මුතුගල සර් හින්ද දැන් රටේම චාර්ල්ස් ඩාර්වින් ගැනත් පරිණාමවාදය ගැනත් එකපාර උනන්දුවක් ඇතිවෙලා තියෙනවා. ඉතින් චාර්ල්ස් ඩාර්වින් මං ඉතා කැමති සෙක්ස් විෂයට බලපාන්නෙ කොහොමද කියන එක ගැන යමක් මේ සංවාදයට එකතු කරන්න කල්පනා කළා. විශේෂයෙන් එයාගෙ ස්වභාවික වරණවාදය කොයිතරම් දෝෂ සහිතද කියන එකත්, ඒ පිළිගැනීම් ලිංගික සහ සමාජ විෂයෙහි කොයිතරම් නරක ප්‍රතිඵල ඇති කළාද කියන එකත් මෙතනදි කතාවට ගැනෙනවා. මේ පරිච්ඡේදය ක්‍රිස්ටෝෆර් රයන් සහ කැසිල්ඩා ජේතා විසින් රචිත ‘Sex at Dawn’ කියන පොතෙන් ගත්ත එකක්. මට පුළුවන් තරම් සරලව ඒක සිංහලෙන් කියන්න උත්සාහ කරනවා.
ඩාර්වින් සෙක්ස් ගැන නොදැන සිටියේ කුමක්ද?
‘අප මෙතනදි බිය හෝ බලාපොරොත්තු ගැන උනන්දු වන්නේ නැත. අපේ උනන්දුව ඇත්තේ සත්‍යය පිළිබඳ පමණි. ඒ අපේ තර්කය විසින් එය අනාවරණය කර ගත හැකි තාක්ය’.
චාර්ල්ස් ඩාර්වින් – ද ඩිසෙන්ට් ඔෆ් මෑන්
අත්තික්කා කොලයකින් ගොඩක් දේවල් වහගන්න පුළුවන් ඇති. ඒත් මිනිසාගේ ලිංගය ප්‍රාණවත් වීම නම් ඒකෙන් වහන්න බෑ. මානව ලිංගිකත්වය ගැන තියෙන පොදු මහා නැරටිව් එක රවටනසුලු, පිළිගත නොහැකි මොනොගමියක සංවර්ධනයක් ගැන අදහස ස්ථාවර කරන්න ගොඩනගපු එකක්. මේ නැරටිව් එකේ හැටියට විෂම ලිංගික ස්ත්‍රී පුරුෂයන් යනු අපේ ප්‍රතිවිරුද්ධ ජානවල ඇජන්ඩාවක් අනුව ක්‍රියාත්මක වෙන යුද්ධයක ඉත්තන් වගේ වෙනවා. සියලු විනාශයට මුල අපේ ජීව විද්‍යාත්මක ඩිසයින් එක කියලයි අපිට උගන්නන්නෙ. පිරිමි තමන්ගේ බීජ පුළුවන් තරම් පතුරවන්න වෙහෙසෙනවා. (මේ අතර තමන්ට පමණක්ම කියල ස්ත්‍රීන් තබාගැනීමෙන් පිතෘත්වය සහතික කරන්න දගලනවා) මේ අතර කාන්තාවන් තමන්ගේ සීමිත ඒ නිසාම වටිනා ඩිම්බ නොවැදගත් පිරිමින්ගෙන් ආරක්ෂා කරගන්න වෙහෙසෙනවා. හැබැයි තමන්ට සපයා දෙන්න පුලුවන් සැමියෙක් සමග ලැබුනු පසු ඒ අය ජානමය වශයෙන් ඉහළ යැයි ගැනෙන මෝල්ඩර් වර්ගයේ හතරැස් හනු සහිත පිරිමින් සමග රහසින් රමණයේ යෙදෙන්න ඉඩ ලද සැණින් සාය උස්සනවා. මේක නිර්මාණය කරන්නෙ ලස්සන චිත්‍රයක් නම් නෙමෙයි.
ජීව විද්‍යාඥයෙක් වන ජොආන් රෆ්ගාර්ඩන් කියන්නෙ මේක අවුරුදු 150ට කලින් ඩාර්වින් විසින් විස්තර කළ චිත්‍රයේම දිගුවක් කියල. ස්ත්‍රී පුරුෂ ලිංගික භූමිකා ගැන ඩාර්විනියානු නැරටිව් එක අහම්බ පටලැවීමක් නෙමෙයි. අද විද්‍යාත්මකයි කියල පිළිගන්න අන්ඩරදෙමළ ඇතුලෙ මේක විද්‍යාත්මකව ඔප්පු කළ සත්‍යයක් වෙලා තියෙනවා. ස්වභාව ධර්මය ගැන ලිංගික වරණයේ දැක්ම විසින් යෝජනා කරන්නෙ ගැටුම්කාරී, රැවටිලිකාර, කැත ජාන මුහුවීමක්.
මේ ජනප්‍රිය කතාව Advice Goddess නමින් කොලමක් ලියන එමි ඇල්කන් හොඳටම විස්තර කරනවා.
‘ තනිව දරුවෙක් රැකබලාගන්නා මවකට පවතින්න නරක තැන් ගොඩක් තියෙන්න පුළුවන්. ඒත් වඩාත්ම නරක තැන වෙන්නෙ අවුරුදු මිලියන 1.8ට එපිට සැවානා බිමයි. අපිට සාර්ථකව ජාන මුහුකළ අපේ මිත්තනියන් වන්නේ තමන් පඳුරකට මුවාවෙන්නෙ කා සමගද යන්න හොඳින් තීරණය කළ අයයි. අධමයන්ගෙන් පියවරුන් වෙන් කරගත හැකි වූ අයයි. පිරිමින්ට වෙනත් ජානමය අවශ්‍යතාවක් තිබුන. තමන්ගේ නොවන දරුවන් තමන් විසින් මරාගත් බයිසන්ලා ගෙනත් පෝෂණය කරන්න ඒ අයට ඕන වුනේ නෑ . ලේසියෙන්ම රෙද්ද උස්සන කාන්තාවන්ට ගලක් උඩ පෙරලගන්නවට වඩා වටිනාකමක් දීම අවදානමක් වුනා’
බලන්න මේ කතා කොයිතරම් හොඳට එකිනෙක ගැලපෙනවද කියල. මවක් වීමේ අවදානම, අධමයන්ගෙන් පියවරුන් වෙන් කර ගැනීම, පියෙක් විදිහට ආයෝජනය, ඉරිසියාව, ලිංගික දෙබිඩිකම… ඒත් හොඳට ගැටගහලා තියෙන, ඔබේ නොවන පැකේජ් ගනිද්දි පරිස්සම් වෙන්න කියල එයාර්පෝර්ට්වලදි පවා දැනුවත් කරනවා.
‘ඉංග්‍රීසි කාන්තාවක් කියන්නෙ කවුද කියන එකත් මට දැන් අමතක වෙලා තියෙනවා. ඇය සතුව දිව්‍යමය යහපත් බවක් තිබුන’.
චාල්ස් ඩාර්වින් – බීගල් සිට ලියූ ලිපියක
‘වංශවතුන් ගැන අනුකම්පා කළ යුතුයි. ආදරයේදි ඔවුන්ට තිබුණු වාසි ඉතා අල්පයි. ඔවුන්ට කියන්න පුළුවන් ඔවුන් සුන්දර බිරිඳකගේ චුම්බනයක් බලාපොරොත්තුවෙන් දේවස්ථාන උද්‍යානයේ රැඳී ඉන්නවා කියල. ඒත් ඔවුන්ට කියන්න බෑ ඇය මට යටවෙලා, මගේ පිට පහුරු ගාමින් සිටියා කියල. මම මගේ ශුකානු ඇගේ පතුලටම විද්දා කියල..
රොජර් මැක්ඩොනල්ඩ්
මිස්ටර් ඩාවින්ස් ෂුටර්
අපේ සම්බන්ධතා සහ ලිංගිකත්වය අතර මේ අතිශය ගැටලුකාරී තත්වෙ ගැන අපි නැවත සිතා බලන්න පටන් ගන්නවා නම් ඒකට හොඳම තැන තමයි චාල්ස් ඩාවින්.
ඩාවින්ගේ විශිෂ්ට අධ්‍යයන විසින් නොදැනුවත්වම ශෘංගාර විරෝධී නැඹුරුවට සෑහෙන කාලයක් පවතින විද්‍යාත්මක මතුපිටක් සකස් කර දී තියෙනවා. කොයිතරම් විශිෂ්ටයෙක් වුනත් ඩාර්වින් සෙක්ස් ගැන නොදන්නා තරම වෙළුම් ගණන් ලියන්න පුළුවන්. මේ එයින් එකක් විතරයි.
1859 දි On the Origins of Species මුද්‍රණය වෙද්දි ක්ලැසිකල් ඊරා එකට කලින් තිබුනු මානව ජීවිතය ගැන දැනගෙන හිටපු දේ ඉතා අල්පයි. පූර්ව ඉතිහාස යුගය විදිහට සැලකෙන මේ අවුරුදු 200,000 ක පමණ කාලය, ඒ කියන්නෙ මිනිසා ශරීරමය වශයෙන් නූතන නමුත් කෘෂිකර්මය හෝ ලේඛනය නොමැතිව වාසය කරපු කාලය කියන්නෙ අනුමාන අඩමාන තියරිවලින් පුරවන්න පුළුවන් කාලයක් විතරයි. ඩාර්වින් සහ තවත් අය විද්‍යාවේ සහ ආගම අතර ගැටගැහුනු තැන් ලිහිල් කරන්න වෙහෙසෙන කාලෙ වෙද්දි අපේ ඈත අතීතය ගැන තිබුනු හැම විශ්වාසයක්ම ආගමික ඒවට සීමා වුනා. ප්‍රයිමේටාවො ( අපි වඳුරො වානරයො අයිති වෙන ක්ෂිරපායි කාණ්ඩය) ගැන දැනුම තිබුනෙ ළදරු තත්වයක. මේ හින්ද ඩාර්වින් නොදැකපු විද්‍යාත්මක කාරණා දිහා බලද්දි අපිට තේරෙනවා මේ විශිෂ්ටයා අන්ධ වූ පැත්තත් එයාගෙ ඉන්සයිට්ස් තරම්ම අපිට වැදගත් අවබෝධයක් ලබා දෙනවා කියල.
උදාහරණයක් විදිහට ඩාර්වින් ප්‍රශ්න කිරීමක් නැතුවම තෝමස් හොබ්ස් විසින් ආදි මානවයා ගැන දරපු මතවාදය බාරගත්තා. ඒ යුගයේ ජීවිතය මෘග, දුක්ඛිත,වේදනාකාරී, ප්‍රචන්ඩ සහ කෙටි එකක් කියන එක. මේ මතවාදය නූතන මිනිස් ලිංගිකත්වය විස්තර කිරීම දක්වාම ගමන් කරන්න ඩාර්වින් විසින් ඉඩ හැදුවා. පූර්ව ඉතිහාසික ලිංගිකත්වය ගැන පරිකල්පනය කරන්න කියපු ගමන් අපිට මතක් වෙන්නෙ මුගුරක් අතින් ගත්ත තඩි මිනිහෙක් ගෑනියෙක්ව කොන්ඩෙන් ඇදගෙන ගල්ගුහාවකට අරන් යනවා වගේ දර්ශනයක්.
අපිට ඉස්සරහට බලාගන්න පුළුවන් මේ පූර්ව යුගය පිළිබඳ හොබ්සියානු අදහස් කොයිතරම් සාවද්‍යද කියන එක. ඒ වගේම ඩාර්වින් තෝමස් මැල්තුස් ගෙ කිසිම විදිහකින් ඔප්පු නොකළ අතීත මානව ජීවිතය ගැන තියරි එයාගෙ න්‍යාය ගොඩනැගීම පිණිස පාවිච්චි කළා. මේ නිසා ඩාර්වින්ට මේ පූුර්ව යුගය ගැන තිබුනෙ අධිනිශ්චය කළ දුකක්, ඛේදයක් වගේ හැගීමක්. එයාට වික්ටෝරියානු ජීවිතය වඩා උසස් කියන අදහස තිබුණ. මේ මූලික වැරදි වටහා ගැනීම වර්තමානය දක්වාම එන පරිණාමවාදී කියවීම්වලට පසුබිම් වෙලා තියෙනවා.
මේ ප්‍රචන්ඩ පිරිමියා සහ තෝරනසුලු ගැහැණිය අතර නොනවතින නර්තනය ගැන නැරටිව් එක ඩාර්වින් විසින් ඉදිරිපත් කළ එකක් නෙමෙයි. ඒත් ඩාර්වින් මේ නැරටිව් එක ස්වභාවික සහ වෙනස් කළ නොහැකි එකක් විදිහට තහවුරු කරන්න ලොකු වැඩ කොටසක් කළා.
එයා මෙහෙම ලියනවා,
‘ගැහැණිය, ඉතාම කලාතුරකින් හැරෙන්නට, පිරිමියා තරම් (ලිංගික ක්‍රියාවට) කෑදර නැත. ඇය පොළඹවා ගත යුතුය. ඇය ලැජ්ජාශීලියි. ඇය බොහෝ කාලයක් පිරිමියා මගහැර යන්නට උත්සාහ කරයි.’
මේ කාන්තාවන්ගේ ප්‍රතික්ෂේප කිරීමේ චර්යාව බොහෝ ක්ෂීරපායී සතුන් අතර සංසර්ග ක්‍රියාවේදී දකින්න තිබුනත් ඒක මානවයන්ට කොහෙත්ම අදාල වෙන එකක් නෙමෙයි. ඒ වගේම අපිට බෙහෙවින් සමීප අනෙක් ප්‍රයිමේටාවො අතරත් මේ තත්වය දකින්න නෑ.
ඉදිරි කොටසින් හමුවෙමු.





බඩේ සමනල්ලු පියාඹනවා වගේ දැනෙන කොට ඔයාට දුර පේන්නෙ නැතුව යනවා. ඔයා අසමත් වුනාම, ඔයාගේ තෝරාගැනීම සාධාරනීකරණය කරන පොලිටිකල් ස්ටේට්මන්ට් එකක් හදාගන්න බැරි වුනාම ඔයා ආදරේ වෙනුවට අනුරාගය වෙතට හැරෙනවා. මුලින් සාම්ප්‍රදායික විදිහට මේක විඳින්න බලනවා. ඒත් අනුරාගයේ වසඟයට පත්වෙන ඔයා එතනින් එහාට, සමාජය පිලිනොගන්නා තැන්වලත් ආශාව හඹායනවා. ඔයාටත් ඒ ජීවිතෙන් කොටසක් අයිතියි කියල ඔයා ඇත්තටම විශ්වාස කරනවා. මේ සොඳුරු සිහිනය තව තවත් ගැඹුරට නිර්මාණය කරමින් ඔයා එතන ජීවත් වෙනවා. මේ තමයි ආදරය කියල සමහරවිට ඔයා ඔයාවම රවට්ටගන්නවා. අනිත් මිනිස්සු ප්‍රායෝගිකව ජීවත්වෙන විදිහ ඇත්ත නෙමෙයි කියල ඔයාට හිතෙනවා. ඔයාට ඒ අයව සොම්බින් විදිහට පේන්න ගන්නවා.
අවුරුදු හතලිහ පහුවෙලා දවසක ඔයාට එකපාරට තේරෙනවා ආදරේ මේ තරම් අමාරු වෙන්න බෑ කියල. ඒක දැනෙන්න මේ තරම් මහන්සි වෙන්න ඕන නෑ කියල. මගේ යාලුවෙක් හරියටම කියපු විදිහට ආදරේ කක්කා දානවා තරම් ලේසි වෙන්න ඕන. ඔයා ඉගෙන ගන්නවා අනිත් කෙනාගෙ සීමාවන්ට ගරු කරන්න. අනුරාගය බෙදාගන්න ගමන්ම අනෙකාට නිදහස දෙන්න. ශාරීරික සහ මානසික දෙකෙන්ම. එකිනෙකාට වෙනස් පුද්ගලයන් දෙන්නෙක් ජීවිතේ එකට යන ගමනක් විදිහට ඔයාට ආදරේ පේන්න ගන්නවා. ඊට වඩා දෙයක් නෑ. එච්චරයි. කතාබහ කරන දේවල් සරලයි ඒ තරමටම ගැඹුරුයි. ස්පර්ශයන් අනුරාගිකයි ඒ තරමට තේරුම් ගන්නාසුලුයි.





මේක 1960න් පස්සෙ ඇතිවුනු විනාශකාරී තත්වයක් විදිහට මතයක් තිබුණත් පර්යේෂකයො පෙන්නලා දෙනවා 1940 ගනං වලත් මේ තත්වය මේ විදිහටම පැවතුනා කියල. සමාජය ඒක විවෘතව බාරනොගැනීම විතරයි වෙනස.
කාලෙකට කලින් විද්‍යාවෙන් කිව්වා සමලිංගිකත්වය රෝගයක් කියල. ඒක මෑතක් වෙන තුරු ලංකාවෙත් උගන්වමින් තිබුන. ඒක තනිකරම විද්‍යාත්මක නොවන නමුත් විද්‍යාත්මක සහතිකය ඇතුලෙන් ප්‍රචාරය කරන ආගමික අගතියක්. කසාදයට කලින් ලිංගිකව හැසිරීමෙන් වැලැක්වීමත් ඒ හා සමානම ක්‍රියාවක්.
ලංකාවෙ ලිංගික අධ්‍යාපනය සම්බන්ධ ව්‍යාපෘතිවලට බොහෝ විට ආධාර ලැබෙන්නෙ වෙනත් රටවල ප්‍රජනන සෞඛ්‍ය වැඩසටහන් හරහායි. මේ ව්‍යාපෘති ලංකාව තුල දියත් කරන්න ඒ අයට සිද්ද වෙනවා විවිධ රජයේ වෛද්‍ය කණ්ඩායම් එක්ක කටයුතු කරන්න. ඒ අයගෙ අධීක්ෂණය යටතෙයි මේ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන්නෙ. ඒකෙ අදහස වඩා නිවැරදි තොරතුරු සමාජගත කිරීම වුනත් ඇත්තටම එතනදි සිද්ද වෙන්නෙ සදාචාර සීමාවන් මතින් තොරතුරු වාරණය කරන එකයි. ලංකාවෙ ලිංගික අධ්‍යාපනය පිළිබඳ මේ දුක්ඛදායක යතාර්ථය හිතාමතා නඩත්තු කරන ආගමික එකක්.
කසාදයට පෙර ලිංගිකව හැසිරීමෙන් අනවශ්‍ය ගැබ්ගැනීම්, සමාජ රෝග, පසුතැවීම්, සිත්රිදීම්, මානසික ආතතිය, ලැජ්ජාව ආදී කාරණාවලට මුහුණ දෙන්න පුළුවන්. හැබැයි මේ තත්වය මොනොගමික කසාදය තුල නොපවතින ඕනම විෂම ලිංගික සම්බන්ධතාවයකට පොදුයි. කොන්ඩමයක් පැළඳීමෙන් ජීව විද්‍යාත්මක වශයෙන් සිදුවිය හැකි ආපදා සියල්ල මැනවින් කළමනාකරණය කරගන්න පුළුවන් අතර අනෙක් මානසික ආපදා ඇත්තෙන්ම ජීවිතය විඳින්න නම් අවශ්‍ය ඒවා වෙනවා.
ලිංගික නිදහස ඇත්තටම විඳින්න තියෙන එකම මග කොන්ඩම් එකයි. ඒකෙන් නිරුවත් සතුට පිළිබඳ හැඟීම තරමක් අඩු කළත් දෙන්නාටම සමානව පසු ආපදාවලින් තොරව සතුටු වෙන්න පුළුවන්.
සෙක්ස් කියන්නෙ ඉතාම හොඳ දෙයක්. සෙක්ස්වලින් ඩෝපමින්, ඔක්සිටොසීන් ආදී රසායනයන් මුදාහරිමින් අපිව සතුටට, සැනසිල්ලට පත් කරන අතර අපේ අන්තර්පුද්ගල සම්බන්ධතා වැඩිදියුණු කරනවා. අපිව නිරෝගී කරනවා. අපි ෆේස්බුක් වගේ කලාපයකට ආවම දකින්න තියෙන දේශපාලනය, වාද විවාද, අපහාස, අවලාද, සෙල්ෆි සටන් බොහොමයක් ලිංගික අතෘප්තිමත්භාවයේ ප්‍රතිඵල. හැබැයි ජීවිතේ අනිත් හැමදෙයක්ම වගේ සෙක්ස් වලින් මේ හොඳ ප්‍රතිඵල අත්පත් කරගන්න නම් ඒක අර්ථවත් සම්බන්ධයක් වෙන්න ඕන. නැත්නම් හිස්කමක්, මානසිකව බිඳවැටීමක් විතරක් ඉතුරු වෙන්න පුළුවන්. සෙක්ස් කියන්නෙ ආධ්‍යාත්මිකව, මානුෂිකව පිරුණු අත්දැකීමක් වෙන්න ඕන.


















බැන්දට පස්සේ ගොඩක් couples සාමාන්‍යයෙන් කියන දෙයක් තමයි, ‘sex කරන එක කාලෙත් එක්ක එපා වෙනවා’ කියලා. මේක ඕන කෙනෙක් නිතර අහලා තියෙන දෙයක්. එහෙමනම්, මුලින්ම කල යුතු දේ තමයි ඒ මැරිච්ච spark එක නැවත ගෙන එන්න උත්සහ කිරීම. ළමයෙක් හැදෙන්න ඕන හොඳ තෘප්තිමත් ලිංගික ජීවිතයක් ගත කරන දෙන්නෙක් ළඟයි.
ඒ නිසා, හැමවෙලේම තමන් තුල ඉන්න නිදහස් ගැහැණියට සලකන්න.