ඉරිදා දවසට ජිම් එක පාලුයි. කවුරුත් කම්මැලියි ඉරිදට බර උස්සන්න. සතියෙම කම්මැලිකමට නිකං හිටපු මං වගේ ගෝතයෙක් විතරයි ඉරිදට ජිම් එකට එන්නෙ.

කකුල් දෙක බෑ බෑ කියල පස්සට අදිද්දි දැඩි අධිෂ්ටානයෙන් හරියට  නෙස්ටමෝල්ට් දෙක තුනක් ගහලා වගේ  බලය ජවය ශක්තිය පාවිච්චි කරලා මං ජිම් එකේ දොර ඇරියා. දොරම කිලෝ විසිපහක් තිහක් බරට දැනුනා.

ජිම් එකක් කියන්නෙ හරිම ලස්සන තැනක්. ජීවිතේ අපිට ගොඩක් වෙලාවට මුනගැහෙන්නෙ කඩන් වැටෙන, ඩිප්‍රෙස් වෙන, කලකිරෙන දේවල්. හැමතැනින්ම ඇහෙන්නෙ ජීවිතය දුකයි කියන ගෝසාව. ඒක ලංකාවෙ හැටි. ඒත් ජිම් එකක් ඒකෙ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත. 

ජීවිතේ ගැන ආශාව වඩවන්න තියෙන තැනක්. වේදනාව ඇතුලෙන් තෘප්තිය හොයන්න පුරුදු කරන තැනක්. දුකෙන්ම දුක නැති කරන තැනක්. පරම අනුරාගී ආරාමයක්. ඒත් ඉරිදට ඒක කනත්තක් වගේ.හයියෙන් සිංදු දාලා තියෙනවා. ඒකෙන් කොහොම හරි පොඩි ගැම්මක් දෙනවා. ඉතිං මං අතට අහුවෙන ඩම්බෙල් දෙකක් කම්මැලිකමට උස්සනවා පාත් කරනවා.

හෙට ඇවිත් අද ටිකත් එක්කම ගැහුවා නං ඉවරයි..
හිත පස්සට අදින ගේම අත්ඇරලා නෑ.

ඔන්න එකපාරට දොර ඇරුනා. කොන්ඩෙ චූටියට උඩට වෙන්න ගැටගහන් එයා ආවා. පින්ක් ටීෂර්ට් එකක්, කලු ටයිට් ජින් එකක්, ආපහු තද පින්ක් ඇන්ඩ් බ්ලැක්  සපත්තු දෙකක් එයාව වහගෙන හිටියා. මොහොතකට කලින් එයාගෙ මූනෙන් බාගයක් වහගෙන හිටපු කැත සර්ජිකල් මාස්ක් එක ඇතුල්වෙන තැනදිම ගලවලා එයා තොල් නිරුවත් කළා.

දෙවඟනක් වගේ අනුරාගය පුරවගෙන එයා ඇතුලට ආවා. මුලු ඇඟම රත් කරගෙන, ඇහැරවාගෙන එන ලා රස්නයක් මට ලේවලින් දැනුනා. ඉර එලිය වැටුනා වගේ.

මං එයාව දන්නවා. වෙනදට එයා එන්නෙ එයාගෙ හස්බන්ඩ් එක්ක. හස්බන්ඩ් ආවට එක්සර්සයිස් කරන්නෙ නෑ. ඌට ආපු වෙලාවෙ ඉඳන් කෝල් එනවා. මිනිහා කොට කලිසමක් ගහගෙන ෆෝන් එක කනේ තියාගෙන වටේ ඇවිදින හින්ද කොයි වෙලාවකවත් ඕනතරමට ඕන විදිහට එයා දිහා බලන් ඉන්න ලැබෙන්නෙ නෑ. ඒක හින්ද හැමතිස්සෙම එයා මගේ හිතේ අඩුවක් හැදුවා. එයා ප්‍රයිවට් කම්පැනි එකක මාර්කටින් ඩිරෙක්ටර් කෙනෙක්. හරිම සැර ගතියක් නිතරම එයාගෙ මූනෙ තිබුන.

හෙඩ්ෆෝන් දෙකක් කනේ ගහගෙන එයා දරුණුවට ව්‍යායාම් කළා. කණ්ණාඩියෙන් කණ්ණාඩියට පරාවර්තනය වෙවී එයාගෙ රූපෙ ජිම් එක පුරාම පෙනුනා. ඒත් කාගෙ හරි ඇහැකට අහුවුනොත් කියන අපහසුතාවය සාමාන්‍ය දවසකදි ඒ රූපය රිසි සේ විඳින්න බාධා කරනවා.

කෙල්ලෙක් එක්සර්සයිස් කරද්දි මාරම සෙක්සි. රූරා වැටෙන දාඩියත් එක්ක ඒ හදිස්සි හුස්ම වෙන කොයිම තැනකටත් අපේ වනචාරීම ආශාවන්ට ළඟින්ම ජිම් එකකදි කෙල්ලෙක්ව ෆීල් කරවනවා. අනිත් අතට ජිම් එකක ඉන්න කෙල්ලෙකුගෙ වෑයම වෙන්නෙම ඇඟ තව හැඩ කරන්න. පියයුරු උස්සන්න, පස්ස වටකුරු කරන්න, ඉන්ද්‍රිය අවදි කරන්න, ආශාව විඳින්න. ජිම් එකක් කියන්නෙ ගැහැනු පිරිමි භේදයක් නැතුව අපි අපේ සතා අවුස්සමින් ඉන්න වෙලාවක්.

එයා එයාගෙ ෂෙඩියුල් එක පටන් ගත්තා. මට වටේම තියෙන කණ්ණාඩිවලින් එයාව පේනවා. මාව වාරණය කරන්න කවුරුත්ම නෑ.  වෙනදට වඩා ලොකු බර මට සැහැල්ලු විදිහට දැනෙනවා. එයාගෙ පරාවර්තනත් එක්ක මගේ හතිය මහන්සිය එකතු වෙනවා. ජිම් එකටම එයයි මමයි ජිම් එක බලාගන්න කොල්ලයි විතරයි.

එයා මගේ බෙන්ච් එකට එහා පැත්තෙ ඇවිත් ඉඳගත්තා. හරිම නිර්භීතකමක්. මේ තරම් ආශාභරිත මගේ සීමාව උල්ලංඝනය කරනවා කියන්නෙ…

එයාගෙ බෙල්ල දිගේ දාඩිය බිංදු බේරිලා එනවා ටීෂර්ට් එකේ කරට. උඩට බැඳපු කොන්ඩෙන් ලිහුන එකක් දෙකක් කෙස් කැරලි පෙඟිලා රන්වන් පාට බෙල්ල උඩ ඇලිලා, අල්ලන්න ආස හිතෙනවා. සැරින් සැරේට එයා බෙල්ල වටයක් කරකවලා නිදහස් කරනවා.  මං ඇයි මේ තරම් එයාගෙ බෙල්ල ගැන කියන්නෙ?

එයාගෙ බෙල්ල තමයි ලස්සනම. හීනියි දිගටියි, වැර ගනිද්දි ලා නහරවල් මතුවෙනවා. බෙල්ලට ළඟින් හපන්න හිතෙන කන්පෙති තියෙනවා. එයාට තිබුනෙ පුංචි පියයුරු. පුංචි පස්සක් එක්ක හීනි ඇඟක්. එයාට ඕන ඇති තව ඇඟ හැදෙන්න. ඒත් එයා ලස්සනම මෙහෙම. හීනියට.

මං එයාගෙ ඇස් මුනගැහෙන වෙලාවක් බලන් ඉඳලා හිනාවුනේ කතාවකට මුල පුරන්න. ඒත් එයා කිසිම හැඟීමක් නැති ඇස්වලින් මං දිහා බලාගෙන හිටියා විතරයි. ගල් ලුක් එකක්. ඒක කොහොමවත් ආරධනාවක් නෙමෙයි. එයා පාත්වෙද්දි ටීෂර්ට් එක ඉස්සිලා එයාගෙ පිට දිගට නිරුවත් වෙනවා. දාඩියෙන් තෙමුන පිටේ හරියටම තුනටිය මැද ධර්ම චක්‍රයක් ටැටූ කරලා තිබුනා. ආ, නෑ ඒක නැව් සුක්කානමක් වෙන්න ඇති. එතන ඒ වගේ එකකට කියාපු තැන. මහ මුහුදක එයාව කැමති දිහාවක පදවන්න පුළුවන්.

එයාගෙ තොල් හුස්ම පිටකරලා මහන්සියට ඇරීගෙනම තිබුන. ඒවා තඩිස්සි වෙලා කියල මට හිතුන. මූනම රතුවෙලා කියල මට කණ්ණාඩියෙන් පෙනුනා.

එයා නපුරුයි. ඒ නපුරුකම එයාට ගැලපෙනවා. මං එයාගෙ එරවිල්ලටවත් ඇස් අහකට නොගෙන අකීකරු ළමයෙක් වගේ හිටියා. උස්සන බරට වඩා ඇස්වල බර වැඩි වෙලා එයා එතනින් නැගිට්ටා. තරහෙන් ටවල් එකත් ගසල වේගෙන් යන්න ගියා. එයා ගියේ වොෂ් රූම් එක පැත්තට.

මට කිසිම දවසක එන්නෙ නැති නරකම අදහසක් ආවෙ මේ වෙලාවෙ. ඒ අදහස පාලනය කරන්නම බැරි වුනා. ඒ වෙනුවට මං ඒ අදහසේ වහලෙක් වෙලා තිබුන. සමහර වෙලාවල් තියෙනවා එහෙම. අපිව අපේ වානර ආත්මය විසින් අත්පත් කරගන්න. ශිෂ්ටාචාරෙ මායිමෙන් අපිව එහාට තල්ලු කරන. ඇත්තම කතාව ඒ අසංවර අශිෂ්ටකමේ පතුලෙ අපි අපිව පූර්න පැවැත්මක අසම්මත ආස්වාදයක් විඳිනවා.

මාත් ගියා වොෂ් රූම් එකට.

ගැහැනු සංකේතය තඹයකට නොතකා මං දොර තල්ලු කළා.  ඇතුලෙ වෙන කවුරුවත් ඉන්න විදිහක් නෑ. එයා විතරයි. තව මොහොතකින් එයයි මායි විතරයි.

එයා හිටියෙ ටීෂර්ට් එක මාරු කරමින්. මාව කණ්ණාඩියෙන් දැකලා එකපාරටම ගැස්සුනා. සමහර විට එයාගෙ ජීවිතේ දැනුන ලොකුම කම්පනය ඒක වෙන්න ඇති.

එතකොටම රේඩියෝ එකේ මැඩොනාගෙ හියුමන් නේචර් ප්ලේ වෙන්න ගත්තා.

එක්ස්ප්‍රෙස් යුර් සෙල්ෆ් ඩෝන්ට් රිප්‍රෙස් යුර් සෙල්ෆ්..

තත්පර ගානක හයි ඉන්ටෙන්සිටි නැවතුමක්. ඊට පස්සෙ අධිවේගෙන් මං පැනලා එයාව බදාගත්තා. එයා තල්ලු වෙලා ගිහින් සින්ක් එකේ හැපුනා. අත උඩට ඉස්සිලා ටීෂර්ට් එකට හිරවෙලා තිබුනු හින්ද බ්‍රා එකට යනකල්ම බඳ නිරුවත්ව තිබුන. මගේ අත කෙලින්ම ඒ බඳ බදලා නතර වුනා. සීතල දාඩියට ඇලුනා. එයාට කෑ ගැහුනා. මාව හිරිවැටුනා.

කලබලෙන් ටීෂර්ට් එක ගලවලා බිමට අතෑරලා එයා මං දිහා බැලුවා. මට ඕන වුනේ එයාගෙ දාඩියෙන් තෙත්වුනු එයාගෙ දිග බෙල්ල ඉඹින්න. මං අනවසරයෙන්ම ළංවුනා. මගේ ඇස් පියවුනා.

ඒ දාඩිය සුවඳ… ජීවිතේ කිසිම තැනකදි කිසිම දවසක විඳලා නැති තරම් අනුරාගී සුවඳක් එයාගෙන් වහනය වෙමින් මාව මෝහනය කළා. ගෑනුන්ට මල් සුවඳ තවරන එක වැරදියි. ඒ සුවඳ තනිකරම මුල්වල සුවඳක්.

 

ඒත් එයාගෙ අත මට වඩා ඉස්සර වුනා.

චටාස්… එක කම්මුලක් කිස් කනවා ඇහුනා. කිසි දෙයක් දැනුනෙ නෑ.

මං බලන් හිටියා. එයා වෙව්ලනවා කේන්තියට බයට. මං වෙව්ලනවා ආසාව වැඩිකමට.

එයා මගේ අනිත් කම්මුලටත් අත දිග ඇරලා තව පාරක් ගැහුවා. බ්‍රා එකයි ජීන් එකයි විතරක් ඇඳගෙන, මගේ අතින් බඳට තද වෙලා ඉඳගෙන මගේ නපුරු සුරංගනාවි මට දඩුවම් කරමින් හිටියා.

ඊට පස්සෙ එක දිගට කම්මුල් පාරවල් වැලක්. මට මොකුත් පේන්නෙ නැතුව ගියා. එයාව අත්ඇරුනා. ඒ ටිකට ටීෂර්ට් එකත් අරගෙන එයා දිව්වා. එතකොටම මැඩෝනාගෙ සිංදුව නතර වුනා. මං වොෂ්රූම් එකේ තනි වුනා.

එතනින් පස්සෙ ඕනම දෙයක් වෙන්න පුළුවන්. කලබල වෙන එකේ තේරුමක් නෑ. මං හෙමින් පිරිමි වොෂ්රූම් එක ඇතුලට ගියා.

එයාගෙ නපුරු මූන, තෙතට ඇලෙන හීනි ඇඟ, ඒ ආදම්ගේ උයනෙ සුවඳ,  කිස් කන කම්මුල් පාරවල්.. මං මාස්ටර්බේට් කරගෙන කරගෙන ගියා.

හ්ම්ම්ම්ම්ම්…….හ්…පියවි සිහියට ආවෙ එතකොට. එලියෙ මහ කලබලයක් බලාපොරොත්තුවෙන් මං වොෂ්රූම් එකේ දොර ඇරියා. ම්හ්… කිසි කෙනෙක් නෑ. එලියට එන තැන ජිම් එකේ කොල්ලත් උගේ පාඩුවෙ වැඩක්.

යනවා මචං..

බෑග් එකත් අරන් එන ගමන් මං කිව්වෙ නිකමට ටෙස්ට් කරන්න. ඌ ඔලුව උස්සලා බැලුවෙ වත් නෑ.

එතකොට එයා කිසි දෙයක් කියල නැද්ද?

ගෙදර ගිහින් හස්බන්ඩ්ට කියයි. ඌ ඇවිත් කම්ප්ලේන් කරයි. ජිම් එකෙන් මට කෝල් එකක් එයි. මෙම්බර්ෂිප් කැන්සල් කියයි. එච්චරයි.

එහෙම නොවුනොත් දවස් කීපයක් බලලා මං ආයිමත් ජිම් එකට එනවා. එතකොට එයාව හම්බුවෙනවා.

මට පුළුවන් එයාට සොරි කියන්න.