ගියපාර කොටසෙන් මං මගේ අම්මයි තාත්තයි ගැන කතාව කියන්න ගත්ත හින්ද ඒ අතීත කතාවෙ තව ටිකක් දුර යන්න කල්පනා කළා. ඒ දෙන්නගෙ අතීතය විසින් මගේ වර්තමානය නිර්මාණය වෙලා තියෙනවා කියල මට හිතෙන නිසා.

අම්මාගෙ ජීවිතේ එයා ගිහින් තියෙන දුර ගැන හිතනකොට, එයා යකඩ ගැහැණියක් කියලා විතරක් හඳුන්වලා මදි.
එයාට ජීවිතේ ගෙවන්න වෙලා තියෙන්නෙ, ලේසි පහසු දුක් කරදර ගොඩක් නෙමෙයි.
අවුරුදු 3ක් විතර වෙනකොට අපේ අම්මගෙ තාත්තායි අම්මායි දෙන්නම එයාව දාලා ගිහින් තියෙනවා.
එතනින් පස්සෙ ටිකක් ලොකුමහත්වෙනකොට බාල සහෝදරයොත් අරගෙන නෑදෑ ගෙදරක පදිංචි වෙලා ඉන්නකොට, බාප්පලා, නෑදෑවෙන සමහර පිරිමි, අතින් අතවර වෙන්න ගිහින්, ඉවසන්න බැරිම තැන එහෙන් පැනලා ඇවිත්, පාරවල් අයිනෙ, තැන් තැන්වල, රෑ නිදාගෙන,
වෙරළු ඇහිදලා පොලට ගිහින් විකුණලා කීයක් හරි හොයාගෙන,
සහෝදරයොත් උස් මහත් කරගෙන එයාට ගෙවන්න වෙන්නෙ අමිහිරි ළමා කාලයක්.

නමුත් ජීවිතේට මුහුණ දෙන්න තිබුන හයිය නිසාම, කොහොමහරි තැනකට එනවා කියලා එයාගෙ හිතේ ඇතිවුන ධෛර්ය, අදටත් නැති වෙලා නෑ.

එයාගෙ හීන තාම ඉවර නෑ.
ඇත්තටම ඒ persistence එක මම ජීවිතේ වෙන කාගෙන්වත් අම්මාගෙන් තරම් දැකලා නැහැ.

ඔය විදිහට, අවුරුදු 18 විතර වෙනකොට, job එකක් ලැබිලා තියෙනවා Front desk receptionist කෙනෙක් විදිහට.

ඒ ඉන්න අතරේ, අහම්බෙන් දැකලා තියෙනවා පත්තරේක advertisement එකක්, ජපානෙ යන්න කැමති අයට apply කරන්න කියලා.
ජපන් couple එකක් කරන scholarship fund එකක්.
හැම අවුරුද්දෙම 5 දෙනෙක්ව තෝරගන්නවා.
Exam එකක් තියලා, pass වෙන අයට language එක ඉගෙනගන්න ගෙවනවා.
එතනින් පස්සෙ තමන්ට ඕන රස්සාවක් කරන්න පුලුවන්.
ඒ exam එක pass වුන අය 5 දෙනාගෙන් එක්කෙනෙක් විදිහට,
අම්මා යනවා ජපානෙට.
අලුත් ලෝකයක් හොයාගෙන.
ඉක්මනින්ම, නංගිලා මල්ලිලාවත් ගෙන්න ගන්න හිතාගෙන.

තාත්තා එන්නෙ එහෙන් පිටින්ම පරස්පර ලෝකයකින්.
රත්තරන් business කරන, ලංකාවෙ ‘ඉහල පැලැන්තිය’ කියලා සලකන පවුල් පසුබිමක් තියෙන, Royal එකට ඉස්කෝලේ ගිය, කිරුලපනේ ජීවත් වුන, comfortable ළමා කාලයක් තිබුන කෙනෙක්.
හැබැයි ඒ මොන දේවල් තිබුනත්, කිසි දේකට ඇල්මක් තිබිලා නැති, ලෝකෙ පුරා ඇවිදලා travel කරන එක විතරක් ජීවිතේ එකම ආසාව කරගත්ත කොල්ලෙක්.
අවුරුදු 18 වුන හැටියෙ නැවක job එකකට ගිහින් තියෙන්නෙ, ඒ හීනෙ සපුරගන්න හිතාගෙන.

නැවේ යන කාලෙ, Germany වල අවුරුදු 3ක් විතර ඉඳලා, එහෙදි, girl කෙනෙක් එක්ක තාත්තා යාලු වෙලා. එයාගෙ නම Anna.
තාත්තාගේ ජීවිතේ, Sex explore කරන්න පළවෙනි guide වෙලා තියෙන්නෙ, Anna.
මුලු Europeවලම ඇවිදලා, sex parties, orgies, drugs, මේ හැමදේකම unlimited ඇසුර ලබලා, අන්තිමේදි Columbia වලත් කාලයක් Anna එක්ක තාත්තා ජීවත් වෙලා තියෙනවා.
මම මේ කියන්නෙ, 1980 ගණන් වල Columbiaව.
Escobarගෙ drugs mafia එක peak එකේම තිබුන කා‍ලෙ.
තාත්තාලා වැඩ කරපු නැවේ මේ drugs transport පවා කරලා තියෙනවා.
ඒ ඉන්න කාලෙ, තාත්තායි, Annaයි, addict වෙලා heroine වලට.

ඒ ගැන දැනගෙන, Annaගෙ අම්මලා එයාව ආයිත් Germany වලට ගෙන්නගෙන.
තාත්තාගෙ අම්මලා තාත්තාව ලංකාවට ගෙන්නගෙන.
Anna එක්ක තිබුන relationship එක නතර වෙලා තියෙන්නෙ ඒ විදිහට.

ඊට පස්සෙ, කාලයක් clean වෙලා ඉඳලා, තාත්තා ගිහින්, Italy.

ඒ ඉන්න කාලෙ, තව girlfriend කෙනෙක් ඉඳලා තියෙනවා.
ඒ relationship එක, ගෙවල් වලිනුත් කැමැත්ත දීලා, බඳින්න පවා හිටපු කෙනෙක්. එයා තමයි නීලා aunty .
දුරින් නෑදෑ වෙන කෙනෙක් නිසා, කීප සැරයක්ම මමත් ලංකාවෙ ඉන්න කාලෙ හම්බවෙලා තියෙනවා.
නීලා aunty මාස දෙකකට විතර Italy ඇවිත් තියෙනවා. එයාගෙ පෙම්වතා, මගේ තාත්තාව බලන්න.
ඒ ආපු පාර තාත්තා එක්ක හිටපු roommate , තාත්තාගෙ තව යාලුවෙක්, කමල්, නීලා aunty එක්ක යාලු වෙලා.

පස්සෙ ගෙවල් දෙකෙන්ම ඒ ගැන ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා, නීලා auntyට ලංකාවට එන්න එපා කියලා ගෙදරින් තර්ජනය කරලා.
තාත්තා තමයි මැදිහත් වෙලා ඒ ප්‍රශ්නෙ සමතයකට පත් කරලා තියෙන්නෙ.
එයාට ආස කෙනා එක්ක ජීවත් වෙන්න දෙන්න කියලා, නීලා aunty වෙනුවෙන් එයා කතා කරලා.

ගෙවල් දෙකෙන්ම තාත්තා අහලා තියෙන්නෙ,
‘මට ප්‍රශ්නයක් නැත්තන්, ඇයි කවුරුත් ප්‍රශ්නයක් කරගන්නෙ?’ තාත්තා ඇහුවලු.

අන්තිමේදී, කමල්ගෙයි නීලා auntyගෙයි wedding එකේ සාක්ෂියට අත්සන් කරලා තියෙන්නෙත් තාත්තා.

ඒ සිද්දියෙන් පස්සෙ, සමහර යාලුවෝ තාත්තාට ‘වෙස්සන්තර’ කියලා නමකුත් දාලා තියෙනවා.
සියලු දේ දන් දෙනවා කියලා.

ඒ තමයි තාත්තාගෙ විදිහ.
එයාගෙ චරිතෙ හැටි.
කිසි දෙයක් එයාට අයිතියි කියලා එයා හිතන්නෙ නැහැ.
අයිති කියලා හිතෙන දේවල්, වෙන අය භුක්ති විඳින එකෙන් එයා ආස්වාදයක් ලබනවා.

තාත්තා sex වලදි ආස cuckold sex කියලා අම්මාගෙ ලියුම කියෙව්වට පස්සෙ මම දැනගත්ත. ඒක ගැන ‍ වෙලාවකට මට පුදුමත් හිතෙනවා.
ජීවිතේ පුරාවටම එයාගෙ චරිතයෙන් ඒ බව පෙන්නලා තියෙන නිසා.
වෙස්සන්තර කියලා නමක් හැදෙන්න තරමට, හැමදේම අනිත් අයට දීලා තියෙන නිසා.
මෙහෙම එකින් එකට එයාගෙ ජීවිතේ සිද්දි ගලපද්දි, තාත්තාව මට තව තව සුන්දරව පේනවා.

එක පැත්තකින්, එයාට අයිති දේවල් අනිත් අයට දෙනවා වගේම, තමන්ගෙ නොවන දේවල් තමන්ගේ කරගන්නවා.
නංගි එයාගෙ නෙමෙයි කියලා, එක වචනෙකින් තියා, බැල්මක් තරම් දේකින් වත් වෙනසක් මට දැනිලා තිබුනෙ නෑ.

මිනිස්සු අතරෙ පැටලිලා තියෙන සම්මුතීන් විනාස කරලා දාලා,
ආධ්‍යාත්මයෙ ගැඹුරටම ගිහින්,
නිදහස කියන එක විතරක් අගය කරලා ජීවත් වුන කෙනෙක් විදිහටයි මම තාත්තාව දකින්නෙ.
ගෙවන දවසක් පාසා ජීවත් වෙන හැටි මම එයාගෙන් ඉගෙනගන්නවා.

කොහොමහරි, ඔය විදිහට කාලයක් Italy වලත් ඉඳලා, ඊටත් පස්සෙ තමයි තාත්තා ජපානෙට එන්නෙ. අම්මා, scholarship එක ලැබිලා ජපානෙට එනකොට, තාත්තා ඇවිත් අවුරුදු කීපයක් වෙනවා.

තාත්තා එයාගෙ යාලුවෝ එක්ක නිතර යන club එකකදි තමයි අම්මාව පළවෙනි පාරට දැකලා තියෙන්නෙ.
ලංකාවෙ කෙල්ලෙක් නිසා කතා කරලා විස්තර අහලා.

මේ වෙද්දි, අම්මා ජපානෙට ඇවිත් language course එක ඉවර කරලා, restaurant එකක වැඩ කරන ගමන්, මේ කියන club එකේ වැඩ කරන්න පටන් අරගෙන.

ඒ පළමු හමුවීම, ටික ටික regular වෙන්න අරගෙන.
තාත්තාලගෙ parties වලට අම්මාට invite කරලා, නිතර hangout කරලා, ඔහොම කාලෙ යනකොට, අම්මාට තාත්තා ගැන කැමැත්තක් ඇති වෙලා.

අම්මා එතකොට අවුරුදු 23ක පොඩි කෙල්ලෙක්, තාත්තාට 33ක්.
අවුරුදු 10ක වයස් පරතරයක්.

අම්මා sexy, attractive, වයසිනුත් පොඩියි, so why not!
Fling එකක් විදිහට තාත්තා අම්මාත් එක්ක යාලු වෙලා.

අම්මාත් තාත්තාට, එයාගෙ ආසාවන් හිතේ හැටියට සපුරගන්න ඉඩ දීලා.
අම්මාගෙ ඇතුලෙ හිටපු සරාගී ගැහැණියව එයා එළියට මුදා හැරලා.
කොටට ඇන්ඳම, ඇඟ ලස්සනට පේන්න ඇඳලා කොහෙහරි ගියාම, මිනිස්සු අම්මා දිහා බලලා රස විඳින එකෙන් තාත්තා සෑහෙන්න සතුටක් ලබලා තියෙනවා.
එක එක ඇඳුම් අන්දලා අම්මාව එක්කන් ගිහින් තියෙනවා parties වලට, clubs වලට.
අම්මත් ඒ attention එක උපරිමයෙන් විඳලා.

මාස 5ක්, 6ක් යනකොට, තාත්තාට මේ සම්බන්ධකම නතර කරන්න ඕනෙ වෙලා, ඒත් අම්මාට ඕනෙ වෙලා තියෙන්නෙ තාත්තාව කසාද බඳින්න.
අම්මා ඉඳලා තියෙන්නෙ ආදරෙන් obsess වෙලා.
නවත්තන්න ඕනෙ කියලා අහන්නෙම නැති තැන, තාත්තා ලංකාවට පවා ගිහින් ඉඳලා තියෙනවා අම්මාව මඟ අරින්න.
කාලයක්ම ලංකාවට වෙලා ඉන්නකොට, අම්මා දවස ගානෙ ගෙදරට ලියුම් එවන එකේ ඉවරයක් නැතිකොට,
සීයා තාත්තාට බැනලා,

‘කෙල්ලො අනාත නොකර, පිරිමියෙක් වගේ ගිහින් මූණ දීපන් ඒ කෙල්ලට.
මෙහෙට වෙලා හැංගිලා ඉන්නෙ ලැජ්ජ නැද්ද?’

ඊට පස්සෙ තමයි තාත්තා ආයිත් ජපානෙට ගිහින් තියෙන්නෙ.
ඒ ගිය පාර තමයි අම්මා මාව හම්බුවෙන්න pregnant වෙන්නෙ.

කසාද බඳින එකත් ප්‍රශ්නාර්ථයක් වුන තාත්තාගෙ ජීවිතේට, ළමයෙක් කියන්නෙ කීයටවත්ම expected දෙයක් නෙමෙයි.
ජීවිතේම කණපිට පෙරලුනා වගේ දැනෙන්න ඇති.
හැබැයි අම්මා ඒක අනිවාර්යයෙන්ම opportunity එකක් විදිහට පාවිච්චි කරන්න ඇති. ඒ අම්මාගෙ විදිහ.

තාත්තාව family man කෙනෙක් කරන්න, එයා හිතන ලෝකෙ තාත්තා එක්ක ගොඩනගන්න, ළමයෙක් ලැබුනම හැමදේම හරි යයි කියලා, අම්මා ජීවිත කාලෙම හිතපු විදිහටම හිතන්න ඇති.

එක වෙලාවකට මට අම්මාව පේන්නෙ, Marvel universe එකේ, Scarlet Witch වගේ.
තමන් විසින්ම illusion එකක් මවාගෙන, ඒක ඇතුලේ තමන් ඉන්නෙ සතුටින් කියලා හිතාගෙන, ඒ සතුටට තියෙන ආසාව නිසාම, ඇත්තක් නෙමෙයි වුනත්, ඒ illusion එකත් එක්ක පෙමින් බැඳෙන ගැහැණියක්.

අම්මාත් ඒ වගේ. නැති ලෝකයක් හිතේ මවාගෙන, ඒ ලෝකෙත් එක්ක හැම වෙලාවකම පෙමින් බැඳෙනවා.

අම්මාට තාත්තා ගැන, වෙන කිසි පිරිමියෙක් ගැන නොතිබුන විදිහෙ ආදරයක් තිබුන බව ඇත්ත.
හැබැයි ඒ තාත්තාගෙ තිබුන සෙල්ලක්කාරකමට, ඒ රස්තියාදුකාරකමට විතරක්ම නෙමෙයි.
අම්මා ලොල් වෙන්නෙ, තාත්තා represent කරපු සමාජ තලයට.

අම්මාගෙ බලාපොරොත්තු ගොඩක් තාත්තා ඉශ්ට කරලා දෙනවා.
අම්මාට ඒ සමාජයේ කොටස්කාරියක් වෙන්න ඉඩ හඳලා දෙනවා.
Job එකක් කරගෙන ජීවත් වෙන ලෝකය වෙනුවට, business කරන ලෝකයක් මුණගස්වනවා.
She finally gets a seat at the table.
මේක අම්මාගෙ ජීවිතේ හැරවුම් ලක්ෂය වෙනවා.

තාත්තාව බැන්ඳට පස්සෙ, සල්ලිකාර කියන, ඉහළ පැලැන්තිය කියන, ලංකාවෙ හිටියා නම් එයාට හීනෙන් වත් ලංවෙන්න බැරි පරම්පරාවකට අම්මා නෑදෑකම් කියනවා.
අම්මගෙ නංගිලා මල්ලිලා හැමෝවමත් තාත්තා ජපානෙට ගෙන්නලා දෙනවා.
ඒ කියන්නෙ, අම්මාගෙ ජීවිතේ ඒ වෙනකොට තිබුන life goals, සියල්ලම වගේ සම්පූර්ණ වෙනවා.

තාත්තාගෙ හිතේ අම්මා ගැන එදා ඉඳලාම තියෙන්නෙ, අනුකම්පාවක් එක්ක කවලම් වුන ආදරයක්.
ඒ හැමදේමත් එක්ක, තාත්තාව කොටුවක් අස්සෙ හිර වෙලා වගේ හැඟීමක් හැමදාම එයාට ජීවිතේ තිබුනා කියලා මට නිතරම වගේ හිතුන දෙයක්.

මම කියවපු, short story එකක් තිබුනා, Gerald Durrelගෙ,
Life and death of Cholomondeley කියලා. Chimpanzee කෙනෙක් ගැන කතාවක්.
මිනිස්සු ගිහින් Cholomondeleyව උගේ natural habitat එකෙන් අයින් කරලා, මිනිහෙක් වගේ හැසිරෙන්න, කන්න බොන්න, ඇවිදින්න train කරවනවා.
ඊට පස්සෙ, TV show එකක රඟපාන්නත් අරගෙන, මිනිස්සුන්ගෙ ලෝකෙ celebrity කෙනෙක් බවට Cholomondeleyව පත් කරනවා.
අන්තිමේදී ඌට, ඒක ඉවසගන්න බැරි තැන depression හැදිලා, මිනිස්සුන්ට ආපස්සට attack කරන්න ගත්තම, ඒ හැමදේම සතාගෙ වැරැද්ද කරලා, මිනිස්සු විසින්ම ඌව මරලා දානවා.

මට තාත්තාව පේන්නෙත්, ඒ chimpanzee විදිහට.

සමහරවිට එයා ආස වුන, එයාට විඳින්න ඕන වුන ජීවිතේ එයාට ලැබුනා නම්, මම දැක්කට වඩා සතුටින් තාත්තාට ජීවත් වෙන්න තිබුනා, කුඩු ගහලා හරි.

Cholomondeleyට නොතිබුන, තාත්තාට තිබුන එකම දේ වෙන්නෙ, මම.
කිසිම බැඳීමක් නැතුව, ආදරයක් ළඟ නතර නොවී, අවුරුදු 35ක් වෙනකන්ම දුර ඇවිත්, මාව ලැබුනට පස්සෙ, මගෙත් එක්ක ඇතිවුන බැඳීම තාත්තා විස්තර කරන්නෙ එයාගෙ ජීවිතේ සුන්දරම දේ විදිහට.
එයාට අත අරින්න බැරි එකම දේ විදිහට.

මටත් තාත්තාව නැතිව බැරි වෙනවා.
ඒ ආදරේ ප්‍රතිඵලයක් විදිහට තාත්තාට සිද්ධ වෙනවා අම්මා එක්ක රැඳෙන්න.
අම්මා එක්ක පවුල් ජීවිතයක් ගැන හිතන්න.
අනිත් පැත්තට, අම්මා හිතනවා දැන් තාත්තා වෙනස් වෙයි කියලා.
ළමයෙක් ඉන්නවනෙ, අපි පවුලක්නෙ කියලා.

අම්මා හැම වෙලාවකම බැලුවෙ තාත්තාව වෙනස් කරන්න,
අම්මාට තිබුන life goalsම තාත්තාගෙ goals බවට පත්කරන්න.
තාත්තාට ජීවිතේ කවදාවත්ම ලොකු දේවල් ඕනෙ වුනේ නැහැ, හැබැයි එයා අම්මාට එයාගෙ හීන සපුරගන්න ඉඩ හැදුවා.

මට අම්මා ගැන තියෙන්නෙත් තාත්තා ගැන වගේම අනුකම්පාවක්.
මට හිතෙනවා හේමන්ත uncleව අම්මා තෝරගත්තා නම්, එයාට මීට වඩා ජීවිතේ සතුටින් ඉන්න තිබුනා කියලා.
ඒත්, අම්මාගෙ priority එක වුනෙ කවදාවත්ම සතුට කියන එක නෙමෙයි.
සතුට ලැබෙනවා කියලා එයා හිතපු සල්ලි, දේපල, යාන වාහන, status, social class වගේ දේවල්.
එයා ඉපදුන තැන ඉඳලා, ගෙවපු ජීවිතේ ගැන හිතනකොට, ඒ විදිහට හිතන එක මට තේරුම් ගන්න අමාරු නැහැ.

අම්මා කියන්නෙ, කොහොමටත්ම ආදරයක් නිසා, මිනිහෙක් නිසා, එයාගෙ හීන පාවලා දෙන ගැහැණියක් නෙමෙයි. එයා ඒ පිරිමියාව තමන්ගේ හීනෙ කොටසක් බවට පත්කරනවා.
ඒ නිසා අම්මා ඒ තීරණ සියල්ල ඒ විදිහට ගත්ත එක ගැන මට පුදුමයක් නැහැ.

ඔය විදිහට කාලයක් ජපානෙ ඉන්නකොට, මාත් ටික ටික ලොකු වෙනකොට, අම්මාට ඕනෙ වෙලා තියෙනවා ලංකාවෙ පදිංචියට යන්න. මාව ලංකාවෙ ඉස්කෝලෙකට දාන්න.

මෙතනදි තමයි, අම්මගෙයි තාත්තාගෙයි business එකට පළවෙනි customerව හම්බෙන්නෙ.

ජයතිලක කියලා, මගෙ වයසෙම පුතෙක් හිටපු, single dad කෙනෙක්.
ජයතිලකට අම්මා ගැන ඇති වෙලා තියෙන්නෙ ආදරයක්. එයාව කසාද බඳින්න පවා අහලා තියෙනවා.
ජයතිලක කියන්නෙ ලංකාවෙ hotel chain එකක අයිතිකාරයෙක්.

අම්මා එයත් එක්ක පොඩි සම්බන්ධකමක් පටන් අරන්.
තාත්තා එක්ක සතුටින් නෙමෙයි ඉන්නෙ කියලා අම්මා කියද්දි, ජයතිලක කියලා තියෙනවා ලංකාවට එන්න ළමයත් අරන්, එයා ගෙයක් අරන් දෙන්නම් කියලා.

ඒ විදිහට තමයි, මම මෙහෙ එනකන්ම ජීවත් වුන ගෙදර ලැබෙන්නෙ.

අම්මාට ඒ වුනාට තාත්තාව අතාරින්න හිත දීලා නෑ. ඒකට හේතුව තාර්කිකව හරියටම පැහැදිලි කරන්නත් බෑ. එයා ඒ නිසා පිටුපාන්නෙ ජයතිලකට.
එතැන් පටන් එයාට ආදරේ කරන හැම පිරිමියෙකුටම එයා පිටුපානවා, තාත්තාට ඇරෙන්න.

ඒක මහා පුදුම සම්බන්ධකමක්.

ජපානෙට භූමි කම්පා ඇති වෙන්නෙ, රට පිහිටලා තියෙන plates එකට ගැටෙන නිසානෙ.
මම හැමතිස්සෙම හිතන දෙයක් තමයි,
අම්මයි තාත්තයි ජපානෙ වගේ කියලා.

එකට ගැටුනොත්, භූමිකම්පාවක්.
නැති තාක්, සොඳුරුයි සුන්දරයි.

කොච්චර රණ්ඩු වුනත්, මරාගත්තත්, හැමදාම ඒ දෙන්නා එකට එක ඇදේ නිදාගත්ත.
මම දන්නෙ නැහැ ඒ ආදරේද කියන්න.
හැබැයි ඒක දෙන්නටම අතාරින්න බැරි මොකද්දෝ toxic බැඳීමක්.

ඔය විදිහට තමයි, මට අවුරුදු 5ක් විතර වෙනකොට මාවත් අරන්, අම්මයි තාත්තායි, ලංකාවෙ පදිංචියට එන්නෙ.

ලංකාවෙ ජීවිතේ ගැන, business එකේ අනිත් customersලා ගැන, හේමන්ත uncleගෙයි අම්මාගෙයි සම්බන්ධකම ගැනත්, මට මතක විස්තර ඊළඟ chapter එකෙන් කියන්නම්.