ඉන්දියාව කියන්නෙ ලෝකෙ පොහොසත්ම රට. අනිත් ඕනම රටකට ධනයෙන් බලයෙන් පොහොසත් වෙන්න පුළුවන් වුනත් ඉන්දියාවෙ පැරණි සංස්කෘතික පොහොසත්කම කොහෙත්ම සමකරන්න පුළුවන් එකක් නෙමෙයි. එක පැත්තකින් ආධ්‍යාත්මික දර්ශනයත් අනෙක් පැත්තෙන් ශෘංගාරය පිළිබඳ විශිෂ්ටතම උරුමයත් ඉන්දියාව සතුවෙනවා. ඉන්දියාව කියන්නෙ කාමසූත්‍රය ලියවුණු බිම.

අවුරුදු දෙදාස් පන්සීයකට කලින් ඉන්දියාවෙ ආගමික උත්සව පවා ලිංගිකත්වයෙන් පිරිලා තිබුන. දෙවියන් වෙනුවෙන් මහා සමූහ රමණයන් තිබුන. රජවරු බිසෝවරු තමන්ගෙ හිතේ පරිමාවට ලිංගික තෘප්තිය හඹා ගියා. ඕර්ජීස් වගේ දේවල් කියන්නෙ අන්තිම සරල දේවල්. අවුරුදු දාසයේදි විතර අපිට හිතාගන්න පුළුවන් ඔක්කොම සෙක්ෂුවල් ෆැන්ටසි ඉන්දියාවෙ ඇත්තට තිබුන.

මේ කියන්නෙ අද තියෙන ඉන්දියාව ගැන නෙමෙයි. අද තියෙන ඉන්දියාවට එදා ඒ තිබුණු උරුමය බාරගන්නවත් බැරිවෙලා තියෙනවා. සුද්දටත් වඩා වික්ටෝරියානු වීමේ පාපයෙන් දුක්විඳිනවා. ලංකාවෙ තත්වෙත් මේකමයි. ඉන්දියාවට ඈඳිලා තිබුනු නිසාමත්, පෙරදිග බටහිර අතර වෙළඳ මාර්ගයක පිහිටි නිසාත් ලංකාවෙ ඉතාම නිදහස්, විචිත්‍ර ශෘංගාර සංස්කෘතියක් තිබුණ. ඒත් අද අපිට ඒ උරුමය බාරගන්න බැරි වෙලා තියෙනවා.

අපි අසභ්‍ය ප්‍රකාශන මැඩලන්න වි‍ශේෂ අනපනත් ගේන්න හදනවා. ලිංගික අසහනයෙන් උතුරා හැලෙන බහුතර පුරවැසි ප්‍රජාවක් පිනා යනවා.

ශෘංගාරවිරෝධී වර්තමානයක ජීවත් වෙන අපිට ඉතුරු වෙන්නෙ අතීතයට කිමිදිලාවත් ඒ නිදහස් සෞන්දර්ය මොහොතකට විඳගන්න විතරයි. ආයිමත් කිසි දවසක අපි ඒ තිබුණු තත්වෙට නිදහස් මනස් ඇත්තවුන් වෙන්නෙ නෑ. සමහර විට ඒ අතීතයත් වාරණය වෙන්න පුළුවන්.

මේ ඉන්දියාවෙ අතීත ශෘංගාර උත්සව මවන ගමනක්.

1. ඝාට් කංචුකි

බජිරා‍ඕ පාලන කාලෙ තිබුනු මේක හරියට ලයිව් ටින්ඩර් ගේම් එකක් වගේ. මේ සෙල්ලමට ගෑනු පිරිමි අටක් දහයක් විතර සම්බන්ධ වෙනවා. ඕනම කුලයක, ආගමක, ලිංගිකත්වයක කෙනෙකුට සහභාගි වෙන්න පුළුවන්. තව සුළු පිරිසක් ක්‍රීඩාව නරඹනවා.

මුලින්ම මේ පිරිස රවුමට වාඩි වෙනවා. මැද්දෙ කඩදාසියක ඇඳපු චක්‍රයක් වගේ එකක් තියෙනවා. ඊට පස්සෙ හැමෝම තමන් හැඳ සිටින ඇඳුම් ගලවනවා. ඒ ඇඳුම් ලොකු කලයකට දානවා.

ඊළඟට එකිනෙකා කලයෙන් තමන්ගෙ අතට අහුවෙන ඇඳුම ගන්නවා. එ් ඇඳුම අයිති කෙනත් එක්ක තමයි එයා රමණය කරන්න ඕන. මේ විදිහට හැමකෙනෙක්ම හැම කෙනෙක් එක්කම රමණය කරලා අවසන් වන තෙක් මේ තරගය යනවා. බලන් ඉන්න පිරිස අත්පොලොසන් දෙනවා.

කොහොමද ඒක?

2. ව්‍යභිචාරය – අන්දමන්ද වෙන ඉතිහාසය

ඉන්දියාවෙ වගේම ලංකාවෙ වුනත් අතීතයෙදි සහෝදර සහෝදරියන් අතර සෙක්ස් කියන එක පයිසෙකටවත් ගනං ගත්තෙ නෑ. සහෝදරියකට තමන්ගේ සහෝදරයෙක් දැක්කම, ආ අපේ මල්ලිටත් ශිෂ්නයක් තියෙනවනෙ. ඇයි අපිට ඒකෙන් විනෝද වෙන්න බැරි?, කියල හිතුනොත් උන් සෙක්ස් කළා. ළමයි හැදුවා. ඒක ඒ කාලෙ අශිෂ්ට දෙයක් නෙමෙයි. ගෝත්‍රයෙ අය අතරමයි රමණයන් සිද්ද වුනේ.

කෞට්බික් කියල හැඳින්නුවෙ මේ ව්‍යභිචාර රමණයන්. මහාභාරතයේ පවා මේ ගැන සඳහන් වෙලා තියෙනවා. ඍග් වේදයේ දහවෙනි මණ්ඩලයෙ මේ රමණය ගැන සංවාදයක් එනවා. මේක වෙන්නෙ යම සහ යමී අතර.

යමීට ඕන කොහොම හරි යම ඒ කියන්නෙ තමන්ගේ සහෝදරයත් එක්ක රමණය කරන්න. ඒත් යමට ඒ ගැන ඒ තරම් උනන්දුවක් නෑ. යම මේක ප්‍රතික්ෂේප කරාම යමී පෝර්න් වීඩියෝවක වගේ දෙබසක් කියනවා.

ඔයා ඉඳලත් ඔයාගෙ සහෝදරිය අතෘප්තියෙන් නම් ඉතින් ඔයාගෙන් ඇති වැඩේ මොකක්ද?

3. මහරාජා රංජිත් සිංග් – ලොකුම මෝලක් තිබුනු රජා

රංජිත් සිංග් හිටියෙ 1839 විතර. මිනිහා ඇත්තටම සෙක්ස්වල පුදුම තරම් ආස කළා. එයාට හිටියා ගනං කරන්න බැරි තරම් මෙහෙසියන් පිරිසක්. නිකංම ර‍ජෙක් වුනු නිසා ගෑණු හිටියා කියල කියන්න පුළුවන් වුනත් ඇත්තටම රංජිත් වැඩකාරයා නිසා ගෑණු කැමති ගතියකුත් තිබුන කියනවා.

රංජිත් තමන් රමණය කරන ගෑණු සම්බ‍න්ධයෙනුත් සෑහෙන තේරීමක් කරලා තියෙනවා. සමහර අයව රංජිත්ට ආස විදිහට ප්ලාස්ටික් සර්ජරි පවා කරලා අරගෙන තියෙනවා.

එයාගෙ මහා නාන තටාක වල මේ සියලු මෙහෙසියන් සමග සමූහ රමණයන් කරනවා. ඒ නරඹන විශාල පිරිසකුත් ඉන්නවා. කොටින්ම රංජිත් රාජ සභාවේ පවා, තමන්ගේ ජනතාව ඉදිරියේ සෙක්ස් කරනවා.

ඩිවාන් ජර්මානි දාස් විසින් මහරාජා නමින් මේ චරිතය අළලා පොතක් ලියනවා. ඒ කරුණුවලට අනුව පිරිමි ගැහැණු 1500ක් 2000ක් පමණ සහභාගිවන මහා පූජා රංජිත් කරලා ති‍යෙනවා. සියලු කාන්තාවන් කන්‍යාවන් වන අතර රංජිත් විසින් ඒ අයගේ සිරුරු මත මධු වත් කරනවා. අර පිරිමි ඒ සිරුරු ලෙවකනවා. අනතුරුව සියල්ලන් එක පොදියෙ රමණය කරනවා. රංජිත් බලාගෙන ඉන්නවා.

ඉතිං ඉන්දියාවෙ ශෘංගාර ඉතිහාසයෙන් අල්පමාත්‍රයක් විතරයි මේ. ඒවා කියවලා අපි ආපහු ව්‍යභිචාරය කරන්න ඕන කියනවා නෙමෙයි. ඒත් අඩුගානෙ සෙක්ස් දිහා තරමක් නිදහස්ව, සුන්දරව බලන්න අපිට මේ ඉතිහාස කාරණා වැදගත් වෙයි කියල හිතනවා.