල බෞද්ද කියන වචනෙ ගැටගැහෙන හැටි මං ටිකක් දුරට කල්පනා කළා. බුද්දාගම කොහොමත් හැදෙන්නෙ වාණිජ ආගමක් විදිහට. බුදුන්ගෙ කාලෙමත් ඒක වඩාත් ජනප‍්‍රිය වෙන්නෙ සිටුවරු වගේ පොරවල් අතර. එහෙන් මෙහෙන් සුනීතලා සෝපාකලා හිටියට බුද්දාගමේ කැපී පේන චරිත වුනේ අනේපි`ඩු, මිගාර වගේ ලොකු චරිත. අනිත් පැත්තෙන් කොසොල්, බිම්බිසාර වගේ රජවරුත් හිටියා. ඒ කාලෙ පැවතුණු බමුණු ආගම්වලට වඩා බුදුන්ගෙ අදහස් මේ වෙළඳ පංතියට ගොඩක් අනුකූල සහ පහසු ඒවා වුනා.
 
පස්සෙ මේ බුද්දාගම අශෝක අධිරාජයා යටතේ ආයුදයක් විදිහට පාවිච්චි වෙන්න ගත්තා. රටවල් යටත් කරගැනීමේ අලූත් විදිහක් විදිහට අශෝක බුද්දාගම පාවිච්චි කළා. අපිට බුද්දාගම ලැබෙන්නෙත් ඒ ධර්ම විජය කියලා හඳුන්වපු යටත්විජිතකරණයේ ප‍්‍රතිපලයක් විදිහට.
 
එතන ඉඳනුත් බුද්දාගම ඉතිහාසය පුරාම පාවිච්චි වෙන්නෙ රජාව ආරක්ෂා කරන්න. රාජ්‍යත්වය සහ බුද්දාගම අතරෙ හැමදාම ඞීල් එකක් තිබුනා. හාමුදුරුවරු රජාව ආරක්ෂා කළා. රජා හාමුදුරුවරුන්ව රැුක්කා. මහාවංශය පවා ලියවෙන්නෙ මේ අරමුන වෙනුවෙන්. අවශ්‍ය වෙලාවලදි රජුන් ලවා මිනිස් සංහාරයන් පවා අපේ හාමුදුරුවරු පසුබට වුනේ නෑ. බුද්ද දර්ශනයෙ එන අවිහිංසාව, මෛත‍්‍රිය, කරුණාව වගේ සංකල්ප ලංකාවෙ සංග සමාජය විසින් අවස්තානුකූලව තමන්ට උවමනා උවමනා අතට නමාගත්තා.
 
අදටත් පවතින්නෙ මේ යතාර්ථයමයි. ලංකාවෙ ජාතිවාදී අවුල් පිටිපස්සෙ වැඩියෙන්ම ඉන්නෙ හාමුදුරුවරු. මෙතනදි ඥානසාර, අංපිටියෙ සුමන එහෙම කියන්නෙ ලිහාදාපු සුනඛයන් විතරයි. හාම්පුතාලා ඉන්නෙ තිරෙන් පිටිපස්සෙ. පහුගිය කාලෙදි ඥානසාරව අත්අඩංගුවට ගන්න යද්දි අස්ගිරියෙ මහනායක ඥානසාරගේ වික‍්‍රම සාධාරනීකරණය කරමින් එයාව ආරක්ෂා කරන්න නිවේදනයක් නිකුත් කරනවා. ඒක එක්තරා විදිහක තර්ජනයක්.
 
මේ මෑතකම ෆේස්බුක් හරහා පැතිරුන කිරිබත්ගොඩ ඥානානන්දගෙ මහමෙව්නාවෙ අලවලා තිබුන දැන්වීම යට පවා තියෙන්නෙ මෙන්න මේ කතාව. වඳපෙති දාන්න ඉඩ තියෙන නිසා තමන්ට දානය උයද්දි අන්‍යාගමිකයො සම්බන්ද කරගන්න එපා කියලා ඒ දැන්වීමෙ ගහලා තියෙනවා. හාමුදුරුවරු වඳ නොවී ඉඳීමේ ඇති වැදගත්කම මොකක්ද කියන කාරණය පවා එතනදි අමතක කරනවා. සමහර විට සමස්ත සිංහල ජාතියෙම පිරිමි වඳවෙන තැනට පත්වුනාම හාමුදුරුවරු ටික ජාතිය වෙනුවෙන් ළමයි හදන මහා ව්‍යායාමයකට සම්බන්ද වෙන්න ඉන්නවා වෙන්නත් පුළුවන්.
 
මහමෙව්නාව කියන්නෙ බුද්දාගමේ හැදිච්ච අලූත් කල්ට් එකක්. මේ වගේ කල්ට් පිටිපස්සෙ ඉන්නෙ අලූත් ව්‍යාපාර පංති. ඒවා වැඩකරන්නෙ ඒ පංතිවල උවමනාවන් සහ තෘප්තීන් වෙනුවෙන්. අර කලින් කිව්ව විදිහට බෙන්ස්වල, බීඑම්ඩබ්ලිව් වල යන එන, ඉංග‍්‍රීසි කතා කරන, සමහර වෙලාවට විද්‍යා උපාදි පවා තියෙන මේ පංති ප‍්‍රජාව වඳපෙති නෙමෙයි හක්ගෙඩි, පාංගෙඩි අදහන තරම් ගොන්. මේ දැන්වීම පිටිපස්සෙ තියෙන ජාතිවාදය, මුස්ලිම් විරෝදය ඒ තක්කඩි සිංහල බෞ්දද ව්‍යාපාරිකයන් වෙනුවෙන් ආරක්ෂා කරන්න, වගාකරන්න මහමෙව්නාව බැඳිලා ඉන්නවා.
 
පන්සල් බහුතරයක් ඇතුලෙ වැඩකරන්නෙ ජාතිවාදය. හාමුදුරුවරු බණට කියන්නෙත් ජාතිවාදය. දහම් පාසැල්වල උගන්නන්නෙත් ජාතිවාදය. මේක පිළිලයක් වගේ ඇතුලෙන් ඔඩුදුවමින් තියෙන්නෙ.
ඒත් ආණ්ඩුව හදන්නෙ ෆේස්බුක් සීමා කිරීමෙන් ජාතිවාදී අවුල සමනය කරන්න. පයේ බරවෙට පිටිකරේ බෙහෙත් බැන්දා කියල ඇති පලක් නෑ.
 
පහුගිය මහින්ද රාජපක්ෂගෙ ආන්ඩුව කාලෙ මේ ජාතිවාදී අදහස් හැමතැනම පැලකළා. බීජ ඉස්සා. ජාතිවාදය දේශපේ‍්‍රමය වුනා. ඉස්කෝලවල ඉතිහාස පාඩම් ඇතුලෙ අනෙක් ජාතීන් වර්ග පහත් කොට සැලකෙන ඉගැන්වීම්-කියවීම් ව්‍යාප්ත වුනා.
 
නුවර ඇතිවෙච්ච සිද්දියෙදි ෆේස්බුක් හරහා ජාතිවාදය පැතිරුවා කියල අත්අඩංගුවට ගත්තෙ අවුරුදු දාසයක විතර කොල්ලෙක්. මේකෙන් තේරෙනවා අනතුර තියෙන තැන. 2000 විතර ඉපදිච්ච, මහින්ද චින්තනයේ යුද වින්දනයේ අවුරුදු දහයක් ගතවෙච්ච මේ පරම්පරාව අනාතයි. ඉස්සර අවුරුදු දොලහ දහතුන වෙද්දි අතට අහුවෙන රුසියානු පොත් එහෙම මේ අලූත් පරම්පරාවට අහුවෙන්නෙ නෑ. ඒ පොත්වලින් පස්සෙ වාමාංශික ආබාද ඇතිවෙන්න පුළුවන් වුනත් ජාතිවාදය වගේ පටු දැකීම් වල කොටු නොවෙන මහද්වීපික සිතීමක් ඒවායින් ලැබුන. මේ අලූත් නව යොවුන් පරපුරට ඇසුරු කරන්න ලැබුනෙ තනිකරම ජාතිවාදී සංස්කෘතියක්.
අපේ අධ්‍යාපන පද්ධතියම මේ වෙද්දි වැඩකරන්නෙ ජාතිවාදය පතුරන යාන්ත‍්‍රණයක් විදිහට. උගන්වන ගුරුවරු තමන්ගෙ හිතුමනාපයට මේ අදහස් හැදෙන අනාගත පරපුරට එන්නත් කරනවා. අපේ ඉතිහාසය ජාතීන් අතර සමගිය සංහිඳියාව ඇතිකරන ඉගැන්වීමක් විදිහට තුලනාත්මකව, දියුණු කියවීමකට ලක්කරන්න කාගෙවත් වෑයමක් නෑ. ඇත්තටම නම් මේ මහින්ද චින්තනයේ අසූචි ටික ෆ්ලෂ් කරලා දාන්න නව අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණයක් සහ විවිධත්වය අගයන ඉගැන්වීමේ රටාවක් වෙනුවෙන් ගුරුවරුන් දැනුවත් කිරීමේ නව වැඩසටහනක් අත්‍යාවශ්‍ය වුනත් කාටවත් ඒ ගැන වගේ වගක් නෑ.
 
තාමත් අපි සිංහල, දෙමළ, මුස්ලිම් විදිහට බෙදිලයි ඉස්කෝල පවත්වාගෙන යන්නෙ. සිංහල බෞද්ද පාසැල් වගේම ක‍්‍රිස්තියානි, මුස්ලිම් පාසැල් වෙනම පවත්වාගෙන යාම කියන්නෙම ජාතිවාදය පවත්වාගෙන යාමක්. ජාතීන් අනුව පාසැල් බෙදෙන්න අවශ්‍ය නෑ. විවිධ ජාතීන් විදිහට එකට පැවතීම හුරු වෙන්න ඇති ප‍්‍රධානම අවකාශය අපි ජාතිවාදී විදිහට අහුරලා තියෙනවා. ආණ්ඩුවට ඇත්තට ජාතිවාදය පිටුදකින්න  ඕන නම් ලේසි තැන්වල කරන සෝබන අතපෙවීම් පලක් වෙන්නෙ නෑ.
 
මේ නැවත නැවත උත්සන්න වෙන, එක එක ජාතීන් දිහාවට මෑනෙන ජාතිවාදී ආයුදය සීරියස් විදිහට ඇඩ‍්‍රස් කරන්න නම් පුළුල් දැනෙනසුලූ ව්‍යාපාරයක්  ඕන කරනවා. ජාතීන් අතර විශ්වාසය ගොඩනැගෙන ලොකු සංකේතාත්මක වැඩක්  ඕන වෙනවා.
 
මට දැනෙන විදිහට අපිට ජාතිවාදය පිටුදකින එක අපේ ජාතික කොඩියෙන් පටන් ගන්න වෙනවා.
මේ කොඩිය ඇත්තටම ජාතිවාදී කොඩියක්. මේ කොඩියෙ එලියෙ කෑල්ලෙ තීරු දෙකක් විදිහට සුළු ජාතීන් නිරූපනය කරන එකම වැරදි වැඩක්. විවිධ ජාතීන් එකට ජීවත් වෙන එක නිරූපණය කරන්න වෙනස් වර්ණයන් පාවිච්චි කිරීම සාධාරණයි. ඒත් ඒ ජාතීන්ගේ ප‍්‍රමානයන් ජාතික කොඩියෙ නිරූපණය වෙන්න අවශ්‍ය නෑ. ඒ වගේම සිංහල මහ ජාතිය වෙනුවෙන් ලොකු රතු පදාසයක් සහ සුළු ජාතීන් පැත්තට කඩුව දික්කරගත්ත සිංහයෙක් දාන එක කොහෙත්ම ජාතීන් අතර සංහිඳියාව උනන්දු කරන තත්වයක් නෙමෙයි. ජාතික කොඩිය ඇතුළට බෝකොල වගේ බෞද්ද කෑලි යොදා ගැනීමත් විවිධ ආගම් අදහන පිරිස් එකට ජීවත් වෙන රටක් විදිහට සුදුසු වෙන්නෙ නෑ. මේ කොඩිය දකින දකින වතාවක සුළු ජාතිකයෙකුට එන හැගීම වෙන්නෙ තමන් පිටමං කරන ලද සුළු තීරුවක් කියන හැගීම විතරයි. මේ ජාතික කොඩිය නිර්මාණය කිරීමේදී ජාතීන් අතර සහ ආගම් අතර විවිධත්වය, සමානාත්මතාවය, එකිනෙකා අතර සහයෝගිතාවය වගේ කාරණා ගැන කිසි හැගීමක් හෝ දැනුවත් බවක් තිබිලා නැතිවග පැහැදිලියි.
 
ජාතික කොඩිය විතරක් නෙමෙයි අපේ ව්‍යවස්ථාවම පදනම් වෙලා තියෙන්නෙ මේක සිංහල බෞද්ධ රටක් කියන පිළිගැනීම මත. ඒ පිළිගැනීමම ජාතිවාදී එකක්. අපේ රටේ ව්‍යවස්ථාව පදනම් වෙන්න  ඕන මේක බහුවාර්ගික, බහුආගමික රටක් කියන එක. අපි තනි ශුද්ධ වූ ජාතියක් කියන තැනින් හයිබි‍්‍රඞ් ජාතියක් කියන තැනට මාරු වෙන්න  ඕන.
 
මගේ සිහිනමය යෝජනාව වෙන්නෙ අපි ජාතික කොඩිය අලූතෙන් නිර්මාණය කරන තැනින් පටන් ගමු කියලයි.
 
මේ ආන්ඩුව නිශ්චිතවම පවතින්නෙ තව අවුරුදු දෙකයි. හොරු අල්ලලා නෙමෙයි තව මොන මොන පෙළහර පෑවත් මේක ගොඩගන්න දැන් පරක්කු වැඩියි. ඒ හින්ද මේ ආණ්ඩුවට තියෙන හොඳම අවස්ථාව වෙන්නෙ සුවිශේෂ වෙනසක් වෙනුවෙන් නිර්භීත අලූත් පියවරක් තියන එකයි. ඩූ  ඕර් ඩයි වයිල්ඞ් කාර්ඞ් එකක් ගහන එකයි.
 
අලූත් ජාතික කොඩියක් කියන්නෙ ජනමත විචාරණයක් දක්වා යන්න අවශ්‍ය වෙන කාරණයක්. අමාරු වුනත් ඒක හොඳ තත්වයක් විදිහටයි මං දකින්නෙ. අලූතෙන් ජාතික කොඩිය නිර්මාණය කරනවාට වඩා එහි අවශ්‍යතාවය, වටිනාකම මිනිස්සුන්ට කියලා දෙන කැම්පේන් එකයි වඩා වැදගත් වෙන්නෙ. ඒකම ජාතීන් අතර සංහිඳියාව සහ විවිධත්වයට ගරු කිරීම උගන්වන විශාල ව්‍යාපෘතියක්. අවුරුදු ගානක් ගියත්, අන්තිමේදි පරාජය වුනත්, අපි සුබ දිශාවකට එක අඩියක් හරි තියන්න උත්සාහ අරගෙන තියෙනවා.
 
2000දි ජොර්ජ් බුෂ් එක්ක ඩිමොක‍්‍රටික් පාර්ටි එකෙන් ඉදිරිපත් වුනේ ඇල්ගෝ. ඇල්ගෝ ගෝලීය උණුසුම් වීම ගැන පුළුල් පරිසර කතිකාවක් තමන්ගෙ කැම්පේන් එක කරගත්තා. ඒත් චන්දෙන් දින්නෙ ජොර්ජ් බුෂ්. නමුත් අද වෙනකල් මුළු ලෝකෙම ගෞරවයෙන් වැළඳගන්නා චරිතය විදිහට ඉතිරි වුනේ ඇල්ගෝ.
මේකත් ඒ විදිහෙ වැඩක්. සුද්දාගෙන් පස්සෙ අපිට නිර්මාණය කරගන්න බැරිවුණු විවිධ ජාතීන්ගෙන් සැදුම්ලත් ශ‍්‍රී ලාංකේය ජාතිය නිර්මාණය කරන ව්‍යාපෘතියක්.
 
උදා විදිහට මට අනුව අපේ ජාතික කොඩිය විදිහට වඩාත් සුදුසු අපේ ක‍්‍රිකට් කොඩියයි. සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් හැමෝම එකම ජාතියක් විදිහට හිතන එකම තැන සහ හොඳම තැන ක‍්‍රිකට්. ඒ කොඩිය අපි හැමෝගෙම කොඩියක් කියන හැගීම හැමෝටම තියෙනවා. පටිගහලා, කොටු කරලා එතන ජාතීන් වෙන්කරලා නෑ.
ජාතික කොඩිය වෙනස් කිරීම ගැන විවිධ මත ගැටේවි. විරෝධයන් අහස උසට නැගේවි. ඒත් සංහිඳියාව ගැන කතිකාව බොරු රොමැන්ටික් තලවලින් ගැලවිලා මිනිස්සුන්ට ඇත්තට දැනෙන වැදෙන තැනකට ඒවි. විවිධ ජාතීන්ගේ එකමුතුව ශක්තියක් විදිහට සළකන අලූත් ශ‍්‍රී ලාංකේය ජාතිය ජාතිවාදයට එරෙහි ප‍්‍රබලම ගොඩනැංවීම වේවි.
 
ඒ අලූත් ජාතියේ කොඩිය දවසක නිල් අහසේ ලෙලදේවි. ඒ සැබෑ වෙන තෙක් අපිට දරුණු අදහස් සටන් තියේවි.
 
ඒත් මේ රටේ පුරවැසියෙක් විදිහට මං දකින්න කැමති, කැපවෙන්න කැමති අනාගතය ඒකයි. ඒ වෙනුවෙන් අවශ්‍ය  ඕනෑම කාලයක් කිසිම මුදලක් නැතුව මගේ උපරිමයෙන් වැඩකරන්න මං ලෑස්තියි.
මගේ හීනය ඒකයි.


 චින්තන ධර්මදාස