වසර සියයක ආයුකාලයක් හිමි මිනිසා සිය ජීවිත කාලය තුල විවිධ කාලයන්හි ධර්ම අර්ථ කාම යන තුන පුහුණු කළ යුතු අතර ඒවා එකිනෙක මනාව ගැලපෙන පරිදි කළ යුතුය. එකක් අනෙක හා නොගැටිය යුතුය.

ළමා කාලය ඉගෙනුම පිනිස යෙදිය යුතු. තරුණ සහ මැදිවිය අර්ථ කාම දෙක වෙනුවෙන් යෙදිය යුතු. මහලු විය ධර්ම වෙනුවෙන් කැප කරමින් මෝක්ෂය ලබාගත යුතු. මෙපරිද්දෙන් සසර නැවත ඉපදීමෙන් නිදහස් විය හැකිය. ඇතැම්විට ජීවිතයේ අස්ථිරභාවය නිසා ඔහු මේ දේවල් ඉගෙනුමට බලකෙරෙන තැන්වලදී ඒවා පුහුණු කරනු ඇත. නමුත් එක දෙයක් සිහිතබා ගත යුතු. එනම් අධ්‍යාපනය නිමාවන තුරු ඔහු ආගමික ශිෂ්‍යයෙක් ලෙසටම ජීවිතය ගත කළ යුතු.

ධර්ම යනු ශාස්ත්‍රයන්ට කීකරු වීමයි. දෙවියන් විසින් පැවසූ පරිදි ආත්ම පූජාවන්හි යෙදීමයි. මේවා මෙලොවට අයත් නොවන නිසාම සහ එහි ප්‍රතිඵල දැකිය නොහැකි නිසාම සාමාන්‍යයෙන් නොකෙරෙන ක්‍රියාය. ධර්ම කොටසෙහි දැක්වෙන තවත් සමහරක් වන්නේ නොකළ යුතු ක්‍රියාය. මාංශයෙන් වැළකීම ආදිය ඊට අයත්ය. ඇසින් දැකිය හැකි ප්‍රතිඵල නිසාමත් මෙලොවට අයත් ක්‍රියාවන් නිසාමත් මේවා නිතර පුරන ක්‍රියාවන්ය.

ධර්මය එය ඇසූ පිරූ අයගෙන් උගත යුතුය.

අර්ථ යනු කලාවන්, ඉඩකඩම්, රන්, ගව මහීෂාදීන්, ධනය, හිතර්ශීන් සහ මිතුරන් ඉපැයීමය. ලබාගත් දේ රක්ෂා කිරීමත් ඒවා තව වර්ධනයත් ඊට අයත්ය.

අර්ථ ඉගෙනිය යුත්තේ රජුගේ නිලධාරීන්ගෙනි. එමෙන්ම එහි නිපුණ වෙළෙන්දන්ගෙනි.

කාම යනු ඇස කන නාසය දිව ශරීරය යන ඉන්ද්‍රියයන්ගෙන් ලැබෙන අරමුණු ආස්වාද කිරීමය. මනසින් සහ ආත්මයෙන්  ඇසීම, දැනීම, දැකීම, රසවිඳීම, සහ සුවඳ විඳීම මීට අයත්ය. සංවේදී ඉඳුරන් සහ එහි අරමුණ අතර අපූර්ව ගැටීම සහ එහි තෘප්තිය පිළිබඳ සවිඥානක වීම කාම යනුවෙන් හැඳින්වෙයි.

කාම උගත යුත්තේ කාමසූත්‍රයෙනි. පුරවැසියන් හා පුහුනුවෙනි.

ධර්ම අර්ථ සහ කාම යන තුන ගත්කල ධර්මය අර්ථයට වඩා යහපත්ය. අර්ථය කාමයට වඩා යහපත්ය. අර්ථ පළමුව පුහුණු කළ යුත්තේ රජු විසිනුයි. මිනිසුන්ට කළ හැක්කේ රජු උපයන දෙයින් තමන්ගේ දිවිපෙවත රැකීමයි. කාම යනු පුරලඳුන්ගේ රක්ෂාව වන හෙයින් ඔවුන් අන් දෙකටම වඩා එය පුහුණු කළ යුතුය. මේවා සාමාන්‍ය ආකාරයට ව්‍යතිරේකය.